Sunday, September 22, 2013

ඡන්ද පද බැන්ද කද කවි Best cheaters and stupid losers


ඒ ඡන්දෙත් ආව ගියා. කය්යියක් පද බදින්න කියල ඉවාන් කියන අස්සෙ නලින් ලොක්ක බටර් කාලක් ගාල ගිහින් තිබ්බ. ඉතින් බටර් ටික මුඩු වෙන්න කලින් දුන්න පොඩි ට්‍රයක්!


විළිලා විළිලා උතුරට හදලා දුන්නයි පලාගෙ             චන්දේ
දුවලා දුවලා පාරට දමලා දුන්නයි බැසියගෙ               සද්දේ
හිතලා බලලා හරියට ගහලා දැම්මයි දෙමළගෙ         මැද්දේ
කෙළලා කෙළලා සුම්මට දෙමළා දින්නයි අම්මගෙ රෙද්දේ

බෙදලා බෙදලා හරියට දුන්නයි ජොනියගෙ අරක්කු   සද්දේ
අඬලා අඬලා හෙමිහිට දැම්මයි සිරියගෙ පරක්කු        සද්දේ
රැකලා රැකලා හරියට ගස්සයි ෆොනියගෙ තුවක්කු     සද්දේ
කෙලලා කෙලලා දයාට වැටුනයි බැල්ලිගෙ හුචක්කු  ඡන්දේ

කියලා කියලා දුන්නට ඇහුවද අනුරගෙ අමිහිරි          නාදේ
වහලා වහලා දැම්මට මැනවද ඔහෙලගෙ බැරි බැරි      වාදේ
අඬලා දොඩලා මක්කට දෙනවද වස්සගෙ බෑඟිරි        නාදේ
හිතල බලලා අහකට යනවද ජෙප්පගෙ බැරි බැරි      උන්දේ

Friday, September 6, 2013

බණ තලන ක්‍රමය! සැයු; නාන සාර බලකායට සහ අසපු රූ සපු ගණට අදාල නොවේ.

අද බණ ඇසීමත් බණ දෙසීමත් අන් කවර කලෙකටත් වඩා ෆැන්සි වී ඇති යුගයකි. එහෙව් කලෙක කාලීන බණ අසන්නෙක් ගැන අපේ සුප්‍රසිද්ධ උඩුරාවණ මැතිඳුන් මුල් කොට ගෙතූ ප්‍රභන්ධයකි. මෙහි ඇති රසවත් බවත්, තියුණු උත්ප්‍රාසය සහ කාලීන බවත් සලකා බහුජන හිත සුව පිනිස මේලයකින් මහට ලැබුන මෙය මෙහි පල කලෙමු.

පසුව පාඨකයන්ගෙන් දැනගත් පරිදි මෙම ලිපිය ලියා ඇත්තේ චන්ද්‍ර අනගිරත්න නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා බව දැනගතිමි. එතුමන්ට අපේ උපහාරය!


                                                               පින්තූරය මෙතනින්


හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිසකැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක 
මහත්තයට ප්රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

හාමුදුරුවෝ - ප්රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ 
කියනකොට වාක්යයෙන් වාක්යයට එහෙමයිහාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.


හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ 
ධර්මයෙන් යුතුව රාජ් කළා.


වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.


උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා


හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙක්...


උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?


හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ


උඩුරාවන -  කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?


හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ


හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.


උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?


හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයිකියන එකයිඔච්චර විස්තර දන 
ගන්න ඕන නෑඇයි උපාසක මහත්තයඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්රහ්මදත්ත ?


උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් 
නුවර බ්රහ්මදත්ත කියල තමා කියවෙන්නේමංඅහන්නේ දැන් කියපු බ්රහ්මදත්ත කී වැනි 
බ්රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයිමොකද කියනවනම් ඔය හැම බ්රහ්මදත්ත රජ්ජුරුවෝම 
ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .


හාමුදුරුවෝ - මං මේ කියන බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් 
බිසෝවරු.

උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනිඅසල සිටි උපාසක මහත්වරු උඩුරාවන 
පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින්බ්රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)


හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?


උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?


හාමුදුරුවෝ -  කාලේ එහෙම තමයි


උඩුරාවන - සංඛ් ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති 
රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවාමිසක්.

හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ


උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?


හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්යතාවයක් තිබ්බේ නෑ  කාලේ.


උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ


හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.


උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකාබිසව කියල හොඳ ගැනියෙක්ද ?


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...


උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ 
බ්රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක්පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා 
මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?


හාමුදුරුවෝ -  උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.


උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ 
කරන්න නැත්නම් මොකටද  මගුල?


හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.


උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?


හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .


උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනුඑතකොට හාමුදුරුවනේ එහෙම ලස්සනගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ 
අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?


හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .


උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා
බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.


හාමුදුරුවෝ - දැන් අපි බණ.


උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?


හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .


උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්රහ්මදත්ත රජ්ජුරුවන්ට 
වේලාවක් තිබුනද රට පාලනය කරන්න?


හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.


උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් 
රජ කළා කියල.


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්රති උත්තර දෙන්න 
විතරයිනැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ.මොකක්ද මේ කරන විකාරය?


උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ 
ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්නවෙලාවක් තිබුන කියල මං කොහොමද 
එකඟ වෙන්නේ.


හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ?
 කාලෙන් කාලෙට අඩු වැඩි ....


හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය 
තියන්නේ නෑඇහුණද ?

උඩුරාවන - (ශබ්ද නගාඑහෙයි හාමුදුරුවනේ



ප/ලි

අන්තර්ජාලයෙ සොයා බලන විට මීට පෙර මෙන්න මේ අඩවියේ පමණක් පලවී තිබුඅනද එකම කමෙන්ටුවක් නොතිබුනු නිසා යලි පලකරන්නට සිතුවෙමු. රචකයාට අපේ උපාහරය!


ප/ප/ලි

II පරාක්‍රමබාහු රජ ක්‍රි;ව 1266 වැන්නේදී දඹදෙනිය විජයසුන්දරාරමයේ පැවති සංඝ සම්මේලනයේ සහ සංඝ සංශෝධනයේදී එහි මූලිකත්වය ගත් දිඹුලාගල මේධංකර මාහිමියන් ප්‍රමුඛ මහ සඟ ඝන විසින් "උපාසක උපාසිකාවන්ට "ගුණ සාගරය, දාණ පතිය ආදී වශයෙන් පොළඹවා ප්‍රත්‍යාලාභ සඳහා ගිහියන්ට ශ්ලෝක ආදිය බැඳීම, උපන් රෝගයට යකුන් කෙළවීම, බලි තිබීම ආදිය බික්ශූන්ට තහනම් කොට ව්‍යවස්ථා පැනැවීය"

- කතිකාවත් සඟරා 15,17 සහ අපේ සංස්කෘතික උරුම - ප්‍රකාශනය සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්යංශය - පිට 157.  

LinkWithin

Related Posts with Thumbnails