Tuesday, June 15, 2010
හිතේ දුකකක් නැති මිනිහා........
අර කතන්දරටයි දුකාටයි එකතුවෙලා මාත් ලියන්න හිටියෙ තව ඉන්ස්පැක්ටර් කෙනෙකුගෙම කතාවක්. ඒත් අර සුන්දර මිනිහ, මාරයට වෙලා තීන දේ දැක්කම, එතන කමෙන්ට් එකක් දාල මෙක කතාව ඒකට සම්භන්ද කරල ලියන්න හිතුන. ඒ කමෙන්ට් එක දැකපු උන් දැන් පලු යන්න මට බනිනව ඇති. ඒත් කමක් නෑ මට ඕනි දේ උනානං.
හුඟක් ඉස්සර එක ගමක මර්තේලිස් කියල මිනිහෙක් හිටිය. ගමේ කවුරුත් මිනිහට කිව්වෙ "මරේ" කියල.
ඔය මරේට හිටිය බොහොම හුරුබුහුටි කොලු පැටියෙක්. කාලයක් දරු පල නැතිව ඉඳල ලැබුන නිසා මරේ මේ කොල්ලට පුදුම ආදරයක් තිබුනෙ. ගමේ උනුත් එහෙමයි. මොකද මේ පුංචි එකා එච්චරට හුරුබුහුටියි.
ඒත් ඉතින් ලෝකෙ ධර්මෙ හැටියට පෙර කළ පින් පවු පඩිසන් දීල වෙන්ටැ අනේ මේ කොළු පැංච අකාලෙ මියෑදුන කලෙ උණක් හැදිල.
ඉතින් මේ මරෙ ගොයියයි හාමිනෙයි පොළොවෙ හැපිල අඬල දොඩළ වැලපෙන් අතරෙ කොහොම හරි ගමේ කට්ටිය එකතු වෙලා මේ දරුවගෙ අවසං කටයුතුත් ඉවර කොලා.
දැං ඉතින් මිනිය වළදාල ආ දොහට පහු වෙන්ද වෙනකොට අර ගෙදර තනියට හිටපු අසල්වැසි නෑදෑයො සේරමත් යන්න ගියා. ඉතින් මරේට තවත් මාර දුකයි. ඇයි ඉතින් තමන්ගෙ වේදනාව තුනී වෙන්න කතා කොරන්නට කෙනෙක්වත් නෑ නෙ.
අන්තිමට ඉවසගෙන ඉන්න බැරිම තැන මරේ ගියා පන්සලට. ගිහින් හාමුදුරුවන්ට වැඳල එහෙම ඇස් දෙකේ කඳුලුත් පුරෝගෙන
" අනේ අපේ හාමුදුරුවනේ මගෙ මේ හිතේ තීන දුක නැති වෙන්ට මොනා හරි කියන්න, ඔබ වහන්සෙට බුදු බව අත්වෙයි" කියල කිව්ව.
එතකොට මේ හාමුදුරුවොත් එක පාරටම
" අපේ මේ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සෙ පන්දහසක් ආයු වළඳන්ට තිබිලත් අච්චර කලින් ඉරනම් ගමණ ගිය එකේ ඔහේ මේ නිකම්ම නිකං හොටු කොල්ලෙක් මලා කියල ඔච්චර දුක්වෙන්ට කාරි නෑ" කිව්වලු.
ඒ කඩප්පුලි කතාව ඇහුව ගමං උන්හිටි තැන් අමතක වෙච්චි මරේ තරහින් වෙව්ල වෙව්ල
" ඔහේට මගෙ කොල්ල හොටු කොල්ලෙක් උනාට ඌ මට මැණිකක්..නිකං ඔය වගෙ කතා කියල මගෙ කට අවුස්සගන්න එප..හුහ් හොටු කොල්ල..වෙන එකෙක් කීවනං මං උලනව උගෙ හොම්බ ගලේ “ කියල ආපිටම යන්න හැරුනලු.
ඒ පාර හාමුදුරුවො හිනා වෙලා
" මාරෙ උපාසක උන්නැහෙ මට කිව්වෙ හිතේ දුක යන්න යමක් කියන්න කියලනෙ, මන්න මං කිව්ව. දැන් හිතේ දුක නෑනෙ. තීන්නෙ තරහ විතරනෙ, එහෙම නේද? "
ඒක අහපු මරේ උපාසකගෙ මූණට බොහොම එලියක් වැටිල හාමුදුරුවන්ටත් වැඳල පින්දීල දුක තුනි කරාන සැහැල්ලුවෙන් ගෙදර ගියාලු.
දැන් උඹ මොකද කියන්නෙ මාරෙ. තාම හිතේ තීන්නෙ තරහද? ගානක් නෑ වෙරි හිඳුනම ඕක ඇරිල යයි. ඒත් මං කිව්වෙ බොරුද එක අතකට..පොඩ්ඩක් හිතල බලහන්ං කොල්ලො.
Subscribe to:
Post Comments (Atom)
නියම කතාව ඉන්දික අයියා ඔයා කියලා තියෙන්නේ :) මාරයාට වුණු දේ ගැන නම් කණ්ගාටුයි
ReplyDeleteවිසෙන් විස නැසේ... එල... හනේ මන්දා බන් දන්න හැම බාසවෙන්ම අරූට කිව්වා... වතාවක් කියවිල්ල වැඩිවෙලා මාත් එක්කත් අමනාප වෙලා බ්ලොග් එකත් නවත්තන්න බැලුවා... උගේ ටිකක් විතර පරන පොස්ට් බැලුවොත් පෙනේවි...දැන් ඉතින් උගේ හිත හැදෙන(?) දෙයක් කරනවා ඇරෙන්න මොකක් කරනවාද කියලා හිතන්න බෑ... රටක් වටින පොරක්...
ReplyDeletehi.... hi.....
ReplyDeleteමචං තුවාලේ තියෙන එකානේ එකේ වේදනාව දන්නේ . . අපි තුන් වෙනියෝ පිට ඉඳන් උපදෙස් දෙනන් ලේසියි ඒත් ඒක විඳින එකාට එක පාරටම පරන අක්මුල් ගලවලා විසි කරන්න බෑ මචන් . . . අපි ඌට බනින්නේ නැතුව ඌත් එක්කම ඉඳගෙන කරන්න පුලුවන් දෙයක් කරන්න බලමු නේද . . .
ReplyDeleteඒක තමයි මචං මටත් ඕනෙ. මං බැන්නෙ අර හාමුදුරුවො කරා වගේ. නැතුව උපදෙස් දුන්නට හිතේ තීන වෙදනාව අඩු වෙන්නෙ නෑ. ඒත් හිත වෙන දේකට යොදවනවනං ඒ ගැන හිතෙන, වෙදනාව දැනෙන ප්‍රාමාණය අඩු වෙනව.
ReplyDeleteඇත්තටම තේරුමක් තියෙන කතාවක්!!!
ReplyDelete@ කතන්දර,
ReplyDeleteකණගාටුව, සමහර ඇත්තෝ මෙහි තේරුම නොදැකීම හෝ දැක නොදැක්කා සේ සිටීමය.
පමණක් රස හැම දිවකටම නොදැනේ, ඉතින් මක් කරන්නද.
දුටිමි..
ReplyDeleteකිසිවක් නොකියමි.