Sunday, September 26, 2010

අන්කොමන් කොමන් සහ පුවර් වෙල්ත්


අන්තිමට මට හිතෙන හැටි නවත්තපු තැනින් පටන් අරන් පහුගිය දවස්වල අහපු දැකපු විඳපු කතාටික මේ බ්රහස්පතින්ද ඉඳල ලියන යනව කියල හිතන් හිටියත් අද BBC එකේ asianweek බැලුවට පස්සෙ මේ ගැන නං යමක් නොලියම බෑ කියල හිතුන.

මං හැමදාමත් හිටියෙ අල්ලපු රටට විරුද්ධ පැත්තෙ.

ඉතිහාසෙ ඉඳල ලංකාවට ඉන්දියාවෙන් එක හොඳක් එනකොට නරක් දෙකක් නැත්තං ඊට වැඩි ගානක ආව කියන එකයි මගේ අදහස.

අදත් අපිට ඉන්න ලොකුම හතුර ඉන්දියාවයි. අපි අද අත්දකින ගොඩක් දේශපාලන පුරස්නවල ඉන්දියන් ගඳ තමයි මටනං එන්නෙ.

එහෙව් ඉන්දියන් කාරයො නා ගන්නකොට මටනං අවංකවම හරිම ආතල්!

ඔව් ඒ අපේ අල්ලපු රටේ අපේ ජාතියෙම ( ජාත්යන්තරයෙදි අපි ඔක්කොම එක ගොඩට තමා වැටෙන්නෙ ) අපේම උන් තමයි, ඒත් ගමේදි ඒ බයිල නෑනෙ.

සමහර අපේ මැටි මෝල් බවලත්තු, ගොය්යො විතරක් නෙමෙයි යමක් කමක් උගත් ටැබූ වගේ මහත්තුරුත් හින්දි ෆිල්ම් දැකල, බැන්ගලෝර් වල දිල්ලි වල අලුත් එයාර්පෝට් නැත්තං සිලිකන් සිටි එකේ බිල්ඩිමක් දෙකක් දැකල දැන් ඉන්දියාව මාර දියුනුයි කියල හිතින් උන්නට ඇත්ත කතාව ඒක නෙමෙයි.

කැනඩාව එක්ක ගේම ඉල්ලල කොමන්වෙල්ත් ගේම් එක ඉල්ලගත්තට ගේම හරියට දීගන්න බැරුව දැන් හත්පොලේ ගාං නානව කියලයි ආරංචිය.

ඔය උඩ පින්තූරෙ තීනෙ ක්රීඩා ගම්මානෙ ගෙයක වැසිකිලියක්, මීට දිනකට ඉස්සෙල්ල ගිය මාධය්වේදියෙක් දැක්ක හැටි.

BBC ය කියන විදියටත් ආපු ස්කොට්ලන්ත, එංගලන්ත ක්රීඩා කණ්ඩායම් කළමානකරුවන්ටයි, BBC එකේ පෙන්නපු රූප රාමුවලටයි අනුවනං බහුතරයක් ගෙවල්වල සෑහෙන්න වැඩ ඉතුරුවෙලා, විතරක් නෙමේ අන්තිම බාල ඉදිකිරීම නිසා නිමක් නැති ප්රශ්න!

මේ කියන කතා අපිටනං අරුමයක් නෙමෙයි. අවුරුදුගානක් ඉන්දියන් කාරයො එක්ක වැඩකරල මේවගේ දේවල් උන්දැලටනං සාමන්යයි කියන එක අපි දැනං ගොඩක් කල්.

අන්තිම මොහොතෙ පාළං කඩන් වැටෙන, අවුරුදු 5ක් තිස්සෙ හදලත් අන්තිම මොහොත වෙනකලුත් කීර්ඩකයන්ට ටෙස්ට් කරන්න ක්රීඩාපිටිය දීගන්න බැරි උන, මේ රත්තරං අවස්ථාවත් පගාවට යටකොරන් රටට විතරක් නෙමෙයි මුලු කලාපෙටම ආයි මෙහෙම තරඟයක් ගන්න තීන අවස්තාවත් අහිමිකරපු ඉන්දියන් කාරයොන්ට වඩා පොරවල් නෑ කියල හිතං ඉන්න මහත්වරුනි, සප්තා සීපා ගහල පාවඩ දාල ගෙන්න ගන්න හදන්නෙ මෙහෙම වැඩකාරයොද, මෙච්චර පොරවල් කියල හිතන් ඉන්න අයියල කොයිතරන් දුරට පොරවල්ද කියල දැන්වත් පොඩ්ඩක් එලියට බැහැල වට පිට බලල හිතා ගන්නඑක අපේ ඊළඟ පරම්පරාවෙ සරීර සෞක්යට ගුණ වෙන්න පුලුහං..

ඒ විතරක් නෙවි,දෙදාස් කීයෙද මන්ද කොමන් වෙල්ත් තියන්නතරං වෙල්ත් එකක් බලාපොරොත්තුවෙන අපේ අය්යිලටත් අනික අතින් මෙව්ව හොඳ පාඩං..( එහෙම බැලුවම පාඩං නං කොච්චර කියලද, මොකාට ඔයහැටි ඉගෙනගත්තැකිද නේද? )

Thursday, September 23, 2010

කාලෙකට පස්සෙ ඔන්න ආව...


මොනා ලියන්නත් කලින් වත් ටයි හසිත මලයටයි ගොඩක් ස්තූතියි, මූ උන්නද මලාද කියල හරි අහල ගියපු එකට.

මාව තාම ඉස්සුවෙ නෑ..මමම ඉස්සුනා...

රස්සාව මාරු උනා. ගේ මාරු කරා. හැමදේම වැඩි හොඳට කරාට මොකද දැන් දවසට පැය දහයක් වැඩ. ඒකත් කේරළ තියුනු තල, කම්මැලි සුද්දො, මෝඩ බෙන්ගාලි එක්ක කරන මරු සටනක්.

අලුත් කොම්පැනියෙ බ්ලොග් බලතෑකි, ඒත් සිංහල දාගන්න බෑ, ඇඩ්මින්ස්ට්‍රෙටරය ඔක්කොම බ්ලොක් කරල. ගෙදරට ජාලෙ හයිකොරේ ඊයෙ රෑ.

ආයි ලබන සතියෙ ඉඳල ඉතුරු බයිල ටික ලියන්න පටන්ගතෑකි. පහුගිය මාස දෙකේදි කට්ටිය සෑහෙන ලියල, හරියට මං නිකන් ඉතිහාසෙ හිර වෙලා ඉන්දැද්දි ලෝක් ඉස්සරහට ගියා වගේ..

එහෙනං ඕං ආයිම සැරයක් ආයි බෝං කිව්ව, හම්බවෙමු...

LinkWithin

Related Posts with Thumbnails