Wednesday, February 13, 2013

මකබාස් ආර්කිටෙක්ට්ස්




ආර්කිටෙක්ට්, ආකියො යන පද වලින් හඳුවනු ලැබූවන් කලකට පෙර සමාජය හඳුනා ගත්තේ ගෘහ නිර්මාණ ශිල්පීන් යන නමිනි. එහෙත් පසුව පාලිමේන්තු පනතකින් තම වපසරිය මෙන්ම නමද වෙනස් කරගත් මොවුන් අද හඳුන්වන්නේ "වාස්තු විද්‍යාඥයින්" ලෙසටය..

ඉස්සරනම් වාස්තු යන්න කේන්දර හා ගැළපුන යමක් උවද අද එය වෙනස්ම කතාවකි. කොටින්ම පාරම්පරිකව කේන්දර හා වාස්තුවිද්‍යාව කරගෙන හම්බුකරන් කෑ මුත්තලාටද දැන් "ආකි" ඇම් ඇස් සී එක නැතිනම් "වාස්තුවිද්‍යා" නම පාවිච්චි කිරීමද තහනම්ව ඇත.

ලංකාවේ අතීත ගෘහ නිර්මාණශිපීන්ගේ උදාර නිර්මාණයන්ගෙ නටබුන් මෙම වෘත්තිකයන්ගෙ එදා දස්කම් වලට අදත් සාක්ෂ්‍ය සපයයි. එමෙන්ම ඒ පරම්පරාවේ දක්ෂයින් අදටත් දක්නටද සිටී. ඒහෙත් මේ කතාව එවන් දක්ෂයින් ගැන නොව ඊට වඩා අතිපන්ඩිත උතුමන්ලා සමඟ මා ලද අත්දැකීම් කිහිපයකි.

සමාන්‍යෙන් අප දන්නේ වැඩ අනන, ලෙඩ දෙන බාස්ලා ගැන පමණි. ගෙයි වහල තෙමෙන විටද, බිත්ති පුපුරන විටද, පොළව බහිනා විටද එයට බාස්ට බනින තරමට්ම සමහරවිට ව්ශාල ගොඩනැගිලිවල එවන් වැරදිවලට ඉංජිනේරුවන්ද බැනුම් අසති.

මොනවා කලත් බාස්ලා තරම් වාස්තු විද්‍යාඥයන්බැනුම් අසන්නේ නැත. ඒ සමහරවිට ඔවුන් සමාජයේ ඉහ්ල පන්තියක සිටින ( බව පෙන්වන ) නිසා විය හැක.

ලංකාවේ ආකියන් යනු අමුතුම සත්ව කොට්ඨාෂයකි. තම විශ්වවිද්‍යාල වල ආකිටෙක් ෆැකල්ටි තිබුන උන් නම් මේ ගැන වඩා හොඳට දන්නවා යයි සිතමි. ඔවුන් අඳින්නේ අමුතු බාච්චු ඇඳුම්ය. කන්නේ රට හාල වන අතර මල්ල, පාවහන් පමණක් නොව කොන්ඩ කට්ටේ සිටම බොහෝ විට "ගෝ ග්‍රීන්" වන මේ අමුතු සතුන් සහ ඉන්ජිනේරුවන් අතර සදාකාලික ගැටුමක් පවතී. මෙය ලංකාවේ පමණක් නොව මා සිටි, ආගිය අනෙක් රටවලද දක්නට ලැබුනු දෙයකි..

ඉස්සරනම්  කෙනෙකු ආකියෙකු ගාවාගත්තේ විශාල ගොඩනැඟිලි, මහා මන්දිර නිර්මාණයේදී පමණකි. සාමාන්‍ය ජනයා තම නිවස නිර්මාණය කරගත්තේ සැළසුම් ශිල්පීයකු ( draftsmen  ) මඟිනි. එහෙත් වැඩිවන වාස්තු විද්‍යාඥයන්ට (වාස්තුවී ) බත් පත හොයා දීමට මඟ හෙළි කිරීම පිනිස මේ ක්‍රමය වෙනස් කරන්නට අණ පනත් ගෙනැවිත් ඇත.

