Wednesday, November 1, 2017

නහවා ගෙට ගන්න...

ගිණියම් සඳ පායනවිට ගිණිදන කතරට..
මගෙ සකි සඳ සිහිවෙනවා ..තනි ඇති හරියට ..
ගිණි දුක් තව ටික දොහකට ඉවසන් ඉන්න..
ඉගිලී මං එනතුරු ...කප් තුර තුරුලට ගෙන ...

ඉර සඳ නැතුවට ..අසෙණිය සුපිපෙන...
යෞවන තුණුසපු.. පරවී දියවෙන...
ජීවිතය .. ඉදින් ගෙවා නිදි වරා...
දින ගනිමි ..ඔබ වෙතට එනතුරා...

තුරු පත් වල ..පිණි සිසිල විඳින්නට..
තරු ඇස්.යට .. සොමි පහස ලබන්නට...
කුළගෙයි යලි ඔබෙ පතිනිය වෙන්නට..
ඉගිලී එමි...., නහවා ගෙට ගන්න...

LinkWithin

Related Posts with Thumbnails