Wednesday, March 29, 2017

හරිම බාල බ්ලොග් එකක්...



සිංහල බ්ලොග් වලට සම්මාන දුන්න එක මහා විනාසකාරී, පාපකාරී වැඩක් වෙලා, ඒ නිසා බ්ලොග් ලෝකෙ විනාස වේගෙන යන්න හදනව කියල ලුං වල, කොරස්, පීරිසි කුට්ටම් වල ඉන්න කිඹුල්ලු කියන අතරෙ මම හිතුව යන වැලට තව එකක් කියල මේ බාල බ්ලොගය හඳුන්වල දෙන්න.


මේ බ්ලොග් එක වයසින් බාලයි, ලියන්නත් බොහොම බාලයි. ඒත් ඉතින් ඕනෑම පියෙකුට මවකට දරුව බාල නෑනෙ. ඒ නිසා බාල කාලෙම බාලයො ඇසුරු නොකර පණ්ඩිත ඇසුරට කියල මගේ ලොකු පුතාට බ්ලොග් එකක් හදල දුන්න.


ලියන්නෙ එයා, ඇඩ්මින්ම් මම. දැන් ඉතින් අඩු ගානෙ ලියන කොල කඩදාසි නැති නොවී මේ අවකාෂයෙ තියෙයිනෙ දරුව ලොකු මිනිහෙක් වෙනකොට, එදාට වයසට ගිය අපිට කියවල සතුටුවෙන්න.


එහෙනම්, මෙතනින් ගිහින් කියවන්න,


තවම පෝස්ට් දෙකයි දැම්මෙ. ඒව ගැන අවංක අදහස් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ලියන්න, විශේෂයෙන් සිංහලෙන් කමෙන්ට් කරොත් ඒක එයාගෙ සිංහල දැණුම වර්ධනයට තවත් උපකාරයක් වේවි.
 

LinkWithin

Related Posts with Thumbnails