Friday, June 18, 2010
රජ දෝනිගෙ පතෝල මැස්ස...
දැං ඉතින එක දිගට ගමේ කතා ලියල නමකුත් වැටිලනෙ. ඉතින් ඒක හින්ද අද වෙන කතාවක් ලියන්න හිතුන. මේක මේ අන්දරේගෙ කතාවක්. අහල නැතිවෙන්ට බෑ කීප දෙනෙක් හරි. ඒත් නාහපු අයට දැන ගන්ට කියල, පොඩි වෙනසකටත් එක්ක ඔන්න ඔහේ දැම්ම.
ඉස්සෙල්ලම කියන්න ඕනි මේක මේ වැඩිහිටියන්ට පමණයි, එහෙම නැත්තං වල් කතා ගනයට අයිති එකක්. ඉතින් ඒව දිරවන්නෙ නැති ඇත්තෝ නොබලත්වා හෝ බලා කට පියාගෙන සිටිත්වා.
මේ අන්දරේ රජමාලිගේ සේවය කරන කාලෙ.
ඉතින් ඔය රජ්ජුරුවොන්ට ඉතාම රූමත් සියුමැලි දූ කුමාරියක් හිටිය. මේ කුමාරිගෙ ලොකුම විනොදාන්ශෙ උනේ එයාගෙ උයනෙ ගස් වලට පැල වලට සාත්තු කරන එක. මේ මල් ගස් එළවලු පැල වලට හරිම ආදරෙන් කතා කරල, ඒව අත පත ගාල බොහොම හොඳින් රැක බලා ගන්න හින්ද මේ උයනෙ ගස් හොඳට ඵල බරව මලින් පිරී බැබලුනා.
මේ මල් ගස් අතරෙ කුමාරිගෙ පොඩි එළවලු පාත්ති කීපයකුත් තිබුන.
ඒකෙනුත් කුමාරි ගොඩක්ම ආදරේ කරේ පතෝල මැස්සට! ඒකෙ පතෝල කරල් පහලට බේරිල, දවසෙන් දවස දික්වෙන හැටි කුමාරි හරි ආදරෙන් තමයි බලං හිටියෙ. අනික විශේශ සාත්තුව නිසා කරලුත් වෙන තැන්වලට වඩා හොඳ පුෂ්ටිමත්ව ලස්සනට තිබුන විතරක් නෙවි මේ අපූරු මහ විසාල පතෝල හැදෙන අරුම පුදුම පාත්තිය ගැන රට පුරාම මිනිස්සු අහල කියලත් තිබුන.
ඉතින් හැම දේටම හොට දාන අන්දරේටත් මේ අලංකාර පතෝල වගාව ගැන දැන ගන්ට ලැබිල, මහ හෙන පිඹුරො වගේ කරල් හැදෙන්නෙ කොහොමද කියල දැක ගන්ට ආස හිතිල දවසක හීන් සීරුවෙ ගිහින් පතෝල මැස්සට රිංගුව!
ටික වෙලාවකින් කුමාරියි එයාගෙ පරිවාර සේවිකාවොයි උයනෙ අනිත් ගස් වල සාත්තුව් ඉවරකරගෙන එන ගමන් පතෝල මැස්ස යටටත් ගොඩ වැදිල, අර පහලට එල්ලෙන පුන්චි පුන්චි කරල් විතරක් හරි ආදරෙන් කීපසැරයක් අතගාල, ඉඹල,
"ඉක්මනට ඕගොල්ලො ලොකුවෙන්න, මගේ චූටි චූටි පැටව්" අරව මේව කියල ඒ කරල් එක්ක තොඳොල් වෙලා එක විකාරයක් කරල යන්න ගියා.
මේ සීන් එක දැකපු අන්දරේ ගොය්යටත් මාර අදහසක් ආව.
"ඇයි යකඩො මේ නිකං පතෝල අතගාන එකේ අපේ කරලුත් ටිකක් අතගාගන්න බැරිය මේ යන යෑමට, අනික චුට්ටක් හරි අත ගෑවුනානං කාගෙද, රජ දූගෙ අර සුමුදු අත නොවැ"
ඉතින් මෙහෙම හිතපු අන්දරෙත් පහුවෙනිද උදේ ම උයනට රිංගල, පතෝල මැස්ස උඩට නැඟල දිගාවෙලා, ඇඟපතත් කොළ වලින් වහගෙන එහෙම, මිනිහගෙ කරලත් පහලට එල්ලන් හිටිය අර රාජකීය ට්‍රීට් එක ගන්න බලන්.
දැන් ඔන්න රජ දුව වෙනද වෙලාවටම වගේ එයාගෙ පරිවාර සේවිකාවොත් එක්ක ඈවිත් වටේ යනකොට මේ අලුත පැනපු පුංචි කරල් පොඩ්ඩ දැක්ක.
දැකල එතන නැවතිල, පොඩ්ඩක් අතගාල මේකට ආදරේ දක්වන්න හදනකොටම, අන්දරේට මේ වෙන සංගෙදිය දරා ගන්න බැරුව හරි, නැත්තං පුරුද්දටම හරි.. ....බඩු ටික පැන්න.
එතකොට එක පාරටම ගැස්සිල පස්සට පැනපු කුමාරි,
"හපෝ මේක මේ නරක්වෙලානෙ දැම්ම, මොනාහරි ලෙඩක් හැදිලද කොහෙද"
කියල අතේ තිබුන දුනු පිහිය අරං චකස් ගාල මුලින්ම කපල දැම්ම.
ප.ලි .
මේ කතාව ලියල පෝස්ට් කරන දැන් මෙහෙ වෙලාව පාන්දර 2.50යි. අද හවස ඉඳන් අපේ සින්හබාහුවට උණ. මිනිහ convulsion history (එක පාරක් නෙවි දැනට දැනට තුන් සැරයක්) පොරක් නිසා උණ පාලනය කරගන්න එක හරිම වැදගත්. ඉතින් දැන් මං පාන්දර තුන වෙනකල් සැරේ අර නිදන් ඉන්න කොල්ලව තෙම තෙම, උණ බල බල. ඒ ඩියුටියත් යන අතරෙ තමා නිදිමත යන්න මේක ලිව්වෙ.ඉන් පස්සෙ shift එක සුප්පාට. දැන් කීයට නිදා ගත්තත් හෙට උදේ 8 වෙනකොට යන්න ඔනෙ පීරියඩ්මචන් ගාවට. මෙහේ සෞක්ය පහසුකම් අන්තිමයි, මිල ඉතා ඉහලයි විතරයිනෙ. ඉතින් මුලින්ම කඩාගත්තෙ නැත්තං මහ කරදරේ. මොනා කරන්නද, ජීවිතේ හැටි ඔහොම තමයි, හැමදේම සමබරව තීනවනං, ලැබෙනවනං මොනව කරන්න බැරිද.
Subscribe to:
Post Comments (Atom)
අපොයි..
ReplyDeleteචූටි පතෝලේ..
ප/ලි
කොල්ලට ඉක්මනින්ම සුව වෙවා..
කතාව නම් නියමයි....
ReplyDeleteමචන් .. මේ අකුරු ලස්සනට , ලොකුවට හදාගෙන තියෙන්නෙ කොහොමද ...
මටත් ඔය ක්‍රමය කියල දෙන්නකො ....
පරණ ස්ටෝරියක් උනාට ලස්සනට ලියලා තියනවා!
ReplyDeleteජය!
එල්ලන්න පුළුවන් හැම මැස්සකම කරල එල්ලන්න ගියාට, හොද වැඩේ උන්දැට.
ReplyDeleteමලයා ඉන්නෙ අරාබිකරේ වෙන්ටැ. සිංහබාහුවටත් ඉක්මනට සනීප වෙන්නෙ පතනවා. මට මතක් වුනේ, අර ගැහිලා උණ ගන්න ලෙඩේ - මැලේරියාව නිතරම හැදෙන පලාත්වල, කෙනෙකුට ඕක හත්පාරක් හැදුනොත්, අල්හාජ් කියලා බව්තීස්ම කොරනවැයි කියන කතාවයි.
හික් හික් පරන කතාවක් උනාට ලස්සනට ලියල තියෙනවා
ReplyDeleteඉන්දික අයියා කතාව නම් එල. ඒත් මේ වගේ කතා ලියන්න වෙනම බ්ලොග් එක එක අය හදලා තියෙනවානේ. ඔයාගේ බ්ලොග් එක එහෙම මට්ටමකට වැටෙන එක නම් හරි නැහැ. මම කිව්වේ මට හිතුණ එක.......
ReplyDeleteහක් හක් හා . . නියම කතාව . . . මේක අහලා තියෙනවා වගේ මතක් වුනා කියෝලා ඉවර උනාම . .. . එළ මචෝ . . හික් හික්
ReplyDeleteඅනේ පොඩි එකාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ . . .
කතාව හොඳට ලියල තියෙනව. අන්දරේ ගේ කතාවට අමුණන්න තිබුනෙ තමන්ට සම්බන්ධ වෙන කතාවක්. පුතාගෙ අසනීප කතාව වෙනම දාන්න තිබුණ.
ReplyDeleteපුතා ට ඉක්මණින් සුවය ලැබේවි. අපේ එකාත් ඉස්සෙල්ලාම ගෙදරින් පිට child care ගිය දවසෙ ඉඳල හෝ ගාල අසනීප වෙන්න පටන් ගත්ත.
හික් හික්!!අන්දරේට ක්ෂණික මෝචනයද?
ReplyDeleteමාරෙ,
ReplyDeleteඅර සිරි කිව්වැහෙ දකින දකින තැන එල්ලන කාටත් මේව හොඳ පාඩම්.
@ kumaraya,
ReplyDeleteඔය වම් පැත්තෙ උඩින්ම තීන්නෙ Design කියල ( Sign out එක ගාවම ), අන්න ඒක ක්ලික් කරන්න. පස්සෙ ඕන විදියෙ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරල එඩිට් කරගන්න.
@ වැම්පයර්,
ස්තූතියී.....ස්තූතිය
@ Siribiris,
මේව ඉතින් දැන් උනත් වලංගු කතා ආයිබෝං. දකින දකින මැස්සෙ එල්ලන්න ගිහින් අදටත් කී දෙනෙක් නං කපාගන්නව ඇතිද ඔය නොකිය නොකිය උන්නට...
මං ඉන්නෙ අරාබි කොරේ තමයි. මෙහේ රඟ සොබාව ඔය අනික් ඒවට වඩා ටිකක් වෙස. මං වෙලාවක විස්තර ලියල පෝස්ට් එකක් දාන්න හිතං ඉන්නෙ!
@ Hasitha,
මල්ලිගෙ අවංක අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි. මං ඒ උපදෙසට ගරු කරනව. ඉඳල හිටල පොඩි වෙනසකට දැම්මත් මීට වඩා ටිකක් රස හැංගිචි අලුත් කතා ලියන්න උත්සාහ කරනව මිසක් මේ වගේ ඒව මින් පස්සෙ ලියැවෙන එකක් නෑ.
@ දුකා,
@ කතන්දර,
අගය කිරීම ගැන ඉතාම සතුටුයි ( ටීචර්ගෙන් තරු තුනක් ලැබිච්චි පොඩි එකෙක්ට තරම්ම ). වෙනම පෝස්ට් එකක් අද හෙට දාන්න කියල හිතන් ඉන්නව කොල්ලගෙ අසනීපෙයි, මෙහේ දොස්තරලයි ගැන.
@ blog gadol,
වෙන්ටැ මයෙ හිතේ!හික්ස්...
@ all
ReplyDeleteසිංහ බාහුවට ඉක්මන් සුව පතපු හැමෝටම පින්! පුරුදු විදියටම පොඩි එකාට උණ ගැනිල තීන්නෙ පොඩි throat infection එකකින්. පහුගිය දවස් තුනේම එක දිගටම දවල්ට යෝගට් කවපු එක වෙන්ටැ කියලයි ගෙදර උන්දැ නං කියන්නෙ! කොහොම උනත් පීරියඩ්මචන් ගෙ antibiotic ඒකට පින්සිද්ධ වෙන්න ඊයෙ හවස ඉඳන් උනත් නෑ, ඒක ගැහුවම පැය තුන හතරකට කොල්ල නැගිටින්නෙත් නෑ...නිදිම තමයි. මෙහේ දෙන බෙහෙත් ගැන නං වෙනමම කතා කරන්න ඕනි. ආයි ඉතින් අර ලංකාවෙ කැලේ පැතිවල ඉන්න බෙහෙත් කලවං කරල දොස්තරල උන උං දෙනව වගේ තමයි..ගහපු ගමං නාග සලං!
අපොයි මන් පරක්කු වෙලාද මන්ද...
ReplyDeleteමම මේ කතාව ඇහුවෙ නම් ස්කෝලෙ 7 පන්තියෙදී... ඒ දවස් වල නම් කට්ටිය හිනා වුන නිසා මාත් හෝ ගාලා හිනා වුනා...
@ වත්,
ReplyDeleteහිල්වෙන්න ඇනුන ඒ ටොක්ක හරිද...හික්ස්
පොඩි එකාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteපොඩි එකාට සනීප වෙන්න කියල පතනවා
ReplyDeleteහැබැයි පතොලේ නම් අයියෝ සල්ලි තමයි
කෝරලේ වලව්ව