Thursday, April 5, 2012

ඇත්තටම අතේ ගහල තීනවද?



ඉස්සර ඉස්කෝලෙ අල්ලෙ වලවල්, මයිල් තියෙන එව්වො ගැන කියනකොට හිමීට අත බලන උන් අල්ලං බයිට් කරාට තමයි. ඒ වගේම අල්ලෙ රේඛ අඩු උංවත් දැම්මෙ ඒ ගොන්නටමයි.

ඒත් පස්සෙ කාලෙක මහැදුරු නන්දදාස කෝදාගොඩ මහත්තයම කියාපු විදියට එහෙම වලක් නැති අල්ලක් තියෙන්න පුලුවන් "කොල්ලෙක්" ඉන්න විදියක් නෑ වගේම හරි හමන් කොල්ලෙකුගෙ අල්ලෙ එකම රේඛාවක්වත් තියෙන්න විදියක් නෑ.

අපේ අම්මල එහෙමනං අතේ රේඛ නැතිවෙනකොට කිව්වෙ රේඛ අඩු වෙන්නෙ පවුල් බර අඩු අයගෙ කියලයි.

කොහොම හරි ඉතින් ඔය කියන විදියට එහෙම ලේසියෙන් මැකිල නොයන නිසා වෙන්නැති එව්වයිං කට්ටිය සාත්තර කියන්නෙ.

ඔය අත බලා කියන සාත්තර ඒ කාලෙ ඉඳල අපිත් පාවිච්චි කොරා අතේ මහපට ඇඟිල්ල යට බලල ලැබෙන ළමයි ගාන ගනං කර ගන්නයි, ධන රේඛාවෙ දිග මැනල සල්ලි කාරයෙක් වෙන නොවෙන එක කියන්නයි.

ඊට අමතරව තව ට්‍රිප් එහෙම යනකොට ලස්සන කෙල්ලොන්ගෙ අත බලල සාත්තර කීමේ සේවාවකුත් කරගෙන ගියා, මොකද සුමුදු සුදු අත් අතගාන්න ලේසිම ක්‍රමේ ඒක් නිසා.

ඕක අල්ලෙං පටං අරං මල්ලෙං තමා නංගි නවතින්නෙ කියල අපේ උං කෑ ගැහුවත්, මම හොඳට අඹරල දුන්න ගුලි ගොඩක් වෙලාවට ඒ ළමයි කාපු එකේ, ඔය ඉන්න විල්ලියල, වල්ලියල, සෝභිතලගෙ වෘත්තීමය බොරු සාත්තර වලට ගෑණු අහුවෙන එක එක අතකට මොන කජ්ජක්ද.

මම දැකපු බොහොම සාර්ථක අත බලා සාස්තර කියන්නෙක් තමයි "කුමා ඉද්දමල්ලෙන" කියන්නෙ.

අද වෙනකොට මිනිහ මහා ලොකු පොරක් උනාට, ඉංග්‍රීසි පන්ති කරපු ඒ කාලෙ අත බලා සාස්තර කීමෙන් උන්දැට ලැබිච්ච සමහර දේ ගැන ඉරිසියා නොහිතුනා නොකිව්වොත් බොරු. හැබැයි මිනිහත් එහෙම කිව්වෙ මං වගේ අතේ රෝල්ද නැත්තං නියම විද්‍යාත්මක ක්‍රමේකටද කියල නං හරියටම දන්නෙ නෑ. මොකද ඒක දන්නෙ එයාම විතරක් නිසා. ඒත් මිනිහගෙ අනාවැකි සහ ඵලාඵල ගොඩක් හරි බවනං මතකයි.

ඉස්සර ඔය මහපොළ වගේ ප්‍රදර්ශන වලත් අත ස්කෑන් කරල බලල සාස්තර කියන හුටපටයක් තිබ්බට දැං එහෙම එකක් තියෙනව කියල අහල නෑ. සමහරවිට අතට වඩා හඳහන දැං ප්‍රභලව අදහන නිසා වෙන්නත් පුළුවන්.

අත බලන සාත්තර කාරයො මල වදයක් උනේ ඉස්සර බීච් එකේ ගලක් උඩ පෙම් සුව වි ඳපු කාලෙයි.

ගඳ ගහන දෙමළ ගෑණු එකා පස්සෙ එකා එනව " මේ මාතියාගෙ මූනෙං පේනව හරි මනමාලය කියල, නෝනනං හරිම පිංවංතයි තමා" කියාගෙන.

ඉත්ං ඔය ළණු ගිලින එකියක් උන්නොත් තව රුපියල් විස්සක් හමාරක් එතනත් ඉවරයි. උං ඉතින් හැමදාම හැම කපල් එකටම කියන්නෙ ඕකම තමයි අනේ කියපු ගෑණු ළමයිනං සාත්තරෙන් නැතිව සූත්තරෙන් සාක්කුවට විදිනව සාත්තර කාරය ගියාට පස්සෙ.

මේ ඊයෙ පෙරේද අපේ සිංහබාහුව අහපු ප්‍රස්නයක් නිසා තමයි ඇත්තටම මට ඔය මාතෘකාව හිතට ආවෙ.

කොලු පැටිය අහනව "ඇයි තාත්තෙ අපේ අතේ ඉරි තීන්නෙ" කියල.

මිනිහට යංතං පොඩි විස්තරයක් කියල ශේප් උනාට පස්සෙ මට හිතුනෙ, ඇත්තටම ඔය කියන්න වගේ උපදිනකොටම අපේ ජීවිත කතාව අතේ ගහල එවනවද කියල!

මේ අවකාසෙත් ඔය සාත්තර කාරයො කීප දෙනෙක් ඉන්න නිසා සහ දාස් ගානක් එහෙ මෙහෙ යන නිසා මට හිතුන පොඩි අභියෝගයක් කරන්න.

ඔය පහල තීන්නෙ මගේම අත. සාත්තර කියන්න දන්න උන් කිව්වට කමක් නෑ, ඒත් පොඩ්ඩක් තම තමන්ගෙ රේඛ එක්ක සසඳල බලන්න මොනාහරි වෙනසක්, අමුත්තක් පේනවද කියල?

87 comments:

  1. මේ හස්තය හිමිකරුවා මහා අණ්ඩපාලයෙක් බව කියත හැක.. ඔහු අවට සිටින්නන් පරෙස්සම් වුනොත් මැනැවි..

    ReplyDelete
    Replies
    1. පුහ්, මේක මුලටම කියාපු කතාවක කැත!

      Delete
  2. පොඩි උපදෙසක් දෙන්නම්. ඇත්තටම මේ ලිපියෙ නම පොඩ්ඩක් වෙනස් කලොත් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි ??? අතේ ගහනවයි කියන එකේ මොකක් හරි අවුලක් තියනවද ????

      Delete
    2. දැං එතකොට ඉසුරු බලන්න ආවෙ මොනා ගැන ලියල තියනව කියල හිතාගෙනද?

      Delete
    3. @ඕනයා, නෑ බං කිසිම අවුලක් නෑ, තවත් පැහැදිලියි අතේ ගහන්නෙ මොනාද කියලත් තිබුනා නං .......

      Delete
  3. තනි ඉරට අතේ ගසා ඇත..

    ReplyDelete
  4. you will be a business man and u married before age of 25.
    -from nooneknows

    ReplyDelete
    Replies
    1. Sorry mate! I married when I was 27+, so I will not be a business man!

      Delete
  5. රේඛා අඩුයි නේ බං... පිටරට ජීවිතය සාර්ථකයි. ජීවිතේ අවසාන බාගයේ සැපවත් ජීවීතයක්, ඉතිරි කිරීම් අඩුයි, කම් සැප සාමාන්‍යයයි, විශ්වාස කල හැකියි, තනි තීරණයට වැඩ නොකරයි. ඉක්මන් විවාහය. කෑම තිබුනත් මග හැරෙයි. දෙමව්පියන්ට නෑයින්ට ලැදියි. හිතවතුන් අඩුයි. බුද්ධුමත්, උගත්, තම ක්ෂේශ්ත්‍රයේ ඉහලටම යයි. ඇතිද...?

    ReplyDelete
    Replies
    1. පරම්පරාගත් රෝගවලින් පීඩා විඳිය හැකි බැවින්. ඒ ගැන පරෙස්සම් වන්න..

      Delete
    2. මටනං කියන්න තියෙන්නේ එකම එක දෙයයි.මේ දකුණු අත නෙවෙයි.

      Delete
    3. මිනිහ් දකුණත්. ඉතිං කොහෙ රේඛා ඉතිරුවෙන්නද ?

      Delete
    4. මාතලන්,

      උඹෙ අනාවැකියෙ එකක් විතරක් හරි. පුලුවන්නං කියහන් ඒ කොයි එකද?

      ඇනෝ,

      ඇයි එහෙම කියන්නෙ?

      නවම්,

      මම ලංකාවෙ ඉන්නකොට දකුණෙන් පැද්දට මෙහෙ පදින්නෙ වමෙන්. ඉතිං අත් දෙකෙම්ම ගියර් පොල්ල අතගාල අතගාල අල්ලවල් දෙකම එකවගෙ.

      Delete
    5. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවේ දකුණු අත නෙවෙයි කියලා කියපු එකටද?

      ඒකට හේතුව කියන්න කලින් තව එකක් කියන්නං.හැබැයි එහෙම කිව්වා කියලා ඇති තේරුමකුත් නැහැ. මේක දකුණු අත නොවුනනං අනිවාර්යයෙන්ම පපුවේ උණු රුහිරු ධාරා පැන නගින මොහොතක අවසානය සිද්ධ වේවි.උදාහරණය ශල්‍යකර්මයක් අතරතුරදී.ඒ මොහොතට කලින් බිරිඳගේ වියෝව සිද්ධ වේවි.

      Delete
  6. ela blog ekak ne meka.........onna mama book mark kara gatta.

    ReplyDelete
  7. ela blog ekak ne meka.........onna mama book mark kara gatta.

    Thanks.
    www.timmblog.info

    ReplyDelete
  8. මචං අර හරහට තියෙන ඉරේ කොඩි වැල් ටිකක් එල්ලපන්

    ReplyDelete
  9. මුගේ අත දෙකට කපලා ආයේ එකතු කරලද කොහෙද? මම දැක්කයින් දැක්කේ නෑ ඔහොම රේඛාවක් තියෙන අතක්....

    1. මවු රටෙ ඉන්න වෙන්නේ නෑ...
    2. කොච්චර ට්‍රයි කලත් දරුවෝ දෙන්නයි....
    3. සිංහයා කිව්වට ගූ බයයි....
    4. දෙවෙනි දරුවා ලැබීමෙන් පසුව පට්ටෙට ජයයි....
    5. තමන්ගේ වැඩකට අත ගහන්න හිතුවට ආසයි බයයි.. ඒක කරන්න වෙන්නේ නෑ...
    6. ජීවිතේට මෙලෝ රහසක් රකින්න බෑ...
    7. ඉතිරි කිරීම් අඩුවෙන් වෙන්නේ... උපදවන ආදායම අනුව මීට වඩා ගොඩාක් ඉතිරි කරන පුළුවන්
    8. අනිවාර්ය සෙම අමාරු කාරයෙක්...

    තව ඕනනම් තව දෙන්නම්... ඔය තනි රේඛාවේ කතාව දනවනේ සිංහයා.... පරිස්සමින් හිටහන්...

    ReplyDelete
    Replies
    1. 1. හොඳ වෙලාවට මම රට ඉන්නව කියල මේකෙ කලින් ලිව්වෙ.
      2. තාම ඔපරේෂම කලෙ නැත.
      3. ඔය මට නෙමෙයි උඹට අදාල වැකියක්.
      4. අපිට කොහොමත් කවදත් ජයයි.
      5. එහෙනම් පුතේ දැම්ම වෙන එජන්තයෙක් හොයන්න බලහන්
      6. මම දන්න රහස් එළ්කරොත් ආන්ඩුත් පෙරලෙනව.
      7. ඕක ඉතින් අපි කාටත් පොදු දෙයක්නෙ.
      8. සෙම නෑ, සෙවල නෑ, නියම රාත්තල.

      උඹෙ අනාවැකිත් මං අර කෙල්ලන්ට කිව්වට වඩා වෙනසක් නෑ කොල්ලො. FAIL!

      Delete
  10. මේක මරු අතක්නෙ අප්පා.............

    ReplyDelete
    Replies
    1. oyath athe gahanawada

      Delete
    2. අත මරු, අත අයිති එකා මරේ මරු. අත ගත්ත කෙනා අමාරු.

      Delete
  11. අල්ලේ රේඛා ගොඩක් නැත විස්තර කියල මගේ සාස්ත්‍රය හැල්ලු කරගන්නේ නැහැ.නැත්නම් උපතේ සිට විපතට වෙනකන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. ආන්න මහදැනමුත්තගෙ මුණුබුරෙක්!

      Delete
    2. උපතේ ඉඳන් විපත වෙනකල් කියන්න පුළුවන්ද?
      එහෙනම් මටත් කියන්නකෝ යාළුවා

      Delete
  12. හොඳට පාවිච්චිකරපු අතක් වගේ.....

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. අපි දෑතෙ වීරියෙන් ගොඩ ගිය මිනිස්සුනෙ ලොක්ක.

      Delete
  13. මේ අත මැද්ද තියෙන ඉර වගේ එකක් මාත් දැකලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. දැං දැක්කනෙ. සල්ලි දීල පෙන්න තිබ්බ හැබැයි පොසොන් එකට අනුරාධපුරේ මඩුවක් ගහගත්තනං.

      Delete
  14. ඇත්තටම පින්තුරේ දිහා බලපුවම කියන්න තියෙන්නෙ ස්කෑන් එක දෝෂ සහිතයි කියලා. ආලොක කිරණ ඇතුලට පැමිණීම නිසා ප්‍රතිබිම්බට එය ඝෘජු බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒක හන්දායි ඔය පින්තූරෙ අඳුරට හුරු.....

    ReplyDelete
  15. ඔයාට Heart Line එකක් නෑ. ඒ කියන්නේ හදවතක් නෑ කියන එක. )))

    Your head line shows independency and hunger for new experiences, but needs clearly set goals not to become distracted too much. ඒ කියන්නේ වැඩ කරන ගමන් බ්ලොග් දිහා වැඩිය බලන්ට එපා කියන එක. :)

    A weakening of the life line’s end can indicate weakness or disease. ඒත් මේවා හැම තිස්සෙම වෙනස් වෙන හන්දා ඒක ඇත්තම වෙන්ට ඕනි නෑ.

    අන්තිමට කියන්ට තියෙන්නේ මේක මනුස්ස අතක් මිස සිංහයකුගේ අතක් නොවෙන බව. :)))

    ReplyDelete
    Replies
    1. "ඒ කියන්නේ හදවතක් නෑ කියන එක" - දේවි මගෙ හද හොරා ගත්තනෙ, ඒකයි.

      "hunger for new experiences" - by all means.

      Delete
    2. මිනිස්සුන්ට ඔහොම අත් නෑනෙ?

      Delete
  16. මම නම් ඔය ශාස්ත්‍රය ගැන මෙලෝ දානයක් නොදනිමි. නොදන්නා දේවල් බොරුය කීමේ නරක පුරුද්දත් මාතුළ පිහිටා නැති නිසා තුෂ්ණීම්භූත වෙමි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර උන්නු වෙදමහත්තුරුනං අතඉ කේන්දරෙයි දෙකම බලල කියනව නේද බෙහෙත් කෙරුවෙ.

      Delete
  17. ස්කෑන් කරපු අතක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ස්කෑන් කරෙ ෆොටො එකක් ගන්නවට වඩා පහසු නිසා.

      Delete
  18. Replies
    1. එතකොට ලංකාවටම එකද දන්නෙ නෑ. දාන්නද අටපට්ටමට?

      Delete
  19. විනෝදයට බර පුද්ගලයකි.
    ගෙදර කොම්පිටරයක් ඇත.
    ගෙදර ස්කෑන් මැෂිමක් ඇත.

    වෙදගිල්ල දබර ගිල්ලට වඩා උසය = දක්ෂය බුද්දිමත්ය. මුදල් සොයයි එමෙන්ම වියදම නොහොත් නාස්තිය වැඩිය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම බොරුනෙ. ගෙදර කොම්පීටර් ස්කෑන් නෑත. වැඩේ දුන්නෙ කන්තෝරුවෙනි.

      Delete
  20. මටත් නිකන් ග්‍රීක් වගේ.දන්න දෙයක් තියේනම් ඔහේම කියමු ආය්බෝන්..

    ReplyDelete
    Replies
    1. මම වැඩ කරන්නෙ ග්‍රීක් කොම්පැණියක, ඉතින් අපේ ග්‍රීක් උන්ට මෙක දැක්කම ලැටින් වගේ.

      Delete
  21. මෙහෙම අතක් දැක්කමයි!

    ReplyDelete
    Replies
    1. අතේ කතාවට ලින්ක් එකක් දාල අත දුන්නට දෙනවා අතට අත!

      Delete
  22. අතේ වම් පැත්ත වඩා සුදු නිසා ඒ පැත්තට වැඩියෙන් වාහනය ගොස් ඇත....

    ReplyDelete
  23. අල්ල පලල් බැවින් සෑහෙන කාලයක් අතෙන් වැඩ අරන් ඇති බව පෙනේ. ඇඟිලි ටික එකට පැක්වී ඇති ආකාරයෙන් පෙනෙන්නේ මැද ඇඟිල්ලෙන් කලයුතු වැඩක් දීර්ඝ කාලයක් තිස්සේ ඇඟිලි තුන හතරක්ම යොදාගෙන සිදුකර ඇති බවයි . . . .

    ReplyDelete
    Replies
    1. මේක නං පුදුමයක්! මම හිතපු දේට හරියටම උත්තරේ දීල තියනව.

      Delete
    2. අල්ලන්න, අතගාන්න, අඹරන්න, මොනතරමක් නං කියල ඔය අතෙන් වැඩ ගන්න ඇතිය කියල. ඔහොමවත් තියෙනව මදෑ!

      Delete
  24. අල්ල මැදින් හරහට ඉරක් තියෙන අතක් දැක්කමයි . .

    ReplyDelete
    Replies
    1. අල්ල මැද ඉර විතරක් නෙමේ තව හොඳ හොඳ එව්ව තියෙනව බං. උඹට පුලුවන්ද කං දෙක හොලවන්න අර මුවො ගෝන්නු වගේ, නැත්තං දන පොල්කට්ට උඩ පහල කරන්න වගේ එව්ව?

      Delete
  25. ඒකාධිපතියෙකුගේ අත්ලකි

    ReplyDelete
    Replies
    1. මෙන්න ජග්‍රාහී අනාවැකිය.

      Delete
  26. ඉන්දික අයියේ වැසිකිලි යාමෙන් පසු මේ අත සේදුවාද ?

    ReplyDelete
  27. ඔය අතේ මැදිං තියෙන රේඛාවට කියන්නේ "වානර රේඛාව" කියලා...
    ඔය රේඛාව පිහිටන්නේ බොහොම අඩුවෙං.
    ඒකයි ගොඩක් අය ඕක දැකලා නැත්තේ.

    මේ අත්ලේ අයිතිකාරයා "කටක" ලග්න කාරයෙක් නේද?
    කටක ලග්න කාරයෙක් නෙමේ නං කටක ලග්න හිමියෙක්ගේ දැඩි බලපෑමක් ජීවිතේට තියෙනවා. ළගම නෑයෙක් වගේ...
    පොල් දත් දෙකක් තියෙනවා...
    සාපේක්ෂව හිතුවක්කාරයි.

    ඉන්දික ෂුවර්ද මේ අත ඔයාගෙමයි කියලා?

    ජය වේවා!!!

    ReplyDelete
  28. අත පැත්තක තියමුකෝ මෙතනට කුපාඩි අදහසක් නැතුව ආපු උන් අත උස්සමු බලන්න ..........

    ReplyDelete
  29. අතේ වැඩකිඩනම් අනන්තයිනේව

    ReplyDelete
  30. අපට ඉතින් හස්ත කර්මාන්තයක් තමා !!

    ReplyDelete
  31. Real PH.
    Put your hand into but and then into mouth.
    MR

    ReplyDelete
  32. මගේ මහත්තයාගේ අතෙත් තියෙන්නේ ඔය රේඛාව ඔය විදිහටයි. වානර රේඛාව, තව එක එක නම් කියනවා. වැඩියේ නැති නිසා ද මන්දා ගොඩක් හොඳ අනාවැකි තමයි තියෙන්නේ. කොච්චර හොඳ ද කිව්වොත් දැන් මට මතකත් නැහැ සේරම....... :)

    වෙනත් රේඛාවකින්, මං අහලා තියෙන දෙයක් කියන්නම්.

    මේ අත හිමි කෙනාට තදින් දැනෙන විදිහේ ප්‍රේම වියෝගයක් හිමියි. නැත්නම් දික්කසාදයක් හිමියි. මට හිතෙන්නේ ප්‍රේම වියෝගයක් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔන්න තව එක්කෙනෙක් හම්බ උනා. දැනට තුන්දෙනයි ඔක්කොම.


      මේක බැලුවද?

      ලිං කටින් සෙවූ විමුක්තිය...

      Delete
    2. හපොයි කොමෙන්ට් සබ්ස්ක්‍රයිබ් දැම්මට කොමෙන්ටුව ආවේ නැහැනේ. මේ ආයේ මතක් වෙලා ඇවිත් බැලුවේ.

      Delete
    3. අද තමයි ලිං කටින් සෙවු විමුක්තිය කියෙව්වේ..... ඒ අම්මා ගැන කණගාටුයි... තමන් මොන යම් හෝ හේතුවකින් වැටුනු වලට දුව නොවැටෙන්නනේ ඒ ඇත්ති එහෙම කරන්න ඇත්තේ...... ඒත් දුවව ගලවා ගන්න බැරි වුනා... ඒ අම්මා කිව් ලෙසම ජීවිතය අවසන් කරලා...

      කොහොමින් කොහොම හරි මගේ සාස්තරේ තව දුරටත් තහවුරු වුනා...

      Delete
    4. මං ඊයේ පෙරේදා ගෙදර යනකොට මහත්තයාට කිව්වා බ්ලොග් ලියන කෙනෙක්ට අකරතැබ්බක් වෙලානේ...... මෙහෙමනේ මෙහෙමනෙ කියලා භාගයක් කියද්දි මට මතක් වුනා ඉංදිකව හඳුන්වලා දෙන්න විදිහක්. ඉතිං මං කිව්වා අර ඔයාගේ වගේ අතේ රේඛාවක් තියෙනවා කියලා පෝස්ට් එකක් දාලා තිබුනේ ආං එයා කියලා... අපොයි මහත්තයා ගත් කටටම ඇහැව්වේ, "අයියෝ මේ වගේ වටිනා රේඛාවක් තියෙන අයත් ඔය වගේ අහුවෙනවද?" කියලානේ.......

      Delete
    5. මේ මට සල්ලි කේස් එක ගැන ආපු එකම හිනා ගිය කමෙන්ට් එක. මහත්තයට කියන්න "ගුරුන්ටත් ඉඳ හිට අකුරු වරදී" කියල.

      Delete
    6. හිනා යන කථාවක් කිව්වත් සම්පූර්ණ සිද්ධිය ගැන නං බොහොම කණගාටුයි ඉන්දික... කොමෙන්ට් නොකලත් අපි මේ ගැන බලාගෙන ඉන්නේ....... මට දවසක් කෙනෙක් කිව්වා ඔයා අඩුම ගානේ දැකලා කථා බහ නොකරපු කෙනෙක් ව ෆේස් බුක් එකේවත් ඇඩ් නොකර ගන්න විත්තිය. ඒ මේ සිද්ධිය වෙන්න මාසයකට වගේ උඩදි කිව්වේ. ඉතිං මේ දේ වුනහම මං ඒ කෙනාට කිව්වා... බලන්නකෝ නේද? ඔච්චර පරිස්සමින් කටයුතු කරලත් වෙච්චි වැඩේ කියලා. අපි කොච්චර පරිස්සම් කියලා හිතුවත්, සමහර වෙලාවට අපි නොහිතන වැඩ අපට වෙනවා. මෑත කාලේ බැලුවොත් මට හිතෙන්නේ සෝම හාමුරුවන්ට වුනෙත් ඔය වගේ වැඩක්. දුර තියෙන ඒම් එකක් දැක්කහම ලඟ තියෙන වල නොපෙනී යනවා. කවුද අකමැති ආයෝජනයක් කරන්න. සමහරවිට ඔයා මෝඩ වෙලා කියලා අද කොමෙන්ට් කරන අයත් පැහැදිලි අදහසක් නැතුව හිටියා නං ඔයා කලා වගේ කරන්න ඉඩ තියෙනවා. කොහොම හරි ප්‍රශ්නය විසඳෙයි කියලා බලාගෙන ඉන්නවා.

      Delete
    7. බොහොම හය්යක් රන්දිල් මේ කමෙන්ට් එක. ඇත්තටම මම "යාළුවො" ආස්සරේ කලේ හරි පරිස්සමින්. ඒ වගේම ඒ ආස්සරේ කල උන්ට මට කරන්න පුළුවන් හැම වෙලාවෙම හැම විදියෙන්ම උදව් කරපු කෙනෙක්. අද ඒ බහුතරයක් මේ ගොන් කමටමට දොස් කියන්නෙත් ඒකමයි .

      Delete
    8. අහම්බෙන් මේ බ්ලොග් එකට ආවේ මගේ අතත් ඕක මයි ඇරපු අතක් නෑ. මට පුදුම මේ අනාවෑකිය . මේක ලියපු දවසේ නැති දරුණුම පේ්‍රම වියෝගයක් මට සිදුවී ඇත.

      Delete
    9. අහම්බෙන් මේ බ්ලොග් එකට ආවේ මගේ අතත් ඕක මයි ඇරපු අතක් නෑ. මට පුදුම මේ අනාවෑකිය . මේක ලියපු දවසේ නැති දරුණුම පේ්‍රම වියෝගයක් මට සිදුවී ඇත.

      Delete
    10. අහම්බෙන් මේ බ්ලොග් එකට ආවේ මගේ අතත් ඕක මයි ඇරපු අතක් නෑ. මට පුදුම මේ අනාවෑකිය . මේක ලියපු දවසේ නැති දරුණුම පේ්‍රම වියෝගයක් මට සිදුවී ඇත.

      Delete
  33. ඉතිරිය හොඳයි. සංවේදී නැත. ජීවිතේ අවසන් භාගයේ කරදර. ආයුෂ හොඳට තිබේ.......... සුලැඟිල්ල කොටයි වගේ නේද අයියා ???

    ReplyDelete
  34. දැඩි ලෙස හස්ත කර්මාන්තයේ යෙදුන කෙනෙක් කියලනම් කියන්න පුළුවන් (දැන් නෙවෙයි ඔය තරුණ කාලේදී. හිකිස්...... මමනම් ඔව්ව විශ්වාස ක්ලරන්නේ නැහැ පල් බොරු. ඔයාගෙම වයසේ කෙනෙක් මගේ නෑයෙක් මට දුන්න ඔය අතේ මයිල් කතාව. මම ඌට කිව්වේ අතෙනම් නැහැ බන් ...කේ නම් තියෙනවා බලන්න ඕනෙද කියලා. හැබැයි ඒ ඒ.... ලෙවල් කරන කාලේ. :)
    කෝරලේ වලව්ව

    ReplyDelete
  35. මමත් කියන්නම් මම දන්න සාත්තෙර හැටියට ෙගාඩක් ෙද් කියන්න පුලුවන් ඒ්ත් ෙවලාව නැති නිසා අැගිලි වලින් කියෙවන ටික කියනිනම්
    මෘදු වූද ශාන්තවූද ගති අැති ෙකෙනක් ෙව්
    ඥානවන්ත ෙව්
    ඥානය ලැබීෙමහි උත්සාහ අැත්ෙතක් ෙව්
    යහපත් කල් ක්රියා අැත්ෙත් ෙව්

    ෙම්ක පින්ත‍ූරයක් නිසා කියන්න අමාරැයි. ෙම් කියපුවා හරි නම් මට ඊ ෙම්ල් කරන්න.

    randikaashan@gmail.com

    ReplyDelete
  36. ඉන්දික
    -කිංස්ලි ගුනතිලක කියල කෙනෙක් ගැන අහල තියනවද? රත්මලානෙ හිටිය බොහොම ප්‍රසිද්ධ අත බලන කෙනෙක්. මමත් ඒ තරම් ඔයගැන විශ්වසයක් තිබුනෙ නති කාලෙක මගෙ නෑදෑ අක්ක කෙනෙක්ට අතබලව ගන්න ඕන වෙලා එයා ලඟට ගියා.අක්ක බලකරලම කිව්ව නිසා මමත් බලව ගත්ත හේතුව එයා මටත් ගෙවීම.හැබැයි මේ වනතුරු කියපු දෙවල් 85% විතර හරිගියා.මමගියෙ අවුරුදු 30 කට විතර උදදි,

    ReplyDelete
  37. oyage sampuurna nama;-
    upan dinaya denawaa nam lokuvis tharayak kiyannam

    ReplyDelete
  38. බලන්න ආ එක තිබුනේ නැත.
    පසු වදනක් වශයෙන් කණගාටුව පල කරන ලෙස ඉල්ලා සිටිමි!

    ReplyDelete
  39. yako mage athath oya wagemai... kisima wenasak ne okamai....

    ReplyDelete
  40. මේ අතේ හිමිකරු අංගුත්තර නිකායෙ එකෙක් බුදුන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල් ගසන වංශයේ එකෙකි . තවද මේකගේ අතේ ඇගිලි අතරින් පුංචි හෝ හිඩැසක් නැති බව පෙනේ . මින් අදහස් වනුයේ මු තරම් අණ්ඩපාළුවෙක් තවත් නැති බවත් දකුණු අතින් කරනදේ වම් අත නොදන්නා තරමට කට්ට කිරාටික වැඩ කිරීමේ හපනෙක් බවත්ය . තවද කිවහැකි කරණ නම් මේ අනුව දුටු කල මොහුගේ උස අඩි 5 අගල් 3 වඩා නම් විය නොහැකි අතර කම්පෙති ලම්භකව බුදුන්ගේ සේ පිහිටා ඇති එකෙකි . මේව බොරුනම් අභියොග කලපිය මට

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails