Sunday, February 5, 2012

ඤ්‍යුද්ත ලිඳේ!




කාලයක් මම ලංකාවෙ බෞද්ධ ශිෂ්‍යන් සඳහා වූ උත්තරීතර ආයතනයෙ උපසභාපති කෙනෙක් වෙලා හිටිය. අද මෙහෙම උන්නට අල්ලට සිඟාවත් නැති කැවිලි කකා රට වටේ යමින් එමින් කැපවීමෙන් ලංකාවෙ බොදු සිසුන්ට කරපු සේවයෙන් ලබාපු අත්දැකීම් තමයි මගේ ජීවිතයෙ නියම විශ්ව විද්‍යාල අධ්‍යාපනය උනේ.

ඒ කාලෙ ගමනෙ දුර හා යොදාගත්ත වැඩ වල හැටියට දවස් ගනන තීරනය කරල, එක දවසකට උදේ කෑමට රුපියල් පහළවයි, දවල් කෑමට විසි පහයි රෑට විසිපහයි අරන් කොළඹින් බස් එකේ නැගල අනුරාධපුරේ වවුනියා කතරගම බිබිලෙ වගේ රට වටේම ශාඛා, රෝහල් සේවාවලට ගිහින් ළමයි වෙනුවෙන් සංවිධානය කරපු නොයෙකුත් ව්‍යාපෘතිවල ප්‍රගතිය හොයල බලල, උපදෙස් දීල අදාල පාසල් දහම් පාසල් වල දරුවන්ට කතා පවත්වල, ගුරුවරුන්ට කතා කරල, දෙමව්පියො ඔතල ( නම්මගන්නව යෙදූ වචනයකි ) ගතකරපු ඒ දුෂ්කර සමයෙ එකම සතුට උනේ මඟ දිගට ලබපු අත්දැකීම්.

ඔය වැඩවලට ආගිය ගමනකදි තමයි මට ලංකාවෙ වැඩිම දුරක් බස් තුනක මාරු වෙවී හොරෙන් ඇවිත් වාර්ථාවක් තියන්න වගේම, අනුරාධපුරෙ ඉඳන් කොළ්ඹට ඇඳිරිනීතිය මැද පැය දාහතරක් තිස්සෙ ගාටපු බඩු කෝච්චියක එන්නත්, පුන්චි බොරැල්ලෙදි කොත්තු වලට පිදුරු දාල හදනව කියල අම්බානෙක කන්නත් වගේම හුම්මාණය, වැව තැන්න වගේ ලංකාවෙ සුන්දර ස්ථාන ගනනාවක්ම එව්ව ප්‍රසිද්ධ වෙලා විනාස වෙන්නට කලින් දැක බලාගන්නත්, මුලතිව් ඇර ලංකාවෙ හැම දිස්ත්‍රික්කෙකම නාන්න හොඳ තැන් ගැන සෑහෙන දැණුමක් ලබාගන්නත් ලැබුනෙ.

ඇවිද්ද පය දහස් වටී කියන කියමන ප්‍රායෝගිකව අත්විඳින්න විතරක් නෙමෙයි, ආයතන පරිපාලනය, ලිපි සැකසුම, කළමනාකරනයේ මූලධර්ම, නායකත්වය, කථිකත්වය ඈ මෙකී නොකී සියල්ලම මුවහත්කරගන්න, ඔප මට්ටම් කරගන්න මහා සරසවියක් වෙච්චි සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයට මම එදත් අදත් ගරු කරන්නෙ බාලදක්ෂ දිවියටත් වඩා ජීවිතයට ලබපු ඒ පන්නරය අදටත් ජීවිතේ මහා බලයක් වෙලා තියෙන නිසයි.

දැං ඇඩ් ඉවරයි කතාවට.

මේ කියනා සිද්ධිය උනෙත් බොදු සිසු සමුළුවේ කැකිරාව රෝහල් සේවයෙ ( මෙය රෝහල කේන්දරකරගෙන ප්‍රදේශයෙ බොදු දරු දැරියන් එක්වන සමාජ සත්කාරයට යොමුවන සමුළුවයි ) පිරිත් පිංකමකටට ගිය විටකදීයි.

බොදු පාසැල් දරු දැරියන් විසින් සංවිධානය කරණු ලබන, ඔවුන්ගේ තරමට මහා ව්‍යාපෘතියක් වන්නා වූ එම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට එහි පිටුපස සිට මෙහෙයවන්නන් වන අප සහභාගී වන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීතුමන් හා සම වූ විශේශ ගරු සැලකුම් ඇතිවයි.

එනිසාම පුරා රැයක් පිරිත් අසන්නට මෙන්ම ඒ අතරේ සප්පායම් වීමට, ඉසඹුලන්නට අපටද වෙනම කාමරයක් රෝහල් සේවකයින්ගේද අනුග්‍රහය ඇතිව සූදනම් වෙයි. ඒ කොළඹ සිට තකහනියක් එන අය්යලා අක්කලා එළ වනතුරුම පැදුරේ දණගස්සවා තැබීමට තරම් ඒ නංගිලා මල්ලිලා මෙන්ම සේවකයන්ද අකාරුණික නොවන නිසා මෙන්ම අප කෙරෙහි වූ මහත් ගෞරවයක්ද නිසාවෙනි.

මෙහෙම වෙන්වන කාමරය නොයෙකුත් රසකැවිලි, පළතුරු මෙන්ම රසකතා, අපහාස උපහාසයන්ගෙන් පිරුණු එකම රස ගුලාවකි. වෛද්‍යවරුන්, රෝහල් සේවකයන් මෙන්ම අපද තම රසවත් අත්දැකීම් සීනි පැණි එක්කර රසකර බෙදාදෙමින් නිදිමත තුරන් කරගන්නා අතර නැඟෙන උස් සිනා හඬවල් සීමාව ඉක්මවා යන අවස්ථාද නැතිවම නොවේ.

මේ සිදුවීමද එලෙස කැකිරාව රෝහලේදී ඒ කියූ "රස කාමරය" තුලදී එක් තරුණ වෛද්‍යවරයකු වෙනත් රෝහලකදී තම ගිළන් රථ රියැදුරු විසින් කී කතාවක් රඟ දක්වා කීවකි.

මේ කියනා ගිළන්රථ රියදුරා මඳ මුක්කන් කටක් හෙවත් "ග" සහ "ද" වෙනුවට "ඤ" යොදා අමතන්නෙකි. මෙනිසාම ඔහු කියනා සමහර වචන සහ වාක්‍ය බොහෝවිට වී ඇත්තේ දන්නෝ දනිතිය.

දිනක් ඉරුදින අවේලාවේ රෝහලට පැමිණි දොස්තර මහතා තම රියදුරා ඉතා කණස්සල්ලෙන් සහ කේන්තියෙන් සිටිනාබව විසින් නිරීක්ෂනය කර ඇත. හිතෛෂී සේවකයාගේ වෙනස තේරුම් ගත් කාරුණික සේව්‍යකු වූ මෙතුමා තම සිතැඟි සඟවන්නට නොසිතී...

"ඇයි ජයසේකර, අසනීපයක්ද්ද, නැත්තං කරදරයක්ද"

යයි ලෙංගතුව විමැසූ කල ලද පිළිතුර එතුමාම රඟ පා පෙන්වූ අයුරින්...


"ඤෑ../ සර් බලඤ්ඤකො ඥේ අපේ ඤෑනි ඤ්‍යුද්ත ළිඳේ ඥාගෙනනෙ!"

අමාරුවෙන් සිනහව තදකරගත් දොස්තර මහතා..

“ඒ මොනා කරන්න ගිහින්ද ඒ..”

යයි අසා ඇත්තේ මේ ඇසුණු දෙයනම් එසේ ඈ ගොඩ සිටිනා විට තනියම ළිඳට වැටිය හැකි යමක් නොවන නිසා උපන් වික්ෂිප්තයෙන් මෙහි අගමුල වටහා ගැනුමටය...

“ඤවුද සර් ඥන්නෙ.....ඥේ බඹ ඤහයක් ඉඳර එන ළිඳට ඕක ඤා ගත්ත කියල මම මොනා කරඥ්ඥද?

ඤේකි ඒ රජ ඉඤල එඥකොට ඥෙ ආපු ඤ්‍යුද්තලු.....ඉඥින් සර් ඤෙහෙමයි කිඃඅල ඥඃ මොනා කරඤ්ඤ අ.

ඤට පුළුඃඥ ඔය චූටි ඤ්‍යුද්ත ගඥ්ඥ ළිඳේ බඃඉඤ්ඤ..

අඃඉමට ළිඳඃ ඉඥල ඉඥල ඤ්‍යුද්ත ඤිබ්බෙ ඥැත්තං ඤ්‍යුද්තත් ඥෑ...බොඤ්ඤ වඃතුරත් ඥෑ මේ පෑඃඉල්ලෙ"

මේ පවසන්නේ කුමක් ගැනද?
රඟමින්....ඉතා දුකින් තම රියදුරා මේ පවසා ඇත්තේ තම බිරිඳ විසින් විදේශගතව සිට එනවිට ගෙන ආ "මුද්දක්" ළිඳේ වැටුන පුවත බව ඔහුට තේරී තිබෙන්නේ වෙනත් සේවකයකු එහි පැමිණ වටහා දීමෙන් අනතුරුවය. ඒ බව ඔහු විසින්ම කතාව අවසන පවසන තෙක් අපද වැටුනේ කුමක්දැයි සිතාගත් නොහැකිව නොයෙක් කුණුහරුප සිතමින් සිටියෙමු.

පලි
සිංහලය හෝ මලයාලම් බසින් හැර මෙවන්නක් මේ තරමින්වත් ගලපාගැනීමට වෙනයම් බසකින් හැකිවෙදැයි සිතාගත නොහැක.

49 comments:

  1. එළටම ලියා ඇත.. අපිනම් දන්නේ මුක්කන් කොල්ලගේ අක්කගේ මුද්ද ළිඳේ වැටිච්ච කතාව..

    ReplyDelete
    Replies
    1. අක්කලගෙ එව්වමනෙ හොයන්නෙ ඒකයි. :D

      Delete
  2. ලිවීම උපරිමය....අන්තිම වෙනකන් මාත් හිතුවෙ කුණුහරුපෙන්මනේ අනේ මන්දා හිත හොන්ඩර ගානට කැත වෙලාද මන්දා

    ReplyDelete
    Replies
    1. කවුද මේවට වග කියන්නේ ?

      Delete
    2. ස්තූතියි ලිවිල්ල ගැන කිව්ව කතාවට. ඔය වයසට ඔහොම හිතෙනව.

      Delete
  3. මරු අන්තිමේ සිද්දිය මොකක්ද කියලා ලියනකම් මටත් හිතා ගන්න බැරි උනා මේ මොකක් ගැනද කියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. මේක කියවනකොට අහන් හිටපු අපිට මොනා හිතෙන්න ඇතිද කියල එතකොට හිතාගතෑකිනෙ.

      Delete
  4. මට නං තේරුණා මේ මුද්ද තමා වැටිල තියෙන්නෙ කියල. හැබැයි ඉතින් එහෙම කියවනවට වඩා අරහෙම කියෙව්වම තමා හිනා යන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොල්ළකාරයො උනාම මෙව්ව නොදැන ඉන්න විදියක් නෑනෙ!

      Delete
  5. මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. ඒ උනාට කතාව ලස්සනයි. :D

    ReplyDelete
    Replies
    1. මෙයා මාර අපහාසයක්නෙ අප්ප කරල තීන්නෙ!

      Delete
  6. අප්පේ මගෙ දිවයි,හිතයි දෙකම උලුක්කු වුනා නෙව මේක කියවන්න ගිහින්.... ලිව්වෙ කොහොමද මන්දා...එල....

    ReplyDelete
    Replies
    1. මෙව්ව ඔය මැල්ලුං ලියන්න වගේ ලේසි නෑ...හෙළ බස වනනව කියන්නෙ එසේ මෙසේ කාරියක් නෙවේ!

      Delete
  7. මටත් අහන්න තියෙන්නේ කොහොමද මේක ලිව්වේ කියලා..කුනුහබ්බයක්ම තමා කියලා තියෙන්නේ කියලා හිතුනේ.....

    ReplyDelete
    Replies
    1. මේක ලියල මගේ අතත් උළුක්කු උනා ලොක්ක!

      Delete
  8. හික් හික්...
    ඒක මාර ඤ්‍යුද්තක්නේ.... :))

    ReplyDelete
  9. කියවද්දිත් දිව උලුක් වෙනවා තමා. පලි කෑල්ලත් මරු!

    ReplyDelete
    Replies
    1. ඒක තේරුනේ උඹට විතරද කොහෙද!

      Delete
  10. මට හිඤුන,මට හිඤුන,මොකඤ්ඤ කියඤ්ඤ යඤ්ඤෙ කියල

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් එක දැක්කම මට තව කතාවක් මතක් උනා, අනිද්දට දාන්නං.

      Delete
    2. මට මතක් වුන එක හෙම දැම්මොත් බලාගෙන ඕන් දැම්මම කිව්ව

      Delete
  11. ම‍ම දන්න කෙනෙක් හිටිය ඌ දවසක් කැන්ටිමේදි මට කියනව කිම්බක් කමු කියල. බලනකොට කියල තියෙන්නෙ කිරිබත් කමු කියල!
    කොහොම උනත් හිනා උනාට අපහාස කරන්න නං හොදනෑ.

    ReplyDelete
    Replies
    1. රාජ් එපා බං මෙහෙම කමෙන්ට් බකස් ගාලා හිනා ගියා. (බි.පෙ.සි)

      Delete
    2. හක්ක පනිනව ඔව්ව කන්න ගිහින්...බලාගෙන

      Delete
  12. //..උදේ කෑමට රුපියල් පහළවයි, දවල් කෑමට විසි පහයි රෑට විසිපහයි අරන්..//
    මේ සුප්පාදේවිගෙ හස්බන්ඩ් සිංහයද? බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. ඇයි බං අනූ හතරෙ පහේ ඕක තමා ගාන...කොත්තුවක් චිකන් නං තිස් පහක් විතර, ඒත් මස් විසි අටයි තිහයි වැඩිම. පාං ගෙඩිය තුනයි පණහයි. ඉතින් තව මොනාද කතා?

      Delete
    2. ගල් බෝතලේ රු 8/= ට පොල් බෝතලේ 10/= බීපු කෂ්ටිය අපි

      Delete
    3. ඇයි දෙයියනේ අපි අදටත් බස් එකේ යන්නෙ රුපියල් 10ට :))))

      Delete
  13. අපේ ඉක්කෝලේ අයිය කෙනෙක් හිටිය.. :)

    ReplyDelete
  14. මිනිස්සුන්ගේ ආබාධ වලට හිනා වෙන එක බලු වැඩක් නේද?....... ඒක මහා ලොකු දෙයක් වගේ බ්ලොග් එකේ දාන්නේ ඇයි?

    බස් වල හොරෙන් ගිය එක මහ වීර කමක් කියලා හිතුවද?

    ReplyDelete
    Replies
    1. බස් වල හොරෙන් යන වැඩ, හොර තැඹිලි කුරුම්බ කඩන වැඩ, ටික්කො අන්දන එව්ව වගේ මෙකී නොකී වීරකම් කොළුකාලෙ නොකල උන් ගැන කියන්න තීන්නෙ "විප්ලවවාදීන් නොවූ තරුණයින් සහ විප්ලවවාදී මහල්ලන් යන දෙගොල්ලන්ම ජීවිතය ජීවිතය විඳින්නෝ නොවෙති" යන්නයි.

      මිනිස්සුන්ගෙ අබාධ වලට හිනාවෙන එක වරදක්, ඒත් //"රඟමින්....ඉතා දුකින් තම රියදුරා මේ පවසා ඇත්තේ තම බිරිඳ විසින් විදේශගතව සිට එනවිට ගෙන ආ "මුද්දක්" ළිඳේ වැටුන පුවත බව ඔහුට තේරී තිබෙන්නේ වෙනත් සේවකයකු එහි පැමිණ වටහා දීමෙන් අනතුරුවය. ඒ බව ඔහු විසින්ම කතාව අවසන පවසන තෙක් අපද වැටුනේ කුමක්දැයි සිතාගත් නොහැකිව නොයෙක් කුණුහරුප සිතමින් සිටියෙමු."// යන ටික හරියට කියැවුවානම් හිනා වී ඇත්තේ කා හටදැයි ඔබටම වැටහෙනු ඇත.

      Delete
  15. ඔක්කොමත් හරි මේක ටයිප් කරපු හැටි තාම හිතා ගන්න බෑ.

    ඈ බන් අර කෑම මිල දරශකේ කොයි කාලෙද ?

    ReplyDelete
    Replies
    1. එව්ව තමයි හෙළුවෙං වනනව කියන්නෙ. ඔය කෑම දර්ශකේ චන්ද්‍රිකා නෝන ආ කාලෙ එකක්.

      Delete
  16. මට මාර අනුකම්පාවක් උපන්න බන් ඒ මිනිහා ගැන.. මුළු ජීවිත කාලෙම ඔහොම ....??? හිතා ගන්ඩවත් බෑ...

    අපෝ මලයාලම්..? මතක් කරන්ඩ එපා.. උදේ ඉඳන් ඇහිලා ඇහිලා කන්දෙක නිකන් හිරි වැටිලා තියෙන්නේ..

    ඇයි බන් පාලි.. ඒකෙන් බැරිවෙයිද ?

    ReplyDelete
    Replies
    1. අඩු වැඩි වශයෙන් ගත්තම අපි කවුරුත් ඔහොම තමා! සමහරු පුකෙන් කතා කරන එකේ මේ "මිනිහ" වටිනව ඊට වඩා.

      මල්ලු හොඳයි හැබැයි කතාවට නෙමෙයි, වෙන දේකට.

      පාලියෙ "ං" නෑ නේද?

      Delete
    2. // මල්ලු හොඳයි හැබැයි කතාවට නෙමෙයි, වෙන දේකට. //

      මට 'ෂකීරා' මතක් වුනා... :D

      Delete
  17. පික්සු..ආ එක දහස නවසිය අනු හතරෙන් පස්සේ තමයි ඔය කාලේ :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්, අපි ඒ ලෙවල් කරල ගෙදර උන්න කාලෙ.

      Delete
  18. මරු කතාව...මෙවගේ ඥ ඤ වලින් පිරිච්ච පෝස්ට් එකක් කියෙව්වමයි! පිරිත් පොතේවත් නෑ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්ව!

      සිංහලේ කියන්නෙ මාර බසක්!

      Delete
  19. කතාව සිරා . . .
    ප.ලි.ය සිරාම සිරා . . .

    ReplyDelete
  20. අප්පේ දිව බෙරගත්තේ බොහොම අමාරුවෙන් බං..හික් කතාව මරු

    ReplyDelete
  21. //ඔය වැඩවලට ආගිය ගමනකදි තමයි මට ලංකාවෙ වැඩිම දුරක් බස් තුනක මාරු වෙවී හොරෙන් ඇවිත් වාර්ථාවක් තියන්න// මේවද කලේ බොදු වැඩ වලට ගිහින් කලේ.මොනවා වුනත් වාර්තාවක් නේ

    ReplyDelete
  22. ඇඬෙන්න හිනා.... බලහල්ලකො ඉතිං අපේ වනචර මට්ටමක මහත..

    ReplyDelete
  23. ග, ද වලට ඤ දාන නිසා මම මුලින් ඒ දෙක දාලා වාක්‍ය තේරුම් ගන්න ගියේ. බැලින්නම් කොහෙද තිබුණු "ම" අකුරකුත් මේකට එකතු වෙලානේ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails