Thursday, September 1, 2016

දෙවියන්ද මිනිසුන්ද තිරිසන් උනේ...?



ඔබ අද දකින මල් හෙට පරඬැල් ලෙස පෙනෙනු ඇත. ඒ ලෝක ස්වභාවයයි. ඊයෙ මල් දී ඇදහූ දෙවියන් මෙදා ගරහන පල් දෙය්යකු විය හැක. ඒ මිනිස් සිතයි. එකම දෙය වෙනස් වන්නට අවශ්‍ය එකම දෙය කාලය පමණි.

සමහරවිට මෙලෙස වෙනස් වන දෙයින් හොඳ කෝකදැයි, හරි කුමක්දැයි ඔබට සිතාගන්න අපහසු තරමට ව්‍යාකූල බව පෙනෙනු ඇත. එහෙත් සත්‍ය නම් මේ දෙකම එකම බවයි.

ඔබට මා විස්වාස නැතිනම්, මේ ගී දෙකම අසන්න. දෙදෙනාම ගයන්නේ එකම කතාවයි, නමුත් එහි තනු දෙකකි, වෙනස් සංගීතයන්ය. එකක් ඔබට මිහිරි විය හැකි අතර අනෙක අමිහිරි අකමැති එකක් වීමට ඉඩ තිබේ. ඒ රසය වෙනස දැනෙන්නේ ඔබ සිටිනා තැන අනුවය.


මේ මාස්ටර්ගේ ගීයයි


මෙය ගෝලයාගේ ගීයයි


සමහරවිට ඔබට මේ දෙකම රස ලෙස දැනෙන්නටද ඉඩ තිබේ. එසේනම් පරෙස්සම් වන්න, පාරේ මැද යාම එක් පසකට වී යාමට වඩා අනතුරුදායකය.


අවිචාර උන්මාද මේ ලොකයේ....
දෙවියන්ද, මිනිසුන්ද නොමගේ ගියේ....//

බල කාමෙ, ධන කාමෙ වැල සේ එතේ....
කරුනාව මුදිතාව පියඹා යතේ....//

ගුණ දහම හැදියාව ගෑවී නැතේ...
රජයාවි තන්හාව මානෙ සිතේ...

අවිචාර උන්මාද මේ ලොකයේ.......

මුලු ලෝකෙ සොලවාල සේසත් නගා....
නැටුවාට ගැයුවාට එක්වී රඟා....//

සැනසෙන්න බැරි වේය එය සහතිකයි....
පරදාල ජය ගන්න ඕනේ සිතයි....

අවිචාර උන්මාද මේ ලොකයේ.......//

කරුණාරත්න අබේසේකරගේ පද වැලකි.

84 comments:

  1. උඹට මොකෝ එකපාරට දෙවියෝ සිහිඋනේ?

    ReplyDelete
    Replies
    1. අහසෙ දෙය්යො නෑ බ්‍රෝ යෝ යෝ

      Delete
  2. සුරේන්ද්‍රගේ ටැලන්ට් එකත් එක්ක ගොඩක් අය ඉරිසියයි...

    ReplyDelete
    Replies
    1. සුරෙන්ද්‍ර සැබෑ දක්ෂයෙක්නම් අනෙක් අයගෙ ඉරිසියාව ගැන වද වෙන්න දෙයක් නෑ. ඇත්තටම කිව්වොත් සුරේන්ද්‍රට ජෝතිගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව තව

      Delete
    2. නාකි වෙන්නත් කලින් නාකි මිනිස්සු වගේ හිතන්න පටන් ගන්න එපා බං.. වර්ථමාන ලෝකය තුල ජීවත් වෙන්න බලහන්.. ඉවර උන අතීතයක් ග්න පාරම් බාන්නේ නැතිව.. උඹගේ මේ කොමෙන්ට් වලට මම කැමතියි...

      Delete
  3. දෙදෙනාම තමන්ට ආවේනික ශෙලියකින් එක ම පද වැලක් ගයයි. මෙන්න මෙතැන්දි තමා ගීතයක රසය ඇත්තේ පද රචනයේ ද සංගිතයේ ද ගායනයේද යන්න නිර්වචනය කරගන්න නොහැකි වන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳ ගීයක් කියන්නෙ ඔය සියල්ලෙ එකතුවක් කියන මේවගෙ තැන් වලදි යළි තහවුරු වෙනව

      Delete
  4. නලියා බස් එක මිස් උනාද

    ReplyDelete
  5. මගේ මනාපය බෙග් මාස්ටර්ගේ වර්ෂන් එකට....... බෙග් මස්ස්ටර් ගායනා කරන මෙලඩි එක යුනික් සහ රසවත්.

    සුරෙන්ද්‍ර ගායනා කරම මෙලඩි එක යුනික් නෑ. අපිට ඇහෙන අච්චාරු ගීතවල මෙලඩි වලම දිගුවක්. ඒ වගේම තනිකරම "බජට්" ලෙවල් එකෙන් "ඉලෙක්ට්‍රොනික් කී බෝඩ් එකක්' විතරක් පාවිච්චි කරලා බොහෝම ලාබ විදිහට හදපු ට්‍රැක් එකක්.....

    ගායන පැත්තෙන් ගත්තොත් බෙග් මාස්ටර් ඔය ගීය පටිගත කල කාලයත්,සුරේන්ද්‍ර මේ ගීය පටිගත කල කාලයත් සංසන්දනය කරමු. බෙග් මාස්ටර්ගේ ගීයේ තියෙන්නේ තනිකර්ම ඔහුගේ "අමු" හඬ.....තාක්ෂනය යොදාගෙන තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. යොදාගෙන නැති තරම්.......දෙවනි ට්‍රැක් එකේ "රිවර්බ්, ඩිලේ" වගේ ලෝකෙත් නැති එෆෙක්ට්ස් දාලා සුරේද්‍රගේ හඬ හරිම කෘතිම කරලා.......

    ඇත්තම කිව්වොත් දෙවන ගීතය මට නම් කන්දොස් කිරියාවක්.......!

    සුරේන්ද්‍රගේ දක්ෂ කම ගැන විවාදයක් නෑ..... ඔහු ඇත්තටම දක්ෂයෙක්. හැබැයි නිර්මාණයක් තෝරාගැනීමේදී තමන්ගේ අනන්‍යතාවය තවම ඔහු හඳුනගෙන නෑ...... ඔහුගේම වන රසවත් නිර්මාණයක් මම ඇහුවා කියලා මට නම් මතක නෑ.......

    ReplyDelete
    Replies
    1. බෙග් මාස්ටර්ගෙ ගීය කල කාලය එක්ක බැලුවම සුරෙන්ද්‍රගෙ වැඩේ අන්තිම පහලින් තියෙන්නෙ කියන කතාවට මාත් එකඟයි.

      වික්ටර් ජෝතිගෙන් වෙනස් වෙන්නෙත්, ශිහාන් සුරේන්ද්‍රගෙන් වෙනස් වෙන්නෙත් ඔය උඹ කිව්ව අන්තිම කාරනාව නිසා. එනම් නිර්මාණ තෝරාගැනීමේ ඉව සහ හැකියාව .

      Delete
  6. ඇත්තම කියනවනම් දෙකම අහල නැති නිසා දෙවැනි එක අහන්න ගත්ත ඉස්සෙල්ලම
    මට සුරේන්ද්‍රගෙ කටහඬ වැඩිය හුරු නෑ - ඒත් ඒක පොඩ්ඩක් අල්ලල ගියා මට මචෝ
    නිකං අර ඩබ්ලිව් ප්‍රේමරත්නගෙ සින්දු ලයින් එකේ සින්දුවක් වගේ හැඟුනේ
    ඔය ඉතින් දැනිච්ච හැටියටමයි කීවේ!

    ReplyDelete
    Replies
    1. සුරේන්ද්‍රගෙ හඬ ඉතාම හොඳයි නමුත් ඒක පරිපූර්ණ ගීයක් නෙමෙයි. දුමිය කිව්ව වගේ ඒකෙ මටත් තනුවයි බාල සංගීතෙයි අල්ලන්නෙ නෑ.

      Delete
  7. කොරන්න දෙයක් නෑ.... කොච්චර අනතුරුදායක උනත් යන්න වෙන්නෙ මැදම තමා...
    ජයවේවා..!!

    ReplyDelete
  8. ගෝලයගේ ටියුන් එක එච්චර හරි නෑ නේද ඉන්දික? :)

    ReplyDelete
    Replies
    1. ගුරාගේ පිට කසනවා ඇර වෙන මොනවා කරන්නද නාකි අය උනාම මාස්ටර් මාරයි නේ තිසර...

      Delete
  9. සුරේන්ද්‍ර බොස් සිංදුව බොක්කෙන්ම කියනවා..ඒත් මියුසික් නං අප්ෂැට් !!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔක්ටෝ පෑඩ් එක ඇහෙන්නේ නැද්ද උඹට ?

      Delete
    2. නෑනෙ බං..හරි මිස්සරෙං වහලද කොහෙද :D

      Delete
    3. ප.ම, කොච්චර බොක්කෙක් කිව්වත් අහගෙන ඉන්න එපා වෙනවනෙ බං අර අනවශ්‍ය සද්ද නිසා

      Delete
  10. මොහිදීන් බෙග් මිය ගිය දින මට හොඳට මතකයි. ඒ දිනවල ඔය ගෝලයෙක් ය කියා ඉන්දික කියන තරුණයා ඉපදී හිටින්නත් නැතුව ඇති.

    ඒ කියන්නේ මේ ගෝලයා සෙල්ෆ් ඇපොයින්ටඩ් ගෝලයෙකු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ගෝලයෙක් වෙන්න පන්තියට යන්නම ඕන නෑනෙ. ඔය ඉන්නෙ බුදුහාමුදුරුවන්ගෙත් ගෝලයො ඕන තරම්.

      Delete
  11. බෙග් ගේ මේ ගීතය කලින් අසා ඇති බවක් මතක නෑ.

    සින්දු දෙකම ඇහැව්වා. ස්තුතියි.

    පදවැල ලිවීමේ දී ඉන්දික යොදා ඇති // ලකුණු බෙග් ගේ ගායනයට අනුව වැරදියි. ගෝලයා ගේ ගායනයට අනුව ඉන්දික // ලකුණු යොදා ඇති බව පේනවා.

    ඒ කියන්නේ ඉන්දික යන්නේ පාරේ මැද නොවෙයි?

    ReplyDelete
    Replies
    1. මේ ගීය මුලින්ම ඇහුවෙ අදය කියන එක පුදුම වෙන්න දෙයක් නෑ, මොකද දිලීප අබේසේකරත් දැනගෙන ඉඳල නෑ මේක බෙග් මාස්ට කිව්ව කියල.

      රසික, අපිට හැම තිස්සෙම පේන්නෙ අපි බලන කෝණයෙන්. ඒත් ඒකට සියල්ල පේන්නෙ නෑ.

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මාත, මේ වැසිකිලියක් නෙමෙයි, මැටි පිඩක්. කැමති කෙනෙකුට කැමති දෙයක් මේකෙන් හදා ගත්තෑකි.

      තිස්ස, දුමිය එක රූපෙකුත්, පත්තරේ, ගස්ලබ්බ සහ මාතලන් තව ජාතියක රූපත් රසික ඔහු දකින් රූපයත් හදා ගෙන තියෙනව.

      ඒව තව කෙනෙකුගෙ පුද්ගලිකත්ව සීමා අතික්‍රමණය නොකරන නිසා මෙහි තියේවි. ඒත් කවුරු හර් මෙතන ජරා කරන්න හෝ අනෙකාගෙ නහයට එහා යන තමන්ගෙ හැරමිට්ට වනන්න ගත්තොත් හේතු නොදක්වාම ගලවා දානු ඇති.

      Delete
    3. ඉන්දික,

      මගේ කමෙන්ටුව මකා දැමීම ඔබේ අභිමතයයි.

      නමුත්, එහි කිසිදු අසභ්‍ය කතාවක්, අපහාසයක් හෝ අනවශ්‍ය දෙයක් තිබුණේ නැත. කරුණාකර ඒ බව තහවුරු කරන්නේ නම් කෘතඥ වෙමි.

      -රසික

      Delete
    4. රසික, එහි කිසිදු අසභ්‍ය කතාවක් හෝ අපහාසයක් තිබුණේ නැත. නමුත් එය අනවශ්‍ය බව මා තීරණය කලෙමි.

      Delete
    5. රසික, එහි කිසිදු අසභ්‍ය කතාවක් හෝ අපහාසයක් තිබුණේ නැත. නමුත් එය අනවශ්‍ය බව මා තීරණය කලෙමි.

      පුහ්!

      Delete
  13. මැද පාරෙ යන එක හොඳ වුනාට පාර මැද යන්ඩ හොඳ නෑ තමා....

    මේ ගෝලයා ගැනනම් දන්නෙම නෑ.. සමහර විට අද ඔහු බෙග් මාස්ටර්ගේ සිංදු වලින් ලක්ෂ ගනන් හොයනවා වෙන්නත් පුලුවන්.. ඉන්දිකට මතකද දන්නෑ බෙග් මාස්ටර්ට අඳුන වැඩ සටහනෙදි ඇඬුනා ඔවුන්ට ගීතයකට ගෙවන ගාන ගැන කතා කරද්දි...

    අද නව පරපුරේ ගායකයොනම් ගුවන්විදුලි නාලිකා වලට ලක්ෂ ගන්න ගෙවලලු ඔවුන්ගේ ගීත ප්‍රචාරය කර ගන්නේ... කාලය මැවු වෙනසක අරුමේ !

    ReplyDelete
    Replies
    1. මේක හොරකමක් නෙමෙයි, දිලීපලගෙ නොදැනීම නිසා වෙච්චි දෙයක්.

      බෙග් මාස්ටර් සල්ලි හෙව්වෙ නැති උනාට පුතා දන්නව මාකට් කරගන්න විදිහ.

      නව පරපුරේ සින්දු අහනවට අපිටත් සල්ලි දෙන්න ඕන හරිනං

      Delete
  14. මමත් ඔය අන්ත දෙකේම සින්දු අහනවා! හැබැයි මටත් මෙතනදි හිතෙන්නේ මාස්ටර් ගේ වර්ෂන් එක හොඳයි කියලා. සුරේන්ද්‍රගේ සින්දුවේ ටෙම්පෝ වැඩියි වගේ.. කලබලේ වැඩියි.. ඒ මෙලඩි ස්ටයිල් එකම තියෙන ග්‍රේෂන් ආනන්දගේ සින්දුවක ඒ කලබල ගතියක් දැනෙන්නේ නෑ..
    ඇත්තටම සුරේන්ද්‍ර කියන්නේ ග්‍රේෂන් ආනන්ද ගේ අඩුව පුරවන්න පුලුවන් කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. සුරේන්ද්‍රලට ලැබුන ජනප්‍රියත්වය මාස්ටර්ල වගේ කට්ට කාල ගත්ත එකක් නොවීමත්, හොඳ සින්දුවක් තෝරගන්න තියෙන ඉව නැතිකරන්න හේතුවක් වෙන්න පුලුවන්.

      Delete
  15. බෙග් ගැන හිත හිත අනිත් එක ඇහුවොත් නං බයිලයක් වගේ තමා.. ඒත් මුකුත් හිතේ නැතිව ඇහුව නං කැතක් නැහැ.

    දෙයියම්පා.. උම යහතින් නේහ්.. හැක්

    ReplyDelete
    Replies
    1. හිතේ මුකුත් නැතිව මොකවත් අහන උන් කොහෙද බං ඉන්නෙ?

      උඹල හැදුවට අපිව එහෙම වළපල්ලට යවන්න ලේසි නෑ ඩෝ

      Delete
  16. වෙනස් කියල විතරයි තේරෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වෙනස.
      ඇයි මොකද?

      Delete
    2. වෙනස සැපද?

      Delete
    3. සැරද ගරු ප්‍රා ජේ
      අයිවන් ගේ හතුරා....
      ඒ සුබ මගුල් සඳහා
      ලියමු සින්හල බ්ලොගක් සඳුදා

      Delete
    4. ලියන මගුලක් තේරෙන්න ලියන්න. නොතේරෙන කවි එපා. අපි දැන් හරි සැරයි. දේසේ හැටියට වාසේ හා බාසේ, හරිය?

      Delete
    5. // අපි දැන් හරි සැරයි. දේසේ හැටියට වාසේ හා බාසේ, හරිය? //

      ඇයි..
      වනාතමුල්ලට පදින්චියට ගියාද හිටන්?

      Delete
    6. වුනත් මා සතුරා
      ප්‍රා ජේ සමග සරසා
      චතු නංගිගේ පියා සිරියා
      ලව්වා දෙන්නෙමි ඩොලර් ඔසියා

      Delete
    7. @ සරාස්තුමා,
      වනාතමුල්ලෙ නෙමෙයි මේ දවස්වල බ්ලොග්වල හිටියනෙ

      Delete
    8. //චතු නංගිගේ පියා සිරියා
      ලව්වා දෙන්නෙමි ඩොලර් ඔසියා //

      චතූ නන්ගී සමගින්
      ලවු එකක් නැත්නන්
      මේ දෑස මක්කටෙයි
      කියා වැළපේ අපේ අයිවන්!

      Delete
    9. චතු නංගි සෙක්සි කෙල්ල
      මූණට එයි කෙස් කැරැල්ල
      ලව් එක මගේ පුරා බොක්ක
      සිරා මාමි තමයි කොක්ක

      සාරසා & ප්‍රාජේට බැරිද සපෝට්ටුවක් දෙන්න

      Delete
    10. සිරා මාමි මේ අහන්න
      චතූ නංගි මූට දෙන්න
      ඊට පස්සෙ වටේ ඉන්න
      අපි දෙන්නං පොරි හැලෙන්න

      Delete
    11. පත්තර බ්‍රෝ මේ අහන්න
      කවදාවත් එපා ඔන්න
      සාරසගේ ලනු ගිලින්න
      බැරිවෙයි බොට දිරවගන්න

      එන ඡ්ංදෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ
      මට මනාපනං ඕන පදං නෑ වරදින්නේ
      එක මනාපයක් නැතුව තමා මං ලතවෙන්නෙ
      අනෙ චතූ නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

      Delete
    12. ප්‍රා, ඒ ඇති. අනික් පහල උංගෙ කමෙන්ට් වලට බෙල්ල තියන්න මට බෑ, මේන් මන් පැන්න.

      Delete
  17. ඉන්දික, බලපන් කවුරුවත් උඹේ මේ වටිනා සටහනේ යටිපෙළ කියවා නැති හැටි. මකපු කමෙන්ට් දෙකේ මොනවා තිබ්බද කියල මම දන්නෙ නැති උනත් උඹේ සටහන මා නොමඳව රසවිඳි බව කිව යුතුමයි.

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ටුව මකා දැමීම ඉන්දික ගේ අභිමතයයි.

      නමුත්, එහි කිසිදු අසභ්‍ය කතාවක්, අපහාසයක් හෝ අනවශ්‍ය දෙයක් තිබුණේ නැත. කරුණාකර ඉන්දික ඒ බව තහවුරු කරන්නේ නම් කෘතඥ වෙමි.

      Delete
    2. මගේ එකේද වැසිකිලියක් ගැන සඳහන් වූවට කුණුහබ්බ තිබ්බේ නැත. එවන් කොමෙන්ටුද කපා දැමීම තරයේ හෙලා දකිමි...

      මීට මාතලන් බබා

      Delete
    3. ඕන් ඔය තමයි හැලපෙලාටත් වැරදුන තැන... මම මේකේ යටිපෙල නියෙමෙටම කියෙව්වා පළවෙනි කොමෙන්ටුවත් මගෙයි.. එහි යටි පෙලත් ඔබට තේරෙන්න ඇති... මේ දවස්වල හැමෝම පබ්ලික් ටොයිලට් ඕපන කරනවා කස්ටියට රීලා යන්න..

      අනේ වඳින්නම් මේක කපන්න එපා... හැලපෙට දාපු කොමෙන්ට් එකක්...

      Delete
    4. එහෙනං මාතලන් මේ වලියට අපි ගුත්තිල මුසිල නාඩගම කියල නම දාමුද? රසිකත් ඒ නමට කැමති වෙයි.

      Delete
    5. අවුලක් නෑ... මොකෝ ගුරා තත් සිඳගෙන නාගෙන ඉන්නේ... හැම ගුරාගෙම වීණාව තත් සින්දට වදින්නේ නෑ... උඹ දැක්කද එක කොමෙන්ට් එකක් චා විදියට ගුරාට ගහලා තියෙන. ඉතින් මහත්වරු කව්ද කියලා මොළයක් තියෙන ඕන කෙනෙක්ට පේනවා. දැනට මෙතන වැදගත් විදියට සාකඡ්චාව යනවා.. ඒත් ඉතින් අර හැම තැනම චා කරන උන් මෙතනටත් එයිද දන්නෙ නෑ..

      Delete
    6. හැළපෙ, උඹගෙ සටහනට ස්තූතියි. නාඩගම කියන වචනයට ප්‍රබුද්ද සහ පීචං දෙකෙන්ම තේරුම් තියෙනව නේද?

      Delete
  18. සුරේන්ද්‍රට බෙග් මාස්ටර්ගේ ගෝලයා කිව්වේ ඇයි ?

    සුරේන්ද්‍ර තාම අනන්‍යතාව හොයාගෙන නෑ.

    ReplyDelete
    Replies
    1. හෑ. මෑන් ඇනෝද එන්නෙ?

      Delete
    2. ඔව් .. හිටපු ගමන් බෙග් මාස්ටර්ගේ ප්‍රොෆයිල් එකෙනුත් එනවා , ජෝතිපාල මාස්ටර්ගේ ප්‍රොෆයිල් එකෙනුත් එනවා

      Delete
    3. // සුරේන්ද්‍ර තාම අනන්‍යතාව හොයාගෙන නෑ. //

      orientation problem?

      Delete
    4. //සුරේන්ද්‍ර තාම අනන්‍යතාව හොයාගෙන නෑ//
      මං හිතුවෙ බුවා වැඩේ කරගන්න ඇති කියල. දවසක් කැප්පෙටිපොල මාවත පැත්තෙදි දැක්ක පුලිදෙවි කාර්යාලෙට ගිහිංද කොහෙද!

      Delete
    5. පුලිදෙවි එකේ හිටගෙනද හිටියෙ

      Delete
    6. පුලිදෙවි එකේ හිටගෙනද හිටියෙ

      Delete
    7. ඉවාන්,

      //සුරේන්ද්‍රට බෙග් මාස්ටර්ගේ ගෝලයා කිව්වේ ඇයි ? // හෙහ් හෙහ්, මම අහයි කියල බලාපොරොත්තු වෙච්චි ප්‍රශ්ණයක්.. කොහෙද එහෙම කියල තියෙන්නෙ? අපිට හුඟක් වෙලාවට වෙන්නෙ ඕකයි, වචන අතරට අපේ අදහස් දාල කියවනව.

      සුරේන්දර අනන්‍යතාව හොයනවද? මම හිතන්නෙ නෑ.

      යකෝ මුංගෙ මේ වාටි කමෙන්ට් වලට තිස් පහක් දීල වීල් එකක් ගන්න ඕනනෙ බලන්න එන්න..හැක් හැක්

      Delete
    8. //"හෙහ් හෙහ්, මම අහයි කියල බලාපොරොත්තු වෙච්චි ප්‍රශ්ණයක්.. කොහෙද එහෙම කියල තියෙන්නෙ?"//

      ඉන්දික , එහි කිසිදු අදාලතාවයක් හෝ අනුරූපතාවක් තිබුණේ නැත. නමුත් එය ඇසීමට අවශ්‍ය බව මා තීරණය කලෙමි.

      හැක හැක කෝමද ගේම .....

      Delete
    9. ගේම නෙමේ මං මේ ඊමේල් වලින් පිළිකන්න දිහා විතරක් බලං උන්නේ..හැක් හැක්

      Delete
  19. ඔන්න බලහල්ලාකෝ මේ සින්දුව සුරේන්දගේ එකක් කියලානේ මම හිතාගෙන හිටියේ.බෙග් මාස්ටර් කියනවා මේ සින්දුව මෙයට කලින් අහලා නැහැ.
    පාරේ මැද යන එක කොහොමත් භයානකයි.පේමන්ට් එකේ යන එක තමයි ආරක්ෂිත.

    ReplyDelete
    Replies
    1. මනෝ, මේ පදවැලේ වර්තමාන අයිතිකාරයොත් නොදැන උන්න එකේ උඹ මොකෑ. කොහොමද අලුත් ජීවිතේ, සතුට සැපත රස උතුරන්නේ ද?

      Delete
    2. //කොහොමද අලුත් ජීවිතේ, සතුට සැපත රස උතුරන්නේ ද?//

      එසේමැයි ඒ රස ගඟුලේ කිමිදී සැනසෙන්නෙම්.

      Delete
  20. මටනං බෙග් මාස්ටර්ගෙ සින්දු එයාගෙ පුතා ඉෂාක් කිවුවත් අර තරං හරියන්නෙ නෑ.
    අනික සින්දුවෙ තේරුමේ හැටියට ඕන මියුසික් එක දාන්න. දැං සින්දු අහන එවුවො වැඩි හරියක් අහන්නෙ මියුසික් එක විතරයි. ඉතිං සින්දු හැදෙන්නෙත් ඒ ට්‍රෙන්ඩ් එකට තමයි.

    ReplyDelete
  21. බෙග් මාස්ටර් කියන්නෙ මනුෂ්‍යකම උපරිමයෙන් තිබ්බ කලාකාරයෙක්. නැතුව බොරුවට ඕඩියන්ස් එකට හිනා වෙන වික්ටර් පන්නයේ කුහකයෙක් නෙමෙයි.

    ReplyDelete
  22. Online Casino - Kadangpintar
    Online Casino. Online Casino. Betting company. 24-hour febcasino entertainment. No. In-line casino worrione gaming. kadangpintar Play Slots, Blackjack, Poker. Join.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails