සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්
සටනට පෙරට ආව
සරසවි කඳුළු රෑන
හැදුවේ වීර දූ පුතුන්
සරසවි කඳුලු මාල
සොරකම් කරපු දාය
පෙලුවේ පපුව ගිණි වලින්
ඒකයි කඳුලු මේ තරම්
සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්
අවසන කඳුලු යාය
ගම්බිම් පැතිර යාය
සටනට කඳුලු බත් බැඳන්
අර හිත තරුණ යාය
පෙරමග කොඩිය දාය
රටතොට බඳිව් මහ තොරන්
සරසවි කඳුලු පාය
ගුටිකෑ තුරුණු ගෝය
ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න
රට ගැන හිතුව සොහොයුරන්
ඒකයි කඳුලු මේ තරම්
සරසවි කඳුල ගැන එසේ ගැයුවේ අදට වසර 13 පෙර අප අතරින් වියෝ වූ කපුඑග් සහ අද වන විට අනෙක් පැත්තේ සිටගෙන සිටින එඩ්වඩ් ජයකොඩි නම් ගායකයාය.
ලොව දහම එයයි. වෙනස් වන්නෝ ඉදිරියටම යන අතර වෙනස් නොවන්නන් වැනසී යයි.
තරුණ කාලයේ සමාජවාදියෙකු නොවන්නතා, වයසට ගිය පසු සමාජවාදියකු වන්නත් එක ලෙස මෝඩයින්යැයි කවුදෝ කියා තිබේ.
තරුණ ලේ කකියන විට තමා හැඳ සිටින්නේ සරමක්ද සිවුරක්ද, නැතිනම් කම්බායක්ද යන්න අමතක වේ.
මේ සත්‍ය දැනෙන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන් තරුණයන් මිස තරුණ කල අම්මාගේ උකුලේ නැලවූනු සුකිරි බටිල්ලන් නොවේ.
මේ වනවිට සමාජ ජාල වල ලොකුම මාතෘකාව, ජෝක් එක වී ඇති ඒ තරුණ හිමියන් දුටු විට මට ඇතිවන්නේ අනුකම්පාවකි. මන්ද ඒ සිවුර තුල සිටින්නේ තමන් නොකල තෝරා ගැනීමක් නිසා සිවුරට හිරව, අද ලැබෙන යම් පහසුකම්, ආර්ථික වාසි නිසා තව ටික කලකට එයින් ගැලවීමට ඉඩක් නැති තරුණයෙකු විය හැක.
මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි.
අද මේ ඇන්ගිල්ල උරුක්කු කරන සාදුම තවත් වසර කිහිපයකින් අනෙක් පැත්තේ සිටින්නට ඉඩ ඇත. ඒ අප අත්දැක ඇති සත්‍යයි.
මේ මීට වසර හතලිහකට ආසන්න කාලයකට පෙර තිරගත වූ අමල් බිසෝ චිත්‍රපටයේ තිබූ සදාකාලික ගීයකි.
කුරුට්ටන්, ජෙප්පන් මෙන්ම වමේ බහුතුරය මේ ගීයෙ කියන්නාක් මෙන් , ඉහත ගීය ගැයූ එඩ්වඩ් මෙන් වෙනස් වී ඇත. එසේ නොවූ කපුගේලා විනාස වී ඇත.
අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ
උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ
පීඩිත පංතිය අපේ පංතියයි ඒ කාලේ
සමාජවාදය අපේ පාඩමයි ඒ කාලේ
විප්ලවවාදේ ගුරුවරු අපිමයි ඒ කාලේ
අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ
උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ
අපි කොයි කවුරුත් උගුර කඩාගෙන කෑගැහුවෝ
සටන් පාඨ වැකි බිත්ති පුරා ලොකුවට ලීවෝ
අපි ඔක්කොම හරි විප්ලවවාදියො වාසිටියේ
සටන් කරන්නට අපි වගෙ කවුරුත් නෑ සිටියේ
If a man is not a socialist by the time he is 20, he has no heart. If he is not a conservative by the time he is 40, he has no brain. – Winston Churchill
මේක පෙරහැරක්. පෙරහැරේ යන අය වෙනස් වුනාට එකම අංග සහිතව පෙරහැර හැමදාම යනවා.
ReplyDeleteපෙරහැරේ යන අලි පෙරහැරේ යනව, කොට අදින අලි කොටම අදිනව.
Deleteරුපියල් 120ක් දීල කඩෙන් ගෙන්නගන්න බත් පැකට් එක දානෙ විදිහට ගන්න,කඩින් කඩ එන ක්ලෝරීන් වතුර උගුරක් බීල පත්තරෙන් පවන් ගහගෙන දාඩිය නිවාගන්න... ඇත්තාට සාධාරණය නැත්තාට පුක පෙන්නීම, වෙනදේ ඇසිය යුත්තාගෙන් ඇසීම නොම්මර එකේ විහිළුවක් වීම යථාර්ථය වන සමජයක ලේ රත් වන යෞවනයෙක් සිවුරක් ඇඳන් හිටියට බණක් භාවනාවක් කරයි කියල හිතනවා නම් අපිට පිස්සු. මේ සමාජයෙන් සදහටම ඇතියි කියා සමාජයෙන් ඈත්ව ඇස් කන් පියා දැඩිව ධර්ම මාර්ගයේ යන්නකුගේ හැසිරීම සමාජයේ ගැටෙන සිවුරු දරාගත් කාගෙන් හෝ බලාපොරොත්තු වීම විහිළුවක්.
ReplyDeleteඔව්.. අද වෙන කොට කවුරු හරි ඉඳගෙන බලාගන ඉන්න කෙනෙක් සතුටු කරන විහිළුකාරයන් වෙලා අපි.. නොදැනීම.
ජයවේවා..!!
හාමුදුරුවන්ගෙ බලාපොරොත්තුවෙන්නෙ තමන්ට රකින්න බැරි සීලෙ. ඒකත් හරියට අර ටීවී එකේ අවුරුදු කෑම වගේ එකක්.
Deleteහාමුදුරුවන්ට මුකුත් කියල වැඩක් නැහැ. සිවුර දාගන්න ඇත්තේ දෙමාපිය දුප්පත් කම නිසා වෙන්න ඇති. මගේ යාළුවෙක් වන අයෙක් ෆේස්බුක් එකේ දමල තිබුන හාමුදුරුවෝ කරන හොඳ වැඩ ගැන ගමේ. නමුත් ඉතින් උපශාන්ත කියනවා වගේ තව කාලෙකින් හාමුදුරුවොත් වෙනස් වෙයි.
ReplyDeleteහොඳ හාමුදුරුවරුත් ඉන්නව. ඒ අතරෙ අසපු හදාන අනේපිඬුලව හොයන සිවෘකාරයොත් ඉන්නව. අපි දැනගන්න ඕන කාට කොහොම සලකනවද කියල.
Delete// මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි. //
ReplyDeleteඅපරාදේ ඕයි හොඳට විග්‍රහ කරලා පොස්ට් එකක් දෙකක් තලා ගන්න දෙතුන් දෙනෙක්ට තියන චාන්ස් එක. තමුසේ හාව හඳ දකින්න වගේ පෝස්ට් දැම්මට දවස ගානේ බඩු සප්ලයි කරන්න ඕනේ උන් ගැනත් පොඩ්ඩක් හිතනවා.
අඩෝ එදා සෙට් වෙලා බීපු බීම නම් ආතල් නේද. :පී අකුර
බොස් මොකෝ වැඩිය දකින්න නැත්තෙ ??
Deleteබ්ලොග් නොකියවන්නේ නම් නැහැ පත්තරේ මචෝ. ලොකුවට කියවන්නෙත් නෑ.
Deleteඋඹල දකින කොට පරණ ආතල් මතක් වෙනවා :)
අඩෝ එක තමා එහෙනං මේ ගැන කට්ටිය නොලිව්වෙ. හෙහ් හෙහ්, උඹත් ගේම් ම තමා අදින්නෙ..
Deleteඔය කියන්නෙ කවද බීපු එකද බං, උඹලත් එක්ක බොනව මතකත් නෑ, බිව්වට පස්සෙ වෙච්චි දේවල් මතකත් නෑ :P
ප-ම - මේ ලඟත් සහන් කමෙන්ට් වගයක් අප්ඩේට් කරල තිබ්බ බ්ලොගේ
//මෙවැන්නන් වීරත්වයට හෝ අපහාසයට ලක්කිරීම යන දෙකෙන්ම වෙන්නෙ එක ලෙසම අවැඩකි. // +++++++
ReplyDeleteMr. Churchill, Sadly I had no heart by 20. but certainly I got bit of brain by now. thanks for the reminder. :)
I have been only an individualist without a label right throughout irrespective of heart and brain (if any)! :- D
Deleteකමිය, උඹට විස්සෙදි නැති හාට් එකක් දැනුත් තියෙන්න විදිහක් නෑනෙ.
Deleteප්‍රා, ඒක ඔය නිට්ටෑවන්ගෙ හැටි නෙ
බුදු පිලිම වලත් ඔය විදිහට ඇගිලි වලින් මුද්‍රා ද මොනාද තියනව නේද ? මේ හාමුදුරුවො එහෙම එකක් පෙන්නුවද කවුද දන්නෙ ?
ReplyDeleteඔබේ උට්ඨාන මුද්‍රාව ? (Up yours)
Deleteදැන් මේ හාමුදුරුවො පෙන්නපු ඇඟිල්ල බිජ්ජක් කරගෙන තීන්නෙ බලන අයනෙ. කොටිම්ම උන්නාන්සෙ පෙන්නල ගියා, අපි තාම බලාන ඉන්නව.
Delete//මන්ද ඒ සිවුර තුල සිටින්නේ තමන් නොකල තෝරා ගැනීමක් නිසා සිවුරට හිරව, අද ලැබෙන යම් පහසුකම්, ආර්ථික වාසි නිසා තව ටික කලකට එයින් ගැලවීමට ඉඩක් නැති තරුණයෙකු විය හැක.// ++++++++ මේ වගේ මම දන්නා තරුණ හාමුදුරුවන් කිහිප නමක්ම සිටිනවා.
ReplyDeleteඅපොයි ඔව්, හරියට ඉන්නව. ඒ අය හොඳ පන්සලකට සෙට් උනොත් දිගටම කහවට ඉන්නව, නැතිනම් රතු වෙනව.
Deleteහාංදුරුවො උනත් පුතජ්ජන මනුස්සයෙක් වෙච්චි..
ReplyDeleteඒකනෙ බන්.
Deleteඒ බං අර පොලිස් දණ්ඩ අල්ලන් ඉන්න එකාට වගේ මේ යකාටත් මරු පොටෝ ටිකක් හදල තියෙනවා දැක්කෙ නැතෙයි..
ReplyDeleteදැක්ක රෙඩ්ඩිට් එකේ. උන්ටත් අර තායිලන්තෙ බංගලිදේසේ ගුටිකන මැරෙන සාදුලව අල්ලගන්න බෑ.
Deleteරැලි පාලම් සුදු පාවඩ නැතිවත් යන ගමනේ
ReplyDeleteලේ පැල්ලම් තනි මංසල පාර කියන්නේ
පිළිමල්ලන් කර පින්නනා
අමු සොහොනේ සඟවා
දිනුවා ද ලොවක් - දිනුවේ ද කුමක්
මං දිනුවයි අසුරු සැනින්
අස්වැසුමක් ලැබූ ඔබම
හැරී බලන් ගෙල හරවා
තණ්හා උල් හොටක් අමෝරා
ගිජුලිහිණියන් පිළිකන්නේ
හොල්මන් කරනා
ස්මුදුර ගං හෝ පරයා
ඔබ වැගිරූ මිනිස් ලෙයින්
අපරාජිත මිනිස් ලොවක්
කවුරුද ලැබුවේ
සහස් පහන් සිළු දිළි රූ
කළු කම්බිලි ඇඟ පොරවා
කණවැල අල්ලා යන්නේ
අක්මුල් නැති ගමනක් දෝ
ගී පද -අජන්තා රණසිංහ
සංගීතය- වික්ටර් රත්නායක
ගායනය- ගුණදාස කපුගේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ.
Deleteනානසාර රිමාන්ඩ් කරපු දවසෙත් මෙයා වගේම සෙට් එකක් උසාවියෙන් පිටත රැඟුවා.
ReplyDeleteඔව්, බස් එකකට අඩත් තියල අන්න දැන් කූරු ගණිනව නව ගුණ වැල වෙනුවට
Deleteඔය හාමුදුරුවන්ගේ හොද පැත්ත ගැනත් තියනවා මං දැක්කා කිහිපපලක
ReplyDeleteකාගෙද බන් හොඳ පැත්තක් නැත්තෙ. සාරුවා සුනිලුත් හොඳ නිසානෙ දිනන්නෙ.
Deleteමම මොකුත් නොකිය ඉන්නං.
ReplyDeleteහැමදාම වගේ
Deletehttp://cvpsur.blogspot.com/2016/03/blog-post.html?m=0
ReplyDeletePodi katawak
බැලුවෙමි, එහි කෙටියෙමි
Deleteහැම එකාම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ දකින්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකින එකයි ගැටළුව...
ReplyDeleteඒකනෙ බන් අපි මේ තරමට දියුණු රටක් වෙලා තීන්නෙ
Deletehttp://cvpsur.blogspot.com/2016/03/blog-post.html?m=0
ReplyDeletePodi katawak
ඇඩ් එකකට වඩා දානවනම් ගෙවන්න වෙනව මල්ලි
Deleteකපුගේ කලින් මලේ හොඳ වෙලාවට.... නැත්නම් එයාට දිවිය ළෝකේ යන්න බැරි වෙනවා...
ReplyDeleteපුරවැසිකම ලබා ගන්න ෆෝම් එකක් ගන්න ඕන කිව්වා අපේ නංගිට... මම මේ ටිකේ අපේ පවුලේ ඔක්කෝම උනුයි දන්න කියන උනුයි එක්කාසු කරනවා ෆෝම් එකක් අරගෙන එන්න යන්න...
පුරවැසි කම ගන්න කතාවනම් තේරුනේම නෑ බං.
Deleteකුමර්ට පුරවැසිකම ගන්න ගිහින්නෙ ඔය සිද්දිය වුනේ.......
Deleteමාතලන්ගේ නන්ගිගේ පුරවැසිකම ගන්න එකටනම් බාධවක්වෙන 1ක් නැහැ නන්ගි දේශපාලනය කරන්නේ නැතිනිසා. එකනිස බය නැතුව තනියම යන්න......
http://nelumyaya.com/?p=5470
ReplyDeleteකාර්මික විප්ලවයේ හදවත වුනු මැන්චෙස්ටර් පුරවරය දිහා බලන් ඉඳපු ෆෙඩ්‍රික් එන්ගල්ස් ඒ විශාල යන්තරයට අහුවෙච්චි මිනිස්සු ගැන බැලුවේ බොහොම මානුෂිකව / සානුකම්පිකව. එක්දහස් අටසිය මුල් ගනන් වල ඒ ගැන පොතක් ලිවීමෙන් නොනැවතුනු ඔහු මාක්ස් එක්ක එක්කහු වෙලා මේ පාරිභෝජන රටාව සමාන කරගැනීමෙන් සමාජ අසමතුලිතතාවන් මගහරවා ගැනීම ගැන කල්පනා කලා. ඒත් අධි-පරිභෝජනයක් මුත් ඒ ක්‍රමෝපායන් හරහා සමතුලිතව පවත්වාගත හැකි වුවද එය සමස්තයට බිහිසුණු ඛේදවාචකයක් ලඟා කරදෙන බව ඔවුන්ට අමතක වුණා. ඇස්ටෙක්වරුන්ගේ ශිෂ්ඨාචාරය අතුගෑවී ගියේද මේ හා සමාන ක්‍රියාවලියකින් කියලයි මම අහල ඇත්තෙ. එයට පටහැනිව යමින් අපිස් සතොස් ජීවිතයක් ගතකරන්න - අර හා සමානම සානුකම්පික / මානුෂික දෘෂ්ඨියක් - ක්‍රමවේදයක් බෞද්ධ වන අපට තියේ. ඒක ඒ හැටියටම ගත්තනම් සමස්ථයට එල්ල වන බලපෑමත් අවමයි. මේ දෘෂ්ඨීන් හරහා බිහිවෙච්චි ක්‍රමවේද දෙකම කාලයත් එක්ක විකෘති වෙලා යෑම ස්වාභාවිකයි. ඒ-තැන ඇත්තේ එහෙම දෙයක් මිසක චර්චිල් කියන විදිහට පසුකාලීනව නුවන පහල වීම නිසා නෙමෙයි. කාර්මික විප්ලවය කියන ගල් රෝල සකස්කර දීපු බිමෙහි මන්දිර ඉදිකල චර්චිල්ලට හා ඔවුන්ගේ අනුගාමිකයනට එදත් අදත් මානුෂික හැඟීම් අල්පයි. පව් සමාකරගන්න අතරින් පතර කරන චැරිටි වලින් සමස්ථ දුක නිවෙන්නෑ කියන එක "උගුරු කඩාගෙන කෑගහන" තරුණයනුත්, ශාසනයක් පවත්ගෙන යමින් අපිස් සතොස් ජීවිතයේ මග ගිහියන්ට කියාදෙන ධර්මධර භික්ෂුවත් දන්නවා. මේවායේ විකෘති අවස්ථාවලින් අර්ථදැක්වීම් කර, මුල් දෘෂ්ඨීන් බැහැර නොකල යුතුයි යන මතයේ පිහිටා සිටිමි!
ReplyDelete"The middle class have a truly extraordinary conception of society.
They really believe that human beings have real existence only if they make money or help to make it” - Friedrich Engels - [The Condition of the Working Class in England]
"පරදුක්ඛ භව නාථ හිමි බුද්ධ ලීලා
දුක සෝක සංතාප පලවා හරිත්වා...."
සංවාදයකට යා යුතු කතාවක්, ඒත් මේ කල නොවේ.
Delete//මේවායේ විකෘති අවස්ථාවලින් අර්ථදැක්වීම් කර, මුල් දෘෂ්ඨීන් බැහැර නොකල යුතුයි යන මතයේ පිහිටා සිටිමි!//
මේකට විතරක් එකඟයි, අනෙක්වා පසුව සාකච්ඡා කරමු.
අඩේ උඹ ආපහු ලියලා නේ?
ReplyDeleteමරු...
ලංකාවේ විප්ලව කාරයෝ ගැන කියන්න තියෙන්නේ කෙටි වචනයයි මට නම්.
අවස්තාවදියෝ !!!
උඹත් ආපහු කියවන්න අරගෙන තියෙන්නෙ...හැක්...
Deleteවිප්ලවවාදියො බහුතරය්ක් කොහෙත් එහෙම තමා බං.
උපාධි පට්ටම ගහගත්තට පසු මේ කාලේ
සීතල වීදුරු කාමරයක් ඕනෑ රාළේ
ලොකු රස්සාවයි ජපන් කාරෙකයි මේ කාලේ
බඩ රස්සාවයි හිතන්න ඕනෑ දැන් කාලේ
විශ්ව විද්‍යාල දේශපාලනය සහ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනය ගැන (අපි කොයි කවුරුත් ගීය) මගේ කියවීම වෙනස්.
ReplyDeleteකැම්පස්වල දේශපාලනය කරන්නේ බෝහෝම කිහිප දෙනයි, පිට ඉන්න කට්ටිය හිතන් ඉන්නේ කැම්පස්වල මහ ලොකුවට දේශපාලනය කතාකරනව කියල. බහුතරයක් ගිරවුවගේ කටපඩම් කරනවයි assignment ලියනවයි, සල්ලි තියෙන දවස බොනවයි නැත්නම් කට්ටිය 1ක කාවහරි bit කරනව වගේ වැඩ තමයි කරන්නේ
Deleteඇත්තටම ඕක අතුලේ එන්න බහුතරයක් උද්ගෝෂනවලට එන්නෙ නිකන්, කිසිම හැගිමකින් හෝ අවබෝධයකින් හෝ නෙමෙයි
ඒ වෙලාවේ අනිත් කට්ටිය යනනිසා තම්න්ව කොන්වෙයි වගේ හැගිමකින්, නැත්නම් යලුවෝ කතාකරනකොට නොයා බැරිකමට
යන්න එන්න වාහනයක් තියේන නිසා වගේ හේතුවලට.
කැම්පස්වල බහුතරයක් කරන්නේ කොහෝම හරි ඉක්මනට ටික ගොඩදාගෙන තන්ගේ කියල මොනවහරි දෙයක් හදා ගෙන තනි තනියෙන් ගොඩ යන්න. (එක වැරදියැයි මම කියන්නේ නැත )
ඒත් එලියේ ඉන්න අය හිතාගේන ඉන්නේ මේ කට්ටිය ජවිපේ හෝ පෙරටුගාමින්ගේ දේශපාලනය කරන බවය.
එලෙස සමාජයට දැනිම දිගටම පවත්වාගෙන යැම සහ එයින් තමන්ගේ දේශපාලන කාර්යන් සදහා වාසි අත්කරගැනිම ඒ මොහොතේ බලය ඇති දේශපාලන පක්ශය (පෙරටුගාමී හෝ ජවිපේ) විසින් කරනවාය.
අන්තිමට කැම්පස්වලින් ඉවත්වු පසු කැම්පස් එකෙදි දේෂපාලනයට විරුද්ධවු අය ජවිපේට චන්දය දෙන අතර කැම්පස් එකෙදි දේශපාලනය කල අය දේශපාලනය පිලිබන්දව අවබෝදයක් ගන්නේ නැතිනිසා, පොදුවැඩකර තමන්ට කෙලවුවායැයි සිතා (ඇත්තටම කෙලවන්නෙ පොදුවැඩ නිසා නොවෙය ) වාමාන්ශිකයින්ට බනිනවාය
රසික, ඒ ගැන ලියන්න එහෙනම් වෙලාවක.
Deleteප්‍රදීප්, සටනක් නැතිවම බහුතරය සුළුතරයට යටත්වෙලාද එතකොට?
පොඩි කාලේ කිවුවේ මම අරය වෙනවා මෙයා වෙනවා ලොකු උනාම කියලා ඔය කැම්පස් එකට ගියාම ඔය ඔක්කොම අමතකයි.දේශපාලනය එක එකාගේ ලොවන්න යන එක ගිහියන්ට විතරක් නෙමෙයි හිමියෝන්ටත් බෝ වෙලා බන්
ReplyDeleteකැම්පස් එකට ගියාම ඉගෙනීමත් අමතක වෙනව තමා, ඒක තරුණ මදයනෙ.
Deleteආයෙම ලියන එක ගැන නම් අප්‍රමාණවම සතුටුයි..
ReplyDeleteඒත් මේ ලියවිල්ල මොකක්දෝ අවුලක පැටලිලා..
සටන් නොකොට ඉල්ලීම් දිනාගැනීම, සාධාරණයක් ඉටු කරගැනීමට ඉඩ ලැබන සමාජ ක්‍රමයක් හා පාලන තන්ත්‍රයක් බිහි කරගන්න තෙක් සටන් කරන්නම වෙනවා.
අයිතීන් වෙනුවෙන් සටන් කිරීම කියන දේට මම සම්පූර්ණයෙන් එකඟයි සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්නව.
Deleteඒක හෑල්ලු නොකරනව නෙමෙයි, මම කියන්නෙ තරුණයො ඔහොම සටන් කරන එක අපහාසයට හෝ උපහාසයට ගන්න දෙයක් නෙමෙයි, ඕව කාලෙත් එක්ක වෙනස් වෙලා ඒ සටන් වල අරමුණු වෙනස් වෙලා ස්ථාන වෙනස් වෙනව සගයො මුහුකුරා ගිහින් අවශ්‍යතා වෙනස් වෙනකොට කියන එකයි.