Saturday, January 31, 2015

ලැම්බොගිනි කිහිපයක්ම සඟවා තැබූ මඩුවකින් සොයාගනී!!






පසුගිය දිනක මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ ලැම්බොගිනි වර්ගයේ රථ කිහිපයක් මැදමුලනේ කුඹුරක් අසල මඩුවක සඟවා තිබී සොයා ගත්බවට අපට ඉතාම විශ්වාස කටයුතු වාර්ථාවක් ලැබී ඇත. අදාල පුවත යම් තාක්ෂනික හේතු නිස තවම කිසිදු මාධ්‍යක පල කල නොහැකි වී ඇති නමුත්, යහපාළනයේ නාමයෙන් ඔබට මෙසේ ඉදිරිපත් කරමු!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




පින්තූර අන්තර්ජාලයෙනි. මේ දිනවල ලැම්බෝ මෙහෙයුම නිසා ඇති අධි කාර්‍යබහුල තත්වය මත මීටවඩා විස්තරයක් ලිවිය නොහැක.

Friday, January 9, 2015

සටන ඇරඹුනා පමණි ....!



සිරිසේන ජනපති තුමණි. ඔබේ තත්වය ඉතිහාසයේ වූ කවර හෝ ජනාධිපති චරිතයකටත් වඩා අවධානම් සහ අභියෝගාත්මක එකකි.

ඔබ විසින් ඉටුකල යුතු දෑ බොහොමයකි. ඒ සියළු කරුනු සඳහා ඔබට ඇත්තේ මීලඟ මහ මැතිවරනය තෙක් වූ සීමිත කාලය පමණි.

මතක තබා ගන්න, ඒ වනවිට ඔබ කණ්ඩායම පොරොන්දු වූ සාධනීය දේශපාලනය බිහිකිරීමට අවශ්‍ය මූලික පියවරයන් නොගත්තේනම්, මේ ඔබ වෙනුවෙන් කඩේ ගිය අප බහුතරය ඔබට එරෙහිවනු ඇත.

එහි ප්‍රථිඵලය කුමක් විය හැකිදැයි සිතාගැනීමට තරම් ඔබ පරිනත වී ඇතැයි අප තවම විශ්වාස කරමු.

ඔබතුමන් ප්‍රමුඛ පිරිසට පරෙස්සමෙන් ඒ සද් කාර්‍ය කරගැනීමට අවශ්‍ය ධෛර්‍ය සහ ශක්තිය ලැබේවා..!!





ඔබ වෙනුවෙන් කඩේ ගිය විදේශ කුමන්ත්‍රණ කරුවන් පිරිස වෙනුවෙන්...,

Monday, January 5, 2015

මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Tribute to Mahinda Rajapaksha


තිස් වසක් තිස්සේ පැවති කුරිරු යුද්ධය බිහිසුණු බව, එයින් වූ අපමණ හානිය ගැන ඔබ සැමට ඇති තරම් අත්දැකීම ඇතුවාට සැක නැත!

තවත් පරපුරකට එය ඉතිරි නොකරමින්, යුධ භීතියෙන් අප මුදවාලමින් එය නිමා කිරීමට අභීතව පෙරමුණ ගත්, ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් රැක ගැනීම සහ එතුමන්ට කළ ගුණ සැලකීම ජාතියේ යුතුකමකි.

මේ එලැඹෙන්නේ ඒ සඳහා සුදුසුම මොහොතයි...!

අදද එතුමන්ට විරුද්ධ චන්ද්‍රිකා කල්ලිය 2005 දිද අහක බලා සිටිත්දී, එතුමන් බලයට ගෙන ඒම වෙනුවෙන් කඩේ ගිය හිතවත් ජෙප්පන්න්ට මුදලින්, ශ්‍රමයෙන් සහ ද්‍රවම්‍ය වශයෙන් අධාර කරමින්, හැකි හැම ඡන්දයක්ම මහින්දට ලබා දීමට උපරිමයෙන් වැඩ කල පුදගලයකු ලෙස, මගේ උපහාරය සහ කළගුණ සැලකීම වස්, පහත යෝජනා ඉදිරිපත් කරන්නෙමි.

1. එළඹෙන රජයේ ප්‍රමුඛ කාර්‍ය්ක් ලෙස සලකා, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ආරක්ෂිත සහ සුවපහසු නව නිවසක් තැනීමට සුදුසු ස්ථානයක් මැදමුළන හෝ තංගල්ලෙන් සොයා, එයට දළ සැළස්මක් සමග ඇස්තමේන්තුවක් නිර්මානය කිරීම "මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්‍යංශයට" පැවරිය යුතුය. මේ සඳහා උපරිම ලෙස දින තිහක් වෙන්කල හැක.

2. අදාල ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුදල් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අනුමත කරගෙන, ඉංජිනේරු සංස්ථාව ලවා ඉදිකිරීම් වහාම ඇරඹිය යුතුය.

3. උක්ත මන්දිරය දින එකසිය අසූවක් තුල නිමකර, චාම් රාජ්‍ය උත්සවයක් පවත්වා ගරු හිටපු ජනාධිපතිතුමන්ට උපහාරයක් ලෙස පිදිය යුතුය.

4. හිටපු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක සේනාව ලෙස, ඉතා සාධාරණ තාක්ෂනික ඇගයිමකින් පසු, සුදුසු භට පිරිසක් එතුමන්ගේ අභිමතයට යටත්ව ලබා දිය යුතුය.

5. මහින්දරාජපක්ෂ මහතා සඳහා වෙඩි නොවදින මෝටර් රථ දෙකක් හෝ තුනක් සමඟ, ආරක්ෂකයන්ට සහ බිරිඳට ගමණ් පහසුව පිනිස රජයේ මුදලින් නඩත්තුවෙන ප්‍රමාණවත් රථ සංචිතයක් ලබාදිය යුතුය.

6. රට වෙනුවෙන් කල සේවය සලකා, රාජපක්ෂ මහතාගේ නමටම ඇති පුද්ගලික බැංකු ගිණුම්, මුදල් සේප්පු යනාදිය පරීක්ෂා නොකිරීමටත්, ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව වුව ඒවාට විරුද්ධව නඩු නොදැමීමටත් කටයුතු කල යුතුය ( සැයු. රාජපක්ෂ පවුලේ හෝ මිත්‍රයන්ගේ දේපළ සම්භන්ධයෙන් එවන් සහනයක් අවශ්‍ය නොවේ ).

7. මේ වනවිට කේ.පී නම් කොටියා සැප ගන්නා කොළඹ විසුම්පාය, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ අගනුවර නිළ නිවස ලෙස පවරා දිය යුතුය.

8. කොළඹ ගාළු මුවදොර පිටිය අසල, පෙර බණ්ඩාරනායක පිළිමය පැවති අයුරින්, මහින්ද රාජපක්ෂමහතාගේ විශාල පිළිමයක් ස්ථාපනය කල යුතු අතර, තවත් එවැන්නක් පාර්ලිමේතුව ඉදිරිපිටද ස්ථාපනය කල යුතුය.


9. යම් විදේශ කුමණ්ත්‍රණයක්, අතපෙවීමක් මගින් මහින්ද, ගෝඨා, බැසිල් සහ අනෙකුත් ත්‍රිවිධහමුධාපතීන් හට ඔවුන්ගේ යුධ සමයේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසියම් හෝ ගැටළුවක් ඇතිකරන්නේනම්, එයට එරෙහිව කොන්දේසි විරහිතව රජයක් සහ ජාතියක් ලෙසින් නැගී සිටිය යුතුය.


මෙයට අමතරව, එතුමන්ට කළගුණ සැලකීම සඳහා ප්‍රොපගැන්ඩා රථයක පැටවූ විසාල පුවරුවක් රටවටා ගෙනගොස් අත්සන් ලක්ෂ දහයක් එකතු කිරීම, මල් මැසූ අත්වැඩ තැපැල් කර එවීම, කිරි/පැණි ගෙන මැදමුලන යාම වැනි දේද පුරවැසියන් හැටියට එකතුව හෝ තනි තනිව කල හැක.

තවද, යුද්ධය අවසන් කිරීමට අනගි මෙහෙයක් කොට අද විදෙස් තනාපති කාර්‍යාලවල සේවය කරන හිටපු හමුධාපතීන් සහ නිළධාරින්ටද ස්වාසීලන්තය වැනි උපායමාර්ගිකව නොවැදගත්, නිතර වෙහෙසිය යුතු නොවෙන තානාපති කාර්‍යාල වලට මාරුවීම් සාදා දී, තම ජීවිතයේ සැඳෑ සුවය සතුටින් හා සාමයෙන් ගෙවීමට කටයුතු කර දිය යුතුය.

අවසාන වශයෙන්, මේ කාර්‍යයේදී ජනපතිට විශාලම ශක්තියක් වූ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ඇමරිකාවේ නිවාස සහ දේපල භුක්ති විඳිමින් යෙහෙන් වැජඹීමට ඉඩ හසර විවෘතකර දිය යුතුය.

ඉහත ක්‍රම හැර, කතිරයක් ගසා ඡන්දයක් දී එතුමන්ලාට තම කළගුණ සැලකීමට යන්නේ නම්, එය ඔබ අසීරු අවස්ථාවක දියපහරකින් එගොඩ කල තොටියාගේ ගාස්තුව නොගෙවා, ඔහු මෙලෝ හසරක් නොදන්නා ඔබගේ මෝටර් රථයද පැදවීමට දුන්නා වැනි ගුණමකු ක්‍රියාවෙකි.

මහින්ද මහතා සහ එතුමන්ගේ පිරිස හැකිතරම් අප වෙනුවෙන්  කලයුතු දෑකොට අහවරය. අපි එතුමන්ලාට සුවසේ ඉන්නට දී, ඉතිරිය යාමට සුදුසු රියදුරෙකු සොයා ගමු.

ඔබ සැමට සුභ නව වෙනසක්...!

LinkWithin

Related Posts with Thumbnails