Friday, February 17, 2012

වස් කවියක්ම නොවේ!


අඳුර මිදුන වනපෙත් විහිදුවා හල
රුදුරු දුදන වනසත් මුරුගයින් කැල
වඳුරු අහින අසිපත් සරයකින් හල
අයුරු නැසින ඔබසිත් වූ එඩිබලෙන

වැටුන සිඳුන හිස් මත හිස් නොවන්නට
මැවුන ලෙසින දස් දහසක් නැඟෙන්නට
නැඟුන හදින සහසක් සෝයුරන් හට
පමණ නොවන කිසිවක් නොම කරන් හෙට

අපිය අපෙය රැකියුත දැය සමය රට
කපපිය කඩා දමපිය පර සතුරු ඇට
අපෙය අපිය දුන්නේ බල ගත රටට
අපිට අපට නොව බිඳහන් ගිණි උන්ට

අප වෙනුවෙන්ය දිවි දුන්නෙ සැවොම තොප
තොප වෙනුවෙන්ය දුක් වින්දේ සැවොම අප
උප දෙස් දෙවිය උන් අද අප කරනු හප
ඇප නැතිවෙන්නෙ තොපටයි යම් දිනෙක කප

තොපට අපට යන්නට නැඟ බස් ගමණ
සැමට රැයට දල්වන්නට එළි පහන
කුසට පතට ගෙන එන්නට මස් මරන
අපට හදට නොරිදෙද බැරි උන කලට

අපට තබන ගිනි තොපටත් ඇවිලේය
කටට රසට බත කාටත් නැතිවේය
ඉහට ඉනට පිලිවත් නොම හිමිවේය
අපට නොමැති දා තොපිටත් බඩ සාය

සැමට සැමවිමටම දා නත්තල් නැතිය
ඇඳුම අවිය නැති දා තොපටත් එකය
රැකිය යුතුය, උන් නොව බත් දෙන අපය
ඔහොම ගියොත් නම් උන් වෙනුවෙන් තොපිය

අපිට තවම අපි වෙනුවෙන් උන් අපිය
මතට නොව රටට දිවිදුන් විරුවන්ය
නොපිට පෙරලුනොත් කල ඒ හොඳ ගතිය
කිමට කවට මරුවන් තොප එපාමය


පින්තූරය මෙතනින්

53 comments:

  1. මේ විදියට ගියොත් වස්කවිත් කියවෙයි.

    ReplyDelete
  2. ඔව්ව ඔහොම තමයි තුවක්කු කියන ඒව දෙපැත්තටම හැරැවෙනව. ඒක පැත්තකට හැරැවෙද්දි විතරක් තුවක්කු දරණ අත් අපිට වීර දෑත් වෙනව. ඒක අපේ අමනකම.

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඒකෙත් හැටි නේද?

      Delete
    2. කොහොම කරත් අන්තිමට බලනකොට අමනයො අපිම තමයි ඈ?

      Delete
  3. මෙ ගැන ටිකක් හිතන්න තියෙනවා.

    ReplyDelete
  4. මට නම් පොඩි කාළේ ඉඳලා ඕකූන් පෙන්නන්න බෑ. පොන්සේකා දිරවන්නෙත් නැත්තේ ඒකයි....

    ReplyDelete
    Replies
    1. උඹට දෙන්න තීන උත්තරේ පහල අර ඇනෝ කොල්ලට ලියාපු එකේ ඇති.

      Delete
  5. මෙහේම ගියොත් මොකා මාරගෙන කන්ට වෙයිද දන්නෑ...

    ReplyDelete
  6. හිතට ගත උන් අරගෙන අප එඩිය..
    රකින කලට මේ පින්බර ධරණි තල..
    උන් හා එක්ව බඩගින්නේ සිටිය ලෙස..
    උන් අතහැර යන දිනයත් ඈත නැත....

    ඉතිරි ටික මෙතන..
    http://tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි "හෙට" ඔබට එරෙහි වී නැඟිටින්නේ...

      Delete
  7. තුවක්කු කරු වැරදියි කියා මම නොකියමි.

    එය ක්‍රියාත්මක කිරීම දරන්නාගෙ කාර්ය නොවේ. තුවක්කුව ක්‍රියාත්මක වන්නෙ අණ දෙන්නාගෙ කීම පිටයි! තුවක්කුව දරන්නා සැම විටම ඔහු වෙනුවෙන් ට්‍රිගරය අදින්නෙකු පමණි. වැරදීමකින් හෝ තමාගෙ වුවමනාවට ට්‍රිගරය අදින්නාත්, අණ ලැබුනු පසු එසේ නොකරන්නාත් මහත් ව්‍යසනයකට පත් වෙනු නොඅනුමානය.

    ඉහලින් එන අණ එක හෙලා ඔහු පිළිගත යුතු අතර ඒ වෙනුවට ඔහුට මාසික වේතනයක් ලැබෙන අතර බෝනස් ලෙස මරණය හිමි වේ.

    මම දන්නා සත්‍යය එයයි!

    නවීන ආයුධයෙන් සන්නද්ධව, ගාම්භීර නිළ ඇඳුම තුල නිරුවත්ව සිටින්නෙ උඔත් මමත් වැනි, තමාගෙ යතුරු පැදියට තෙල් ගසා ගන්නෙ කෙසේදැයි, විදුලි බිල ගෙවා ගන්නෙ කෙසේදැයි අසරණව සිටින කොල්ලෙකි. බලලෝභීන්ගේ ඉත්තෙකු වන ඔහු අප කාටත් වඩා අසරණය!

    මම දන්නා සත්‍යය එයයි!!

    මේ ඔස්සෙ සිතා බලන්න.....

    ReplyDelete
    Replies
    1. 1. ඇඟිල්ල සෙබළගෙ නමුත් අත පාලකයගෙ බව මම නොදන්නව නෙමෙයි. ඒත් වෙඩි වැදුන එකාව පෑගුවයි කියන කකුල, උංව රෝහලකට ගෙනියන්න නුදුන් අතපය කාගෙද?

      2. සෙබලා සහ නිළධාරියා යනු එකම හමුදාවක සමාජිකයන්ය. හමුදාවෙ නිකුත් වෙන හැම උන්ඩයකම අවසාන වගකීම හමුදාවෙ ඉහලම අණ දෙන නිළධාරියගේය. එතකොට පිරමිඩයෙ උඩම ඉන්නෙ කවුද?

      Delete
    2. 01. පැගුව නං ඒක වැරදියි. හැබැයි “රෝහල්වලට ගෙනියන්න දෙන්න එපා. හරස් කරන්න“ කියලා නියෝගයක් ආවම ඒක නොකර ඉන්න පුලුවන්ද?

      02. සෙබලා සහ නිළධාරියා යනු එකම හමුදාවක සමාජිකයන්ය. හමුදාවෙ නිකුත් වෙන හැම උන්ඩයකම අවසාන වගකීම හමුදාවෙ ඉහලම අණ දෙන නිළධාරියගේය. එතකොට පිරමිඩයෙ උඩම ඉන්නෙ කවුද?//

      පිරමීඩෙ උඩම ඉන්න හමුදා නිළධාරියාට නියෝගයක් එන්නෙ කොහෙන්ද කියලා අමතක උනාද?

      Delete
    3. අහක යන කෝච්චිවලට බෙල්ල නොතියන්න උඹ හිටපු හමුදාවෙ උගන්නපු නැති එකයි මූලිකම වරද.

      ඊළඟ එක, "රෝහලට ගෙනියන්න දෙන්න එපා හරස්කරන්න"
      මේ වගේ සම්මත යුධ නීතිවලට පටහැනි, එහෙම නැත්තං යුධ අපරාධ ගනයට වැටෙන නියෝග ක්‍රියාත්මක නොකර ඉඳල කෝට් මාෂල් ගියාම පරදින්නෙ ඒ නියෝග දීපු කෙනා මිස පිළිනොපැදපු එකා නෙමෙයි. ඒ නිසා නියම විනයානුකූල භටයෙකු නම් ඒ දේ නොකල යුතුව තිබුන.

      අන්තිම එක. රටේ සියලුම හමුදාවල අණ දෙන්න නොහොත් සේනාවිධායකයා වෙන්නෙ ඒ රටේ පළමු පුරවැසියයි. ඔහු යුනිෆෝම් නොඅඳින නිළධරයෙක් හැටියට නෙමෙයිද සැලකෙන්නෙ?

      Delete
    4. හෙහ්...හේ..... අහක යන කෝච්චි වලට බෙල්ල තියන්න එපා කියලා ඉගැන්නුවා ලොකු අයියෙ... ඕං දැනුයි මතක් උනේ.... තැංකූ ටොක්කට!:p :p

      Delete
    5. //යුධ අපරාධ ගනයට වැටෙන නියෝග ක්‍රියාත්මක නොකර ඉඳල කෝට් මාෂල් ගියාම පරදින්නෙ ඒ නියෝග දීපු කෙනා මිස පිළිනොපැදපු එකා නෙමෙයි.//

      හානේ මේක කියවනකන් මම හිතන් හිටියෙ මේ ලංකාව ගැන කියන්නෙ කියල. බලද්දි ඇමරිකාව ගැන නෙ කියල තියෙන්නෙ :D :D

      Delete
    6. මේ වගේ එකක් යුධ අධිකරණයකදි අනික් පැත්තට කරකවන්න අමාරුයි. හැබැයි ඒත් ඒ කේස් එක ඉවර වෙච්ච ගමන් දාන අනික් කේස් වලට බේරෙන්නත් ක්‍රමයක් හොයා ගන්න ඕන තමයි. ඒ ඉතින් මේක ලංකාව නිසා. ( එහෙම කරපු අවස්ථා අනන්ත තීනව )

      Delete
  8. ඕනම රටක හමුදාව වගේම පොලීසියත් ක්‍රියාත්මක වෙන්නෙ ඒ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ඒ රටේ ඉන්න රජය වෙනුවෙනුයි. තව විදිහකට කිව්වොත් හමුදාව වගේම පොලීසියත් ක්‍රියාත්මක කරන්නෙ පවතින රජයේ නියෝගයි. මේ දේ පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක මේ රටේ මිනිස්සුන්ට අමතක වුණා.

    ReplyDelete
    Replies
    1. ඕනෑම රට ආන්ඩුව ඇත්තේ ජනතාව ආර්ක්ෂා කිරිමට හා දේශපාලකයන් ඇත්තේ ජනතාව නියෝජනයටයැයි අමතක කල ඔබට උදාර නම හොඳ වැඩිය.

      Delete
    2. ඕව දේශපාලකයින් මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබ්බවල තියෙන සංකල්ප විතරයි. ඒ හින්ද ඔය වගේ සංකල්ප මතක තියාගෙන ඉන්න තරම් වටිනව ද කියන එකත් ප්‍රශ්නයක් තමයි........

      Delete
  9. අපි හරිම අසරණ වෙලා වගේ දැනෙනව

    ReplyDelete
  10. නිකමට වගේ පොඩි කතන්දරයක සබැඳියක් දාන්න හිතුනා.

    http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html

    සත්‍යය අවබෝධ වෙන්න නං අපට කෙලවෙන්නම ඕනෑ!

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ හැටිද, සිංහලයගෙ හැටිද?

      Delete
  11. "කලකදි රසලු, කලකදි වහ වෙනවාලු"

    ReplyDelete
    Replies
    1. කලකදි වහළු, කලකදි රස වෙනවාලු..

      Delete
  12. මචං . . . වෙලා තියනදේ ගැන මම මොකුත් කියන්න යන්නෙනෑ . . .
    ඒත්, බ්ලොග්වල මට කියවන්න ලැබුන හොදම පැදිපෙල තමයි මේක

    ReplyDelete
    Replies
    1. ඒ මං කවියෙක් නිසාවත් කවි හොඳට ලියවිල තීන නිසාවත් නෙමෙයි අපි එකම විදියට හිතන උන් හින්ද වෙන්නැති බං!

      Delete
  13. මෙී බ්ලොග් එකට මුලින්ම ආවෙී ඊයේ හොදටම හිනාවුනා අද ....වෙනත් පැත්තක් ....යුතුකමක්... එකට ගොඩක්ම කැමතිියි.

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි...කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි

      Delete
  14. පසුගිය ලිපි කියවූවා ගඩාෆි සහා ලිබියාව ගැන නොදන්න ගොඩක් දේ දැනගත්තා බ්ලොග් එක ගැන කලින් දැන ගන්න බැරි වීම ගැන කණගාටු වනවා.

    ReplyDelete
  15. හමුදාවක් ක්‍රියාත්මක වෙන්නේ අණ දීම මත..මේතන කව්ද අණ දෙන්නේ කියන එක තමා ප්‍රශ්නේ.....මෙහෙම ගියොත් වස් කවි තමා කියන්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. අන සේනාවිධායකයා සතුය! (මං කියපුදේ තීරුනාද මංද )

      Delete
  16. අනේ මන්ද තමා මටත් හිතෙන්නෙ දිනේශ් ට වගේ...උඩින් ඇනෝ කෙනෙක් කියල තියන කතාව ගැන හිතන්න වටිනවා.....

    ReplyDelete
    Replies
    1. ඒකටත් උත්තර දීල තිනව...ඒ ගැනත් හිතන්න.

      Delete
  17. මාත් උදාර කියන කතාවට එකඟයි...... කොහොමත් නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අපේ රටේ පොලිසිය කියන්නේ දේශපාලනේ සුපිරිම අතකොලුවක්නේ..... නිතිය වෙනුවට ක්‍රියාත්මක වෙන්නේ නියෝග.... ත්‍රිවිධ හමුදාව උනත් කරන්නේ නියෝග ක්‍රියාත්මක කිරීමයි....

    ReplyDelete
    Replies
    1. කවුද එතකොට දේශපාලකයො පත් කෙරුවෙ? කොහෙන්ද උන් පහල උනේ?

      Delete
    2. මං නෙමෙයි කියන්න පුළුවන්ද ? ඒත් වෙලාවකට හිතෙනව බැරිමත් නෑ කියල.

      Delete
  18. කාලෙකින් බ්ලොග් කියවන හින්දද මන්දා කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ....

    මේක වස් කවියක් නෙමේ නේද? :D

    ReplyDelete
    Replies
    1. ඔය පන්තියෙ අයට මෙව්ව කොහෙ තේරෙන්නද නෝනෙ?

      වස් කවියක් උනොත් මගෙ අක්කටයි...මාමටයි, බාප්පටයි...තව කී දෙනෙක්ට වදීද!

      Delete
  19. මම අද මේක දැක්කෙ. මෙතනදී ඇනෝගෙ කථාව ඇත්ත. මොකද ඉහළින් එන අණ තමයි ක්‍රියාත්මක වෙන්නෙ. නොකරොත් වෙන්නෙ බරපතල දෙයක්. අපේ රස්සාව කරන කොට වැරදුනොත් අපි යන්නෙ ගෙදර. ඒත් මේ අය කරන්නෙත් රස්සාවත්. වැරදුනොත් අඩි හයක් යට. අවසානයේදී ඔය නිල ඇඳුම යට ඉන්නෙ අපි වගේ සේරම ප්‍රශ්ණ තියෙන අය. හැබැයි සමහර අය ඉන්නවා තමන්ගේ බලය අයුතු විධියට භාවිතා කරන. හැබැයි පොලීසිය කියන ජරාජීර්ණ වුණ ආයතනය ගැන වෙනමම කථා කරන්න ඕන. කොහොම වුනත් කවි පෙළින් කියන දෙයෙහි යම් සත්‍යතාවක් තියෙනවා. ඒත් අපි අතීතය ගැනත් හිතන්න ඕනා. මේ මගේ පෞද්ගලික අදහස

    ReplyDelete
    Replies
    1. වෙඩි තියල නැවතුනානං ඔබ කියාපු දේ හරි වෙන්නත් තිබ්බ. ඒත් ඇයි ඊට එහා ගියෙ? කාගෙන් පළිගන්නද?

      එදා හොඳ නිසා මෙදා නරක නොදකිනවනං ඒක අන්තිම වැරදියි.

      Delete
  20. මේව ප්‍රින්ට් කරල බෙදන්න වටිනව සහෝ..

    ReplyDelete
  21. අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියන්න ඕන ටික උඹ කියල...

    ReplyDelete
  22. මේවගේ හැම පැත්තම අපිට පොදුයි නේද ඉන්දික.. හරියට ෆිට් එක වැඩි කමට බීලා ගහගන්නවා වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියල ඉතින් අහක බලන් ඉන්නද බන්?

      Delete
  23. අදයි කියෙව්වේ ,යේ අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ ++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මේක මට රතුපස් කේස් එකෙදි රීපබ්ලිෂ් කරන්න තිබ්බෙ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails