Friday, May 28, 2010

අපිට තමයි පූෂ්..පූෂ්



මං කිව්වනෙ මේකෙ තීන්නෙ අහන දකින විඳින කතා කියල. මේක මං අහපු සහ විඳපු කතාවක්. මුලින්ම මං මේ කතාව අපේ වැම්පයර් සහොදරයගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් හටියට දැම්ම. ඒක බලපු හැමෝම කියල තිබ්බ මේ කතාව වැඩි දෙනෙක්ට දකින්න පොස්ට් එකක් හටියට දාන්න කියල.

මේ කතාව ඇහුවෙ මායි තව යාලුවො දෙන්නෙකුයි මීට අවුරුදු දොළහකට විතර ඉස්සර ශ්රීපාදේ යද්දි මගදි අපිට සෙට් වෙච්ච තව කොල්ලො දෙන්නෙක්ගෙ නඩේක හිටපු එකෙක් ගෙන්.

බොහොම ඉස්සර ඔය ගෙවල් වලට රෙදි තොරොම්බල් බඩු අරන් එන මුස්ලිම් වෙලෙන්දෙක්ට ඒ ආපු වෙලාවක ගමේ ගෙදරකින් කෑම වේලක් කන්න සෙට් උනාලු. එදා ඒ ගෙදර අනික් වෑංජනත් එක්ක ආඳ මාලුවකුත් හදල තිබ්ල. ජීවිතේ පලවෙනි පාරට ආඳ මාලු කාපු වෙලෙන්ද රස කර කර කන ගමන් ගමරාලගෙන් ඇහුවලු "අයියා..මොකාද මේ මශ්, මේක මාර රසනේ අයියා " කියල. “ආඃ ඔය ආඳ මාලුනේ තම්බි, ආඳ මාලු, මොකාද අයිය යේක…ඇයි බන් ආඳ අර මේ වගේ දිග එකා වතුරෙ ඉන්නෙ..” කියල අත දික්කරල පෙන්නුවත් තම්බිට තේරුනේ නෑලු. මේක අහන් හිටපු ගමමහගෙ එතනට හොට දාල " ඇයි බන් තම්බි අර දිග එකා බන් අර නයා වගේ.. ආඃ නය්යාද...ආඃ යේක මන් දන්නව..ශරි ශ්රි..”කියල තව ආඳ මාලු ටිකක් ඉල්ලන් බුරිය මෝදු වෙන්නම ඇදල ඇරල කෑම වේලට පින්දීල එහෙම පිටවෙලා ගියාලු.

ආඳ මාලුවෙ රස සිහිකරකර තම්බි දැන් පාරදිගේ යනකොට මෙන්න බොලේ තඩි නයි පතයෙක් ඇදෙනවලු හුඹහකට ඒ අයිනෙ. නයි හාමි දැකපු තම්බ්ට යනගමනත් අමතක වෙලා.." ආඃ .අද මගේ ගේනිටත් ආඳ මාලු කතෑකි..ඔහොම හිටපන් ආඳ ඔහොම හිටපන් " කියල අල්ලගන්න පැන්නලු.

දැන් නයා ගිහින් ඔලුව හුඹහට ඔබනකොටම තම්බිත් ගිහින් ඇල්ලුවලු මුගේ වලිගෙන් " හෙහ් ඔහොම හිට්ටපන් ආඳ මම අද තෝ කන්න ..." කියල . එතකොටම මල පැනපු නයා ඔලුව එලියට දාල "හූස් " ගාල පිඹල පැන්නලු තම්බිට. බයවෙච්චි පාරට බිම වැටිච්ච තම්බිගෙ ඔලුව උඩින් ගිය නයා ආයි පාරක් සර බරස් ගාල කැලේට වදිනකොට මල පැනපු තම්බි කියනවලු.." හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.." කියල.

ඉතින් මේක ඇහුව අපේ සෙට් ඒකේ එකෙක් දැන් කන්ද නගිනකම්ම මග ඉන්න කෙල්ලන්ට විහිලු කරනකොට උන් නිකන් ගස්සල හරි රවල හරි බැලුවොත්...මූ කියන්නේ" හුහ්..ශිංගල මුනියට උයල කන්නයි බැදල කන්නයි.....යේක අපිට තමයි පූශ් පුශ්.."

Thursday, May 27, 2010

Dhaathu parinirwaanaya..


සිංහ බාහුගෙ වෙසක් කූඩුව හදන අතරෙ ශ්‍රී ටීවී එකේ ගිය බණටත් ටිකක් කන් දුන්න. අද වෙසක් පෝය නිසා ගංගාරාමෙ පිරෙන්න සෙනග වගේ. මැද ඉඳන් බලන්න පටන් ගත්ත හින්ද බණ කියපු හාමුදුරුවො නං කවුද කියල අහ ගන්න බැරි උනා. බණට මූලික වෙලා තිබුනෙ බුදුන් වහන්සේගෙ ශ්‍රී සර්වඥ ධාතු පිලිබඳව.

හාමුදුරුවන්ගෙ දේශනාව අහන් හිටපු මට මුලින්ම හිතුනෙ "මේතරම් බමුණන්ගෙ විරුද්ධවාදියෙක් වෙච්ච බුදුන් වහන්සෙගෙ ධාතු බෙදනව වගේ වැදගත් වැඩකට ඇයි බමුණෙක්වම යොදා ගත්තෙ" කියල. මොකද ඒකට රහතන් වහන්සෙ නමක් හරි, නැත්තං අවංක හාමුදුරුනමක් හරි යොදාගත්තනං දළදා වහන්සෙල බිම දාල පාගං හංගගන්නව වගේ බාල වැඩ නොවෙන්න තිබුනනෙ අඩු තරමෙ.

හාමුදුරුවො දේශනා කරපු විදියටනං තව අවුරුදු 2446කින්, ඒ කියන්නෙ බුද්ධ වර්ශ 5000දි මේ සියලුම ධාතූන් වහන්සෙලා එක පාරම පිරිනිවන් පානව. ඒක වෙන්නෙත් මෙන්න මෙහෙමලු " දළදා මාල්ගාවෙයි, සෝමාවතියෙයි තියෙන දළදා වහ්න්සෙලාත්, සේරුවාවිල සෑයෙ තීන ලලාට ධාතුවත් අහසට පැනල ගිහින්, නාගදීපෙන් අහසට නගින මැනික් පුටුවෙ වැඩහිඳිනව. ඉන් පස්සෙ ද්රෝවනයක් වෙච්ච රුවන්වැලි වෑයෙ ධාතූන් වහන්සේලායි අනික් හැමතැනම තීන බුදුන් වහන්සෙගෙ ධාතූන් වහන්සේලාත් ඒ විදියටම අහසට පැනල අර මැනික් පුටුව මත හිඳ දඹදිව බුද්ධගයාවෙ වජ්රා්සනය මතට වඩිනව. ඊටත් පස්සෙ මුලු ලෝකෙ පුරාම තීන අර බමුණ බෙදාපු ද්රෝධන අටේම ධාතු එතනට එකතුවෙලා, ඉන්පස්සෙ ඒ සේරම ඒකසැරේ දැවිල අලුවත් ඉතුරුනොවී මෙලොවින් අතුරුදහන් වෙනව”

මම මහා පරිනිර්වාන සූත්රදය කියවල නැති නිසා මේකෙ ඇත්ත නැත්ත, එහෙමත් නැත්තං මෙහෙම දෙයක් බුද්ධ වචනයෙ කියැවිල තීනවද කියන්න හරියටම දන්නෙ නැහැ. ඒත් මේ කතාව්වෙ නොගලපෙන තැන් කීපයක් තීනව කියල මට හිතෙනව.

පලවෙනි ගටලුව උනේ මේ කියපු කාලය. මොකද මට මේ කියන බුද්ධ වර්ශය ගැන විවෙචනයක් තියෙනව. මොකද දැන් වෙසක් මාසෙ මැයි මාසෙටම ඒන්න ඕන නිසා අපි ඒක ග්රෙචගෝරියානු කැලැන්ඩරයට ගැට ගහලනෙ තීන්නෙ. ඉතින් චන්ද්ර් මාස ක්රශමය පදනම් වෙච්ච පෝය කැලැන්ඩරේ 5000ත් මේ ග්රනගෝරියානු කැලැන්ඩරේ 5000 දවසටම උදා වෙයිද?

අනික තමයි ලංකාවෙ ධාතුන් වහන්සේලාටනන් වඩින්න මැනික් පුටුවක් තීනව, ඒත් ගාන්ධාර දෙශයෙ තීන ඉතුරු දන්ත ධාතුවයි ද්රෝවනයක් වෙච්චි අනික් ධාතුයි, සිළුමින සෑයෙ නිධන් කරපු දන්ත ධාතුවයි මොකක් උඩ වඩීද, ඇයි මේ උන්වහන්සෙගෙ පාරිභොගික භාන්ඩ අතරින් මැනික් පුටුව විතරක් මේ පරිනිර්වානයට එකතු උනේ කියල.

අවසාන වශ්යෙන් මේ කතාව ඇත්තටම බුදු බණේ තීන දෙයක්ද නැත්තං මේක මේ පසුව එකතුවෙච්ච බෞද්ධ සාහිත්යාංගයක්ද කියලත් සැකයි. කොහොම උනත් බණ දන්න උගතුන් පිරිච්ච මේ බ්ලොග් අවකාශයෙ මට මේ ප්රලශ්නවලට පිලිතුරක් ලැබෙයි කියල හිතෙනව!

ආයුබෝං කිව්ව එහෙනං


ලක්බිම පත්තරේට පින්සිද්ධවෙන්න සිංහළ බ්ලොග් අවකාශය අඳුනගත්ත. කතන්දරට පින්සිද්ධවෙන්න කතා ලියන්න ආස හිතුන, පුරුදු උනා. හැමදාම අනුන්ට කරදර කරන්න හොඳ නෑ කියල හිතුන නිසා මන් හිතුව මගේම කියල කතන්දර පිටුවක් පටන්ගන්න. හැබයි මේකෙ කතන්දරගෙ වගේ ඇත්ත කතා විතරක් නෙමේ, අහන, ඇහෙන කතාත් ලියවෙයි.
මට බ්ලොග් ලියන්න උත්තේජනයක් වෙච්චි මාරය, දුකා වගේ අයටත් ස්තූති කරල නමෝ විත්තියෙන් මේ වෙසක් පෝය දවසෙ පටන්ගන්න වැඩේ කොච්චර දුරට හරියයිද කියල ඉස්සරහට බලමු! ලියන්න දේවල් නං ගොඩක් තීනව...මතක්වෙන විදියට ගලපගන්න උත්සාහ කරනව, රස නීරස තීරනය පාඨකයන්ට බාරයි. බය නැතුව කොමෙන්ට් කරන්න..කවදාවත් මකන්න අදසහක් නෑ.

LinkWithin

Related Posts with Thumbnails