Wednesday, August 29, 2012

ඔබේ සෙනෙහෙන් යළි උපන්නෙමි!






ගිය මැයි මාසෙ  තිබ්බ අම්මගෙ උපන්දිනේට සුභ පැතුවට මොකද ඊට දින කීපෙකට පස්සෙ ආපු තාත්තගෙ උපන්දිනේ අමතකවෙන්න ඉඩ ඇරල කරපු වරද කොයි තරම් ලොකුද කියල මට හිතුනෙ අද උදෙයි.


අවුරුදු හැත්ත හතරක් ඉවර වෙන තාත්ත අපෙන් Happy Birth Day Dad..! කියල කාර්ඩ් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ කවදාවත්ම කියන එක මම හොඳිම්ම දන්නව. ඒත් දුර රටක ඉන්න තමන්ගෙ ලොකු පුතා උදේ කතා කරල "ඔන්න තාත්තටදැන් හැත්ත හතරයිනේද, ඒ කියන්නෙ ලොකු සීය කෙනෙක්" කියලවත් ඇහුවනම් කොයි තරන් නං සතුටක් හිතෙයිද?

ඇත්තටම දූලට පුත්තුන්ට තාත්තලගෙ ඔය වගේ දේවල් අගය කරන එක බොහෝවිට අමතක උනාට ඒක එහෙම නොකකරොත් ඒ අයගෙ හිතට කොයිතරන් සතුටක්ද කියන එක අද කවදාවත්ම නැති තරන් හිතුනෙ මේ පාර මගෙ අතින් ඒ වැරැද්ද උන නිසාද!

කොහොම උනත් තාත්තෙක් හැටියට මගේ තාත්ත දිහා බලන්න මට කියල දුන්නෙ, මග පෙන්නුවෙත්, මම සාමන්‍යෙන් උපන්දිනේ ගැන මීට කලින් බ්ලොග් එකේ නොලිව්වට ඒ ගැන ලියෙව්වෙත් මගේ ලොකු පුතා.

වෙනද උපන්දිනේට කාර්ඩ් එකක් අරන් ඒකේ පුතයි අම්මයි හරි, අම්මටනං මායි පුතයි හරි යමක් ලියල දෙන එක තමයි කරන්නෙ. ඒත් මේ පාර මම පහුගිය දොහක කියපු දෙයක් කණට ගත්තු අවුරුදු පහේ පුංචි එකා මට සුභ පතන්න අපූරු නිර්මාණක් හදල.

ඇත්තටම අද උදේ මම රාජකාරියට එන්න සපත්තු දාද්දි පිටිපස්සෙන් ඇවිත් බෙල්ලට බදාගෙන "හැපි බර්ත් ඩේ කියල" කනට කරල කියල මේ පිතූරෙ දුන්නම ඇස් දෙකට කඳුළු පිරුනේ නෑ කියන්නෙ මොකටද?


මීට දවස් දෙක තුනකට ඉස්සර මම කියපු දෙයක් ඇහිල මගෙන් ඇහුවට "කවද්ද තාත්තගෙ බර්ත් ඩේ එක " කියල, මම හීනෙකින්වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. කොටිම්ම ඊයෙ උදේ මට කියල මොණරෙක් ඇඳ ගන්න කියල අත කොලේක ඇඳගත්තෙ මෙහෙම අදහසකින් කියල කොහොම හිතන්නද!

ඔය උඩ ඉන්න මොණර පවුලෙ විශේෂය තමයි එතන මගේ අතයි, අම්මගෙ අතයි, ලොකු පුතා නොහොත් ලොකු බාහුගෙ අතයි, චූටි මල්ලිගෙ අතයි හතරම තියෙනව. ඔය කොළ ටික අම්මගෙ කැබිනට් එකේ දාල තිබ්බ මල් බොකේ එකකින් ගලවගෙන. වැඩේට උදව් වෙන්න ගෙදර වැඩ්ට ඉන්න උන්දැටවත් රස්සාවට යන අපි දෙමහල්ලනටවත් නොකිය තනිමයම කරගෙන තියෙන හැටි අපූරුයි නේද?

ඉතින් මේක දැක්කම මට "මං වෙනුවෙන් මේ නොදන්න පොඩි පැටිය මෙච්චර දෙයක් කරාට  ඇයි මම මගේ තාත්තට නිකංවත් කෝල් එකක් නුදුන්නෙ" කියල හිත බර වෙන එක..!  මෙහෙම උනාම එහෙම  හිතෙන එක සාධාරණ උනාට ඒ අසාධාරණ වැඩේ සමනය කරගන්නෙ, මේ හිතට වද දෙන සිතුවිල්ලෙන් මිදෙන්නෙ මොනා කරලද?

Sunday, August 19, 2012

මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද?

මම අද දාපු පෝස්ට් එක ගොඩක් බ්ලොඩ් රෝල් වල අප්ඩේට් වෙලා නෑ කියල කියපු හින්ද ඔන්න ආයි පොඩි අතුරු පාරක් කැපුව. බලන්න එහෙනම් මේකෙ ගියාම ඔය ෆීනික්ස් කුරුල්ලගෙ අහවල් එක පේනවද කියල!

Saturday, August 18, 2012

මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද?


මේ ඊයෙ පෙරේද අපේ බ්ලොග් අවකාසෙට වැඩපු නල්ලමලේ ෆීනික්ස් කුරුල්ල දැක්කද?

මට නං ඒකගෙ වැඩ කිඩ දැක්කම හිතුනෙ එක අතකට අෂ්රෆ් ඔමාර් උන්නැහෙ ෆීනික්ස් වෙනුවට බ්රැන්ඩික්ස් නම ගත්ත එකෙත් ලොකු අරුතක් තීනව කියල. මොකද ෆීනික්ස් කුරුල්ල කියන්නෙ තමන්ගෙ ආයු කාලෙ ඉවර උනාම තමණුයි කූඩුවයි දෙකම ගිණිඅරන්, ආයි අළු වලින්ම අළුත් ජීවිතයක් අරං නැගිටින සතෙක් මිස, අනුන්ගෙ ජීවිත අළු කරල අළු වලින් තම්න්ගෙ ජීවිතේ පාට කරගන්න, නැත්තං ඔය කවුඩො කරන ජාතියෙ බාල වැඩ කරන එකෙක් නෙමෙයිනෙ.

වෙන වෙන සත්තුන්ගෙ හඬින් අඬල, උන්ව මුලාවෙ දාන්න කවුඩ හරිම සූරය කියනවනෙ. එහෙම බැළුවම ෆීනික්ස්ල කියල හිතන් ඉන්න ඔය සමහර ඈයොන්ට ඇත්තටම ගැලපෙන්නෙ කවුඩ කියන එක තමයි.

ඒත් සමහරුන්ගෙ දාල තියෙන, දාගෙන තියෙන නම් ක්රියාවට ගැලපෙන්නෙ නෑනෙ. හරියට මම "උපශාන්ත" වගේ. නමට විතරයි උපශාන්ත. තව මගෙ හිතවතෙක් ඉන්නව නාලක හේවාමද්දුම කියල.මිනිහගෙ පුතා "අභීත". මුගෙ නම අභීත උනාට, ඔටර්ස් එකේ පීනන්න ඉගෙන ගත්තට, කිරිඇල්ලෙ කළුවලේ නාන්න ගියාම මේ අභීතය නෙමෙයි වතුරට බැස්සෙ. පොඩි එකාට භයලු. උනාට නම "අභීත"!

 හොඳ වෙලාවට මේ නාලකයි අභීත කොළුවයි ඉන්නෙ කැනඩාවෙ උනාට සිංහල බ්ලොග් ලියන්නෙ නෑ. නැත්තං ඉතින් කවුරු හරි අභීත පොරක් විනීත විදියට ඌව වතුරට දාල ඉන ඉහ අතගාගන්නත් තිබ්බ.

දැං ආයි කියන්න ආපු කතාවට ගියොත්, ඔය කියන ෆීනික්ස් කුරුල්ලව මට පේන්නෙ ට්රොජන් අස්පයෙක් විදියටයි.

දන්නව නේද කතාව? නොදන්න අයට දැනගන්නයි, අමතක අයට මතකෙට එන්නයි ආයි මතක් කලොත් මේකයි කෙටියෙම්ම සීන් එක.

ඔන්න ග්රීකයො අවුරුදු දහයක් වටකරගෙන ඉඳලත් ට්රෝයි වරුන්ගෙ නගරෙ අල්ලගන්න බැරි උනාලු. ඉන් පස්සෙ මේ අය මහන්සි වෙලා මහ විසාල ලී අස්පයෙක් හදල. පස්සෙ ඒකගෙ ඇඟ ඇතුලට උන්ගෙ විශේශ බලකායෙ සෙබළු ටිකක් ඔබල, අස්සය එහෙමම තියල, තමන්ට මේ වැඩේ එපා උනා, නිසා අපි යනව වගේ පේන්න ග්රීකයො ටික බොරුවට නැව් නැගල ටිකක් ඈතට ගියාලු. පස්සෙ මේ අස්පයව තමන්ගෙ ජයග්රහනට දෙවියන් දුන් තෑග්ගක් කියල හිතල, (ට්රෝයි වරුන්ගෙ සංකේතයත් අස්සය ) මේකව ආදරෙන් බලකොටුව ඇතුලට ගෙන්ච්චලු. පස්සෙ රෑ වෙනකල් මූ වටේ නට නට සතුටු උන ට්රෝය් වරු මතට තිත වෙලා තැන් තැන් වල වැටුනම අර එස් එෆ් උන් ටික හිමීට එළියට ඇවිත් ඔක්කොම ලොක්කො මරල ට්රෝයි පුරේ අල්ලගත්තලු.

ඉතින් තමන්ට තෑග්ගක් වගේ එන දේවල් පස්සෙ තමන් අහක බලනකල් ඉඳල තමන්ටම අරින කොට, එහෙම නැත්තං තෑග්ගක් හැටියට දෙන දෙයින් පස්සෙ තමන්ගෙ විනාසෙ බලාපොරොත්ත්වෙනවනං දෙන මිතුර, අන්න වගේ දේවල් වලට ලෝකේ "ට්රොජන් අස්පය" වගේ කියල කියනව.
හරියටම තව ටිකක් පැහැදිලි කරොත් එහෙම, හතුරෙක් හරි, මිතුරෙක් ලෙසින් එන හතුරෙක් හරි ඔන්න හැමෝටම පෙන්නනව මම හරි හොඳායි කියල්. මම කාටත් උදව කරන, කාවත් හිනා ගස්සන අවංකයෙක් කියල. එහෙම කියල කට්ටිය රවටල සබේට එනව. ඉන් පස්සෙ හිමීට එතන ඉන්න උන් එක එකාව, අනිකට හොරා හූරගෙන කාල අර සෙට් එකම විනාස කරනව. ඔන්න ඔහොම උන්ට ග්රීසියෙදි ට්රොජන් අස්පයො කියනවලු. මට කිව්වෙ මගේ කන්තෝරුවෙ ඉන්න ග්රීක හිතවතෙක්. කොටිම්ම දැන් ග්රීසියට වෙලා තියෙන්නෙත් අර ඔලිම්පික් කියන ට්රොජන් අස්පයව 2004 ගෙට ගත්තු කරුමෙ ගෙවන්න තමයි කියලයි මිනිහ කියන්නෙ.

ඉතින් එහෙම බැළුවම මේ බ්ලොග් ලියන්නොත් සිංහල අවුරුදු උත්සවයක් හින්ද "ට්රොජන් අස්පයෙක්" ගෙට දා ගත්ත එක ගැන කවර කතාද?

/ලි. මගෙන් කීප දෙනෙක් අහල තිබ්බ අර අභීත එදිරිසිංහ මගෙන් ණයට ගත්තු සල්ලි ආයි දුන්නද කියල. කෙටියෙන් කියන්න තියෙන්නෙ "තාම දුන්නෙ නෑ" කියල විතරයි. මේ ගැන පොළිසියෙ කේස් එකක් තියෙන නිසා වැඩි විස්තර කියන එක හරි නෑ කියල තමයි මගේ ලෝයර්  මහත්තය කිව්වෙ. හින්ද ඔන්න මම වෙන මුකුත්ම කිව්වෙ නෑ.

LinkWithin

Related Posts with Thumbnails