අද වන විට මිළියන තුනට (හෝ ඒ ආසන්න ගණනකට ) වැඩි ඇස්තමේන්තු සහිත සියළු ගොඩනැගිළි මෙතුමන්ලාගේ අනුමැතියට යටවිය යුතුය. නැතිනම් එතුමන්ලාම ඩිසයින් කල යුතුය.මා දන්නා තරමට මෙවන් නීතියක් ලොව වෙන කිසි රටක නැත. සාමාන්‍යෙන් ගොඩ නැඟිල්ලක සැළසුම අනුමත කරන්නේ ඉංජිනේරුවන් මිස වාස්තු වී ලා නොවේ.

ඒත් ආසියාවෙ ආශ්චර්‍යය යන ගමනේ සාමාන්‍යෙන් අසාමාන්‍ය බොහෝ දේ තිබිම සාමාන්‍ය වී තිබේ.

ඇත්තටම ලංකාවේද ඉතා නිර්මාණශීලි වාස්තු වීලා සිටින අතර කුරුළු කූඩු නමින් විකාශනය වන සමහර වැඩ සටහන්වල පෙන්වනා ඇතැම් නිර්මාණ ඉතා සිත්ගන සුළුවේ. එහෙත් ගැටළුව පැන නඟිනේ ඒව භාවිතයට ගත් පසුවය.

මා යෙදී සිටින වෘත්තිය නිසා මේ වාස්තුවීලා සමඟ නිතර ගැටෙන්නට මුහු වන්නට සිදුව තිබේ. ඔවුන් නිම කරන අලංකාර නිවෙස්වලට ගෘහ භාන්ඩ ඔබන්නට යාමේදී මතුවන සමහර ගැටළු වාස්තුවීලාගෙ පරම්පරාවට හචින් යවන තරමේය.


වරක් ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයකුගෙ අළෙවි අධිකාරීවරයාට අයත් මිරිහානේ ඉදිවෙමින් පවතින නිවසට ගිය විට යම් අමුත්තක් දුටිමි.

ඒ වනවිටත් වැඩ නිම වෙමින් තිබූ නිවසේ    දෙමහල් පායේ ඉහල මාලයේ සිවිලිම ඉතා අලංකාරව නිමකල තිබුනි. එකම ඉරක් නැති තනු සුදු පැතලි මතුපිටක් සහිත "ෆ්ලැට්" සිවිලිම සුන්දරව බැබලෙයි. ගෘහ අලංකරනය ගැන සිතන්නටත් පෙර සිවිලින් ගසන්ට තරම් මෝඩ වාස්තුවියාද හිමිකරුදැයි විමසන්ට සිත් විනි.

 ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි.

රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි.

පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය.


ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය.

 එහෙත් මගේ ප්‍රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි.

 මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි.  අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු  ඉඩෙහි දොර අරින්නට නොහැක.

හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි.

අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා  wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය.


තවත් වරෙක දෙහිවල නිවසක මා පැන්ට්‍රි එකක් නිර්මානය කලෙමි. නිවසේ නිර්මාණශිලිපියා නිතර රූපවාහිනියේ මුහුන පෙන්වන කැදලි තනන පුරුදුකාරයෙකි.

දුටු පමණිනින්ම මට කුස්සිය ස්ථානගතක ඇති ආකාරය ගැන එතරම් පැහැදීමක් නොවිනි. එහෙත් නිවස පෙනුමට ලස්සනය.

අපේ කබ්ඩ් ටික යන්තම් කොටස් කර ගෙනැවිත් සවි කරන නිසා ගොඩ දමා ගතිමු. ගැටළුව ආවේ ඉන් පසුවය.

ගෙහිමියා ගෙදරට ෆ්‍රිජ් එක ගෙනවිත්ය. එහෙත් අවාසනාවට කුස්සියට යන පටු මගෙහි පැමිණ කුරුබිලියක් වන් කුඩා දොරෙන් එය හරවා ඇතුලට ගැනීමට ඉඩ නැත. පරණ ගෙදරින් ගෙන ආවත් ලඟදී ගත් නිසා අහක දමන්නටත් බැරිය. ඊට වඩා කුඩා එකක් පවුලකට සෑහෙන්නෙත් නැති බව කියමින් හිමිකාරිනියද කෙඳිරි ගායි.

