Monday, November 14, 2016

Road to Nandikadal | රණමඟ ඔස්සේ නන්දිකඩාල් මොන පොතක්ද..?


මේ පොත පල කිරීමේ වටිනාකම හෝ නොවටිනාකම ගැනත් එය මිළට ගැනීමට තිබූ අපහසුව සහ උනන්දුව ගැනත් ඇති තරම් ලියා තිබෙනු දුටු මුත් එහි අන්තර්ගතය ගැන කිසියම්ම හෝ කියැවීමක් නුදුටුවෙමි.

මේ සටහන ඒ අඩුව නිසාම නොව මෙය ගැන තවත් කතා කල යුතුයැයි හැඟුණු නිසා ලියූවෙමි.

සමස්ථයක් ලෙස මේ පොත එක දිගට කියවාගෙන යාමට සිතෙන සිදුවීම් වලින් ගහන තරමක් රසවත් පොතකි. එමෙන්ම මෙහි ඇති සියලු සිද්ධීන් අප දන්නා ඒවා උනත් පිටුපස ඇති අප නොදන්නා කතාන්තර කතුවරයා රසවත්ව සහ සවිස්තරාත්මකව විස්තර කරයි.

මෙහි මූලික අඩුපාඩු හෝ අපැහැදිලි අවස්ථාවන් කිහිපයක් මා නිරීක්ෂනය කලෙමි.


1. කතුවරයා තම අතීත අඩුපාඩු, තරුණයෙකු ලෙස කල වැරදි සහ ආවේගාත්මක තීරණ ගැන පසු තැවෙන අතරම වැඩිහිටි ජ්යේෂ්ඨ රාජ්‍ය නිළදාරීන් කරනා ජනප්‍රිය වැරැද්දක් වන රාජ්ය සම්පත් අවභාවිත කිරීම සිදු කොට ඇති බවක් පෙනේ. එහෙත් එහි අවසන් ප්රතිඵලය මෙවන් අගනා පොතක් නිසා "මගේ මතයට අනුව ඒකට සමාවක් දිය හැක".

2. මේ පොතෙහි මූලික අරමුණ යුද්ධය ගැන තම අත්දැකීම් ඉදිරිපත් කිරීමද, යුද්ධයෙන් හා සාමයෙන් ලංකාවට ලද හෝ නොලද දේ ගැන විචාරය කිරීමද, යුද්ධය ගැන අත්දැකීම් සහ ඇසූ කියැවූ කරුණු එක් කර වාර්ථාවක් සැපයීමදැයි පැහැදිලි නැත. මන්ද මේ සියල්ලම එකට කළවම්ව තිබෙන බැවිනි.මේ කළවම සමහරවිට කියවන්නාට ඉතා වෙහෙසකරය.

3. මෙහි 88/89 මර්ධනය සාදාරණීකරනයට අවශ්‍ය පසුබිමක් මිස මර්ධනය ගැන වචනයක් වත් නැත. අනෙක් පසින් බෝම්බ දමා මාලු ඇල්ලූ, රත්තරන් බඩු හොරකම් කෙරූ සෙබළුන් වෙනත් යුධ අපරාද නොකලේදැයි නිතැතින්ම සැක සිතෙහි. නමුත් එවැනි දේ හෝ ඒවාට එරෙහිව ගත් පියවර ගැන කිසිදු සඳහනක් නැති වීමේන්, අපේ හමුදාව ඒවා නොදැක නොසලකා සිටි බවක් දැනේ.

4. සමහර විටෙක ඔහු සහභාගී නොවූ යුධ සැළසුම් ගැන පවා ඉතා දීර්ඝව විස්තර කෙරෙතත්, රටේ අවධානයට සහ ආන්දෝලනයට ලක්වූ පමණක් යුද සටන් ගැන  ( උදා ලංකාවට මුල් වරට මල්ටි බැරල් ගෙන ආ සරත් ෆොන්සේකා සහ ජානක පෙරේරා එක්ව ඉටු කල නොනවතින රැල්ල ආපිට ගැසීම, වැඩිම ත්‍රස්ට්ගයින් පිරිසක් මරා දැමූ වැලි ඔය සටන ) හරි හමං විස්තරයක් නැත.

5. කතුවරයාගේ සාම වෑයම ගැන වූ විරෝධතාව දිගින් දිගටම නැවත් නැවතත් සඳහන් කර තිබීම කියවන්නාට වෙහෙසකරය. අනෙක් අතින්, සාම වෑයම් ගැන වූ දේශපාළන තීන්දු නැවත් නැවතත් දැඩිව විවේචනය කරයි. එහෙත් දේශපාළක තීන්දු වලට ඇතිවෙන බාහිර බලපෑම් සහ සාධක සාකච්ඡාවට නොගන්නා සන්දර්භයක මෙය සහමුලින්ම අනවශ්‍ය ලෙස පොත විශාල කිරීමක් පමණක් වී ඇත.

6. කකුලට වෙඩි තබාගෙන ගෙදර ගිය හෝ සියදිවි නසාගත් මාන්කුලමේ සෙබලුන්ට දීනයන් යැයි පවසමින් හමුදා සෙබළෙකු යනු මිනිසෙකුම බව අමතක කරන කතුවරයා , සිය බිරිඳ විසින් බෙල්ලන්විලට බෝධි පූජා තබා ප්‍රභා මරන්නට අවස්ථාව ලබා දෙන්නැයි කී කතා, බෝ ගස මුල සිටි සෙබලුන්ට අනතුරක් නොවූ සැටි ගැන උත්කර්ෂයට නඟයි.

7. කතුවරයා තම ගජබා සේනාංකය සහ එහි සුරු විරු කම් ඉස්මතු කිරීමට ඉතා වෙහෙසක් ගෙන ඇති බවක් දැනේ. මෙවැනි ගැටි සමඟ යුද්දය දිනීම සැබෑවටම විශ්මයකි.

8. කෘතිය පුරාම සරත් ෆොන්සේකා ගැන යම් නොපහන් තරහකින් කරුණු ලියැවී ඇති බව හැඟේ. මේ පොත ගැන ෆොන්සේකාගෙ වෛරයට හේතුවත් මේ පේළි අතර කියනා කතාවම විය හැක.

මේ මා මූලිකව දුටු අඩුපාඩු කිහිපයයි. ඒ හැරුණ විට, මම තමයි පොර න්‍යායෙන් ලියා ඇති වීම අඩුවක් ලෙස නොව, මෙවන් යුද්ධයක සැලකිය යුතු දෙයක් කල මිනිසෙකුගෙන් බලාපොරොත්තුවිය හැකි තත්වයක් බව පිළිගණිමි.

සමස්ථයක් ලෙස ගත් කල මෙය ලියැවිය යුතු සහ කියැවිය යුතු පොතකි.  එමෙන්ම මෙවන් පොත් යුදයේ අනේක් පාර්ශවය වන කොටින්ද ලිවිය යුතුය.

මන්ද, විදේශ පුහුණු, රාජ්‍ය අනුග්‍රහය, විශාල මුදල් වැය, නවීන අවි සහිත ත්‍රිවිධ හමුදාවක් සමඟ මෙතරම් හොඳින් සටන් කල ත්‍රස්තවාදීන් හට කියන්නට ඇති දේ මීටත් වඩා විශ්මය ජනක කතාවක් වනු ඇති බැවිනි.

මේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත ගැන විචාරයක් නොවේ. මෙය පාඨක අදහසක් පමණි. මෙහි කරුණු සංවාදයට විවෘතය.

47 comments:

  1. පොත කියවලා නැතුව මුකුත් කියන්න බැහැනේ............. ඒ නිසා කියවලා ම කතා කරමු.......

    ReplyDelete
  2. ඔය රෙජිමේන්තු වලි කේස් එක්ක ගත්තාම ඉස්සර තිබුණු දැඩි නිකාය බේද අති සරල යි නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්, නිකාය බේද වගේ නෙවේ. සේව රෙජිමේන්තු වල උන්ට, ස්වේච්ඡා බල සේනාවෙ උන්ට සලකන්නෙ අතපල්ලෙන් වැටුන ගානට. ඒව කියන්න එපා, රණ විරුවොනෙ අන්තිමට.

      Delete
  3. කියවලා නැහැ ..කියවන්න අසාවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එහෙනං 1750 දීල එකක් ගණින් :)

      Delete
    2. දැන් 2500/-යි....හැක්..!

      Delete
    3. හුටා..! ඒත් කමක් නෑ, මෙහෙ හාරදාහයි

      Delete
    4. මගේ ළඟ තියෙනවා. කියවලා ආපහු දෙන අයට විතරයි දෙන්න හිතන්නෙ

      Delete
  4. අමු බයි මානසිකත්වය, පෞද්ගලික වෛර පිරිමැහීම, මං පොර වීම තුල යුද්ධයේ ඇති අසූචී කඳු මොනවට දිඟහරින පල් හෑල්ලක්.

    මේ පොත ලියලා තියෙන්නේ එයා නෙමෙයි. හමුදාපති තනතුර නොලද නිසා වෙන එකෙකුට කියලා ලියවගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුරු ලිවුවහම මොකෝ... දිග පෝලිම් ගස්සගන අත්සන්කරලා පොත විකුණුවේ එයානේ.

      Delete
    2. මාත, ලිව්වෙ මොකා උනාම මොකෝ බං, කතෘ එයානෙ. ජීවිතේ හැමෝටම කතාවක් තියෙනව, මෙයා ඒක කිව්ව. කියන්න ඉස්සෙල්ල වෙන රටවල උන් ලියාපු මේ වගේ පොත් ටිකක් වත් කියෙව්වනං ඔයිට හොඳා. ඒත් දැන් මොකට කියනවද.

      Delete
    3. මම යුද්ධය ගැන කිසිම දේකට කැමති නෑ.. ඒත් මේ පොත නම් කියෙව්වා.. ඒක කමල්ගේ ටැලන්ට් එක..

      Delete
    4. 1, 2, 3,4, 5 ,6GR විතරයිලු යුද්ධේ කරල තියෙන්නෙ...

      Delete
    5. චෙෆාකි, ඔව් බන්, අනික් උන් නැතුවත් දිනන්න තිබ්බ ඔය කියන විදිහට

      Delete
  5. අනේ මංද. ‍මම ඔය පොත කියෝල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. උඹටත් කියන්න තීන්නෙ මෙන්ඩට කිව්ව එකම තමා

      Delete
  6. ඊගාව පාර සම්මානෙ මෙන්ඩට දුන්නැත්තං ඌ මාව මරණවයි කියල තර්ජනය කරල තියෙනව. හැක්..

    ReplyDelete
  7. යලුවෙක්ගේ පොතක් නිකම් ලැබිලා කියෙව්වා.

    1) හැමෝම එක වගේ රජ්‍ය සම්පත් අවභාවිතා කරලා තියෙනවා.කොහොම වුනත් මේ පොතේ තියෙන එක සාධනීය ලක්ෂණයක් තමයි කතුවරයා තමන්ගේ ඒ සමහර වැරදි ගැන නැවත දක්වන කනගාටුදායක ආකල්පය.

    2)එකඟයි.කතාවක් විදියටත් වර්තාවක් විදියටත් දෙවිදියටම පොත තියෙනවා.සොදු පත් බැලීමකින් තොරව පොත මුද්‍රණය කර ඇති බව පේනවා.

    3)හමුදා විනය ගැන සැහෙන ප්‍රශ්න තියෙන බවක් පෙනුනත් ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ග ගැන කිසිදු සඳහනක් නැත.

    4)ඇත්තට මල්ටි බැරල් වලින් ලැබෙන වෙඩි බලය අගය කරලා තිබ්බත් ඒ ආයුධ ගෙන්වීම ගැන කිසිදු සටහනක් නැහැ.(ඒ ගැන නොලිව්වේ චන්ද්‍රිකාට ලකුණක් දෙකක් යයි කියලා හිතලද දන්නේ නැහැ) වැලිඔය සටන ගැන පොඩි විස්තරයක් සරසාලේ සටන ගැන පොඩි විස්තරයක් තියෙන්නේ.සමහර විට කතුවරයා ඒ යුද්ධ ගැන එතරම් දැනුවත් වීමක් නැතුව ඉන්න ඇති.

    5)සාමයට අදාල දේශපාළන තීන්දු ගැන දැඩි විවේචනයක් කතුවරයා දක්වා තිබුනත් මහින්ද බලයට පැමිණ පසුත් වසර කිහිපයක් යනතුරු "සටන් විරාම ගිවිසුම"නාමිකව හෝ ක්‍රියාත්මක වීම කතුවරයා මොනම විදියකින්වත් ප්‍රශ්න කරන්නේ නැත.

    6)පිළිකුල් සහගත ප්‍රකාශයක්.

    7)ෆොන්සේකාට සිංහ රෙජිමේන්තුව,කමල්ට විජයබා රෙජිමේන්තුව 53 සේනානංකය වගේ.නාවික හමුදාව එක්ක තිබ්බයි කියන ගැටුමත් පුදුමයි.

    8)එකඟ වෙන්න අමාරුයි.සමහරවිට ෆොන්සේකාට පහර දීමේ අදහසින් ලිව්වා දෙයකදී වුනත් ෆොන්සේකාට ලකුණු ලැබීමක් තමයි වෙලා තියෙන්නේ.(ෆොන්සේකා මේ පොත ගැන කෑගැහුවේ කාගේ හරි ලණුවක් නිසා වෙන්න ඇති.)

    ReplyDelete
    Replies
    1. මනෝ, ආයි කියවහන් අර 8 හොයා ගන්න. ෆොන්සේක තද, සැර මිනිහෙක් වගේම මුහමාලෙ සිය ගාණක් මිනිහ නිසා මල බවත්, අන්තිම දවස්වල ෆොනීගෙ කෝල් නිසා නිදහසේ ප්ලෑන් කරපු දෙයක් කරගන්න ඉඩක් තිබ්බෙ නැතුව මිනිහ වදයක් උනා කියලත් තීනව උඹට අතෑරිල.

      Delete
    2. මෙහෙම දෙය තියෙනවා මචං... ඔය යුද්ධෙ ඉවර කරපු සෙට් එකේ මගේ බොක්කකුත් ඉන්නවා.. මේ සෙට් එකම බොහොම පහළ නිළයන් වල හිටපු උන්.. හැබයි ෆොන්සේකට සෙට් උන්.. එයා තමයි මුන් සෙට් එකට ඩබල් ට්‍රිබල් ප්‍රමෝෂන් දීලා යුනිට් වල පොරවල් කලේ.. හමුදාවෙ උන් නම් ඔය කතන්දරේ දන්නවා. ඒත් මුන් හම එකාම ෆොන්සේකට පුක පෙන්නලා, මහින්ද එක්ක සෙට් උනා. මගේ බොක්කත් ඊට ඇතුලත්..

      Delete
    3. ෆොන්සේක තද, සැර මිනිහෙක්ය කියන කරණය කමල් ඔය පොතේ නොලිව්වත් ප්‍රසිද්ධ කරුණක් නේ ඉන්දික.මට මතකයි "ඉස්සරහාට ගියොත් ජොනී,පස්සට ගියොත් ෆොනී" කියලා කතාවක් තිබ්බා.මුහමලේ බොහෝ දෙනා මියගිය කරුණ යුද සැලසුම් වල අඩුපාඩුවක්මයි කියන්න බැහැ නේද?මේ වගේ යුද්ධයකදී එවැනි තත්වයන් බලාපොරොත්තු වීම ස්භාවිකයි.අනෙක් අතට මුහමාලේ සිදුවීමේ තනි වගකීම ෆොන්සේකා පිට පැටවෙනවා නම් යුද්ධය නිමාවීමෙන් අනතුරුව එහි සියලු ගොව්රවයේ තනි අයිතියත් ෆොන්සේකාට හිමිවිය යුතුයි.කමල්ලාටත් එහෙනම් එකට අයිතිවාසිකම් කියන්න බැහැ.මම නැති වෙලේ,මගෙන් අහන්නේ නැතුව කරලා තමයි ඒ හානිය වුනේ කියලා එතනින් ලකුණු ගන්න නම් කමල් හදන බවක් පේනවා පොතේ ලියලා තියෙන හැටියෙන්.

      ෆොනීගෙ කෝල් නිසා නිදහසේ වැඩ කරන්න කරදරයක් වුනා කියලා නැවත නැවත කියලා තිබ්බත් එක වතාවකදී වගේ කියලා තිබ්බා ෆොනීගේ උපදෙස් සැහෙන්න වටිනා බවත් ෆොන්සේකා සිටියේත් කිසියම් පීඩනයකින් බවත්.

      ඇයි ඉන්දික අර කමල් විස්තර කරලා තියෙන මරාගෙන මැරෙන බෝම්බ ට්‍රක් එක එන තැන ගැන කොටසේ ඒ ගැන කලින්ම ෆොන්සේකා දැනුවත් කරලා තිබ්බා කියලා කියන එක මතකද ?එතනින් පේනවා ෆොන්සේකා යුධ භුමියේ නොහිටියත් තම දැනුම පාවිච්චි කරලා කටයුතු කරපු විදිය ගැන.

      (ෆොන්සේකා දැන් ඕන කෙනෙකුගේ ලණු ගිලින නිසා මේ පොත ගැන කවුරුහරි දුන්න ලණුවක් ගිලින්න ඇති. පොත එළිදක්වන්න ආවෙත් මහින්දලා,ගෝඨා සෙට් එක නිසා ෆොන්සේකාට පොත ගැන තිබ්බ විවේචනය වැඩි වුනා.නැතුව මේ පොත කියෙව්වා නම් ඇත්තටම ෆොන්සේකා ලොකුවට කලබල වෙන්න ඕන නැති බව මගේ හැඟීමයි.)

      Delete
  8. subjective නැතිව objective පොත් ලෝකයේ ලියවෙන්නේ කලාතුරකිනි.
    ලංකාවේ නැත්තටම නැති ගානටය.

    ReplyDelete
  9. මොනව වුනත් කමල් ගුණරත්න කියන්නෙ මට අනුව පොරක්.

    ReplyDelete
    Replies
    1. මටත් පොරක්. මොකද යුද්දෙට ලොකු සේවයක් කරානෙ. ඒත් ඉතින් පොරත්වය කියන එක උපය ගන්නවට වඩා අමාරුයි පවත්වාගෙන යන්න.

      Delete
    2. පොරත්වය පවත්වාගැනීමම පොරත්වය වේ...!

      Delete
    3. යෙස්, සැටිෆිකැට් කරෙක්ට්

      Delete
  10. අලුත්ම එඩිසොම විත් හාර්ඩ් කවර් ඇන්ඩ් ඇට් ඕල් කියවමින් පවතිමි...ඉන්ගිරිසි එඩිසොම....
    අප දන්නා දේවල් ගොනු කිරීමක් පමනමයි තාමත්...අතාස්, ලෝන්ග් රේන්ජර් ෆලෝ කල නිසා එදවස, අරුමයක් නොමැත..
    කතෘ තැනට විරුද්ධව ගිය ඈයොන්ගේ නම් ගම් කීමට බිය ඇත්තෙක් යුද්ධකලේ කෙසේද යන්නම මටනම් නිර්භීත යන්නට අලුත් තේරුමක් සෙවිය යුතුයණ්නයි දැනට දැනෙන්නේ මිස්ට උපශාන්ත...!
    21වෙනි පරිච්ඡේදයේ නැවතී සිටින බැවින් සෙස්ස පස්සට..කමක් නෑ නොව...
    විචාගේ අදහස් දැනගැනීමට කැමැත්තෙන් පසුවෙමි...හැක්...!

    ReplyDelete
    Replies
    1. ඉන්දික සමග එකඟ වෙමි. මමත් පොත කියවමින් සිටිමි. ගජබා රෙජිමේන්තුව පමණක් ඉස්සීම ගැන හිකෙන් පුනා වෙමි. මොහු ගැන පෞද්ගලික විවේචන ගොඩක් ලියන්නට පුළුවන් වුවත්, හමුදාවට ලැජ්ජා සිදුවන නිසා කටයි පුකයි වසාගනිමි. ත්‍රිවිධ හමුදාවේම දක්ෂයන් ගැන සඳහන් නොකොට යුද්ධය ගැන පොතක් ලිවීම කුහක කමක් ලෙස දකිමි.

      පොත කියවා යමක් ලියමි.

      Delete
    2. චෙෆා, මොකද දැන් කියවල ඉවරද? යුද්දෙ දින්න එක සාමූහික වැඩක්, ගෝඨට ෆොනීට තමා ඒකෙ ක්‍රෙඩිට් එකේ වැඩි කොටස අයිති. ඒක අමතක කරන්න හෝ කරවන්න දැම්ම පොතක් වගේ මේක.

      විචා, ඔව්, හැබැයි නිකන් ඇපෙන් බේරෙන්න පොඩි පොඩි අඩුපාඩු ටිකකුත් ලියල තිබ්බ නේහ්

      Delete
  11. මොන විදිහක ක්ශේත්‍රයක උනත් දෙදෙනෙක් අතර එකිනෙකා ගැන නොපහන් හැඟිම් මතු වීම ලීවීම, මතක තබාගෙන සිට අවස්ථානූකුලව පිට කිරිම හරිම ස්වාභාවිකයිනේ.. පොත් ලියන්නේත් මේ සමාජයේම සිටින තවත් එක් මිනිස් සතෙක් මිසක් දෙවිවරු නෙමෙනේ, නේද ඉන්දික....

    ReplyDelete
  12. පොත කියවල ටිකක් දවස්. මේ ගැන ලියන්න ගොඩක් දේ තියෙනවා නමුත් දිගට කොටන්න කම්මැලියි. එකක් මතකයි මුළු පොත පුරාම ලියවිලා තියෙන්නෙ උඹ ලියනවා වගේම සමස්ථ කියලයි. ඒක නං ඉතිං ටයිප් සෙටිං කරපු උන් වරද්දල වෙන්න ඇති.

    ReplyDelete
  13. ලොකුම අවුල යුධ අපරාධ ගැන නැත

    ReplyDelete
  14. මෙන්ඩාට දීපු උත්තරේ මටත් දීපන්....

    ReplyDelete
    Replies
    1. එහනම් මේ පාර සම්මානේ මට අනිවා

      Delete
  15. මෙන්ඩාට දීපු උත්තරේ මටත් දීපං x2 :)

    ReplyDelete
    Replies
    1. එහනම් මේ පාර සම්මානේ මට අනිවා x3

      Delete
  16. කියවන්න නොවෙයි සල්ලි දිල ගන්නවත් හිතුණෙ නෑ ඔන්න.

    ReplyDelete
  17. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete
  18. තවම කියවන්න බැරි වුනා. ඒ වුනත්.. කාලයක් තිස්සේ අපි උතුරේදී ඇහුවේ මේ කතන්දර. දෙපැත්තෙම අය කියපු කතන්දර !

    ReplyDelete
  19. මා මේ පොත නොකියවූයේ අපරාදේ යැයි ඉඳ හිට සිතී තිබුණි.. මතුවට එසේ නොසිතෙනු ඇත.. ඔබට ස්තුතියි..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails