Friday, January 24, 2014

මා නොතලන් බොරු කියා...!

බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා මාතලන් විසින් මට අභියෝගයක කර ඇත. ඒ මා උගේ පෝස්ට් කටුවේ දමා ඇති බලාගාර රිපෝර්ට් එක ටැක්නිකලි වැරදියැයි කියාවියි කියනු ඇති බවත් එනිසා පරෙස්සම් වනු බවත්ය.

එම්බා කෙළ තොල්ල. තා කෙදිනක මා හා සටනට වැද ජයගම්ද මෙවන් සුරු හරු කම් ගැන කතා කොටැ?
මා ඉපදී ඇත්තේම බ්ලොග් ලොව වසුරු සුරු වෙන්කොටැ, දුහනන්ගේ ඇස්පෑදීමේ වරම් ලත් සඳුන් ගැටැය අතැතිවයැ. ඒවන් කලෙක නුඹ මේ මුසා දොඩමින් වැදූවන් ඉදිරියෙහි කොළොම්බු ලන්නා සේ බාල වැඩ කරන්නේ කිම්ද?

ඉදින්, සකල ගජ චක්‍ර මර්ධන භාස්වර කේශර සිංහ වික්‍රමයෙන් යුත් මේ උපශාන්ත තෙමේ, රඹ වනෙයට වැදි අසිතයකු මහා රඹ තුරු සිය තියුණු අසිපතින් හෙලා දමන්නාක් සේ අද තොප විසින් කරන්නට යෙදුනු මේ දුර්මථයන්  දියෙන් ක්ශීරය වෙන්කරන්නා සේ හැර පියාලනු බලව.

තාප බලාගාරන්ම් වුයේ,

මේ නම් ව්ජ්ජුලතාවන්ගෙන් නොහැකිවූ විදුලිය අප මහා රජුන් සහ රාජිනියන් වහන්සේලා විසින් ස්වකීය උත්කෘෂ්ඨ ඥානය මෙහෙයවා යන්ත්‍රයෙන්ම කරවන්නට තැනු යමෙක් වෙයි.
මෙයටැ "තාප බලාගාර" නම් දෙන්නට හේතු විමසන්නට පළමු එහි විදුළි පුඟු නගන්නාවූ මහා යන්ත්‍රයා පිලිබඳ අර්ථ විභාග කොටැ දිය යුතුයැ.

නගර මැද, බොහෝ අවශේශ ජනී ජනයා මැද පිහිටුවා, උනුන්ගේ කරදරයෙන්ද කරච්චලයෙන්ද මිදෙනු වස් හතර වටින්ම “තාප්ප” ගසා කොටු කර ඇති හෙයින්ද, මෙහි ඇති, එදවස අප මහරජෝත්තමයනන් වූ රාවණා නිරිඳුන් සිය ගමණා ගමනයට සහ දඬු මොණරයට ලූවා වූ අද තෙපි "එයාර් කූලින්" නොහෝත් වායුවෙන්ම සිසිල් කරන මහා යන්ත්‍රයෙකින් විදුළි පුඟු සේ පිට වෙන්නා වූ මහාර ඌෂ්න වායු ධාරා ඇති හෙයින්ද මේවා "තාප බලාගාර" නම් වේ.

තවද වායුවෙන් සිසිල් කරන මහා යන්ත්‍රයන්ට අවැසි සුළං හොඳින් හමනා කැළනි ගං තෙර සහ නොරොච්චෝලේ මේවා පිහිටුවා ඇත්තේ අප නිරිඳුන් සතු තුන්කල් දැක්මේ වාසනා මහිමයෙන්මයැ. එකල්හි මේ බලාගාරයන් මෙයින් හරවා ගොස් දිය යටැ හෝ වැසි අධික නියම් ගම්හි තනවන්නට තතනනුයේ මාතලන් යැයි කියා ගන්න හොර දෙටුවාගේ රටට වින කැටීමේ හිසින් හා, අර්ථ චර්යාවෙහි ක්ෂීන වූ මහත් ගුණමකුවූ අමන්ත්‍රී සිතින් යැයි පැහැදිලි නැත්තෝ කවරහුද?


ජල විදුලි බලාගාර.

තාප්පයෙන් වටැවූ බලාගාර තාප බලාගාර වන්නේම, ජලයෙන් වටැවූ බලාගාර ජල විදුලි බලාගාර වන්නේමයැ.

මෙහි වැළිත් ජලය කුමට ලන්නේදැයි නොදන්නා දුහුනන් හට මෙසේ පැහැද්ලි කරවම්හ.

අප යනෙන මහා මොටරථයන්හි ඇංජිමට මඟ උණුසුමින් මිදී සුවයෙන් සිය කාර්‍යය කරන්නේ වස් තෙළ වන්නාවූ රෑඩියේටරය නම් උපකරනයේහි ඇනය හැරපියා පිරිසිදු අඹ ලන්නේ කෙසී වීද එසේම මේ මහා විදුළි පුඟු නගන්නාවූ යන්ත්‍ර රාජයාටද සිසිළස අවැසි දිය තෙල වන්නාවූ මහා තඩාගයෙහි ලන්නාවූය. ඉදින් ඒ හෙයින් දියෙන් සිසිල් වන්නවූ, නො එසේනම් "වෝටර් කූල්න්සිස්ටම්" ඇත්තාවූ එම බලාගාර "ජල විදුළි බලාගාර" වන්නේ වියැ.

ඉදින් මතුද තෙපි සිත්හි කිසිත් ශංකා වේ නම් මා පුත මෙහි පහත කොටුවෙහි කොටා යන්නේ, මා ඉසිඹු ලූ සැනින් නිසි ලෙස අර්ථය හැර පියා ගන්නට උදව් වන්නේමය.

Thursday, January 16, 2014

විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය!



SilentSahan ගේ  බ්ලොග් එකේ සදහන් වැරදි ප්‍රකාශ වලට මම යොමුකරන ලද කරුණු වලට ඔහුගේ අපහාස සහ නොගැලපෙන පිළිතුරු නිසා ඒවා කියවන්නෙක් හට තේරුම් ගැනීම පහසු නොවේ.

මෙම ලිපියේ අරමුණ ඒ සියලු කරුණු සවිස්තරාත්මකව පෙන්වා දීමයි. මෙහි තාක්ෂණික කරුණු ඇසුරෙන් ඔහුගේ ප්‍රෝඩාව පෙන්වීමක් වන නමුත් තාක්ෂණික දැනුමක් නැත්තෙකුට උනත් තේරුම් යන පරිදි මම ඉදිරිපත් කරමි.

වෙනත් බ්ලොයක බ්ලොග් රෝලේ දකින ලද "ප්‍රහාරක ජෙට් නියමුවන් පුහුණු කිරීම" නම් මාතෘකාව දැක අහම්බෙන් මම එදිනෙදා ජීවිතය නම් බ්ලොග් එකට ඇතුල්වෙන ලදී. එහි මාතෘකාවට අදාළ කිසිවක් නොතිබුණු නමුත් සරල භෞතික විද්‍යා කරුණු කිහිපයක් සමග ගුවන් යානා ගමන්කරන ආකාරය විස්තර කර වැඩි විස්තර පසුවට ලෙස සඳහන් කර තිබුණි

මෙතනින් ගොස් අවශ්‍ය නම් එය කියවන්න
ඔහු මා සමග ප්‍රශ්න ඇතිකරගන්නා ලද පළමු ලිපිය මෙය වේ.



එම ලිපියේ සඳහන් කරුණු වලින්  දෙකක් හැර අනෙක් කරුණු වල වරදක් නැත.

ඉන් මම එම ලිපියේ කමෙන්ට් මගින් පෙන්වාදුන්නේ G Force යන දෙය හදුන්වාදීම වැරදි බව පමණි. අනෙක් කරුණ දැක්කේ දැන් වන අතර එය මේ සිද්දියට අදාළ නොවන නිසා එය දැන් සදහන් නොකරමි. 

G Force යන්න සහන් හදුන්වාදුන්නේ මෙසේය

"G force  යනු කේන්ද්‍රාපසාරි බලය  සේම පෘතුවි පෘෂ්ඨයෙන් ඉවතට යන විට වස්තුවක් මත ගොඩ නැගෙන බලයයි"

එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය වේ. G force යනු කුමක්ද කියා සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කරනවා නම් විස්තර කල හැක්කේ මෙසේය.

G force  යනු  ප්‍රවේගය(සරලව වේගය කියා හිතන්න) වෙනස්වන වස්තුවක් මත සිටින්නෙකුට දැනෙන බලයක් වේ.

G force යනු භෞතික විද්‍යාවේ පවතින සංකල්පයක් වේ එය හිතුමතේ සඳහන් කිරීම කෙනෙක් මුලාවේ දැමීමකි. එවැනි දේ සිදු නොවිය යුතුය. වැරදිය සඳහන් කල දෙය පසුවට ලිපි එකක් නොව 100 ලියුවත් වැරදිය.

මම වරද පෙන්වූ විට සඳහන් කලේ සරලව ලිවිය යුතු නිසා එසේ කල බව ගම්‍ය වන ප්‍රකාශ වේ. එසේම පොන්නයා, හරකා, බුරුවා වැනි අපහාස කිරීම් ය ඒවා නිර්නාමිකයන් දැම්මා නම් ඒවා ඉවත් නොකිරීමෙන් පෙනෙන්නේ ඔහු එය අනුමත කල බවයි. වැරදියට සඳහන් කල කරුණ නිවැරදි නොකර වෙන මොන තර්ක දම්මාත් වැඩක් නැත.

මෙතනින් ගොස් බලන්න

දෙවනියට ඔහුට වැරදි පෙන්වා මම අපහාස වින්දේ අභ්‍යාවකාශගත කිරීමටනියමිත චන්ද්‍රිකාවක් බලන්න කැමතිද නම් ලිපියේදී වේ.

මෙහිදී සහන් පොස්ට් එකේ දැක්වෙන පින්තුර වලින් නා ගත්තා නේ. ඒවා පැහැදිලිවම විනිවිදගෙ මෙන්න මේ බ්ලොග් එකේ කථා කරා.

මම කියන නාගැනීම වුනේ විචාරක මහතා මතු කල කමෙන්ට් එකක ඔහු අසන ලද ප්‍රශ්නයක් සඳහා සහන් දුන් පිළිතුරක් නිසා. එතන සහන් කියනවා "සෝලර් පැනල් වල මුළු අවුට් එක ඇම්පියර් 200 විතර තියෙනවා මේ චන්ද්‍රිකාවේ" ලෙස.

 එම ප්‍රකාශයේ වරද මුලින්ම සැක කලේ විදුරැ වීරසිංහ. ඔහු ප්‍රශ්න කලේ නැහැ වැඩිය සහ අපහාස එන විට ඔහු මාරු වුනා. සහන් එතන කියපු බොරුව නිවැරදි කරගන්න තමයි මාත් එකක් එම පොස්ට් එකේ කමෙන්ට් වල වාද කලේ.

ඔහු වෙනත් තර්ක දමා වාදය එක එක දිශාවලට හරවපු නිසා තාක්ෂණික දැනුම අඩු කෙනෙකුට නිගමනයක් කරන්න බැහැ. එක නිසා මම සරලව විස්තර කරන්නම්.

සහන් මෙම පොස්ට් එකට කරුණු ගත්තේ WNISAT-1 නම් චන්දිකාව මගිනි.


එහි පවතින සුර්ය කෝෂ වල මුළු ක්ෂමතාවය 12.6W වේ. එනම් කුඩා  අගයකි. මෙවැනි ක්ෂමතාවයක් සහිත සුර්ය කෝෂ මගින් ඇම්පියර් 200 ධාරාවක් ගන්නවා කියන්නේ නම් ඔහු ඉලෙක්ටෝනික් පිළිඹඳ මුලික දැනුමක් රහිත පුද්ගලයෙකි.

ඔහු මෙවැනි ලොකු ධාරා ගැන හිතුවේ වෙන උපකල්පන හිතුවේ මෙම චන්ද්‍රිකාව ගමන්කරන කක්ෂය ගැන අවබෝධයක් නැති නිසා වේ. ඔහු හිතනවා මෙය භූ ස්ථාවර් සන්නිවේදන චන්ද්‍රිකාවක් මෙන් කිලෝමීටර් 35000 පමණ උඩින් යන එකක් කියා. එසේම ඔහු උපකල්පනය කරනවා සාමාන්‍ය ගෘහස්ත චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනා වගේ කුඩා ඇන්ටනා සමග සම්බන්ද වෙන උපකරණයක් කියා. 

ගෙවල්වල ඇති සාමාන්‍ය ගෘහස්ත චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනාවකට  කිලෝමීටර් 35000 උඩ ඉඳලා සංඥා එවන්න නම් ලොකු ක්ෂමතා(සහන් හිතන තරම් නොවේ) අවශ්‍ය නිසා ලොකු ධාරා අවශ්‍යයි. නමුත් මෙය පොලවට වඩා කිලෝමීටර් 600 උඩින් ගමන් කරන චන්ද්‍රිකාවක්. මෙය සම්බන්ද වන්නේ විශේෂිතව සකස්කරන ලද ඇන්ටනා සමග මිසක් ගෙවල්වල තියෙන සෙන්ටිමීටර් 30 -40 ප්‍රමාණයේ  චන්ද්‍රිකා රුපවාහිනී ඇන්ටනා සමග නොවේ එබැවින් මෙය කියා කිරීමට ලොකු ධාරා අවශ්‍ය නොවේ. මෙම චන්ද්‍රිකාවේ රූපවල දැක්වෙන කුඩා සුර්ය කෝෂ පද්දතිය එයට සාක්ෂි දරන අතර එම අගයන් එය නිෂ්පාදනය කරන ලද ආයතනයේ වෙබ් අඩවියේ පෙන්වයි.

මෙසේ පැහැදිලිව තියෙන දේ තමන් මුලින් වැරදියට කියපු නිසා සහන් බොරුව නිවැරදි කරන්න 1000 ක් බොරු ගොතයි. සහන්ගේ එම ව්‍යායාමය එම ලිපියේ මට පිළිතුරු ලෙස දුන් ඔහුගේ කමෙන්ට් වලින් පැහැදිලි වේ.

ඉහත චන්ද්‍රිකාව ගමන්ගන්නේ කිලෝමීටර් 600 උඩින් වන අතර එම චන්ද්‍රිකාව උතුරු ධ්‍රැව අයිස් පැතිරීම නිරීක්ෂණය කරන අඩු වියදම් චන්ද්‍රිකාවක් වේ. එහි නිෂ්පාදකයාගේ තොරතුරු අනුව එහි Ground Resolution එක නොහොත් පොලව මත දැකිය හැකි කුඩාම වස්තුවක ප්‍රමාණය 500m ක් වේ.

නමුත් සහන් කියන්නේ මෙහි කැමරා පද්දතියට කිලෝමීටර් 35000 උඩ ඉඳන් පොලව මත ඇති පත්තරයක් කියවන්න පුළුවන් බවයි.

පොලව මත ඇති පත්තරයක් කියවන්න නම් අඩුම තරමින් එහි Ground Resolution එක මිලිමීටර් 0.25 වත් විය යුතුය. සහන් මෙතනත් උපකල්පනය කරන්නේ මෙම චන්ද්‍රිකාව යන්නේ  කිලෝමීටර් 35000 උඩින් බවයි. 

මෙයින් ගම්‍ය වන්නේ ඔහු කොහේ හරි තැනක කරවල ඔතපු කොලයක් කියවන විට දැකපු කිලෝමීටර් 35000 උඩින් යන භූ ස්ථාවර් චන්ද්‍රිකාවක් ගැන විස්තරයක් ඇසුරෙන් සහ ගමේ ගොඩේ කතාවකදී ඇසු පත්තර කියවන්න පුළුවන් චන්ද්‍රිකා කථා ඇසුරෙන් වීඩියෝ එකක තිබුණු විස්තර තේරුම් ගෙන බ්ලොග් ලියා ඇති බවයි. එම බොරුව වහගන්න තවත් බොරු ගෙතූ බවයි.

දැන් මෙය කියවන විමර්ශනශීලී බ්ලොග් පාඨකයින්ට තේරෙනවා නේද G Force ගැන සහ සැටලයිට් ගැන සහන් ගෙන ගිය බොරුව මම පෙන්වන්න ගිය තැන වාදය නොමග යන තර්ක දමමින් මට අපහාස කරපු විදිය.

තවත් බොරු එපා සහන්. ඔබේ හැකියාව යොදාගෙන සත්‍ය කරුණු ලියන්න. දකින කෙනෙක් පෙන්වන වැරදි නිහතමානීව පිළිගන්න. මම හිතනවා සහන් සමග හිතවත් අසමි දකිමි සොයමි ලියන විචාරක මහතා වැනි පරිපුර්ණ පුද්ගලයින්වත් සහන්ට මේ ගැන අවවාද කරයි කියා.

සහන් ඔබ මතක් කරන්න එපා ඕවා skype මගින් කතාවේදී ඔබ මට විස්තර කළා තේරුනේ නැද්ද කියලා.

ඔබට මතක ඇතිනේ ඔබට කථා කරන්න දීල මම හුමිටි දුන්නා. මම විස්තරේ ඇහුවා. නමුත් එතනත් ඕබ ඔය සුර්ය කෝෂ කතාව සහ කැමරා කතාව පිළිගත්තේ නැහැ. නමුත් ඔබ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය, චන්ද්‍රිකා රුපවාහිනී සහ video scrambling ගැන කියපු කථා වැරදි කියන්නේ නැහැ. මම එම කතාවෙන් පසු ඔබ චරිත සහතිකයක් කරගත් මගේ කමෙන්ට් එක දැමීමට හේතුව මම ඉන්දික ගේ බ්ලොග් එකේ කමෙන්ට් මගින් විස්තර කළා එය මෙතනින් ගොස් බලන්න පුළුවන්. මම එහි සඳහන් කරුණු මෙතනම සඳහන් කරන්නම් කියවන ඔබේ පහසුවට.

(උපුටා ගැනීම)
මම සහන් සමග කථා කළා ඔහු බොහෝ කරුණු පැවසුවා බිරිඳ මියගිය විදිය අඩමින් පැවසුවා. ඔහුට සිදුවූ ගුවන් අනතුරක් ගැන පැවසුවා. ඒවා පැවසුවේ ගොඩක් හැගුම්බරව. ඔහු පවසපු විදියට ඔහු ඒ කලේ බොරුවක් නම් ඔහු ලොකුම ලොකු වංචාකාරයෙක්. (මම දන්නා විදියට බොරුවක් වුනත් ඇත්ත විදියට මිනිසුන්ට කඳුළු එන විදියට කියලා වාසි ලබාගන්න පුළුවන් එක පිරිසක් තමයි කුඩු කාරයෝ) ඔහු පවසපු විදියට ඔහුට තරහා යන්න හේතුව එම යුධ අත්දැකීම්. එහෙම නම් ඔහු කී දේ සත්‍යයක් නම් ඔහු අනිවාර්යෙන්ම ප්‍රතිකාර ගතයුතු පුද්ගලයෙක්. ඔහු පැවසු දේ අසත්‍ය නම් ඕනෑම බොරුවක් ලියන්න වගේම රඟපාලා කියන්න සමතෙක්.

video scrambling සම්බන්දව, රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සම්බන්දව, චන්ද්‍රිකා ගැන මම නොදන්නා කරුණු පැහැදිලි කරා නමුත් ඒවා පත පොත අන්තර්ජාලය සහ රුපවාහිනී වැඩසටහන් මගින් ලබාගත හැකි තොරතුරු මිස එතනට එහා තොරතුරු නොවේ. එසේම ඔහු ගොඩක් විස්තර කරා චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක් යන බව එතනින් ඔහු එම අංශයට සම්බන්ද බව පෙන්වන්න ගියා වෙන්න පුළුවන්. යුධ සහ රාජ්‍ය රහස් සම්බන්ධ චන්ද්‍රිකා වලදී නම් එහෙම වේවි නමුත් අනෙක් චන්ද්‍රිකා වලට එවැනි ප්‍රශ්නයක් නැහැ. මම එතන //ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්// ලෙස මම ලිවුවේ ඔහු එය පැහැදිලි කළා කියා සඳහන් කිරීමට මිස ඔහු එම අංශයේ කෙනෙක් කියා පෙන්වන්න නොවේ.

ගුවන් අනතුර සම්බන්ද හැගීම් බර කතාව නිසා ඔහු පෙන්වුවේ ගුවන් නියමුවෙක් බවයි. ඔහුට ලොකු කැස්සක් තිබුනා ඔහු කිවුවේ අධික වේගයෙදී යානයෙන් විසිවූ නිසා ඇතිවූ හුස්මගැනීමට අපහසුතාවය එයට හේතුවූ බවත් කරන විට ලේ යන බව සඳහන් කළා. එය මුලතිවු හෝ මැදවච්චිය ප්‍රදේශ වල සිදුවූවක් බව පැවසුවා. (මෙය දකින ගුවන් හමුදාවට සම්බන්ධ කෙනෙක් වේනම් එය ඇත්තද නැද්ද කියා කරුණාකර පෙන්වන්න. මානසික පීඩාවට පත් මොහු සත්‍ය ලෙසම යුධ විරුවෙක් නම් මොහු සොයා ප්‍රතිකාර වලට යොමු කරන්න) මෙම කරුණු නිසා මම එදා ඇත්ත ලෙස සිතුවා( අද මොහුගේ හැසිරීම අනුව මොහු කලේ බොරුවක් බව පැහැදිලියි) මම අනුකම්පා කළා එබැවින් මම වැඩිපුර මේ ප්‍රශ්න කිරීම් වලින් ඉවත්වෙන්න තීරණය කළා. එබැවින් ඔහු ගැන සැකය පහවන ලෙස ලියුවා. මම කලදේ වරදක් බව තේරුනේ මොහු එය චරිත සහතිකයක් කර ගත් පසුවයි. එබැවින් මොහු කොතරම් මට අපහාස කරත් මම මොහු ප්‍රෝඩාව නවතන තෙක් ඔහු පසුපස යමි.

//ඔහු කරුණු නොකියන්න හේතුව හොඳට පැහැදිලි වුනා.//මෙම ලිපියට සම්බන්ද ඔහු රුප දැමු wnisat1 නම් චන්ද්‍රිකාව පසුපස වත්මන් රජයට බනින පුද්ගලයන්ට වාසිවන තව කරුණක් හෙලිවෙන්න පුළුවන්. කියන කරුණ පෙන්වූ නිසා ඔහු එම චන්ද්‍රිකාව කරුණු නොකියන්න හේතුව එය බව ඔහු පෙන්වූවා. නමුත් ඔහු එමගින් කලේ ඒ පිට තියා ඔහුට විරුද්ධව පෙන්විය හැකි කරුණු සැගවීමයි. මම එම චන්ද්‍රිකාවේ නම හෙලිකිරීම සමහර විට සහන්ට විරුද්ධව කරුණු සෙවූ ප්‍රොෆයිල් සහිත ඇනෝ ට පවා ආධාරයක් වෙන්න ඇති.

wnisat1 නම් චන්ද්‍රිකාවේ අරමුණ තමයි උත්තර ධ්‍රැව ප්‍රදේශයේ අයිස් කුට්ටි අධ්‍යනය කිරීම. සහ එමගින් එම පැත්තෙන් නැගෙනහිර ආසියාව සහ බටහිර යුරෝපය අතර නාවික ගමනාගමනය ඇති කිරීම මෙය වුවොත් ලංකාවට දකුණෙන් යන නැවු ගමන් අඩුවන අතර හම්බන්තොට වරාය හැදීමේ මුලික අරමුණ වන ලංකාව ආසන්නයෙන් යන නැවු වලට සේවා සැපයීමේ අරමුණ මගින් ලාභ ගැනීමේ අවස්තාව අහිමි වෙනවා. නමුත් මෙම තත්වය කල් ඇතිව දැනගෙන මුහුණ දීමෙන් ලංකාවට එය පාඩුවක් නොකර ගෙන විධමත් සැලසුම් මගින් ගොඩ එන්න පුළුවන්.

ඔහු skype කතාව මගින් අනුකම්පාව සහ ඉහත wnisat1 නම් චන්ද්‍රිකාවේ අරමුණ හෙළිනොකළ යුතු බව පෙන්වීම මගින් මම වාදය අකුලා ගත්තා ඔහු එය දිගටම වාසියක් කර ගත්තා. ඔහු එය වාසියක් වන බව නොපෙන්වීමට ඔහුට කාගෙන්වත් චරිත සහතික අනවශ්‍ය බව පවසමින් මගේ ප්‍රකාශය ඔහුට වාසි වන පරිදි යොදා ගත්තා.

මෙන්න ඔහුගේ skype කතාව මම හෙලිකලා. ඔහු මුලින් කිවුවා මෙහි හඬ පටයක් ඇතිබව මම ඉල්ලා සිටිනවා මම මෙතන සඳහන් කර ඇති දේ වැරදි නම් එය වෙනස් නොකර සම්පුර්ණයෙන් ප්‍රචාරය කරන ලෙස. ඔබගේ හඬා වැටී බොරු කර නාටකය කාටත් රසවිඳිය හැක.

(උපුටා ගැනීම අවසන්)

තව කිවයුතු දෙයක් පවතී.

යමක් දෙස විමර්ශනශීලීව බැලීම වරදක්ද? එසේ බැලීම අපහාසයට කරුනක්ද?

සහන්ගේ "මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ" නම් ලිපියේ මෙම කමෙන්ට් එකට  සහන් සහ ඇනොලා(සහන්ගේ බ්ලොග් එකේ දැනට කමෙන්ට් මොඩරේට් කරන බැවින් ඇනෝ මත සහන් අනුමත කරයි) මට පුද්ගලිකව කරපු අපහාස දෙස බලන්න.

එමගින් හෙළි වන්නේ මට අපහාස කිරීමට ඔහුට ඇති වුවමනාව වේ. එමගින් ඔහුගේ චර්යාව හෙළිවේ. ඔහු මට අපහාස කරන්නේ මම ඔහුගේ වැරදි කරුණු විවේචනය කරන බැවිනි. එනම් ඔහුට වහගන්න හොර ඇතිබව එමගින් හෙළිවේ.

සහන් දක්වන පරිදි ඔහුට අපහාස කිරීමට මට ලොකු උවමනාවක් පවතී. ඔහුට අවශ්ය වන්නේ එසේ කියා මගේ ගැන වැරදි අවබෝදයක් බ්ලොග් කියවන්නන්ට ඇතිකිරීමයි.

මම විවේචනය කරන්නේ ඔහු නොවේ ඔහු ඉදිරිපත් කරන ලද වැරදි කරුණු වේ.

අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයට වැරදි තොරතුරු එක් කිරීම වරදකි.  අනුන්ට තොරතුරු දෙනවිට වගකීමෙන් ක්‍රියාකළ යුතුය. මින්පසුව වත් හැකිතරම් නිවැරදි තොරතුරු ලිපිවල සඳහන් කරන්න. තම වැරදි පිළිගැනීමට නිහතමානී වන්න. සැබෑ මහතෙකු වන්න.

සියලු දෙනාට ජය.

Vishwa Ranganath විශ්ව රංගනාත්


හිතාදර පාඨකයනි. මා විසින් මිට වසර දෙකකට පෙර මගේ බ්ලොගයෙහිම ලියූ ලිපියකින් උපුටා ගත් කොටසකින් මේ වාදය අවසන් කරමි (මෙහි පහත අකුරු මත ක්ලික් කිරීමෙන් ඔබට ඒ මුල් ලිපිය දැක ගත හැක).




ප/ලි

මට පුදගලිකව ලියපු බ්ලොග් රචක, පාඨකයන්ට සහ කමෙන්ට් දැමු සැමටත්, සත්‍ය දැක දැක අහක නොබැලූ  හිතවත් ඔබ සැමටත් අපගේ හද පිරි ස්තූතිය!


Wednesday, January 15, 2014

නොදන්න ගොඩ නොදන්න ඩිංගෙන් වැසීම නොහොත් ගලේ පහරන බළලාගේ දුම්බෝම්බ න්‍යයාය.

කිසියම් කෙනෙක් ජීවිතයේ කිසියම් දිනක කිසියම් තැනකින් ගමණක් ආරම්භ කරයි

මෙහෙම කියල පටන් ගත්තෙ ඒ කාලෙ අපේ ප්‍රියතම ගුවන් විදුලු සඟරාව සැරිසර.

වාර්ථාවක් කියන්නෙ අනුන්ගෙන්, එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරක් එහෙමම ඉදිරිපත් කිරීමකට වඩා බොහොම එහා ගිය දෙයක් කියල අපි ඉගෙන ගත්තෙ, තේරුම් ගත්තෙ සැරිසර අහල.

එදා සම්මත ගුවන් විදුලි රීති අතික්‍රමණය කරපු සැරිසර වගේ වැඩසටහන්,අද සම්මත මාධ්‍ය භාවිතාව වෙනස් කරපු බ්ලොග් සටහන් යන සියල්ලෙම ඵලය උනේ ග්‍රාහකයාට වඩා සමීප සහ නැවුම් සන්නිවේදනයක් සිදු කිරීමයි.

ඒත් වෙනස වෙන්නෙ අද ග්‍රාහකයාගේ ප්‍රතිචාර වඩා ක්ෂනික වීම සහ ඒ ප්‍රතිචාර සමස්ථ ග්‍රාහක ප්‍රජාවටම යොමුවෙන එක.

මෙන්න මේ කාරනාව නිසා බ්ලොග් මගින් සන්නිවේදනය කරන්නා අතේ ලොකු අභියෝගයක් තියෙනව.

විශෙෂයෙන් තාක්ෂනික, ඓතිහාසික සහ දේශපාලන වැනි කරුණු ලියන කෙනෙකුගෙ ලිපිවල අදාල කරුණු වල නිවැරදි බව වගේම, කිසියම් කරුණක් උපුටා ගත්තෙහිනම් ඒ මූලය පිළිබඳ  විස්තර ලබා දීම ආදිය  ලිපියෙ තියෙන විශ්වාසය දැඩි කරනව. එහෙම නැතුව ඒ මුලාශ්‍ර නිවැරදිව දීම අන්තර්ගතය හෝ ලේකඛයාගේ ප්‍රථිරූපයට අභියෝගයක්, අනතුරක් වෙන්නෙ නැහැ..

නමුත් මේ දේ තේරුන් නොගත් ලේඛකයො බ්ලොග් වලදි අමාරුවෙ වැටෙනව.

මේ වගේම තමයි ප්‍රථිචාර දැක්වීමත්.

බ්ලොග් මාධ්‍ය‍යෙ තියෙන අනන්‍ය ලක්ෂනය වෙච්චි මේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීමේ හැකියව නිසා බොරුව එකදිගට කරගෙන යන්න අපහසු වෙනව.

මොකද හැමෝමව හැමවෙලාවෙදිම රවටන්න බැරි නිසා!

මේ දිනවල සිංහල බ්ලොග් අවකාශය කළඹවමින් තියෙන "මා සහ මගේ පිරිවර" එහෙම නැතිනම්, කිසි දිනෙක මිතුරන්ව සිට නැති, පිට කසන කමෙන්ට් සම්භන්ධයක් නොතිබූ ඉන්දික, ප්‍රොෆයිල් ඇනෝ සහ විශ්ව ත්‍රිත්වය එදිරි සහන් සහ සමාගම අතර තියෙන ගැටුමේ මූලික හේතුවත් මම ඔය ඉහත කිව්ව මාධ්‍ය නිසි ලෙස තේරුම් නොගෙන භාවිතාවේදි සිදු කරගත්තු අවුල මිස වෙන කිසි දෙයක් නෙමෙයි.

යමෙකුගෙන් කෙනෙක් වෙච්චි වැරැද්දක් පෙන්නල දෙනකොට, වියත් රචකයෙකුට අනුගමනය කල හැකිව තිබෙන ක්‍රම කීපයක් තියෙනව.

එකක් තමයි "සමාවෙන්න, මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙනම් මට වැරදිල. ඔන්න හැදුව" කියල ඉතාම වියත් සහ විනීත ආකාරය වරද නිවැරදි කරගෙන නමත් හමත් රැකගන්න එක.

නමුත් මේක ලේසි නෑ තමන් සකල කළ වල්ලභ වගේ මවාගෙන ඉන්නෙ කෙනෙකුට. මොකද ප්‍රථිරූපයට හානි වෙයි කියල භයයි.


දෙවනි ක්‍රමය තමයි "අහ් මට පොඩ්ඩ්ක මිස් වෙලානෙ. ඔව් මම ඒක දන්නව, මම හිතන්නෙ පොඩි එරර් එකක්. ඇත්තටම මම ඒක දැක්ක කොහෙද හදන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ මේ වැඩ අස්සෙ" වැනි යමක් කියල පණ්ඩිත කම තියාගෙනම, නොදන්න බව නොපෙන්නවම අනුන්ගෙන් ඉගෙන ගෙන හැදෙන එක.

හැබැයි මේක ටිකක් පැස්බර ගතියයි. මොකද පාඨකයො මොලේ ඇති බත් කන උන් නම් තේරෙනව ගොනා කාණුවෙන් තමා ගොඩ ආවෙ කියල.

ඔය ඔක්කොටම එහා ගිය තුන්වෙනි ක්‍රමයකිත් තියෙනව. ඇත්තටම දැන් අපිට ඒක බෞතීස්ම කරන්නත් පුළුවන් සහන්ගේ ක්‍රමය කියල.

ඒ තමයි නොදන්න ගොඩ තමන් දන්න ටිකෙන් වහල බහුතරය පටලවන, එහෙම නැත්තන් අර දුම් බෝම්බයක් ගහල සතුරා මුලා කරල මාරුවෙන ක්‍රමය.

ඒ කියන්නෙ මෙහෙමයි.

කෙනෙක් ඔන්න ලිපියක කමෙන්ට් එකක් දානව "ඔයා අර A කියල ලියල තීන දේ වැරදියි. A කියන්නෙ ඕක නෙමෙයි, ඒක මේවෙන දෙයක්" කියල.

දැන් මේක දැක්ක ගමන් ඉතින් රචකයට මල! මොකද මූලික හේතුව මිනිහ කියපු " A " වැරදියි කියල කෙනෙක් හොයාගෙන. අනික දැන් ගමටම පේන්න මෙතන කියල ඇරල.

ඔන්න මෙතනදි තම්න්ගෙ තත්වෙ තියාගෙන අර උත්තරය දුන්න කෙනා සහ බලන බහුතරය රවටන්න ගහනව අර මම කිව්ව දුම් බෝම්බෙ.

මේ මිත්‍රය මේ, මෙතන මම මේ ලියල තීන්නෙ ලිපියෙ මූලික පියවර ටික විතරයි. අනික ඔය A කියන්නෙ අහවල් එකයි කියල සම්පූර්ණයෙන්ම ලිව්වම මේ බලන ගොඩක් අයට තේරෙන්නෙත් නෑ, ලිපියත් නීරස වෙනව. ඒ හින්ද මිසක් නැතිව වෙන එහෙකට නෙමේ මම ඔහොම ලිව්වෙ. අනික ඔයා දන්නවද මම ඔව්ව නොදැන මේ කතා මෙතන ලියන්න ආව කියල?

දැන් ඔන්න එතකොට කමෙන්ට් එක දාපු කෙනා වළියට බර නැති කතන්දර වගේ කෙනෙක් නම් හිමීට ලිස්සල යනව යන්න.

ඒත් එහෙම නොවෙන කෙනෙක් නම් ඔන්න එයත් අර කතාවට ප්‍රථි උත්තර බඳිනව.

"ඒ උනාට එහෙම කියන්න එපා, සම්මත දේවල් වලට ඔයාට වෙන අර්ථකථන දෙන්න බෑනෙ. ඒව වෙනස් කරන්නෙ කොහොමද, A ට හිමි තැන, කාර්‍ය ඔයාට මට ඕන විදියට නිර්වචනය කරන්න බෑ

අන්න එතකොට තමා අර මම කිව්ව රචකයට මල පනින්නෙ. ඔන්න ගන්නව මිනිහ කඩුව. අරන් නෙලනව හතර අතට.

අඩ්ඩෝව් උඹ කව්ද ඩෝ මට ඒ ගැන උගන්නන්න. මම මේව ඉගෙන ගත්තෙ අපේ සීයගෙනුයි ලොකු තාත්තගෙනුයි එයාලගෙ වඳ පුන්චිඅම්මගෙ පුතාගෙනුයි. මම මෙව්ව අතරෙ ඉන්න, උදේ හවහ අත ගාන එකෙක්. ඔයා දන්නෙ නැත්තන් මම ඔයාට ඉගෙන ගන්නත් එක්ක A ගැන පිටු සීයක් මෙතන ලියල දෙන්නම්. අනික ඔයා මගෙන් A ගැන අහන්නෙ ඔයා දන්නවද අඩුගානෙ A ට කලින් (????) හරි පස්සෙ හරි තීන අකුරු මොනාද කියල.

 හරි මම ඔයාට පොඩි පැවරුමක් දෙන්නම් ඔච්චර ඒ ගැන දන්න පොර නිසා. පුලුවන්නම් කියන්න A දාල හදන වචන හතරක්.

දැන් මේ කියවන බහුතර සාමාන්‍ය ජනතාව මොකද හිතන්නෙ. අම්මට උඩු, අරූගෙන් ඒ ගැන ඇහුවම ඌ ඒට කලින් තියෙන අකුරක් ගැනත් කියනවනෙ

ඌ මාරම පොරක්නෙ. කොටිම්ම A හැදුන හැටියි A ගේ උපත ගැනයි පිටු සීයෙ වාර්ථා ලියන්නත් දන්නව. පුහ්.. මූ බලන් ගියාම භාෂාව ගැන ශේක්ස්පියර්ට උගන්නන උනත් යවතෑකී සිරා ඩයල් එකක්නෙ!

මෙහෙම හිතල රැවටෙනව.

ඒත් මේ අහින්සකයො දන්නෙ නෑ, අර රචකය මේ නරි වාදන් දාන්නෙ A කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ මුල අකුර කියන මූලික සරළ නියමය නොදන්න කෙනෙක් කියල.

කොටිම්ම රචකය දන්නෙ A කියන්නෙ යම්කිසි හෝඩියක යම් අකුරක් කියන ඩිංග විතරයි කියල හිතන්නෙත් තේරුම් ගන්නෙත් නෑ. මොකද කට්ටිය වශී වෙලා ඉන්නෙ අර මහ කයිවාරුවට.

ඇයි ඔබට මම කියන දේ ඇහුවම හිනා වගේද, නැත්තං පුදුමද?

ඔබ හිතන්නෙ මෙහෙම දේවල් වෙලා නෑ කියලද? අපෝ නෑ වෙල තියෙනව. වෙනව. මේ පහල ලින්ක් එක දිගේ ගිහින් බලන්න තියෙන කමෙන්ට්ස් ටික. ලස්සනට බැබැළි බැබැළි තියෙනව ඔය උඩ මම කිව්ව දුම් බෝම්බ න්‍යාය මගින් කොළේ වසා මාරුවීම ගැන ඉතාම පැහැදිලි උදාරනයක්.


ඒ විස්තරය බලල, වෙච්චි දේ ගැන අදහසක් අරගන්න.

මොකද හෙට හවස 6.00ට අපි ඔය ඔතන A කියන්නෙ ඔයා කියන දේ නෙමෙයි කියල යහපත් සිතින් කියල දෙන්න ගිහින් බැනුම් අහපු විශ්ව රංගනාත්ගෙ පිළිතුරත් ප්‍රසිද්ධ කරනව.

මේ කතාවෙ, සම්පූර්ණ වාදයෙ විශ්වටත් කියන්න කතාවක් තියෙනව.  එයා ඒක දැනටමත් ලියල, මේ එක්කම මගේ මේ බ්ලොග් එකේම පලකරල තියෙන්නෙ.

ඉස්සෙල්ල මේ සැළඩ් එක අරගන්න, එතනින් සුප් ටිකකුත් බීල හෙට හයට ආයි එන්න මේන් කෝස් එක  බලන්න.

එතකන් සුභ රාත්‍රියක්/ සුභ දවසක්!


මිත්‍රවරුණි,පැහැදිලිව මතක තියාගන්න. "අපි බැලිය යුත්තේ කවුරු හරිද යන්න නොව කුමක් හරිද යන්නයි".

ළලිත් ඇතුලත්මුදළි.



LinkWithin

Related Posts with Thumbnails