Thursday, June 10, 2010

තම්බිගෙ තත්තෙ




දැං මේ දවස්වල ඉස්ලාම්කරනය සහ පන්සල් ආශ්රයෙන් ඇතිවෙන හැදියාව ගැන ලොකු හා හෝ වක් යනවනෙ මේ ලාංකික බ්ලොග් ලේඛකයො අතරෙ.

මාත් ඒ ගැන යමක් ලියල ඔය ලොකු ලොකු අලි ..කද්දි තෙරපෙන්න මට අමාරුවක් නැතත්, යන රැල්ලට යමක් ලිවිය යුතුයි කියල හිතුන නිසා මං තම්බිල ( මගේ ශබ්ද කෝශයට අනුවනං මුස්ලිම් සහෝදරවරු ) සහ හාමුදුරුවරු ගැන පොඩි ජනකතා කිපයක් ලියන්න හිතුන.

මේවා මං කාලෙකට ඉස්සර කියවපු විජේසූරිය (මට මතක විදියට ) කියල මහත්තයෙකුගෙ පොතක තිබුන ඒව.

පලවෙනි කතාව තම්බිගෙ කපටිකම.

එක දවසක් තම්බි ගෙ බිරින්දැගෙ පෙති මාලෙ කොන්ඩෙ පැටලිල, එකෙ ඈඳල තිබුන පෙති ගැලවිල වෙන් වෙලා. දැන් හාමිනේගෙන් බේරිල්ලක් නෑ මේ මාලෙ අමුණල ගෙනත් දෙන්නෙයි කියල.

ඉතින් දැන් තම්බිත් මේ වදේ ඉවසන්න බැරි නිසා මේ කෑලි ටිකත් අරන් ගියාලු අහල ගමක හිටපු නවන්දන්න ගාවට. ගිහින් කිව්වලු “නයිදෙ මේ මාලෙ මට කේලි ටික ශරියට අමුනල දියන්කො" කියල. රන්කරුවත් කෑලි ටික අරන් බලල හොඳ වටින රත්තරන් කෑලි ටික බව දැකල, කෑලි ගණන් කරනකොට හෙමීට එකක් හංගගෙන කිව්වලු " තම්බි මේකෙ ඔක්කොම කෑලි විසි නමයනෙ එහෙනං" කියල.

කෑලි තිහක් ගෑනි දුන්න කියල දන්න නිසා තම්බිත් " මට මතක නේ අයියා, ඉඳහන් මාත් ගෙනල බලන්න" කියල ගනින ගමන් තව කෑල්ලක් තම්බිත් හංගගෙන " ෂරි ෂරි විසි නමේ තමයි " කියල කෑලි ටික නවන්දන්නට දුන්නලු. දීල " එහෙනං උඹ මට යේක හොඳට කරල තියපන්, මං යෙට හවෂ එන්නංකො" කියල තම්බිත් හිමීට අර කෑල්ලත් අරන් ගෙදර ගියාලු.

පස්සෙ වැඩේ පටන් ගත්තු අපේ ආචාරියත් ඉතින් තමන්ට උන ලාබෙ ගැනත් හිත හිතා මාලෙ කෑලි ටික අමුණගෙන යනකොට අන්තිමට බැලුවම තීන්නෙ එකක් අඩුවෙන්, කෑලි විසි අටයි. පස්සෙ දැන් නිකංම හොරා වෙන නිසා හිමීට අර හංගගත්තු එකත් දාල මාලෙ අමුණල තිබ්බලු.

පහුවෙනිද මාලෙ ගෙනියන්න ආපු තම්බිත් " ආ ෂෝක් එකට වෙඩේඩේ කරල තීනවා, අනේ මෙන්න මේ කේල්ලත් ගෙදර වෙටිල තිබුන, පොඩ්ඩක් යේකත් අමුණල ඕක ඉවරම කරල දීපන්කො" කියල අර තම්බි කලින් දවසෙ හංගගත්තු කෑල්ලත් දීල මාලේ සම්පූර්ණ කරගෙනම ගෙදර ගියාලු.


දෙවැනි කතාව - කුරහන් ගලේ ඇඹරීම.



එක ගම ගෙදරක පුංච් ළමයෙක් හිටිය. ගම හාමිනේ මේ ළමයව අකුරු සාස්තරේ ඉගෙණගන්න ගමේ හාමුදුරුවො ලඟට ගෙනුහින් දුන්න.

ළමයගෙ මවුගෙ හැඩ වැඩ දැකපු හාමුදුරුවන්ටත් ඉවසුම් නැතිව, දවසක් දෙකතුනක්ම ළමය අතේ පණිවිඩ ඇරිය, ළමයගෙ වැඩ කටයුතු ගැන කතාකරගන්නත් එක්කල හැන්දෑකොරේ අම්මට පන්සල පැත්තෙ ඇවිත් යන්ට එන්නයි කියල. හාමුදුරුව්න්ගෙ කැරැට්ටුව දන්න හාමිනේ හිමීට ළමය අතේ ඔය මොනා හරි හේතුවක් කියල ඇරල වැඩේ මඟ ඇර ඇර හිටියෙ.

දැන් ඔහොම ටික දවසක් යනකොට හාමුදුරුවො පණිවුඩයක් එවනව " බොලාගෙ අම්මට මේවැයි උවමනාවක් නැත්ත්ං ඉතින් ඕං මේ ඉගැන්නිල්ල දිගටම කරන්න බෑ බොලව්" කියල.

දැං ළමයගෙ පාඩම් වැඩේ කඩාකප්පල් කොරන්ටත් බැරි හින්ද හාමිනෙ කියල ඇරියලු කොල්ල අතේ " හෙට අප්පුච්ච උන්දගෙ නගා බලන්ට මාතර යනව, දවස්දෙක තුනකට එන්නෙ නැතෙයි කියන්න්ට කියල අම්ම කිව්ව" කියල. මේක අහපු හාමුදුරුවොත් හරි සංතෝසෙන් කොල්ලට පැය දෙක තුනකට ඉවර නොවෙන රාජකාරියක් පංගාර්තු කරල ගියාලු හාමිනේලගෙ ගේ පැත්තෙ.

ඇවිත් ඉතින් වටෙන් ගොඩෙන් හාමුදුරුවො වැඩේට බහින්න හදනකොටම මෙන්න අර ගිය මිනිහ ආයි එනව කඩුල්ල පැනගෙන " ගමන මහ බාධ උනා නෙව අර හතුරෙක් මූණටම මුලිච්චි වෙලා" කියාගෙන.

දැන් කරගන්නෙ දෙයක් නැතුන් භිරාන්තවෙලා අඩ නිරුවතින් ඉන්න හාමුදුරුවොන්ට හාමිනේ " හරි හරි බය වෙන්න එපා මෙතනින් ඉඳ ගන්න" කියල කුස්සියෙ මුල්ලකට එක්ක ගොහින් මුලු ඇඟම වැහෙන්න සාරියක් පෙරවල "අර එහා පැත්තෙ මරක්කල ආච්චි කුරහන් අඹරන්න ආවම අපේ මිනිහ මේ පැත්තෙ එන්නෙ නෑ, ඒ නිසා බොරුවට කුර්හන් ටිකක් අඹර අඹර ඔහොම ඉන්න උන්දැ ටිකකින් හේනටවත් යනකල් කියල මහ තඩි කුරහන් වට්ටියක්යි, කුරහන් ගලයි කිට්ටු කරාලු හාමුදුරුවො ලඟට.

ටික වෙලාවකින් හාමිනේ ගමරාළටයි, කුරන් අඹරන හාමුදුරුවන්ටයි තේ දෙකකුත් හදල දුන්න. දැන් පැයක් දෙකක් යනකොට අර කුරහන් වට්ටිය ඉවරවේගෙන වගේ එනකොටම " මං එහෙනං කඩ පොළ පැත්තට ගෙහුං එන්නං" කිඅයල ගමරාළෙ නැගිටල යන්න ගියාලු.

ඉන් පස්සෙ තුං මුනිං දාඩියා දාගෙන දඩ බඩ ගාල නැගිටපු හාමුදුරුවොත් සිවුරත් යංතං පටලවගෙන පිටි පස්සෙන් පැනල මහ හයියෙන් වැඩියලු පන්සල.

ඉං ටික දොහකට පස්සෙ ආයි හාමිනේ පන්සලට පණිවුඩයක් අරිනවලු ළමය අතේ " අපුච්ච සහතිකෙටම අද නෑ, මාතර ගියා" කියල.

පස්සෙ හාමුදුරුවො කිව්වලු" කොළුවො බොලෑ අම්මට කියාපිය ඒ ගමනිං මට පලක් වෙන්නෑ, අඹරපු කුරහන් විතරයි කියල" කියල.

12 comments:

  1. චික් විතරක් මහ වනචර ගෑනීයෙක්. පවු අහිංසක හාමුදුරුවො...

    උඹේ අතින් යනවද...? අකුරු ළොකු කරපං... හැම එකාම මේ සයිස් එකෙන් ලිව්වොත් වයසක අපේ ඇස් පොට්ට වෙයි. පාටත් සැරයි...

    ReplyDelete
  2. @ මාතලන්

    කහ පසුබිමේ කලු පාටට තීනකොට කොහොමද? නිකං තැඹිලි ගෙඩියට කපුට වැහුව වගේ ! එළ නැද්ද?
    එහෙනං අර ප්‍රන්සකාරය-දස්කොන්'ට කෙල උන සුදු වටොරෙ කලු ලපේ වගේ කරන්නද..
    හැබැයි ඔය හතලිස් ඇඳිරියට අර දුමින්ද ඇමතිගෙ කඳවුරකටවත් ගිහින් කන්ණාඩියක් ගනින් ලොක්කා. එහෙමත් බැරිනං Ctrl+ වලට ඈඟිල්ල ගහල ඕන ගානට ලොකු කරගනින්..
    කොහොමද කතාවෙ අර ශෘංගාරය වෑහෙනවද?

    ReplyDelete
  3. ඔහේට ගොඩක් පින් අදයි ළොකු කරන හැටි ඉගෙන ගත්තේ.. අපි නොදන්න ගොන්පීටර් කිව්වලු...

    කතාවනම් මාර රහයි. එක ගොඩේ නැතුව, ඡේද කඩල ලියන්න. එතකොට ලස්සනයි............

    ReplyDelete
  4. කතා දෙක නම් උපරිමයි අයියා. මට නම් හුඟක් හිතට ඇල්ලුවේ මුල්ම කතාව. තම්බි හරි කපටියි කියන්නේ නිකම්ද ?

    ReplyDelete
  5. @ මාතලන්
    ඒකනෙ ලොක්ක කියන්නෙ. දැන් එහෙනං හරිනෙ. මිං පස්සෙ සයිස් එක ගැන එහෙම කරදර වෙනව නෙමේ.
    ඔන්න කියපු විදියට ඡේද හොඳට බෙදල තිබ්බ. ස්තූතියි උපදේසෙට.

    @ Hasitha
    ස්තූතියි මලය. තව කතා මහ ගොඩක් තීනව තම්බිල ගැන, ලිවීමේ වේගය මදි වීම නිසා ටිකක් හෙමින් තමයි දාන්න වෙන්නෙ.

    ReplyDelete
  6. අනේ ලොක්කො පාට පොඩ්ඩක් ඇජස් කරන්න..

    කතා නම් එලකා!

    ReplyDelete
  7. @ all

    ඔන්න මං මුලු ටෙම්ප්ලේට් එකම අලුත් කරා. දැන් හොඳයිද කියල බලන්න

    ReplyDelete
  8. දැං එළ.. කියවන්න ලේසියි..

    ReplyDelete
  9. නියම කතා දෙක බන් . .. කලින් අහලා තිබුනෙත් නෑ . . මම හිතාගෙන හිටියේ මේ වගේ කතා මම ගොඩක් අහලා තියෙනවා කියල බලාගෙන ගියාම මොනාද අප්පා මම අහලා තිබිල තියෙන්නේ . . !!!!

    ReplyDelete
  10. බලාගෙන ගියාම අපි කවුරුත් නොදන්න දේ වැඩියි මචං දන්න දේට වැඩිය. තව කතා ටිකක් තීනව, අදහෙට දාන්නං.

    ReplyDelete
  11. මරු කථාව අයියේ
    නියමයි.. හි හි අදමයි මේ පැත්තේ ආවේ.. එල කුරිස්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails