Sunday, May 19, 2013

කතරගම දෙය්යො කියන්නෙ ගොපයියෙක්ද?





නරක කතා කුණුහරුප කියනව කියල කලබල වෙන්න ඕන නෑ. පය්යියාගලට පයියාගල කියනව වගේ ගොපයියට ගොපයිය නොකිය කරුපයිය කියන්නයැ!

සාමාණ්‍යෙන් කතරගම ගිහින් මිනිස්සු කට වරද්ද ගන්නෙ නෑනෙ. ඒත් මේ කියපු කතාව මගේ මිත්‍රයෙක් කිව්වෙ කතරගම දේව්යන්ගෙ අඩවියෙ වැඩහිටි කන්දෙ, නඟින මග අතර තියෙන දේවාලෙක කපුවෙකුට.

ඔය වැඩහිටි කන්දෙ උඩ දෙන දේව දානෙ පේරුවක් ගන්න එක මහ අමාරු කාරියක්. මොකද සල්ලි කාරයො කතරගම දෙය්යන්ට ගෑවෙච්චි ගෑවිච්චි තැන් අයිතිකරගන්නවනෙ ඒ ගොල්ලො බලා කියා ගන්න. ඒත් ඉතින් මගේ මිත්‍රයගෙ තාත්තත් මේ දාන සළාකයක් ගන්න සමත් උනා, මිනිහගෙ සල්ලි බලේට වගේම ඔය වැඩහිටි කන්ද පන්සලේ ලොකු හාමුදුරුවො හෙවත් රාහුල මහ උන්නාන්සෙ අපේ ගමේ, ඒකියන්නෙ කල්දෙමුල්ලෙ කෙනෙකුත් හින්ද.

ඔය රාහුල උන්නාන්සෙ අපවත් උනාට පස්සෙ පන්සලේ අයිතියට ලොකු කේස් එකකුකුත් ගියා, තවම යනවදත් මන්ද!

කොහොම උනත් රාහුල සාදු කියන්නෙ යකාටවත් භය නැති උන්දැ. කොටිම්ම ප්‍රේමදාස එක්ක ගේම ඉල්ලල, පස්සෙ හිරෙත් ගිහින් ආව උනාට ප්‍රේමෙට මෙයාව මරන්න බැරි උනා විතරක් නෙමේ මිනිහ අන්තිමට සාදු එක්ක ගේම ඉල්ලන එක අතෑරලත් දැම්ම. එහෙව් පුතයගෙන් දානෙ සළාකයක් ඉල්ලගත්තු ඔය අපේ මිත්‍රයයි උන්ගෙ තාත්ත ගැනයි වෙනම පොතක් ලියතෑකි.

උත්සාහයෙන් දියුණුවෙන මිනිහෙකුට පටන්ගන්න තැන කොයිතරං නොවැදගත්ද කියල මම ඉගෙන ගත්තෙ මේ මිත්‍රයගෙ තාත්තගෙන්.

ඒ වගේම ඕනෑවට වඩා නීති දාල හදන දරුවො වැඩිපුර යන්නෙ යහමඟ නෙමෙයි මහමඟ කියන එකට මගේ මිත්‍රය හොඳ උදාහරණයක්.

ඔය මිත්‍රය, එහෙම නැතිනම් උගේ පෙට් නේම් එක වෙන "සුන්ණ" බොහොම හිත හොඳ ඒ වගේම යකෙකුටවත් භය නැති, කියන්න ඕන දේ තැන නොතැන නැතිව ඕන කෙනෙකුගෙ මූණටම කියන ජාතියෙ එකෙක්.

සුන්ණගෙ එහෙම මූණට දමල ගහපු ගොපයි කතාව වගේම තව එව්ව එලෝ කෝටියක් තීනව.

දවසක් මිනිහයි මායි බයිසිකලේ නැගල කල්දෙමුල්ලෙ අපේ ගෙවල් පැත්තෙ ඉඳල අත්තිඩියෙ වලක් බහින්න ගියා. එනකොට මහන්සි නිසා කළාපුරේ ගාව (අර අහුබුදුගෙ "නියැදි පහින පොළ" තීන්නෙ එහෙ තමයි.)  පොඩි කඩේක නැවැත්තුව තැඹිලි ගෙඩියක් ගහන්න.

අපි දෙන්නට ගෙඩි දෙක කපල හිල් කරල දුන්නම  සුන්ණ කඩේ බුවාගෙන් "අය්යෙ ස්ට්‍රෝ දෙකක් දෙනවද තීනවනං" කිව්වම කඩේ එකත් අස්සට ගිහින් දෙකක් ගෙනත් දුන්න. අපි ඉතින් ස්ට්‍රෝ දාන් තැඹිලි බොනව.

මේක දැකපු එතන උන්න වයසක අංකල් කෙනෙක් හරි විස්සෝපෙන් "අනේ ඉතින් දැං කාලෙ හැදෙන ළමයින්ට තැඹිලි ගෙඩියක් හරි විදියට බොන්න දන්නෙ නෑ නෙ, මෙව්ව ඉතින් මහ උන්දලගෙත් වැරදි" කියපි.

අනුන්ගෙ සීනි කිරපු අංකල් දිහා සුන්ණ බලාපු විදියට මට භය හිතුනෙ මූ " නිකං යන්න අංකල් xකා ගන්නෙ නැතුව" කියලවත් කියයිද කියල. මොකද එහෙමට මිනිහ.

ඒත් ඒ වෙනුවට අපේ එකා අංකලයට කියනව "අංකල් මෙව්ව මේ නිකන් ෆොරීන් ස්ටයිල් නෙමෙයි, මෙව්ව මේ නියම ඓතිහාසික පුරාණ සිරිත් හරිද" කියල.

ඒ පාර කොර වෙච්චි අංකල් "කොහොමද ළමයො මෙව්ව පුරාණ සිරිත් වෙන්නෙ, නිකං නොදන්න දේවල් කියවන්නෙපා අයිසෙ" කියපි.

අංකල් සුන්ණගෙ මල පන්නගත්ත බව මට තේරුන නිසා මම හෙමීට සල්ලි දෙන්න හදද්දි මූ අර අංකල්ට කියනව

" මේ අංකල්, ඕගොල්ලො වයසට ගියට දන්න බම්බුවකුත් නෑ, නිකං මෙතන හැම එකට තරුණයන්ට බණින එක තමයි කරන්නෙ. ඒ කාලෙ අංකල්ලගෙ සෙල්ලං ඇන්ටිලගෙන් ඇහුවනං දැනගන්න තිබ්බ. ඔන්න අද ඉගෙන ගන්න, මුලිම්ම ස්ට්‍රෝ දාල බිව්වෙ නළපාන ජාතකේ බෝසතානෝ. ඉතින් අපි බිව්වම මොනා වෙනවද" කියල.

එහෙම කියල එලියට ඇවිත් බලද්දි අර අංකල් ඉන්නව පුපුර පුපුර අපි දිහා බලගෙන.

පස්සෙ දාක තැඹිලි කඩේ අය්ය කිව්ව ඒ අංකල් කාරය සංස්කෘතික අමාත්‍යාංශෙ ලොක්කෙක්ලු, පරණ නාට්‍ය කාරයෙකුත්ලු. ඒ උනාට ඉතිහාසෙ දන්නෙ නෑ.

ඉතින් ඔය සුන්ණයි මායි උන්ගෙ ගෙදර අයයි කතරගම අර මං කිව්ව දානෙට ගිහින්, කට්ටිය උඩ දාගෙන දානෙ දෙද්දි වළක් බහින්න අපි දෙන්න පොඩ්ඩක් පහලට එනකොට තමයි දැක්කෙ මග අනු දේවාලෙක තේවාවට බෙර ගහල නලා පිඹිද්දි ගෑණු සෙට් එකක් කොණ්ඩ කඩන් නටනව හෝ ගාල. අපිත් සීන් එක බලා ඉඳල පස්සෙ නැටුමයි බෙරයි ඉවර උනාම එතන අනු දේවාලෙ අනු කපුවෙක් එක කතාවට සෙට් උනා.

කපුවත් අපරාදෙ කියන්න බෑ අපි අහන එව්වට බණ කතා, ආදි කතා එක්ක උත්තර දෙනව. කොහොමද කතරගමට දෙය්යො ආවෙ, කොහෙන්ද ආවෙ,කොහෙද උන්නෙ, ඇයි දෙමළු බිම පෙරළීගෙන දුක් විඳින්නෙ අරව මේව. සාකච්ඡාව ටිකක් බර සාර නිසා අහල පහල උන්න බැතිමතුන්, මතියන් එහෙමත් කණ දාගෙන තමයි හිටියෙ.

ඔහොම කතාව යන අස්සෙ මම ඇහුව ඇයි කපු මහත්තය මේ ගෑණු අයම නටන්නෙ කියල. ඉතින් කපුවත් සීන් එක පැහැදිලි කරා, කතරගම දෙය්යො මුලිම්ම ඇවිත් සෙල්ලෙ වල්ලි අම්මව සෙට් කරගත්තු විදිය, පස්සෙ තේවානි අම්මලව පාන අල්ලන්න ගත්තු හැටි, තව ඉන්දියාවෙ පරණ දේවතා බිරිඳ ගැන වගේ කතරගම දෙය්යන්ගෙ ඉන්න අනෙක් හොර ගෑණු සෙට් එක වගේ දේවල් කියල දුන්න. එහෙම විස්තර කරල මිනිහ සංකීර්ණව පැහැදිලි කරා කතරගම දෙය්යන් ටිකක් ස්ත්‍රී ලෝල දෙවියෙක්, අනික ටිකක් ස්ත්‍රී ආකර්ෂනය වැඩි එක්කෙනෙක්, ඒකයි ගෑණුන්ටම වැහෙන්නෙ" කියල.

මේ ෆුල් සීන් එක අහ්ං හිටපු අපී මිත්‍රය එක පාරම

"ඒ කියන්නෙ කපු උන්නැහෙ කතරගම දෙය්යොත් නිකං ගොපය්ය වගේනෙ. එන්නෙම ගෑණුන්ගෙ ඇඟටමනෙ " කියපි (ගොපය්යා යනු ගෑණුන්ගෙ ඇඟෙ සෑදෙන ඉණිකුණෙකු වැනි සතෙකුයි ජනවහරේ එයි ).

කපුව පරළ වෙන්න කලින් වටේ උන් පරළ උන නිසා මම යන්තං සුන්ණත් ඇදං එතනින් මාරු උනා. නැත්තං අපි දෙන්න තාම වැඩහිටිනව වැඩහිටි කන්දෙ!

පස්සෙ මම සුණ්නගෙන් දැනගත්තු විදියට ඔය කතාව ඌ අහුලගෙන තීන්නෙ බන්දුල ගුණවර්ධන මහත්තය්ගෙ ඉකෝන් පන්තුයෙදි. මිනිහ තමයි ඔහොම කතාවක්
මුලිම්ම කියල තීන්නෙ.

ඇත්තටම් කතරගම දෙය්යො ගොපය්යෙක් වගේ නේද? අත් දොළහයි, මූණු හයයි හරියට කෘමියෙක් වගේ. ඉතින් ගෑණුන්ට වැහිල්ල කෙසී වෙතත් එහෙම බැළුවම කතාව හරිත් වගේ!

77 comments:

  1. ඔය දෙයියගේ දෙපැත්තෙන් ගැණු දෙන්නෙක් ඉන්නවා නේද?

    අන්න ඒවට තමයි ළමයි නේ දිව්‍යලෝක සැප කියන්නේ.

    ඔය ඕනෑම පිංකමක් අන්තිමට කියන්නේත් කෙලින්ම නිවන් යන්ණ එපා, මුලින් දිව්‍ය ලෝක සැප විඳලා අන්තිමේ දී ඒ සේරම එපා වුණාම නිවන් යන්න කියලනේ.

    ReplyDelete
    Replies
    1. උබල වගේ සක්කිලි කතෝලික දහමටත් නිගාවක්. ඔපපාතික වෙච්ච තොට කොහෙන්ද බල්ලෝ ආගමක් දහමක් තේරෙන්නේ..............

      Delete
    2. කකා,

      දන්නවද, මුස්ලිම් අයගෙ සෙවන්ත් හෙවන් එකට ගිය ගමන් කන්‍යාවො කීයද්ද මන්ද දෙනවලු පාවිච්චියට. ඒ අතින් අපේ තව්තිසාවවට ගියත් කොහෙද එහෙම සැප.

      ඒ උනාට ගෑණු දෙන්නෙක් දෙපැත්තෙන් ඉන්න නිසා මට හිතෙන්නෙ කතරගමගෙ කන් ඇහීම අඩු ඇති මේ වෙනකොට.

      Delete
    3. අනේ ඇනෝ,

      ඔබේ ආගමානූකූල වදන් කොස්ස ඉතා අගෙයි! ස්තූතියි අදහසට.

      Delete
    4. @ කතන්දර කාරයා

      //..ඔය ඕනෑම පිංකමක් අන්තිමට කියන්නේත් කෙලින්ම නිවන් යන්ණ එපා, මුලින් දිව්‍ය ලෝක සැප විඳලා අන්තිමේ දී ඒ සේරම එපා වුණාම නිවන් යන්න කියලනේ...//

      මීමන ප්‍රේමතිලක "මට හිතෙන හැටි" කෘතියෙන් මේකට හොඳට සබ්බුව දෙනවා. ඇත්තටම දිව්‍ය ලෝක සැප සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන එකත් ත්‍රිවිධාකාර තණ්හාවෙන් එකක් වෙන භව තණ්හාව ගණයට දාන්න පුලුවන්.

      Delete
    5. ඒ උනාට පිනක් කරල දිව්‍ය ලෝකෙ නොගිහින් පලක් තියෙනවද. එහෙම උනොත් දානයක් දෙන්න කීදෙනෙක් ඉතුරුවෙයිද.

      Delete
  2. ඔය මුණු හයයි අත් දොලහයි ආව කියන්නේ ළමයි හය දෙනෙක්ව එකට එකතු කරලා මේ ස්කන්ධ ළමයාව හදපු හින්දලුනේ.

    චූ කරන ඒවාට මොකද දන්නෑ වුනේ. හයක් තියෙනවාද, නැත්තං සම්ප්‍රයුක්තියේ බලය ඇති එකක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. වටේ ඉන්න සෙට් එක දිහා බලපුවහමනම් සම්ප්‍රයුක්ත බලයෙ එකක් තමයි ඇත්තෙ.

      Delete
    2. NO NO EKA EKA NOVE, JOKKU 6, PUKA 6, PADA GODAI, CHOO EWWA 6, JAEE GODAI, OYA THIYENNE.

      Delete
    3. වැදගත් ප්‍රස්නයක්. බහිස්‍රාවීය සෙට් හයක් නම්, මාර සංකීර්ණ ටොයිලට් එකක් ඇත්තෙ පාවිච්චියට. අරව සම්ප්‍රයුක්ත වෙන්න බෑ. හයක්ම ඇති. ඒකනේ ඔච්චර ගෑණු හොයන්නෙ.

      ඇනෝ,

      කකා පෝස්ට් හයයි!

      Delete
  3. කතරගම දෙයියොත් අර ප්‍රියන්ත රත්නායකගේ ලක්ෂ්මී දේවතාවි වගේ කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකට. හැබයි අන්න පටන් ගන්නවා නම් බිස්නස්....

    ReplyDelete
    Replies
    1. තොවගේ අවජාතක ආගමක් දහමක් නැති සක්කිලින්ට මිටවඩා දෙයක් කුරුටුගාන්න බැරි නෑ. සක්කිලියා ඔප පාතික වෙසිගේ බල්ලා.

      Delete
    2. මේ පින්වතාගේ පියානෝ කාබිරි මුඩුක්කුවේ වෙන්ටෑ... සුවපත් වේවා...!!!
      මොකක්ද දන්නෙ නෑ අදහන ආගම....?

      Delete
    3. ප්‍රියන්තයත් ගිහිල්ල දේවාලෙ ගැහුවෙ සෙල්ලෙ සල්ලි වලට සල්ලි අදින්න හිතලනෙ. ඒකෙන් උනේ කතරගමට තව ගෑණියෙක් ලැබුන එකයි. වල්ලිට ඕව අවුලක් නෑ මයෙ හිතේ!

      Delete
    4. @ මාතලන්,ඉන්දික උපශාන්ත

      ප්‍රියන්ත රත්නායකගේ දේවාලේ කිව්වේ ඉර හඳ දේවාලෙද ?

      Delete
  4. අනේ මෙයාල දෙයියො පල් කරලා..

    ReplyDelete
    Replies
    1. දෙය්ය පස් දෙනව මෙහෙම ගියොත්! ඇයි අනේ ගෑණුම කියලත් කීයක්ද?

      Delete
  5. නලපාන ජාතකේ කියවපු නැති සංස්කෘතික ලොක්නා :)

    ReplyDelete
    Replies
    1. ඉන්න තරමක් ඉන්නෙ එහෙම ලොක්කොනෙ බං දැන්!

      Delete
  6. බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට සෑම විටම උත්සාහ කරමි. එයින් පිටස්තරවූ කිසිදු ඇදහීමක් හෝ යැදීමක් නොකරමි. හින්දු දෙවි වරුන් හෝ වෙනත් කිසිදු ආගමකට සම්බන්ධ දෙවිවරුන්, ඍෂිවරුන් විශ්වාස නොකරමි. එබැවින්ම බියෙන්, සැකයෙන්, මුලාවීමෙන්, තොරව ජීවත් වෙමි. සම්‍යක් දෘෂ්ටික දේව කොට්ටාශ සිටින බව පිලිගනිමි. එහෙත් මාගේ විමුක්තිය ඇත්තේ මා අතම බව දනිමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හරියට හරි.

      මගේ මෙහෙ ඉන්න ග්‍රීක් මිත්‍රයෙක් කියන්නෙ "මම මගේ පඩුවෙ ඉන්නව, දේව්යන්ට එයාගෙ පාඩුවෙ ඉන්න දීල. කරුණාකර මම ඔබට එක එක එව්ව ඉල්ලල කරදර කරන්නෙ නැති නිසා පාඩුවෙ ඉන්න දෙන්න".

      ඒ උනාට වැඩේ තීන්නෙ අපේ හාමුදුරුවරුයි, උපාසකම්මලයි, බිස්නස් කාරයොයි තමා හින්දු උන්ටත් වඩා දෙය්යො අදහන්නෙ.

      Delete

  7. යාළුවව අනුමත කරනවා ඇර වෙන කියන්න දෙයක් නැහැ මචන්..
    +++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කතරගම දෙයියො කියන එකා සක්කිලි දෙමලෙක් කියලත් අහලා තියනවා මචන් .බලපල්ලා මෙච්චර සත්‍ය දර්ශණයක් තියන ආගමකට නිගා දෙමින් තවමත් අපේ මෝඩ හෑතිකරේ මිත්‍යාව පස්සෙ දුවන හෑට් .කවදා මුන් හෑදෙයිද මන්දා .

      Delete
    2. සහන්,

      ස්තූතියි මචං!

      වැට ගැහුවෙ කෙන්ජිටයටද? :)

      Delete
    3. naha naha ubata saha sunnata.mageth oya dewala passe yana eka naha. aduma tharame machan mechchara wayasak welath mama katharagama gihin naha. halawatha thiyena loku dewaleta gihin naha. oya prasidda kiyana kisima thanakata gihin naha.

      Delete
  8. උතුම් කතරගම දිව්‍යරාජයාට අපහාසකල පාපය තොට පලදෙවා...!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කතරගම දෙවියෝ කියල එකෙක් නැහැ යකෝ. ඉන්නවනම් මේ කමෙන්ට් එක දාන මම තව දවස් 10 යන්න කලින් හත් කඩකට පැලිලා මැරෙන්න ඕනේ.මොනවද ඔට්ටු ...?

      Delete
    2. අන්න හරි මචන් මමත් උඹ එක්ක ඉන්නවා . මමත් මහා දේවාලෙ ඔය කියන එකාගෙ පිලිමයක් තියනවනම් ඒක උඩට නෑගලා කර දෙපෑත්තෙන් කකුල් දෙක තියලා ඔලුවට හොද බොකක් දාලා බහිනවා පුලුවන් දෙයක් කරන්න කියපන්.

      Delete
    3. කතරගම දෙයියො කියන එකා සක්කිලි දෙමලෙක් කියලත් අහලා තියනවා මචන් .බලපල්ලා මෙච්චර සත්‍ය දර්ශණයක් තියන ආගමකට නිගා දෙමින් තවමත් අපේ මෝඩ හෑතිකරේ මිත්‍යාව පස්සෙ දුවන හෑට් .කවදා මුන් හෑදෙයිද මන්දා .

      Delete
    4. ඔය අනේ AnonymousMay 19, 2013 at 10:42 PM. කතරගම දෙය්යන්ගෙ පුතෙක්වෙන්ටැ!

      දෙය්යොන්ට ලොකුම අපහාසෙ කරන්නෙ ඒකෙ දෙය්යොන්ගෙ දේ හොරා කාල මිනිස්සු මුලාවෙ දාල ජීව්ත් වෙන එතන ඉන්න කපුවොයි ලොක්කොයි සෙට් එක.

      අනික දෙය්යොන්ට මේ අපහාසෙට කලින් අපේ මිත්‍රය ඔන්දස්පොට් මේක කිව්ව නිසා මීට කලින් ඌට හරි, ඌටත් කියල දීපු බන්ධුල ගුරුට හරි කෙල වෙන්න එපාය. ඔය ඉන්නෙ දෙන්නම බැබැලි බැබැලි! අපි නොදන්න පල් දෙය්යො.

      Delete
  9. කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් රජ්ජුරුවෝ.සැකයක් තියෙනවා නම් කතරගමටම ගිහිල්ල විස්තර බලා ගන්න.කතරගම දෙවියන් දෙමල අයෙක් බවට කතාවක්ද තියෙන බව ඇත්තයි.ඒ උනත් කතරගම දේවාලයේ දෙමල කපුවන් (පුසාරිලා) නැත්තේ මොකද? සින්හල කපුවන් පමණක් ඇත්තේ මොකද කියලා හොයල බැලුවොත් නරකද? තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ පොත් වලත් තියෙනවා කතරගම දෙවීයන් යනු බෞධයෙකු බව.ඒවා කියවල තියෙනවද?

    මට කියන්න උවමනා blog එකක් ලියන එක හොඳ වැඩක්. එත් මඳ දැනීමකින් යුතුව එහෙම ලියන එක අපරාධයක්.මොකද මේවා වලින් තව දුරටත් පාඨකයන් අඳුරේ අතරමන් වන නිසා . පුළුවන් නම් කතරගම දෙවියන් යනු මහසෙන් රජු නොවේ කියල ඔප්පුවෙන සාදක ඉදිරිපත් කරලා blog එකක් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා ලියන්නකෝ මහසෙන් රජ්ජුරුවෝ කියලා ඔප්පු කරන්න පුළුවන් කාරනා...

      Delete
    2. කතරගම දෙයියො කියන එකා සක්කිලි දෙමලෙක් කියලත් අහලා තියනවා මචන් .බලපල්ලා මෙච්චර සත්‍ය දර්ශණයක් තියන ආගමකට නිගා දෙමින් තවමත් අපේ මෝඩ හෑතිකරේ මිත්‍යාව පස්සෙ දුවන හෑට් .කවදා මුන් හෑදෙයිද මන්දා .

      Delete
    3. wmk,

      කතරගම දෙය්යො කියන්නෙ අර පොළොන්නරුවෙ රජ වෙච්චි, මින්නේරිය හදවපු මහසෙන් නෙමෙයි කියන එක පැහැදිලියි. මොකද මහසෙන් රජ වුනේ දුටු ගැමුණුට පස්සෙ නිසා සහ දුටු ගැමුණු යුද්ධෙන් නින්නම කතරගම දෙය්යන්ට ඔය තීන තැන දෙවොල හදල දුන්න බව කියවෙන නිසා.

      ඒ උනාට කතරගම උන්න මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජෙක් පසු කාලෙක කඳ සුරිඳු උනාය කියල තව කතාවක් තියෙනව. ඒත් ඒ මහසෙන් කතරගමට අත් දොළහක් තිබ්බ බවක් ඉතිහාස කතාවල නෑ.

      අනික් මතය වෙන්නෙ කතරගම දෙවියන් කියන්නෙ ඉන්දියාවෙ මුරුගන් නමින් හඳුන්වන හින්දු දෙවියන් කතරගමට පැමිණ එහි වල්ලී නම් ශ්‍රීලාංකික කාන්තාව බිරිඳ කරගෙන මෙහි පදි\චි වෙච්ච වග. ඒ ඉන්දියාවෙන් ආව මුරුගන්ට දෙමළු හූ කියල පරිභව කරපු නිසා අද ඒ අය දුක් විඳිමින් දෙවියන් යදින බවත්, එදා මුරිගන් ට අතු පැලක් තනා දුන් වැද්දන් සිහි වීම පිණිස ඔවුනට අදත් දෙවොලේ සහ පෙරහරේ විශෙෂ ස්ථානයක් සිහි වෙන බවත් ( කතරගම දේවාලයේ ඉදිරිපිට ඇති කොළ අතු මැස්ස මේ සිද්ධිය සංකේතවත් කරන්නකි ) කියවෙනව.

      ඔය මොනව කොහොම කිව්වත් හැම දෙය්යෙක්ම ඉන්නෙ හිතේ. කතා අපී යනශෘතිය සහ සංස්කෘතිය පෝෂනය කරන නිසා අපේ දරුවන්ටත් ඉගැන්නුවට ඒ එක්ක බැඳුන අන්ධ විශ්වාස එහෙමම යන්න ඕනෙ කියල මම පිළිගන්නෙ නෑ ( ඒ මගේ මතය - ඔබේ මතය දැරීමට ඔබට අයිතියක් තියෙනවා.

      Delete
    4. @ wmk, ඉන්දික උපශාන්ත

      //...කතරගම දෙය්යො කියන්නෙ අර පොළොන්නරුවෙ රජ වෙච්චි, මින්නේරිය හදවපු මහසෙන් නෙමෙයි කියන එක පැහැදිලියි...//

      මහසෙන් කියන නමත් එක්ක අපේ සිහියට නැගෙන්න අනුරාධපුරයේ රජකම් කරපු වැව් හදපු මහසෙන් රජතුමා නිසා තමා මේ පැටලීම වෙලා තියෙන්නේ.

      බුදුන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී කිරිවෙහෙර ඉදිකළ බිමේත් සමවත් සුවයෙන් වැඩ ඉන්න බව වංසකතා දක්වනවා. එවකට කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය අධිපතියා වෙලා ඉන්නේ "මහාසේන" කියන පුද්ගලයා. පසුකාලීනව ඔහුව දේවත්වයෙන් අදහන්න පටන් ගත්තා කියන මතය තිබෙනවා.

      ඔහුට මිනිසුන් 6 දෙනෙකුගේ ශක්තිය තිබුණු නිසා මුහුණු 6 සහ අත් 12 එක් කළ බවත් කියවෙනවා.

      මේ හැරෙන්න ඉන්දික අයියා කියලා තියෙන කතාවක් මතයක් විදිහට තියෙනවා. ඒකෙදී කතරගම දෙවියෝ ඔකඳ ප්‍රදේශයට රන් ඔරුවකින් ගොඩ බැස්ස බව කියවෙනවා. තවමත් පර්වතයක් වුණු ඔරුව දැකගන්න තියෙනවා ඔකඳ වෙරළ ගාව.

      කොහොම නමුත් අනුරාධපුර කාලේ ඉදන්ම යුද්දෙත් එක්ක සම්බන්ධ දෙවියෙක් විදිහට කතරගම දෙවියන්ට ලොකු තැනක් හම්බුණු බව පේනවා. 1818 කැරැල්ල වෙලාවේදීත් කතරගම දේවාලෙට ආපු ව්‍යාජ රජතුමා දේවාභරණත් අරගෙන තමා කැරැල්ල පටන් ගත්තාය කියන්නේ

      Delete
    5. @ ඉන්දික/හසිත,

      කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ වැදගත් විස්තරයක් ඔය දෙන්නම කළා.මට හිතෙන අන්දමට ඒක blog එකේ මුල් ලිපිය වඩාත් අර්ථාන්විත කරනවා.ඔබ දෙදෙනාගේ එම විස්තර නොතිබුනා නම් කතරගම දෙවියන් ගැන වැරදි පින්තුරයක් තමයි එලියට එන්නෙ.(කතන්දර කාරයා ලියල තිබුනානනේ MRගෙ පෙර ආත්ම භාවය කතරගම දෙවියෝ කියල) (හාස්‍ය රසය හොඳ දෙයක් එත් තැන නොතැන නොබලා විහිලු කිරීමෙන් තමන් විහිළුවක් වන බව සමහරු දන්නේ නැති කම අවාසනාවක්)

      රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න.ශ්‍රීපාදය,කතරගම ආදී බෞද්ධ පුජනිය ස්ථාන වලට වෙනත් ආගමික සහ ජාතික උරුමයන් ඇති කතා ගොඩ නැගුනේ එහෙමයි. මේ කතා කොච්චර මුල් ඇදල තියෙනවාද කිව්වොත් කතරගම යනු දෙමල ජාතිකයන්ගේ මුල් පදිංචි ප්‍රදේශයක් බවත්,ඔවුන් ලංකාවේ මුල් පදිංචි කරුවන් බවත් කියන මතවාදයකුත් තවමත් යනවා, කතරගම සිටි සිංහල ප්‍රාදේශීය රජෙකු වූ මහසෙන් රජ තුමාගේ මරණයෙන් පසු එතුමා කතරගම දෙවියන් ලෙස පුද ලැබූ බව යටපත් වෙලා.නැත් නම් යටපත් කරන්න බොහොම දෙනෙකුට් ඕන කමක් තියෙනෙවා.ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්‍රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා.

      Delete
    6. @ ඉන්දික/හසිත,

      කතරගම දෙවියන් ගැන විස්තරාත්මක සහ වැදගත් විස්තරයක් ඔය දෙන්නම කළා.මට හිතෙන අන්දමට ඒක blog එකේ මුල් ලිපිය වඩාත් අර්ථාන්විත කරනවා.ඔබ දෙදෙනාගේ එම විස්තර නොතිබුනා නම් කතරගම දෙවියන් ගැන වැරදි පින්තුරයක් තමයි එලියට එන්නෙ.(කතන්දර කාරයා ලියල තිබුනානනේ MRගෙ පෙර ආත්ම භාවය කතරගම දෙවියෝ කියල) (හාස්‍ය රසය හොඳ දෙයක් එත් තැන නොතැන නොබලා විහිලු කිරීමෙන් තමන් විහිළුවක් වන බව සමහරු දන්නේ නැති කම අවාසනාවක්)

      රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න.ශ්‍රීපාදය,කතරගම ආදී බෞද්ධ පුජනිය ස්ථාන වලට වෙනත් ආගමික සහ ජාතික උරුමයන් ඇති කතා ගොඩ නැගුනේ එහෙමයි. මේ කතා කොච්චර මුල් ඇදල තියෙනවාද කිව්වොත් කතරගම යනු දෙමල ජාතිකයන්ගේ මුල් පදිංචි ප්‍රදේශයක් බවත්,ඔවුන් ලංකාවේ මුල් පදිංචි කරුවන් බවත් කියන මතවාදයකුත් තවමත් යනවා, කතරගම සිටි සිංහල ප්‍රාදේශීය රජෙකු වූ මහසෙන් රජ තුමාගේ මරණයෙන් පසු එතුමා කතරගම දෙවියන් ලෙස පුද ලැබූ බව යටපත් වෙලා.නැත් නම් යටපත් කරන්න බොහොම දෙනෙකුට් ඕන කමක් තියෙනෙවා.ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්‍රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා.

      Delete
    7. @ wmk

      //..රාජසිංහ රජ්ජුරුවන්ට තම පිතෘ ඝාතක අකුශලය අහෝසි කරගන්න බුදු දහමින් පිටුවහලක් නොලැබූ විට,කෝපයට පත් රජු බෞද්ධ ආරම,පොත්පත් සහ භික්ෂුන් වහන්සේලා විනාශ කර ඒ ස්ථාන හින්දු පුජක වරුන්ට(අරිට්ට කින් වෙඩුට) භාර දුන්න...//

      සීතාවක රාජසිංහ රජතුමා පීතෲඝාතකයෙක්ද කියන එක බොහොම තර්ක විතර්කවලට මැදිවුණු ප්‍රශ්නයක්. මායාදුන්නේ මියයද්දී ටිකිරි කුමාරයා කොළඹට එරෙහි ආක්‍රමණයක සිටි බවටයි තොරතුරු තිබෙන්නේ.

      කෙසේ නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ තිබුණු දරදඬු පාලනය එක්ක ඇතිවුණු කැරලි සඳහා භික්ෂූන් මූලික වීමත් ඒ නිසා රජතුමා භික්ෂූන් ඝාතනය කරන්න පෙළඹුණා කියන නිගමනයට එන්න පුලුවන්.

      ඒ හරහා රජතුමා භික්ෂූන් පිළිකුල් කරපු බවක් හිතන්න පුලුවන්.

      රජතුමා බෞද්ධ විරෝධියෙක් වුණා කියන කාරණේ බැහැර කරන්න තියෙන හොඳ සාධකයක් තමා මේ කාලයේදීත් දළදා පෙරහැර සීතාවක අඛණ්ඩව පැවැතුණා කියන්න සාධක තියෙන එක.

      //...ප්‍රාදේශීය පාලකයන් මරණයෙන් පසු දෙවිවරුන් බවට පිළිගැනිම මහසෙන් රජුට පමණක් නොව වෙනත් බොහෝ ප්‍රදේශික පාලකයන් උදෙසාද අනුගමනය කෙරුනා.උදාහරණයක් ලෙස උවේ සිටි ප්‍රාදේශීය පාලකයෙක්ද සිය මරණයෙන් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස බුහුමන් ලබනවා....//

      ප්‍රාදේශීය පාලකය්න් මරණයෙන් පසුව හැම විටම දේවත්වයට පත් කිරීමක් වුනේ නැහැ. මේ කරුණ නිවැරදි වෙන්නේ ජනතාවට අනර්ඝ සේවයක් කරපු එහෙමත් නැත්නම් වීරයන් වුණු රජවරු වගේම ප්‍රාදේශීය රජවරු දේවත්වයට පත් කෙරුණා කියන එක.

      උදාහරණ විදිහට සකලකලා වල්ලභ රජු - අස්වානේ දෙවියෝ, එයාගේ පුතාලා - කළු කුමාර දේවතා බණ්ඩාර දෙවියෝ, දුනුමාලේ දේවතා බණ්ඩාර දෙවියෝ, තනියවල්ලභ රජතුමා - තනියවැල්ලේ දෙවියෝ, වීදිය බණ්ඩාර - වෛතිය පංඩාර්, සීතාවක රාජසිංහ - ගනේගොඩ දෙවියෝ ආදී වශයෙන්.

      ඒ ගැන තව කතා කීපයක් මේ ලිපියේ ඇති

      http://aagiyakatha.blogspot.com/2012/09/16.html

      Delete
  10. කතරගම දෙවියෝ කියන්නේ මහසෙන් රජ්ජුරුවෝ.සැකයක් තියෙනවා නම් කතරගමටම ගිහිල්ල විස්තර බලා ගන්න.කතරගම දෙවියන් දෙමල අයෙක් බවට කතාවක්ද තියෙන බව ඇත්තයි.ඒ උනත් කතරගම දේවාලයේ දෙමල කපුවන් (පුසාරිලා) නැත්තේ මොකද? සින්හල කපුවන් පමණක් ඇත්තේ මොකද කියලා හොයල බැලුවොත් නරකද? තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ පොත් වලත් තියෙනවා කතරගම දෙවීයන් යනු බෞධයෙකු බව.ඒවා කියවල තියෙනවද?

    මට කියන්න උවමනා blog එකක් ලියන එක හොඳ වැඩක්. එත් මඳ දැනීමකින් යුතුව එහෙම ලියන එක අපරාධයක්.මොකද මේවා වලින් තව දුරටත් පාඨකයන් අඳුරේ අතරමන් වන නිසා . පුළුවන් නම් කතරගම දෙවියන් යනු මහසෙන් රජු නොවේ කියල ඔප්පුවෙන සාදක ඉදිරිපත් කරලා blog එකක් ලියන්න

    ReplyDelete
    Replies
    1. /* කතරගම දෙවියන් යනු මහසෙන් රජු නොවේ කියල ඔප්පුවෙන සාදක ඉදිරිපත් කරලා blog එකක් ලියන්න */

      මරු චැලේන්ජ් එක!

      අර රාවණා ගැණ වර්ගපුර්ණිකාව ලියු මිවනපාලනේ රාජපක්‍ෂත් ඔහොම කිච චැලේන්ජ් කලා!

      http://vargapurnikava.blogspot.com/

      Delete
    2. කතරගම දෙයියෝ කියන්නේ මහින්ද රාජපක්‍ෂ මෙලොව උපදින්න පෙර සිටි දේව ආත්මයයි.

      WMK, පුළුවන් නම් ඒක බොරුය කියා ඔප්පු කර පෙන්වන්න.

      Delete
    3. කකා/
      ඔබ ලංකාවට පැමිණි දවසක කතරගමට යන්නත් දිනක් දමා ගන්න.බෞධයෝ හැටියට අපි පළමුවෙන්ම දේවාලයට යන්නේ නැහැනේ.ඉස්සරවෙලාම යන්නේ කිරි වෙහෙර වදින්න. කිරිවෙහෙරේදී ඔබට මහසෙන් රජුගේ ප්‍රතිමාව සහ එතුමන් කතරගම දෙවියන් වූ හැටි කියවෙන ප්‍රකාශනය දකින්නට පුළුවන්. මේ මහසෙන් රජු කියන්නේ අනුරාධපුරයේ රජ කල මහසෙන් රජු නොවේ.මහසෙන් රජු (කතරගම දෙවී) මතු බුදු වෙන බවට කතාවක් ඇතත් ඊට වඩා පරිබාහිර කතාවක් මා අසා නැත.

      Delete
    4. ඔබට සිංහල දෙවිවරු ගැන දැනගන්න ඔය කිරිවීරෙ පුවරුව විතරද තීන්නෙ. කකා එක්ක කතරගම ගිහින් එච්චර මහන්සි වෙන්න එපා, ගන්න "සිංහල දේව පුරාණය" පොත. මට මතක විදියට මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස සහ තව කෙනෙක් තමා ලියල තීන්නෙ. හොයාගන්න සිංහල ජනශෘති තියෙන පොත් පත්. ඉන් පස්සෙ විධිමත් අධ්‍යනයකින් පස්සෙ අභියෝග කරන්න මහසෙන් තමයි කතරගම දෙය්යො කියල. නැටුව මේ එක බෝඩ් ලෑල්ලක් දැක්ක පලියට උඩ පනින්න එපා.

      Delete
    5. කොල්ලෝ WMK විහිලු අවුලක් නැහැ ඒ උනත් මේ වගේ ඉල ඇදෙන විහිලු කරන්න එපා මචන් !

      Delete
    6. @ wmk

      //..මහසෙන් රජු (කතරගම දෙවී) මතු බුදු වෙන බවට කතාවක් ඇතත් ඊට වඩා පරිබාහිර කතාවක් මා අසා නැත...//

      මුල් තැනේලා වන්දනා කරන විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ ආදී හැම දෙවි කෙනෙක්ම මතු බුදුවන කතාවට පදනම සැකසෙන ආකාරය පුදුම සහගතයි. විශේෂයෙන්ම නාථ දෙවියන් හැරුණු කළ අනෙක් දෙවිවරුන් කළ කී දෑ බැලීමේදී බුදු බව පතන බෝසත් කෙනෙකුන් විසින් බෝසත් චර්යාව තුළ එවැන්නක් කරාවිද යන්න සැක සහිතයි.

      නාථ දෙවියන් මතු බුදුවන බවට කීසියම් හෝ පදනමක් සැකසෙන්නේ මහායානික්යන් පිළිගන්නා අවලෝකිතේශ්වර බෝසතුන්ගේ දේශීය මුහුණුවර නාථ දෙවියන් වන බැවිනි.

      Delete
    7. @ wmk,

      අඩේ මචං උඹ විහිලුකාරයා කියලා දැන උන්නට මේ වගේ අන්දරේ කෙනෙක් කියලා දැන උන්නෙ නැහැ.

      Delete
  11. කොහොම උනත් කතරගම් දෙයියෙක් ඉන්නවා නෙව.. ඒ ඇති..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. මොකෙක් හරි ඉන්න නිසනෙ අපිත් ගිහින් ආතල් එකක් අරන් ඉඳල එන්නෙ.

      Delete
    2. @ දේශක යා, ඉන්දික උපශාන්ත

      ඇත්තටම කතරගම දෙවියන් සහ දේවාලය නිසා තමා කතරගම තියෙන්නේ. නැත්තම් ඒ පැත්තේ මිනිස්සුන්ට දෙවි පිහිටය

      Delete
  12. කතරගම දෙවියන් නැමැති මිථ්‍යාව ගොඩ නැඟෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් වටාය. (ඇලෙක්සැන්ඩර් හා ස්කන්ධ යන නම් වල සමානත්වය සලකන්න.) මෙන්න තව විස්තර. http://murugan.org/research/gopalapillai.htm

    ReplyDelete
    Replies
    1. මේ පස්සෙ ගෙනාපු මතයක් වෙන්න ඕන. මොකද මුරුගන් කියන්නෙ ශිව පාර්වතී දෙන්නගෙ බීජයක් කන්‍යාවො රක්කල ගත්තු යුධයට අයිතෙ දෙවියෙක් හැටියට තමයි හින්දු ඉතිහාස කතා පොත්වල තියෙන්නෙ.

      Delete
  13. මේ කියන කතරගම දෙවියා දෙමළ භක්තිකයන් හදුන්වන්නේ මුරුගන් යනුවෙන්...නල්ලූර් කෝවිලේ වැඩ සිටින්නේ ඔහුයි. මම ඔය කථාව නල්ලූර් කෝවිලේ පූජකයෙකුගෙන් විමසුවාම මිනිහාට නප්පියට තද වුනා...අපිට කතරගම දෙයියෙක් කියලා කෙනෙක් නෑ..අපිට ඉන්නෙ මුරුගන්...මෙහෙ ඉන්නෙ එයා...එයා ඉන්නෙ උඩු කයට ඇදුමක් නැතිව, ඒ නිසා මේ කෝවිලට එන පිරිමි පාර්ශවය ඒ විදියට එන්න ඕනෙ කියලා නියමයක් තියෙනවා කියලා පැහැදිලි කලා.

    දෙයියෙක් තාම දැක නැති නිසා ඇත්තටම ඉන්නවාදැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා ඒක හරි. ඇත්තටම මට හිතෙන්නෙ මේ මුරුගන් අපේ කතරගම සිංහල දෙය්යො එක්ක මික්ස් කරල දැන් අදහනවයි කියලයි.

      නැද්ද දන්නෙ නෑ උඩුකය නිරුවත් දේවතා කෝවිලක් පූසාරි ජොබක් බැරිනං අටුගාන එකක්වත් හොයාගන්න :)
      ( මම කිව්වෙ පිළිකුල් භාවනාව කරන අතරෙ පාර්ට් ටයිම් එකට කරන්න )

      Delete
    2. @ ඉන්දික උපශාන්ත

      දේවාලවලත් ඉස්සර කාලේ හිටිය [තාමත් ඉන්නවද කියලා ෂුවර් නැහැ] දේවදාසියෝ හිටියේ උඩුකය නිරුවත්වලු :P

      Delete
    3. ඔව් සමහර දේවාලවල. කොටින්ම මරියා මව් තුමීත් දේවදාසියක්ලුනෙ.

      Delete
  14. මේව දෙයියන්ගෙ ලෙඩ හැදෙන වැඩ
    නළපාන කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. දෙය්යන්ගෙ දේවාල ගැන පරණ ජන කතවක් මතක් උනා කස්සගෙ කමෙන්ට් එක දැකල. පස්සෙ ලියමු.

      Delete
  15. මමත් දෙවියන්ට යැදීමට කැමැත්තක් නෑ... කතරගම ගිය කිප වතාවෙම කිරි වෙහෙරට ගියා මිසක් අනිත් අය එක්ක දේවාලෙට ගියේ නෑ... ඒ නම් එතන පෙනෙන්නම කෙරෙන මට පේන විදියට විකාර වැඩ නිසා... දැනට නම් කොහොමවත් යන්නේ නෑ.. දැන් අලුතින් දේශනා කරන “ශුද්ධ වූ බෞද්ධ” කල්ට් වල ( කකාගේ වචනයක්) අය යන්නේ නෑ නේ දේවාල ගානේ... හි හි....

    ReplyDelete
    Replies
    1. අම්මප කතරගම නොයන එකමයි හොඳ නැත්නම් ඔය හී ....හී....එකට දෙය්යොත් මෙව්වා වෙනවා

      Delete
    2. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    3. කාන්තා පාර්සවේ කතරගම නොයන එකමයි හොඳ. දැක්කනෙ වෙන දේ.

      කෙන්ජිට, හිරුට සහ කක පුදුම ඇනෝ ආක්‍රෂනයක්නෙ අප්ප තියෙන්නෙ!

      Delete
  16. සමනල විප්ලවය ලියන්නෙත් ඉස්සර ටැබූ ලියපු කෙනාම ද?
    ReplyDelete
    Replies

       1.
          AnonymousMay 22, 2013 at 9:11 AM

          ටැබූ ඉන්නවා මේ වෙද්දීත් බ්ලොග් වල.අලුත් නමකින්,අලුත් බ්ලොග් එහෙකින්.පරණම බ්ලොග් ලියපු අය නම් පුද්ගලයාව හඳුනාගෙන ඉන්නේ මේ වෙද්දී.ඔබත් උත්සාහ කරන්න.ටැබුට හැංගෙන්න බැහැ.එයා ලියන වචනයක් වචනයක් ගානේ එයාව පේනවා.
          Delete
       2.
          AnonymousMay 22, 2013 at 9:33 AM

          ටැබූගේ ලක්ෂණ

          දේශපාලන විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
          සංකීර්ණ ගණිතය හැකියාව ඉතා ඉහළයි.
          භෞතික විද්‍යාව ගැන දැනුම ඉතා ඉහළයි.
          ව්‍යාපාරික දැනුම ඉතා ඉහළයි.
          සාහිත්‍යම දැනුම සාමාන්‍යයි.
          ජීව විද්‍යාව ගැන දැනුම ඉහළයි.
          විවිධ රටවල් ගැන දැනුම ඉහළයි.
          ලෝක දේශපාලනය දැනුම ඉහළයි.
          පරිගණක ගැන දැනුම ඉහළයි.
          කොකේන් භාවිතය සාමාන්‍යයි.
          ස්ත්‍රී ඇසුර සාමාන්‍යයි.
          වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය අල්පයි.
          එකිනෙකට වෙනස් හැසිරීම් ඉතා ඉහළයි.
          තම පුද්ගලික ජීවිතය ගැන එළි කිරීම අල්පයි.

    ReplyDelete
    Replies
    1. ටැබූ කියන්නෙ කවුද නෙමෙයි මචං වැදගත් ඌ ලියන්නෙ මොනාද කියන එකයි. අහල නැද්ද ඇතුළත්මුදලි මහත්තය කියල තියෙනව "කවුරු හරිද යන්න නොව කුමක් හරිද යන්න සොයන්න" කියල.

      Delete
  17. අභීත ගෙන් සල්ලි ඉල්ලා දෙන්ඩ කියලා කරපු කන්නලව්ව අහපු නැති හින්දද මන්දා මෙච්චර තරහ

    ReplyDelete
    Replies
    1. අභීත පහුගිය දවස්වල නැතුව ඉඳල ඇවිත් එයාගෙ බ්ලොග් එකේ කමෙන්ට් පබ්ලිෂ් කරපු දවසෙමයි මෙකත් ඇනෝ දාල තීන්නෙ. හරිම ස්වීට්!

      Delete
  18. http://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf

    ReplyDelete
  19. කතරගම දෙයියො කවුද කියන එක පැත්තක තියල කවුරුහරි කියපල්ලකො කතරගම ගිහින් වදින කතරගම දෙයියන්ගේ කඩ තිරෙන් එහා පැත්තෙ තියෙන්නේ මොකක්ද කියල.

    ReplyDelete
    Replies
    1. @ jhothisha lanka

      කඩ තිරෙන් එහා තියෙන දේ කියන්න තහනම් කියලා සම්ප්‍රදායක් කපු මහත්වරුන් අතරේ පවතිනවා. විශේෂයෙන්ම අලුතෙන් පත්වෙන බස්නායක නිලමේවරයෙක්ට වුණත් දේවාලේ අභ්‍යන්තරය පෙන්වද්දී ප්‍රධාන කපු මහත්තයා දෙවියන්ට පොරොන්දුවක් වෙනවාලු දේවාලේ රහස් හෙළිවුණොත් තමන් දේවාලේ පඩියේ ඔළුව ගහගෙන මියයනවා කියලා.

      කොහොම වෙතත් පවතින් විශ්වාස අනුව කතරගම දෙවියන් වැඩසිටි කන්දේ ඉදන් දුටුගැමුණු රජතුමාට දේවාලය පිහිටවිය යුතු ස්ථානය ලකුණු කරන්න එවපු ඊතලය දේවාභරණයක් විදිහට පවතින බව කියනවා. ඒ වගේමයි කතරගම දෙවියන් සම්බන්ධ මන්ත්‍රයක් ලියපු රන පතක් ප්‍රධාන පූජනීය වස්තුව විදිහට පවතිනවා කියලා තමා අහන්න ලැබිලා තියෙන්නේ

      Delete
  20. හරි...මෙතන විවිද අය විවිද මත ඉදිරිපත් කරලා තියෙනවා..කතරගම දෙවියන් හා එහි ඇදහීම පිළිබඳව ඇති සියලුම සැක සංකා දුරුකරගන්න පහත ලිපිය කියවන්න..මේක ලියල තියෙන්නේ කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති
    රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය,
    ආචාර්ය අලුත්වැවසෝරත නා හිමිපාණන් විසින්..
    http://upashantha.blogspot.com/2013/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. තිලින, වැරදීමකින් ඔබ පල කරල තීන්නෙ මේ පෝස්ට් එකේම ලින්ක් එක. හරි එක දාන්න. අදහසට ස්තූතියි!

      Delete
  21. මරු කතාව මේක නං.. ඉන්දික සහෝදරයා, දන්නවද, අපේ තාත්ත එකපාරක් කතරගම යනකොට අපේ නෑදෑයෝ සෙට් ඒකත් එක්ක වාහනේ කරකවන ගමන් බනිනවා "උඹල කතරගම් කිය කියා වඳින්න යන්නෙ අබ්බගාතයෙකුට, යකෝ දෙයියෝ තියා මූණු හයයි අත් දොළහයි තියන මිනිස්සු වත් ඉන්නවද?" කියල. ඒ දවස් වලම දේවාලේ පිළිමේ අතට නැගල දෙයියන්ගෙ හිස පළඳනාව ගලෝගන ගිහිං හොරෙක්. එකටත් බනිනවා" මුගේ ඔලුවෙ දාගෙන හිටපු එක රැකගන්න බැරි එකා කොහොමද තොපිව ආරක්ෂා කොරන්නෙ" කියල. ඔව්ව කියනකොට නැන්ද කෙනෙක් කිව්වා" අනේ මල්ලියේ කට වරද්දගන්නේ නැතුව එලෝපන්, උඹ හින්ද අපිත් ඇක්සිඩන්ට් වෙයිද දන්නෙ නෑ" කියල. එතකොට තාත්ත කියපි " අක්කෙ, දැන් මං මේක වමට හරෝනකොට දකුණට යනවා නං, බ්‍රේක් පෑගුවාම තවත් හයියෙන් යනවනං ඔන්න මං උඹේ දෙය්ය විශ්වාස කොරනවා, උඹට සුවර් නැත්තං බැහැල බස් එකේ වරෙන්" කියල. කට්ටිය තිත්ත බේත් බිව්වා වගේ සද්ද නැතුව ගියා ඊට පස්සෙ. යනකං එනකං තාත්තා "කතරගමය" කිය කියා දෙයියට බැන්න...

    ReplyDelete
    Replies
    1. සජ්ජ, දෙය්යො ඔක්කොම පල් වෙලා බං. මමත් කතරගම යනව සමහර දාට නිවාඩු ගියහම, ඒත් දේවාලෙට නෙමේ කිරි වෙහෙරට. නැත්තන් යාලට ගිහින් එනව.

      Delete
  22. දෙවිවරුන් ඇදහීම ලංකාවට එන්නත් උනේ ඉන්දියාවෙනි.කාගෙන්වත් උදව්වක් උපකාරයක් නොලැබෙන කුලහීන අසරණ ජනතවට එකම පිහිට වනුවේ,නොපෙන්නෙන බලවේගයකට විශ්වාසය තැබීමය.දකුණු ඉන්දියවේ ,නළුවන් මියගිය පසු තම සිරුරට ගිනි තබාගන්න මින්සුන් ජිවත්වන රටකි.සෛ බබා වැනි මැජික් කාරයනට වැඩ පුදන,ඉතා පහසුවෙන් මිත්ය්වට ගොදුරුවෙන,දුප්පත්,අහිංසක මිනිසුන් වෙසෙන රටකි ඉන්දියාව.මම හිතන ක්‍රමයට,කතරගම දෙවියන්, රුහුණට පැමිණියේ ඉන්දියාවේ සිටය.ඕනෑම පිටරට දෙයකට හා මිනිසෙකුට,එදා සිටම මෝඩ ලාංකිකයන් දැපනේ වටුනොය.ඒආකාරයට, ගැහැනුන් මුරුගන් වටේ දවටුනොය.මේ කතරගම කවසම්,මිනිසා හමු වීමට ඇති කරගත් සුක්ෂම ක්‍රමය තමයි,ඔහුට ආහාර වේලක් පිනට සපයා,දෙවියන් සමග ආදර සම්බන්දයක් ඇති කර ගැනීම.මේ නිසා තමයි අදටත් රොඩී ගැහැනුන්, කතරගම දේවාලයේ පුජාවට සබගි වන්නේ.කන්ද කුමරු හොඳ ආදරවන්තයෙක් නිසා,රොඩී ගැහැනුන් ඔහුට දැපනේ වටුනොය.

    ReplyDelete
  23. ඔය ඔක්කොටම වැරදිලා කතරගම දෙයියෝ කියන්නෙ පළතුරු මැස්සෙක් ඒකයි යන හැමෝම ඌට පළතුරු උස්සාගෙන යන්නෙ, අනික පොඩ්ඩක් හිතල බලන්න සාමාන්‍ය මනුස්සයෙකුට පුලුවන්ද මොනරෙක් පිට යන්න ???

    බැහැනේ ... නමුත් පළතුරු මැස්සෙකුට පුළුවන් :-D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails