Saturday, July 17, 2010

කතා අංක හතර. නියම රාවණා.



රාවණා ගැන හුඟක් කතා ජනප්රවාද තීනව. මේකත් එක ප්රවාදයක්.

ඔය රාවණා ගැන කියන හැමෝම අමතක කරන දේ තමයි, තමං මේ ස්ටෝරි එක මුලිංම දැනගත්තෙ ඉන්දියන් පොතකින් කියන එක. ඉන්දියාව පොත දැමීමට බොහොම ප්රසිද්ධ රටක්. අනික මේ අල්ලපු පොඩි රටේ අසුරයෙක් තමංට ගුවන් යානයකින් ඇවිල්ල ගහල ගියා කියන්න තරං නිර්ලජ්ජි වෙච්චි එක පුදුම නැද්ද? ඒ කියන්නෙ මෙතනදිත් ඉතිහාස කාරය කතන්දරෙ තමංට ඕන විදියට හරවල තීනව. එහෙම නැත්තං මුලු කතාවම බොරු.

හරියට බැලූවොත් බොරුම තමයි. වඳුරු හමුදාව, යුද්දෙදි දෙවියො දීපු සපෝර්ට් එහෙම ගැන හිතුවම හොලිවුඩ් වල ට්රික්ස්නුයි බොලිවුඩ්වල මෝඩ ආදර කතායි දෙකම කැලේ.

අපේ මිරැන්ඩෝ මහත්තයලටත් වඳුරු වැඩ බොරු උනාට මොණරෙ ඇත්ත වෙන්නැතිනෙ. නැත්තං මෙච්චර ඔය ගැන කියවයියැ.

එක්කො අර ඇත් හමුදා වගේ ට්රේන් කරපු වඳුරො හිටියමද කියන්නත් බෑ, ඒත් අනික් සීන් වල තාර බර ඇරියම කතාවෙම ගන්න දෙයක් නෑ. ඒ නිසා මගේ පුද්ගලික මතයනම් මේ රාමගේ ස්ටෝරිය සම්පූර්ණයෙන්ම අර උම්මග්ග ජාතකේ වගේහොඳ පරණ සයන්ස් ෆික්ශන් එකක් විතරයි.

දැන් සමහරු අහන්න පුළුවන් ඇයි ඔය සීත එළිය ගැන එහෙම තීන ජනකතා ගැන මොකද කියන්නෙ කියල. එහෙනං ඔය සීත එළියෙ දාං හිටපු තැන සීත එළිය නං නුවර එළිය, හාව එළිය ගැන මොකද හිතන්නෙ? ඒ කවුරු එළියෙ දාං හිටපුවද? ඔය එළි ඔක්කොම අර රිදී නිම්ණය පොතේ කියල තීන විදියට හැදිච්චි සිල්ලර එළි මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නෙවී. මේ මට හිතෙන හැටි.

එහෙනං මොකද්ද රාවණාගෙයි විජයබාහු රජතුමාගෙයි තීන සම්භන්දෙ.

මුලිම්ම කියන්න ඕනි පළවෙනි විජයබාහු කියන්නෙ මේ රටෙ බිහිවෙච්චි අති ශ්රෙශ්ඨම ර්ණ සූරය. මේ රට සිංහල රටක් හැටියට අද තාක් කල් තීන්නෙත්, ඉන්දියාවෙ විශාලම හා වැඩිම කලක් අල්ලන් සිටි ඉන්දීය සහ බුරුම, ඉන්දුනීසියානු දෙමළ අධිරාජ්ය බිඳ වැටිල වෙන පාලකයො බලයට එන්නෙත් ක්රි. වර්. 1060 පස්සෙ ලංකාවෙ ඇත්වෙච්චි තත්වයත් හින්දයි කියන එක අද අපේ ගොඩ දෙනෙක් එක්කො දන්නෙ නෑ, නැත්තං අමතක කරල.

දැං බලමු දෙන්නගෙ තීන සමානකං.

නීලමහා යෝධයො එක්ක ඉන්දියාවට ආදම්ගෙ පාළමෙන් ගියෙ විජයබාහු රජු මිස ඔය වඳුරො නෙමෙයි. වහල්සේවයට ගෙනිච්ච අපේ ගෑනු මිනිස්සු ඉන්දියාවෙන් ආයි අරං ආව මිස ඔය කොහොවෙත යන අනුංගෙ ගෑනු එතුම ගෙනාවෙ නෑ. අවුරුදු පනස්ගානක් රජ කරල තමංගෙ මල්ලිට රජකම දුන්න මිස අර රාම යටතෙ වැඩ බලන්න ගෝලයො රජකරපු බාල වැඩ මෙහෙ උනේ නෑ.

තමංගෙ වෙල්ලක්කාරයො කැරලි ගැහුවම ඒව මැඬලල, උංවත් අල්ලල කුදලල දඬුවං දීල අවුරුදු පනස්පහක් රජ කොලා මිස තමංගෙ ඉහල නිළදාරීන්ගෙ උගුල්වල වැටිල හීය ඇනං විජයබාහු මලේ නෑ.

ප්ලේන් හදං ටුවර් නොගියට සිරීපදෙට පාරවල් කප්පවල, වැව් අමුණු දාස් ගාණක් බඳවල අලුතිං උපසම්පදාවත් පිහිටුවන එක අච්චර ප්රභල ආක්රමණික අධිරාජ්යක් යටතෙ අවුරුදු සීයකට වැඩිය තිබ්බ රටක කරපු එක තමයි නියම ප්රාථිහාර්ය, නැතුව ඔය ගල් පලං ඇවිල්ල රත්නපුරෙ හබරල අලේක ඇනිල නවතින්න හී විදින එක නෙවි.

ඉතිං මෙච්චර රටට වැඩ කරපු රජවරුන්ගෙ බිසොවක්වත් නාපු තැනක් ගැන එහෙමට කතා නැති රටේ මේ නෙල්ලිකැලේ සීත ගැන කොහොම මෙච්ච්ර කතා හැදෙන්නද. ඔය සේරම කාලෙං කාලෙට මෙහෙ ආව ඉන්දියන් කාරයො ( විශේශයෙන්ම මහනුවර රජ සමයෙ ) සහ වතු වලට ආපු දෙමළ කම්කරුවො පතුරපු මිත්යා විශ්වාස විතරයි.

ඒ නිසා නියම රාවණා වෙන්න ඕනෙ මුම්මඩ චෝල මන්ඩලම් අධිරාජ්යට අභියෝග කරල උන් එක්ක හැපිල රටට නිදහස දිනා දුන්න අති ශ්රෙශ්ඨ පළවෙනි විජයබාහු මිස මේ නව ශිලා යුගයෙ හිටපු පිස්සෙක් නෙවෙයි.

ප. ලි.
සොඳුරු සිත්වලට බොරුකාරය වෙන්න බැරි හින්ද ඊළග කතාව දාන දවස කියන්නෙ නෑ.

ආයිත් කියනව; මේ මට හිතෙන හැටි. ඔබට මොකද හිතෙන්නෙ?

Thursday, July 15, 2010

මට හිතෙන හැටි...පළමු දිග හැරුම...



මට හිතෙන හැටි ගැන හිතුව තරම් කමෙන්ට් ආවෙ නැත්තෙ සමහරවිට ඕනෑවට වඩා දේශපාලනය ගෑව්ල කියල හිතිලද, නැත්තං අර දුමී කිව්ව වගේ මොන අන්ඩර දෙමළයක්ද කියල හිතා ගන්න බැරුවද මන්ද!

වැඩේ පැහැද්ලි කරන එක හිතුවට වඩා දිග වෙයි වගේ. ඒ නිසා ඉස්සෙල්ල මං කොටම අදහස් දෙක දාන්නං. හොඳ හොඳ ඒව එළිවෙන ජාමෙට කියනවනෙ.

5. විමල් වීරවන්ස මහත්තය මෝටර්රථ නලාවකට එහෙම නැත්තං සිංහලෙන් කියන විදියට හෝන් එකකට සමාන කරපු එකට හුඟදෙනෙක් එකඟ ඇති මයෙ හිතේ. තම තමංගෙ අදහස් කොහොම උනත් මෙන්න මගේ අදහස.

හෝන් එක නගන්නෙ රියැදුරුගේ හඬයි.

හෝන් එකක් නැති කාරයකට පැවැත්මක් ඇත්තේ වුවද කාරයක් නැති හෝන් එකකට පැවැත්මක් නැත.

එංජිමක් මාරු කිරීම අපහසු අධික වියදම් ගෙන දෙන්නක් වුව, හෝන් එක අඩු වියදමකින් පහසුවෙන් මාරු කරගත හැක.

වඩාත්ම වැදගත් හේතුව වන්නේ ලංකාව, ඉන්දියාව වැනි රටවල ආරක්ෂිතව දුර ගමණක් යෑමට රථයකට හෝන් එක අත්යාවශ්ය උනද උගත් සහ විනීත රියදුරන් සිටින රටක මහමග ඔනෑ තරම් දුරක් යෑමට හෝන් එක නැතිව පිළිවන.

දැං පැහැදිලිද මං එතුමවයි හෝන් එකයි එක සමානව දකින්නෙ ඇයි කියල? ඒත් නැත්තං, අපිට කවදාවත් හෝන් නැතිව ගමන් යන්න වෙන්නෙ නෑ!

4. රටේ ජනාධිපතිතුමාට බයිට් කිලෝ එකයි කිව්වෙ ඇයි කියල හිතාග්න්න පුලුවං උන අයත් බැරි උන අයත් දෙගොල්ලොම කට වහං ඉන්නෙ සරීර සෞක්ය ගැන හිතල හෝ, නැත්තං නිකං මොකට ඔය වෑන් වල ගමන් බිමන් යනවද කාර් මෝටර් බයිසිකල් ගෙදර පුස් කද්දි කියල හිතලද මන්ද.

මෙන්නේ මගේ විග්රහය.

අපි පොඩි කාලෙ ඉස්කෝලෙදි කවුරුහරි අපිට කාර්ඩ් එකක් දැම්මොත් ඒක රෙජිස්ටර් වෙන්නෙ කාර්ඩ් එකට බයිට් උනොත් විතරයි. ඒ වගේම කවුරුහරි මෝඩයෙක් කියන කතා සීරියස් අරං ගේම ඉල්ලුවොත් ඒකෙදිත් අන්තිමට වෙන්නෙ තමං තමංවම බයිට් කරගන්න ඒකයි. මොකද අර අපිව තරහ ගස්සන එකාට ඕනෙම ඒ දේ කරන්න, අපිව බයිට් එකට ගන්න.

එක්නැළිගොඩල, ලසන්තල ගැන හරි ආරන්චියක් නැති උනත් කවුද මොකද කොලේ කියල, අර සරත් ෆොන්සේකගෙ කේස් එකෙන්නං අපේ රජතුමා හොඳටම බයිට් වෙලා ඉන්නෙ. ශ්රීපති හරි මංගල හරි වගේ ඔහේ ඕනැ මඟුලක් කියපුදෙන් කියල ඒවට සංවර්ධනීය කිරියා වලින් උත්තර දුන්නනං මේ වෙනකොටත ෆොන්සේක උන්නැහෙව අර එදා දහනායක මහත්තයව වගේ කාට කාටත් අමතක වෙලා ගිහින්. ඒත් බයිල වලට ගේම ඉල්ලන නිසා දැං රජ පවුලම හිටු කියල බයිට් කරනව ෆොන්සේකයි ජෙප්පො ටිකයි.

අනික් කාරනේ තමයි ජනාධිපතිතුමා කිලෝ බයිට් එකයි. ඒ කියන්නෙ කැපෑසිටි අඩුයි. වෙගය මදි. යුද්ධෙ දින්නට දැං වැඩ වැඩි වෙනකොට මැෂින් එක ස්ලෝ වෙලා. මොකද ගිගා බයිට් එකක් නෙමේ තීන්නෙ කිලෝ බයිට් එකයිනෙ.

ඔන්න මං දෙකක් පැහැදිලි කරා. අදට මේ ඇති. අපි සෙනසුරාදට තව දෙකක් බලමු.
( මේ සේරීස් එකට එන කොමෙන්ට් වලින් බලා ගත්තෑකි මේ හෝන් හැර වෙනත් හෝන් තිබේද, මේ බයිට් හැර තවත් බයිට් තිබේද කියල )

ජය වේවා...

Tuesday, July 13, 2010

මට හිතෙන හැටි!



එක එක දෙවල් ගැන පුද්ගලයො ගැන තම තමං හිතන විදිය, පෙනෙන විදිය වෙනස්. අපේ රටේ ජනප්‍රිය චරිත කීපයක් ගැන මට හිතෙන හැටි තමයි මෙතන තීන්නෙ. මේ අය ගැන මම මෙහෙම හිතන්නෙ ඇයි කියල හිතාගන්න පුලුවන් අය, එහෙම නැත්තං තමන්ගෙම දැක්මක් මේ අය ගැන තීනවනම් ඒ ගැන සටහනහක් දාල යන්න.

1. කතරගම දෙවි - උකුනෙකි.
2. දුටුගැමුනු රජු - බැලුම්බෝලයකි.
3. විජයබාහු රජු - විකෘතිනොකල රාවණාය.
4. මහින්ද රාජපක්ෂ - බයිට් කිලෝ එකකි.
5. විමල් වීරවන්ස - මෝටර්‍රථ නළාවකි.

මං මේ ඇත්තො ගැන මෙහෙම කියන්නෙ ඇයි කියල බ්‍රහස්පතින්ද උදේට කියන්නං. හෙට මගේ අනුප්‍රාප්තිකයට වැඩ භාර දෙන්න තීනව ඒ නිසා ෆුල් බිසී, මේ වගේ මගේ වැඩ කරගන්න බැරි වෙනව කන්තෝරු වෙලාවෙදි.

Monday, July 12, 2010

ලුනු ගෙනියෑම


මේ දවස්වල රටේ වෙන දේවල් ඇහුවම තවත් පරණ කතාවක් මතක් උනා. මේක මේ කඩේ යෑම ගැන කියවෙන ජන කතාවක්.

ඉස්සර එක බොහොම කම්මැලි ගමරාළ කෙනෙක් ඉඳල තීනව. මිනිහ කම්මැලිය වගේම මෝඩය. වැස්සොත් හේන වපුරනව, වතුර ටික ආවොත් කුඹුර වපුරනව, නැත්තං ඉතින් ඔහේ අහසට බැන බැන උඩ බල බල ඉන්නව මිස වෙන වැඩක් නෑ. ඉතින් ඔහොම ඉන්නකොට ටිකක් තදින් පෑවිල්ල අල්ලල තිබිච්චි කාලෙක දැන් කරන්න දේකුත් නැති හින්ද ගම මහගෙ හිතුව

“පුබ්බරය වගේ මේ වාහෙ මෙතන ඉඳල මටයි පොඩි උංටයි සාගින්නෙ මැරෙන්නෙ තමයි වෙන්නෙ, ඒ නිසා මේ උන්දැව වෙන කරුමාන්තෙකටවත් යවන්න ඕනැ”
කියල හිතල කල්පොනා කොරේ මොකද්ද මේ කම්මැලි උන්දැව යවන රාජකාරිය කියල.

ඔන්න එතකොට හාමිනෙගෙ ඔලුවට ආව මේ දවස්වල මුකුත් වෙළඳාමකට මුන්දැ යැව්වොත් හරි කියල. ඉතින් අඩු වියදමෙන් ගෙනල්ල වැඩි ලාභයක් ගන්න පුලුහන් බඩුවක් ගැන හිතද්දි තමා ලුනු වෙළඳාම ගැන සිහියට ආවෙ.

හාමිනේ ඉතින් දැන් ගමයට කියනව
" මේ ඇහුනද ඔහේ මෙතන නිකං ඉන්නෙ නැතුං අර පුත්තලං ගිහින් ලුනු ටිකක්වත් අරං එනව වෙළඳාමට, නැත්තං අපට හාමතේ මැරෙන්නයි වෙන්නෙ. මං හුවමාරුවට කළමනා ටිකක් ලෑස්ති කොරල දෙන්නං, කරත්තෙ පිරියං කරල හෙට පාන්දරම පිටත් උනොත් හොඳයි”

දැං ඉතින් බැරි බැරි ගාතෙ හරි පුත්තලං යනව හොඳයි හාමිනේගෙ ගෝරනාඩුවට බිලිවෙනවට වැඩිය කියල හිතපු ගමය, ගොනාගෙ ලාඩං, කඩ ඇණ අරව මේව වලට ප්රී ට්රිප් චෙකප් ඇන්ඩ් සර්විස් එකක් දීල වේලපහිංම නින්දට වැටුන පාන්දරම පිටත් වෙන්න හිතං.

ඔන්න ඉතිං පාන්දරම හාමිනෙගෙ තේකට නැඟිටපු ගමය, අර හුවමාරුවට දුන්න එළවලු හාල් කළමනා ටික එහෙම කරත්තෙට පටවගෙන පිටත් උනා කුකුලත් කිහිලිගන්ංම.

දැං මහ වීරය වගේ පිටත් උනාට මොකද මේ ගමය මීට කළින් කවදාවත්ම පුත්තලං ගොහිං නෑ.

ඉතිං මොකද කොරන්නෙ, වෙනද පුරුද්ද්ටම මං නැති උනත් ගොනා දන්නව ඇතිනෙ, ඇයි ඉතිං අර ගොනාට වෙනදට
" හඃ ගොනා කුඹුරට කුඹුරට " කිව්වම කුඹුරටයි, “හේනට හේනට” කිව්වම හේනටයි ගෙනියන එකේ මොකෝ මූ පුත්තලං නොගෙනියාවිදැයි කියල හිතල කෙවිටත් අතට අරං

" ජහ් ගොනා.. හඃ පුත්තලං පුත්තලං” කියල අනින්න ගත්තලු පුත්තලං යන්න.

ගොනත් ඉතිං දන්න පුත්තලමක් තියේයැයි, ඌත් ඉතිං ගොනා සේ මුළු දවසෙම ඔය එහෙ මෙහෙ කරක් ගහල ගහල රෑ වීගෙන එනකොට හිමීට පුරුදු පාරෙම ආයි ගෙදරටම ආව.

දැං ඉතින් ගමයත් ගොනා වගේ මේ පුත්තලම වෙන්ටැ කියල කරත්තෙං බැහැල ගොනාව දිගේලි කරනකොට, ගෙජ්ජිසද්දෙ ඇහිල එලියට ආපු හාමිනෙව දැකල

" ආ; මේ පුත්තලමෙයි, මං මේ ලුනු ගෙනියන්න කියල ආවෙ"

කියලනකොටකම මහගෙට තේරුනාලු කවුද ගොනා කියල. ඉතින් මහගෙත් මිනිහගෙ හැටි දන්න නිසා..

“අපොයි මේ කාළෙ ලුනු අවාරෙ නොවැ, තව මාස දෙක තුනකිං එනව හොඳයි"

කියල

“එහෙනං ඔය ගෙනාව කළමනා මෙහෙං දැං බාල පලයල්ල, ඊළඟ සැරේ එනකොට ආයි උස්සං එන්න ඔනි නෑනෙ, නිකංම ඇවිත් මෙවයෙ හිලව්වට ලුනු ගෙන්යන්න බැරියැ”

කියල කිව්වම, ගමයත් හරි සංතෝසෙං “

ඔව් ඔව් ඒක් හැබැයි” කියල අර බඩු මුට්ටු සේරම පිළට කොරන්න ගත්තලු.

ඒ අල්ලපන්නල්ලෙ ලාම්පුවට මේ පුත්තලමෙ ගෑනිගෙ රූපෙ දැකපු ගමය,

“ ඒක නෙමී බං උඹ වගේම ගෑනියෙක් මට ගමෙත් ඉන්නවනෙ” කියල කියනකොටම එළියට ආපු පොඩි උං දැකල " මේ වගේම පොඩු උං රැළකුත් ඉන්නවනෙ බං "
කියනකොට හාමිනෙ ඇහුනෙ නැති ගානට

" හරි හරි ඔහේ ඇඟපත් හෝඉදගෙන ඇවිත් මේ කෑම ටික කාල පාන්දරිං පිටත් උනොත් හොඳයි"

කියල පිළට පැදුරකුත් දාල බත් පිඟානත් එලියෙන් තියාල පොඩි උං ටිකත් ගෙට දාගෙන දොර වහගත්ත.

ගමයත් ඉතිං මෙ ගැන එහෙමට හිතන්නෙ නැතුං, අර බත් හැළියටම වග කියල, හෙමීට ඇල වෙලා එහෙම, පාංදරිම්ම පැදුරටත් නොකිය පිට උනා ගම යන්න.
ආයි ඉතින් පුරුදු විදීයටම හිස් කරත්තෙට ගොඩ උන ගමය

" ගොනා ගෙදර ගොනා ගෙදර "

කිය කිය අර අහිංසක සතාට කෙවිටෙං තල තල මුළු දවසෙම හතර වටේ කරක් ගහල ගහල ආයි රෑ වෙනකොට ගෙදරට සෙන්දු උනා.

ලුනු නැති හිංද මහ කං කරච්චලේ තමා දැං ඉතිං කියල ගමයත් කඩිමුඩියෙම ගෙට රිංගල හාමිනේ අහන්ටත් කලිංම

" වැඩක් නෑ යෝධියෙ, මේ දවස් වල එහෙ ලුනු අවාරෙ, මං ඉතිං කළමනා ටික තියල ආව ආයි උස්ස්ං එන්නත් බර වැඩි හිංද, දැං ඉතිං තව පෝයක් හමාරක් ගෙවුනම ගෙහුං එනව ලුනු තියෙද බලල අරං එන්න”

කියනකොට දැක්ක මේං ගේ මුල්ලක මහ හාල් එළවලු කලමනා තොගයක් තීනව.

“මේ මොනාද මේ, මේ මොකා ගෙනැහිල්ලද මං නැත් අල්ල පනල්ලෙ"

කියනකොට හාමිනෙ වෙච්චි දේ තේරුං කොරාට ගමය නෙවි පිලිගත්තෙ.

මේකි මේ මා පුත්තලං ඇරල මොකෙක් හරි හොර වාහෙ කෙනෙක් ගෙට වැද්දං ඒක තමයි මේ තෑගි බෝග ඇන්න ඇවිත් ඇත්තෙ කියල හිතල..

“හහ්..මාව පුත්තලං ඇරල තෝ මෙහෙ මඟුල් නටන්න නේද, ඒක තමයි මට මේ තකහනියෙ පුත්තලං ගෙහුං වරෙං කිව්වෙ"

කියල මාරය නැගපු ගමය පොල්ලක් අරං හාමිනෙට හොඳටම තඩිබෑවෙ නැතෑ.
මේ මෝඩයත් එක්ක ඉන්න තවත් නං බෑ කියපු හාමිනෙත් ඉං පස්සෙ රෙදි ටිකත් පොට්ටනි ගහං අම්මලගෙ ගෙදර යන්න්ට පිටත් උනා පොඩි උංවත් ඇදගෙනම.

ගමයත් ඒ පාර
" තෝ නැති උනාට මට කමක් නෑ, ඔය වගේම එකෙක් පුත්තලමෙ ඉන්නව, මාත් යනව එහෙ”

කියල ආයි කරත්තෙ බැඳං පිට උනා.

අන්තිමට හාමිනේට ලුනුත් නෑ, ලුනු කඳත් නෑ, ගමයට ගෙදර ගෑනිත් නෑ, පුත්තලං ගෑනිත් නෑ.

වැඩේ කොරං එන්න දන්නැති උංව කඩේ යවන එවුංටයි, වැඩේ කොරගන්ට නොදැන කඩේ යන උංටයි දෙගොල්ලන්ටම මේව හොඳ පාඩම්.

Thursday, July 8, 2010

නොදන්න දෙමළෙකු සමඟ ගොස් වරිගය නසා ගැනීම...


මේ කතාව විතරක් නෙවේ දාන්න හිටි පොස්ට් ඔක්කොම පෝස්ට් පෝන් කරන්න උනා.
ඉස්සරහට වේගෙ ටිකක් අඩාල වෙලා මේ වගේ කොට කොට තමා මගේ ගමගේ කතා ලියන්න වෙන්නෙ.

මේ කතාව කලින් වල්ළම ගිය එකෙ counter story එක.

සිංහල ගැන කිය කිය අසිංහලෙන් ලියන එක ගැන මුකුත් හිතන්න එපා, මොකද නැත්තං සමහරුන්ට තේරෙන්නෙ නෑ ඒකයි.( නොතේරෙන අයට තේරීමට ක්‍රමයක් හොයාගත්තනං නරකද නේද )

අර ඉස්සෙල්ල කතාවෙ කොලුවගෙ ඔරුව ගලෝපු සෙට් එකේ එකෙක්ට සින්න දොරේ රස්සාවක් හම්බවෙලා මේ සැරේ උඩරට පැත්තෙ තේ වත්තක. ඉතින් අපේ ගැටය ගිහින් වැඩ භාර අරගෙන දවස් කීපයක් දැහැමෙන් සෙමෙන් රස්සව කරන අතෙර් ඔය ඉන්න දෙමළ ගැටිස්යක්ගෙ මායමට මේ අහිංසක කොල්ල අහුවුනා.

දැන් ඉතින් මේ ගැටිස්සි අර කොලු ගැටයත් එක්ක තේ පඳුරු අස්සෙ, දලු මඩු පස්සෙ, ගල් අස්සෙ ගස් මුල්ලෙ පටං ගත්ත මුකුලුව.

ඕං ඔහොම වැඩේ යනකොට දවසක් හවසක අර යෝදි මේ කොලුවව ගහකට හේත්තුකරං රෙදි අඩවල් කොරං ප්‍රේම සාගරේ පැණි ලොවිනව.

ටික වෙලාවක් යනකොට එකපාරටම කෙල්ල කියපි

"අය්යා..අනේ එති අය්යා...එති එති..."

එතකොට කොලුව...

"නෑ නෑ නංගි කවුරුත් එන්නෑ...බය වෙන්න එපා..."

ආයි එතකොට අර නල්ලමලෙ නෙල්ලිකැලේ කියනව...

"නේ...නේ...අයිය..යෙනව ....යෙනව..මොකද...යෙනව..."

එතකොට තමං ගැන හරි ආඩම්බර හිතිච්ච ගැටය තව හුස්මක් එහෙම අරං...

"හරි හරි පොඩ්ඩක් ඉඳින් වාහෙ මාත් යවාගන්නකල්.."

කියල අර DS40 ගල්රෝල් එංජිමට උපරිම බලය දාල දුවවන්න ගත්තෙ නැතෑ..

එතකොට මෙන්න මේ ළමිස්සි ආයි කෑ ගහනව..

"ආඬවනේ අය්යා...සුත්ථ අයියා සුත්ථ..."

ඒකට මුකුත් උන්නෑ වාහෙ...පොඩ්ඩක කෑනොගහ ඉඳින් මේක ඉවරයක් කරගන්නකල්...

"නේ...නේ...අය්යා...සුත්ථ...සුත්ථ......අනේ සාමී...සුත්ථ ඵලාගෙන යනව...අය්යා..ඉවරයි..මං ඉවරයි තමා....ආඬවනේ...සාමී... සුත්ථ ඵලාගෙන යනව...අය්යා…."

"වහගං තොකෙ කට..."
කියල අතකින් කට තදකරං ඒ පාර කොහොමහරි අපේ කොලුව හති හලාගෙන තමංගෙ වැඩේ ඉවරකරනකොටම අර කෙල්ල මේකවත් දාල මහ ගිනිකුල්ලප්පුවෙන් පැනල දිව්ව නේද...

අනේ අපේ අහිංසකයත් ඉතිං අතපය පිහිදගෙන ආපු පිළිවෙලටම මුකුත් උනේ නෑ වගේ තමංගෙ නිල නිවාසෙ පැත්තට යන්නව දැං හිමීට නිකං වැඩ රාජකාරියක ඉඳල එන්නැහෙ..

ඔහොම ටික දුරක් යනකොට
" දොරේ...දොරෙ...අන්න දොරේට පෙරිය දොරේ එන්ඩ කිව්වා..යන්ට ඔපීසියටම එක්ක එන්ට කියල තමා මට කිව්වේ.." කියල හති දම දම ආපු කංකාණියෙක් පණිවුඩේ දුන්න.

අපොයි මේ වැඩකරල මහන්සිවෙලා ඉන්නවෙලාවෙ තව මොන කරුමයක් කරගහන්නද කියල හිත හිත කණ්තෝරුවට ගාටපු කොලුවගෙ ඇස් උඩ ගියෙ චීෆි ක්ලාර්ක් මහත්තය අතට දීපු ලියුම දැක්කමයි.

"පරිවාස කාලය තුල රාජකාරී වේළාව තුලදී විනය විරෝධීව හැසිරීම නිසා සේවයෙන් නෙරපන බව” තමයි මේ ඉංග්‍රීසියෙන් ලියා තීන්නෙ කියල වැටහුනාට මේ මොකද මෙහෙම මඟුලක් දෙන්න හේතුව කියලනං මිනිහට හිතාගන්න බැරි උනා...

පස්සෙ විස්තරෙ අගමුල පැහැදිලිකිරීමක් ක්ලාක් මහත්තය කොලාමයි අපේ ගොය්යට තේරුනෙ අර "බලං” ගිහිං තීන්නෙ වත්ත අයිති “සුද්ද " බව.

LinkWithin

Related Posts with Thumbnails