අවසන ඒ වනවිට ගෙවැදෙමින් සිටි නිවසේ කුස්සියට ඇතුළුවන බිත්තිය කඩා දොර විසාල කර වැඩේ ගොඩ දා ගන්නට සිදුවිය.   


කොල්ලුපිටිය රොටුන්ඩා උද්‍යානයෙහි ක්‍රෙස්කැට් පිටුපස නිවසක pantry cupboard ඇනවුමක් අප ආයතනයට ලැබුනි. හිමිකරු පැවසූයේ වාස්තුවීගේ සැළසුමට අනුව නිම කල යුතු බවය. අපිට වඩා දන්නා අය නිසා එතුමන් ඇඳ තිබුනු ලෙසටම අපේ වැඩය නිම කර ගෙන ගොස් සවි කලෙමු.

සියල්ලෝ සැතුටු විය. එහෙත් පසුව wall cupboard ගලවා කුඩා කොට නැවත් සවි කරන්නට තවත් කොන්ත්‍රාත්තුවක් ලැබුනි. ඒවා උස වැඩි නිසා ඉහල තට්ටුවෙ ඇති භාන්ඩ ගැනීමට නොහැක. පහතට වැඩි නිසා work top  එක මත බ්ලෙන්ඩරය සහ අනෙකුත් යන්ත්‍ර තැබීමට ඉඩ මදිය. අන්තිමේ කොට කල විට ඩිසයින් එකම අවුට්ය.
 

තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි. 

සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය.


තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි.

නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත.

ලංකාවේ බොහෝ දෙනා නිවාස ඉදිකරන විට එහි භාවිතාව ගැන එතරම් තකන්නේ නැත. ඔවුනට අවශ්‍ය කොහේ හෝ දුටු ලස්සන ෆීචර්ස් එකතු කර කාටත් පෙන්නෙන්ට ලස්සන ගෙයක් සාදා ගැනීම පමණි. නාන කාමර කුකුල් කූඩු වැනිය. පඩි පෙළින් ඉහ්ල මහලට යා හැක්කේ කෙසඟ උන්ට පමණි. Kitchen cabinets වල work top එක එක්කෝ උස වැඩි නිසා වැඩ කරන අපහසුය. නැතිනම් පහත් නිසා ඔස්ටියෝ පොරෝ කලින්ම වැළඳේ!

ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත.

මේ නිසා ඔබ මිලියන ගනනක් වියදම් කර නිවසක් සාදන්නට සැළසුම් කරන්නෙකු නම්, කරුනාකර මඳක් කාලය වැය කර ජාලයේ හො පොත් පත්වල ඇති අභ්‍යන්තර සැළසුම්, ඇසට ප්‍රිය වර්න භාවිතය පිළිබඳ යම් අවභොධයක් ලබා ගැනීම සුදුසුය. එවිට ඔබේ නිවස අඳින් උන් ඔබව අන්දන තරමටම නොඇඳ සිටිය හැක.

ඔබේ නිවස නිර්මාණය කරන වාස්තුවි, අභ්‍යන්තර සැළසුම්කරු, මකබාස් යන අයට නොව ඔබට වසන්නට නිවසක් සාදන බව මතක තියා ගන්න. සෑම ඩිසයින් එකක් පිටුපසම එය තුලින් බලාපොරොත්තුවෙන සංකල්පයක් ඇත. බස් එකේ මාරු සල්ලි ඉල්ලන්න ලැජ්ජා සේම නොදන්න බව පෙනෙයි කියා මෙ ගැන නොවිමසා ඔහේ වැඩේ කරන්නට දීමෙන් පාඩුව ඔබටමය.

ඊයෙ පෙරේදා බුකියේ දුටු හිතවතුකුගේ නව නිවසෙහි පින්තූර දැක මෙය ලියන්නට සිත් විනි. අදාල ඇත්තාද මෙය දකිනු ඇතැයි සිතමි.
මේ සරළ උදාරහරන කිහිපයකි - 
                  පඩිපෙළ අවසන පටු ඉඩ සහ ඉදිරිපස වීදුරු බිත්තිය අවදානම් සහ අපහසු මඟක් සාදයි




                                    පටු කොරිඩෝව සෝමාලියානු වැසියන් සඳහා වඩා උචිතය. 



 සම්පූර්ණයෙන්ම අසමත් කුස්සියක්. වතුර ෆිල්ටරටයට කබඩ් අතර ඉඩ නැත. කුකර් එකේ උඩ වීදුරු පියන ඇරි විට හැඳි ගත නොහැක.( ඉව්වොත් ) තෙල් ටික උඩ රාක්ක වල ඇති බඩු මත අපූරුවට තැන්පත්වන අයුරු දැකිය හැක.

 පඩිපෙලින් බහින්නේ ඉදිරි දොරටමය. නිදන කාමර ඇත්තේ ඉහලනම්, ගෙහිමියන්ගේ පුද්ගලිකත්ව 0 වනු ඇත.





වැලමිට වංගුව සහිත මෙවැනි පඩි පෙලවල්වල "මරදානෙ බඩුවක්" හැර වෙන යමක් ඉහලට ගෙන යාම අපහසුවනු ඇත.



ප/ලි
ලිපියෙ සැළසුම මට හරි මදි කියල හිතුන නිසා වෙනස් කරා. මතක තියා ගන්න, ගෙයක් මේ වගේ ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි මුලින්ම ඒ ගැන සැළසුම් නොකලොත්.


30 comments:

  1. හි හි... ඔය වැඩේට මාත් මූණ දුන්න ගිය ටිකේ.. දෙයියන්ගේ පිහිටෙන් ඒ ගේ මගෙත් නෙවෙයි, මං දන්න දෙයක් කියන්න ගිය ගේකුත් නෙවෙයි.. මොකද ඕවා කියන්න ගිහින් අපි තමා නරක මිනිස්සු වෙන්‌නේ...

    බොහොම ලස්සනට හැදුවා ගේ.. ඉඩත් පිරිමහගෙන එහෙම... හැබැයි දැන් ඇඳවල් එහෙම තියන්න ගියාම අලි පුරස්නයක්... ඇඳවල් නියම දිසාවලට තියෙන්න ඕනේලු.. අල්මාරියේ දොරවල් නැගෙනහිර පැත්තට ඇරෙන්න ඕනෙලු.. ඒ විදියට තිබ්බම ලක්ෂ කීයක්ද මන්දා වියදම් කරලා හදපු ඇටෑච් බාත්රෑම් එකට යන්න ඕනේ අල්මාරිය අස්සෙන් රිංගලා, ඇඳේ කකුල වද්දගෙන...

    කුස්සියත් ඒ වගේම තමයි... ‌ෆ්‍රිජ් එක තිබ්බම ඒක සාලෙටම පේනවා.... කුකර් එකේ උඩ කෑලි ටික හයිකරන්න ගියාම තමයි මතක් උනේ ඒකට දිශාව බැලුවේ නෑ කියලා... දිශාව බැලුවම කකුර් එක සෙට් වෙන්නේ සින්ක් එක ගාවටම... ඒ මදිවට කඩපන්කෝ බිත්ති...

    අපේ මිනිස්සුත් දන්න හැම එකම කරන්න යනවා ඉස්තරම්ම විදියට... ඒත් කල්පනා කරන්නේ නෑ මොන මොන බඩුද තියන්නේ, කොතනද ඒවා තියන්නේ කියන එක ප්ලෑන් එක ෆයිනලයිස් කරද්දි.. වා. වි ලට හපන් අපේ පණ්ඩිතයෝ...අනේ මන්දා.. මම පුළුවන් විදියට අතපය තුවාල වෙන්නේ නැති වෙන්න ඇරෙන්ජ් කරලා දීලා මාරු වෙලා ආවා මිසක් මොනවත් කිව්වේ නෑ.. හි හි...

    ReplyDelete
    Replies
    1. හි.හි... ඇත්තද???? හි හි... අනේ.. හි..හි... පව්ව්ව්.. හි..හි..

      Delete
    2. ඒ විදියට තිබ්බම ලක්ෂ කීයක්ද මන්දා වියදම් කරලා හදපු ඇටෑච් බාත්රෑම් එකට යන්න ඕනේ අල්මාරිය අස්සෙන් රිංගලා, ඇඳේ කකුල වද්දගෙන... //

      :)

      Delete
    3. හිරු, ඇත්තටම සමහරුන්ට ඔය දේවල් කියන්න ගියාම හිතනව ඉරිසියාවට කියල. ඒ වගේ අය ගාව දෙකොන වහන් ඉන්න එක ඇඟට ගුණයි තමයි.

      Delete
  2. මම ගෙවල් වල ප්ලෑන් ඇන්දේ සිවිල් ඉන්ජිනියර් ඩිප් එක ඉවර වෙච්චි දවස් වල ඉඳන්මයි.

    කෝස් එක් කරපු මුල් කාලේ ඩිසයින් චා ඒවා උනාට පස්සේ පස්සේ මටම තේරුනාම මම ටිකක් ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ කරගෙන යනවා කියලා මම වටින ගානක් අය කරන්න පටන් ගත්තා.

    1996-2000 වෙනකම් මම ඇන්දේ වර්ග අඩියක් රුපියල් 6-8 කට විතර. මගේ යාලුවෝ හිටියා මහා විසාල ගෙවල් ඇඳලා සල්ලි වෙනුවට කිරි හට්ටියක් එහෙම ලැබිච්චි උන්.

    මම චාටඩ් ආකියෙක් ලඟ QS. විදිහට වැට කරද්දී මට මතකයි අපිට තව ප්‍රසිද්ද චාටඩ් ආකියෙක්ගේ ආකියෝ එක්ක ඩීල් කරන්න උනා.

    එතන හිටපු ආකියෙක් මගේ යාලු ඩ්‍රාෆ්ට්ස්මන්ගෙන් අහලා අපි ප්ලෑන් අඳින්න අය කරන ගාන. ඌ කිව්වාම අරූ කිව්වලු අඩෝ අපිට ඔයින් 10න් එකකටවත් ප්ලෑන් එකක් ලබෙනෙන නෑ නේ කියල.

    ආකි තියරි දැන ගත්තට ප්‍රැක්ටිකල් දැනීම අඩු එකත්, ගොඩනැගිල්ලේ ලස්සන මිසක් ඒක හදනන් යන වියදම සහ ඉදිකිරීම් තාක්ෂණය ගැන වැඩි දැනීමක් නැති එකත් ඒ අයට වැඩ නොලැබෙන්න හේතු වෙන්න ඇති

    දැන් නම් මචං "අහවල් ආකියට කියලා ගේ ප්ලෑන් එක අන්ද ගත්තේ" කියන එක ලොකු කමක් වගේ දෙයක් වගේ වෙලා නිසා ගොඩක් අයට ගෙයක් ගෙයක් විදිහට අනවශ්‍ය වියදම් අඩුම විදිහට කරන්න පුලුවන් නියම ආකියන්ට කියලා ගෙවල් ඇඳ ගන්න එක අඩු වෙලා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැං ට්‍රෙන්ඩ් එක තමයි ආකියන්ට කියල බිල්ඩිමක් ඇඳ ගෙන ඒක ගෙයක් කරගන්න ට්‍රයි එක.

      Delete
    2. @ දුකා

      //...දැන් නම් මචං "අහවල් ආකියට කියලා ගේ ප්ලෑන් එක අන්ද ගත්තේ" කියන එක ලොකු කමක් වගේ දෙයක් වගේ...//

      ඇයි අහවල් ඩොකාගෙන් තමා මම බෙහෙත් ගන්නේ කියන එක :P

      Delete
  3. ආකියෙක් මම දන්න ගෙදරක් මොඩිෆයි කරා තට්ටු දෙකට තිබ්බ වසර 20 විතර පරණ ගෙය තට්ටු 3ක් කරා... තඩි ඕපන් ස්පේසස් 4යි... කාමර හුන්ඩු වගේ.... ගෙයි කඩන්න ඕන තැන් මාක් කරේ බීම්ස් කොලම්ස් බලල නෙවෙයි... අනේ කඩන්න බලද්දී ඒව කැඩුවොත් ගේ බිම....

    මිනිහ සිවිල් ඉන්ජා... හැබැයි නෝ ඩිසයින් එක්ස්පීරියන්ස්... අනේ ඉතින් ඌ දන්න රෙද්දකුත් නෑනෙ... කඩන්න හදද්දි ඌ කියනව නොකඩ ඉන්න පුලුවන්නම් හොදලු.....
    වහිද්දි ගේ ඇතුල තෙමෙනව.... ජනාකීර්ණ පෙදෙසක තියන ගෙයි දවසට දෙපාරක් අතු ගෑවත් දූවිලි පිරිල...... ඇඩිශනල් සර්වන්ට් රූම් එකට ගන්න ඕනි අමතර අඩි තුන ගන්න වෙන්නෙ තියන බීම් දෙකක් කඩල, අමතර වහලෙකුත් ගහල....

    හපොයි මුන් කන සල්ලියක්.... මම හිතන්නෙ බහුතරයක් ආකියොයි මල් ශාලා කාරයොයි අතර වෙනසක් නෑ....

    ReplyDelete
    Replies
    1. කව්ද බොලේ සිවිල් ඉංජා, ගෙවල් අයතිකාරයද?? විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ....

      Delete
    2. නෑ බන් ආකියා ගෑනි... මිනිහ ඉන්ජ...

      Delete
    3. ඉංජෙක් ආකියෙකියෙක් බැන්දනම් ඉතින් "සිදුවූ ප්‍රමාදයට මාගේ බලවත් කණගාටුව" කියල තමයි කියන්න වෙන්නෙ.

      Delete
  4. පහුගිය ටිකේ මම වැඩකරපු බිල්ඩින් සයිටි එකෙත් ඔය කියන පුද්ගලයන් නිසා එහි සේවක මන්ඩලය සෑහෙන්න අතවර වලට ලක් වුනා. තට්ටුවක ගඩොල් වැඩ, කපරාරැ ඉවරවෙලා පොටිත් ඇද්දාම රිවයිස් වුන අලුත් සැලසුම් ඊලඟ දවසෙ උදේ ලැබිලා තිබුනා. වැඩබිමේ ඉංජීනේරැතුමා පහුවදා නව සැලස්මට වැඩ පටන් ගත්තෙ අහවල් කෙනාගෙ මවුතුමියත් මතක් කරමින්. එතරම්ම මහන්සියක් කලින් කල වැඩ වලට අපි යොදවලා තිබ්බා.

    කඩන බිඳින වැඩ වලට ලැබෙන ඩබල් රේට්එක නිසා මුලින් මේ වැඩ වලට කැමති වුන ව්‍යාපෘති කලමනාකාරතුමාත් පස්සෙ කාලය කලමනා කරගන්න බැරිව අමාරැවෙ වැටුනා.

    පස්සෙ පස්සෙ අලුත් සැලසුමක් එන ගානෙ එතුමාගේ ප්‍රෙෂර් එකත් වැඩි වෙන්න ගත්තා. අන්තිමට එතුමා විසින් ආකිට යවපු අන්තිම ලිව්මේ සඳහන් වුනේ තවදුරටත් මේ ආකාරයට කැඩිලි බිඳිලි සිදුකල නොහැකි බවත් අවශ්‍ය නම් සියල්ලම කඩා දමා බාරදිය හැකි බවත්, පසුව තමන්ට කැමති පරිදි පාටීශන් කරගන්නා ලෙසත්ය. ‍‍‍ඊට පස්සෙ තරමක් මේ තත්වය පාලනය වුනා.

    ReplyDelete
  5. මචන් ඉන්දික... සල්ලි වැඩේ මොකද උනේ? තාම පොලිස් කේස් එක යනවද?

    ReplyDelete
    Replies
    1. ඇඳන් ඉන්න එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලන්න මොකක්ද තියෙන්නෙ කියලා......

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  6. ගෙවල් හදනවා කියන එක ගෑන නම් හීනෙවත් හිතන්න බැරි කාලෙක ඉන්නෙ... කවද හරි හදපු ගෙයක්ම ගන්නවා... එහෙම ගන්න ඩෙපොසිට් එක හදා ගන්න පුළුවන් උන කාලෙක.. :D

    ReplyDelete
  7. ඉන්දික අයියා ඉතාමත්ම වටිනා තොරතුරු අඩංගු ලිපියක්...සිරා කොලුවා තාම නිවසක් හදන්න පටන්ගෙන නැති වුවත් තව වසර දෙක තුනක් ඇතුලත වැඩේට බහින්න වෙනවා. එදාට ප්‍රයෝජනයට ගන්න කරුණු කීපයක්ම හොදින් අවධාරනය කර ගත්තා.

    ReplyDelete
  8. ඉන්දික.කියල තියෙන කරුණු දැකලා මට පුදුම සතුටක් ඇති උනේ..

    මමත් සැලසුම් ශිල්පියෙක්මි. මේ කියලතිබුන කාරණා සියල්ල අත්දැක ඇත්තෙමි.මම මගේම සැලසුම් ආයත්නයක් පවත්වාගෙන යන නිසා මේ සියලු ගැටලුවලට මුහුණ දී ඇත්තෙමි.

    මගේ පියා පරණ වාස්තු ශිල්පියෙක්,පෙදරේරුවෙක්,පරම්පරාවෙන් ගුරුන්නාන්සෙ කෙනෙක් ගාව ශාස්ත්‍රය මනාව හැදෑරුවෙක්.එනිසා මට වෘත්තීය පුහුනුව ටෙක් එකකින් ලබාගෙන වාස්තුශිල්පය පියාගෙන් ලබාගෙන,මේ ක්ෂේත්‍රයේ නියැලිමි.
    එහෙත් ආකියො අපිට කට්ට ගැහැව්වෝය..ව.අඩි 2000ට අඩු ඒවා පම්නක් මුන්ට දීපල්ලා කියා පාර්ලිමේන්තුවට කියා අනපනත් සම්මතකොට ගත්හ.

    සත්තකින්ම ආකියලා...ඉන්ජන් සමග පමනක් නොව අප සමගත් (සැලසුම් ශිල්පීන්) ආරෝවය. හේතුව මේකය..

    උන්ට ඩිසයිනින් පුලුවන..ඒත් ප්ලෑනින් නැත. නමුත් අපට ප්ලෑනින් උගන්වන්නේ මුලදීමය. ඒකට මුන් ඉරිසියාවය...කට පාඩමින් ඉතිහාසය කිව්වත් අදට ඔබින නිවසක් ප්ලෑන් කල නොහැක.

    එහෙත් ඉන්ජන් අපිට උදව් කරයි.ඒකටත් ආකියල තරහාය.

    සත්තකින්ම ලංකාවේ සිටින්නේ වැඩියෙන් සැලසුම් ශිල්පීන්ය.ඕවුන් ලංකාව පුරා විසිරී ඇත.එහෙත් ඕවුන් දුප්පත්ය.බලය නැත.

    ආකියලා බලවත්ය,සල්ලිකාරයන්ය...ඒනිසා ආන්ඩුව උදව් කරන්නේ උන්ටය.එහෙත් දුප්පත් සාමාන්‍ය පන්තියේ මිනිසුන්ට නිවාස සැලසුම් අඳින්නේ සැලසුම් ශිල්පීන්ය. එහෙත් ප්‍රචාරය අරුන්ටය. මොනව කරන්නද ලංකාවේ හැටිය.

    ReplyDelete
  9. මමත් ඔය වැඩේ මුල සිටම වරද්ගෙන ඉන්නේ..උණුහින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ අන්න ඒවගේ අමාරුවක වැටුනා. දැන් ඉතින් වෙච්චදේ වුනා කියලා හිත හදාගෙන ගෙදරට වෙලා ඉන්නවා. ආකිටෙක් වැඩ එපා වෙලා..

    ReplyDelete
  10. ලගදී මමත් ගෙයක වැඩකට අත ගහන්න ඉන්නේ,කොතනින් පටන් ගන්නද කියලා මේ කල්පනා කර කර ඉන්නේ ඉන්දික අයියේ,,,බලමු මේ තොරතුරුත් ගොඩක් වැදගත් උනා

    ReplyDelete
  11. තව අවුරුදු දහයකින් විතර වැදග්ත් වෙන තොරතුරු ටිකක් ඉන්දික අයියේ.........
    ඔයා කියන ජාතියෙ ගෙවල් ගොඩක් දැකල තියෙනව...ඇහුවම කියනව.."ආ...දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක ඒක තමයි ...'' කියල.

    ReplyDelete
  12. වැදගත් විෂයක්.

    ReplyDelete
  13. බොහොම වැදගත් මාතෘකාවක්,
    මටත් ඔය කියන්නාවාගේ..., ලැබිලා තියෙන අත්දැකීම්නම් එමටයි.

    මේ ගැන කොමෙන්ටුවකින් පහදනවාට වඩා පෝස්ටුවකින්ම කථාකරනඑක හොදයි වගේ.

    ReplyDelete
  14. බැඳලා වෙන් උනු දවසක අලුත් ගෙයක් හදලා පදිංචියට යනවා.

    ඔන්න ගේ වැඩේ බාරදෙන්ට කෙනෙකුත් අද හම්බ උනා.:D

    ReplyDelete
  15. හරිම වැදගත් ඒ වගේම රසවත් ලිපියක්. අර පඩි පෙලේ පින්තූරෙ මම හොරෙන් වගේ බැලුවේ මචං මොකද මෙතන වටේම ඉන්දියානුවො ඉන්නවා. උන් ඇහුවොත් හෙම කොහෙද අප්පා ඕක තියෙන්නෙ කියලා වස ලැජ්ජාවනෙ. හැබැයි එහෙම ඇහුවානම් මම කියන්න හිටියෙ ඉන්දියාවෙ ෆෝටෝ එකක් කියලා.

    තව ලියාපංකො මේවගේම ඒවා මේ සබ්ජෙක්ට් එක ගැන. ෆෝටෝසුත් එක්ක.

    මමත් හරි ආසා සබ්ජෙක්ට් එකක් ඕක.

    ReplyDelete
  16. මේං ප්‍රායෝගික මනුස්පයෙක්
    කුඩාවට හෝ හදාගන්න ගේ සැලසුම ගැන මේ පිරිස එක්කහු වෙලාම තීරණය කලාම හොඳයි කියල හිතෙනව
    අනේ ලියන්ටකෝ මෙව්ව ගැන තවත්
    මේ ඈන්ගල් එක අහුවෙන්නේ කෙලවුණාමනේ - ඊට කලින් හිතන්න ඕන එව්ව ගැන ලීවොත් බහු ජන හිතාය බහු ජන සුඛාය වේවි!

    ReplyDelete
  17. කාලිනව ඉතාම වැදගත් ලිපියක් සහෝදරයා... නිවෙසක් හදන්න ඉන්න කෙනකුට මෙය ඉතාම වටිනවා.. අදයි මෙතැනට ගොඩ වැදුනේ එන්නං දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  18. මේ ඔක්කෝටම හපන් ආකියොයි ඉංජොයි ඔක්කොම එකතු වෙලා ගේ හැදුවාය කියමුකෝ. ඊට පස්සේ ෆෙංෂුයි කාරයොයි වාස්තු ශාස්ත්‍රඥයයි සෙට් වුණාම ආයි පාරක් කඩ කඩ හදනවානේ.....

    ReplyDelete
  19. සල්ලි ලැබුනද?
    http://anonymousaya.blogspot.com/2013/03/blog-post.html

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails