Friday, October 22, 2010

අම්මෙකුගෙ ආදරේ



මේ දවස්වල අම්මට ටිකක් සනීප නෑ. පහුගිය දවස්වලනම් හොඳටම සනීප නැතුව ඉඳල ගිය සතියෙ තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එක්කන් ආවෙ.

ඒ අස්සෙ මගෙ යාලුවෙකුගෙ අම්මටත් ඒ වගේම අමාරුවෙලා, මොකද්ද අමුතු ඔපරේෂන් එකකුත් කරන්න වෙලාලු කැමරාවක් නහර දිගේ යවල.

අපි දෙන්නම (මායි අර යාලුවයි ) ඉන්නෙ රටින් පිට, දෙන්නගෙම පවුලෙ සාමජිකයො හතරයි, ඒත් අන්තිමේ අම්ම බලන්න ලඟ ඉන්නෙ එකයි, අනික් උන් රටෙත් නෑ, ඔක්කොම බයි රිමෝට්!

ඉතින් අද අපි මේ ගැන කතා කර කර ඉඳල කතාව නතර උනේ මව් ගුණ ගැයීමකින්.

ඇත්තටම අපිට මොනව තිබුනත් අම්මෙක්ගෙ ආදරේ තරං යමක් තීනවද කියන තැනින් කතන්දරේ ඉවර උනා. එතෙන්දි මට මතක් වෙලා මගේ යාලුවට කියපු මව් ගුණ ගැන පොඩි ජනකතාවක් මෙතන ලියලම නින්දට යනව කියල හිතුන.

එක කැලයක් ගාව ගෙදරක තාත්ත නැති පුතෙකුයි අම්මෙකුයි බොහොම අමාරුවෙන් ජීවත් උනා.

මේ පුතත් හරිම හිතුවක්කාර , දඟ, නාහෙට නාහන එපාමකරපු ( සමහරවිට තාත්ත වගේ ) චරිතයක්. මේකගෙ අමන වැඩ හින්ද අම්මත් නිතර හිතේ අමාරුවෙන් තමයි උන්නෙ.

දවසක් මේ මදාවි කොලු ගැටය අවේලාවෙ කොහෙදෝ යන්ට හදනව මහ දුර දිහාවක.

මේ හැන්දකොරේ ඔය කැලේ මැද ගමනට අකමැති උන අම්ම පුලුවන්තරං එපා කිව්වත් මේක නෙමේ කනකට ගත්තේ, හිතුමනාපෙටම පිට වෙන්ට එළියට බැස්ස.

මෙච්චර කියලත් කියන දේ නාහන මූ ගැන ආපු තරහටම අර අම්මත්..

" කියන දේ නාහ යන තෝ මඟදි කොටියම කාපිය " කියල කිව්ව.

ඒ මොනවත් කනකට ගත්තු නැති මේ ගොන් නාම්බ යන්නම පිටත් උනා.

චන්ඩිය වගේ පිටත් උනාට මොකද මිනිහට කැලේ ටික ටික වැඩි වෙද්දි පොඩි ගැස්මකුත් ආව. දැන් ඔහොම ටිකක් ඉස්සරහට යනකොට පොඩි සද්ද බද්ද ඇහෙද්දි බයත් ටිකක් වැඩි උනා මිනිහගෙ.

ඔන්න දැන තව ඩිංගක් කැලේ ඇතුලට යද්දි එකපාරටම මහ සද්දයක් එක්ක මෙන්න තඩි කොටියෙක් මිනිහගෙ ඉස්සරහටම කඩං පැන්න...

දැන් කොටිය පුතාගෙ ඇඟට පනින්න කුරුමානං අල්ලලගෙන ඉන්නෙ..

ඔය අතරෙ පුතාට මතක් උනා අම්ම කියපු එක. ඉන් පස්සෙ පුතා අම්ම මතක් කරං වෙව්ල වෙව්ල කොටියට කියනව

"අනේ කොටියො උඹ අම්ම කියාපු එක නෙවේ හිතාපු එක කොරහංකො " කියල.

එතකොට ටික වෙලාවක් අර මෝඩ පුතාගෙ ඇස් දෙක දිහාම බලං උන්න කොටිය තව ටිකක් බලං ඉඳල මෙන්න ආයි හැරිල කැලේ ඇතුලටම රිංගුව.

පිම්මෙ ආපහු හැරිල ගෙදර ආව පුතා එදායිං එදා තමන්ගෙ අම්මගෙ කීමට පිටින් නොයන හොඳ මිනිහෙක් වෙනව කියල වැන්දල පොරොන්දුවෙලා යහපත් මිනිහෙක් විදියට අම්මවත් බලාගෙන් සතුටින් ජීවත් උනා.

Friday, October 8, 2010

සසිරිබර මෙසිරිලක


මෙලෝ රහක් නැති ලංකාවෙ දේශපාලනය ගැන ලියන එක තරං ගොං වැඩක් තවත් නැති උනත් වෙච්ච් දේ ගැන සද්ද නැතුව ඉන්න හිත හදා ගන්නෙ කොහොමෙයි.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, බලයට කෑදර නිසා තමයි ඔහොම උනේ, අනුන්ගෙ ළනු ගිල්ලට හොඳ වැඩේ, මොනා කරන්නද හිතට අමාරුයි තමයි ඒත් ඉල්ලන්නෙ කෑවෙ, කියල හිත රවට්ටං හම්බන්තොටට ලබනමාසෙ එන්න තීන නැවක තෙල් ගහන ජොබක් හරි මත්තලට එන ප්ලේන්වල හැපෙන කුරුල්ලො එලවන්න හිතං හරි එහෙමත් නැත්තං ඊලඟ කොමන්වෙලත් ගේම් එකට කොඩි වනන්න හරි, ඔය ආන්ඩුවම මහ ලොකුවට උඩ පුරාජේරු ගහන සංවර්ධනේ කොටස් කාරයෙක් වෙන්න හිතන් හරි එයාලගෙම බයිල වලින් ඇස් ගිනිකණ වට්ටං නැති නිසා මේවට අපිට ඇත්තටම හිතට අමාරුයි.

දකුණු අප්රිකාවෙ ක්ලාක් මහත්තයට පියන් කෙනෙක්ගෙවත් මොලයක් නැතිකමට මැන්ඩෙලා උන්දැව හිරේට දැම්ම වගේ වෙන දේ හිතා ගන්න බැරි වෙනව තව අවුරුදු හතරක් යනකොට.

මාරය තිතට මත් වෙලා .. කවුරුහරි හිතනවනං සරත් ෆොන්සේකා හිර ගෙදරින් නිදහස් වෙලා ආව ගමන් මහා චරිතයක් වෙයි කියලා..ඇත්තටම ඒක එහෙම වෙන්නත් පුළුවන්..
ඒත් එදා වෙනකොට මහින්ද ඊට වඩා අගලක් හරි උඩින් ඉදීවි.
මොකද මහින්ද දැන් ඉන්නේ දිනන්න හැකි ආර්ථීක යුද්ධයක අතර මග
..... වගේ කතා කියන්නෙ තමන්ගෙම සහෝදර ජහමනතාවගෙ කැරැට්ටුව ගැන හරි අවභෝධයක් නැතුව වෙන්ටැ.

නැත්තං ගමක් ගමක් ගානෙ ගෙවල් හදාපු,( අදටත් කතරගමට හෙවන දෙන්නෙ ඒ කොහොඹ ගස් ටික ) රස්සා දීපු, අසාමාන්ය වේගයකින් සහ කැපකිරීමකින් වැඩකරපු, අදටත් මුලු දකුණු ආසියාවම අගයකරන අතිසාර්ථකම සාක් උලෙළ සහ සාෆ් ක්රීඩා තියාපු, ඛෙත්තාරාම සුගතදාස දායාදකරපු ප්රේමදාස උන්නැහෙත් මලාම කිරිබත් කාපු රටේ මහින්ද කවුද?

තව ටික කාලෙකින් ඉන්දියන් චීන මොළ එකාට එකා මේක ඇතුලෙ ඉඳන් ඇර ගන්නකොට අලි ...කද්දි අපි තෙරපෙයි කිය කිය ආතල් ගන්න හැටි බලන්න බැරිය ඔය දේශප්රේමියො කවුරු කවුරුත්.

වැඩේ උච්ච්ස්ථානෙට එන්නෙ මන්නාරමෙන් තෙලුත් ආවොතින් තමා. සූඩානෙ අංක දෙක.

එතකොට කට්ටියට වෙන්නෙ මාගම්පුරේ මෝඩ වරායට පැනල දිවි නහගන්න තමයි.

හැබැයි නැත්තං ඉතිං මාගම්පුරේ පැත්තෙ පහත්වෙලා මදටිය අහුලන වියාපාරයක් උනත් කරන්න බැරිකමක් නෑ.

මොකද එහෙමවත් ඇට්රෑක්ෂන් එකක් නැත්තං ඉතිං මොකාද යකෝ ජෙඩාවරායෙන් අච්චර ලාබෙට තෙල් ගහගන්න තියෙද්දි මේ මෙහෙට ගාල් කරන්නෙ. මොකෝ කන්ටේනරයක් බාගන්නවත් බැහැනෙ, ඔන්ලි සර්විසස් නෙ මුල් කාලෙ ( ඊළඟ ටික හදන්න ණය දෙන්න එකෙක් හොයාගන්නකල් )

කොහොම උනත් රටේ ජනතාවගෙ බහුතරයක් පොදුමත(ය)කට ඇවිත් ඉන්න එක ගැනවත් සතුටුවෙලා (අනෙ මගෙ කට ) හිත හදා ගන්නව. වෙන මොනා කරන්නද.

හැබැයි එකක්, මෙච්චර කල් බැංකුව හරහ එවපු අම්ම තාත්තගෙ දීමනාවෙ ඉඳන් හැම සතේම උන්ඩිකෑශ්ලට දෙනව මිස මගෙන් මේ යන ගමනට වෙන්න පුලුවන් තඹ සතේකවත් උදව්වක් නොවෙන තැනට වගබලාගන්න මං මහන්සි වෙනව.

ඔන්න මීට මාස දෙකකට කලින් කියපු කතාව හරියට හරි. බයිට් කිලෝ එකක් තමා මුල් පුටුවෙ ඉන්නෙ. ඔබ සැමට ( මටත් ඇතුලුව ) තෙරුවන් සරණයි.

LinkWithin

Related Posts with Thumbnails