Thursday, December 5, 2013

මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ ( බොරුව, මවා පෑම සහ සැබෑව අතර වෙනස )


අපි නොදන්න දේ හරි යන්තන් දන්න දේ හරි ගැන මහා විද්වත් ප්‍රවීනයෙක් වගේ කතා කරන එකත් එක්තරා විදියක වංචාවක්.

පින්තූර හොරකම් කරල තමන්ගෙ නම ගහල තමන් ගත්ත වගේ පෙන්නන, අනුගෙ සල්ලි කඩා වඩාගෙන බොරු කියල මාරු වෙන වගේ, අනුන්ගෙ ලියුම් ගෙඩි පිටින් තමන්ගෙ වගේ පල කරන බ්ලොග් වංචා කාරයො අපි අතරෙ ඕන තරම්.

ඒ වගේම සමහර  මිනිස්සු අති පන්ඩිත කියන්න නොදන්න පැති වලටත් අත දාල බොරු කියන එක කණගාටුවක් සහ හානියක්. අනික එහෙම වෙලාවට අදාල දේ ගැන දන්න කෙනාට අර බොරුව රජ වෙනව බලං ඉන්න අපහසුයි.

මේ ඊයෙ පෙරේද මගෙත් එක්ක අසහනයෙන් කෙනෙක් ඇතිකරගත්තු සංවාදයත් එවැනි වංචාවකට මම එරෙහි වීමක්. කොහොමද එයා එහෙම වංචා කරේ. මෙන්න ඇත්ත.

මේ සමස්ථ සංවාදයම ගොඩ නැගෙන්නෙ කරුණු තුනක් මත (මිලියන බිලියන කරන විජ්ජාවල් මෙතන නෑ. තියෙන්නෙ තාක්ෂනික කරුණු විතරයි).

1. මහා පරිමාණ නිවාස සංකීර්ණයක ඉදිකිරීම සැළසුම් වන ආකාරය

3. සුඛෝපභෝගි මහල් නිවසක අවැසි ඉඩ සහ සැළසුම

3. එවැනි ඉදිකිරීමක වර්ග අඩියක වියදම



1. මහා පරිමාණ නිවාස සංකීර්ණයක ඉදිකිරීම සැළසුම් වන ආකාරය


මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒත් අපි සරළව වටහ ගන්න උත්සාහ කරමු.

මෙතන සාමාන්‍යෙන් පාර්ශව තුනක් ඉන්නව.

1.1. ආයෝජකයා
1.2 ඉංජිනේරුවා
1.3 ඉදිකරන්නා


1.      . 1.1 ආයෝජකයා

සාමාණ්යෙන් මෙවැනි ඉදිකිරීමකට ආයෝජනය කරන ආයෝජකයෙක් එක පාර ලොතැරැයික් ඇදිල කරන්න දෙයක් නැතුව ෆ්ලැට් ටිකක් හදන්න ඉන්වෙස්ට් කරනවට වඩා බොහොම එහා ගිය ව්‍යාපාරික ඥානයක් ඇත්තන්. ඉතින් එහෙම අය "සර්, මට දෙන්න ලක්ෂ හතරක් මාසෙට මම දෙන්නං ප්ලෑනක් සර්ගෙ මිලියන දෙසිය අසූපහ අවුරුදු තුනෙන් ඩබල් කරල දෙන්න" කියන ජාතියෙ හාල්පාරුවන්ගෙ කීමට ඉන්වෙස්ට් කරල අත පුච්ච ගන්නෙ නෑ.


බුද්ධිමත් ආයෝජකයො සල්ලි මහ පරිමාණයෙන් ආයෝජනය කරන්න කලින් නිසි සැළසුම්, වාර්ථා කරුණු අධ්‍යනය කරල තමයි ඒ තීරණ ගන්නෙ.

ඔන්න අපි හිතමු ඔය කෙනෙක් කියල "සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්" හදන්න.

ඉතින් මේ තීරනය ගත්තට පස්සෙ ආයෝජකයට ඕන වෙනව මේකට අදාල ඉඩමක්. එතනදි බොහෝ විට නුවණැති ආයෝජකය තමන්ගෙ තිබෙන හෝ අදාල කාර්‍යට වඩා සුදුසු ඉඩමක් තමන්ගෙ ආයෝජන වාර්‍තාවෙ කරුණු සැලකිල්ලට අරන් තෝරගන්නව/ මිළට ගන්නව. ඒත් සමහරු මේ කාර්‍යය ඉංජිනේරුවෙක් පත් කරගත්තට පස්සෙත් කරනව. එහෙම අවස්ථා නිවාස සංකීර්ණ වලට වඩා තියෙන්නෙ හෝටල් නිර්මාණයෙදියි.

පොඩ්ඩක් ඉන්න. අර ඩොලර් මිලියන දෙකහමරෙ කතාව මෙතනට අදාලයි.

ඔන්න ඔය මම උඩ කියපු තීරණය ගත්තු කෙනගෙ ගාවට කවුරු හරි තමන්ගෙ සේ වකයෙක් ඇවිත් ඩොලර් මිලියන දෙකහමාරක් දෙන්න නැත්තං මම යනව කිව්වොත් "

එක්කො ඒ මිනිහ පිස්සෙක්, නැත්ත'න් ඒක ලබන්න සුදුස්සෙක්. එහෙම මොළේ හොඳට තීන කෙනෙක්  කෙනෙක් තමන්ගෙ ප්‍රයිස් ටැග් එක ලොකු ගානකට තියන්නෙ තමන් ඒකට හිමි නිසා සහ බෑ කියල එළියට දැම්මොත් වෙන ගහන්න ප්ලෑන් එකක් තියෙන නිසා.

ඒ නිසා මිලියන දෙකහමාරක් ඉල්ලන වැඩ්ඩව පන්නල ඒ තැනගන්න බලන් ඉන්න අර ඉන්දියන් කාරයොන්ගෙ ජාතියෙ ලක්ෂ හතරට කඩේ යන්න බලන් ඉන්න ගොබ්බ ඩයල්  වලට මම උඩ කිව්ව ජාතියෙ facts & figures හරියට බලන ලොක්කොවත්, ලොක්කගෙන් තමන්ගෙ මිළ ඉල්ලන ගෝලයොවත් අන්දන්න බැරි වෙනව. වෙන්නෙ රුපියල් අස්සෙ අළුක්කාල් ගහන්න ගිහින් ලක්ෂ හතරෙ කෑල්ල එළියට විසි වෙන එක විතරයි.

ඔන්න දැන් තමයි සෙල්ලමේ දෙවනි අදියර. ඒ කියන්නෙ ඉන්ජිනේරුවගේ කාර්යය.

මේ කියන ඉංජිනේරුවා, එහෙම නැත්තන් උපදේශකයා/ අධීක්ෂකයා අතේ තමයි මින් ඉස්සරහට සම්පුර්ණ ගේම තීන්නෙ.

දැන් අර කිව්ව ආයෝජකය තීරණය කරනව තමන් කාවද තමන්ගෙ ඉන්ජිනේරුවන් හැටියට පත් කරගන්නෙ කියල. රජයේ ව්‍යාපෘති නම් බොහෝ විට CECB ( Central Engineering Consultancy Bureau ).

පුද්ගලික නම් ඒකටත් ආයෝජකය හැදෑරීමක් කරනව කවුද මේ සඳහා පත් කරගන්න සුදුසු කියල.

ඉන් පස්සෙ සමහර විට තෝරාගත් ආයතන කිහිපයකට කියනව තමන් මේ තරම් විශාල මුදලක් අයෝජනය කරන්න බලාපොරොත්තු වෙනව. එහි ඉන්ජිනේරුවන් ලෙස ඔබ පත් කරගන්න සුදුසු බව අපට පෙන්වන්න කෙටි ව්‍යාපෘති වාර්ථාවක් හදල දෙන්න කියල. එතකොට ඒ යෝජනාවට කැමති වෙන ආයතන තමන්ගෙ ව්‍යාපෘති වාර්ථාව සැකෙවින් අර ආයෝජකයට ඉදිරිපත් කරනව.

අපි හිතමු ආයෝජකයට ඉඩමක් තීනව කියල. එහෙමනම් මේ වාර්ථාවෙ තියෙනව ඒ ඉංජිනේරු ආයතනය සැළසුම් කරන ගොඩනැගිල්ලෙ දළ සැළසුම, පහසුකම්, සහ අපේක්ෂිත වියදම, අදාල බජට් එක අනුව ගතවෙන කාලය යන කරුණු.

මෙන්න මෙතනදි අර වර්ග අඩියෙ හෝ මීටරෙ ඉදිකිරීමේ වියදම වැදගත් වෙනව. හේතුව ආයෝජකයගෙ ආයෝජනය කරන්න යන මුදල සහ බලාපොරොත්තුවෙන ගොඩනැගිල්ලෙ තත්වය, පහසුකම් වැනි දේ අනුව ගැලපෙන සැළසුමක මූලික වාර්ථාව හදන්නෙ මෙන්න මේ පෙර ඉදිකිරීම් දත්ත අනුව සැදුන වර්ග අඩියක හෝ වර්ග මීටරයක මිළ මත පදනම්ව ( මේ ගණනය කිරීමේ ක්‍රම සහ ඒ ආශ්‍රිත කාගෙ කාගෙත්ප්‍රශ්ණ අපි ඊලඟ ලිපියෙ කතා කරමු).

ඉතින් ආයෝජකය අර ඉන්ජිනේරු සමාගම් ඉදිරිපත් කරන ව්‍යාපෘති අතරින් හොඳම එක හරි ගැළපෙනම එක ඉදිරිපත් කරන ඉංජිනේරුව හරි තෝරාගන්නව බොහෝ විට. ඒක එහෙම නොවෙන අවස්ථා නැතිව නෙමෙයි. ඒත් අපි සම්මත බහුතර ක්‍රමය ගැන කතා කරන නිසා ඒ දේවල් පසෙකින් තියමු.

හැබැයි ඔතනදි කවුරුහරි මෝඩයෙක් ඔන්න කොහෙන් හරි පින් කැටයක් කඩල ඩොලර් මිලියන දෙකහමාරක් අරන් ඇවිත් කීවොත් "මට මේකෙන් ලක්ෂරි ගෙවල් හැටපහක් හදන්න ප්‍රපෝසල් එකක් දෙන්න මෙයාලා" කියල, "අනේ උඹේ දෙකහමාරට ප්‍රපෝසල් දෙන්න අපේ පුක කහන්නෙ නෑ, ඒත් මෙන්න අපේ මිල, තෝරගත්තොත් පුලුවන් බජට් හවුස් ටිකක් ඩිසයින් කරල දෙන්න " කියල තමයි අහගන්න වෙන්නෙ.

මොකද මම ඉස්සරහට පෙන්නනන් ලක්ෂරි පර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක ඉදිකිරීමක් කියන්නෙ හිතන තරන් ලාබෙට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල.

 
හොඳයි. ඔන්න දැන් ඉන්වෙස්ට්මන්ට් එක නිවාස සංකීර්ණයකට කියල තීරනය කරා..

තෝරගත්ත ඒකෙ ඉන්ජිනයර්වත්. මෙතනදි මේ ඉන්ජිනේරුව ( මා මේ කියන්නෙ තනි පුද්ගලයකු නොව ආයතනයක් හෝ කිහිපයක එකතුවකි ) තමයි අදාල ඉඩමෙ පස සහ අනෙක්ත් පරිසර සාධක නිසි ක්‍රමයට හොයල බලල මේ ආයෝජකය කරන්න බලාපොරොත්තුවෙන ගොඩ්නැගිල්ලෙ සැළසුම හදන්නෙ.

දැන් මෙතන ඉඳල ගේම තීන්නෙ ඉන්ජිනේරුවගෙ අතේ තමයි වැඩිපුරම. මොකද එයා ( මතක තියා ගන්න ආයි, මම මේ පුදගලයෙක් ලෙස හඳුන්වන්නෙ ආයතනයක් බව ) අදාල ගණුදෙනු කරුගෙ ඉඩමෙ පස, පරිසරය සහ අනෙකුත් භාහිර කරුණු මෙන්ම, අදාල ප්‍රදේශයේ තිබෙන නීති රිති, සම්මත සහ ජාතික නීති අණ පනත්වලට යටත්ව ගොඩනැගිල්ලෙ සම්පූර්ණ සැළැස්මක් පිළියෙල කරනව.  


හොඳට මතක තියා ගන්න මේක කරන්නෙ ඉංජිනේරුව, කොන්ත්‍රාත් කරු නෙමෙයි.

 ( කොන්ත්‍රාත් කරු ඩිසයින් කරන ප්‍රොජෙක්ට් තියෙනව, ඒත් ඒ විසාල බ්ල්ඩින් නෙමෙයි, බොහෙඔ විට ලෑන්ඩ්ස්කේපින්, මිකෑනිකල්, සිකියුරිටි සිස්ටම්ස් අගේ විශෙෂඥ දැනුමක් ඇති සමහර ක්ෂෙත්‍ර කිහිපයක විතරක්, සහ සුළු පරිමාන ගොඩනැගිලි ඉදිකිරීමෙදි - ඒ අගේ අවස්තාවලට කියන්නෙ "ටර්න් කී" ප්‍රොජෙක්ට්ස් කියල. ඒත් මහා පරිමාණ ඉදිකීරිම් එහෙම කරන්නෙ නෑ හෙතු ගණනාවක් නිසා )


මේ සැළැස්මට පයිලින් ඩයග්‍රම්, එහෙම නැත්තන් පොළව විදල අත්තිවාරම් කණු බෙඩ් රොක් එකට යවන තැන ඉඳල බිල්ඩිමේ අවසානයෙ ඉහලම මහලෙ මුදුනෙ කෙරෙන අවසාන තීන්ත තට්ටුව දක්වාම ඇතුළත් වෙනව.

දැන් යමු ඊළඟ පියවරට. ඒ තමයි මේ ගොඩනැගිල්ලෙ BOQ, එහෙම නැත්තම් ප්‍රමාණ මිණුම් පත්‍රය සෑදීම. දියුණු රටවල අර ඉංජිනේරු ආයතනය වෙනුවට ආයෝජකය වෙනම ආයතනයක් මේකට යොදා ගන්නව. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ කලාතුරකින්.

මෙන්න මේ BOQ එකේ තමයි තියෙන්නෙ ගොඩැන්ගිල්ල හදන්න යන සමස්ත ඇස්තමේන්තුගත වියදම සහ ඒ ඒ භාන්ඩවල ප්‍රමාණ, මිණුම් සියල්ල.

ඒ වගේම මේකට එකතුවෙනව conditions of contracts, ඒ කියන්නෙ මේ ගොඩනැගිල්ල නිර්මාණයෙදි බලපවිතින නීති සහ මූලික ව්‍යවස්ථා, කොන්ත්‍රාත් කරු විසින් ඉදිකිරීම් අධීක්ෂනය කරන ඉංජිනේරුවාට සහ ආයෝජකයගේ නියෝජිතයන්ට සැපයිය යුතු පහසුකම්, ඉදිකිරීමේදි බලපාන ප්‍රමිති, නොයෙකුත් ක්ෂෙත්‍රවල අවශ්‍ය විශේෂ පරීක්ෂන වාර්ථා, වෙන් වෙන් වශයෙන් දිය යුතු වගකීමේ සහතික සහ යම් හෙයකින් අදාල නිර්මාණයට උප කොන්ත්‍රාත්කරුවෙකු හෝ කිහිපදෙනෙකු යොදා ගන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති සහ බලාපොරොත්තුවන ආරක්ෂක විධි විධාන සහ යම් හෙයකින් මේ කොන්ත්‍රාත්කරු සහ ආයෝජකය/ ඉන්ජිනේරුවා අතර පැන නගින අර්බුධ විසඳීමේදී බලපාන බේරුම්කාර මන්ඩල ප්‍රමිතීන්, මුදල් ගෙවන සහ ගණනනය කරන ක්‍රමය යනාදිය.  මෙන්න මේ සියල්ල සහිත ලිපිගොණුව පිටු කිහිප දහසක් වෙනව සමහර විශාල ගොඩනැගිලිවල.


දැන් ඔය සේරම ඉවර උනාට පස්සෙ අර ඉන්ජිනේරුව ඔන්න දානව මේ විස්තරේ ප්‍රසිද්ධියට. ඒ කියන්නෙමිළ ගනන් කැඳවනව කොන්ත්‍රාත්කරුවන්ගෙන්, අර තමන් හදපු BOQ එක, project plan එක සහ ( මතක තියා ගන්න මෙතනදි කොන්ත්‍රාත් කරුට දෙන්නෙ මිළ ගනන් නැති, ප්‍රමාණ පමනක් සහිත BOQ එකක් ) design plans වලට අනුව එක එක කොන්ත්‍රාත්කරුවන්ගෙ මිළ කැඳවනව ගොඩ නැගිල්ල සම්පූර්ණ කරන්න.

මෙන්න මේක තමයි අපි ටෙන්ඩර් කරනව කියල කියන්නෙ. මේ ටෙන්ඩර් බොහොම ප්‍රසිද්දීයෙ පාරදෘෂ්‍යව තමයි සිද්ධවෙන්න ඕන.

 මෙතනදි මට මිනිස්සු තිහක විතර පොඩි කොම්පැනියක් තිබ්බට ඔය ලොකු බිල්ඩින් හදන්න තියෙන ටෙන්ඩර් වලට සහභාගිවෙන්න බෑ. ටෙන්ඩර් පත්‍රිකා නිකුත් කරද්දි ඒවගේ තියේනව යම් නීති සහ සීමා දාල, කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය සහ වෘත්තීමය ස්ථාවරත්වය, පෙර අත්දැකීම් වැනි නොයෙක් දේ.

මේ ටෙන්ඩර් එකක් ඉදිරිපත් කරද්දි ඒකෙ කොන්ත්‍රාත්කරු තමන්ගෙ අදාල ගොඩනැගිල්ල නිමැවුමට යන සමස්ථ වියදමම සඳහන් කරන්න ඕන. කොටින්ම තමන් භාවිත කරන යන්ත්‍ර සූත්‍ර වල දිනක කුළියෙ ඉන්දල යොදවන නිළධාරීන්ගෙ වැටුප් වියදම්, තාවකාලික කන්තෝරු සහ ලිපිද්‍රව‍ය වියදම් පවා මෙතනදි පැහැදිලිව පෙන්වන්න ඕන.

මේ ටෙන්ඩර් ඉදිරිපත් කරාම ඒ සියල්ල විවුර්ත කරන්නෙ ප්‍රසිද්ධ හමුවක. මේ හමුවට අර අදාල ව්‍යාපෘතියට ටෙන්ඩර් කරන ලද සියලු කොන්ත්‍රාත්කරුවන් සහභාගි වෙනව. එතකොට කවුරුත් දන්නව කාගෙ කාගෙත් ගාන කියද කියල.

මේ කොන්ත්‍රාත්කරු තෝරගැනීමෙ ක්‍රමය ටිකක් සංකීර්න නිසා මෙතන ඉඩ මදි කතා කරන්න. නමුත් සරළවම කිව්වොත් අඩුම මිළ සහිතව හොඳම ප්‍රමිතියට වැඩේ කරන්න ඉදිරිපත් වුන කෙනාව ලොකු ඉවැලුවේෂන් එහෙකින් තෝරගෙන එයාට වැඩේ බාර දෙනව.

ඔන්න ඉතින් දැන් තමයි ගොඩනැගිල්ල නියම ඉදිකිරීම් පටන් ගන්න මොහත.

ඒ කියන්නෙ 1.3 කරළියට එනව.

අපේ මිත්‍රය කියල තිබ්බ ගොඩනැගිල්ලක් හදන්න පටන් ගන්නකොට වැඩේ පටන් ගන්නෙ ..

//ඔවුන්  විතරයි දන්නේ සැඟවුණු ගණන් මිනුම් ගැන.  නව ව්‍යාපෘතියේ අරමුණ , එය කව්රුන් විසින් ලබා දුන්නක්ද , කිනම් පාර්ශවයක් වෙනුවෙන් ඉටු කරන්නක්ද , අනාගත බලාපොරොත්තු මොනවාද යන්න ගැන දන්නේ අධ්‍යක්‍ෂක ඇතුළු කීප දෙනා පමණමයි.  අධ්‍යක්‍ෂක , කොටස් හිමියන් සහ ප්‍රධාන විධායකවරයා එකතුව ව්‍යාපෘතිය  ගැන අවසාන කථිකාවට ආවට පස්සේ තීරණය කරනවා සමාගම සතු විවිධ අංශ වලට වැඩ පවරන්න. සුළු නිලධාරීන් හට දැනුම් දිය යුත්තේ මොනවාද , දැනුම් නොදිය යුත්තේ මොනවාද , සැඟවිය විය යුත්තේ මොනවාද යන්න තීරණය කරන්නේ  සමාගම් අධ්‍යක්‍ෂක ඇතුළු ඉහළම නිලධාරීන් විතරයි.// කියල.

ඒත් දැන් ඔබට පැහැදිලි ඇති ඒවැනි දෙයක් සැබෑවට වෙන්නෙ නැති බවත් ගොඩ නැගිල්ලක් හදන විට අදාල වැඩ පැවරීම වෙන්නෙ එය හදවන ආයෝජකය විසින් නොවෙන බවත්, ගොඩනැගිලි ඉදිකිරීමේ සැළසුමක කිසිවක් සැඟවිය නොහැකි බවත්.

ඒ වගේම ආයෝජකයෙක් ඇයි ගොඩනැගිල්ලක් හදන්නෙ කියන එක කන්ට්‍රෑක්ටර්ටවත් දැනගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක ආයෝජකය ඉන්ජිනේරුවත් එක්ක කතා කරල තිබ්බම ඇති.

දැන් උඩ කිව්ව විදියට ටෙන්ඩර් කරල තෝරගත්තු මේ කොන්ත්‍රාත් කරු අදාල ගොඩනැගිලි ඉදිකිරීම භාරගත්තට පස්සෙ කොමැප්නියෙ මිනිස්සු ඔක්කොම ගෙනල්ල මීටින් තියල වැඩේ භාරදීල නැගිටල යන්නෙ නෑ.

පරිණත වෘත්තීමය අයතනවල වෙන්නෙ ඒ ආයතනයෙ ඉහලම කළමනාකාරීත්වය සාකච්ඡා කරල තෝරගන්නව වැඩේට ගැලපෙන ප්‍රොජෙක්ට් මැනීජර් කෙනෙක් සහ කොමාර්ෂල් මැනේජර් කෙනෙක් යන අයව.

ඉන් පස්සෙ ඔවුන්ට සම්පූර්ණ ව්‍යාපෘතියම භාර දුනම ඒ අය තමයි අදාල සම්පූර්ණ ටෙන්ඩර් ඩොක්‍යුමන්ට් එකම මුල ඉඳන් අගට කියවල, ඩ්‍රොවින්ස් හොඳට බලල ව්‍යපෘතියෙ මොබිලයිසෙෂන් ප්ලෑන් එක හදන්නෙ.

ඉන් පස්සෙ ඒ අනුව සහ මුලින් මිළ ඉදිරිපත් කල අවස්ථාවෙ සලකපු බජට් ඇලොකේෂන් වලට අනුව ප්‍රොජෙක්ට් මැනීජර් තමයි තිරණය කරන්නෙ මේ ව්‍යාපෘතියට අපි සයිට් ඉන්ජිනයර්ස්ල කීයක් ගන්නවද, කිව් එස්ල කීයද, ඩ්‍රාෆ්ට්මන්ල කීට්යද වගේ දේ.

ඒක තීරණය වෙන්නෙ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙ සහ කොමාර්ෂල් මැනේජර්ගෙ අතින් මිසක් ආයතනයෙ අධ්‍යක්ෂකගෙ අතින් නෙමෙයි.

ඒක එහෙම නොවෙනව ඇති තුට්ටු දෙකේ පොඩි කොම්පැනි වල. අපි මෙතන කතා කරන්නෙ ප්‍රධාන පෙලේ සමාගමක් කරන මහා පරිමාණ ඉදිකිරීමක් ගැන මිසක් මේ වජිරලගෙ ගෙවල් හැදිල්ලක් ගැන නෙමෙයිනෙ.

මෙහෙම මොබිලයිසෙෂන් ප්ලෑන් එක හදල ඒක දෙනව අර මුල මම කිව්ව ඉන්ජිනේරු සමාගමේ අනුමැතියට. ඒ අය ඒක හරි කිව්වම ඒ අනුව තමයි කොන්ත්‍රාත් සමාගම වැඩ පටන්ගන්නෙ. ඒ කියන්නෙ තමන්ගෙ මිනිස්සු, මූලික යන්ත්‍ර සහ අනෙකුත් දේ වැඩබිමේ ස්ථාපනය කරල ඉදිකරන්න ගන්නෙ.

ඒ වගේම ඔය මොබිලයිසෙෂන් ප්ලෑන් එකට පස්සෙ හදන්න ඕනෙ ක්න්ට්‍රැක්ටන්ගෙ සම්පූර්න ප්‍රොජෙක්ට් ප්ලෑන් එක.

ඒක හදන්නෙත් අධ්‍යක්ෂක නෙමෙයි. අධ්‍යක්ෂකල බොහෝ විට ප්‍රීමවීර කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නවත් දන්නෙ නෑ. ඒක කරන්නෙ පළපුරුදු, උගත් ඉංජිනේරුවො ප්‍රොජෙක්ට් මැනේජර් එක්ක එකතුවෙලා. ඇත්තටම පටන් ගත්තු මුලම ප්‍රොජෙක්ට් මැනේජර්ගෙ කාලෙ වැඩිපුරම යොදවන්නෙ මේ කියන ප්ලෑනින් සඳහා.

ඉතින් ඔය ප්ලෑන් එකට අය්ති වෙනව ඒ ඒ අංශවල, ඒ ඒ මහල් වල වැඩ නිම වෙන කාලය. මේක අවසානයේ ඉන්ජිනේරු සමාගම විසින් ටෙන්ඩර් කරන අවස්ථාවේදී සඳහන් කල කාලයට සමානුපාතික වෙන්න ඕන. ඒ වගේම මේ ටයිම් ප්ලෑන් එක එක්ක දෙන්න ඕන රිසෝසස් ප්ලෑන් එකක්. ඒ කියන්නෙ අදාල කාලය තුල භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ පැය ගනන සහ මිනිස් පැය යන දේවල්.

මේ සියල්ල සපිරි ප්ලෑන් එක ඉන්ජිනේරු අනුමැතිය යටතෙ කන්ට්‍රැක්ටර් විසින් ක්‍රියාවෙ යොදවනව. එහෙම නැතුව

//ප්‍රධාන විධායකවරයාට අවස්ථාව දීලා ඔහු බලා ඉන්නවා සාවධානව. ප්‍රධාන විධායකවරයා අවශ්‍ය තොරතුරු පමණක් විස්තර කරනවා. අනවශ්‍ය වචනයක් වත් පැවසීමෙන් වළකිනවා. ඒ ඒ අංශ වලට වැඩ පවරා දීම , ගැටළු , විසඳුම් ආදී අවශ්‍ය සියල්ල කතා බහ කරනවා. ( නව සේවකයන් බඳවාගැනීමට අවශ්‍යද  , නව යන්ත්‍ර සූත්‍ර මිළදී ගැනීම් , නව තාක්ෂණික ක්‍රමෝපායන් ගැන , අභියෝග , ඉළක්ක , ව්‍යාපෘති නිම කිරීමෙන් පසු අත්වන ප්‍රයෝජන වැනි සියල්ල කතා බහ කරන්නේ මෙතැනදී. )


             මෙවැනි කතා බහක් ඇතැම් විට පැය 8 ක් - 12 ක් පමණ දිගු වෙන්න පුළුවන් ඒ ඒ සමාගමෙන් සමාගමේ හැටියට. අධ්‍යක්ෂකවරයා නැගිටිනකම් කිසිවෙකුට නැගිටින්න බැහැ. ( නිකම් වැඩවසම් යුගය වගේ නේද ? ) අධ්‍යක්ෂකවරයා සෑහීමකට පත් වූ පසු ඔහු නැවත සභාව අමතනවා.

" හොඳයි මහත්වරුනි , අද දිනය ගැන බොහොම සතුටුයි. මෙම නව ව්‍යාපෘතිය සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. ඔබට සුබ දවසක් " //
කියල මහා පරිමාණ ව්‍යාපෘතිවල වැඩ පටන් ගන්නෙ නෑ. ඔහොම මීටිමක් තියල දෙන ගේම ගැන පැය ගානක් කතා කරල පස්සෙ "එහෙනම් මිත්‍ර වරුනි අපි වැඩ පටාන් ගනිමු" කියල ගේමට යනව අර පිස්සු පූසනම්.

විශාල පරිමාණයෙ ව්‍යාපෘතිවල සියල්ල නිසි තාක්ෂනික ක්‍රමවේදයකට අදාල සුදුසුකම් ලත් ඉන්ජිනේරුවන් විසින් ගණනය කරල හදන සැළසුමකට අධ්‍යක්ෂකලත් වැඩ කරෙනව මිස සපත්තුවට ගැලපෙන්න කකුල කපන්නෙ නෑ.
 
එතකොට කන්ට්‍රැක්ටින් ආයතයෙ අධ්‍යක්ෂකල මොකෑ කරන්නෙ. ඒ අය පඹයොද? නෑ. ඒ ගැන අපි කතා කරමු.

ඒත් මේ ලිපිය හිතුවට වැඩිය හරි දිග උනා. මොකද බොරුවට ලඟ නමල නොදන්න දේ වහල ගහන්න උවමනාවක් නොතිබ්බ නිසා. ඒ වගේම මේකෙ ඉතුරු ටික තව දවසකින් දෙහෙකින් දාන්නම්. හෙට කමෙන්ට් වලට උත්තර දෙන්නෙ මහ රෑට. මොකද මගේ නිවාඩු දවස් වල බ්ලොග් බලන්නෙ රෑට විතරක් නිසා.

අනික මෙතන ඕන ප්‍රශ්නයක් අහන අයට මම දන්න විදියට පැහැදිලි කරල දෙන සූදානම්. මොකද මම දන්නව ඔය අනික් අය හිතන් ඉන්නව වගේ බල්ලො බූරුවො බ්ලොග් නොකියවන බව.

ඒ වගේම මම සකලැ දත්ත නොවෙන නිසා මගේ අතින් වෙන අඩුපාඩු වල වගකීමත් නිවැරදි කිරීමේ අභියෝගයත් මම භාරගන්නව.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකල් අපි බලමු සංවාදය කොයි අතකට යයිද කියල?

ඔය උඩ තීන පිතූරෙ දැම්මෙ හේතුවක් ඇතුව. ඒ විස්තර ඊළඟ ලිපියෙ.

ප/ලි.

 මම කව්ද කියල හොයල බලන්න හිතපු සුධීක ඇතුළු අනික් හත්දෙනාට ස්තූතියි. මම හිතන්ව අඩු තරමින් ඔබ දැන් දන්නව මම මේ ලියල තියෙන්නෙ බල්ලොන්නට කෑම ඔතපු පත්තරවල තිබ්බ කුණුහරුප නෙමෙයි, වෘත්තීය අත්දැකීම සහ අධ්යාපනයෙත් ලත් දේවල් බව.




138 comments:

  1. හොදට ලියලා තියන ලිපියක්.... නමුත් අර මන්ද මානසික පිස්සු හුටංට මෙව්වා තේරෙන්නෙ නෑ.... දැන් මෙතන ඇවිල්ලා යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර මේකෙ පෝස්ට් එකට වඩා දිග කොමෙන්ට් කොටලා ලින්ක් පණහක් විතර ඒකෙ අස්සෙ ඔබලා යයි...........

    විලි ලැජ්ජ නැති ඔළුවෙක් එක්ක තර්ක කරන්න එපා.... මූ කකාගෙ බ්ලොග් රෝලට දාගන්න කියලා බ්ලොග් එකේ ගිහින් ඇඬුවා..... ඒත් කකා පඩේකට ගනන් ගත්තෙ නෑ... ඊට පස්සෙ තැන තැන කකාට බැන බැන ගියා.....

    ගැලරියෙ විසිල් පාරට පිකප් වෙලා හෙළුවෙන් බල්ටි ගහන පොරක් මූ.....

    ReplyDelete
    Replies
    1. මේ නම් ඉන්දික හිතේ තරහටම දාගත්ත එකක් .

      Delete
    2. මුලු කතාවම මෙහෙමයි. සහන්ගේ බ්ලොග් එක මං කියවව කාලේ බ්ලොග් රෝලේ දාගෙන තිබුණා.

      පස්සේ දවසක මං බාලචන්ද්‍රන් ගේ මරණය ගැන මං ලියූ සහ අනෙත් අය ලියූ ලිපඳිවලට එක් එක් අය දැක්වූ ප්‍රතිචාර කියවා අමානුශික ලෙස අදහස් දක්වා තිබූ අයට මගේ බ්ලොග් රොලෙන් ඉවත් කළා.
      http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

      එ අනුව සහන් ගේ බ්ලොග්ය එහි ණැතුව ගියා.

      ඉන් පසුවයි ඔහු කීප විටක්ම එය නැවත දාන්න යැයි ඉල්ලා හිටියේ. මගේ ස්ථාවරය වෙනස් කරන්නට යැයි ඉල්ලනමුත් ඔහුගේ අදහස් වෙනස් කර නොමැති නිසා මා එම ඉල්ලීම ඉවත දැමුවා.

      පසු දවසක මා මගේ මියගිය පියා ගැන කතාවක් කියූ විට ඔහු එය මෝඩ ආතල් යැයි තවත් අමානුශික ප්‍රකාශ කළා.

      පසුව ඔගු වෙනත් අඩවියකත් මා නැති තැන මා ගැන සරදම් ප්‍රකාශ කර තිබුණා!

      මා ඔහුට ඉක්මන් සුවය පැතුවා!

      Delete
    3. අදහසට ස්තූතියි!

      ඔබ කියන දේ මට කීප දෙනෙක් අද පුද්ගලිකවත් දැනුම් දීල තිබුන. මම හිතන්නෙ න ලැජ්ජාවක් තියේනං ආයි මෙහෙ එයි කියල.

      Delete
    4. AnonymousDecember 5, 2013 at 10:24 PM,

      ඔයා වගේ බාල වැඩ මම කරන්නෙ නෑ. එහෙම ඕනනං නියම නමින් බ්ලොග් ලියන්නෙත් නෑ.

      Delete
    5. කකා,

      එයා හොරු සමග හෙලුවෙන් ඉන්න පොරක්. බලන්න පහුගිය කාලෙ පුරාමවටම මොන වගේ අය වෙනුවෙන්ද පෙනී හිටියෙ කියල.

      ඔබ නිසා ඉක්මන් සුව පැතුව, මගෙ පියාට එහෙම යමක් කිව්වනම් මම එයාට පතන්නෙ නිවන් සුව!

      Delete
  2. සංවාදාත්මකව හෝ විවාදාත්මකව අපේ විෂයය දැනුම පුළුල් කිරීමට දායකවීම ගැන ස්තුතියි. සමස්තය කියවා අවබෝධකරගනීමේ අභිලාෂයෙන් ඉන්නවා. අවසානයේදී අදහස් දක්වන්නම්.

    ReplyDelete
    Replies
    1. යුද්ධයේ අතුරු ප්‍රථිපල නිසා ලෝකයට දායද වෙච්චි හොඳ නිර්මාණ ගැන ඔබතුමාට ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

      Delete
  3. මේ ටෙන්ඩර් කතාවක් කොහෙන්ද ආවේ ?

    ReplyDelete
    Replies
    1. ටෙන්ඩර් නොකර බිල්ඩින් කන්ට්‍රැක්ට්ස් අවොර්ඩ් කරන්නෙ නෑ සම්මතයෙදි.

      Delete
  4. ඉන්දික උබ කරලා තියෙනේ අරු කියපු එකම අයෙ කියපු එකමයි . හොදට බලන එකෙක්ට තේරෙනවා උබ වහල ගහන්න හදන එක . අන්තිමට තේරෙයි ඌ කියපු එකමයි උබ කන වටේ ගිහින් අල්ලන්නේ කියල . උබත් දෙකේ කොලේට වැටුන බන් .

    ReplyDelete
    Replies
    1. වහල ගහන්නෙ කොහෙද බං මම මේ තාම බිල්ඩිම හදන්න පටන් ගත්ත විතරනෙ :).

      දෙකේ කොලේ උන්නෙ අර පත තලගොයා නේද? උන්ව මරන් කන්න තමයි ගොඩක් එවුන් හිතන්නෙ, ඒත් ලේසි නෑ මචෝ.

      Delete
  5. අභියට දුන්න ලොකු ටෝක් වගේ තමයි මේකත් . මාස දෙකෙන් ගන්නවා කිව්වා . දැන් අවුරුදු කීයක්ද ?

    ReplyDelete
  6. is this post target to somebody?

    ReplyDelete
    Replies
    1. ඔව්, මම හිතන්ව මේ වෙනකොට ඔබට කතාවෙ පූර්වාපර සන්ධි ගලපගන්න හැකිවෙලා ඇතියි කියල.

      Delete
  7. මොකක්ද මචන් මේ? උඹ නැට්ට පාගගෙන ලීව එකක්ද? මොනවා වුනත් උඹගේ රස්සාව පහත් කරලා කවුරු හරි මොකක් හරි කියලා වගේ. ගනන් ගන්න එපා මචන්. මේ බ්ලොග් අස්සේ වීරයෝ බිහිවෙන්නේ හතු පිපෙනවා වගේ.
    මට දැන් මේවා දැකලම හිනා වගේ.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,
      උඹ කේන්ති අරගෙන ක්‍රෝධයෙන් ලිපි ලියන්න ඕන නෑ. (නමිනුත් උපශාන්ත නෙව!:-)). සහන්ගෙ අඩවියට ලින්ක් එකක් දීල ලිව්ව නං සිද්ධිය මොකද්ද කියල රංගි දැනගන්නව. මගේ නං ප්‍රතිපත්තිය විවේචකයාට උනත් ලින්ක් එකක් දෙනඑක.

      Delete
    2. මේ මං වගේ.... හික්ස්...

      Delete
    3. ආ දැන් ඇත්තෙන්ම තේරුනා. ඊයේ නිකක් ක්‍රීම් කැරමල් වගේ වෙලා හිටියේ.

      Delete
    4. රංගි, එකෙක් මගේ නැට්ට හොයන්න ආව. ඒක කපල කොල්ල ගෙට අරන් දැන් දසක ගානක්.වැඩේ කියන්නෙ අද අපේ පොඩිම එකාට සෙන්ගෙඩි හින්ද නෑන ක්‍රීම් කැරමල් හදල එවල තිබ්බ. වෙලාවට ඌ පැණිරහ කන්න ආස නෑ. ඒකත් මමම කෑව.

      Delete
    5. රාජ්,

      මම මේක කේන්ති අරන් ලිව්ව එකක් නෙමෙයි. අනික මගේ මොටෝ එක තමයි revenge taste better when eaten cold කියන එක..

      ඒත් උඹ දන්නවනෙ ගල් බනිස් කියන්නෙ ගල් නැති හින්ද බව. ඒ නිසා උපශාන්ත කිව්වම හිතා ගන්න එකයි තීන්නෙ.

      Delete
  8. මචං , හුඟක් මහන්සි වෙලා ලියල තියෙනව... අදාල කරුණ ගැන උනන්දු අයට ඉතා පැහැදිලිව තේරුම් ගන්නත් පුලුවන්... ඒ වගේම උවමනාවක් තියෙන කෙනෙකුට විෂය කරුනක් ගැන ආටිකල් එකක් ලියන්නෙ කොහොමද කියල මොඩල් එකකට ගන්නත් පුලුවන්...

    .........................

    පොඩි මැසේජ් එකක් එව්වා ඒකත් බලන්න..

    ReplyDelete
    Replies
    1. සපා,

      බොහොම ස්තූතියි උඹෙ අගය කිරීමට. සපත්තු මෑන්ට තේරුනා කියන්නෙ ආච්චිටත් තේරුනා කියන ඒක තමයි. මොකද දන්නේවනෙ අර ඉන්ග්ලිෂ් ප්‍රොවැබ් එක :)

      මම උදේම ෆෝන් එකෙන් ඒක දැක්ක. ඒත් පොඩි උන් එක්ක උන්න නිසා රිප්ලයි නොකරෙ. හරි අපි සෙට් වෙමු. මම මේක ඉවර කරල උත්තරයක් දාන්නං.

      Delete
  9. ඔයා කියලා තියෙනදේ පැහැදිලියි. අනෙක් කෙනා කියලා තියෙන දේ පැහැදිලි නෑ. එයා ඒ කතා කරන්නේ සමහරවිට වෙන ව්‍යාපෘතියක් ගැන වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. මෙන්න සපා ආච්චිට වැඩේ තේරිලා. ඒ කියන්නෙ මගෙ මහන්සියෙ ප්‍රථිපල තීනව :D

      එයා කියන ව්‍යපෘතිය ගැන මට තේරෙනෙව. ඒත් එයාට තේරෙන පාටක් නෑ :)

      Delete
  10. යකෝ ඌ තුට්ටු දෙකේ පඬියෙක් කියලා තේරෙන්නෙ නැද්ද? ගුවන් යානා තාක්ශනයෙ ඉඳන් න්යෂ්ඨික විද්යාව දක්වා දන්නවා කියලා පෙන්නන්න හදන ඔලුව ඉදිමිච්ච ගොනෙක්. ඒකගෙ ඒවට උත්තර ලියන්න මෙච්චර දුක් විඳින්න එපා. අන්තිමට ඔටුව වෙන්නෙ උඹ!

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ, පාරෙ ඉන්න පිස්සො අත වනන විදියට කාර් එළවන්න මම පිස්ස්කෙ නෙමෙයි. ඒත් උන් පාරට පැනල වාහන නතර කරන්න හදනවන, අනික් උන්ට ඇනයක් වෙනවනං යමක් කරන්න වෙනව පොඩියට හරි. උඹෙ වචනෙට ස්තූතියි!

      Delete
  11. මචන් ඉන්දික උඹේ ලිපිය ඉතාම සාර්ථකයි, ක්ෂේත්‍රය ගැන යම් සුළු දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් වටහා ගත හැකියි. ටෙන්ඩර් අවස්ථාවේ "පූර්ව සුදුසුකම් ල්බීමේ " අවස්තාව "Pre- Qualification" ගැනත් ලිව්වානම් සර්ව සම්පූර්ණයි,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උඹෙ අගය කිරීමට!

      මම යන්තමට ලිව්ව "මෙතනදි මට මිනිස්සු තිහක විතර පොඩි කොම්පැනියක් තිබ්බට ඔය ලොකු බිල්ඩින් හදන්න තියෙන ටෙන්ඩර් වලට සහභාගිවෙන්න බෑ. ටෙන්ඩර් පත්‍රිකා නිකුත් කරද්දි ඒවගේ තියේනව යම් නීති සහ සීමා දාල, කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය සහ වෘත්තීමය ස්ථාවරත්වය, පෙර අත්දැකීම් වැනි නොයෙක් දේ." කියල මොකද පෝස්ට් එක ඇදෙන ගතියක් දැනුන නිසා.

      බලමු හෙට පොඩ්ඩ්ක් එතනට යමක් එකතු කරන්න, අනාගතේ මේක බලන එකෙක්ටවත් වැඩක් වෙන්න කියල.

      Delete
  12. උඹේ ලිපිය හොඳයි. උඹේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නෙ කොහොමද කියල දළ අවබෝධයක් ලබාගන්න පුළුවන්. සහන්ගෙ දෙවන ලිපියත් හොඳයි. ගෙදරක සයිස් එක වෙනස් වීමත් එක්ක වර්ග අඩියකට යන වියදම වෙනස්වීම වගේ දේවල් ගැන දැනගත්තෙ ඒ ලිපියෙන්.

    නමුත් උඹලගෙ සංවාදයෙන් නං ගන්න දෙයක් නෑ. උඹල කියන දේවල් ගැන එතරම් අවබෝධයක් නැති කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් විදි‍යේ සංවාදයක් එතන නෑ. මතුවන ප්‍රශ්න වලට උත්තර දෙමින් යනව වෙනුවට ඒ ප්‍රශ්න තිබියදීම තවත් ප්‍රශ්න මතුකරමින් ප්‍රශ්න වැඩිකරමින් කියවන්නා තව තවත් ව්‍යාකූල තත්වයට පත්කිරීමක් තමයි එතන සිදුවුනේ. [ සාමාන්‍යයෙන් සහන් එක්ක වාද කිරීමේදී මේ කේස්එක වෙනව ]

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍යයෙන් සහන් එක්ක වාද කිරීමේදී මේ කේස්එක වෙනව //
      ඒක ඇත්ත අන්තිමට සහන්ගෙ උම්බෑ සද්දෙ විතරමයි ඇහෙන්නෙ......

      Delete
    2. රාජ්, කියවන්නා තව තවත් ව්‍යාකූල තත්වයට පත්කිරීමකට වැඩිය කියවන්නා ගැලරියෙ විසිල්!

      Delete
    3. රාජ්,

      එතන උනෙත් අර ඌරයි සිංහයගෙයි ෆයිට් එක වගේ කේස් එකක්. ඒකයි මම එතන කතාව නවත්තල දැම්මෙ. අර සහන් වග් අඩියක කතාව ගැන ලියල තිබ්බ දේ වැරදියි. ඒ ගණනය කිරීම වෙන විදිය මම ඊළඟ පෝස්ට් එකේ පැහැදිලිව දාන්නං. මම මේ පෝස්ට් එක ලියන්න මූලික හේතුවත් ඔන්න ඔය උඹ වගේ නොදන්න අය බොරුව ඇත්ත විදියට හිතා ගන්න එකෙන් වලක්වන්නයි.

      Delete
    4. AnonymousDecember 6, 2013 at 8:58 AM,

      සභාවේ සිනා!

      Delete
    5. ප්‍රා,

      මොකෑ මේ කවුරුහරි ඔහේගෙ එකවුන්ට් එක හැක් කොරලවද්ද සිංහලෙන් කොටන්නෙ?

      BTW එතන බල්ටි විසිල් වලට මිස ආර්ට් එකට නෙමේ. දැන් බලනකොට හුඟක් අයට ඒක තෙරිල තිබිල තියෙන්නෙ!

      Delete
    6. මටත් ඒ දේ වුනා මා සහ ඇනෝ සහයෝගයෙන් අදහස් දක්වන බවයි සංවාදයක දී ඹහු දුන් එකම පිළිතුර (සිරාගේ අඩවියේ දී)
      සහන් ට අවශ්‍ය ප්‍රභා වැනි හතුරෙක් ආතල් ගැනීමට

      Delete
    7. බුවා, ඒක නිසයි මමත් එතන වාදෙන් අයින් වෙලා Do not argue with an idiot. He will drag you down to his level and beat you with experience කියන කතන්දරේ එතුමට මතක් කරල දීලම ආවෙ.

      Delete
    8. නමුත් එහෙත් හුරේ දාලා මෙහෙත් හුරේ දාන උන් බොහෝයි...........
      තෘප්තිමත් වූ ඌරකු වනවාට වඩා තෘපිතිමත් නොවූ දාර්ශනිකයකු වීම යහපත්ය
      --- මෙය කී එකා මතක නැත---

      Delete
  13. ඔක්කොම තේරුණා, පලිය තේරුණේ නැහැ. කවුද කියලා හොයලා බලනවා කියන්නේ මොකද්ද?

    මෙහෙමයි ඉන්දික.. සුපර්මෑන් දන්නවා නේද? පොර කරන වැඩ සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නත් බැහැ, පියාඹනවා, තඩි ගල් උස්සනවා, ලෝක බෝලෙත් කරකවන්න පුළුවන්. හැබැ‍යි පොර කවදාවත් ටීවී, සිනමා වලින් පිටත ලෝකෙට එන්නේ නෑ. අපි සැබෑ ලෝකෙට ආපුවහම ඔය වගේ වැඩ වලට එන්නේ සාමාන්‍යයෙන් ගිනි නිවන හමුදා වල ඉන්න භටයන්. පොදු පිළිගත් ක්‍රියාපටිපාටියක් අනුව තමයි ඒ මිනිස්සු වැඩ කරන්නේ, මැජික් නෑ. ඔය ටීවී ඇතුලේ පොර වෙන්න හදන අයගෙයි, ඇත්තටම වැඩේ කරන අයගෙයි වෙනස ඒ අය අඳින ඇඳුමේ ඉඳන්ම තියනවා. යටට අඳින්න තියන ජොකා කලිසම උඩින් ඇඳලා, 'සුපර්මෑන්' ටෝක් දෙන්නේ ෆැන්ටසි එකෙයි, රියැලිටි එකෙයි වෙනස දන්නේ නැති පොරවල් තමයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++ පට්ට !

      Delete
    2. උඹට බ්ලොග් ලොව සුසමාදර්ෂය කියල ( තමන්ගෙම අරක්කුවලින් තමයි ඒ ගහන්නෙ ) කියන එක හරියටම හරි! ඔය කමෙන්ට් එක මගෙ පෝස්ට් එකට වැඩිය බොහොම ප්‍රභලයි...!

      පලියෙ තිබ්බෙ අර මඩ වලේ වාදය අතරෙ මගෙ ලින්කඩ් ඉන් ප්‍රොෆයිල් එකට ගිහින් මම කවුද කියල විස්තර හොයපු අයට කරපු ස්තූතියක්. පත්තර කොළ කතාව තේරුන් ගන්න නන් සුපර් මෑන් ප්‍රොග්‍රෑම් එකේ අවසාන එපිසෝඩ් එක බලන්නම වෙනව :D

      Delete
    3. බහුතරයක් කියන්න හිතන් ඉන්න එක තිසර කියනවනෙ අප්පා !.. ඉතින් අපිට කියන්න වෙන්නෙ නියම කමෙන්ටුව තිසර කියන්න තමයි..
      මම අවුරුදු 3ක් විතර ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හිටි නිසා එහෙන් මෙහෙන් දැනන් හිටි කරුණු ගොඩක් ලිපියෙන් හරියටම දැන ගත්තා..

      Delete
    4. මහන්සි වෙලා වැඩ අස්සෙ කොටාපු අකුරු ටිකෙන් සෙතක් උනානම් එච්චරයි!

      තිසරල මාලන් ලත් නැත්තන් ඉතින් සමහර බ්ලොග් නොකියව ඉන්න තමයි වෙන්නෙ.

      Delete
  14. මහා පරිමාණ ඉඳිකිරීම් මැද ලිය උන මහා පරිමාණ බ්ලොග් පෝස්ට් දෙකක් හා මහා පරිමාණ වලියක්... අනික් උන්ට මහා පරිමාණ ආතල් එකක්.. මට නම් නිකං ග්‍රීක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට විතරක් ??
      මේ අපිටත් එසේමයි !

      Delete
    2. මාතලන්,

      උඹ මුලින් අරූගෙ ටර්කිෂ් වලට ග්‍රීක් කියල රැවටුනා දැක්ක. ඒ නිසයි නියම ග්‍රික් පාඩමක් කරන්න හිතුවෙ.

      Delete
    3. ඕනය, උඹට කියන්න තීන්නෙත් "උඹ බබා" කියල තමයි. :)

      Delete
  15. මෙව්වා කියවල වැඩක් නැහැ මොකද අපිට කන්න අවශ්‍ය තරං පොත්පත් තියෙනවා ඔය ගැන

    ICTAD conditions
    Procurement guidelines
    Procurement manual 1&2 etc

    ඉන්දික මේක පරිපුර්ණ විස්තරයක්.. ක්ලයන්ට් ඇත්තටම සයිලන්ට් කෙනෙක් මේ වගේ ප්‍රොජෙක්ට් වලදි. කන්සල්ටන්ට් තමා ක්ලයන්ට් හා කන්ට්‍රැක්ටර් අතර කමියුනිකේෂන් එක කරන්නේ

    ReplyDelete
    Replies
    1. හැම සයිලන්ට් එකාම සයිලන්ට් නෑ. හැම උපශාන්තයම උපශාන්තත් නෑ!
      (අපිට බුදු ආතල්! අපි කැකුණ තලනව)

      Delete
    2. අද සිකුරාද වෙච්ච එකේ, හවසට සෙට් වුනා නං ආතල් එකක් ගන්න තිබ්බා...

      Delete
    3. රාජ්, සුරුට්ටුවක් ?

      Delete
    4. හුරේ !!

      කැකුණ නං මෙන්න කැකුණ ..

      ගමකට තැලුවහැකි ! ජයවේවා ජයවේවා !!

      Delete
    5. දේශ,

      ඔය ඉක්ටැඩ් මගුල බයිබලේ වගේ කියවන්නම එපා. පොඩ්ඩක් ෆිඩික්, ජේ සී ටී එහෙම ෆලෝ කරහන්. මොකද රටින් පිට ඉක්ටෑඩ් කතා නෑ.

      Delete
    6. රාජ්,

      බලාගෙන කැකුණ එක්ක ඇටේ තලාගන්නව හෙම නෙමෙයි ( මම කිව්වෙ ඇඟිල්ලෙ හොඳද ).

      Delete
    7. තිසර,

      පොඩි උන් දෙන්නටම උන. සෙට් වෙන්න තිබ්බ එව්ව ඊයෙ ඉඳම්ම කැන්සල් :(

      Delete
    8. ප්‍රා,

      උඹ ගින්දර හෙනාවට සුරුට්ටුව මේ පැත්තෙ ඇවිත් නෑ බං. මම දැක්ක එහෙ ගිහින් නං නියම "මළුවට එකයි" සුරුට්ටුවක් අදිනව ගිණි තැප තැපම :D

      Delete
    9. පත්තර,

      මොකෑ උඹලයි ගෙදර ලයිට් කපලද කැඋණ ඇට තලල තෙල් හොයන්නෙ?

      Delete
  16. Replies
    1. වලිය මොකක්ද සහ කා සමඟද කියලනං අවබෝධයක් තිබුනේ නැහැ.. කමෙන්ට් කියවද්දී තමා තේරුනේ.. ඒත් ඒ කියන සංවාදේ ගැන දැනුවත් නැති නිසා ඒවා පැත්තක තිබිද්දෙන්... මොනවා උනත් වටින ලිපියක්... ඔය සම්බන්ධ මෙලෝ දෙයක් දන්නේ නැති මං වගේ එහෙකුට උනත් මේ වගේ වැඩක් සිද්ධ වෙන ක්‍රියා පටිපාටිය ගැන යම් අවබෝධයක් ගත හැකි මට්ටමට මේක ලියවිලා තියෙනවා... බර බර කරුණු ගැන ලියවෙන මහාපතරංග ජාතක වගේ මෙලෝ හසරක් නැති පෝස්ට් කියවන්න මං කොහොමත් අකමැතියි.. මේක මුලින්ම රීඩරේ හෙන දිගට වැටිලා තියෙද්දි මං හිතුවෙත් එහෙම.. ඒත් ටිකෙන් ටික කියවං යද්දි තමා කිසිම අමාරුවක් නැතිව සරලව තේරුම් ගත හැකි ආකාරයට ලියවුන ලිපියක් කියලා... ඊ ළග එකත් එනකල් බලං ඉන්නේ...

      Delete
    2. කොටේසොන් හැදුවට ඇපෲ කරන්න යන්නේ විනාඩියයි. මොකෝ කොටෙසොන් එක කලින්ම සිලෙක්ට් කොරලා තියෙන්නේ..

      Delete
    3. BOQ එක අඩුවෙන් හදලා 10% රේන්ජ් එකේ ඇඩිෂනල් වර්ක්ස් වලින් ගොඩයන කන්ට්‍රැක්ට්ස් තියෙනවා.. හරිය...

      Delete
    4. මාරය,

      මොකෑ බන් කමෙන්ට් එක බළ දැරිය කැපුවද? ඊලඟ කොටසත් සඳුදට දාන්නම්. හැබැයි ඔන්න මෙව්ව බලල කන්ස්ට්‍රක්ෂන් කම්පැනි අරින්න එහෙම හිඔතන්නෙපා. එහෙම කරනවනං ගිහින් අරහෙනෙ බිස්නස් ප්ලෑන් එකක් අරන් වරෙන් මුලින්.

      Delete
    5. මාතලන්,

      එව්ව එහෙම තමයි, හිල් ඉතින් හැම තැනම තීනවනෙ.

      Delete
    6. දේශ,

      ඒ සෙල්ලන් හැම තැනම බෑ. අනික වේරියේෂන්ස් සබ්ස්ටෑන්ෂියේට් කරද්දි තීන ලාබෙත් නෑ. ඒ වගේම ඕක නිතර කරන කම්පැනි "ක්ලේම් කන්ට්‍රැක්ටර්ස්"ල කියල කන්සල්ටන්ට් ල ඉවැලුවේෂන් වලදි පස්සට දානව. මොකද ටෙන්ඩර් බිල් එකේ වැරදි වලින් සල්ලි හොයනව කියන්නෙ කන්සල්ටන්ලගෙ අඩුපාඩු වලින් සල්ලි හොයනව කියන එක. ඒකට උන් කැමති නෑ, තමන් ක්ලයන්ට් ඉස්සර චා වෙන නිසා බජට් එක්සීඩ් උනාම.

      Delete
  17. ඔබ සහන් සමග වලිය යන විට අපි බලාගෙන හිටියා. නමුත් මම හෙවුවා ඔබ කවුද කියලා. ඔබ විදේශගතව සේවය කරන QS කෙනෙක් බව දැක්කා. ඔබ වැනි වෘතිකයකුට ඔහුගේ අපහාස කිරීම මම අනුමත කරන්නේ නැහැ. සහන් යනු තම වැරැද්ද නොපිළිගන්නා. වැරදි පෙන්නා පශ්න කල විට නිසි පිළිතුර නොපවසා මාරු වෙන කෙනෙක්. ඔහු කවුරු උනත් යම් දැනුමක් තියෙන වගේම දැනුමක් තියෙන බව පෙන්වන මාන්නයෙන් සිටින්නෙක්. ඒ බව ඔහුගේ කමෙන්ට් වලින් පෙනෙනවා. ඒ වගේම ඔහු සිංහල බ්ලොග් අවකාශයේ සිටිය යුතු කෙනෙක්.

    ඔහුගේ කලින් පොස්ට් දෙකේ අරමුණ නම්. පුද්ගලයෙක් අලවිවෙන විදිය විදිය පෙන්වීම එය සඳහා ඔහු කතාවක් ගෙතුවා යම් ගණන් මිමි සහිතව එය උදාහරණයක් පමණයි. එතනට අනවශ්‍යයි සත්‍ය ගණන්. ඔහු දැම්මේ ගොතපු කතාවක් ඒවගේ තැනක තියෙන ගණන් සමග තර්ක කරලා වැඩක් නැහැ ඒ වගේම ඔහු ගොතලා දාපු වචන සමග තර්ක දමලා වැඩක් නැහැ අදාළ තියරිය සමග තර්ක කරන්න.

    දළ ගණනයක් කරන විට ගෙදරක වර්ගඵලය X ගෙවල් ගණන X ඒකක වර්ගඵලයකට යන මුදල, ලෙස ගැනීම හරි නමුත් නිවාස සංකීර්ණයක් හදන විට ඒකක වර්ගඵලයකට යන මුදල තනි නිවසකට වඩා අඩු වෙනවා නේද. ඒ වගේම ලොකු master bed room එකක් සහ සාමාන්‍ය තරමේ කාමරයක් සහ සාලය සහ පැන්ට්‍රිය සහ නාන කාමර සමග සුපිරි නොවුනත් පහසුකම් සහිත නිවසක් වර්ග අඩි 900 කින් හදන්න පුළුවන් නේද එහෙම බැලුවොත් යම් පිළිගත හැකි සීමාවකට ගණනය එනවා නේද. ඒ වගේම දුර පළාත් වලින් ඇවිත් අගනුවර් සේවය කරන විධායක මට්ටමේ සේවකයන් ට මාසෙකට 40000 ක මුදලකට කුලියට දීමට පහසුකම් සහිත නිවසක් වර්ග අඩි 900 ක සැලසුම් කරන්න බැරිද? මාසෙකට 40000 ක මුදලකට කුලියට දීමට ප්‍රමාණවත් පහසුකම් සහිත වර්ග අඩි 900නිවාස 65 සහිත සංකීර්ණයකට යන මුදල කොතරම්ද? සමහර විට දක්ෂ පුද්ගලයකුට සියලු දේ optimized කර සහන් කියුව ගණනට හදන්න බැරිද? යන්න ඔබටම තීරණය කරන්න පුළුවන්.
    ඒවගේම ව්‍යාපාරික සැලසුම සහ ඉන්ජිනීරු සැලසුම යන්න දෙකක් ඔබ පැහැදිලි කලේ ඉන්ජිනීරු සැලසුම සහ එය ක්‍රියාවටනගන පිලිවල ඔබ සම්පුර්ණයෙන්ම හරි ව්‍යාපාරික සැලසුම යන්නේ අපි නිවාස සංකීර්ණයක් සැලසුම් කරනවා කුලියට දෙන්න මේ වගේ ආදායමක් සහිත මිනිසුන්ට ඔවුන් සාමාන්යෙන් කුලියට ඉන්නේ මෙතරම් මාසික කුලියක් දරලා මේ වගේ පහසුකම් සහිත මේ දුරින් නිවාස වල. අපි මෙතන නිවාස සංකීර්ණය මේ පහසුකම් වලට හැදුවොත් මේ ගන්නට දෙන්න පුළුවන් එමගින් අපිට මේ අදායම ගන්න පුළුවන්. ආදී ලෙස සමීක්ෂණ, වෙනත් තොරතුරු සහ උපකල්පන මත සම්පුර්ණ සැලසුම හදනවා. ඉන්පසු තමයි එම ව්‍යාපාරික සැලසුම ඔබ කියුව පිලිවලට ඉන්ජිනීරු සැලසුම බවට පත්වෙලා මෙම ක්‍රියාදාමය හරහා ක්‍රියාවට නැගෙන්නේ.
    අතිශෝක්තිය මෙන්ම ගොතපු කරුණු සහිතව සහන් විස්තර කලේ පුද්ගල මිල තීරණය වීම අතිශෝක්තිය හොතපු කරුණු ඉවත්කළ විට ඔහු කියපු වැරදි කියන්න පුලුවන්ද. ඔහු වැරදි කියලා පරාජය කරන්න නම් කල යුත්තේ ඒකයි.

    නමුත් ඔබ මේ වාද කරන්නේ වෙන දෙයක් ගැන සහන් කියන්නේ වෙන දෙයක් ගැන.
    අපි හැමෝම යමක් දන්නවා යමක් දන්නේ නැහැ ඔබ දන්න සියල්ලු දේ මම දන්නේ නැහැ මම දන්න සියලු දේ ඔබ දන්නේ නැහැ අපි අවංකවම ඒ බව පිළිගන්න ඕන. එහෙම පිළිගන්න මිනිසා තමයි නියම බුද්දීමතා මෙන්ම මිනිසා. සහන් එහෙම කෙනෙක් නොවන බව දන්නවා ඔබ යන්නෙත් ඒ පාරේ. සහන් කෝධ වන්නේ ඔහු ගැටළු වලට මැදිවූ කෙනෙක් නිසා ඔහු ගේ හැසිරීම කුරිරු වන්නේ එකයි.

    ReplyDelete
    Replies
    1. විශ්ව,

      //// නිවාස සංකීර්ණයක් හදන විට ඒකක වර්ගඵලයකට යන මුදල තනි නිවසකට වඩා අඩු වෙනවා නේද.////

      QS ලා අවුරුදු ගානක් ට්‍රේන් වෙන්නෙ ම ඕක කරන්න නිසා, ලොකු බිල්ඩිං එකක් එස්ටිමේට් කරන්න කොහොමත් එ‍ක්ස්පීරියන්ස් නැති බය්යෙකුට නොදෙන නිසා, උන් එස්ටිමේට් කරන කොට මේ ෆැක්ටර් එක නොසලකා හරිනව වෙන්න බැහැ නේද? මට නම් එහෙමයි හිතින්නෙ. ඕක "කැල්කියුලේටර් කාරයො" නොදන්න CEO ල විතරක් දන්න ( හැබැයි වාක්‍ය දෙකෙන් කිව්වම අහක ඉන්න අපිටත් මොකාටද වගේ තේරෙන!!) රහසක් වෙන්න බැහැ නෙ.

      //// අතිශෝක්තිය මෙන්ම ගොතපු කරුණු සහිතව සහන් විස්තර කලේ පුද්ගල මිල තීරණය වීම අතිශෝක්තිය හොතපු කරුණු ඉවත්කළ විට ඔහු කියපු වැරදි කියන්න පුලුවන්ද.////

      මමත් හිතන්නෙ සහන් ගෙ පොයින්ට් එක උනේ වෙන දෙයක්. වරද, ඒක එහෙම නොකියා ඉන්දික කියපු දේ වැරදියි, QS කාරයො දන්නෙ නෑ එස්ටිමේට් ගැන කියන්න ගිය එක නෙවෙයි ද?

      Delete
    2. විශ්ව,

      ඔබේ දීර්ඝ කමෙන්ටුවට ස්තූතියි.

      මුලිම්ම පොඩි නිවැරදි කිරීමක්. මගෙ ක්ෂේත්‍රය QS නෙමෙයි QA/QC. සාමාන්‍යෙන් අපේ ආයතනයෙ එක් එක් අංශවලට, ඒ කියන්නෙ කොන්ක්‍රීට් සහ බිත්ති, ඇලුමිනියම් සහ කර්ටන් වෝල්ස්, ලී වැඩ, විදුලි සහ වායුසමන, ජල සහ මල ප්‍රවාහන වගේ විවිධ අංහ වලට වෙන වෙනම QA/QC ඉන්ජිනේරුවො ඉන්නව. ඒ අය සම්බන්ධීකරනය සහ කළමණාකරනයට QAQC කෝඩිනේටර් කෙනෙක් ඉන්නව. අපේ පිරිසෙ රාජකාරිය මූලික ෂොප් ඩ්‍රවින් එකේ ඉඳල අවසාන තින්ත තට්ටුව දක්වා සියල්ල නිසි "ප්‍රමිතියට, පිරිවිතරයන්ට අනුව" සිදුවෙන බවට වග බලා ගැනීමයි. දැන් ඔබට පැහැදිලි ඇති කියල හිතනව මගේ වෘත්තිය සහ තනතුර පිළිබඳව.

      1. සහන් ගෙතූ කතාවක තිබූ "නාමික අගයන්" මම වරදවා වටහාගෙනද? ඒක තේරුම් ගන්න මේ සහන්ගෙ වචන ආයි කියවල බලන්න.

      //ඉදිකිරීම පළමු අදියර = ලක්ෂ 1380 ( මේ මුදල ඇති වෘත්තීමය රහස් දන්නා කෙනෙකුට වැඩේ ගොඩ දාන්න. ඒවා ඕනේ නැහැ නෙව බ්ලොග් එකට )//

      //රාළ මේක මම ලියපු ප්‍රොජෙක්ට් එකක්.. පිටු 200 ක විතර මුළු ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් එකම බ්ලොග් එකේ දාන්න තරම් මර උවමනාවක් නැහැ..//

      2. නමුත් නිවාස සංකීර්ණයක් හදන විට ඒකක වර්ගඵලයකට යන මුදල තනි නිවසකට වඩා අඩු වෙනවා නේද.?

      ඔව් සත්තකින්ම. ඒත් පටලව ගන්න එප මේක. මම කියන්නෙ නිවසක මිළ නෙමෙයි ගොඩනැගිලි වර්ග අඩියක මිළ. තනි නිවසක් නිර්මානයෙදි තිබෙන පොළොව, බිත්ති අනෙකුත් උපාංග වගේම තනි නිවසකට වැය නොකරන ගිණි නිවිමී, ලිෆ්ට්, පාර්කින් ස්පේස් වගේ දේ ඉදිකරන වියදමත්. ගොඩනැගිල්ල විශාල නිසා වන අමතර තාක්ෂනික එකතුකිරීම් වල පිරිවැයත් එකතු වෙලා තමයි සමස්ථ ගොඩ නැගිල්ලෙ වර්ග අඩියක් සඳහා වන ගොඩනැගීමේ වියදම තීරනය වෙන්නෙ. එතකොට තනි නිවසක හෝ මහල් ගොඩනැගිල්ලක කියල වෙනසක් නෑ, ගොඩ නැගීමේ වර්ග අඩියක මිළ ස්ථාවරයි. වෙනස් වෙන්නෙ තනි නිවසක සහ ෆ්ලැට් එකක මිල අතරෙයි.

      3. සුපිරි නොවුනත් පහසුකම් සහිත නිවසක් වර්ග අඩි 900 කින් හදන්න පුළුවන් නේද?

      ඔව් ඇත්තෙන්ම. ඒත් සහන් එක්ක තර්ක කලේ ඔහුගෙ //රුපියල් මිලියන 337 න් ඉහළ පැලැන්තියේ නිවාස සංකීර්ණයක් හදන්න සැළසුම් කරමු. ( ලක්ෂ 3370 )// කියන කතාව වැරදි බව කියන්නයි. ඉහල පැලැන්තියෙ ෆ්ලැට් එකක කාමර තුනක්, සේවක කාමරයක් වගේ දේ අඩංගු වෙනකොට නමසීය හොඳටම මදි.

      4. 5. මාසෙකට 40000 ක මුදලකට කුලියට දීමට ප්‍රමාණවත් පහසුකම් සහිත වර්ග අඩි 900නිවාස 65 සහිත සංකීර්ණයකට යන මුදල කොතරම්ද??

      අද ලංකාවෙ ඉදිකිරීමේ වියදම සැලකුවම ආසන්න වශයෙන් මිලියන 230 නිවාස 65ක් අන්තිම අඩු පහසුකම් යටතේ හදන්න වැය වෙනව. ඉඩමට මිලියන 20ක් ( පර් 20ක් නුගේගොඩ වගේ කොළඹට පිටින් ගත්තොත් ) එක්ක දළ වියදම මිලියන 250ක්. එතකොට එක නිවසක් මි.3.84. එතකොට හතලිස් දාහ ගානෙ කුළියට දුන්න්තො අවුරුදු අටක් යනව යොදපු මුදල විතරක් හොයන්නම. හිතන තරන් වැඩේ ලාභ නෑ. අන්න ඒකයි කවුරුත් ලක්ෂරි නිවාස හදල මාසෙට ලක්ෂ එකහමාරකටවත් කුළියට දෙන්න ට්‍රයි කරන්නෙ.

      5. සහන් කිව්වෙ ව්‍යාපාරික සැළසුමක් - ඉන්දික කියන්නෙ ඉංජිනේරු සැළසුමක් -

      ව්‍යාපාරික සැළසුම හරියට හදන්න හරි ඉන්ජිනේරු සැළසුමක් ඕන. යන වියදම නොදැන ආදායම ගනණය කරන්නෙ වැඩේ නොදන්න කමට. එහෙම කරපු නිසා තමයි පහුගිය කාලෙ සමහර ඩුබායි වල ගොඩ නැගිලි මග නැවතිල තාම හොල්මන් මන්දිර වෙලා තියෙන්නෙ. කොහෙන් හරි ආපු කළු සල්ලි සුදු කරන්න හැදුව බිල්ඩින් මෙලෝ හසරක් නොදැන. අන්තිමට කෙළවෙලා ගියා.

      අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, කවුද බ්ලොග් ලියන්න ඕන කවුද එපා කියන්න මම ගූගල් නෙමෙයි. සහන් සහන්ගෙ ගමණ ගියාපුදෙන්. මම මගේ පාඩුවෙ යනව. ඒත් යම් කෙනෙක් මිත්‍යාව පතුරනවනම් සහ අන් අය ඒය සත්‍ය ලෙස වරදවා වටහා ගන්නවනම්, ඔබ ඒ වෙන වංචාව දකිනවනම්, එය නිවැරදිකිරීමේ යුතුකමෙන් අපිට මිදෙන්න බෑ. සහන් ඔබේ නම නිතර විකුණනව ඔහු සමග සංවාදයට ඇවිත් පසුව සත්‍යාවබෝධ කරගත්තෙක් ලෙසට. ඒ ගැන ඔබ තමයි හොඳින්ම දන්නෙ සහ ඕබේ වචනවලින් පැහැදිලියි ඔබ සහන් ගැන අප දන්නවාට වඩා "යමක්" දන්නා බව. අනෙක මම සහන් පළ කෙරූ අනෙක්තුත් තාක්ෂනික ලිපි වල නොයෙකුත් ගැටළු කාරි දේ තුටුවත් ප්‍රශ්ණ කරන්නට තබා ඔහුගෙ අඩවියෙ කමෙන්ට් කරන්නවත් නොගියෙ වාදයකට යාමට තරම් දැණුමක් මට ඒ දේ ගැන නැතැයි සිතුන නිසා. ඒ හැර සහන් සමග මට කිසිදු පුද්ගලික අමනාපයක් හෝ මනාපයක් ඇත්තෙ නෑ.


      AnonymousDecember 6, 2013 at 4:31 PM

      මම හිතනව ඔබේ ගැටළුවට පිළිතුරු උඩ ඇතෙයි කියල. අනික ගොඩනැගිල්ලක වර්ග අඩියක වියදම හදන්නෙ අඩියක් හදන වියදම සම්ස්ථ ගොඩ නැගිල්ලෙ වර්ගඵලයෙන් වැඩි කරල නෙමෙයි. සමස්ථ ගොඩනැගිල්ලට ගිය වියදම වර්ගඵලයෙන් බෙදල. මෙහෙම එක සමාන තත්වයෙ ගොඩනැගිලි කීප්යක දත්ත එකතු කරල විශ්ලේෂනය කරල තමයි සම්මත අගයක් නිර්මාණය කර ගන්නෙ. මේ ගැන මම ඉස්සරහට උදාහරණ එක්ක ලියන්නම්.

      Delete
    3. මම ඔබෙන් පිළිතුරක් බලාගෙන හිටියා. ඊයේ ඔබ මීට් පෙර ඇති කමෙන්ට වලට පිළිතුරු දී මෙතනින් නවතින එකත් මම email notification හරහා දැක්කා. ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. මම සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ද නැහැ එක නිසා ඔබ කියන දේ මගේ සාමාන්‍ය දැනුමට එකග නම් මට පිළිගන්න වෙනවා. එක නිසා ඔබ ගේ කතාව පිලිගන්නවා.

      ඔහු ගේ අතිශෝක්තිය ඉවත් කරලා මම ඔබගේ වාදයට මුල් වූ ලිපියෙන් ගත්තේ පහත අදහස. පුද්ගල මිල තීරණය වීම සමහරෙකුට අහබු ලෙස වෙනවා නමුත් යම් ටැලන්ට් එකක් තියෙන පුද්ගලයෙකුට තම මිල තීරණය කරන්න පුළුවන් කියන අදහස විතරයි. එම අදහස ඇත්තක් නමුත් ඔහු මහා ලොකු ප්‍රොජෙක්ට් එකක ප්රෝපොසල් හැදුවා මෙච්චර පිටු ලියුවා කියන දේවල් මම ගත්තේ නැහැ. ඔහු ඒවා කලාද නැද්ද යන්න මට අනවශ්‍යයි.. ඒවා පස්සේ ගියපු නිසා තමයි ඔබ ඔහුගෙන් අපහාසයට ලක් වුනේ.

      //සහන් ඔබේ නම නිතර විකුණනව ඔහු සමග සංවාදයට ඇවිත් පසුව සත්‍යාවබෝධ කරගත්තෙක් ලෙසට// එම වාදයට හේතු වූ මම කල තර්ක නිවැරදියි. නමුත් ඔහු සමග කතාවෙන් යමක් හෙළිවුණා. එතනින් ගම්‍යවෙන්නේ නැහැ මම බොරු තර්ක යොදා වාද කලබව. ඔබ චන්ද්‍රිකා තාක්ෂනය දන්නේ නැති වුනාට ඔබ උසස් පෙළ භෞතික විද්‍යාව උගත් මෙන්ම සමත් කෙනෙක් එම දැනුම ඇති මම එතන කියපුවා හරිද වැරදිද දකින්න.

      ඔබටත් තේරෙන්න ඇති අපි කියන නිවැරදි කරුණු සත්‍ය ලෙස නොදකින නිහතමානී නොවන අය සමග වාද කරලා වැඩක් නොවන බව. එහෙම තැන වලදී යමෙක් මිත්‍යාව පතුරනවනම් සහ අන් අය ඒය සත්‍ය ලෙස වරදවා වටහා ගන්නවනම්. ඒ වෙන වංචාව දැක්කත් ඔහු සමග වාද කරන්න බැරිනම් ඔහු මල්ලේ පොල් උත්තර දෙනවා නම්. වෙන කිසිවෙකුටත් ඔහුට විරුද්ද වීමට දැනුම හෝ වුවමනාව නැත්නම්. ඔහු දිගටම යාවි. නමුත් කලකදී නවතීවි. සමහර විට ඔහු හැදේවි.

      සමහර අය ඉන්නවා යම් ක්ෂේත්‍රයක් ගැන ලියවුන ලිපි රුපවාහිනී වැඩසටහන් බලලා ඒවායින් ගත්ත තොරතුරු සහ රුප(google image search වලට හසු නොවන) ඇසුරෙන් රසවත් හරබර ලිපි ලියන්න සමත්. එකට එම වෘර්තිකයෙක් වීම අනවශ්‍යයි. උපාදි අනවශ්‍යයි. දැනුම ප්‍රමාණවත්. සමහර විට එවැන්නන් තම ලිපිය සාර්ථක කරගන්න ඔහු එම ක්ෂේත්‍රයට අදාළ වෘර්තිකයෙක් ලෙස පෙන්වා අන් අය නොමග යවනවා නම් එය වැරදියි. එමෙන්ම ඔහුගේ වැරැද්ද දකින දැනුම සහිත කෙනෙක් ඔහුගේ වැරද්දක් පෙන්වූ විට ඔහුට අපහාස නොකර තම වැරැද්ද පෙන්වීමට නිහතමානී විය යුතුයි. මම මුලින් හිතුවේ ගැලරියේ හැමෝම හුරේ කියුවා කියා නමුත් දැන් හුරේ කියපු උනුත් ඒ බව පිළිගන්නේ නැහැ.

      Delete
    4. /// ඔහු මහා ලොකු ප්‍රොජෙක්ට් එකක ප්රෝපොසල් හැදුවා මෙච්චර පිටු ලියුවා කියන දේවල් මම ගත්තේ නැහැ. ඔහු ඒවා කලාද නැද්ද යන්න මට අනවශ්‍යයි. ///

      ඔබේ චන්ද්‍රිකා විවාදය වගේම මෙතැන විවාදයත් මම සාවධානව බලන් හිටියා. මෙතැනදීත් මම මුලින් මැදිහත් වුනේ කෙනෙකුට පෙන්නල දෙන්න සහන් ඉන්දිකට බැන්නේ සාධාරන විවේචනයකට බව. සහන් ගේ කතාව වෙන පාරක එකක් උනත්, ඔහුගේ කතාව සහ ඔහු ඉන්දිකට දුන්නු උත්තර තුල හොඳටම සාධක තිබුනා තීරනය කරන්න, ඒ ඉලක්කම් නිකන් ම ඉලක්කම් නොවන බව. (ඉන්දික ඉහත දී ඇති පොයින්ට් එක මටත් පෙනුනේ නෑ, නමුත් ඔබටත් පේනවා ඇති එය සොලිඩ් හේතුවක් බව. මගේ හේතුව සහන් ගේ බ්ලොග් එකේ තවමත් ඩිලීට් නොවී ඇත)

      ඔබේ විවාදය තමා සහන් ගේ අවංක කම මට මුලින්ම ***සීරියස්*** ප්‍රශ්නයක් වුනු වෙලාව. එතැනදී ඔබ කළ තර්ක සාධාරනයි, සරලයි. සහන් ඒ තර්ක පෙනි පෙනී ම කැලේ පනින බව ඕනෙ බූරුවෙකුට පේන්න තිබුනා. මෙතෙන්දී වලියට බහිනවද නැද්ද කියල හිත හිත ඉන්න විට තමයි සහන් ඔබේ ස්කයිප් විවාදය ගැන ලිපිය පල කලේ. මෙන්න ඔබේම වචන වලින්.

      // එතකොට තේරුනා මොහුගැන කල උපකල්පන වැරදි කියලා මෙන්ම ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා. පැය 2 විනාඩි 30 කතා කළා. ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. //
      // මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව. //

      ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ ඔබම කියා තිබෙන කොට සහන් හැසිරුනු හැටි සාධාරනයි කියලා? කතාව සෙට්ල් උනා නේ. තවත් මිනිස්සුන්ට එහෙම හිතෙන්න ඇති.

      /// Kenji @ Japan November 2, 2013 at 5:37:00 AM GMT+5:30
      විශ්ව: සහන් මල්ලි ගැන ඔබ කර ඇති විස්තරයට තුති.! මෙපමණ දවසක් මම ඔහු ගැන සිතා සිටි විදිය ඔබගේ පැහැදිලි කිරීමෙන් වෙනස් වුනා. සහන් මල්ලි;මෙපමණ දවසක් මගෙන් සිත් රිදවීමක් ඇති වුවා නම් සමාවන්න. නැවතත් විශ්වට ස්තුතියි...!///

      සහන් පස්සෙත් ඔය විවාදෙන් ප්‍රයෝජන ගත්තා, ඔහුව ප්‍රශ්න කරන්න එන මිනිස්සුන්ට ගහන්න ඔබව රෙෆරන්ස් කේස් එකක් විදියට අරන්. සහන් ඔය ස්කයිප් වලින් එන්න කියන කතාව මටත් කීප වාරයක් කිව්වා, (මම නොසලකා ඉන්න සෑහෙන හේතු තිබුනා).

      මට වෙලාවකට හිතෙනවා සහන් ගෙ ඔය තරහ යන ගතියත් අමාරු වෙලාවක එස්කේප් රූට් එකට ගන්න ගෙනියන ruse එකක් ද කියලා. ටයිට් කෝර්නර් එකක් එනවද, මල පන්න ගන්න. සිම්පල් ප්ලෑන් එකක් නේද? එක එක පාරට එක එක කතන්දර හදනවට වඩා ලේසි විතරක් නෙවෙයි වෙන වෙන පාරට බලන් ඉන්න උන්ට එකම මතේ (සහන් ඉක්මනින් තරහ යන කෙනෙක්) reinforce වෙන නිසා එන්න එන්න වැඩේ ලේසි වෙනවත් එක්ක. (මේක මෙහෙම නොවෙන්නත් පුලුවන්. රත්තරන් වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා මල පනින - ටයිටස් තොටවත්ත එක්කෙනෙක්)

      කොහොම උනත් දැන් සහන් ගෙ ම ක්ලේම් වලින් අරන් බලන කොට සහන් චන්ද්‍රිකා හදන තැන් වලත් වැඩ කරනවා, බිල්ඩිං ප්‍රපෝසල් නුත් ලියනවා!


      Delete
    5. /// ඔබේ චන්ද්‍රිකා විවාදය වගේම මෙතැන විවාදයත් මම සාවධානව බලන් හිටියා. ///

      මම ඉහත කියන්න අදහස් කළේ සහන්ගේ සයිට් එක තුල ඔබ චන්ද්‍රිකා සම්බන්දයෙන් කළ විවාදය සහ අපි මෙතැන කතා කරන විවාදය (ඉන්දික-සහන්) දෙකම මා කියැවූ බවයි.

      චන්ද්‍රිකා විවාදයේ දෙවැනි කොටසේ ප්ලොට් ට්විස්ට් එකකුත් වී ඇති බව දැක්කේ දැනුයි. මම මුලින් ඒක කියවන්න ඇත්තේ 2වනදා වෙන්න ඇති.




      Delete
    6. @Anonymous
      //ඇසට කඳුළු එන ඔහුගේ කතාව මගින් ඔහුගේ හැසිරීමට හේතුව අවබෝධ වුනා. // ඔහු ලක්වූ ලක්වූ ලොකු අනතුරක්(යුද්දයේදී සිදුවු) සහ තව ඔහු ලක්වූ ලොකු මානසික පීඩාවක් නිසා තරහ යන කෙනෙක් බව පෙනුනා එම කතාව සත්‍යද බොරුද දන්නේ නැහැ නමුත් ඇත්ත නම් පශ්චාත් යුද කළමනාකරණය යටතේ ඔහු ප්‍රතිකාර වලට ලක්විය යුතු අයෙක්.

      //ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා//
      //මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි//
      // ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව.//
      එම ලිපියේ මම කියපු කරුණු වලට නිසි පිළිතුරු දුන්න නම් දැනට ශ්‍රී ලාංකිකයන් බොහොමයක් නොදන්නා ලංකාවේ කතාබහට ලක් නොවූ යම් දෙයක් එලියට එනවා. එය නිවැරදි තොරතුරක්. සමහර විට නිසි දවසක ඒ ගැන සහන් ලියයි. එතන සමහර මල්ලේ පොල් පිළිතුරු වලට එක හේතුවක් ඒක අනෙක සහන්ගේ පසුගිය ලිපියේ කමෙන්ට් එකක කියලා තියෙන ඔහු කවදාවත් වාදෙකින් පරදින්න කැමති නැති. අන් මත පිළිනොගන්නා කෙනෙක් නිසා ඔහු එහෙම වෙන්න ඇති.

      ඔබ මෙය නොකියව අත් නම් කියවන්න. එහි මම කල කමෙන්ට් බලන්න
      http://obeth-mageth-addakeem.blogspot.com/2013/07/fighter-pilot-requirements.html
      එතනින් හොදටම පේනවා ඔහු භෞතික විද්‍යාත්මකව වැරදි අර්ථ දැක්වීමක් G force ගැන සදහන් කරපු එක මම පෙන්නපුවම ඔහුගේ හැසිරීම. එතන අනෝ ඇවිත් මට බනින්නෙත් සහන්ම තමයි.

      ඔය සියලු හැසිරීම් වලින් ඔහුගේ නිරුවත පේනවා.

      Delete
    7. විශ්ව,

      සිකුරාද රෑ එකොළහට විතර ඔබට කමෙන්ට් එක කොටල පබ්ලිෂ් කරන්න යද්දි මොකක් හරි කේස් එහෙකට ඉන්ටර්නෙට් අවුල් වෙලා කොටපුව සේරම මිසින් උනා. මල පැනපු පාර වහල දාල නිදා ගත්ත.

      මට සහන් කියන්නෙ කවුද කියන එක ගැන විවේචනයක් හෝ අගය කිරීමක් නෑ. ඒ කාරනය වැදගත් වන්නෙත් නෑ. අපි කතා කරන්නෙ යම් විෂය කරුණු කිහිපයක් ගැන විතරයි. ඒ වගේම මම මොනව කරනවද කියන එක ගැන ලිව්වෙත් ඔබ එය වැරදියට තේරුම් ගෙන නිසා.

      ඒ වගේම සහන් කියන විදියට "විශ්ව මාව පුද්ගලිකව කවුද කියල දැනගත්ත, ඒ නිසා අනික් අයටත් ඒ සත්‍යාවභෝධය කරගන්න එන්න" කියන එක මම හිතන්නෙ අනවශ්‍ය දෙයක් කියල.

      යම් ක්ෂේත්‍රයක ප්‍රවීණයො ඒ ගැන ලියන සටහනක් සහ වටෙන් දන්න අය ලියන සටහනක පැහැදිලි වෙනසක් වෙනත් වෘත්තිකයකුට උනත් අඳුන ගන්න පුලුවන්. ගැළරිට තමයි මාත් ලියන්නෙ, ඒත් තාක්ෂනය හෝ වෘත්තිමය කරුණු ගැන නෙමෙයි, විහිළු සහ එදිනෙදා ජීවිතය ගැන. ඒත් මේ සැරෙ ඒක වෙනස් කරන්න ගිහින් මගේ බ්ලොග් එක මට "බරක්" උනා වගේ දැනුන.

      අනෙක ඔබ සහන් ගැන කර තිබ්බ විශාල අගය කිරීම සහ ඔබේ අංශක එකසිය අසූවක වෙනස ඔහු මාර්කට් කලා ගැළරිය පිනවන්න සහ තමන් පිම්බෙන්න. එහෙම උනත් දැන් මේ කාරණයෙදි ඇත්ත දැක්කම ගැළරියෙනුත් භාගයක් "අපිට හිනා ගියෙ නෑ" කියන තත්වයට පත් වෙලා තියෙනව වගේම මම දන්නව "ඒක තාවකාලිකයි ( බොහෝ විට ඔහුගෙ මීළ ලිපිය එනතුරු පමණයි ) කියල. ඒ නිසා අද මෙතන මට හුරේ දාන් කමෙන්ටු දිහා මම බලන්නෙ උපේක්ෂාවෙන්. ඒ වගේම ආයි ඔහු සමග වාද කරන්න අදහස් කරන්නෙත් නෑ, මට පුද්ගලික අපහස නොකලොත්.

      ඔඅබ අන්තිමට කියල තියෙනව සියලු කරුණුවලින් සහන්ගෙ නිරුවත් පේන බවක්. ඒත් ඔබම තමයි "ඇසට කඳුලු එන" වගේ අතිශයෝක්තිය ආසන්න වචන පිරුනු සුන්දර ආවරනයක් ඔහුට හදල දුන්නෙ. ඒක ඔහු අදට වගේම හෙටටත් පාවිචි කරන නිසා ඔබේ වචන ගැන මින් පස්සෙ පරිස්සම් වෙන්න කියල සුහද මතක් කිරීමක් කරනව.





      Delete
    8. AnonymousDecember 8, 2013 at 1:11 AM,

      "කොහොම උනත් දැන් සහන් ගෙ ම ක්ලේම් වලින් අරන් බලන කොට සහන් චන්ද්‍රිකා හදන තැන් වලත් වැඩ කරනවා, බිල්ඩිං ප්‍රපෝසල් නුත් ලියනවා!"

      ඇනෝ, අයිසින් කේක් සහ ලුනුමිරිස් එකට කනව වගේ කියන්නෙ ඔය වගේ දේට තමයි. ඔන්න ඔහෙ අපි පුද්ගලයව අමතක කරල කරුණු ගැන කතා කරමු. දැක්කද මහසෝන එතන දාල තියෙන කමෙන්ටුව.ඒක දැක්කම මට හිතුනෙමහසෝනට දෙය්යො වැහිල කියල. ඒකම තමයි වෙන්නත් ඕන.

      Delete
    9. විශ්ව ඔබට එක වචනයක් කියන්නම්, තරහකට නොවේ. මම 1:300 ලාභ ප්ලෑන් කරල ගැනීම කලාතුරකින් වෙන දෙයක් මිසක් ප්‍රායෝගික නැහැ කියද්දි සහන් එස්කේප් රූට් එකක් හොයමින් හිටියෙ. (හොඳටම පේනව සහන් මුලින් කතා කරේ සැලසුම් කරල ගන්න ලාභ ගැන මිසක් ෆේස්බුක් වගේ අයිතිකාරයත් පටන් ගන්න කොට නොහිතපු නොහිතපු windfalls ගැන නෙවෙයි කියල). කොහොම වුනත් 1:300 ලාභ පිටට පේන්නෙ නැහැ කියල කියන්න සහන් තටමමින් ඉන්න වෙලාවක ඔබ කොහෙත්තම අදාළ නැති දෙයක් කතා කළේ ලාභාංශ ගැන. ලාභ (profit) කියන්නෙ එකක් ලාභාංශ (dividend) කියන්නෙ වෙන දෙයක්. කොහොම උනත් සහන් ඒකෙ එල්ලිලා පැන ගත්ත "මේ විශ්වත් කියන්නෙ" කියල. (එතනදි පොර සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකටත් පැනල! /// අපේ ෆීල්ඩ් එක ගැන ඔයා අපිට උගන්නන්න එන්න එපා නෝනේ /// )

      ලාභ ගැන වුවත්, ඔබ සමහර විට ඔබේ උදාහරණෙ ගන්න (ලක්ෂ 12 ක් ගෙවා මිලියන කීයක්ද හෙවීම) ඇත්තෙ hypothetically ඔබ කතා කළ දේ පෙන්නන්න. නමුත් සහන් ඒක ගත්තෙ ඔහුගෙ ඉලක්කම් හරි බවට තවත් සාධකයක් හැටියට. ඔබේ උදාහරණෙ තිබුනු ඉලක්කම් ප්‍රායෝගික නැහැ. ඔබට ඒක ගැන සංවාදයක් අවශ්‍ය නම් මට වෙන තැනක් කියන්න, ඉන්දික ගෙ බ්ලොග් එකට සොෆ්ට්වෙයා එන්ජිනියරිං අදාළ නැති නිසා. (සහන් ගෙ එකේ දෙන උත්තර සහන් මකනව නෙ)

      ආයෙත් කියන්නෙ, උඩින් ඇති දේ ලිව්වෙ තරහකට නොවේ. කොහොම වුනත් සහන් ඔබේ නම යොදා ගන්නෙ ඔහුගේ සත්‍යවාදී බව ඔබ එන්ඩෝස් කර ඇති විදියටයි. මේ ලිපියෙත් මුලින් බලන්න

      //// (යම් කිසි අයෙක් එසේ නැහැ කියනවා නම් මම පැහැදිළි කරන්න යන්නෙත් නැහැ. දවසක් මම විශ්ව රංගනාත්ට නම් පුද්ගලිකව කරුණු ටිකක් කීවා යම් දේවල් ගැන) . ////

      ඔබ හරි ඉන්දික, සහන් ගැන කතාව අල්ලල දාමු. පවුලෙනුත් රස්සාවෙනුත් ඉඩ ලැබෙන හැටියට මේකෙ ඉතිරු ටිකත් දාන්න. ලංකාවෙත් ලොකු බිල්ඩිං හැදෙන කාලෙක මේක ඉන්ටරෙස්ටිං මාතෘකාවක්.

      ///// එහෙම උනත් දැන් මේ කාරණයෙදි ඇත්ත දැක්කම ගැළරියෙනුත් භාගයක් "අපිට හිනා ගියෙ නෑ" කියන තත්වයට පත් වෙලා තියෙනව වගේම මම දන්නව "ඒක තාවකාලිකයි ( බොහෝ විට ඔහුගෙ මීළ ලිපිය එනතුරු පමණයි ) කියල. ////

      අනේද කියන්නෙ. අන්තිමට උඹල අපි නරක මිනිස්සු නොවුනොත් පුදුමයක්!

      Delete
    10. එකක් තේරෙනවා . කට්ටියම බය වෙලා මාරු වෙන්න පොටවල් හොයනවා . විශ්ව දෙපැත්තෙන්ම කන්න ගිහින් කෙලවගත්තා .ඇනෝටත් කරගන්න දෙයක් නැතුව ශේප් වෙන්න පාරක් හොයනවා . කර කියා ගන්න දෙයක් නැතුව වැට මැද්දේ හිර වෙලා බලු පූට්ටුව පිටින් .

      Delete
    11. AnonymousDecember 9, 2013 at 12:26 PM

      ඔයා 'බය වෙලා මාරු වෙන්න පොටක් හොයනවා' කියන එක පැහැදිලි නැහැ. ඔයාලට ආතල් දෙන්න සහන්ට ගහන්නෙ නැතුව නවත්තමු කියපු එක ට ද? බය වෙන්නෙ කාට ද සහන්ට ද? LOL.

      ඔයාල සහන් එක්ක තරහක් තියෙනව නම් කොන්ද පන ඇතුව අපි වගේ ඒක එතන කතා කරල බේර ගන්න. අපි ඉන්නෙ ඔයා ල ගෙ ඉම්පොටෙන්ස් එකට ඔයාල ට බැරි දේවල් කරල දෙන්න නෙවෙයි නේ?

      Delete
    12. AnonymousDecember 9, 2013 at 12:26 PM,

      ඔයා ගෙම වුනත් ඒත් ඔයාගෙ නොවෙන ප්‍රොෆයිල් එකකුත් තීනව නේද අසහනයෙන් ඉන්න?

      Delete
  18. /*එහෙනම් මිත්‍ර වරුනි අපි වැඩ පටාන් ගනිමු" කියල ගේමට යනව අර පිස්සු පූසනම්.*/

    ලැයික්...!

    (බ්ලොග් ගඩොල් බ්ලොගයද සිහිවිය)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔය ඉරිසියාව සහ ක්‍රෝධය තියෙන තුරු ඔබට ජීවිතයේ සැබෑ සතුට ලැබෙන්නේ නැත.

      ඔබේ අවලාදවලින් මට කිසිදු අවැඩක් නොවේ. සිදුවන එකම දෙය ඔබේ මනසේ රොගී තත්වය තවත් වැඩිවීමයි.

      දැන්වත් සිත පිරිසුදු කරගන්න. මෛත්‍රී බාවනාව පුරුදු වෙන්න.

      Delete
    3. හිතන්න දෙයක් නෑ.. සක්විති එයා තමයි..

      Delete
    4. කකා,

      බ්ලොග් ගඩොල් ල දැන් ලියන්නෙ නැට්ත්තෙ ලොකු ළමයි වෙලා වෙන්ටැ! මාතලන් කිව්ව හරි. බ්ලොග් ලොව සක්විති රජු ඔබ, සක්විත්ත අර අරය!

      Delete
  19. වලිය අනුමත නොකලත් උඹේ පෝස්ට් එකෙන් ඉගෙනගන්න ලැබුනදේ සෑහෙන්න වටිනව

    ReplyDelete
    Replies
    1. වලි අනුමත කරමි. Some are hilarious!!
      මහසොහොන් පිල්ලිය, Smoking area here. සුරුට්ටු have?

      Delete
    2. සුරුට්ටු එපා මල් නැද්ද ??

      Delete
    3. ඕනය, යුද්දෙ නිසා තමයි ලෝකෙට ජීප්, ඉන්ටර්නෙට් හිටන් ලැබුනෙ. ඒ නිසා වළි අනුමත නොකර ඉන්ට එපා.

      Delete
    4. ප්‍රා, මෙහෙ හෙන රස්නෙයි. සුරුට්ටු කවුරුත් බොන්නෙ නෑ.

      පත්තර මල්ලි,

      තියෙනව කෙහෙල් මල්. ඕනද?

      Delete
    5. පත්තරයා දෙපිටකාට්ටුවා
      අනේ උඹ.. .. .. .. .. ..

      Delete
    6. ඉන්දික බොස්
      කෙහෙල් මල් ද ?? නෑ එපා උඹම තියාගනිං !!

      අම්මට බොල බුවා මචං !!
      මයෙ බොක්ක ..
      කෑල්ලක් ගියත් ඒ කැටයං මගේ නෑ පුතේ !!!
      අපි එහෙමයි !!

      Delete
    7. එහෙනං ගල් මල්! අන්න අරෙහෙ 9.30 එනවලු හෙට. ඒකෙදි සෙට්වෙයන් එක්කො.

      Delete
  20. හොඳ ලිපියක් ඉන්දික. මැජික් නැතුව, බොරු කතන්දර නැතුව, ගැලරියේ විසිල් වලට ලියන්නෙ නැතුව ලියල තියනව. කරුනු වශයෙනුත් මගෙ හිතේ නිවැරදි ඇති. මගෙ ෆීල්ඩ් එක නෙවෙයි.

    එක දෙයක් කලින් ම කියන්නම්. සහන් එක්ක ඔබව කොටවලා ෂෝ එකක් බලන්න ඉන්න අයට නම් එන්ටර්ටේන්මන්ට් සප්ලයි කරන්න එපා. සහන් ගෙ ලෙවල් එකට වැටෙන්නෙ නැතිව, ප්‍රශ්න ආවොත් එලඹි සිහියෙන් උත්තර දෙන්න. පොඩි උපහාසයක් දෙකක් කරාට කමක් නෑ (සහන් කියන සමහර ඒවට එහෙම නොකර ඉන්න අමාරුයි) ඔබේ අරමුණ විය යුත්තේ නොදන්නා අයට ඇත්ත ඇති සැටියෙන් පහදා දීම මිස පුද්ගලිකව සහන් ට ඇරීම නොවන බව මතක තියා ගන්න. කරුණු හෝ අදහස් විවේචනය වරදක් නොවේ.

    මම තමයි සහන් එක්ක කලින් පෝස්ට් එකේ දි වාදෙකට පැට්ළුනු ඇනෝ. මම ඇහුවෙ මෝඩ ප්‍රශ්න කියල, මම සහන් ට තරහ යන කෙනෙක් කියල පෙන්නන්න ආපු කෙනෙක් කියලත්, සහන්ට තරහ ගියපු පාර එතුමා මගෙ පෝස්ට් ඔක්කොම ඩිලීට් කරලා, "අනෙක් අය නොමග යන එක වලක්වන්න". ඉතින් එයාම බුද්ධිමත් කියන එයාගෙ පාඨකයන්ට දැන් මගේ පෝස්ට් බලල ම මම හරිද වැරදිද කියන්න තිබුනු චාන්ස් එක නැති වෙලා. සයිලන්ට් සහන් කියන්නෙ සමහර විට "විවේචක කමෙන්ට් මකලා සයිලන්ට් කරන" කියන තේරුමෙනුත් වෙන්න පුලුවන් නෙ.

    සහන් ගෙ හොඳ පැතිත් තියෙන බව අමතක කරන්න එපා. පේන හැටියට කරුනාවන්ත හිත හොඳ බුවෙක්, රටට ජාතියට ආදරේ ඒ උනාට බොරු ජාතිවාද නැති, **තරමක්** telecommunications සහ economics දන්න. එතුමගෙ වැරදි තමයි බ්ලැක් ඇන්ඩ් වයිට් මිනිස්සු නැති බව තේරුම් නොගෙන, සරල විවචනයක් උනත් කරන්නෙ පතා ගෙන ආපු හතුරෙක් කියල හිතන එක. එතුමා හිතුවෙ මම අරුණි ශපීරො කියල. මට අනුව අරුණි කියන්නෙ තමන් විතරයි දන්නෙ කියල හිතන් ඉන්න, උද්දච්ච විදියට අනික් මිනිස්සුන්ගෙ විරුද්ද අදහස් වලට නිගා කරන, වැරැද්දක් පිලි ගන්න අකමැති ගෑනු කෙනෙක්. ඒ වගෙ කෙනෙක් සහන්ට පෙනේවි කන්නාඩිය ඉස්සරහට ගියොත් නම්.

    "Jack of all trades, master of none" කියල කතාවක් තියනව ඉංගිරිසියෙ. ඒ කියමන බොරු කරපු අය නැතුව නෙවෙයි පෝල් ඇලන්, ලංකාවෙ නම් රේ විජේවර්ධන වගේ. එහෙම උනත් බහුතරයක් ඉන්නෙ කෑලි ටිකක් අල්ලගෙන ටෝක් දෙන කයිවාරු කාරයො. සරළ මතුපිට කරුනු නිකන් මහා ගැඹුරු රහස් වගේ කියන ගමන්, ඩීටේල්ස් වරද්ද ගන්න එකෙන් එහෙම අය අල්ල ගන්න පුළුවන්. අපි සහන් අයිති වෙන්නෙ මේ මොන කුලකයට ද දන්නෙ නෑ. ඒක නිසා සැකයේ වාසිය විත්තියට දීල, සහන් ට නොගහා සහන් කියනෙ කරුණු වලට ගහමු.

    අර මීටිමේ විස්තරේ නම් හිනහයි තමයි. අරය දැන් මෙහෙම කියනව, ඊට පස්සෙ මෙයා මෙහෙම කියනව කියල. නිකන් ප්‍රොෆෙෂනල්ස් ල CEO ල නිකන් රම්බෝ කැරැක්ටර් වගෙ ලියල තියෙන්නෙ.

    සහන් අමතක කරමුකො genuine genius කේස් එකක් කියල. ඊයෙ පෙරේද අර කියවුනු රස්තියාදු කාරය වගේ අය ට උනත් පැවැත්මක් තිබුනෙ කොහොමද? මගෙ හිතේ අපේ මිනිස්සුන්ගෙ විචාර බුද්ධිය අඩු නිසා සහ අපේ මිනිස්සු ඕනෙ ක්ලේම් එකක් ගෙඩි පිටි න් ම පිලිගන්න තරන් හිත හොඳ මිනිස්සු නිසා. ඒකම තමයි මගෙ හිතේ ඔය පිලිකා හොඳ කරන, වතුරෙන් කාර් දුවන, AIDS වලට බෙහෙත් තියන වෙද්දු ජාතික පත්තර වල පවා මාසෙකට එකක් විතර කවර් වෙන්නෙ. කවුරු හරි ඩොකෙක් බලලා කිව්වොත් "මේ බෙහෙත බොරුවක්" කියල අපේ මිනිස්සු ලේස්ති ඌට ගල් ගහන්න, "ඉරිසියාවට විවේචනේ කරනව" කියල. "මම පොර" කියල කෙලින් ම හෝ ***නොකියා**** කියන අයට රැවටෙනව, වඳිනව, පුදනව, ඊට පස්සෙ ගල් ගහනව.

    සතර අගතියෙන් තොරව නිහතමානීව මිනිස්සු දැනුවත් කරන, ඒකම අරබයා ලියවෙන පිලි පෙලක් වේවායි පතමි. සහන්ට කෙලවීමට නොවේ. දැනුම කියන එකට රම්බෝ ලා චක් නොරිස් ලා පහල වෙනු දැකීමට මා අකමැති බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අවංක අදහසට ස්තූතියි. සහන් එක්ක මගේ තරහක් නෑ. ඒත් සහන් කෙනෙකුට කතා කරන්න නොදන්න බාල චරිතයක් කියල මම තේරුම් අරන් ඉවරයි.අනික ඒ තවත් ගානසාර කෙනෙක් විතරයි. ඒ නිසා වුනු දේවල් අල්ලල දාමු. ඔබ එතනදි දක්වපු අදහස් වගේම යථාර්ථය වෙනුවෙන් කල පෙනී සිටීම අගය කරනව. ඒ වගේම මට දුන්න කාරුණික උපදෙස් ඉහලිම්ම භාර ගන්නව. ඒවට බොහොම ස්තූතියි.

      මම මේ බ්ලොග් එක ලියන්නෙ මගේ සහ කියවන අයගෙ "සැහැල්ලුවට". ඒත් මේ කෙහෙම්මලක් නිසා දැන් ඒක බරක් වෙලා :D

      Delete
  21. වාදයක් හොද පැත්ත මෙක තමයි.අපි දැනුවත් වෙනව.බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒ දැනුවත් වීම වගේම මේ දැනුම් දීමත් මේක දිගටම කරගෙන යන්න දෙන හය්යක්. ස්තූතියි දමිත්!

      Delete
  22. උඹ ඕක කලිං එකාගේ ලිංක් සහ උපුටාගැනීම් වලින් තොරව කියන්න ඕනි දේ කිව්ව නම් හොදයි.. ඔහොම කරන එක හරි බාලයි..

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් දැම්මෙවත් නම් කිව්වෙවත් නෑ පෝස්ට් එකේ. ඒත් උපුටා ගැනීම් නොදා කරන්න අමාරුයි බොරුව වෙන් කරල පෙන්වන්න ගියාම. කොහොම උනත් උඹෙ අවංක අදහසට බොහොම ස්තූතියි!

      Delete
  23. වැදගත් තොරතුරු ටිකක් සහිත ලිපියක්.
    මාතෘකාය දකිනකොටම මොකක්හරි අවුලක් ඇති කියල තේරුණා. පස්සෙ කොමෙන්ට් වැටෙද්දි තමයි වැඩේ හොඳටම තේරුම් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත්කාලෙකින් මේ පැත්තෙ! වහිවීද මන්ද :D

      Delete
    2. ඇයි බොලේ නොවැම්බර් මාසෙ පෝස්ට් පහටම මම කොමෙන්ට් දාල තියෙන්නෙ.

      Delete
    3. අහ්.. හනේ බලු ගැත්තාට සමාවුව මැනවි. මේකට ඇල්සයිමර් ආයොබෝන්ඩ!

      Delete
  24. ලංකාවේ තරම් පඬිවරු ලෝකෙ කොහෙවත් නැතුව ඇති.බස් හෝල්ට් එකක බාර් එකේ ඉස්පිරිතාලෙක ඔය ඕනම තැනක සෙට් උනාම දේශපාලනයේ සිට තාරකා විද්‍යාව දක්වා දාර්ශනික ටෝක් දෙන්න සිංහලයා තරම් තවත් ජාතියක් නැහැ.බ්ලොග් අවකාශයේත් ඒ වගේ අන්තර්ජාල පහසුකමත් සිංහලෙන් කොටන්න හැකිවීමත් නිසා මහාචාර්යවරු ...දර්ශනවාදියෝ ...සූපවේදියෝ ...ජීවකයෝ...විතරක් නෙමෙයි සේරිවාණිජලත් සූ ගාල ..කී බෝඩ් පඬිවරුන්ගෙන් උපදෙස් අරගෙන අමාරුවේ වටෙන් නැතුව මුන් මේ තමුන්ගේ ජීවිතේ හිස්කම බ්ලොග් එකක් හරහා නැති කර ගන්න හදනවා කියල තේරුම් ගන්න එකයි වැදගත් .ඔය සහන් කියන උන්නැහෙත් ඒ වගේ.නොදන්නා දෙයක් නැහැ.මේ වගේ මානසික අසහන කාරයින්ට අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අද කාලෙ ඕනම විෂයක් ගැන විචාරකයෙක් වෙන්න ඕන අන්තර්ජාල පහසුකමක් විතරයි.ඊට පස්සේ බ්ලොකුත් අටෝගෙන දන්නා නොදන්නා ඕනම දෙයක් ගැන පොර ටෝක් දෙනවා.මේ හරහා වෙන විපත තමයි ඊයේ පෙරේද ඉපදුන අක් මුල් නැති කොල්ලෝ කුරුට්ටෝ මේ හාල් කෑලි පරමාදර්ශය කර ගන්න එක.නමවත් අහල නැති වෙද්දු ''පණ්ඩිත විලියම් අල්විස්ලා'' බවටත් ආණ්ඩුවට කඩේ යන පත්තරකාරයෝ ''ඩී බී ධනපලලා'' විදිහටත් ඇඳ ගන්නවා! ඒ විතරක් නම් මදැයි බස් රේඩියෝ කියල උලව්වක් අටෝ ගෙන ඉරිදා රෑට ඇවිල්ල මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකව ලිඛිතව නෙමෙයි වාචිකවත් අන්දනවා.

      Delete
    2. ඇනෝ ඩබලටම,


      ඔබේ අදහස සහතික ඇත්ත. මේ තරමට බණ කියන අහන රටක් වෙලත් බනේ තීන විදියට විචාර බුද්ධියෙන් යමක් තේරුම් නොගන්න එක තමයි අපේ උන්ගෙ කරුමෙ!

      Delete
  25. උඹට මීලක් දැම්මා වෙලාවක තිබ්බොත් බලලා රිප්ලයි එකක් දාපං.

    ReplyDelete
    Replies
    1. දැක්ක. මම කමෙන්ට් වලටයි ගෙදර රාජකාරි වලටයි හිරවෙලා උදේ ඉඳම්ම. හවහට ට්‍රිප්ලයි කරනම්. උඹ ගැන මගේ තිබ්බ සුන්දර ප්‍රතිරූපය එහෙමම සුණු විසුණු උනා ඒ මේල දැකල :D :D

      Delete
    2. මොකක් යකෝ...., කමක් නෑ සුන්දර ප්‍රතිරූපයක් තිබිලා තියෙනවනේ එහෙනම්

      Delete
    3. ඔව් බන් මම හිතුවෙ උඹ මේ ජස්ට් පාස් අවුට් පොඩි ගැටයෙක් කියලනෙ!

      Delete
  26. ඉන්දික.....මට මේ සබ්ජෙක්ට් දැණුම බිංදුවයි....හැබැයි මට පොඩි ඉවක් තියෙනවා මිනිස්සුන්ව හඳුණගන්න...මම උඹේ ලිපිය කියෙව්වේ නැහැ මට ඇති වැඩක් නැති නිසා. මම කමෙන්ට්ස් කියෙව්වා..ඉන්දික උත්තර දීමේදි දක්වන සංයමයට මම කැමතියි...තවත් බොහෝ අය කැමති බව පේනවා....කිසි දෙයක් ප්‍රමාණයට වැඩිය ගනන් ගන්න එපා. අර කිව්වා වගේ උඹේ සැහැල්ලුව බරක් කරගන්න එපා..අපි හිස් අතින් ආපු හිස් අතින් යන මිනිස්සු. පොඩි දරුවන්ට සනීප ඇති කියා සිතනවා...

    ReplyDelete
    Replies
    1. අරූ, ගොයම් බර වෙනකොට කරල් පාත්වෙන්නෙ ඇයි කියන එකට වෙන මොන උදාහරණද ඉතින්.

      බොහොමත්ම ස්තූතියි උඹෙ වචන ටිකට. හක්කෙ සහ බොක්කෙ එකක් තියෙන උන් අඩුයි. ඒත කාලයක් මේකේ චාර්ටර් වෙලා යන්තන් දැන් කීප දෙනෙක් හම්බුවෙලා තීනව.

      පොඩිම එකාගෙ ඉන්ෆෙක්ෂන් එක හරි යනකොට ඌට දීපු ඇමොක්සිලින් ඇලර්ජි එකක් ඇවිත් ඒ පාර. ඔහොම තමයි මේ සීතල එනකොට එන්නෙ ලෙඩත් අරන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අල්ලල දාහන් බුවා. උන්ට හොඳනම් අපිට මොකෑ. උන් වවන එව්ව උනම් කපා ගත්තාවෙ, අපි ඔව්වට කරදර වෙන්න ඕන නෑ.

      Delete
    5. බුවාගේ කොන්ද පණ නැති හින්දා තමා දාලා මකන්නේ. නැත්තං තියපියකෝ කියපු එක පේන්නම.

      Delete
    6. @ඇනෝ
      දැන් ශ්‍රී ලංකාවේ වේලාව රාත්‍රී 10.17
      තරහ ගන්න කාරියක් නෑ ඇනෝ

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. ටිකක් සැරවැඩි උනත් මේදේ කියන්නම වෙනව... ඉදිකිරීම් ගැන දැනගැනීම කෙසේ වෙතත් සයිට් දෙකේම තියන කමෙන්ට් කියෙව්වහම තේරෙන්නෙ සමහරු මහ ලොකු ටෝක්ස් දුන්නට කිසිම ස්ථිර අදහසක් නැති, වැල යන පැත්තට මැස්සගහන, එහෙයියො ටිකක් කියල.. විශේෂයෙන්ම විශ්ව... සහන්ගෙ සයිට් එකේ ඌට හුරේ දාල දැන් මෙතන ඌට විරුද්ධව කතා කරනව... කලින් ඇනෝ දාපු කමෙන්ට් නෙමෙයිනම් අර ස්කයිප් කෝල් එක ගැනවත් විශ්ව ඇත්ත කියන්නෙ නෑ(දැනුත් වටේ යනව මිසක් හරි කතාවක් නැහැනෙ.. ) මමනන් සහන්ගෙයි ඉන්දිකගෙයි අගේ කරන ලොකුමදේ තමයි කොන්ද පණ ඇතුව තමන්ගෙ අදහස ඩිෆෙන්ඩ් කරන එක....

    ReplyDelete
    Replies
    1. hi sahan..hw r u

      Delete
    2. @අනෝ
      ඕනෑම කෙනෙකුට තමන් නොදන්න ක්ෂේත්‍රයක් ගැන ස්ථිර අදහසක් නැහැ එය ඔබට මෙන්ම මටත් පොදුයි. කවුරු හරි කෙනෙක් එහෙම ක්ෂේට්‍රයකට අදාළ ලිපියක් තර්කනුකුලව ලියලා ඇත්නම් අපිට දකිනවා එය හරියි කියා. එහෙම තියෙද්දී තවකෙනෙක් එය මෙසේ කියා තවත් තර්කානුකුලව කියුවොත් එක හරියි කියලා හිතෙනවා. එහෙම තමයි ඕන කෙනෙක් සිදුකරන්නේ. යමෙක් නොදන්නා දෙයක් ගැන බොරු ලියා ඔහු මුලාවේ දානවා නම් එහෙම කරන්නා ලොකු හොරෙක්. ඔබ බනින්න ඕන එහෙය්යාට නොවේ එහෙයියා රවටන හොරාටයි.
      යමෙක් භෞතික විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු සහ පරිගණක ඉංජිනේරු යන මම ගුරුවරයකු ලෙස උගන්වා ඇති, මම උසස් අධ්‍යාපනය ලබාගත් ගත් සහ මම දැනට සිටින ක්ෂේත්‍රය යන අංශ වලින් කෙනෙක් බොරු කලොත් මම එතන තර්ක කරනවා විවේචනය කරනවා. යමෙක් ලියන ලිපියක් මම දන්නා පරිදි වැරදි නම් මම තර්ක කරනවා. ඔහුම ඉන්පසු හොඳ ලිපියක් ලියන විට මම හුරේ දානවා.

      Delete
  29. මමත් මේ හිත හිතා හිටියෙ අතේ තියෙන සල්ලි වලින් හවුසින් කම්ප්ලෙක්ස් එකක් හදනවද නැත්තං හොටේල් එකක් හදනවද කියලා.. වැඩේ හිතනවට වඩා අමාරුයි වගේ.. :D

    ReplyDelete
    Replies
    1. බුරා,

      එක උපදෙසයි දෙන්න තියෙන්නෙ. රිමෝර්ට් එකෙන් බිල්ඩින් හදන්න හිතන්න එපා ( අම්බානෙට සල්ලි නැත්තන් ). ඉස්සෙල්ල ලංකාවට ඇවිත්, සාමාණ්ය ගෙයක් වගේ එකක් හදවල මේ සීන් එකේ දේග පලල තේරුන් ගනින්, රැවටිල, පැරදිල ඉගෙන ගනින් කන්ස්ට්‍රක්ෂන් වලදි බාස්ල, හාර්ඩ්වෙයාර් , කන්ට්‍රැක්ටර්ල අපිව වටේ ගෙනියන විදිය. ඉන් පස්සෙ පුළුවන් ලොකු කන්ට්‍රැක්ටර් කෙනෙක් එක්ක වැඩේට බහින්න.

      එහෙම නැත්තන් විස්වාස කරන්න පුලුවන් කම්පැනි එකක් client representative හැටියට පත් කරගනින්. ඒතකොට වෙන්නෙ ඌ වැඩේ හරියට ( කිටූවෙන්න ) කරල දෙනව, අර වංචාකාරයන්ට දෙනවට වඩා ටිකක් අඩුවෙන් ( බොහෝ විට ) ඌට දෙනව. :D

      Delete
  30. කොහොමත් මෑන්ගේ බොරුව වැඩි. උදාහරණයක් විදිහට අර Tesla S කාර් එකේ ෆොටෝස් වගයක් දාල තිබ්බේ number plate එහෙම මකලා. අන්න ඒක තියෙනවා මෙතන . මේක මම අහම්බෙන් දැක්කේ. ඕකේ තියෙන HUD එකේ ෆොටෝ Mazda 3 එකේ . ලස්සනම වැඩේ කියන්නේ 8 kmph කියන ඒක අතින් දාල වගේ තමා පේන්නේ.
    ඔය තියෙන අනිත් ෆොටෝස් එහෙමත් video බැලුවොත් හොයා ගන්න පුළුවන් වෙයි, අපිට වෙලාවක් නැතුවා මිසක් :-) . මට හිතෙන්නේ අර satellite පොස්ට් එකේ සමහර ෆොටෝස් H-IIB එකකින් launch කරපු cubesat එකක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා කාර් එකේ වීඩියෝ ඕනේ තරම් නෙට් එකේ තියෙනවා බන්.නිකන් ගොන් කතා නොකියා හිටපන් සහන්ව පටලන්නෙ නැතුව.ඉන්දික ඇනෝ කමෙන්ට් දාලා අහු වෙලා . මෙතන .ඉන්දික උපශාන්ත කියන සිංහයාගේ නියම බලු ගතිය එතනට ගියාම බලාගන්න පුළුවන්.

      Delete
    2. කව්ද කිව්වේ නෙට් එකේ Tesla S video තියෙන්නේ ඕක විතරයි කියලා, මම කිව්වේ මෑන් ගේ පොස්ට් එකේ ෆොටෝස් අරන් තියෙන්නේ ඔය link කරලා තියෙන video ඒකෙන කියලා. (පොඩ්ඩක් පාටයි, aspect ratio එකයි වෙනස් වුනාට අඳුර ගන්න අමාරුවක් නැනේ)
      ඒකෙන නැත්නම් ඔය video එකේ ඉන්නේ සහන්ද? :-)

      Delete
    3. මම මුලින්ම කමෙන්ට් කරපු ඇනෝ.මම දිගටම මේ දෙන්නගේ වැඩ දිහා බලන් හිටියා.සහන් කියන්නේ තමන්ගේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න කෙනෙක්.තාක්ෂණික දේවල් වලට දක්ෂ කෙනෙක්.බොහෝ පැහැදිළි කිරීම් කරලා තියෙනවා ඉතාම සරළව.බලපු හැටියේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට.ඒවට ඕනේ කරන රූප සටහන් අන්තර්ජාලයෙන් සහ සහන් විසින් හදපු රූප දාලා තියෙනවා.රූප පිටින් ගත්තා කියල වරදක් නැහැ.ඉන්දික මෙතන දාපු රූපේ අරගෙන තියෙන්නෙත් නෙට් එකෙන්නේ.

      ඉන්දිකගේ හැසිරීම නම් පැහැදිළි.තනිකර ඉරිසියාවෙන් ඉන්න කෙනෙක් බව පැහැදිළියි සහන්ගේ බ්ලොග් එකේ නටපු පිස්සුව දැක්කම.ඉන්දිකගේ හීනමානය සහ මානසික රෝගී තත්වය ඉතාම පැහැදිළියි.මීට් පෙර අභීත එදිරිසිංහට කරපු අපහාස බ්ලොග් පුරා දැකලා ඇති ඇනෝ කමෙන්ටු මගින්.මොහු තනිකර ප්‍රෝඩා කරුවෙක්.ඉන්දික උපශාන්ත යනු මානසික බෙලහීනතාවයෙන් පෙළෙන කෙනෙක් බව පෙනේවි ඉහත ලින්ක් එකට ගියාම.වහාම මානසික ප්‍රතිකාර සදහා යොමු වන්න ඉන්දික.එය අපට මහත් අස්වැසිල්ලක්.ඔබ වැනි පුතෙකු බිහි කළ මවට නිගාවක් ඉන්දික.

      මා මුල සිට මේ සියල්ල දෙස බලා සිටි ඇනෝ වෙමි.

      Delete
    4. කව්ද වැඩ කාරයා කව්ද බොරු සිංහයා කියලා දැන් පැහැදිළියි.සහන් වගේ කෙනෙක්ව නැති කර ගන්න එක මෝඩ කමක් මේ වගේ හීනමානය නමැති මානසික රෝගයෙන් පෙළෙන බෙලහීනයෙක් නිසා.

      Delete
    5. නෙට් ඒකෙන් ෆොටෝස් ගත්තු ඒක වැරදි නෑ, ඒ වුනාට,

      1. නෙට් එකේ තියෙන video නම් මොකටද number plate මැකුවේ?
      2. මේ ෆොටෝස් "මගෙන් විතරයි" කියලා ලොකු talks දුන්නේ ඇයි?
      3. Mazda 3 HUD ඒක කොහොමද Tesla S එකේ තියෙන්නේ?

      Delete

    6. මම මුළ සිට බලා සිටියේ ඉන්දික කිරීමට සැරසෙන්නේ කුමක්ද කියා.ඔහුට ඇත්තේ දරුණු ලෙස හීනමානය.සිංහ මූණක් දමාගෙන සිටින විහිළුකරුවෙකුගේ ක්‍රියාවන් ගැන මින් මතු අවදානය යොමු කිරීමෙන් පළක් නැහැ.ඔබ ඉහත දක්වා ඇති දේවල් ගැන ඔහුගෙන් විමසන්න.ඉන්දික සේ

      'පොළොව වුවද පෙරැළීමට හැකියි'
      'ඕවා මහ දේවල් නෙවේ විනාඩි 5 හේ වැඩේ'
      'කළු ගලක් කැබලි කරන්න පැය 4 යි'

      වැනි දේවල් සහන් ප්‍රකාශ කර නැහැ. පොර ටෝක් යනු ඒවායි.ඉන්දික වැනි මානසික රෝගියෙක් සමග මෙතෙක් කලක් සිටි අප ගැන කණගාටු විය යුතුයි.සහන් ඔබට සිදු වූ අපහසුව ගැන කණගාටුවට පත් වෙමි.

      Delete
    7. Tesla S එකේ ප්‍රශ්න වලට ඉස්සෙල්ලම උත්තර දීලා ඉමුද?

      Delete
    8. සිංහයා ඉංජු ඉංජු ඉංජු ................

      Delete
    9. ප්‍රශ්න තේරුනේ නෑ වගේ..

      Delete
    10. මොන මගුලක් ද? මුන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව ඉන්දිකයාගේ profile pic අල්ලාගෙන කරන්නේ

      Delete
    11. දවාලෙ ඉඳලම වෙච්චි දේ මේල් අප්ඩේට් වලින් බලාගෙන හිටියෙ. වැඩ අස්සෙ දෙකොනෙන් හිනා :D

      එක්කෙනෙක් තමන්ගෙ සයිට් එකේම ඇනෝ කමෙන්ට් දාල, ඒවට තම්න්ම ඇනෝ උත්තර දීල නැති සුළි සුළං මවන වැඩේ මම හිතන්නෙ අර උඩ මම කියල තීන පොලු කරුගෙන් කොපි කරන්න ගිහින් වගේ. දැන් එතන කිසි ගෝ එකක් නැති නිසා මේ පැත්තෙ ඇවිත් කකුල උස්සන්න අරන්. අමාරුවෙන් අත දාගෙන පිට කසාගන්න ගිහින් උලුකුවෙන්න ඇහැකි කියල අවවාද කරනව ඇර වෙන කියන්න දෙයක් නෑ.
      තමන්ගෙ උප්පැන්නෙ නමින් බ්ලොග්, කමෙන්ට් කොටන, කියන්න තීන ඕන කෙනෙක්ට කෙලින් කියන මට ආයි ඇනෝ ඇවිත් දාන්න දෙයක් නෑ. අනික එහෙම හැංගිල පොර වෙන්න ඕනනං මටත් තිබ්බ "නිෂ්ශබ්ධ විළියම්" වගේ නමක් දාන් බ්ලොග් කොටන්න. මගේ බ්ලොග් කෙරුවාව ආතල් එකට මිස "මම පොර" න්‍යාය වෙනුවෙන් නෙමෙයි නිසත්, මට හැංගිල ඉන්න තරම් "හේතුවක්" නැති නිසත් ඒ බාල වැඩ කෙරෙන්නෙ නෑ.
      අපහාස කියන්නෙ කෙනෙක්ට නොකල, සත්‍ය නොවන නොවන දෙයක් වෙනුවෙන් කරන චෝදනාව. මම ඔය කියන අයට කියන්න තීන දේ නමින් කියල තීනව ඔනෙනම් ලීගල් ඇක්ෂන් උනත් ගන්න පුළුවන් වෙන්න. ඒව ඇත්ත නිසා තමයි අදාල පුද්ගලයො දෙකොන වහන් ඉන්නෙ. ඒ හින්ද අපහාස කිරීමක් වෙලා නං ඒක ඒ අය බලාගතුදෙන්.
      මිනිහෙකුට ගහන්න ඕන රිදෙනම තැන් බලලයි. ඒක මම කරල තීනව. හොඳ කරගන්නවද වන කරගන්නවද කියන එක තීන්නෙ තුවාලෙ තීන එකා අතේමයි. අනික සමහර නිල බලල ගැහුවම වේදනාව කාලයක් තියෙනව. හරිට ගිනිකන්දක ඇතුලෙ පැහෙනව වගේ. ඒව තමයි ඔය උඩ පිට දාල තීන්නෙත් ටික ටික. ඔහොම ගියදෙන්. තව ලාව පෝස්ට්, කමෙන්ට් ගානක් මේ වෙනුවෙන් රිදෙන මිනිහ නාස්ති කරයි. ඒ හැම අකුරකම කියවෙන්නෙ මගේ පහරෙ බලය, ඒකෙන් දැනුන වේදනාව, ඒකෙන් උන හානිය. කුරිරු දෙයක් උනත් ඒක දකින එක සතුටක්.
      කලිනුත් අදාල තැනම කිව්ව. “ඌර එක්ක රන්ඩු වෙන්න මඩට බැස්ස. ඒත් දැන් මම ගහල ඉවරයි, මඩෙන් ගොඩ ආව. මින් ඉස්සරහටත් ඌරො මඩේ ඉඳන් කරන නැටුම්, නැටුම් නොව වේදනාවට කරන ඇඹරිලි පමණි" කියල මතක තියා ගන්න.

      AnonymousDecember 23, 2013 at 7:57 PM

      උත්තර නැති ප්‍රශ්ණ අහල මිනිස්සු අමාරුවෙ දන්න එපා බං. දැන් ඔය මදෑ රිදිල තීන හරිය.
      මම උඹ කියාපු වීඩියෝ එක බැලුව. අතේ මාට්ටු.
      අර //දැන් මම දාපු ෆොටෝ එක ගූගල් ඉමේජ් වල හොයලා හම්බුණේ නැති උනොත් එහෙම හිත කලබල කරගන්න එපා.. ඔය ෆොටෝ මම කෝල් එකක් දීලා දැන් ගත්තේ " මචන් පොටෝ දෙකක් ගහලා එවපන් කියලා " // කියාපු පොටෝසුත් ඔය ක්‍රමේට වෙන්ටැ "මචං" අරන් එවල තීන්නෙ

      Delete
    12. එකනේ ඔය images, google image search එකට අහුවෙන්නේ නෑ කියලා පොරට ඔච්චරටම sure.
      English videos වලින් නෙමෙයි ඕවා අරන් තියෙන්නෙ කියලා නම් මටත් sure

      Delete
  31. සිංහයන්ටත් නිගාවක්.මේකා වගේ බල්ලෙක් වදපු අම්මලා ගැන කණගාටුයි.අම්මලා බැණුම් අහන එක වළක්වන්න බැහැ පුත්තු බලු වැඩ කරාම.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails