Wednesday, June 16, 2010
දෙන්නගෙම කටේ පිට්ටු....
මේ කතාව මතක් උනේ කතන්දර ගුරුතුමාට උන අබග්ගය දැකපු වෙලාවෙ.
ආයිත් ඉතින් ට්‍රැක් පැනල කියන්න හිටි එක නැතුව වෙන එකක් තමයි මේ කියන්නෙ.
එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ.
දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව.
ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා.
මේ අව් අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි.
ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ!
පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන්
" මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි"
කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා.
වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල.
දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ!
හොඳටම තරහ ගිය ගමය
" ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ"
එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා.
හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ
" දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි "
කියල ලියපු තව තුන්ඩුවක් තීනව.
Subscribe to:
Post Comments (Atom)
ha haa :D
ReplyDelete:D :D :D :D
ReplyDeleteබිපෙසි
ReplyDeleteඉන්දික කොල්ලටම වෙච්ච දෙයක්ද මන්දා...හික්ස්෴
ReplyDeleteහාමිනේ පරාද උන්නෑ එහෙනං. නියමයි.
ReplyDeleteඑතකොට උඹ ඒ වැඩේ වෙන දවසක කර ගත්තද . . ?
ReplyDeleteඒ සීන් එකට කතා කරපු පාර ආපහු යාළු වුනාද ?
ගමයෙක්ගේ එකවුන්ට් එකට දාලා කියන්න හැදුවට අපිට තේරුනා කාටද මේක වුනේ කියල . .. හික් හික්
මේ උඹ අර කියපු ෆිල්ම් එක මම ඊයේ රෑම බැලුවා හොඳේ . . පට්ට ස්ටොරි එක නේද . . .
ReplyDeleteඒක බලපු එකෙන් වෙනමම පෝස්ට් එකක් ලියන්න දේවලුත් සිද්ද වුනා .දන්නවනේ ඉතිං ගෑනු කස්ටියගේ කටවල් . . හික්ස්
@දුකා,
ReplyDeleteඒ ෆිල්ම් එක අපිටත් කිව්වනම්....
(මූටත් ඕනේ නැති දෙයක් නෑනේ...)
@ වැම්පයර්,
ReplyDelete@ Ano,
@ Hasitha ,
හිනාවෙලා විතරක් හරියන්නෙ නෑ බොලව්, මේව පාඩමකට ගනිල්ල...
@ චමිදේවා
ReplyDeleteඋඹ කොහොමෙයි කොලුවො හරියටම දැනගත්තෙ... මං මීට කලියෙන් මේක කිව්වෙ අර මගේ...උන්දැට විතරමනෙ....
@ දුකා,
ReplyDelete@ දුකා,
ඔන්න ඉතින් බලහං, බොලාට කෑවනං බිව්වනං කට පියන් ඉඳල යන්න දන්නෙ නැති හැටි. ඔහොම ආවොත් නං පුතෝ ඉතින් ඉතුරු හොඳ හොඳ ඒව දාන්න ආයි හිතන්න වෙයි වගේ...
මේ...අර ෆිල්ම් එකේ මුල ටික කොහොමද?...උඹේ අර නොපායපු හිරු වගේම නේද? ඕක අපි හැමෝගෙම කතාව මචං!
මට උඹේ කතාව කියවන්න ලැබුනෙ ඒක නොකියවියයුතුම වෙලාවක, ඒ ඇයි කියල කියන්නං. මං number ඒක් mail කලා අර උඹේ profile එකේ තිබුන address එකට.sms එකක් දාහන් විස්තර කතා කරන්න.
හුහ්.. කාලා බීලා කටපියාගෙන ඉන්න..?? ඇයි අපි ඔටුවොද..?? අපට ඒ ෆිල්ම් තහනංද..?? දාන්නයි කිවුවෙ වහාම ෆිල්ම් එකේ ලින්ක් එක..
ReplyDeleteමං හිතන්නේ ඉන්දික ගේ මුළු නම -ඉන්දික උපශාන්ත ගමගේ...!!!
ReplyDeleteඒ කතාවටනං බි.පෙ.සි ලොක්ක.
ReplyDeleteහැබැයි ඒ තර්කෙට අනුව මං ඇත්තටම ලියන්න ඔනේනං යුද්ධ කතා විතරයි බැලුවම.
@ Aall,
ReplyDeleteමං මේ film එක බැලුවෙ DVD එකකින්. ඉතින් ඩවුන්ලෝඩ් ලින්ක් ගෑන නම් දන්නෙ නෑ, පොඩ්ඩක් හෙව්වොත් ලැබෙය.ි
මෙන්න මෙහෙමයි "විකියෙ" මෙ ගැන කියල තීන්නෙ,
"It is quite natural for students to get autographs on the last day of their school and college life. But how many of them flip through the autograph book and rewind their memories in the later stages of their life. Autograph, a film, is one such attempt made by director Cheran to rewind the memories of his early childhood and youthful days with spotlight on his romantic escapades. Interestingly with no cinematic touches, Autograph is sure to delight one and all to recall their memories and enjoy the past."
ඉතින් අර "දුකා" ගෙ "එපා හිරු පායන්න මගෙ ලොවට" බලල
විඳපු අයට මේකත් බලන්න කියල මං ආරාධනා කරනව.