Sunday, June 13, 2010

පාසැල්වල අඩු ලුහුඬු හා ලෝකගෝලයෙ හැඩය.....තවත් රස කතාවක්..



පහුගිය දවස්කීපයෙ මා මැදිවූ වාද කිහිපයක් නිසා මේ කතා දෙක සිහිවිනි. පළවැනි වාදය වූවේ අරුණිගේ කොරියාවට ඉංග්රීසි ගුරුන් යැවීමේ ගුණාගුනය. එහි දැන් දැන් වාදය මාතෘකාවෙන් පිට පැන ලංකාවෙ පාසැල්වල පහසුකම් හා ඉංග්රීසි නැතුවම බැරිද යන තැනට තල්ලුවී ඇති නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටින්නට තීරනය කලද, ලංකාවෙ පාසැල්, අද්යාපනය සහ පහසුකම් හා සම්භන්ද මේ කතාව ඔබ හා බෙදා ගැනීමට සිතුවෙමි.

මෙය එක්තරා ගම්බද පාසැලකි. තම හැකි උපරිමයෙන් දරුවන්ගේ ඇස් පෑදීමට උත්සාහ ගන්නා ගුරු යුවලකින්ද දරු දැරි සුළු පිරිසකින්ද සමන්විතව අවම පහසුකම් යටතේ හුදකලාව පවත්වාගෙන යන්නක් විය. මෙහි උගැන්වීමෙ අධාරක අවම හෝ ඇත්තේම නැති තරම් විය. ඔවුන් හැකි සෑම විටම අපැහිදිලි යමක් හෝ සංකල්පයක් දරුවන්ට පැහැදිලි කලේ ගෙවත්තේ, අවට පරිසරයේ හෝ තම එදිනෙදා පාරිභෝගික භාන්ඩ වලිනි.

එදින පාඩම උනේ සූර්යයා හා පෘතුවියේ ගමන් මග පිලිබඳවයි.

"හොඳයි දැන් අපි අද ඉගෙන් ගන්න යන්නෙ පෘතුවිය කොහොමද භ්රමනය වෙමින් සූර්යයා වටා යන්නේ කියන එකත් අපිට රැ දවල් උදා වෙන්නෙ කියන එකත් ගැන"
ළමෝ අාසාවෙන් මෙම නව පාඩම ඉගෙන ගන්නට හරි බරි ගැසුනහ.

"දැන් මේ තමා පෘතුවිය, මේක කරකැවී කරකැවී සූර්යයාවටා යනව" කියමින් කලු ලෑල්ලේ ඇඳි රූපයක් ඔස්සේ පැහැදිලි කරන්නට ගියද, ළමුන්ට ඒය නොතේරුන බව ඔවුන්ගේ මුහුණු දෙස බැලීමෙන් මෙම පළපුරුදු ගුරු මහතාට අවබෝධවිය.

තවදුරටත් තම සිසුන් අපහසුවට පත් නොකර මෙය පහදා දීමට තම විදුහලේ ආදර්ශ ලෝක ගෝලයක් නැති බැව් දැන සිටි එතුමා, ගැලපෙන ගෝලයක් ගෙන ඒමට තවත් කාලයක් වැය නොකිරීමට සිතා අවට බලන්නේ, ඔහුගේ කණ්නාඩි කොපුව දැක, එය අතට ගෙන

"දැන් ඔන්න බලන්න ළමයි, මේ තමා පෘතුවිය" යනුවෙන් කණ්නාඩි කොපුව පෙන්වා

"මෙන්න මෙහෙම තමා වටා කැරකි කැරකි මෙන්න මෙහෙම සූර්යයා වටාත්" යනුවෙන් මිට මොලවාගත් තම අත සූරියයාට උපමා කරමින්
"පරිභ්රමණය වෙන්නෙ, ඒ කියන්නෙ කැරකෙන්නෙ" යනුවෙන් පවසනවාත් සමඟ පන්තියට දිව ආ කොලුවෙක්

"ලොකු මහත්තය අන්න අමරසිරි වැටිල අත කැඩිල" යයි වෙනත් පංතියක සිසුවකුට සිදුවූ අනතුරක් දැනුම්දීම හේතුවෙන් පංතිය අතරමඟ නවතා ඒ සඳහා යෑමට සිදුවිය.

පසුව ඊළඟ දින පන්තියට පැමිනි ගුරුමහතා
"අපි කොතනින්ද නැවැත්තුවෙ , හරි පෘතුවිය භ්රමනය වෙන තැනින් නේද" යනුවෙන් පවසා නැවත් පාඩම ඇරඹීමට සූදානම්ව
"හොඳයි අපි ආයි බළමු කොහොමද පෘතුවි භ්රමනය සිද්ධ වෙන්නෙ" යනුවෙන් පවසා, එදින තම කණ්නාඩි කොපුව ගෙනැවිත් නැති බැව් දැක සුදුසු යමක් සොයා වට පිට බලනවිට ටයිම්පී ඔරලෝසුව දැක අතට ගෙන පාඩම පෙර පරිදිම පටන්ගත්තා පමණි, එදිනද ඔහු හමුවන්නට දුර බැහැර සිට අමුත්තෙක් පැමිණි බැව් දන්වන ලදුව

"අනේ ළමයිනේ එහෙනං අපි හෙට කරමු පාඩම" යනුවෙන් පවසා නැවත අතරමඟ නතර කොට පිටවයන්නට වුනි.

පසුදින උදෑසනින්ම පැමිනි ගුරුමහතා සිසුන්ට පොරොන්දු වූ පරිදිිම පාඩම ඉවරකෙරූ අතර, එදින ආදර්ශය හැටියට දුංකොළ හෙප්පුව ගෙන තිබුනි.

ඉන් ටික දිනකට පසු පාසැලට පැමිණි පාසැල් පරීක්ෂක මහතකු විසින් ආවරණය කරන ලද පාඩම් පිරික්සමින් පන්ති අතරට යනගමනේදි ඉහත පන්තියටද පැමිණ, මෑතකදී භූගෝල විද්යා පාඩම ඉවරකළ බව සඳහන්ව තිබෙනු දැක ළමුන්ගේ භූගොලේ විද්යා දැනුම මඳක් ප්රීක්ෂාකිරීමට සිතා

"හොඳයි දැන් ඔය ළමයි ඉගෙනගෙන තීනවනේද අපේ පෘතුවිය පිළිබඳව එහෙම" යනුවෙන් විමසන විට ළමෝ සියල්ලෝම එක හඬින්
"එහෙමයි" කියා පිළිතුරු දුනි.

පිළිතුරෙන් උද්දාමයට පත්වූ මුල් ගුරුමහතා "ඕක මේ දරුවන්ගෙ ආසම පාඩ්මක් උනා සර්...ළමයින්ට දැන් ඔය ගැන හොඳ අවභෝදයක් තීනව" යයි පැවසූයේ සඟවාගත් ආඩම්බරයකිනි.

"එහෙමද" යනුවෙන් මුල්ගුරුතුමා දෙස බලා පැවසූ පරීක්ෂකවරයා නැවතත් ළමුන් දෙසට හැරී
"හොඳයි එහෙනං ඔය ළමයි කියන්න බලන්න මට පෘතුවියේ නියම හැඩය මොන වගේද කියල" යනුවෙන් පැවසූ විට එක්වරම ඉහල එසැවුනු අත් ගොන්න අතරින් එක් ළමයකුට පරීක්ෂකවරයා

"ආ ඔය ළමය කියන්නකො බලන්න එහෙනං" යයි පැවසීය.

එවිට තම මුල් ගුරුතුමා තරම්ම හෝ එයටත් වැඩි ආඩම්බරයකින් නැඟී සිටි දරුවා

"පෘතුවිය සඳුදට ලොකුමහත්තයගෙ කණ්නාඩි කොපුව වගේ, අඟරුවාදට පරණ ඔර්ලෝසුව වගේ, බදාදාට බුලත් හෙප්පුව වගේ "
යයි පවසමින් වාඩි වෙනවිට තම හිනාව අමාරුවෙන් තදකරන් එලියට බට පරීක්ෂකවරයා ලොග් පොතේ ගුරු යුවලගේ දැඩි කැපවීම අගයන කෙටි සටහනක්ද දමා වහා පිටවගිය අතර, ඊට ටික දිනකට පසු පාසැලට අලුත්ම ආදර්ශ ලෝක ගෝලයක් අද්යාපන කණ්තෝරුවෙන් එවා තිබිනි.

10 comments:

  1. මං පහේ පන්තියෙ විතර ඉන්න කාලේ පාසල් පරීක්‍ෂක කෙනෙක් එනවා කියා හා හෝවක් තිබුණි. ආවා දැයි නොදනිමි. ඇත්තටම එහෙම අය ඉන්නවාද?

    ගුරු සේවයේ රසකතා නම් වූ කතාගොනු වල මේ පරීක්‍ෂකවරුන් ගැණ රසවත් කතා තිබේ.

    කිරි බිව් කතාව අහලා තියෙනවාද?

    ReplyDelete
  2. හොඳ කතාවක්...........

    ReplyDelete
  3. හ්ම්... මෙහෙම දේවල් වෙනවා තමා! බොහොම හොඳයි

    ReplyDelete
  4. නියම කතාව.. අදත් සමහර පාසල් වල ළෝක බෝලයක් තියා රබර් බෝලයක්වත් නෑ...

    ReplyDelete
  5. @කතන්දරකාරයා

    මාත් ප්‍රාථමික පාසැලේ ඉන්න අවදියෙ පරීක්ෂක වරයෙක් ආව මතකයි. ඒත් එයා අපේ පන්තියට ආවෙ නෑ..අපේ ශ්‍රේනියෙ වෙන පන්තියකට ඇවිත් ගිය. කොහොම උනත් එදා හරියට අර ජනාධිපති ගමට එනව වගේ තමයි. දවස් කීපයක් දවල් වරුවෙ මෙලෝ වැඩක් නෑ...අඩුපාඩු හදනව. ටීචර්ලගෙ පොත්, අපේ පොත්, වත්ත මිදුළ, පන්ති, වැසිකිලි...එක විනාසයයි.

    කිරි බීපු කතාව කියල කිව්වට නිච්චි නෑ..අහල නැතුව ඇති. මං ගාවත් තව මේ වගේ කතා කීපයක් තීනව. මොකද හිතන්නෙ, දාමුද සේරීස් එකක්..

    ReplyDelete
  6. පරීක්ෂකයවරයෙක්ගේ පැමිණිල්ලක් නිසා කැඩුණු දුන්නේ අබලි ද්‍රව්‍ය ඉල්ලපු කතාව දන්නවාද අයියලා ?

    ReplyDelete
  7. ඔයා කියන්නෙ අර රාවණාගෙ දුන්න කැඩුවෙ කවුද අහලා වුන සීන්කෝන් එක නේද..??

    ReplyDelete
  8. රාවණා ද ? මම අහලා තියෙන්නේ රාමගේ මාමගේ දුන්න කැඩුවේ කවුද ? කියලයි සීන් එක වුණේ කියලා

    ReplyDelete
  9. ඔව්මයි නේද..?? ඒක රාමගෙ මාමගෙ දුන්න වෙන්න එපැයි. ඒක කඩලනෙ සීතාව ගත්තෙ.. මටත් පස්සෙයි තේරුනේ.. රාවණා කෑල්ලක් මගෙ ඔළුවට කොහොම ආවද මන්දා..?? :)

    ReplyDelete
  10. ලොල්...

    @කතන්දරකාරයා,
    දැන් පරීක්ෂකවරු කියලා අමුතුවෙන් ජාතියක්නම් නෑ. මම දන්න තරමින්, ඔය පඳුරු ගානට ඉන්න අධ්‍යාපන පරිපාලන සේවයේ (අධ්‍යාපන අධ්‍යක්ෂකවරු වගේ) අය තමයි දැන් ඔය රාජකාරිය කරන්නේ.

    -AD

    P.S. to Kathandara
    Can't comment on your Blog. Anonymous Blogging is disabled. Pls note, anonymous comments are not always spam or fire.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails