Saturday, November 24, 2012

බඳින්න කලින් බලන්න ඕනෙ A,B,C,D,E,F,G,H දන්නවද?






මතකනෙ මීට කලින් මම ලිව්ව බඳින්න හොඳ නැතිගෑණු කව්ද කියල සහ ගෑණුන්ගෙ හතර හිනා ගැන.
ඒ ලින්ක් එකටම මේකත් දාන්න ඕනෙ කියල හිතුනෙ ඩූඩ් ගෙ ඉන්දියානු විවාහ ගැන තිබ්බ පෝස්ට් එක දැක්කමයි.

ඒත් මේ ගැන කියන්න කලින් මේක මට කියල දීපු අල්ලපු රටේ යාළුවො ගැන යමක් නොකිය කොහොමද?

ඉන්දියානුවන් හැටියට හඳුන්වගන්න ඒ මහා භූමියෙ ඉන මිනිස්සුන්නෙ භාෂා, ආගම්, විස්වාස, සංස්කෘතීන්ගෙන් බෙදිල උන්නට ඒ හැමෝම ඉන්දියාව කියන නමින් එකතුවෙලා ඉන්නව වගේම ඒ ඉන්දියාව එකතු කරල තියෙන තව මහා පොදු සාධක ගානක් තීනව.

ඒ අතරින් පළවෙනි එක තමා අපිරිසිදු කම. ඉන්දියානුවො කියන්නෙ ලෝකෙ අපිරිසිදුම ජාතියක්. තත්වෙ තරා තිරම මොක උනත් ඔය ඕන ලොක්කෙකුගෙ කුස්සිය හරි කාමරයක්, නාන කාමරයක් හරි දැක්කොත් තමයි කතාව හරියටම තේරුන් යන්නෙ. 

මඩ එක්ක උක් ගස් මැෂිමට දාල උක් යුෂ බොන ඉන්දියානු කෑම කොච්චර රසයි කිව්වත් අපි උන්ගෙ රටට ගිහින් කෑවොත් අනිව බඩ යනව යනවමයි. මේ මම අත්දැකීමෙන් කියන්නෙ.

අනික් එක තමයි අනුන්ගෙ දේවල් සෙවීම. ඉන්දියානුවො ආශ්‍රය කරපු උන් දන්නව ඇති උන් මොන තරන් අනුඟෙ මගුල් හොයන ජාතියක්ද කියල. ඒ ගැන ප්ය හෙන්‍රියත් යසට කියල තියෙනවනෙ.

ඉන්දියානුවො අතරෙ තීන අනික් මහා පොදු සාධකේ තමයි විවාහ රීතිය සහ නීතිය. 

ඉන්දියාවෙ ඕන හින්දු කෙරුමෙක් බඳින්නෙ ගින්න සාක්කියට අරන් මිස අපේ වගේ රෙජිස්ටාර්ල ලඟ නෙමෙයි. මුස්ලිමුනුත් තමන්ගෙ චාරිත්‍රෙට බඳිනව මිස අස්සනක් නෑ. 

ඉතින් මුන්ට වෙන රටකට යන්න වීස ගන්න විවාහ සහතිකේ ඕන උනොත් මේ අය කරන්නෙ විවාහ මංගල්ලෙ පින්තූර ටිකකුයි,ඒ අවස්ථාවට සහභාගි උන බවට සාක්කි කරුවො ටිකකුයි අරන් ඒ පැත්තෙ තියෙන උසාවියෙ විවාහය ලියාපදිංචි කරල සහතිකයක් ගන්නව විවාහ උන බවට. කොයි නගරෙත් තත්වෙ ඒක තමයි.

මේ කොහොම බැන්දත් මේ අයගෙන් අති මහත් බහුතරය ( චිත්‍රපටි වල මොන බයිල පෙන්නුවත් ) බඳින්නෙ අම්මල හොයල දෙන කෙනෙක් මිස තමන් හොයා ගන්න කෙනෙක් නෙමෙයි. 

ඉතින් එහෙම බඳින කෙනා තෝරන්න අර එක එක ජාතිවල ඉන්දියානුවන් සලකා බලන පොදු අංග කිහිපයක් තියෙනව. ඇත්තටම මේව පොදුවෙ අපි කාගෙ කාගෙත් දෙමව්පියො බලන්න කැමති දේවල්. ඒත් ලංකාවෙ අපේ තත්වෙ මේ තරම්ම රාමුගත වෙලා, සම්මත වෙලා නෑ, හැබැයි ඉතින් ඉන්දියාවෙදි ඒක එහෙමමයි. 

මම මේ කියන්නෙ මගේ ආයතනෙ ඉන්න දෙදහක් විතර ඉන්දියානුවන්ගෙ සැලකියයුතු පිරිසක් ආශ්‍රය කරල, කතාබස් කරල විතරක් නෙමෙයි කීප සැරයක් උන්ගෙ රටට ගිහින් ඉඳල තියෙන නිසා.

අනික අපේ ආයතනෙ අධ්‍යෂක කෙනෙකුගෙ ඉඳල වාහන හෝදන එකා දක්වාම වගේම උඩ ඉඳන් පහතටත් වමේ ඉඳන් දකුණටත් ඉන්දියානුවො පිරිල ඉන්න විදිය ගත්තම උන් ගැන අධ්‍යනයට ඒක බොහොම සාධාරන නියැදියක් කියල කියන්න පුලුවන්. එහෙව් අපි මුන්ට බනින කොට මේ පට්ට.....( අයේ ඕන් නෑ )

මෙන්න මේ ඉන්දියානු මව්පියන් සලකන මූලිකාංග තමයි අර මං උඩ කියල තියෙන A, B, C, D, E, F,G,H

හොඳ ධනවත් දෙමාපියො තමන්ගෙ උගත් පුතාට බන්දන්නෙම ඔය හෝඩිය පාස් කෙල්ලෙක් විතරයි. ඒත් මෙතන තියෙන අවාසනාව ගෑනු ළමයගෙ පැත්තෙන් අකුරු හතරක් ( එක අකුරක තේරුම ටිකක් වෙනස් මෙතනදි ) විතරක් බලනකොට, කොලුවගෙ අම්මල අටක්ම බලන එකයි. පටන් ගන්නෙම සීයට පණහක අසාධාරනේකින්.

මෙන්න මේවයි කෙල්ලගෙ පැත්තෙන් බලන හෝඩියෙ අකුරු.

A – Age

E – Economy

F – Family

H – Horoscope


මෙන්න කොල්ලගෙ මාපියන්ගෙ සෙට් එක.

A – AGE

B – Beauty

C – Character

D – Dowry

E – Education

F – Family

G – Grade (කෙලීගේ පවුලේ පන්තිය)

H – Horoscope

දැන් කියන්න බලන්න මේ අතරින් ඔබේ තේරීම පාදක උනේ මොන අකුරු යටතෙද කියල?

 ප/ලි,

ඔබ විස්වාස කරනවද කේරළේ මගුල් උත්සවයකට අඩුවශයෙන් පන්සීයක්වත් සහභාගි වෙන බව සහ එය තුන් දහස දක්වා වැඩිවිය හැකි බව. ජනගහනය කෝටි සීය පනින රටක හිතවත්තු කොච්චර ඉන්න පුළුවන්ද නේද?

Wednesday, November 14, 2012

රජුන් ගැයූ ගී...!




මලගෙවල් වල කතා පවත්වන්න තියෙන අකමැත්ත නිසාම බුද්ධියගෙ කඩේ වැහිල්ල ගැන මොනාවත් එතන නොකියට ආවට ඇත්තටම වැඩේට හිතට අමාරුයි. මොනා උනත් ඌ නොහිටින්න මගේ කාටුන් එකක් වෙන කාට කියල ඇඳ පබ්ලිෂ් කොරගන්න කියලද. එහෙව් සයිබර් යායට කෙල උන එකට මෙන්න මගේ සාතිෂය කෝපය සහ බලවත් විරෝධය!

ඇත්තටටම වැඩ නිසා ටික දවසක් නොලිය උන්නම ලියන්න හිතෙන්නෙම නැති එකනෙ අප්ප කරුමෙ. ඒත් අද මාරයෙගෙ පෝස්ට් එකයි උගේ රීඩරේ තාම මං ඉන්න එක ගැනයිත් හිතල කාලෙක ඉඳල ලියන්න උන්නු මේ කතන්දරේ ලියල යන්ව කියල හිතුව.

මට මේ ගැන හොයන්න හිතුනෙ පහුගිය කාලෙ අර ප්‍රභා මල දාම අම්මට අසනීප වෙලා හදිසියෙ ලංකාවට ආ වෙලී නිතර දෙවේලෙ දැකපු එක සින්දුවක් නිසයි. ඇත්තටම රජවරුන්ට් මිස රජවරු කියාපු සින්දු නැද්ද?

බලං යනකොට අම්බානෙට තීනව. හැබැයි ඒ හැමෝම ඒ කාලෙ උන්න ඈයො නිසා හොඳයි. නැතිනං එක අතකට අයි ටී එන් එකේ ය්න්නෙ ම රජා ගයපුව විතරයි වෙනව ( දැං කියල වෙනසක් නෑ කියල කියන්න එපා - මං කිව්වෙ සින්දු ඉසක් වැල් බයිල ගැන නෙමෙයි ).

මට හිතෙන හැටියට ඔය රජුන්ගෙන් වැඩිපුරම සින්දු කියල තියෙන්නෙ වෙස්සන්තර රජා වෙන්න ඕන. මොනා උන්ත් මටනං එළම එක තමා දුටුගැමුණු කියාපු සින්දුව.

කොහොම හරි ඔය මට මතක් උන ලිස්ට් එකට ඵත තීනව. ඊට අමතරව රජවරු කියාපු සින්දු ( බයිලා නොවේ ) තීනවනං තම නැණ පමණින් ලියල ගියොත් මගේ ගානෙ ණයක් දෙනව නොගෙව පනින්න ( නෑ එක තාම දුන්නෙ නෑ. දෙසැම්බර් පාළහ වෙනකල් ගල් අහුලවලු ).

මේ තමයි වෙස්සන්තර රජා කියාපුව.

අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රී කුමාරි බඳී..( මේක බඳින දවසෙ උදේලු කුමාරය කිව්වෙ )\

වෙස්සන්තර බිසෝ නුඹව දන්දෙන්න බෑ……

මගේ මන්ද්රි නම් බිසෝගේ - යාඥාව වේය බෝ සේ...



මේක මිසිස් වෙස්සන්තරගෙන්...

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ..
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ..

සෙල්ලං නෑ, සිදුහත් කුමාරයත් එකක් කියලනෙ..

යශෝධරා...යශෝධරා...
සිතේ නැගුන කල කිරීම පෙර සිට..
ඔබ පමණ්යි දැන සිටියේ පෙර සිට..



මෙන්න මගේ ෆේවරිට්, දුටුගැමුණු ගයන,

ඔබේ නමින් සෑය බඳිමි, විමානයෙන් බසිනු මැණවි.....
සිවර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...


මේක ( කාලෙ ) ඝෝඨාභය කියපු එක,

සිරි සංඝබෝධි මාලිගාවෙදි මම් - දැක ප්රාටණ හානිවෙන්ට බැට දෙමි - අල්ලා, බන්දා, රැන්දා, බින්දා, උන්දෑ, කොන්දා, ලාමි මම්


මේ අල්ලපු රටේ සුල්තාන් රජෙක් කියාපු එකක්,

දැක්කොත් පද්මාවතී...ආලේ නොකරා බැරී...


වැද්දෙක් උනත් ඉතින් රජෙක් කියාපු එකක් තම මේත්,

මෑ වේ මා දුටු කොමළ ලියා...
දෙස බලනුය රජතුම, චිත්ත නොම වේය තුටු..


මේ අර මෝඩ සාලිය උන්දැ කියාපු එකක්,

අරිමි රජ සැපා මම ලක්දිව තී නිසා..
සොඳුරු ළඳේ..මියුරු කතේ..තී හැර අන්සැප නැතේ..

මේකත් මිනිහමයි...

අසෝක මල් මාල ගොතාලා..අසෝක මල් උඅයන වැදිලා...


තව ටිකක් මතක් උනත් මට හෙට අනිද්ද නිවාඩුවෙ කන් වහන් ඉන්න වෙන නිසා මුතු සම්භන්ධයි දාල කඩේ වහල ගෙදර යනව. දන්න ටික ලියමු, උත්තර සෙනසුරාදට...

LinkWithin

Related Posts with Thumbnails