Saturday, March 29, 2014

ඉඟුරු දී ගත්තු මිරිස් ..….. Putin’s bitch putting him down!

ලාංකීය ඉතිහාසයෙ මෙන්ම ජාත්‍යන්තරයේද ඉතා අවධානයට යොමු වූ  නඩුවක තීන්දුව දෙන දිනයයි.

පසුගිය දින බ්‍රිතාන්‍ය ලංකාවට ජිනීවාහීදි කල දෙයෙහි පළිය ගැනීමට ලැබුනු මෙම අනගි අවස්ථාව මඟ නොහරින බවට සියලු දේශ හිතෛශී ජනතාව තුල තිබූ විශ්වාසය නිසා ඔවුන් අලුක්කාල් කඩේ වටකොට කඳවුරු බැඳ සිටියහ.

උසාවිය තුල ප්‍රකාශ කෙරෙන මෙම තීන්දුව ජංගම දුරකථනයක් හරහා සන්නිවෙදනය කොට පිටත එක්වී සිටින දහස් සංක්‍යාත ආධාරකරුවන් වෙත සන්නිවේදනය කිරීමට පහසුකම් සලසා තිබින.

දීර්ඝ දේශනා, අවසන් වාද විවාද කෙළවර සියල්ලෝ බලාසිටි ඒ ඓතිහාසික මොහොත උදාවිය...

උසාවිය කොහොමත් නිෂ්ශබ්ධවමය..

තෝල්කයාගෙ හඬ ප්‍රතිරාව නැන්විනි.. …..”උසාවිය නිෂ්ශබ්ධ වෙනු..!

පිටත රතිඥ්ඥා වැල් භාරව සිටි කොල්ලන් තම සිගරට්ටු අතට ගත්හ.

කුඩා දරුවන් සමග සිටි මව්වරුන් දරුවන්ට දෙකන් වසා ගන්නට සිහි කලහ..

කුරාම් ශෙයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම සම්භන්ධයෙන් කිසිදු පිළිගත හැකි පරවේශනීය සාක්ශියක් හෝ, ඇසින් දුටු සාක්ශියක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බැවින් උක්ත ඝාතනය සඳහා මෙම නඩුවේ පළමු සැකකරු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු සෙසු සියලු සැකකරුවන් අද දින ඉහල කෝටුවේ රජු විසින් නිදොස් කොට නිදහස් කරණු ලැබේ…


ඩෝං...පටෝන්... ඩෝං...

රතිඥ්ඥා වල මහ හඬ පරයා නැගුනේ.."ජයවේවා...ජනාධිපතිතුමාට ජයවේවා...වීර නායකයාට ජයවේවා...සුද්දාට පාඩමක් ඉගැන්වූ අපේ නායකයාට ජයවේවා..." යන වචන පමණි...!

ඉන් පසු විනාඩි ගනනාවක් පැවති ඒ හඬ නිසා උසාවිය තුල සිදුවූ කිසිවක් පිටතට නෑසෙන්නට විය..

එන්ංගලන්තෙ විදේශ ලේකමුත් ලොක්කට කතා කරාලු..

සුද්දොන්ට හොඳ වැඩේ...

දැන් ඉතින් මිලිබෑන්ඩ්ලට වෙන්නෙ මිනී බෑන්ඩ් ගහන්න තමයි..

සිනා, සතුට උතුරන මුහුනු වලින් උදම් වැකි පිටවෙයි….

රතිඥ්ඥා දුම වියැකෙමින් තිබිනි...

බෙර සහ නැට්ටුවන් දෙපසින් වූ මාවත මැද මල් මාලා අතින් ගත් කඳ බඩ මහත කාළ වර්ණ යෝධයින් පිරිසක් සූදානම්ව සිටියේ වීරයා පිළිගැනීමටය..

දැඩි රැකවළ් මැදින් උසාවි බිම සිට පිටතට එන සම්පත් දැක ගනු රිසින් හිස් උස්සමින් අවට පිරිස් නොඉවසිලිවන්තවය..


ගේට්ටුව වසා තිබුනු යකඩ ෆ්‍රේම් මෑත් විය...

ඇස්ටීඇෆ් බටයින් දෙපසට වත්ම වේගයෙන් පිටතට ආවේ පොළිස් ජීප් රියකි.

අන්දමන්ද වූ මල්මාලා දැරුවන් "තොපෙ අම්මට..." කියමින් යන්තම් පැනගනිද්දී ඒ පසුපසම බන්ධනාගාර බස් රියද පැමිනුනි..

අන්න සම්ප බස් එකේ........”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒයි අන්න සම්ප කන්ඩෙම් දීල ආයි ගෙනල්ල...

පල හුxxනො යන්න...ලොක්ක ඌට රිලීස් එක දෙනව කිවායි කියල ඌ යන්න කලින් හැමෝටම බුරියානිත් දීලනෙ ගියෙ...

ඔව් ඉතින්….. රිලීස් එක දීල සුද්ද මැරුවට..

එහෙනං කන්ඩෙම් දීල තීන්නෙ අහවල් පxx??”

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කවුද තාත්තෙ ඊයෙ රෑ කතා කරපු ඔය තරන් ලොක්ක...

පට්ට වේx...අර ඔස්කාර්ගෙ කෙල්ල.... උඹවත් මල්ලිලගෙන් පරිස්සම් වෙලා හිටහන්... මේ වෙච්චි දේවල් පාඩමකට අරගෙන

කවුද ජී අංකල් ඔස්කාර් කියන්නෙ...

මම කොමිසමක් දාල හෙව්ව බබා ...ඒ රුසියන් ජනාධිපතිගෙ බැල්ලිගෙ පුතා….”

දඩ බඩාස්...

……………පිරිස වටවී නාමලෙන් පවන් සලයි................

මොකෙ පුතේ ඇයි එකපාර කලන්තෙ දැම්මෙ?”

තාත්තෙ...

ඔව්??”

මගෙ නඩුවක අද තීන්දුව...අර පරිසර සන්විධානෙ වෙනුවෙන් පෙනී හිටපු....”

ඉතින් අවුල මොකද්ද ...ඔයාට ජජ්ට කෝල් කරන්න අමතක උනාවත්ද..?”

තාත්ත මේ බම්බුවක් කියනවඒව ඉතින් ආයි කියන දෙයක්යැ.... !”

එහෙනං..???”

ඒ නඩුව අර තාරකා ඉබ්බො කාපු චීන්නු දෙනෙක්ට විරුද්ධව දාපු කේස් එකක්....

දඩ බඩාස්....

තාත්තෙ...තාත්තෙ...


සැහ්..සිකුරාදාවකටවත් හීනයක් බල බල නිදාගන්න දෙන්නෙ නෑනෙ අපේ කොල්ල...





Wednesday, March 19, 2014

නයි අරින්න බැරිද? My car, my petrol…. parking at your place..




ඇයි අපි බ්ලොග් ලියන්නෙ??

බලන්න කට්ටිය ඉන්න හින්දද, කට්ටිය බලල කමෙන්ට් එකරන හින්දද?

බලන අය ඒ ඔස්සෙ අත්දැකීම් බෙදාගෙන සංවාද විසංවාද ඇතිවෙන හින්දද?.

එහෙමත් නැත්තන් පොත් පත්තර බලල, ඒ වගේ තමන්ටත් ලියන්න, ලේඛකයෙක් වෙන්න ආසව තිබ්බත් අවස්ථාවන් නොතිබ්බ නිසාද!

එච්චරද.

තමන් පොරක් කියල පෙන්නන්න ඕන හින්ද, තමන්ගෙ හීන මානෙ වහගන්න, කෙල්ලෙක් සෙට් කරගන්න, ණයක් ගන්න, බිස්නස් වැඩිකරගන්න මේ වගේ ඕනම දෙයක් වෙන්න බැරිද..!

ඔය නොයෙක් හේතු නිසා ලියන හැමෝගෙම ඒ අභිමතාර්ථ ඉටුවෙන්වද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැ‍යි ඉතින් ඔය මොන හේතුවක් නිසා හරි ලියන තමන්ගෙ බ්ලොග් එකේ නයි අරින්න, තමන්ගෙ පුරාජේරු කියන්න බැරිද?

තාක්ෂනික කරුණු, නිව්ස් ලියන ලිපි, බ්ලොග් ගැන නෙමෙයි මම කියන්නෙ.

ඔය රසකතා, ඕපදූප හෝ පුද්ගලික කතන්දර අත්දැකීම් ලියන බ්ලොග් සටහන් වල නයි, නේම් ඩ්‍රොපින්, පුරාජේරු නැතිව ලියනව කියන්නෙ හරියට අර මනාල යුවළ ගැන සඳහන් නොකර මගුල් ගෙවල් ගැන කරන කතා බහ වගේ තමයි. බැරි නෑ, ඒත් රස නෑ!

තමන්ට අයිති තමන්ගෙ බ්ලොග් එකේ, තමන් ගැන නයෙක් හරි, ඇනකොන්ඩෙක් හරි යවන එක අනික් අය වැරදියි කියන්නෙ කොහොමද?

හැබැයි යම් කෙනෙක් දිගටම යවන්නෙ නයි විතරනම්, කරන්නෙ බ්ලොග් එකක් අටෝගෙන තමන්ගෙ ට්‍රම්පට් එක  තමන්ම ගහ ගහ පුරාජේරු කියවන එක විතරනම්, ඒකට කවුරුත් අකමැති වෙයිද!  ඒ බ්ලොග් එක නොබල කොන් කරල දායිද?

මගේ උත්තරය සෑම විටකම එහෙම නොවේ...කියන එක.

හොඳම උදා හරනෙ චානුකගෙ සිහි සටහන්.

චානුක වැඩිපුර ලිව්වෙ තමන් කොරපු ලොකු ලොකු වැඩ, ඇසුරු කල ලොක්කන්ගෙ විස්තර උනාට ඒව රසවත්ව ලිව්ව නිසා, සමහර කරුණු සංවාදාත්මක නිසා ඒ බ්ලොග් එකට කියවන්නො අඩු වුනේ නෑ. නේම් ඩ්‍රොපින් නිසා බරපතල විවේචන ආවෙත් නෑ.

ලියවන්නෙ තමන් දන්න පුද්ගලික අත්දැකීම් නම්, ලියන දේ බලන කියවන්නොත් ඉන්නවනම් එහෙනං ඔය ඉඳ හිට ඇහෙන හූවක් දෙකක් ගනන් නොගෙන, තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියල දන්න දේ ඕන කෙනෙක් ලිව්වම ඉවරයි.

බලන් උන් බලනව, එපා උන් අහක බලන් යනව. නැත්ත ජිප්සීස්ල කියන්න වගේ අහල දුවනව, පැනල දුවනව.. බැරිනං ගහල දුවනව

කෙන්ජි තමන් දන්න විදියට තමන්ගෙ අත්දැකීම් වලින්  වැල පත්තර ගහනව. වැඩේ අල්ලන්නෙ නැති නිසා  මම බලල සද්ද නැතුව එනව. කැමති උන් උඩ පැනල කමෙන්ට් කරනව.

මම කුඹුරත් කොටල, එලදෙනගෙ කිරිත්  දොවල, එලෝලු කොටුවෙ පලදාවත් නෙළන අතරෙ කුකුල් කොටුවකුත් කරන ගමන්  රබර් රොටි දෙකක් දාන ඉන්ගිරියෙ රබර් ගොවියෙක් වගේ. 

කෙන්ජි ලෝක රබර් වෙළඳපොල වගේ. මගේ රොටි දෙක නොදැම්ම කියල රබර් වෙළඳපොලේ බිස්නස් වැටෙන්නෙ නෑ වගේම ලෝකෙ රබර් මිල වැටුන කියල මට පාඩුවකුත් නෑ!

ඒ උනාට ලෝක වෙළඳපොලෙ රබර් වැටුනම මම වෙනුවෙන් අඬන සමහර මන්ත්‍රීවරු වගේ අහක ඉන්න සමහර මල්ලිල ලියන උන්ටයි, බලන උන්ටයි, නොබලන උන්ටයි ඔක්කොටොම තලනව!!

ඊළඟට ඒ අයම ගිහිල්ල පැරාට බනිනව සමාජවදී රටවල තෝර ගැනීමේ නිදහස නෑලු.

තෝරගන්න දුන්නම ඕන එක අරන් යනව විතරක් නෙමෙයි එපා එව්ව පොලේ ගහල කුඩු කරන්නත් බලනව!

එහෙන් මඩේ දාල මෙහෙන් හෝදනව.

හැබැයි බ්ලොග් කියන්නෙත් සමාජෙ අනික් අය එක්ක කරන ගණුදෙනුවෙම කොටසක් නිසා දුබලයො පහු බහිනව, විනාස වෙනව, ප්‍රභලයො ඉතුරුවෙනව. 


පලි,

මම උඩ දාල තීන පින්තූරෙ සමහරවිට ඇයි එතනට යොදා ගත්තෙ කියල කියල තිබ්බොත් සමහරුන්ට වඩා පහසුවෙයි කියල තේරුනා.

ඔය සමහරුන්ට අනුව බ්ලොග් සමහර බ්ලොග් ලියන්නො මඩේ ඉන්න හරක් වගේ, තමන් කිරි කොක්කු වගේ. ඒ උනාට ඒ අයට අමතකයි තමන් වහල ඉන්නෙ අර මඩේ ඉන්න හරක් මත්තෙ කියල සහ බඩේ තීන්නෙ මඩේ උන්නු කාවය්යො කියල. ඒ එක්කම උන්ට අමතකයි මඩේ ඉන්න හරකගෙ බඩේ තීන්නෙ ගොඩේ තිබ්බ තණකොල මිසක් මඩේ තිබ්බ කුණු නෙමෙයි කියල..

තව එකක්. මම ඇනෝනිමසිටි සංකල්පයට කැමති, ඇනෝලගෙ ගොඩක් සහයෝගය ලබපු කෙනෙක්. සහන්ගෙ සහ අභීතගෙ කේස් වලදි ඇනෝ බ්ලොග් කිය්වන්නො කීප දෙනෙක් පට්ට උදව් කලා. ඒ හින්ද මේක මාලන්ගෙ වගේ ඇනෝනිමස් එරෙහි කතාවක් නෙමෙයි, නයි අරිනවා, නයි කාරයෝ කියල සමහර ලියන්නො කියවන්නොන්ට ඇනෝනිමසිටි තිරෙන් වැහිල ගහන එකෙන් ලියන උන් අධෛර්‍යට පත්නොවෙන්න මගෙන් පොඩි තල්ලුවක් විතරයි!!

Saturday, March 15, 2014

අතුරුදන්වූ යානය ගැන ලොව කලඹන අනාවරණය. Breaking news – Missing Airplane Found in…



මෙන්න දැන් ලැබුනු විශේෂ වාර්ථාවක්.

පසුගිය දිනවල අතුරුදහන් වූ මැලේසියානු ජම්බෝ ජෙට් යානය මේ වනවිට සොයාගෙන තිබෙන අතර මෙම යානය සතියක් තුල සැඟව සිටි ස්ථානය සහ එයට හේතුව පැහැදිලි කිරීමේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් තව මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

හොඳයි අපි දැන් සම්භන්ධ වෙමු සඳ ලංකාවෙ කිඩාරම් පොකුණ ශාලාවේ මේ මොහොතේ ඇරඹෙන ඒ අති විශේෂ සාකච්ඡාවට.

මේ විශේෂ අවස්ථව වාර්ථාව සඳහා මැලේ ඇක්සිඩන්ට් සේවය වෙනුවෙන් අපගේ විශේෂ වාර්ථාකරු ඩේමියන් එහි ගොස් සිටිනවා.

ඔව් ඩේමියන් අපිට කියන්න පුලුවන්ද අලුත්ම තත්වය.

ස්තූතියි කෙන්ජි!

මේ වනවිටත් සඳලංකාවේ කැබිනට් ප්‍රකාෂක රඹලී කෙහෙල්වැල්ල මැතුතුමන් සහ පොමා මැතිතුමන් ඇතුලු සම්භාවනීය පිරිස මේ ස්ථානය පැමිණ සිටිනව. තව සුළු මොහොතකින් එළඹෙන සුභ මොහොතින් ඔවුන් මේ විශේෂ පණිවුඩය ලොවට කියන්නටයි බලාපොරොත්තු වන්නෙ. එහෙනම් අපි යමු ශාලාව ඇතුලතට.

රඹලි - ආයුබෝවන් මහත්වරුනි. ඔව් අපි ඉතාම සන්තෝසයි දැණුම් දෙන්න මේ නැතිවූ ගුවන් යානය මේ වනවිට සොයාගෙන තිබෙන බවත් එය සඳලංකාවෙ උත්තල ගුවන් තොටේ නවතා තිබෙන බවත් ඒ වගේම එහි සිටි මගීන් 239 දෙනාගෙන් 179 දෙනෙක්ම නිරුපද්‍රිතව සිටින බවත්, මේ වනවිට ඔවුන් සියළු දෙනා හම්බන්වැල්ලේ පීකෝක් හෝටලයෙහි පූර්ණ ආරක්ෂාව සහිතව සිටින බවත්.

පිරිසෙන් - සර් මට දැනගන්න පුලුවන්ද මේ ප්ලේන් එක එතනට අවෙ කොහොමද කියල.

රඹලි - ඔබතුමා මේ වෑගි වැදගත් සාක්ච්ඡාවක මීට වඩා හිතල බලල ප්‍රශ්ණ අහන්න. මේ ප්ලේන් එක පියාඹගෙන අහසින් මිසක් පීනගෙන ගොඩබිමින් එන්නෙ නෑනෙන් නේද?

BBC – Mr. Minister, who brought this plane to Uttala Air Port?

රඹලි - it was pilot and co pilot

දිණමින ( නලින් අතැති කොලයක් කියවයි ) -

ගරු ඇමතිතුමනි, මම අහන්න කැමතියි ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද කියල ඇයි මේ යානය උත්තල ගුවන්තොටටම ගෙන ආවේ කියන කාරනය?

රඹලි - ඉතාම වැදගත් ප්‍රශ්ණයක්. ඇත්තම මේ යානය අතුරුදහන් වුන වෙලාවෙ අතිගරු ජනාධිපති තුමන් විසින් ගරු විදේශ ඇමතිතුමන්ට උපදෙස් දීල තිබ්බ ගරු ආරක්ෂක ලේකම් තුමන් හා සාකච්ඡා කරල මේ ගැන කොමිසමක් පත් කරන්න කියල සඳ ලංකාවෙ මිත්‍ර රාජ්‍යකට කරන්න පුලුවන් උදව්ව මොකක්ද කියල හොයල බලන්න.

ඒ අනුව පත් කල කොමිසමෙන් ගරු ආරක්ෂක ලේකම් තුමාට දුන්න රහසිගත වාර්ථාවකට අනුව අවි නොගත් මුජහිදීන් ත්‍රස්ථවාදීන් පිරිසක් මේ යානය තමන්ගෙ පාලනට ගෙන ඇති බව දැන ගන්නට ලැබුන. ඒ එක්කම එය සෝමාලියාව වෙත ගෙනයාමේ සහ පසුව විශාල මුදලක් කප්පම් ලෙස ගෙන මෙය නිදහස් කිරීමේ අදහසක් ඇති බවත් අපිට වාර්ථා උනා. මේ බව දැනගත් වහාම ගරු ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් තුමන්ට අණ දුන්න අපේ විශේෂ රුන්නාලන්නා ආරක්ෂක සමාගමේ භට පිරිසක් සහ යානාවන් කිහිපයක් යවා මේ යානය මුදවාගන්න ලෙසට.

ඒ අනුව බ්‍රිගේඩිය සිල්වා සහ පෙරේරා මහතුන් එක්ව කල සැළසුමකට අනුව කර්ණල් පුන්චිබන්ඩා සහ කර්නල් ගුණවර්ධන මහත්වරුන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කොට ඒ යානය තමන්ගෙ පාළනයට නතු කරගෙන පසුව උත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නිරුපද්‍රිතව ගෙනැවිත් තිබෙනව.

අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ මහා මාණුෂික මෙහෙයුමේදී කිසිම ජීවිත හානියක් සිදුනොවුන බවටත් ඒ ත්‍රස්තයින් සහ ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිරුපද්‍රිතව උත්තලට ලඟා වූ බවත්.

ලක්බිම - ගරු ඇමතිතුමනි, දැන් කෝ එක තර්ස්ථවාදීන් පිරිස?

ඒ ගැන අපේ පොමා තුමා පැහැදිලි කරයි.

පොමා -

එහේ සිටි විදේශිකයින් සියලු දෙනාම ත්‍රස්ථයින් හැටියට බුද්ධි අංශ හඳුනාගෙන ඇති අතර ඒ සියළු දෙනාම තුංකම පොළිසිය විසින් අත්අඩංගුවට අරන් තිබෙනව. පසුව කල ප්‍රශ්ණ කිරීම් වලදි දැනගන්නට ලැබුන ඔවුන් විසින් මීට පෙර සඳලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට පැමිණ අනාගත ප්‍රහාරයක් සඳහා අවශ්‍ය ආයුධ තැන් තැන් වල සඟවා ඇති බව. මෙහිදී එම ආයුධ පෙන්වන්නට පක්කරෙයිවත්තු, හික්කඩුව සහ බලපිටිය මාදුගඟෙ දූපතක් වෙත හෙට දිනයේදී ගෙන යාමට බලාපොරොත්තුවෙනව.

මාධ්‍යවේදියෙක් - ගරු පොමා තුමා, ඔබ විදේශිකයින් සියලු දෙනම ත්‍රස්ථයින් යනුවෙන් පැවසුවා. අපි දන්න පරිදි එහි ලාංකිකයින් සිටියෙ නෑ. ඒ නිසා ඒ ප්‍රකාෂයෙ පොඩි පරස්පරයක් තියෙනව නේද??

රඹලි - එතනදි විදේශිකයන් කියල අදහස් කලේ චින ජාතිකයින් නොවන්නන් කියන එකයි!!!

දර්ශණය - පිරිස කලබල කරමින් ප්‍රශ්ණ අසයි..කිසිවක් පැහැදිලි නැත.

ඩේමියන් - කෙන්ජි, මේවන විට මෙහි තත්වය තරමක් උණුසුම් වීගෙන එනව..

දර්ශණය - රඹලි සහ පොමා ඇතුලු පිරිස යමක් කියනු පෙනෙයි. කිසිවක් පැහැදිලි නැත. රඹලි සහ පිරිස නැගිට යයි.

ඩේමියන් - ඔව් කෙන්ජි ඒ විශේෂ පුවත් සාක්ච්ඡාව මින් අවසන් වෙනවා.

කෙන්ජි - ස්තූතියි ඩෙමියන්... මිත්‍රවරුනි දැන් ඔබට පැහැදිලි ඇති.. බ්ලා. බ්ලා බ්ලා....

-------------------------------------------------------------------------------------------------------

මේ අතර තවත් තැනක සිදුවූ රහසිගත සතරකන් සාක්ච්ඡාවක් ( මෙය උපශාන්ත බ්ලොගයේ විශේෂ අනාවරණයකි ).

ලේකම් - සර්, මමනං හිතන්නෙ අපි මේ අහක යන කුණුගොඩක් ඔළුව්දාගත්ත කියල සර්.

මෙරායා - තමුසෙට පිස්සුද ඕයි. දැන් බලනව, ලෝකෙම කතාවෙන්නෙ උත්තල එයාර්පෝට් එකයි ඒකෙ තීන ප්ලේන් එකයි ගැනයි, අර උස්සන් ආපු චීන්නු කකා බිබී හිටපු රඟේ ගැනයි, ඒකෙ තීන නවීන පහසුකම් ගැනයි.

යකෝ මැස්සොයි මොණරුයි විතරක් ආව බල්ලෙක්ක්වත් ගොඩ නොබාපු එයර්පෝට් එක බලහන් දැන් කොච්චර ජනප්‍රියද කියල. කෝටි ගානක් දුන්නත් එක රැයින් ඕක ඔහොම ජනප්‍රිය කරන්න පුලුවන්ද? දැන් ඉතින් ඕකෙ වරුණාව දැකල හෙට අනිද්ද ඉඳන් උත්තලට ප්ලේන් එන්නෙ පෝළිමට. එතකොට චන්දෙත් දිනුං, ණයත් ගෙව්වෑකි.. හැක් හැක්.. හැක් හැක්

ලේකම් - අම්මප සර්ගෙ මොලේ තමයි මොලේ. කොයි වෙලාවෙද බොස් ඔහොම අදහස් හිතෙන්නෙ?

මෙරායා - උඹ මේ මගුලක් කතා කරනව. ණය වාරිකේ පරක්කු වෙනව කිව්වම චීනම තමයි අයිඩියා එක දීල, පස්සෙ උන්ගෙ සෙට් එකක් දාල ප්ලේන් එකත් උස්සල මෙහෙ ගෙනත් බෑවෙ. නැත්තන් අරුන් කොරයි ලබ්බක්...

ප/ලි.

මෙහෙම දෙයක් වී හෝ වෙන මොන ප්‍රාතිහාර්යකින් හෝ ඒ ගුවන්යානයෙ සිටින අසරණයින්ට නිරුපද්‍රිතව සිය ගේ දොර කරා යාහැකි වේවායි පතමි! 

ප/ප/ලි.

සමහර පාඨක අදහස් සලකා කතාව යම් වෙනස් කිරීමකට භාජනය කරන ලදි.


LinkWithin

Related Posts with Thumbnails