Tuesday, August 20, 2013

අහසින් වැටීම..!


පැදුරකින් වැටීම ඇඳකින් වැටීම තරම් දැනෙන දෙයක් නොවෙනවා සේම ඒ දෙක අතර වෙනසෙහි මහා ලොකු පරතරයක්ද නැත. එහෙත් අහසින් වැටීම ඇඳකින් වැටීමට වටා දරුණු සහ දැනෙන දෙයකි.

බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කඩවීමෙන් ඇතිවන පසුතැවිල්ල විඳගත් හැකිනම් පමනි" යනුවෙන් යමකු කී වග මා කුඩා කල කියැවූ මුතුහර සඟරාවක පිටුවේ අඩියේ ලියා තිබුනි. 

අහසට නඟින විට වැටෙන බව සිහි තබා ගත යුතුය. එහෙත් ඇඳෙහි සිට අහසට එසවෙන සිහිනයක උපරිමයේදී අවධානවම අමතක වී අප දකින්නේ එහි ආන්නන්දය පමණි.

කලාකෘකියක් යනු රසිකයා ආනදයෙන් ප්‍රඥාවට කරා ගෙනයා යුත්තකැයි පණ්ඩිතයන් කියා ඇත. නමුත් තුන්සිය හැටපස් දවස රූපවාහිනී නාලික මහා තොගයක හරි හැටි වෙළඳ දැන්වීමක් වත් බලා ගන්නට ඉඩ නොදී පෙන්න මෙගාවල සිට මයික්‍රෝ දක්වා විවිධ වර්ගයෙ විවිධ වර්ණයේ මාලක නාටා නොහොත් නාටක මාලා අති බහුතරය පැදුරු නොව පිදුරු හා සමය.

ඒවායින් අප අහසට නොව පැදුරෙන් ඔබ්බටවත් ගෙනයන්නට සමත් නොවෙන නිසා හපා විසිකරන චුයින්ගම් එකක් ලෙස නාටකය අවසන් වූ දාට පසුදාම අප ඒ මතකය හැර දමා ඒ බෙල්ට් එකේම මීළඟ එන නාටකය හා නිදි වදින්නෙමු.

එහෙත් සාමාන්‍යෙන් අප දකින මේ විකාර නාටක වලට එහා ගිය, ආනන්දයෙන් නාලන්දයට නොව ප්‍රඥාවේ යම් තලයකට ප්‍රේක්ෂකයා ඔසවා තැබූ අතලොස්සක් වූ රූපවාහිනී නාටක කිහිපය අර මහා මෙගා සියල්ල අභිබවමින් තවම අප මනසේ හොල්මන් කරමින් සිටිති.


මීට වසර කිහිපයකට පෙර නාට්‍ය සහ සිනමාවේ මහා පතාකයන් සමඟ අංකුර දක්ෂයන් වාණිජමය තරඟය අඩු නිසා වැඩි ගුණාත්මක බවකින් යුතුව නිමැවූ එවැනි කෘති හා සම මට්ටමේ අනගි රූපවාහිනී නාට්‍යයක් මට ඊයේ පෙරේදා හමුවිය.

ඒ ආනන්ද අබේනායක නම් දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ "අහසින් වැටුනා" ටෙලි නිර්මාණයයි.

කතාව මොකක්දැයි සිතාගත නොහැකි තරමට නළුවන් හා චරිත මාරු වෙන එක සමාන වූ මහා මාලක නාට ගොන්න අතරෙහි මෙය මට ප්‍රෙක්ෂකයා ඉතා සියුම්ව අහසටම ගෙන යන, සුන්දර ප්‍රේමයක සෙවනැලි මත සමාජයේ රුදුරු යථාර්ථය සියුම්ව මතුකරන අතිශය සොඳුරු කවියක් මෙන් විය.

කුතුහලය මුසු පුවත් මැදිකර ටිකෙන් ටික අපව සුඛාන්තයක සොඳුරු සුරංගනා කතාවක ආදරබර අවසානයක් වෙත ගෙනයන අතරමග සුරතාන්තයට ඔන්න මෙන්න තියා එන අහඹුඅ දුරකතන පණිවුඩයක් සේ ප්‍රේක්ෂකයා අහසින් පොළවට ඇද දමන ඒ අවසානය සත්තකින්ම අපූර්ව එකකි.

රොෂාන් දෙපලගෙගේ සහ නදීකගේ චරිත, සුදුබබා මිස්ගේ සහ අකූ ගේ අප්‍රකාෂිත ආදරය, වැල්ලේ ජීවිතය දියකරන පිස්සන්, කොල්ලන් සහ බල්ලන්, කලකින් දුටු අඩු වියදමකින් කල උසස් කලා අධ්‍යක්ෂනය, අපූර්ව රූපරාමු, මේ සියල්ල එකතුවූ "අසින් වැටුනා" සැබැවින්ම සොඳුරු, එක දිගට බලා සිටින්නට ආසා හිතෙන සිනමාරූපී හැඩයකින් යුතු කලකින් දුටු හොඳම නාට්‍යකි.

මහා කුණු කඳු අතර අගනා මිණක් තබමින්, තම ජනාධිපති බෑනාගේ බලයෙන් මෙගාවක් කර ගාන කඩා ගැනීමට අවසරයට පයින් ගසමින්"ආනන්ද අබේනායක" අපව අහසින් වට්ටවා කියන කතාන්දරය සැබැවින්ම සිතාගත නොහැකි අහම්බයකි.

කොටින්ම එය කාලයක් මතකයේ සිටින අපූරු ටෙලිනාට්‍ය අත්දැකීමකි.


අහසින් වැටුනා කතාව මෙන්ම එහි තේමා ගීතයද එවෑනිම අපූරු හැඩයක් ගත්තකි.



Monday, August 12, 2013

කපුගේට නින්ද නොගිය රැය!

ගුණදාස කපුගේ ගයන නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ කියන ගීය අහපු නැති කෙනෙක් නැති තරම් නෙ. ඒත් මේ සින්දුව ගැන නොදන්න තොරතුරක් මට මේ අන්තර්ජාලෙම තිබිල ලැබුන.

මේ සිද්ධිය කියල තිබ්බ කෙනාගෙ වචන වලින්ම ඔන්න කතාව.

"මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය. ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976 දී විතර ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්. දෙවන වරට මේ ගීය අලුත් තනුවකට පටිගත කළා. ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ ගීතයයි.

1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න"


මෙන්න අපි අහල පුරුදු නින්ද නැති රැයේ ගීය.

ඔය තොරතුර තිබ්බෙ මෙන්න මෙතන.ඒ වගේම ඊට කලින් මෙන්න මේ අඩවියෙත් ඔය ගැන ලියවිල තියෙනව දැක්කෙ පස්සෙ අන්තර්ජාලෙ පිරික්සනකොටයි. මේ දෙගොල්ලන්ටම මගේ ආචාරය.

රෑ ඉර පාන එක අන්තයක යද්දි කැළුම් සහ දිලීප කරන අනන්ත ගී රස වැඩ සටහනත් තව අන්තයක වෙනස් රේඩ්යෝ අත්දැකීමක්. ඒ නිසා ඒකත් අහල බලන්න.


LinkWithin

Related Posts with Thumbnails