"ඔය නුග ගහේ තමයි ඒ කෙල්ල එල්ලිල මැරිල තියෙන්නෙ.."
ඉතින් කියන්නටවත් කිසිවකුගෙ කට නොහෙල්ලේ. රැහැයි හඬ, වවුල් පියාපත් හඬ සහ නිවී ගිය ගිණිමැලයෙ පුපුරන දර කැබලි හැර මගේ හඬට වෙනත් බාධා නොවීය.
"දවස් දෙකක් මිනිය එල්ලිල තිබිල, ගඳ එනකොට තමයි බලල තියෙන්නෙ"
සීතල සුලඟින් ගැලවෙන්නට මෙන් අසේල අත තිබූ රෙද්දෙන් හිසද වසා ගති. රාත්‍රියෙහි නිහඬ අඳුර තවත් කැටි වන්නේ සහ සීතල බිය දෙගුණ කරවන්නට මෙනි.
"උඹ කොහොමද ඔච්චර විස්තර දන්නෙ.." රන්දික ඇසුවා නොව යන්තන් කෙඳිගෑවේය.
"ඇක්ව පර්ල් එකේ අපේ අය්ය කෙනෙක් වැඩ කරා. එයා තමා මට කිව්වෙ සේරම..."
මගේ සෘජු පිළිතුරත් සමගම රන්දිකගේ දෑස් ඉවතට හැරුනි.
"එහ්"..සෙමින් තම කකුලට නැගි කඩියකු රන්දිකගේ වහා ගසා දැම්මේ භූතයකු එලවන්නාක් මෙන් ගැස්මකිනි. වවුල් තටු හඬ සහ රැහැයි හඬ අතරේ කල්පයක් පමණ දිග විනාඩියක් ගෙවෙන්නට ඇත.
"මට නිදිමතයි...නිදාගමු බං..."
දැන් ඔය ඇති යන්න අසේලයා වෙනස් වචනවලින් කියා දැම්මේ ඉවසා සිටීමට බැරිම තැන විය යුතුය.
"එහෙනං ගිණි මැලේට වතුර එකක් ගහල ඉම්මුද..?"
"ඕන්නෑ බං, ඕක ඔහොමම නිවිල යයි..." එවර රන්දිකගෙ හඬ මදක් ප්‍රාණවත්ව තිබිනි. සැබැවින්ම වතුර ගේන්නට නොව, චූ කරන්නටවත් මෙතනින් එහාට ය හැකි එකෙක් එතන නොවිනි.
..............................................
බායිවත්තේ මහ නුගය යනු සැබැවින්ම බිය ගෙනෙන අඳුරු තැනකි. වත්තේ මඳක් පහල බෑවුමක පිහිටි ඒ මහා ගසෙහි නිමක් නැති මුල් යක්ෂයාගේ රෝම මෙන් පහලට වැක්කෙරෙයි. මෙනිසා රැයෙහි නොව දහවෙල්හිත් එදෙසට යාමට නිර්භීත එකෙකුවත් අප බාලදක්ෂ කණඩයේම නොසිටියහ.
කොටින්ම ධීරයා පදක්කම් දැරූ, ගොරකාන ගමේම උපන් ශාන්ත අය්යා පවා මහ නුගේ පැත්තට නොයා සිටිය යුතු බවට අවවාද කලේ එහේ සර්පයින් සිටිය හැකියැයි කියාය.
එනිසා, මේ අඳුරු රූක්ෂ රාක්ෂයා තමන්ගෙ කූඩාරමට පිටුපසින් නැගීසිටින දෙස බලන්නට රාත්‍රියේ කිසිවෙකුත් එඩිතර නොවිනි. එහෙත් අප කඳුවුරු බිම පිහිටා තිබූ ආකාරටය, නුගේ දෙස නොබලා චූ කිරීමට අප කූඩාරමේ සාමජිකයන්ට අවස්ථාවක් නොතිබිනි.
සියල්ලෝම අනුගමණය කලේ එක්ම ක්‍රමයයි. එනම් තරු දෙස බලාගෙන කූඩාරම පිටුපසට ගොස්, දෑස් වසා මූත්රා කර, නැවත තරු මග ඔස්සේ පැමිණීමයි.
කඳවුරේ තුන්වැනි දින රත්‍රිය වනවිට, බායි විසින් දූෂනය කෙරුනු වත්තේ මුරකරුගේ දුව නුගයේ එල්ලී මල පුවත සියල්ලන් දත් රහසක් විය. නුගය යනු රාත්‍රීයේ දත්විලිස්සාගත්, මයිල් සෙළවෙන මහා යකකු මෙන් අප පසුපසින් සිටීම පිළිබඳ සියල්ලෝ තුලම අප්‍රකාෂිත බියක් දැඩිව වැඩෙමින් තිබුනි.
නුග ගස පැත්තට වන්නට තිබූ, අප ගැමුණු කණ්ඩයේ කූඩාරමේ සිටි සැමට අවසන් දින, එනම් හතරවදින රාත්‍රිය එළබෙන විටම, "හෙටින් පසු සුවයෙන් නිදිය හැකිවෙනු ඇත"යි සිතුනා වැනි විය.
කඳවුරේ අවසන් රාත්‍රියේ ගී ගැයීම්, නාට්‍ය ඈ සියළු ක්‍රියාකාරම්කම් වල උද්‍යෝගයෙන් නියැලි ගැමුණුවන් සියල්ලම නින්දට යනවිට මැදියම් රැයට ආසන්නය. එතෙක් බාලදක්ෂයන්ගේ හඬට පසුබා සිටි නිහඬතාවය යලි රජයමින් තිබුනි. වවුලන්ගේ තටු නිහඬ හඬට භිය පුරවන්නට පටන් ගෙන ඇත. මහ නුගේ පත් සොලවන සුළඟ, සීතල සමග මුරකාරයාගේ දියණියගේ මතක අප තුලට යළි ගෙන එන්නට පටන්ගති.
එහෙත් ඈත බොල්ගොඩ නදිය දෙසින් එන ඒ හීගඩු පිපෙනා සුළඟ, බියකරු නුගපත්ද, යක්ෂයාගේ රෝමද අවුස්සාගෙන සීතල දෙකවලට බිය පිරූ රහස් කියමින් කැරකෙන අතරේ කුඩා ගැටයින් පිරිස සිය අවසන් කඳවුරු රාත්‍රියේ ජය සහ සතුටෙහි උද්දාමයෙන් සුළඟට නෑසූ කන්ව සිටියහ.
බිය වෙනුවට ඒ රාත්‍රියෙ ජය සිත්වලට පැමිණ තිබුනි.
මෙ නිසා සියල්ලන්ටම නුගේ අමතකව ගොස් ඇති සැටියකි. මැදියම් රෑ රැහැයි හඬත් සමඟ සියල්ලෝ කූඩරම් තුලට වැදුනේ අවසන් රෑ අවසන් හෝරා කිහිපය ගෙවා දමන්නටය.
"ලසන්ත අය්යෙ, එනවද මන් එක්ක පිටිපස්සට ගිහින් චූ දාල එන්න" මහේෂ්ගේ ආයාචනය බැහැර කරන්නට ලසන්තට හේතුවක් නොතිබිනි.
මධ්‍යම රාත්‍රියද පසුවෙමින් තිබුනද, සිය කණ්ඩයමේ අන් සියල්ලන්න්ම පාහේ කූඩාරම තුලට ඇදී සිටියද, ගිණිමැලය නිවී යමින් තිබුනද, ලසන්තට බියක් මතකයට ආවෙම නැත.
බිය ඇතිවන්නේ හිත හිස් වූ විටය. හොල්මන්, හොල්මන් කරන්නේ සෙළවෙන මනසකය. ලසන්තගේ සිත උද්දාමයෙන් හා සතුටින් පිරී තිබුනි. එහි වෙන කිසිවෙකට ඉඩ නොතිබිනි.
"එනව එනව...මොනාට භය වෙනවද මල්ලි...එනව"
ලසන්තගේ හඬ සෘජුය.
තම කණ්ඩය ලත් ජයෙන් උද්දාමයට පත්, ගැමුණු කණ්ඩායමේ කැපී පෙනන තරුවක් වූ ලසන්තට එදින කූඩාරම පිටුපසට ගොස් චූ කරන්නට තරු පාර අවැසි නොවිනි.
කුඩා බාලදක්ෂයින් දෙදෙනා කඳුගැටය මත සිට සිය කෘත්‍යට සැරසෙයි. මග නුගය පහල සිට ඔවුන් දෙස බලා දත් නියවමින් සිටියි.
සර සර හඳින් සුළු දිය වැටෙන හඬ පැතිරෙමිනි තිබිනි. ලසන්තත් මහේෂුත් තම බර තවත් සැහැල්ලුකරමිනි සිටියහ.
ටකස්... කුඩ අතු කැඩෙන හඬක් සමඟම එක්වරම රැහැයි හඬ නැවතිනි. නුග පත්ද සුළඟද නිහඬ විය.
සර සර හඬින් තණ පත් මත වැටෙන සුළුදිය හඬ පමණක් අවට සිසාරා නැග ආයේ නිහඬ අඳුරේ අමුතුම හැඟීමක් මවමිනි.
එක්වරම සුළුදිය පහර දෙකක හඬ එකක් විය. එකකු තම වැඩය නවතා ඇත!
"අය්යෙ අර.."
මහේෂ් ගේ සීතල කුඩා අත ලසන්තගේ මැණික්කටුව තදින් වෙලාගති.
ඇයි අසන්නටත් පෙර ලසන්තට බැලුනේ නුගය දෙසය.
පොඩි උන්දෙදෙනාගේම කටවල් විවර තුලින් වවුලෙකුට යන්නට ඉඩ හැදිනි. මෙතෙක් වෙලා තණපත් සිපගත් සුළු දිය දහර ලසන්තගේ කළව සිපගන්නට විය.
මෙතෙක් නොතිබි, නොවිඳි අපමණ බියක් ලසන්තගේ පිට දිගේ හිස්මුදුනටම දිවයමින් තිබුනි.
අඳුර අතරින්, නුගයේ බියකරු මුල් මැදින් සුදු පැහැති රුවක් මඳින් මද ඉහිලට එමින් තිබෙනු ලසන්තට පැහැදිලිව පෙනෙන්නට විය. ළමුන් දෙදෙනාටම කෑ ගසන්නට ඇරි කටවලින් හඬ පිට නොවන්නේ මන්දැයි සිතන්නට වෙලාවක් නොවිනි. මහේෂ්ගේ සීතල කුඩා අත දඬුවක් සේ ලසන්තව තවත් වෙලාගති.
සුදු පැහැති ඡායාව සෙමෙන් සෙමෙන් මිනිසෙකුටත් වඩා උස්වෙයි. මහසොහොනා නම් උස යන අවතාරය...මුරකරුගේ දියණිය...සියළු කතාන්තර චිත්‍රපටයක් මෙන් අකුණු ගසමින් මැවෙත්ත්දි සීතල හුළඟට නොදැනුනු දාඩිය ගත පුරා වැගිරෙමින් සිටි ලසන්ත සිය උපරිම වැරය උගුරට දුනි..
උදු අම්මෝ....අම්මෝ...
පපුවේ ගැඹුරුම තැනින් කෑගසා මරහඬ දුන් ලසන්තගේ මහ හඬත් සමග මිනිසෙකුටත් වඩ උසැති ඒ මහා ඡායව එක්වරම නොපෙනි යනු දෙදෙනාම පැහැදිලිවම යලිත් දුටහ..
ඔව් එය මොහොතකින් අතුරුදන් විය...!
විළාපයට යන්තම් නින්දේ සිටි ජේෂ්ඨ බාලදක්ෂයින් සහ කණිෂඨයන් පමණක් නොව ඈත බොල්ගොඩ ගඟෙහි මාලු බෑ ධීවරයන්ද අවදිවී තිබිනි.
කිසිවක් කතා කරගත නොහැකිව, මුත්‍රාගොඩේ සීතලව වැටී සිටි ලසන්තව ඔසවාගෙන කූඩාරමක් තුලට ගෙන යන ලදි. කුඩා මුත් වඩා එඩි තිබූ මහේෂ්ගේ තත්වය යහපත් වූ අතර, උණ විකාරයෙන් දොඩවන්නට ගත් ලසන්තව වහා ලඟම තිබූ ගල්කණුව පන්සලට ගෙනයන්නට කෝලිත අය්යාගේ මෝටර් සයිකලය පණ දමන ලදි.
..........................................
බායිවත්ත කඳුවුරු බිම අවසන් වූයේ ලසන්තගේ බාලදක්ෂ දිවියටද තිත තබමිනි.
ලසන්ත දක්ෂ බාල දක්ෂයකු වුව, ලුනාවේ තම මිතුරන්ගේ හය්යෙන්, අනෙක් කණ්ඩායම් සාමාජිකයන්ගෙන් බලෙන් මුදල් එකතු කිරීම, ඔවුනට පහරදීම, නොයෙක් දේ පැහැර ගැනීම වැනි දේ කරන බව නොදත් ජ්‍යේශ්ඨයින් ලසන්තගේ නැවතීම ගැන දුක් වන අතර, ඔහුගෙන් පීඩා විඳි අනෙක් සියල්ලෝම මහ සොහොනාට රහසේ පින්දෙමින් සිටියහ.
...........................................
එහෙත්, ඒ සමස්ථ සිදුවීමම එයට මසකට පමණ පෙර ලසන්ත විසින් මා බාල මල්ලීට පහරදී ඔහුගේ අතෙහි වූ ඔරලෝසුවත් කාන්දම් පෙට්ටියත් පැහැර ගත්තතාට දුන් රිටන් එකක් බවත්, මහසොහොනා යනු සුදු පොරොවන රෙද්දකින් හිස සිට වසාගෙන කන්ද පාමුල සිට ඉහලට ආ මගේ කරපිට නැග සිටි ලොකු මල්ලී බවත් මේ වනතුරු දැන සිටියේ අපි තිදෙනා පමණි
ප/ලි
කලකට පෙර ඉතා රසවත් බ්ලොග් ලියූ පැරණි සිංහල බ්ලොගර්ස්ලා පිරිසක් තම දූවිලි වැදුනු බ්ලොග් පඩංගු එළියට ගෙන, අද සිට සතියක් පුරාවට රසවත් ලිපි වලින් හමුවන බ්ලොග් වසන්තය ඇරඹිනි.
බ්ලොග් වසන්තයට ලියන්නන් බොහොමයක් දැනට ඇති සින්ඩිවල දකින්නට නැති නිසා අලුත්ම ලිපි මේ ෆේස් බුක් පිටුවෙන් හෝ ලක්දැල සින්ඩියෙන් කියවන්න.
//එහෙත්, එයට මාසයකට පමණ පෙර තම බාල මල්ලී ලසන්තට ගසා ඔහුගේ අතෙහි වූ ඔරලෝසුවත් කාන්දම් පෙට්ටියත් ගත්තාට පිළිතුර ලෙස සැළසුම් කර සුදු පොරොවන රෙද්දකින් වැසී කන්ද පාමුල සිට ඉහලට ආ මහ සොහොනා යනු මගේ කරපිට නැග සිටි ලොකු මල්ලී බව මේ වනතුරු දැන සිටියේ අපි තිදෙනා පමණි//
ReplyDeleteමේ කුනුහබ්බෙ හදල ඉඳිං ඉස්සෙල්ල.
f
කුනුහබ්බයක් කියන්න ගියා නෙවේ එෆ් එකක් වැදිල :-)
Deleteඊයෙ රෑ කලබලේ ලියල දැම්මෙ. ඔන්න හැදුව. රොම්බ තෑන්ක්ස් උඹෙ උපදෙසට.
Deleteහෙහ්..හෙහ්.. f = කුණුහරුප
ඔන්න උඹත් පෙට්ටියෙ ඉඳම්ම හිතල ...හැක්
What the fun?
Deleteහෙහ් හෙහ් හෙහ්....... අැත්තම සිද්ධියක්ද? යකෝ අරූ ඉතුරුවුනා ඇති
ReplyDeleteනම් ගම් විතරයි බොරු. ඌ ටිකක් මැරය නිසා ඔයින් ගියා..
Delete/ මේ වනතුරු දැන සිටියේ අපි තිදෙනා පමණි./ තුන් දෙනෙකුට රහස් රකින්න බෑ කියන්නෙ ඇත්ත නෙහ් !! :)
ReplyDeleteඅවුරුදු තිහකට කිට්ටුවෙන්න රැකන් උන්න හැබැයි :)
Deleteහම්මෝ නම උපසාන්ත කියලා දාගෙන මේ යකා කරලා තියෙන වැඩ ........ බලන් ගියාම මුගේ බ්ලෝග බලන්නත් බය හිතෙනවනෙ
ReplyDeleteඑල ද බ්‍රා
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
ඔව් නේ බං.. එතකොට අර මුරකාරයගෙ දුවගෙ සීන් එකටත් අහිංසක බායි අහු උනා..චැහ් :D
Deleteමැලේ, මට වෙලා තීන්නෙ මේ නම වස් වැදුන එක බං. උපසාන්ත වැඩකට කියල මම කරපු එකම එකක් මතක්වෙන්න නෑනෙ අම්මප!
Deleteඒයි ප.ම (ලදෙක )
බායි නාකිවෙලා මලේ අපි ඔහෙ යන්නත් කලින් බන්. එතකොට මුරකාරයගෙ දුවගෙ කතාව ( සිද්ද උනානම් ) වෙන්නෙ අපි වෙරළුමල් කාලෙ
අවසන් කරන තැන වරද රාජ් පෙන්නලා තියනවා ඒක හදන්න...//තම බාල මල්ලී ලසන්තට ගසා ඔහුගේ අතෙහි වූ ඔරලෝසුවත්// හොල්මන් කතාවක් හෙ හේ..... සිරාවට මේක කරපු දෙයක්ම නේද?
ReplyDeleteඅයියන්ඩි දැකපු කල්
Deleteඅයියා දැං කිරිත් එක්ක සමහන් බොනවා !! ඕ යේස්
Deleteනලිය, මේව අහල උඹල අපිට භය වෙන්නෙ එහෙම නෑ හරි.
Deleteමූ කිරි එක්ක සමහන් බිව්ව කතාවක් බ්ලොග් එකේ දැම්ම කියල මූණු පොතේ දැක්ක, ඒත් කෝ බන් ඒ පෝස්ට් එක?
මගේ ඇගේ මයිල් කෙලින් වෙලා හිටියේ..AC එකට..බයකට නෙමෙයි..
ReplyDeleteඅර මගුල් ගෙදර කතාව?
උඹෙ ඇඟේ මයිලුත් තීනවද බං?
Deleteඔයින් ගියා මදැයි. මේ සිංහයා නම් අම්මපා....
ReplyDeleteඇයි අර බායිගේ දුව
Deleteහරී, ඒකනෙ බං සිංහයාය කියන්නෙ...හෙහ්
Deleteමෙන්ඩ, උඹ බ්‍රාස් ගාල කන්න යන්නෙ පුතේ
දැන් එතකොට කලින් කථාව කන්ටිනිවු කරන්නේ මහසෝනද?
ReplyDeleteඋඹ මේ මගුලක් කතාකරනව. හිටහන් ඒව ආලවට්ටම් දාල ලියන්න ඕන.
Deleteඋඹ ගැන දන්න නිසා බය නැතිව බැලුවා.. හැක්.. වසන්තයා මට ලබල නෑ බං
ReplyDeleteකෝක් එකක්වත් බීල ට්‍රයි එකක් දියං.
Deleteබ්‍රෑන්ඩ් එක උගුරක් දා ගත්තොත්?
Deleteදේසපාටුව, ලියහන් බන් මොනා හරි. නග්ගලගමු..හැක්
Deleteප්‍රසා &මෙන්ඩා, මූට දෙන්න බීමක් නං ඉතින් තල අරිශ්ඨ තමා.
ඔය වගේම වැඩක් අපි කලා හොස්ටල් එකට අලුතින් ආපු එකෙකුට.. හැබැයි ඌ නං අණ්ඩයා නිසා ඔහොම බය වුනේ නෑ (කොහෙත්ම බය වුනේ නැද්ද මන්දා :-O)
ReplyDeleteමේක මචං නිකම්ම නිකං හොල්මන පෙන්නුවනං මූත් අහුවෙන්නෙ නෑ. මම නුගේ දැක්ක ගමන් වැඩේ ප්ලෑන් කරල, කතාවක් ගොතල, රෑට රෑට කියල අන්තිම දවසෙ දුන්න කෙලිම්ම හාන්සි වෙන්න. මේව්ව ලෝන්ග් ටර්ම් ප්ලෑන් ඩෝ...හෙහ් හෙහ්..
Deleteඅඩෝ අපිත් ලෝන්ග් ටර්ම් ප්ලෑනක් තමා ගැහුවෙ.. උඹලගෙ එක තරම්ම ලෝන්ග් නැතිවෙන්ට ඇති.. හැබැයි අපිත් අරූට හොල්මන් කතා කියලා (අපි කිවුවෙ බෙල්ල කපපු ගෑනියෙක්ගෙ විස්තරයක්ද කොහෙද) තමා හොල්මන් පෙන්නුවෙ.. වැඩේ තියෙන්නෙ අපට ඔය වගේ මහ රෑ ජාමෙ එළියට බහින්ට බෑ නෙවැ.. ඉතින් හොල්මන හිටියෙත් අපේ ඩෝමෙට්‍රි එක ඇතුළෙමයි.. :-D
Deleteහැක් හැක්... එහෙනං ඉන්දික මහසෝනටත් ඇට් කොරල. ඒත් මං බැලුවෙ කොහොමද දෙන්නෙක්ට එකපාර හොල්මං පේන්නෙ කියල.
ReplyDeleteඅරයකා බයටම යටිපස්ගම ගියානං තමයි වැඩේ.
මහසෝනට ඉතින් කවදත් අපි නටනවනෙ බං. හෙහ් අපිටත් භය තිබ්බ අරූ නැගිට්ටෙ නැත්තන් කියල, මොකද වැඩේ දුර ගියානං කිරිමේල්..කෙලිම්ම මග්ගොනනෙ. ඒ උනාට යන්තන් නුගෙ වෘක්ෂ දේවතාව මගේ අහින්සක ව්‍යායාමෙ අල නොවෙන්න වග බලා ගත්තද කොහෙද..හෙහ් හෙහ්
Deleteෂුවර් එකටම බොලාගෙ වැඩේට අර පොඩි එකත් සම්බන්ධ ඇති නේද?
ReplyDeleteඌ තමා අපේ පොඩිම මල්ලි. ලසන්තයට ඔය වෙනකොට ගහපු සීන් මතක නෑ
Deleteවාව්......... කතාව ඒළස්
ReplyDeleteතැන්ක්යූ වේවා!!
Deleteබැද්දේගම චිත්‍රපටියේ "හෙට අනින්දා දිහාට මේ ගම්වලටත් යක්කු එබිකම් කරාවි..." කියල ඩී ආර් නානායක්කාර කියන වෙලාවේ ගස්වලින් එබිකම් කරන යකුන් තිදෙනෙකු බෙරහඬක් එක්කම පෙන්නනවා. සෑහෙන කාලයක් තිගැස්ම හිතේ තිබ්බා
ReplyDeleteපොඩ් කලෙ ගැස්සුනාම ලේසියකට අමතක වෙන්නෙ නෑලු. අපිට ඒත් කළුවරට යක්කුන්ට බය වෙන ගතියක් තිබ්බෙම නෑ. එක අතකට යක්කු අපිට බය ඇති..හෙහ්හෙහ්
Deleteතිස්ස අයියට කියන්න, තාම අපේ ගේ ඉස්සරහ තියන මහ නුගේ රෑට දකිද්දි බැද්දෙගම චිත්‍රපටියෙ ඔය සීන් එක මතක් වෙලා කනේ මයිල් ලාවට කෙලින් වෙනව
Deleteඒක හැදුවේ ලෙස්ටර් ශූරීන් නේද? එහෙම දැම්මේ ජාත්‍යන්තරයට අපේ දේ අරන් යන්න කියලා දවසක් කිව්වා මට මතක හැටියට....
Deleteඒක හැදුවේ ලෙස්ටර් ශූරීන් නේද? එහෙම දැම්මේ ජාත්‍යන්තරයට අපේ දේ අරන් යන්න කියලා දවසක් කිව්වා මට මතක හැටියට....
Deleteමම සිංහයාට බයයි මල්ලියේ …
ReplyDelete- මහසෝනා
මං සිංහ දේනුවට භයයි මල්ලියේ..
Delete-මීට සිංහයා
මෙන්න මේක බලන්ඩ ආතල් උත්තරයක් දෙනව
ReplyDeletehttps://youtu.be/1WLbuma9NuM
//ඌටත් කන්න නෑ මටත් කන්න නෑ// හුකෑස්...
Deleteඅටම, මං ඕක දැක්ක. නිකන්ද බං කියන්නෙ තම්බිගෙ තොප්පිය හැරෙන හැරෙන අතටය කියල.
Deleteහි හි
Deleteසිංහයා එළ කොල්ලෙක්නේ...
ReplyDeleteඅරූට උගන්නපු පාඩම නියමයි. මට පෙන්න බැහැ ඔය ලසන්ත ල වගේ අපතයින්ව...
මටත් ඔය බුලින් ඩයල් පේන්න බෑ. අතින් පයින් බැරිනං හොලමනකින් ගහල හරි රිටන් එක දෙනව තමා. අපේ තාත්ත පොඩි කාලෙම කියල දුන්නෙ උඹ වැරදි නෑ කියල හිතෙනවනං ගහපු එකාට රිටන් එක නොදී ඉන්න එපා කියල. මම ළමයින්ට කියන්නෙත් ඒකම තමා.
Deleteමොකක්ද බං කාන්දම් පෙට්ට්ය කියන්නේ හැබෑට....
ReplyDeleteමේක කියවනකොට මතක් උනේ, ඉස්සර බිග් මැච් එකේ ලන්ච් වෙලාවට චීනකොරටුවේ කොල්ලෝ ඇවිත් උන පටි වලින් ගහලා බැජ් එකයි ලන්ච් පැකට් එකයි උදුරගන්න එක...උඹවගේ අයියෙක් හිටියානම් කියලා හිතුනා...
//මොකක්ද බං කාන්දම් පෙට්ට්ය කියන්නේ හැබෑට.//
Deleteමේව වෙන්නැති
[im] http://www.google.com/imgres?imgurl=http://imshopping.rediff.com/imgshop/800-1280/shopping/pixs/4905/b/bs13barbiemagnet._4-compartment-barbie-pencil-case.jpg&imgrefurl=http://shopping.rediff.com/product/4-compartment-barbie-pencil-case/11744495&h=500&w=500&tbnid=LYtxIVc1aNJiTM:&zoom=1&docid=hidnQw_-D6bgPM&ei=KIsjVZDbMsrguQSOsYEw&tbm=isch&ved=0CCwQMygPMA8 [/im]
මට රූප දාන්න තේරෙන්නෙ නෑ බොල. ඔය ලින්ක් එක හයිලයිට් කරල රයිට් ක්ලික් කරල ඕපන් ලිංක් ඉන් නිව් ටැබ් ඔබල බලන එකය ඇත්තෙ. :D
Delete[img]http://www.starmark.in/product_images/z/526/DSC06272__27380_zoom.JPG[/img]
Deleteඅම්මට හුඩු..මාරයිනේ ඕයි..ආයෙත් ඉස්කෝලේ යන්න හිතුනා...මාලිමාවයි..මොනාද අර ඊට පල්ලෙහා තීන බට්න් එක ප්‍රෙස් කලාම වෙන්නේ...පෙට්ටිය ඇතුලේ පැන්සල්ද? අනේ කියා දියන්කො උපසාන්ත අය්යේ..
Deleteබට්න් එක එබපුවහම තියඩෝල්ටුවක් එලියට එනව , ඔයාලගේ කාලේ ඔව්වා තිබුන් නැද්ද
Deleteඔය එකේක නොදන්නා බට්න් ප්‍රෙස් කරන්ට යන්ටෙපා ෂෙෆෝ.. දන්නවනෙ අර ලේඩීස් ටොයිලට් එකේ නොදන්න බට්න් ප්‍රෙස් කරපු එකාට වෙච්චි වැඩේ.. දන්න කියන විදියට අර ඒ කාලෙ වගේ නට්රාජ් බෙලෙක් කවකටු පෙට්ටියකට පැන්සල් ටික දාගෙන යන ඉස්කෝලෙකට යන්ට..
Deleteචෙෆාකි, ඕකෙ බට්න් එබුවම කටර් නං මනං කෑලි එනව එලියට. මරු භාන්ඩෙ. උඹ දන්නවද ඇයි අපිට ඕක වටින්නෙ කියල. ඉස්සර අපෙ තිබ්බ කෑම සල්ලි කියල සීන් එකක්. ඒ කිව්වෙ ඉස්කෝලෙ යනකොට දවල්ට කන්න කෑම මුකුත් නොගෙනිච්චම දවසට සත පනහ ගානෙ ගාණ හදල අම්ම අපෙ කැටේකට දානව. එතකොට අපේ මල්ලි හිටියෙ හයේ පන්තියෙ. ඌ පහේ පන්තියෙදි ප්‍රින්ස් ඔෆ් වේල්ස් යන්න ගත්ත දවසෙ ඉඳලම ඉන්ටවල් එකට මුකුත් නොකා ඔය පෙට්ටියට සල්ලි එකතු කරා. එහෙම එකතු කරල ඔය පෙට්ටිය ගත්තෙ. ඉතින් කොහොමද මල?
Deleteබුරා, මට තිබ්බෙ ඔක්ස්ෆොඩ් කියල රතු කවකටු පෙට්ටියක්. අම්ම එක තමා අපේ "ගමරාලගෙ වංගෙඩිය".කොටිම්ම පස්සෙ කාලෙක ගත්තු "ස්ටෙඩ්ලර්" පෙට්ටියවත් එච්චර ආතල් එකක් දුන්නෙ නෑ.
අනේ ෂෝයි,, මටත් එකාක්...
Deleteමට අම්මපා ඔමාගේ කොමෙන්ට් එකට එන උත්තරේ ........
Delete:((( :((
Deleteචෙෆ් කිව්වා වගේ මේ වගේ අයියලා අනේ වාසනාවන්!
ReplyDeleteඅන්න සහෝදරයෝ
Deleteඑහෙම තමා බං සහෝදරකම කියන්නෙ. ඔයවගේ තව සීන් තීනව මල්ලිලට ගහපු බැනපු උන්ට ගේම් දීපු. හිමීට ලියන්නං...හෙහෙහ්හ්
Deleteකෝ මගුල් ගෙදර ලව් කතාව?
ReplyDeleteමේකත් අර කෑම කන්න කඩේට ගියා වගේ..පිගාන තියනවා වතුර එක තියනවා කෑම තවම ලිපේ
Deleteමාත් බලන් හිටියේ ඒකෙ ඉතුරු ටික කියවන්න
Deleteඔන්න ලිව්ව, ගෙහුන් කියවන්න.
Deleteහපොයි මමත් ඔයවගේ හොල්මනකට අහුවෙලා තියනවා. ඉස්කෝලේ යන කාලේ පීචෑර්ස් එකක් බලලා එනකොට සොහොන් පිටියෙන් ඇහුණා බරාස් ගාලා සද්දයක්. සුළුදිය පහවෙන්න ඔන්න මෙන්න තත්වයෙන් මම නිකම්ම බිම ඉන්දවුනා. මා ගැන අනුකම්පා කළ හොල්මන උම්බෑ කියලා කෑ ගැහුවා. මුගේ මෑණියන්ට කියලා ඒ තඩි හරකට ගලකින් දමලා ගහලා මම රූං ....................කියලා ගෙදර දිව්වා. නෑ නෑ එව්වා පෙරුනේ නැහැ.
ReplyDeleteඒ ඇදගෙන හිටපු කලිසම පිච්චුවා..ආය ඒක පාවිච්චි කරන්න බෑ
Deleteමෙන්ඩගෙ කොමෙන්ට් එක කියෙවුවම මට මතක් උනේම යුද්දෙ වෙලාවෙ රතුපාට කමිසෙයි කහ පාට කලිසමයි ඇදගත්ත ජෙනරාල්
Deleteඑතකොට ගදට මොකද කරන්නේ?
Delete@ AnonymousApril 8, 2015 at 4:11 AM
Deleteසම්පූර්ණ කථාව දාන්නකෝ. අයියා, යේක ෂද්දෙට ෂද්දේ ෂරි. යේ උනාට කඳට(ගඳට) මොකක්ද කුරනවා
//හපොයි මමත් ඔයවගේ හොල්මනකට අහුවෙලා තියනවා.//
Deleteහාමිනේ බ්ලොග් නොබලන හින්ද හොඳා..
මේ ඊයේ පෙරේයිදා රාගම පැත්තේ මළ ගේකට ගියා.මළගේ ඉස්සරහාමයි ගමේ කනත්ත.අපි ගිය වාහනේ දැම්මෙත් කනත්ත ඇතුළේයි.රෑ දොළහාමාරට විතර එන්න පිටත් වෙලා චු කරන්න ගියේ කනත්තට.වටේ තියෙන සොහොන් කොත් දිහා බලන්නේ නැතුව උඩ බලාගෙන චු දදා හිටපු මම ගැස්සුනේ නැතා මගේ පස්සෙන් බර අඩි තිය තියා ආපු එකෙක්ට.
ReplyDeleteකොහොමින් හරි මොන වැඩකාරයා වුණත් හොල්මන් වලට බයයි කියලා නොවැ ඔය කියන්නේ.
විවර වු කට තුලින් වවුලෙකුට යන්නට ඉඩ හැදිනි. මෙතෙක් වෙලා තණපත් සිපගත් සුළු දිය දහර මනෝඡ්ගේ කළව සිපගන්නට විය.
Deleteකොයි කනත්තෙද කියල දැනගත්තනං උඹව බය කරන්ඩ තිබුනා
Delete@ මෙන්ඩා,
Deleteඑච්චර අවුලක් වුනේ නැහැ බං.
@ අටං,
කනත්ත තියෙන්නේ හිටං රාගම ස්පිරිතාලේ පිටිපස්සේ අර රේල් පාරත් එක්ක උඩින් ගුවන් පාලමක් තියෙන්නේ අන්න ඒ ගුවන් පාලම බහින්වත් එක්කම වම් පැත්තේ උඩට තියෙන පාරේ වම් පැත්තේ තියෙන කනත්ත,ඔය රාගම ස්පිරිතාලේ අයිතිකාරයෝ නැති මිනි භුමිදානය කරන්නෙත් එකේමයිලු.
මනෝ, මට කියන්න දෙයක් මෙන්ඩ ඉතුරු කරල නෑනෙ. දැන් ඉතින් ඒ කළිසමට මොකෝ කලේ..හැක් හැ..ක්
Deleteමලගෙදරක් ඉවරවෙලා මිනිය වලලපු දවසෙ නයිටක් ගගහ හිටපු අපි තව්සන්ඩ් ටෝක් දෙන එකෙකුට දුන්න මහසෝන් ගේමක්.
ReplyDeleteමෑන් වැඩට යන්නෙ පාන්දර 4.00 කෝච්චියේ , අලව්වෙ කාබුල් එකට. මූ එනව පාළු වතුදෙකක් මැදින් ඉස්සල්ලම හිටියෙ
මම සමග දං ඇටය.
' ලණුවක් දාල ඇදන් හිටපු ක්‍රෝටන් ගහ අත ඇරිය, ඒ සද්දෙට වැලගෙඩියක් කකා හිටපු වව්ලො " බ්ස් බස් " ගාල පියෑඹුව සද්දෙටයි සට පට ගාල තල් අතු උඩට වැටුන කොස් ඇට සද්දෙටයි ඇටයයි මමයිත් බය උනා. අරූ කිහිල්ල අස්සෙන් බලල අමු කුණු හරප ටිකක් කියල දිව්ව.
ඊලගට හිටියෙ
පතා සහ වස්ස
උනුත් පාරට නැමිල තිබ්බ ගහක් ඇදගෙන ඉදල අත හැරිය.
ඊලගට
බබෙන්තු සහ දිග අජිත්
බබෙන්තුවව කරේ තියාගත්තු අඩි හයක් විතර උස අජ්ජ , බබෙන්තුවගෙ ඔළුවෙ ඉදන් කළු රෙද්දක් පොරවන් කනත්ත දිහාට පාරදිගේ ටිකක් ගිහින් වැටක් අයිනෙන් නොපෙනී ගියා.
මේ සීන් ඔක්කොමගෙන් බවෙච්ච බුවා මර හඩ දීගෙන පාර දිගේ දුවද්දි ඌට බොරළු අහුරකින් ගැහුවෙ පැටී මලය.
දාඩිය දාගෙන සිහි නැතිව ලග ගෙරක වැටුන පොරට බර ගානක් දීල තොවිලෙකුත් නැටුව. මේ සීන් එක අපේ වැඩක් කියල මූ දැනගත්තෙ පතාගෙ මලගෙදර දවසෙ ඒ කියන්නෙ සිද්දිය වෙලා අවුරුදු 14 කට විතර පස්සෙ.
බලපුවහම හැම තැනම හොල්මන් පෙන්නන්නෙ එකම ක්‍රමේට.
තිරනාටකේම ලියලා උඹ....නියමයි...
DeleteThis comment has been removed by the author.
Deleteවහදෙන්ඩ එපැය බං උඹලට
Deleteස්තූතියි චෙෆාකි.
Deleteඅටම් , ඒකාලෙම දැනගත්තනම් කඩුපාරක් ශුවර් , ඒ බයටම එකෙක්වත් ඒ ගැන වචනයක්වත් කිව්වෙ නෑ. මූ දවසක් එකෙක් එක්ක වලියක් දාගෙන කඩුව පදුරක් අස්සෙ හංගල පිරිත් ගේ ඇතුලට ගියා .අපි කඩුව ඉස්සුව, ඒකනම් තාම දන්නෙ නෑ.
කම්මලයා එල ද බ්‍රා ගෙමක් ඒ වුනාට අරෑ බයට මැරනුනානම්
Deleteකම්මල අයියලා සෙල්ලං පොරවල් නෙමෙයිනෙ බොලේ බලාන යද්දි...
Deleteකම්මලේ, ඔය කොයි හොල්මනත් පිටිපස්සෙ ඉන්නෙ මිනිස්සුම තමා බලාන ගියහම. මතකනෙ මඩොල්දූවෙ?
Deleteඇත්ත හොල්මං තොවිල් කරලා සනීප කරන්න පුළුවන් උනාට ඔය වගේ එව්ව බෑ කියල අහල තියනවා.... මාර සහෝදර වරු...
ReplyDeleteඒක ඇත්ත , එදා උඹව දැකලා මම බයවෙච්ච පාර තාම සනීප වුනේ නෑනේ .:P
Deleteඅඩේ... මං හෙළුවෙන්ද බං ඒ වෙලාවේ හිටියේ??? මල හත් ඉලව්වයි... ලොකු බොග් කාරයෝ ඉස්සරහ නොදැනිම රෙදි ගැලවෙන්ටැ...
Deleteසජ්ජා, මාර සහෝදරවරුද මන්ද, අහල පහල ගෙවල්වල ලොකූන්නං අපිට මාර පුත්තරයො කියල කියනවලු. :D
Deleteමදැයි අරු ඉතිරි වුනා, අම්මප නිකන් යයි කියන්නේ කුපාඩි සිංහයා කියලා
ReplyDeleteඅඩෝ..කුපාඩි කියන්නෙ පැණියට වඩා හොඳ නමක් හරී...
Deleteඅර කලින් කතාවෙ ගෑල්ළමයා ගැන වැඩි දුර විස්තර බලන්න බලාගෙන ඉන්නකොට මෙන්න මූ හොල්මන් කතාවක් දාලා......!
ReplyDeleteවෙනින් එකෙක්ව බය කරන්න ඔය විදිහට හැංගිලා හිටපු එකෙක්ට ඇත්තටම යකෙක් ගහපු කතාවක් මට මතක් උනා.....! බලමු කවදා ලියන්න පුළුවන් වෙයිද කියලා....!
යකා පහනෙදි ද දන්නෑ ගහල තියෙන්නෙ ?
Deleteදුමී, ලියහන් ලියහන්, තව එක දවසක් ඉතුරුයි.
Deleteඕනෙ, පහනෙදි ගැහුවනංනං ඉතින් පහන් යකාම තමා ගහල ඇත්තෙ!
පහලු යකෙක් ගැහුවා වෙන්න බැරිද
Deleteපට්ට :D. ඔන්න නියම සහෝදරයො ;). අදහන්න වටිනවා. කතාව පටන් ගත්ත විදිහට ඔහොම එකක් වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ.
ReplyDeleteජය වේවා!!!
අපේ ගෙදර ගොඩක් දේවල් ඉවර උනේ පටන් ගත්තු විදිහයට නෙමේ තමා බන්
Deleteභයානක කතාවක්...:Dඒ වුනාට එක හුස්මට කියෙව්ව හැකිලු.
ReplyDelete//කෙඳිගෑවේය.//
//උදු අම්මෝ....අම්මෝ...//
සිංහයා කලබලෙන් ලියන විත්තිය පේනවා...මම හිතුවේ මොනා හරි රහ දෙයක් බීලා එහෙම ලීවද දන්නේ නෑ කියලයි. :D
//එනම් තරු දෙස බලාගෙන කූඩාරම පිටුපසට ගොස්, දෑස් වසා මූත්රා කර, නැවත තරු මග ඔස්සේ පැමිණීමයි.//
මේ කැලේ නයි ඉන්නවනේ...:O
//බොල්ගොඩ ගඟෙහි මාලු බෑ ධීවරයන්ද අවදිවී තිබිනි.//
නින්දෙන් මාලු බාන අයත් ඉන්නවද? :P
//මේ කැලේ නයි ඉන්නවනේ...:O//
Deleteකැලේ නරිත් ඉන්නව :D :D
කෙඳිගෑවේය වැරදිමක්. උදු අම්මෝ කිව්වෙ අර උගුර හිරවෙලා තිබ්බ්බ නිසා බු සයිලන්ට් වෙලා.
Deleteකුමාරිහාමි අහල නැද්ද ජාකොටු? ඒවගෙ ඉන්නව බුවාල, අඩ නින්දෙ මුරට.
කැලේට ආ නරියා ඕනයාය :D
//සෙමින් තම කකුලට නැගි කඩියකු රන්දිකගේ වහා ගසා දැම්මේ භූතයකු එලවන්නාක් මෙන් ගැස්මකිනි.// මේ ඒකනම් ඇත්ත කඩියා කාපු කෙනෙක් තමයි දන්නේ ඒකෙ අමාරුව.
ReplyDeleteදැන් 11.40 යි ඔයා අර යට කොටස ලියලා තිබ්බේ නැත්තං මං බයට ලයිට් දාගෙනම නිදගන්න්නේ ,, ඒත් මොකටත් ඔන්න ඔහේ ලයිට් දාලම නිදාගන්නවා
තාම ලයිට් දාන්ද ඉන්නෙ? අපි පොඩි කාලෙ ලයිට් දාන් නිදියනව කියන්නෙ යට කොටස එලියෙ දාන් ඉන්නවට :D
Deleteඅම්මපා මෙහෙමත් අයියලා.. මදැයි ආතල් හොම්මන් කතාවක් කියලා හිතාගෙන කියවන් ආවා..
ReplyDeleteආතල් නැද්ද බන්?
Deleteතව ටිකෙන් හදිස්සියකටවත් එලියට යන්න වෙන්නෙ නෑ......
ReplyDeleteඅර මොකොද බං?
Deleteඒ කාලෙත් ගේමට ගේම වගේ .. :)
ReplyDeleteඇයි ඒ කාලෙත් කියල විශේෂනයක් දැම්මෙ?
Deleteඇඟ සහලෝන කතා 'සැහැල්ලුවේ' මෙහෙම ලිව්වැකිද ? අනික කවුද අප්පේ මේ උපශාන්ත කියන නම දැම්මේ?
ReplyDeleteඑල ද බ්‍රා ප්‍රශ්න ටික..පුලුවන්නම් දිපන් උත්තර
Deleteතිලක,
Deleteඔය නම දැම්මෙ නැන්ද කෙනෙකුගෙ දුවෙක්ලු! ඒ අක්ක මේවට මොනා කියන්නද අප්ප. දන්නවනං දුක් වෙලා කෙට්ටුවෙනව.
පාඩම් උගන්වන්න ගස් ගියාට - මේවා ගස් යන වැඩ....
ReplyDeleteගස් දැන් නෑ බං..ඒ හින්ද අවුලක් නෑ!
Deleteපාඩම් උගන්වන්න ගස් ගියාට - මේවා ගස් යන වැඩ....
ReplyDeleteමහ නුගය හරි අපූරුවට ලියවිලා තියෙනවා. මේ කථාව කියවන්න ගත්ත වෙලාවෙ ඉදන්ම මට මතක් උනේ එක කථාවක්. මගේ නාවික හමුදා මිත්‍රයෙක් පූනෑව නාවික හමුදා කඳවුර තුල ලැබූ අද්භූත අත්දැකීම් කීපයක් ගැන වතාවක් මා එක්ක කිව්වා. එතනටත් මුත්තරා කිරිල්ල සම්බන්ධයි. කෑම්ප් එකේම කොල්ලෙක් ඒ හරියෙ තැනක එල්ලිලා මැරිලා උන්නලු කාලෙකට කලියෙන්. දැන් සද්ද බද්ද ඇහෙවලු, අද්භුත දේ සිදුවෙනවලු හිටි ගමන්.
ReplyDeleteහෙහ් හෙහ්..ඔහොම භය කරන එකත් බලං ගියාම හැම තැනම කෙරිල...දැන් ඔය භයවෙලා තියෙන්නෙ අපේ ක.මිය නෙමේනෙ?
Delete