Monday, June 28, 2010

නොදන්න සිංහලේට ගොස් වරිගෙ නසා ගැනීම



මේ කතාවත් ඉස්සෙලල එක වගේම භාෂාව සම්භන්ද එකක් තමා, හැබැයි තමන්ගෙ හිතේ ඔය "වල්" අදහස් තීන අයනං බලල ඔන්නැති ඒව හිතං මට බනින්න එහෙම එපා මේ කුණුහබ්බ ලිව්ව කියල.

එක දවසක් නුවර පැත්තෙ කොලු ගැටයෙක් ආන්ඩුවෙ රස්සාවක් හම්බවෙලා, රජ්ගම දිහාවෙ ගෙදරක නතරවෙලා.

ඉතින් ටික දවසක් යනකොට මිනිහ අහල පහල ගෙදරක පොඩි දාංගලේ ටිකක් තිබ්බ ගැටිස්සියක් එක්ක පළ හිලව්වක් ඇති කොරං, ඔය වැල්ලෙ, පඳුරු අස්සෙ හවහට හවහට හක්කලං කොරන්න අරගෙන.

දවසක් හවහක දෙන්න කාටවත් පෙන්නෙනැති තැනකට රිංගල ආලෙ "මී රස" උරාබොන්න ගත්ත.දැන් දෙන්නට ඉන්න තැනක්, උතුර දකුන සිහියක් නැතුං වැඩ.

ඔයි අස්සෙ ටික වෙලාවකින් අර දැරිවි අමාරුවෙන් තොල්පොට එකතුකරන් කෙඳිරිගානවලු " අනේ අය්යෙ වල්ළම යනව අය්යෙ වල්ළම යනව " කියල.

එතකොට අසූ හාරදාට නැගපු කොලුව " මොන පිස්සුුද මේ යටකලිසමවත් පහත් කරල නැතුව, විකාරද" කියල ආයි අර රතු තොල්පට ගැට ගහල දැම්මලු. මොන, අර දැරිවි මොනාද කියන්නම පොරේ, ඒත් අපේ කොලුවට ඔය විකාර අහන්න සිහියක් කොහිද මේ ගිනියමෙ...මිනිහ නෙවි වචනයක් කතා කරන්න ඉඩ තිව්වෙ.

ඔහොම ටික වෙලාවක් ගියාම ආයි ලැබිච්චි ඉඩක් බලල තොල කට මෑත් කොරගත්තු දැරිවි" අනේ අය්යෙ වල්ළම යනව අය්යෙ..නැඟිටින්නකො" කියල කියනකොටම එකපාරටම ආපු මහ වතුර පාරකට දෙන්නම නෑවිල ගියා.

ඕං එතකොට පියැවි සිහියට ආපු ගැටය පොඩ්ඩක් කෙළන්ව්ලා බලනකොටයි දැක්කෙ තමං මෙච්චර වෙලා රිංගල හිටිය අර අලි ඔරු කඳ හිමීට මූදට ගහගෙන ගිහිල්ල කියල.

කොහෙද, උඩබැලියං අතට හිටපු කෙල්ලට තේරුනාට මේ ගිනිකසයට ඕක තේරෙන එකක්යෑ. අනික ඉතින් කවුද දන්නෙ මේ පැත්තෙ ඔරුවට "වල්ළම" කියනවැයි කියල.

පස්සෙ ඉතිං දෙන්නම සේරම වැඩ පැත්තක තියල ගොඩ දිහාට කෑ ගහන්න ගත්තලු අපිව බේර ගනියෝ, අපිව බේර ගනියෝ කියල..

හැබැයි බේරගත්තට පස්සෙනං ගමේ උන් ටික "ඔරුව" ගලෝලම යවන්නැති කොලුවගෙ..!

Friday, June 25, 2010

තන අතරින් ගිය වතුර.


පහුගිය post දෙකම එක වගේ නිසා වෙනසකටකත් එක්ක අපේ භාෂාව ගැන ලියන්න හිතුන.

දැන් සමහරු කියනවනෙ නණ ලළ ඕනි නෑ කියල. මටත් ඇත්තටම ඔය මහප්‍රාණ, සංඤක පාවිච්චි කරන්න ඕන තැන් හරියටම කියන්න බැරි උනාට පොත් කිය්වීමෙන් ආපු පුරුද්දට, වචනෙ ලියනකොට තේරෙනව මෙතන්ට මහප්‍රාණයක් වෙනැති එන්න ඕන කියල.

ගොඩක් වෙලාවට හරි, සමහරක් වෙලාවට ඉතින් වරදිනව. කොහොම හරි O/L සිංහල D එකකුත් ලැබුන මගේ ක්‍රමේට ලියල ( ගුරුන්ටත් අකුරු වරදී කියල කියනවනෙ ).

කොහොමම උනත් මං පුද්ගලිකව හිතන්නෙ නිවැරදි අදහස් ප්රකාශනයකට ඔය අකුරු නිසි තැන නිසි ලෙස යොදන ඕන කියල.

දැන් ඔය සමහර වෙලාවට පොළේ යනකොට කෑ ගහනව ඇහෙන්නෙ ' නෝනා එන්න නෝන පළා ගෙනියන්න, එන්න මහත්තය පළාගෙනයන්න එන්න" කියල.

ඕක ලියනකොටත් නිකම්ම " නෝනා එන්න නෝන පලා ගෙනයන්න එන්න, එන්න මහත්තය පලා ගෙනයන්න" කියල, මොකද වෙන්නෙ. හරි අදහස සන්නිවේදනය වෙයිද?

අර අහිංසක වෙළෙන්ද නිකං කුපාඩිය වෙනව හරි එහෙම නැත්තං තවත් ටැබූ කෙනෙක් වෙනව හරි ඇරෙන්න කතාවෙ නියම අරුත එලියට එයිද?

එක පාරක් ඔය ගැන හෙළ හවුලෙ ඇත්තොයි ඔය වල් හවුල් වල අනික් ඇත්තොයි අතරෙ වාදයක් උනාලු.

එතකොට වල් හවුලෙ ( කලබල වෙන එපා වල් වලට අරුත් ගොඩක් තීනවනෙ ) අයගෙ ප්රනධාන තර්කෙ උනේ වචනෙ තනිව ගත්තම අර්ථෙ වෙනස් උනාට වාක්යම ගත්තම, නැත්තන් අදාල ඡේදය කියවගෙන එනකොට අර්ථය පැහැදිලි වෙනව කියලයි.

මේ වෙලාවෙ ටිකක් නිශ්ශබ්දව හිටපු එක උගත් හෙළ හවුලෙ මහත්තයෙක් මෙන්න මෙහෙම කිව්වලු.

" හරි එහෙනං දැන් තමුන්නැහැල මෙන්න මේ කතාවෙන් ගම්යවෙන අර්ථය හරියටම කියන්න බලන්න" කියල පහත ඡේදය කියවගෙන ගියාලු.

"මඳ වැස්සෙන් විසිරෙන දිය බිංදු තන අතරින් සිහින් රෙඛාවක්ව ගලා යන අයුරු නිසොල්මනේ බලාසිටින ඇයගෙ සොඳුරු මුහුන, දිගු ගෙල, උස්ව නැඟුනු තන අතරින් සුන්දරව පෙනුනි. මඳ වේලාවක් එලෙස ඔහේ සිටගෙන සිටි ඈ සිය පා තබන රිද්මයට උස්ව ඇති තන සොලවමින් විල්ලුවෙන් පිටතට ඇවිද ගියාය "

දැන් ඉතින් කියමු බලන්න වතුර ගියෙ කොහෙන්ද, මූනට ලස්සන ගෙනාව මොකද්ද සහ හොල්ල හොල්ල ඇවිද්දෙ මොනාද කියල, පුලුවන්නං.

එදායිං එදා කවුරුත් උන්දැ එක්ක නණ ලළ ගැන කතාවට ආවෙ නෑලු.

මොකද හිතන්නෙ, කවුරු හරි ගාව හරි උත්තරේ තීනවද?

Thursday, June 24, 2010

මොරගහහේනට සම්භන්ද වෙනස් කතාවක්...!


දුකා මහත්තය මොරගහහේනෙ බස් එකේදි උන වැඩක් ගැන තිබ්බ කතාව දැකල මට මතක් උනේ මං ඔය පඩිකපනාරාමෙ ( අපේ තාත්තයි අක්කයි ඒගොල්ලන්ගෙ යාලුවොයි කියන්නෙ එහෙම තමයි ) ගාව තීන පාරෙ ඉස් ඉස්සෙල්ලම ගිය ගමන.

අවාසනාවකට වගේ ඒ තව කෙනෙකුගෙ අවසන් ගමනට සහභාගි වෙන්නයි. ඇත්තටම ඒකට මුහුණදුන්න මගේ යාලුවගෙ කතාව අදහගන්න බැරි තරං දුක හිතෙන ප්‍රශ්න වලින් පිරිච්චි එකක්.

මේක සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්, හැබැයි සමහර නම් විතරක් වෙනස්.

මගේ මිත්රය කුමාර.

ඉගෙනීමෙ දක්ශයෙක්. ගියෙ මොරටුවෙ ප්‍රසිද්ධ පාසලකට. ශිශ්යත්වෙ සමත්. උසස් පෙළ ජීව විද්යාව කරේ, ඒත් විශ්ව විද්යාලෙ යන්න බැරි උනා.
තාත්තගෙ ග්‍රාමසේවක පඩියයි, අම්මගෙ රජයේ ලිපිකරු පඩියයි මල්ලිල දෙන්නට උගන්නනයි ඉතුරු දේටයි මදි නිසා අපේ මිත්රයට මුදල් ගෙවල උසස් අද්යාපනයකට යන්න හැකියාවක් තිබුනෙ නෑ. ගෙදර බරට උදව්වෙන්න හිතපු මේ කුමාරය, රස්සාවක් හොයන්න ට්‍රයි කරත් ඒක ලේසි උනේ නෑ.

ඒත් මිනිහගෙ කඩ්ඩ හොඳ නිසා හිල්ටන් හෝටලේ කැෂියර් ජොබ් එකක් යන්තන් හොයා ගන්න පුලුවන් උනා. වෙලාවක් කලාවක් නැති, පැය ගානක් හිටගෙන කරන ඒ රස්සාවෙ ඉහලට යාමකුත් නැති හින්ද, මිනිහ ට්‍රයි කරෙ බැංකුවකට පැන ගන්න.

ඒ දවස්වල යුනි ලීවර්, බැංකු නැත්තං මාස් තමයි. ඒත් ඉතින් අනිත් දෙකටම ගන්නෙ උපාධි කාරයො නැත්තං පළපුරුද්ද ඇත්තො විතරයි නිසා මිනිහ ට්‍රයි කරේම බැංකුවකට. අවසානෙ උත්සාහය සඵල වෙලා කොමාර්ෂල් බැංකුවෙ ජොබ් එක සෙට් උනා. දැං හරි. පවුළම ගොඩ. හැමෝම හිතුවෙ එහෙමයි.

ඔන්න පළවෙනි බෝලෙ ආව.

අර ( ඇත්තටම ) අවංක රත්තරං ග්‍රාමසේවක මහත්තය, අපේ මිත්‍රයගෙ තාත්ත අංශභාගෙ හැදිල එකතැන් උනා. අම්මත් වයසයි, අය්යට නිවාඩු නෑ, ඉතින් ලොකු මළය, පවුලෙ හිටපු ඉගෙනීමට ඉතාම දක්ෂය අමිල, ඉස්කෝලෙ, පන්ති කට් කරගෙන වෙදගම ගියා තාත්තට බෙහෙත් කරන්න.

අවුරුදු දෙකක් විතර පුදුම මහන්සියක් දරල අර මනුස්සයව ගොඩ දාගත්ත මේ වීරියවන්ත කොල්ලො තුන්දෙනයි අම්මයි. දැන් හරි, ලොකු මල්ලි උසස් පෙළ, පොඩි මල්ලි සාමන්ය පෙළ පන්තියෙ, තාත්තටත් හොඳයි,

ඔන්න අපේ යාලුව කුමාරට “ආශ " හම්බවුනේ ඒ අතරෙ.

මෙච්චර කල් ආදරේ ගැන හිතන්න ඉඩක් නොතිබ්බට දැන් සේරම හරි, ඉතින් අපේ මිනිහත් මේ සුන්දර අහින්සක කෙල්ල එක්ක පටං ගත්ත සම්භන්දෙ ගෙවල් දෙකේම ආශිර්වාදය මැද්දෙ ගලාගෙන ගියා.

ආශගෙ එකම සොයුර හමුදා නිළධාරියෙක්, අම්ම විතරයි ගෙදර තාත්ත නෑ. දැන් මේ දෙන්නත් තමන්ගෙ විවාහයට බොහොම සංතෝසෙන් සූදානං උනා.

තැනක් බලල ඒවට ඇඩ්වාන්ස් කරල, ආරධනා පත් තෝරගෙන් ප්‍රින්ට් කරන්න දීල, හැමෝම හරි ජයට ලක ලෑස්තිවෙනව. ඔය අතරෙ දවසක දෙන්න ගිහින් මඟුල් මුදු, රත්තරන් බඩු එහෙමත් තෝරල හදන්න බාර දීල ආව.

දැන් ඉතින් ඒ ටික ගන්න එන්න කියපු දවස වෙනකල් ආශ ඇඟිලි ගැන ගැන හිටියෙ. ඊට කලින් දවසෙ උදේ ඔෆිස් එකේදිත් කුමාරත් එක්ක කතා උනේ සෙනසුරාද උදේ යන ගමන ගැන. එදා හවසත් දෙන්න සංතෝසෙන් වෙන්වෙලා ගියා. ආශ එයාගෙ ඔෆිස් වෑන් එකේ නැගල පුරුදු විදියටම හෝමාගම ගෙදර යන්න පිටත් උනා.

වෙන්දට වගේ ආශගෙන් ගෙදර ගියාම එන කෝල් එක නැති තැන ගෙදරට කතා කරපු කුමාරට අම්ම කිව්වෙ දූ තාම ආවෙ නෑ කියල.

ඒ වෙනකොට බොරැල්ලෙ කලබලේ ගැනත් අහල තිබ්බ කුමාරගෙ හිත ගිනියම් උනා. දන්න හැම අතටම කතා කරල ආශ ඉන්න තැනක් හොයා ගන්න ට්‍රයි කරද්දි තමා ඒ වෑන් එකේම ගිය තව ගෑනු ළමයෙක් කතාකරල කුමාරට පනිවිඩේ දෙන්නෙ.

පාර්ලිමේතුවෙ ඉඳල එන මෝඩ රැළ ඉලක්ක කරන් රාජගිරියෙ අයුර්වේදෙ ගාව ලන්දෙ හැංගිල හිටපු කොටි වෙඩි තියද්දි, ඒකට ආශල ආව වෑන් ඒකත් මැදි වෙලා. ආශත් එක්ක ඒකෙ හිටපු තව හතර දෙනෙක්ට වෙඩි වැදිල. ඉස්පිරිතාලෙට ගෙනිහින් තීන්නෙ ප්ණ ගියාටත් පස්සෙ. ඇයි ඉතින් අරුන් සෑහෙන වෙලාවක් එතන වෙඩි තියාගෙන, ඒව ක්ලියර් වෙනකල් මුකුත් කරගන්න බැරි වෙලා!

අර වෙඩින් එකට අඳින්න හද හද තිබ සාරිය ඇන්දල, සුදු නෙළුම් පොහොට්ටු මල් කළඹක් අරන් අවසන් ගමන් ගියා ආශගෙ ගෙදර තමයි
මං ඉස් ඉස්සෙල්ල ඔය පඩිකපනාරමෙ පාරෙ ගියේ.

කුමාරලගෙ හෙනහුරා එක්ක තිබ්බ ගනුදෙනුව එතනින් ඉවර උනේ නෑ.

අර ගෙදර හිටපු දක්ෂම, ඉතාම හිත හොඳ කොල්ල, අමිලටත් කැම්පස් යන්න බැරි උනා. වෙච්චි දේවල හැටියට ඒක අරුමයක් නෙමෙයි තමයි.

ආයි විභාගෙ කරන්නෙ නැතිව මිනිහත් ජොබ් හොයන්න ගත්ත. සම්මුඛ පරීක්ෂන, තරඟ විභාග මේ ඔක්කොම පාස් කරන් කොහොමහරි අමිලට පුළුවන් උනා දුම්රිය නියාමක කෙනෙක් ( ගාර්ඩ් ) වෙන්න. අම්ම තාත්තත් බලන් සතියට දවසක් දෙකක් ගෙදරත් ඉන්න ලැබෙන හින්ද, බොන්නෙ නැති, හොඳ ගතිගුන වලින් පිරුන මේ පොඩි එකාට ඒ ජොබ් එක ලැබුන එක ගැන ආයෙත් හැමෝම සතුටු උනා.

ඔය අතරෙ කුමාරට තව ගෑනු ළමයෙක් හම්බ උනා.

"මං ආයි බඳින්නෙ නෑ… අර අම්මට සළකගෙන මෙහෙම ඉන්නව" කියපු කුමාරව තුන් පැත්තෙම වැඩිහිටියොන්ගෙ බලපෑමෙන් වෙනස් කරන්න ඇයට පුලුවං උනා. අන්තිමෙදි නැන්දම්මල දෙන්නෙක්ගෙ ආශිර්වාදෙ මැද්දෙ කුමාර ආයි බැන්ද.

දැන් ඔහොම කාලයක් සියල්ලෝඉම සතුටින් සෙමෙන් කාලය ගත කරා. ටික දවසක් යනකොට පනිවිඩයක් එනව ආශගෙ එකම අය්යවත් කොටියගෙ වෙඩිල්ලකට ලක්වෙලා අවසන් ගමණ ගියා කියල.

මං දෙවැනි පාරත් පඩිකපනාරාමෙ පාරෙ ගියා.

දැන් ආශගෙ අම්මට ඉන්නෙ වෙන්න හිටපු බෑන කුමාර විතරයි. අපරාදෙ කියන්න බෑ කුමාරයි නෝනයි අම්මට බොහොම ආදරෙන් සැලකුව, සළකනව.

ඔහොම ටික දවසක් යනකොට කුමාරගෙ බාල මල්ලි උසස් පෙළ ඉවර වෙලා, ගේ කිට්ටුව හන්දියෙ පොඩි බුක් ශොප් එකක් දා ගත්ත. කොල්ල උත්සාහ වන්තය. පොත් කඩේ ටික ටික දියුනු උනා, දුරකථන, ෆැක්ස්, පොත් නැති දෙයක් නෑ. මිනිහ පොඩි TATA කැබ් එකකුත් අරන් රිචඩ් පොත් බෙදන්න ගත්ත ඒ පැත්තෙ ඇතුලෙ කඩවලට, දැන් හැමෝටම ටිකක් ජයයි.

මාස කීපයයි ගියෙ ඔන්න ආයි සෙල්ලම පටන් ගත්ත.

අර සුන්දර මිනිහ අමිල මල්ලිගෙ කොන්දෙ අමාරුවක් ආව. අර ටෙස්ට් මේ ටෙස්ට් ඔක්කොම කර ඉවර වෙනකොට කොල්ලට නැගිට ගන්නත් බැරි තත්වෙට ඇවිත්!

අන්තිමෙදි තමයි රහස එළි උනේ, කශේරුකාවෙ පිළිකාවක්!

අම්මටවත් තාත්තටවත් නොකිය අය්යයි මල්ලියි මේක හොඳ කරන්න ලෝකෙ ඉහලම තැනට ගෙනියන්න ලෑස්ති උනේ, තමන්ගෙ ගෙදොර උකස් තියල හරි. අපි යාලුවොත් මෙකට පුද්ගලික මට්ටමෙන් දායකවෙන්න එකතු උනා. වැඩෙ සැලසුම් කරාට අමිල කැමති උනේම නෑ. මොකද හොඳ කිරීමෙ සම්භාවිතාව සීයට දහයක් වත් නෑ. ඉතින් මේ විස්වාසයක් නැති දෙයක් කරල තමන්ගෙත්, අනික් උන් දෙන්නත් ජීවිත අමාරුවෙ දාන්න අමිල එකඟ උනේම නෑ.

ඉතින් වීර්යෙන් මරණයට මූණ දෙන්න හිතාගත්තු මේ සුන්දර කොළුවගෙ විරෝදයට හැමෝටම ඉඩ දෙන්න උනා. ඇත්තටම ඒක හරි. නැත්තං ඒක මරාගෙන මැරෙන් මෙහෙයුමක් වෙන්න තිබ්බ.

දැන් කට්ටිය පුළුවන් උපරිමයෙන් අමිල මල්ලිට බෙහෙත් කරනව, ඒ අතරෙ ඔන්න මාස කීපයක් ආයි දැහැමෙන් සෙමෙන් ගත උනා.

බාල මළයගෙ කඩේ දාල තිබුනෙ අනුන්ගෙ තැනක. ඒක අයිති ගෙදර ලොකු දුව යාලු උනා ඒ පැත්තෙ මැරයෙක් එක්ක. දැන් වැඩේට කෙල්ලගෙ ගෙදරින් කැමති නෑලු. ඇයි මූ රස්සවක් මුකුත් කරන්නෙ නෑ නෙ.

මූ කෙල්ලට කිව්ව “මං එහෙනං බිස්නස් එකක් කරනව,..හරි මොකක්ද්ද ඔයා කරන බිස්නස් එක..මං බුක් ෂොප් එකක් දානව...කොහෙද...ඕගොල්ලන්ගෙ කඩේ.... ඒකෙ රුවන් අය්ය කඩයක් කරනවනෙ...ඉතින් එයාට යන්න කියල මං ඒක කරනව"...ආලයේ අන්ධ බවට වන්දි ගෙවන්න උනේ රුවන්ට. මැර බලයට යට උන මේ අහින්සකයට කඩේ අකුලන් යන්න උනා.

ශක්තිමත් හිතක් තිබ්බ පොඩි එකා සැලුනෙ නෑ.

තාත්තට, ලොකු අය්යට, පොඩි අය්යට වෙච්චි දී දැකල, ඒවට මූන දෙන්න උදව් වෙලා මේ පොඩි එකා හොඳට පන්නරය වෙලා හිටියෙ.

මිනිහ පොඩි ණයක් වෙලා ගාලු පාර අයිනෙ වඩාත් හොඳ කඩයක් ගත්ත. කුලියත් වැඩියි, අවදානමත් වැඩියි. ඒත් මොනව කරන්නද ගේම දෙන්න ඕනි නිසා බැස්ස වැඩට. දැන් කඩේ හොඳට යනව.

ඔය අතරෙ විශ්‍රාම ගිහින් ගෙදර ඉන්න අම්මට ආතරයිටිස් හැදිල, හරි අමාරුවෙන් තමයි නැගිට ගන්නෙ, එහෙට මෙහෙට වෙන්නෙ. පොඩි අය්ය එක තැන් වෙලා. ලොකු අය්යට නෝනගෙ අම්ම තාත්තයි, නැතිවෙච්චි ගෑනු ළමයගෙ අම්මයි දෙපොලක් බලන්න වෙලා තමන්ගෙ දරුවො දෙන්නෙක් ඉන්න පවුලට අමතරව.

පොඩි එකා කොහොම හරි ගේම ගහන්න ඔනෙ නිසා කුඩු නොවික්කට කුඩු කෑව.

පොඩි ශිශ්යත්ව පොතක් දෙකක් හිමීට පොටෝ කොපි කරලත් විකුනල. මේකට මිනිහව පොතේ අයිතිකාරයගෙ ඉත්තෙක්ම තමයි පොළඹවල තීනෙ කියලයි කිව්වෙ. කොහොම උනත් වැරදි වැඩේ කරල, කතෘගෙ ගෝළයින්ට අහුවෙලා. මුන් පොලිසියත් එක්කම ඇවිත් බඩුත් එක්ක හොරු අල්ලල.

කෙලින්ම පොඩි එකා ඇතුලෙ. ඇප දිය නොහැකි වරදක්ලු.

මේ වෙනකොට මේ රුවන් මල්ලිත් කාලයක් තිස්සෙ යාලු වෙලා හිටපු ගෑනු ළමයව බැඳල, ලස්සන පොඩි කෙළි පොඩිත්තියක් ඉපදුනා විතරයි.

කොහොමහරි පළවෙනි නඩු වාරෙන් කඩේ සීල් එක ඇරගන පුලුවන් උනා. දැන් අර කිරි කැටියව තමන්ගෙ අම්ම ගාව තියල,රුවන්ගෙ නෝන කඩේ වැඩ. කොල්ල වැලිකඩ, තව මාස කීයක් යයිද කියල දන්නෙ නෑ.

ඔය මං ගිය අප්‍රේල් මාසෙ ලංකාවෙන් එනකන් විස්තරය. මේ ටිකට සියල්ල හොඳ අතට හැරිල ඇතියි කියල හිතනව.

මෙතන තීන වැදගත්ම දේ, මේ කොල්ලො ටිකගෙ තීන එකතුවයි, උන්ගෙ ධෛර්යයයි.

කොච්චර කරදර ආවත් උන් වැටෙන්නෙ නෑ. ඒ වගේමයි ඒ දෙමව්පියොත්. මොන අම්මෙක්ටද තාත්තෙක්ටද මෙච්ච්ර දේවල් උහුලන්න පුලුවන්...

මට අදම මේ ගැන ලියන්න හිතුනෙ වත් පිරිමි ගැන කියල තීන පෝස්ට් එක දැකල. එක අතකට ඕනෑවට වඩා සංවේදී වීමත් කරදරයක් වෙන්න පුලුවන් කියල දැං හිතෙන්නෙ නැද්ද?

Friday, June 18, 2010

රජ දෝනිගෙ පතෝල මැස්ස...


දැං ඉතින එක දිගට ගමේ කතා ලියල නමකුත් වැටිලනෙ. ඉතින් ඒක හින්ද අද වෙන කතාවක් ලියන්න හිතුන. මේක මේ අන්දරේගෙ කතාවක්. අහල නැතිවෙන්ට බෑ කීප දෙනෙක් හරි. ඒත් නාහපු අයට දැන ගන්ට කියල, පොඩි වෙනසකටත් එක්ක ඔන්න ඔහේ දැම්ම.

ඉස්සෙල්ලම කියන්න ඕනි මේක මේ වැඩිහිටියන්ට පමණයි, එහෙම නැත්තං වල් කතා ගනයට අයිති එකක්. ඉතින් ඒව දිරවන්නෙ නැති ඇත්තෝ නොබලත්වා හෝ බලා කට පියාගෙන සිටිත්වා.

මේ අන්දරේ රජමාලිගේ සේවය කරන කාලෙ.

ඉතින් ඔය රජ්ජුරුවොන්ට ඉතාම රූමත් සියුමැලි දූ කුමාරියක් හිටිය. මේ කුමාරිගෙ ලොකුම විනොදාන්ශෙ උනේ එයාගෙ උයනෙ ගස් වලට පැල වලට සාත්තු කරන එක. මේ මල් ගස් එළවලු පැල වලට හරිම ආදරෙන් කතා කරල, ඒව අත පත ගාල බොහොම හොඳින් රැක බලා ගන්න හින්ද මේ උයනෙ ගස් හොඳට ඵල බරව මලින් පිරී බැබලුනා.

මේ මල් ගස් අතරෙ කුමාරිගෙ පොඩි එළවලු පාත්ති කීපයකුත් තිබුන.

ඒකෙනුත් කුමාරි ගොඩක්ම ආදරේ කරේ පතෝල මැස්සට! ඒකෙ පතෝල කරල් පහලට බේරිල, දවසෙන් දවස දික්වෙන හැටි කුමාරි හරි ආදරෙන් තමයි බලං හිටියෙ. අනික විශේශ සාත්තුව නිසා කරලුත් වෙන තැන්වලට වඩා හොඳ පුෂ්ටිමත්ව ලස්සනට තිබුන විතරක් නෙවි මේ අපූරු මහ විසාල පතෝල හැදෙන අරුම පුදුම පාත්තිය ගැන රට පුරාම මිනිස්සු අහල කියලත් තිබුන.

ඉතින් හැම දේටම හොට දාන අන්දරේටත් මේ අලංකාර පතෝල වගාව ගැන දැන ගන්ට ලැබිල, මහ හෙන පිඹුරො වගේ කරල් හැදෙන්නෙ කොහොමද කියල දැක ගන්ට ආස හිතිල දවසක හීන් සීරුවෙ ගිහින් පතෝල මැස්සට රිංගුව!

ටික වෙලාවකින් කුමාරියි එයාගෙ පරිවාර සේවිකාවොයි උයනෙ අනිත් ගස් වල සාත්තුව් ඉවරකරගෙන එන ගමන් පතෝල මැස්ස යටටත් ගොඩ වැදිල, අර පහලට එල්ලෙන පුන්චි පුන්චි කරල් විතරක් හරි ආදරෙන් කීපසැරයක් අතගාල, ඉඹල,

"ඉක්මනට ඕගොල්ලො ලොකුවෙන්න, මගේ චූටි චූටි පැටව්" අරව මේව කියල ඒ කරල් එක්ක තොඳොල් වෙලා එක විකාරයක් කරල යන්න ගියා.

මේ සීන් එක දැකපු අන්දරේ ගොය්යටත් මාර අදහසක් ආව.

"ඇයි යකඩො මේ නිකං පතෝල අතගාන එකේ අපේ කරලුත් ටිකක් අතගාගන්න බැරිය මේ යන යෑමට, අනික චුට්ටක් හරි අත ගෑවුනානං කාගෙද, රජ දූගෙ අර සුමුදු අත නොවැ"

ඉතින් මෙහෙම හිතපු අන්දරෙත් පහුවෙනිද උදේ ම උයනට රිංගල, පතෝල මැස්ස උඩට නැඟල දිගාවෙලා, ඇඟපතත් කොළ වලින් වහගෙන එහෙම, මිනිහගෙ කරලත් පහලට එල්ලන් හිටිය අර රාජකීය ට්‍රීට් එක ගන්න බලන්.

දැන් ඔන්න රජ දුව වෙනද වෙලාවටම වගේ එයාගෙ පරිවාර සේවිකාවොත් එක්ක ඈවිත් වටේ යනකොට මේ අලුත පැනපු පුංචි කරල් පොඩ්ඩ දැක්ක.

දැකල එතන නැවතිල, පොඩ්ඩක් අතගාල මේකට ආදරේ දක්වන්න හදනකොටම, අන්දරේට මේ වෙන සංගෙදිය දරා ගන්න බැරුව හරි, නැත්තං පුරුද්දටම හරි.. ....බඩු ටික පැන්න.

එතකොට එක පාරටම ගැස්සිල පස්සට පැනපු කුමාරි,

"හපෝ මේක මේ නරක්වෙලානෙ දැම්ම, මොනාහරි ලෙඩක් හැදිලද කොහෙද"

කියල අතේ තිබුන දුනු පිහිය අරං චකස් ගාල මුලින්ම කපල දැම්ම.



ප.ලි .
මේ කතාව ලියල පෝස්ට් කරන දැන් මෙහෙ වෙලාව පාන්දර 2.50යි. අද හවස ඉඳන් අපේ සින්හබාහුවට උණ. මිනිහ convulsion history (එක පාරක් නෙවි දැනට දැනට තුන් සැරයක්) පොරක් නිසා උණ පාලනය කරගන්න එක හරිම වැදගත්. ඉතින් දැන් මං පාන්දර තුන වෙනකල් සැරේ අර නිදන් ඉන්න කොල්ලව තෙම තෙම, උණ බල බල. ඒ ඩියුටියත් යන අත‍රෙ තමා නිදිමත යන්න මේක ලිව්වෙ.ඉන් පස්සෙ shift එක සුප්පාට. දැන් කීයට නිදා ගත්තත් හෙට උදේ 8 වෙනකොට යන්න ඔනෙ පීරියඩ්මචන් ගාවට. මෙහේ සෞක්ය පහසුකම් අන්තිමයි, මිල ඉතා ඉහලයි විතරයිනෙ. ඉතින් මුලින්ම කඩාගත්තෙ නැත්තං මහ කරදරේ. මොනා කරන්නද, ජීවිතේ හැටි ඔහොම තමයි, හැමදේම සමබරව තීනවනං, ලැබෙනවනං මොනව කරන්න බැරිද.

Wednesday, June 16, 2010

දෙන්නගෙම කටේ පිට්ටු....



මේ කතාව මතක් උනේ කතන්දර ගුරුතුමාට උන අබග්ගය දැකපු වෙලාවෙ.
ආයිත් ඉතින් ට්‍රැක් පැනල කියන්න හිටි එක නැතුව වෙන එකක් තමයි මේ කියන්නෙ.

එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ.

දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව.

ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා.

මේ අව් අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි.

ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ!

පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන්

" මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි"

කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා.

වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල.

දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ!

හොඳටම තරහ ගිය ගමය

" ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ"

එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා.

හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ

" දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි "

කියල ලියපු තව තුන්ඩුවක් තීනව.

Tuesday, June 15, 2010

හිතේ දුකකක් නැති මිනිහා........


අර කතන්දරටයි දුකාටයි එකතුවෙලා මාත් ලියන්න හිටියෙ තව ඉන්ස්පැක්ටර් කෙනෙකුගෙම කතාවක්. ඒත් අර සුන්දර මිනිහ, මාරයට වෙලා තීන දේ දැක්කම, එතන කමෙන්ට් එකක් දාල මෙක කතාව ඒකට සම්භන්ද කරල ලියන්න හිතුන. ඒ කමෙන්ට් එක දැකපු උන් දැන් පලු යන්න මට බනිනව ඇති. ඒත් කමක් නෑ මට ඕනි දේ උනානං.

හුඟක් ඉස්සර එක ගමක මර්තේලිස් කියල මිනිහෙක් හිටිය. ගමේ කවුරුත් මිනිහට කිව්වෙ "මරේ" කියල.
ඔය මරේට හිටිය බොහොම හුරුබුහුටි කොලු පැටියෙක්. කාලයක් දරු පල නැතිව ඉඳල ලැබුන නිසා මරේ මේ කොල්ලට පුදුම ආදරයක් තිබුනෙ. ගමේ උනුත් එහෙමයි. මොකද මේ පුංචි එකා එච්චරට හුරුබුහුටියි.

ඒත් ඉතින් ලෝකෙ ධර්මෙ හැටියට පෙර කළ පින් පවු පඩිසන් දීල වෙන්ටැ අනේ මේ කොළු පැංච අකාලෙ මියෑදුන කලෙ උණක් හැදිල.
ඉතින් මේ මරෙ ගොයියයි හාමිනෙයි පොළොවෙ හැපිල අඬල දොඩළ වැලපෙන් අතරෙ කොහොම හරි ගමේ කට්ටිය එකතු වෙලා මේ දරුවගෙ අවසං කටයුතුත් ඉවර කොලා.

දැං ඉතින් මිනිය වළදාල ආ දොහට පහු වෙන්ද වෙනකොට අර ගෙදර තනියට හිටපු අසල්වැසි නෑදෑයො සේරමත් යන්න ගියා. ඉතින් මරේට තවත් මාර දුකයි. ඇයි ඉතින් තමන්ගෙ වේදනාව තුනී වෙන්න කතා කොරන්නට කෙනෙක්වත් නෑ නෙ.

අන්තිමට ඉවසගෙන ඉන්න බැරිම තැන මරේ ගියා පන්සලට. ගිහින් හාමුදුරුවන්ට වැඳල එහෙම ඇස් දෙකේ කඳුලුත් පුරෝගෙන

" අනේ අපේ හාමුදුරුවනේ මගෙ මේ හිතේ තීන දුක නැති වෙන්ට මොනා හරි කියන්න, ඔබ වහන්සෙට බුදු බව අත්වෙයි" කියල කිව්ව.

එතකොට මේ හාමුදුරුවොත් එක පාරටම

" අපේ මේ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සෙ පන්දහසක් ආයු වළඳන්ට තිබිලත් අච්චර කලින් ඉරනම් ගමණ ගිය එකේ ඔහේ මේ නිකම්ම නිකං හොටු කොල්ලෙක් මලා කියල ඔච්චර දුක්වෙන්ට කාරි නෑ" කිව්වලු.

ඒ කඩප්පුලි කතාව ඇහුව ගමං උන්හිටි තැන් අමතක වෙච්චි මරේ තරහින් වෙව්ල වෙව්ල

" ඔහේට මගෙ කොල්ල හොටු කොල්ලෙක් උනාට ඌ මට මැණිකක්..නිකං ඔය වගෙ කතා කියල මගෙ කට අවුස්සගන්න එප..හුහ් හොටු කොල්ල..වෙන එකෙක් කීවනං මං උලනව උගෙ හොම්බ ගලේ “ කියල ආපිටම යන්න හැරුනලු.

ඒ පාර හාමුදුරුවො හිනා වෙලා
" මාරෙ උපාසක උන්නැහෙ මට කිව්වෙ හිතේ දුක යන්න යමක් කියන්න කියලනෙ, මන්න මං කිව්ව. දැන් හිතේ දුක නෑනෙ. තීන්නෙ තරහ විතරනෙ, එහෙම නේද? "

ඒක අහපු මරේ උපාසකගෙ මූණට බොහොම එලියක් වැටිල හාමුදුරුවන්ටත් වැඳල පින්දීල දුක තුනි කරාන සැහැල්ලුවෙන් ගෙදර ගියාලු.

දැන් උඹ මොකද කියන්නෙ මාරෙ. තාම හිතේ තීන්නෙ තරහද? ගානක් නෑ වෙරි හිඳුනම ඕක ඇරිල යයි. ඒත් මං කිව්වෙ බොරුද එක අතකට..පොඩ්ඩක් හිතල බලහන්ං කොල්ලො.

Sunday, June 13, 2010

පාසැල්වල අඩු ලුහුඬු හා ලෝකගෝලයෙ හැඩය.....තවත් රස කතාවක්..



පහුගිය දවස්කීපයෙ මා මැදිවූ වාද කිහිපයක් නිසා මේ කතා දෙක සිහිවිනි. පළවැනි වාදය වූවේ අරුණිගේ කොරියාවට ඉංග්රීසි ගුරුන් යැවීමේ ගුණාගුනය. එහි දැන් දැන් වාදය මාතෘකාවෙන් පිට පැන ලංකාවෙ පාසැල්වල පහසුකම් හා ඉංග්රීසි නැතුවම බැරිද යන තැනට තල්ලුවී ඇති නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටින්නට තීරනය කලද, ලංකාවෙ පාසැල්, අද්යාපනය සහ පහසුකම් හා සම්භන්ද මේ කතාව ඔබ හා බෙදා ගැනීමට සිතුවෙමි.

මෙය එක්තරා ගම්බද පාසැලකි. තම හැකි උපරිමයෙන් දරුවන්ගේ ඇස් පෑදීමට උත්සාහ ගන්නා ගුරු යුවලකින්ද දරු දැරි සුළු පිරිසකින්ද සමන්විතව අවම පහසුකම් යටතේ හුදකලාව පවත්වාගෙන යන්නක් විය. මෙහි උගැන්වීමෙ අධාරක අවම හෝ ඇත්තේම නැති තරම් විය. ඔවුන් හැකි සෑම විටම අපැහිදිලි යමක් හෝ සංකල්පයක් දරුවන්ට පැහැදිලි කලේ ගෙවත්තේ, අවට පරිසරයේ හෝ තම එදිනෙදා පාරිභෝගික භාන්ඩ වලිනි.

එදින පාඩම උනේ සූර්යයා හා පෘතුවියේ ගමන් මග පිලිබඳවයි.

"හොඳයි දැන් අපි අද ඉගෙන් ගන්න යන්නෙ පෘතුවිය කොහොමද භ්රමනය වෙමින් සූර්යයා වටා යන්නේ කියන එකත් අපිට රැ දවල් උදා වෙන්නෙ කියන එකත් ගැන"
ළමෝ අාසාවෙන් මෙම නව පාඩම ඉගෙන ගන්නට හරි බරි ගැසුනහ.

"දැන් මේ තමා පෘතුවිය, මේක කරකැවී කරකැවී සූර්යයාවටා යනව" කියමින් කලු ලෑල්ලේ ඇඳි රූපයක් ඔස්සේ පැහැදිලි කරන්නට ගියද, ළමුන්ට ඒය නොතේරුන බව ඔවුන්ගේ මුහුණු දෙස බැලීමෙන් මෙම පළපුරුදු ගුරු මහතාට අවබෝධවිය.

තවදුරටත් තම සිසුන් අපහසුවට පත් නොකර මෙය පහදා දීමට තම විදුහලේ ආදර්ශ ලෝක ගෝලයක් නැති බැව් දැන සිටි එතුමා, ගැලපෙන ගෝලයක් ගෙන ඒමට තවත් කාලයක් වැය නොකිරීමට සිතා අවට බලන්නේ, ඔහුගේ කණ්නාඩි කොපුව දැක, එය අතට ගෙන

"දැන් ඔන්න බලන්න ළමයි, මේ තමා පෘතුවිය" යනුවෙන් කණ්නාඩි කොපුව පෙන්වා

"මෙන්න මෙහෙම තමා වටා කැරකි කැරකි මෙන්න මෙහෙම සූර්යයා වටාත්" යනුවෙන් මිට මොලවාගත් තම අත සූරියයාට උපමා කරමින්
"පරිභ්රමණය වෙන්නෙ, ඒ කියන්නෙ කැරකෙන්නෙ" යනුවෙන් පවසනවාත් සමඟ පන්තියට දිව ආ කොලුවෙක්

"ලොකු මහත්තය අන්න අමරසිරි වැටිල අත කැඩිල" යයි වෙනත් පංතියක සිසුවකුට සිදුවූ අනතුරක් දැනුම්දීම හේතුවෙන් පංතිය අතරමඟ නවතා ඒ සඳහා යෑමට සිදුවිය.

පසුව ඊළඟ දින පන්තියට පැමිනි ගුරුමහතා
"අපි කොතනින්ද නැවැත්තුවෙ , හරි පෘතුවිය භ්රමනය වෙන තැනින් නේද" යනුවෙන් පවසා නැවත් පාඩම ඇරඹීමට සූදානම්ව
"හොඳයි අපි ආයි බළමු කොහොමද පෘතුවි භ්රමනය සිද්ධ වෙන්නෙ" යනුවෙන් පවසා, එදින තම කණ්නාඩි කොපුව ගෙනැවිත් නැති බැව් දැක සුදුසු යමක් සොයා වට පිට බලනවිට ටයිම්පී ඔරලෝසුව දැක අතට ගෙන පාඩම පෙර පරිදිම පටන්ගත්තා පමණි, එදිනද ඔහු හමුවන්නට දුර බැහැර සිට අමුත්තෙක් පැමිණි බැව් දන්වන ලදුව

"අනේ ළමයිනේ එහෙනං අපි හෙට කරමු පාඩම" යනුවෙන් පවසා නැවත අතරමඟ නතර කොට පිටවයන්නට වුනි.

පසුදින උදෑසනින්ම පැමිනි ගුරුමහතා සිසුන්ට පොරොන්දු වූ පරිදිිම පාඩම ඉවරකෙරූ අතර, එදින ආදර්ශය හැටියට දුංකොළ හෙප්පුව ගෙන තිබුනි.

ඉන් ටික දිනකට පසු පාසැලට පැමිණි පාසැල් පරීක්ෂක මහතකු විසින් ආවරණය කරන ලද පාඩම් පිරික්සමින් පන්ති අතරට යනගමනේදි ඉහත පන්තියටද පැමිණ, මෑතකදී භූගෝල විද්යා පාඩම ඉවරකළ බව සඳහන්ව තිබෙනු දැක ළමුන්ගේ භූගොලේ විද්යා දැනුම මඳක් ප්රීක්ෂාකිරීමට සිතා

"හොඳයි දැන් ඔය ළමයි ඉගෙනගෙන තීනවනේද අපේ පෘතුවිය පිළිබඳව එහෙම" යනුවෙන් විමසන විට ළමෝ සියල්ලෝම එක හඬින්
"එහෙමයි" කියා පිළිතුරු දුනි.

පිළිතුරෙන් උද්දාමයට පත්වූ මුල් ගුරුමහතා "ඕක මේ දරුවන්ගෙ ආසම පාඩ්මක් උනා සර්...ළමයින්ට දැන් ඔය ගැන හොඳ අවභෝදයක් තීනව" යයි පැවසූයේ සඟවාගත් ආඩම්බරයකිනි.

"එහෙමද" යනුවෙන් මුල්ගුරුතුමා දෙස බලා පැවසූ පරීක්ෂකවරයා නැවතත් ළමුන් දෙසට හැරී
"හොඳයි එහෙනං ඔය ළමයි කියන්න බලන්න මට පෘතුවියේ නියම හැඩය මොන වගේද කියල" යනුවෙන් පැවසූ විට එක්වරම ඉහල එසැවුනු අත් ගොන්න අතරින් එක් ළමයකුට පරීක්ෂකවරයා

"ආ ඔය ළමය කියන්නකො බලන්න එහෙනං" යයි පැවසීය.

එවිට තම මුල් ගුරුතුමා තරම්ම හෝ එයටත් වැඩි ආඩම්බරයකින් නැඟී සිටි දරුවා

"පෘතුවිය සඳුදට ලොකුමහත්තයගෙ කණ්නාඩි කොපුව වගේ, අඟරුවාදට පරණ ඔර්ලෝසුව වගේ, බදාදාට බුලත් හෙප්පුව වගේ "
යයි පවසමින් වාඩි වෙනවිට තම හිනාව අමාරුවෙන් තදකරන් එලියට බට පරීක්ෂකවරයා ලොග් පොතේ ගුරු යුවලගේ දැඩි කැපවීම අගයන කෙටි සටහනක්ද දමා වහා පිටවගිය අතර, ඊට ටික දිනකට පසු පාසැලට අලුත්ම ආදර්ශ ලෝක ගෝලයක් අද්යාපන කණ්තෝරුවෙන් එවා තිබිනි.

Friday, June 11, 2010

ආදම්ගේ ඇල්පෙනෙත්ත


මේ කතාව මට මතක් උනේ මාතලන් ගොයියගෙ කාලගෝල නාට්ටිය කියවපු වෙලාවෙ.

මෙය මා අහුල ගත්තේද අන්තර්ජාලයෙන්මය. ඒ නිසා මේ කතාව රසවිඳින්නන්ගේ ස්තූතිය තනිකරම හිමිවිය යුත්තේද මා එය අහුලාගත් බ්ලොගය හිමිකරුවාටම පමනි.කෙසේ වෙතත් කතෘ අඥාත බැවින් හා එම අඩවිය ප්ර්සිද්ධ කිරීම ඔවුන් අපහසුතාවයට පත්කරනක් විය හැකි වන නිසා ඒ ගැන වැඩි විස්තර මෙහි සටහන් නොකරමි.

ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්රිනස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය.

එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.

“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය.

“ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය.

මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට,

“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල ගහනව උඹේ ..කේ දැනගනින්”

පියතුමා සිහි සුන්ව වැටුනේය

Thursday, June 10, 2010

තම්බිගෙ තත්තෙ




දැං මේ දවස්වල ඉස්ලාම්කරනය සහ පන්සල් ආශ්රයෙන් ඇතිවෙන හැදියාව ගැන ලොකු හා හෝ වක් යනවනෙ මේ ලාංකික බ්ලොග් ලේඛකයො අතරෙ.

මාත් ඒ ගැන යමක් ලියල ඔය ලොකු ලොකු අලි ..කද්දි තෙරපෙන්න මට අමාරුවක් නැතත්, යන රැල්ලට යමක් ලිවිය යුතුයි කියල හිතුන නිසා මං තම්බිල ( මගේ ශබ්ද කෝශයට අනුවනං මුස්ලිම් සහෝදරවරු ) සහ හාමුදුරුවරු ගැන පොඩි ජනකතා කිපයක් ලියන්න හිතුන.

මේවා මං කාලෙකට ඉස්සර කියවපු විජේසූරිය (මට මතක විදියට ) කියල මහත්තයෙකුගෙ පොතක තිබුන ඒව.

පලවෙනි කතාව තම්බිගෙ කපටිකම.

එක දවසක් තම්බි ගෙ බිරින්දැගෙ පෙති මාලෙ කොන්ඩෙ පැටලිල, එකෙ ඈඳල තිබුන පෙති ගැලවිල වෙන් වෙලා. දැන් හාමිනේගෙන් බේරිල්ලක් නෑ මේ මාලෙ අමුණල ගෙනත් දෙන්නෙයි කියල.

ඉතින් දැන් තම්බිත් මේ වදේ ඉවසන්න බැරි නිසා මේ කෑලි ටිකත් අරන් ගියාලු අහල ගමක හිටපු නවන්දන්න ගාවට. ගිහින් කිව්වලු “නයිදෙ මේ මාලෙ මට කේලි ටික ශරියට අමුනල දියන්කො" කියල. රන්කරුවත් කෑලි ටික අරන් බලල හොඳ වටින රත්තරන් කෑලි ටික බව දැකල, කෑලි ගණන් කරනකොට හෙමීට එකක් හංගගෙන කිව්වලු " තම්බි මේකෙ ඔක්කොම කෑලි විසි නමයනෙ එහෙනං" කියල.

කෑලි තිහක් ගෑනි දුන්න කියල දන්න නිසා තම්බිත් " මට මතක නේ අයියා, ඉඳහන් මාත් ගෙනල බලන්න" කියල ගනින ගමන් තව කෑල්ලක් තම්බිත් හංගගෙන " ෂරි ෂරි විසි නමේ තමයි " කියල කෑලි ටික නවන්දන්නට දුන්නලු. දීල " එහෙනං උඹ මට යේක හොඳට කරල තියපන්, මං යෙට හවෂ එන්නංකො" කියල තම්බිත් හිමීට අර කෑල්ලත් අරන් ගෙදර ගියාලු.

පස්සෙ වැඩේ පටන් ගත්තු අපේ ආචාරියත් ඉතින් තමන්ට උන ලාබෙ ගැනත් හිත හිතා මාලෙ කෑලි ටික අමුණගෙන යනකොට අන්තිමට බැලුවම තීන්නෙ එකක් අඩුවෙන්, කෑලි විසි අටයි. පස්සෙ දැන් නිකංම හොරා වෙන නිසා හිමීට අර හංගගත්තු එකත් දාල මාලෙ අමුණල තිබ්බලු.

පහුවෙනිද මාලෙ ගෙනියන්න ආපු තම්බිත් " ආ ෂෝක් එකට වෙඩේඩේ කරල තීනවා, අනේ මෙන්න මේ කේල්ලත් ගෙදර වෙටිල තිබුන, පොඩ්ඩක් යේකත් අමුණල ඕක ඉවරම කරල දීපන්කො" කියල අර තම්බි කලින් දවසෙ හංගගත්තු කෑල්ලත් දීල මාලේ සම්පූර්ණ කරගෙනම ගෙදර ගියාලු.


දෙවැනි කතාව - කුරහන් ගලේ ඇඹරීම.



එක ගම ගෙදරක පුංච් ළමයෙක් හිටිය. ගම හාමිනේ මේ ළමයව අකුරු සාස්තරේ ඉගෙණගන්න ගමේ හාමුදුරුවො ලඟට ගෙනුහින් දුන්න.

ළමයගෙ මවුගෙ හැඩ වැඩ දැකපු හාමුදුරුවන්ටත් ඉවසුම් නැතිව, දවසක් දෙකතුනක්ම ළමය අතේ පණිවිඩ ඇරිය, ළමයගෙ වැඩ කටයුතු ගැන කතාකරගන්නත් එක්කල හැන්දෑකොරේ අම්මට පන්සල පැත්තෙ ඇවිත් යන්ට එන්නයි කියල. හාමුදුරුව්න්ගෙ කැරැට්ටුව දන්න හාමිනේ හිමීට ළමය අතේ ඔය මොනා හරි හේතුවක් කියල ඇරල වැඩේ මඟ ඇර ඇර හිටියෙ.

දැන් ඔහොම ටික දවසක් යනකොට හාමුදුරුවො පණිවුඩයක් එවනව " බොලාගෙ අම්මට මේවැයි උවමනාවක් නැත්ත්ං ඉතින් ඕං මේ ඉගැන්නිල්ල දිගටම කරන්න බෑ බොලව්" කියල.

දැං ළමයගෙ පාඩම් වැඩේ කඩාකප්පල් කොරන්ටත් බැරි හින්ද හාමිනෙ කියල ඇරියලු කොල්ල අතේ " හෙට අප්පුච්ච උන්දගෙ නගා බලන්ට මාතර යනව, දවස්දෙක තුනකට එන්නෙ නැතෙයි කියන්න්ට කියල අම්ම කිව්ව" කියල. මේක අහපු හාමුදුරුවොත් හරි සංතෝසෙන් කොල්ලට පැය දෙක තුනකට ඉවර නොවෙන රාජකාරියක් පංගාර්තු කරල ගියාලු හාමිනේලගෙ ගේ පැත්තෙ.

ඇවිත් ඉතින් වටෙන් ගොඩෙන් හාමුදුරුවො වැඩේට බහින්න හදනකොටම මෙන්න අර ගිය මිනිහ ආයි එනව කඩුල්ල පැනගෙන " ගමන මහ බාධ උනා නෙව අර හතුරෙක් මූණටම මුලිච්චි වෙලා" කියාගෙන.

දැන් කරගන්නෙ දෙයක් නැතුන් භිරාන්තවෙලා අඩ නිරුවතින් ඉන්න හාමුදුරුවොන්ට හාමිනේ " හරි හරි බය වෙන්න එපා මෙතනින් ඉඳ ගන්න" කියල කුස්සියෙ මුල්ලකට එක්ක ගොහින් මුලු ඇඟම වැහෙන්න සාරියක් පෙරවල "අර එහා පැත්තෙ මරක්කල ආච්චි කුරහන් අඹරන්න ආවම අපේ මිනිහ මේ පැත්තෙ එන්නෙ නෑ, ඒ නිසා බොරුවට කුර්හන් ටිකක් අඹර අඹර ඔහොම ඉන්න උන්දැ ටිකකින් හේනටවත් යනකල් කියල මහ තඩි කුරහන් වට්ටියක්යි, කුරහන් ගලයි කිට්ටු කරාලු හාමුදුරුවො ලඟට.

ටික වෙලාවකින් හාමිනේ ගමරාළටයි, කුරන් අඹරන හාමුදුරුවන්ටයි තේ දෙකකුත් හදල දුන්න. දැන් පැයක් දෙකක් යනකොට අර කුරහන් වට්ටිය ඉවරවේගෙන වගේ එනකොටම " මං එහෙනං කඩ පොළ පැත්තට ගෙහුං එන්නං" කිඅයල ගමරාළෙ නැගිටල යන්න ගියාලු.

ඉන් පස්සෙ තුං මුනිං දාඩියා දාගෙන දඩ බඩ ගාල නැගිටපු හාමුදුරුවොත් සිවුරත් යංතං පටලවගෙන පිටි පස්සෙන් පැනල මහ හයියෙන් වැඩියලු පන්සල.

ඉං ටික දොහකට පස්සෙ ආයි හාමිනේ පන්සලට පණිවුඩයක් අරිනවලු ළමය අතේ " අපුච්ච සහතිකෙටම අද නෑ, මාතර ගියා" කියල.

පස්සෙ හාමුදුරුවො කිව්වලු" කොළුවො බොලෑ අම්මට කියාපිය ඒ ගමනිං මට පලක් වෙන්නෑ, අඹරපු කුරහන් විතරයි කියල" කියල.

Tuesday, June 8, 2010

iifa සහ ඉන්දියානුවේ


මහා සද්දෙටෙ පටන් ගත්තත් බලාපොරොත්තු උන තරම් අදායමක්, ගැම්මක් නැතුවම iifa ඉවර උනා.
මේක ඉන්දියන් ජාතිකයන්ගෙ ජන්ම ගතිය, එකට පනදෙන්න වගේ ඉඳල බෙල්ල කැපෙන්න ඇරල මාරු වෙන එක.
අනික iifa තියා film fare ලංකාවෙ තිබ්බත් දකුණු ආසියාවෙන් එහාට ඒකෙ කීර්තිය ගලන්නෙ නෑ නෙ. ඒත් මං මේ ව්යාපෘතිය සාර්ථක උනානං සතුටුයි, මොකද ඒක එඬරු ගහක් වත් වෙන ඒකෙ මේ වෙලාවෙ හැටියට. කොහොම උනත් අල්ලපු රටේ මිනිස්සු විස්වාස කරං ගොඩයන්න හදන රජතුමා මේකෙන් වට් පාඩමක් ඉගෙනගනීද බලමු!
සමහරු කිව්වට අපිත් ඉන්දියාවෙන් තමයි ආවෙ, අපිත් ආර්යයො කියල, ඒක නං සැකයි. මොකද ඔය කියන සිංහ පැටිය අච්චර දුර ලාට රටේ ඉඳල එනකං, මේ එහා පැත්තෙ කේරලෙ හරි තමිල්නාඩුවෙ හරි ඒ වෙනකොට අවතැන් (IDP ) වෙලා හිටපු රැලක් මෙහෙට ගොඩ වැදිල නැතිවෙන්නම බැහනෙ.( මොකද කතාවට කියනවනෙ නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට යනකොටත් කේරළයෙක් හිටිය කියල චායෙ චායෙ කිය කිය තේ කඩය්ක් දාං.) අනික විජය කොහොමත් වැද්දන්ගෙ පියා මිස සිංහලයන්ගෙ පියා නෙමෙයිනෙ. මොකද මිනිහට පස්සෙ ගෙනාපු ගෑනිගෙන් ළමයි ලැබුනෙ නැහැනෙ.
ඔය ලංකාවෙ ගොඩක් දෙනා අහල නොතිබ්බට " කඩ, මුදලාලි, ආප්ප, ඉඳි ආප්ප,ප්රවෘත්ති, සමාන, අවශ්ය, විශේශ, සෞක්ය, අප්පච්චි, ආච්චි, වේසි" වගේ හින්දි භාෂාවෙ දකින්නට නොලැබෙන සිංහල වචන මහ ගොඩාක් ඇවිත් තීන්නෙ කේරලයෙන්. ඕන කෙනෙකුට කියන්න පුලුවන් මේවා පස්සෙ එකතු උනා කියල, ඒත් සමහර කේරළ ජනකතා සහ ජාතික උත්සව ගැන හොයල බැලුවම හිතෙනව අපි ඇත්තටම ආර්ය්යන්ගෙන් නෙමෙයි ආර්යයො පහලට එලවල දාපු ඉන්දුනිම්නෙ මුල් පදිංචිකාරයොන්ගෙන්ද පැවත එන්නෙ කියල. ( කේරළ ජනකතා සහ උත්සව වල ලංකාවට ඇති සම්භන්දය ගැන මං තව කරුණු ඒකතු කරල පස්සෙ ලියන්න හිතන් ඉන්න නිසා දැන් ඒ ගැන වැඩිය කතා කරන්නෙ නෑ.)
කොහොම උනත් අය්ය මලෝ බිඳවල, අය්යට කෙලවල පස්සෙ මලයටත් කෙලපු රාමායනේ ඉඳල, තමන්ට රජවෙන්න දීපු ගෑනි කැලේට එලවල වෙන ගෑනියෙක් ගෙනාපු විජය හරහ උඩින් ඇවිත් පරිප්පු දාල operation liberation නතර කරපු තැනට වෙනලකනුත්, අදත් ඉන්දියන් කාරයො ලංකාවට කරපු බලු වැඩ ගැනත් ඔය ඉන්දියාවයි උන්ගෙ වීරකමුයි තියන් වනන උන්ට පෙනුනෙ නැති එකයි පුදුමෙ. කොටින්ම ලංකාවට බුද්ධාගම එවුවෙත් දික් විජය වෙනුවට ධර්ම විජය, ඒ කියන්නෙ කඩුවෙන් නැතිනං වෙන මොන මලාදානෙකින් හරි ගහල තමන්ගෙ අනාගත සතුරා ෂේප් කරගැනීමටනෙ!( අර පරංගින්ගෙ දෙල් වගේ ඒක අපේ අය යහපතට හරවගත්ත එක වෙනම කතාවක් )
හැමදාම ඉන්දියාවෙ නොපෙනෙන සතුරා ලංකාවයි කියන තැන තමයි උන් හිටියෙ, ඒත් අපේ මෝඩ රැලට ඒක කවදාවත් අවභෝද වෙන්නෙ නැති ඒකයි කරුමෙ කියන්නෙ.
සුද්දො ලෝකෙට දාපු තවත් ලෙඩක් තමයි මේ ඉන්දියාවත් ( 1947 ට කලින් ඉතිහාසයෙ කවදාවත් ඔය අද තිබෙන ඉන්දියාවක් තිබිල නෑ නෙ ). හැබැයි මේ ඉන්දියාව තනි රටක් හැටියට තීන එකේ එකම වාසිය තමයි අන්තවාදී මුස්ලිම් රටවල් ගොන්නක් අපේ වටේ ඇති නොවිච්ච එක.
අපිට ඉන්දියාවත් එක්ක face to face ගේම ඉල්ලන්න බැරි බව ඇත්ත.ලොක්කො ඉස්සරහ කොන්ද කෙලින් තියන් ඉන්න පාවිච්චි කරන විවිධ ක්රම තීනව. ඉන්දියාවයි පකිස්ථානෙයි අතර උන හැම යුද්දෙකදිම ඉන්දියාව තමයි දිනුවෙ, ඒත් පකිස්ථානයට තමයි චීනෙටත් වඩා උන් බය. ඒ උනාට පකිස්ථානෙට ටිකක් පොඩි බංගලිදේශයට, නේපාලයට හරි භූතානෙට හරි සලකන්නෙ ඒකෙ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අකාරයටනෙ.
අපි ඉන්දියාව එක්ක ගහ ගත්තෙ නැතත්, අපිටම කියල ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් දවසක අපේ film festival ඒකක් උන්ගෙ theater එකක තියන්න බැරි වෙන්නෙ නැහැ! මොකද ඉන්දියාවෙ පන්ජාබ් ඇර අනිත් සියලුම ජාතිකයො ඒ තරම්ම නිවට රැලක් නිසා.

ඉන්දියාව තමයි අද තමන්ගෙ ලොකුම මිතුර කියල මේ ලඟදි බුෂ් ලොක්ක කියල තිබුන. ඒත් අරාබියෙදි ඉන්දියන් කාරයො ( හින්දි කියලයි කියන්නෙ ) පයෙ පෑගෙන දූවිල්ලක් තරම්. අද QATAR වලට ඉන්දියන්කාරයන්ව වැද්ද ගන්නෙ නැහැ, මොකද ආවොත් යන්නෙ නැහැ කියල.
Slum Dog Millionaire ට සම්මාන දුන්නෙත් ඒකෙ තිබුන කලාත්මක අගය කිරීම්වල එහා ගිය දේශපාලන අරමුණක් වෙනුවෙන් කියල ඉන්දියන් කාරයොම කියනව. ඉතින් එහෙව් රටට සීපා දීල, අපි උන්ගෙ පා ලෙවකන්න යනව.
සමහරුන්ට හිතෙයි මං මේක ඉන්දියාව ගැන මොනාහරි පුද්ගලික කෝන්තරයක් හිතේ තියාගෙන ලියලද කියල. ඇත්තටම මට තරහ තීන්නෙ ඉන්දියනුවො එක්ක නෙමේ, මේ සත්ය තේර්ං ගන්නෙ නැති අපේ උං එක්කයි. මොකද අපි දිගටම ඉන්දියානු ගැත්තොවීමෙ ප්‍රතිපලය වෙන්නෙ තව ටික දවසකින් ලංකාව ඉන්දියාවෙ 24 වෙනි ප්‍රාන්තය වෙන එක තමයි. ඒක අර චීනෙ ටිබෙටයට, එහෙම නැත්තං තුර්කිය සයිප්රසයට කරපු දේට දෙවැනි වෙන්නෙ නැහැ. ලංකාව සින්ගප්පූරුවක් කරන්න හිතන මහත්වරු, මේක තායිවානයක් කලොත් විතරයි අපිට කවද හරි ගොඩයෑමක් තියෙන්නෙ.
ඉන්දියාවෙ උන් මක්කම යනව වගේ ඇමරිකාවට ගියාට ඇමරිකන් කාරයො ඉන්දියාව දකින විදිය ගැන පොඩි කතාවකින් මේ ලිපිය ඉවර කරන්නං. ( මේ කතාව මට මුලින්ම් මතක් උනේ කතන්දරගෙ චූ කතා අහල. )
මේක ජාත්ය්න්තරව ප්රසිද්ද කතාවක්. බොහෝ විට අහලත් ඇති.අනික මේ කතාව සර්ව කාලින නිසා කැමති නම් අදාල චරිත වලට දාගත්තට කමක් නෑ.
ඔන්න එක පාරක් ඇමරිකාවෙ ජනාදිපති තුමා ඉන්දියාවෙ සන්චාරයකට ආවලු. ඒ ඇවිත් ටජ් මහල් බලන්න යද්දි මිනිහ දැක්කලු මේ ඉන්දියන් ගෑනු, මිනිස්සු පාර දිගේ චූ කරනව ( ඉන්දියාවෙ ගිය අයනම් දැකල අති මේක , සමහරුනම් කක්කත් කරනව ). මේක දැකල මිනිහ පුදුමයකුත බොහොම පිලිකුලකුත් අතිවෙලා, ඉන්දියන් අගමැතිට කිවුවලු, "චික් විතරක් මේ වැඩේ නම් හරිම කැතයිනෙ, මොකද මේ ඕගොල්ලන්ගෙ රටේ හමෝම පාරෙ චූ කරන්නෙ, මෙච්චරටම මෙහෙ වැසිකිලි පහසුකම් අඩුයිද" කියල. දැන් ඉතින් ඉන්දියන් අගමැතිට කන පැලෙන්න ලැජ්ජාවෙ ඔය බ්ලා බ්ලා ගාල නිකන් බයිල ටිකක් කියල ශේප් වෙන ගමන් හිතුවලු, " හිටපන් පුතේ, ඊලඟට මන් එනවනෙ උඹලගෙ රටට, එතකොට බලමුකො සුද්දොන්ගෙ වැඩ” කියල. ඉතින් ඔන්න ඔහොම ගිහින් එක දවසක් ඉන්දියන් අගමැති තුමා ආවලු ඇමරිකාවට සන්චාරයක්. ඔය ඇවිත් දැන් ඇමරිකන් ජනාදිපතියි ඉන්දියන් අගමැතියි දෙන්න ගියාලු Grand Canyon එක බලන්න. දැන් ඉතින් දෙන්න ඇවිදගෙන් යනකොට ඔය අයින දිගෙ, දැක්කලු ඈත කෙනෙක් හොඳට full suit ගහල පන්දුරකට නිකන් Colorado River එක හරෙව්ව වගේ චූ කරනව. මේක දැකල අපේ ඉන්දියන් අගමැති තුමාට මාර හැපි. ටක් ගාල ඇමරිකන් ලොක්කට කතා කරල පෙන්නුවලු " අර අර කොහොමද වැඩෙ, බලනකොට අපිට කිවුවට මෙහෙත් ඒ තරමටම වෙනසක් නෑ නෙද " කියල. දැන් ඇම්රිකන් ජනාදිපතිට හෙන ලැජ්ජාවෙ මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව අඹරෙද්දි මෙන්න අර හාදය වැඩේ ඉවර වෙලා zip එක උස්ස උස්ස බොහොම සැහඇල්ලුවෙන් ඉස්සරහ පන්දුරෙන් එලියට එනවලු.
ම්නිහගෙ මූන දැකපු ඇමරිකන් ලොක්ක උඩ පැන පැන හිනාවෙන ගමන් කිවුවලු අපේ ඉන්දියන් ලොක්කට "බලපන් බලපන් අර කවුද එන්නෙ කියල" කියල.
ඉන්දියන් අගමැති තුමත් හොන්දට ඇස් කරකවල බලනකොට මෙන්න එනවලු මිනිහගෙ ඇමරිකන් තානාපති තුමා මල් හිනාවකුත් දාගෙන පඳුර අස්සෙ ඉඳන්.

Wednesday, June 2, 2010

බහ්රේන් තොරන සහ ඩුබායි කුරුසය..!



ඔය උඩ පින්තූර වල තීන්නෙ අපේ හිතවත්තු අමාරුවෙන් හදපු තොරන. අවාසනාවකට වගේ මට දන්සැලෙ පින්තූරයක් නං ගන්න බැරි උනා.
මේ පහල පින්තූරෙ තීන්නෙ අර ම්ං කියපු කුරුසෙ!
මේ දෙකේ තීන එකම සම්භන්දයෙනං මට මේ කථාව ගැන අහන්න ලැබුනෙ තොරන බලන්න ගිය වෙලාවෙ වීම සහ මේ දෙකම අවට ඇති අනිකුත් මුස්ලිම් දේවස්ථාන වලට වැඩිය උස වීමයි තමයි. මොකද මුස්ලිම් රටවල ප්‍රතිපත්තියක් වශයෙන් ඒ ගොල්ලන්ගෙ පල්ලි වලට වඩා උසට අනික් ආගමික ස්ථාන සහ සන්කේත නිර්මානය කරන්න දෙන්නෙ නැහැ.ි.

මගෙ මිත්රය නං කියන්නෙ මේ කියන ඩුබායි icon එක සහ ලෝකෙ එකම තරු 7 හෝටලය වෙච්චි ගොඩනැගිල්ල නිර්මාණය කරපු ටොම් රයිට් (Tom Wright )කියන සුද්ද රුවලක හැඩේ අස්සෙ ලෝකෙ ලොකුම කුරුසෙ හංගල, ඒක ගොඩ බිමට කිසිම විදියකින් නොපෙනෙන්නත්, මුහුදෙ සිට බලනවිට විතරක් පේන්නත් බොහෝම සූක්ෂම විදියට ස්ථාන ගත කරා කියලයි!
කාලයක් ඩුබායි රථ වාහන වල අංක තඩුවලත් මේ ගොඩනැගිල්ලෙ පින්තූරයක් දාල තිබිල, පස්සෙ ඒක එක පාරටම නැවැත්තුව! ඒකදි හැමෝම කිව්වෙ වෙනසට හෙතුව මේ කුරුස කතාව කියල. අනික මේ කුරුස හෝටලේ තියෙන අංක තහඩු රැගත් වාහන වලට අසල්වැසි සෞදි අරාබියට ගියාම නොයෙක් හිරිහැර වලටත් මූන පාන්න ත් සිද්ධ උනාලු!
ඇත්තටම ලෝකෙ බොහොමයක් දෙවල් වල කුරුස ලකුන ආගමික විස්වාසයන්ගෙන් තොරව යොදා ගන්නව දකින්න පුලුව. රතු කුරුස සමාජය පල්ලියෙ දෙයක්ම නෙමේයි, නමුත් ඒ සංකල්පය අරාබි ලෝකයෙද් එලියට එන්නෙ රතු අඬසඳ ( red crescent ) කියලයි. කුරුසයයි තරුවයි කියන්නෙ අරාබි ලෝකයෙදි බොහොම ප්රවේසමෙන් පාවිච්චි කල යුතුව සංකේත දෙකක්. ත්රිකෝන දෙකෙන් අඳින තරුවක් මොනම දේකට හරි පාවිච්චි කරල තිබුනොත් ( කුනු බාල්දිවල අඳින්න හැර ) ඒක ජීවිතයෙන් වන්දි ගෙවන්න තරම් දුර දිග යන අත් වැරැද්දක් වෙන්න පුලුවන්.
කොහොම උනත් ලෝකෙ ලොකුම කුරුස ලාංඡනය අරාබි ලෝකෙ වැදගත්ම ගොඩනැගිල්ලකම පිහිටීම අත් වැරැද්දක්මද, එහෙම නැත්තං කුමන්ත්රනයක්ද කියන්න එක දන්නෙ ඒ දෙගොල්ලන්ටම පොදු වෙච්චි සර්ව බලධාරී දෙවියන්ම තමයි!

ප.ලි..
තොරන ජාතකය ඊයෙ මගෙ අතින් වැරදියටයි සඳහන් වෙලා තිබ්බෙ, ඒ ගැන සියල්ලෝ කම්ත්වා..

Tuesday, June 1, 2010

තොරන සහ කුරුසය

මේ කතාව ඇහුවෙ ගිය සිකුරාද තොරන බලන්න ගියාම, එතන හිටපු අපේ යාලුවෙක්ගෙන්.
මක්කමට ඉතාම කිට්ටුවෙන් ඉන්න GCC සාමාජිකයෙක් තමයි බහ්රේන් කියන්න්නෙ. ඒත් මේ රටේ රජ්ජුරුවො බොහෝම නිදහස් මතධාරී නිසා මහෙ ආගමික නිදහස මුස්ලිම් සහ මුස්ලිම් නොවෙන අයට සම තත්වයෙන් නොවුනත්, අනෙක් ඕනෑම GCC රටකට වඩා හොඳින් තිබෙනව.

ඉතින් අපේ අය ( ලාංකිකයො ) ඒකෙ අනුහසින් ලස්සන වෙසක් තොරනක් ඉදිකරල තිබුන. අඩි 40ක් විතර උසට, අලංකාරව හදල තිබුන මේ තොරනෙන් නිරූපනය වෙලා තිබුනෙ "විදු ජාතකය". සාමාන්යයෙන් මෙහේ තොරනක් හදනව කියන්නෙ ලංකාවෙ තරන් පහසු වැඩක් නෙමෙයි. හවස වැඩ ඉවරවෙලා තමන්ගෙ දරුවො, බිරිඳ එක්ක ගතකරන්න තීන කාලෙ, තනිකඩයෙක් නං රෙද්දක් මැද ගන්න, කෑම ටික උයා ගන්න තීන කාලෙ මාස දෙකක්, තුනක් වගේ වගෙ දිග කාලයක් කැප කරල තමයි මේ වගේ දෙයක් කරන්න ඕනි. එතකොට ඒ තොරනෙ වැඩ කරන සහෝදරවරුන්ට " housemaid හෙවත් low class" කියල හංවඩු ගහල ලොකු මිනිස්සු ගනං ගන්නෙ නැති සහෝදරියො තමයි තමගෙ වැඩ ඉවරවෙලා ඇවිත් කෑම වේලක් උයාගෙන යන්නෙ, රෙද්දක් හෝදල දෙන්නෙ. ඒ වගේම මේක ලොකු වියදමක් යන වැඩක්. තොරනෙ බල්බ් එකේ හිටං හයි කරන scaffolds, පෙන්නන ඉඩම වෙනකල් හැම දේටම ගෙවන්නත් ඕනි. ඒවට තොරන හදන අයම සාක්කුවෙන් ගෙවල, ලැබෙන පොඩි ආධාර මුදලෙන් තමයි පස්සෙ පියවගන්නෙ. ඒත් ආධාර අඩු උනොත් අතින් කයිටි! ඒ විතරක් නෙමේ, මේ රාජකාරියෙදි, බෞද්ධ, අබෞද්ධ කියල වෙනසක් නැතුව "බුදෙයියයා ශ්රීලාංකික සංගමයෙ” හැම සාමාජිකයෙක්ම උදව් උනා කියලත් අහන්න ලැබුන.

අනික මේ තොරන ප්රදර්ශනය කරපු දවස් දෙකේම ආපු දහස් ගනනක් නරඹන්නො හැමෝටම ප්රනීත සිසිල් බීම සංග්‍රහයකුත්, පොහෝ දින මහා බත් දන්සැලකුත්, දෙවැනි දවසේ ලංකාවෙන් වැඩම කරපු දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදේශණයකුත් තිබිල තීනව. මටනම් ඇත්තටම බුක්ති විඳින්න ලැබුනෙ සිසිල් පැන් විතරයි, මොකද පෝය දවසෙ මට යන්න බැරි උනා, ඇයි බණ පටන්ගන්න කලින් අපේ සිංහ බාහුව ගෙ පිරිත් පටන් ගත්තනෙ, ඉතින් බණ අහන අයට කරදරයක් වෙන නිසා අපි කලින්ම ගෙදර ගියා.

දැන් තොරනෙ විස්තරය කියවගෙන ගිය නිසා මං කියන්න හිටපු දේත් අමතක උනානෙ. කොහොම උනත් ඉස්සෙල්ලම මේ සටහනෙන් තොරන හදපු සහ ඒ සද් කාර්යයට උදව්කරපු සියලුම දෙනාට මගේ අචාරය සහ මෙවන් සද්ක්රියා තව තවත් කරන්න අවශ්ය ශක්තිය ධෛර්ය ලැබේවා කියල පතනව.

මං කියන්න ගියෙ මෙන්න මේකයි. අපි හැමෝම දන්නව ලොකෙ ව්ශාලම ක්රිස්තුස් වහන්සෙගෙ ප්රතිමාව තීන්නෙ බ්රසීලයෙ කියල. ඒත් කවුරුත් දන්නවද ලෝකෙ ලොකුම කුරුසය කොහෙද තීන්නෙ කියල. දන්නෙ නැද්ද. එහෙනං මෙන්න අහගන්න.. උත්තරය....( ඉතිරි කොටස මතු සම්බන්දයි..)

තොරන සහ කුරුසය යන දෙකෙහිම පින්තූර උත්තරය සමඟ බලාපොරොත්තුවන්න.

අලියෙක් ආවද..?



මේ කතාව මට කිව්වෙ CLIPSAL එකේ කුෂාන් කොඩිතුවක්කු. දැනට වසර කීපයකට ඉස්සර CLIPSAL සමාගමේ ( දැන් Orange ) මූලස්ථානය තිබුනෙ ගංගාරාම විහාරය එහා පැත්තෙ ( තාම මං හිතන්නෙ ඔවුන්ගෙ අලෙවි කාරියාලයක් එතන තීනව ). දවසක් මේ කන්තොරුවෙ ටෙලිපෝන් ඔපරේටර් නෝනට ඇමතුම්ක් දීපු කෙනෙක් හරි හදිසියෙන් ඇහුවලු " නෝන මං මේ පොඩි හාමුදුරුවො කතා කරන්නෙ, ඔය පැත්තට අපේ අලිය එහෙම ආවද" කියල. එතකොට අසල්වැසියගෙ තත්වෙ දන්න නෝනෙත් " පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ මං සිකියුරිටි එකෙන් අහල කියන්නං " කියල ගිහින් අලියෙක් ආවෙ නැති බව තහවුරු කරගෙන එනකොට අපේ හාමුදුරුවො දුරකතනය තියලලු! දැන් ටිකක් වෙල්ල යනකොට මෙන්න ආයි ඇමතුමක් එනවලු " නෝන අපේ පොඩි හාමුදුරුවො ඔය පැත්තට වැඩියද" නෝන කිව්වලු අනේ මෙහෙට නං අවෙ නෑ, ඒත් දැන් ටිකකට කලින් අලිය ආවද අහල මෙහෙට කතා කරා ඒත් මං හිතන්නෙ ආවෙ නං නෑ" කියල. එතකොට අර එහා පත්තෙන් ආපු හඞ කියනවලු " ඔව් මං මේ අලිය තමයි කතා කරන්නෙ, එහෙනං උන්නන්සෙ වැඩියොතින් කියන්න මං ආවසෙ ගාව ඉන්නවැයි කියල" කියල ටෙලිපොන් එක තිබ්බලු.
දැන් මේ අප්රභසෙන් උතුර දකුණ මාරු වෙච්චි ඔපරේටර් නෝන දඩ බඩ ගාල දුවගෙන ගිහින් එහා පැත්තෙ ඉන්න ලොක්කගෙ සෙකට්රි ට කිව්වලු " බලන්න අනේ, මේ දැන් පොඩි හාමුදුරුවො කතා කරල අලිය ආවද කියල ඇහුව, මෙන්න ඊට ටික වෙලාවකට පස්සෙ අලිය කතා කරල හාමුදුරුවො ඉන්නවද අහනව" කියල. ඉතින් මේක අහපු නෝනත් නිකං තක්බීර් වෙලා මොකද්ද මේ කියන්නෙ කියල තේරුන් ගන්න බැරිව, කොයික උනත් මේ ගැන ලොක්කටත් ටිකක් කියන එක හොඳයිනෙ කියල ගිහින් එබුනලු ලොක්කගෙ කාමරේට. ප්රශ්නාර්ත, විශ්මයාර්ථ හරහට දිගට පුරෝගෙන කවදාවත් දැකපු නැති මූනක් දාගෙන මෙයා මොකෝ මේ කියල බලපු බොස් "YES" කියපු ගමන්ම " නෑ සර්..මේ...දන් ටිකකකට කලින් reception එකට පොඩි හාමුදුරුවො කෝල් කරල ...බ්ලා...බ්ලා..බ්ලා.. කියල විස්තරෙ කියල ඉවරවෙනකොටම ලොක්ක කිව්වලු...ආ ගනං ගන්න එපා, මේ ලඟදි මිහින්තලේ ලොකු හාමුදුරුවන්ටත් කෝල් කරල අහල තීන්නෙ "තිස්ස එහෙම ඔය පැත්තෙ ආවද" කියල, පස්සෙ හාමුදුරුවො "ඔය කවුද කතා කරන්නෙ" කියල ඇහුවම කිව්වලු " මං මේ මුවා කතා කරන්නෙ" කියල.
එතකොට තමයිලු නගාල දෙන්නට තේරුනේ තමන් කාපු ලණුවෙ දිග පළල.

ප/ලි . මේ කතාවෙ ලොක්ක කවුද කියල CLIPSAL ගැන දන්නෝ දනිති.

LinkWithin

Related Posts with Thumbnails