Tuesday, April 30, 2013

මගේද, උගේද, නැතිනම් අපේද?




අරූ කුඩු ගෙනාවට මොකෑ මම ගහනවයැ...? ඒ හින්ද මට ඌ එක්ක අවුලක් නෑ..!

ඉතින් ඌ වෙඩි තියල මැරුවෙ මාවයැ..? මට මොකෝ...මට ඌ එක්ක අවුලක් නෑ..!

අරූ කොමිස් ගන්නෙ මගෙ සල්ලියැ...?ඔන්න ඔහෙ කරගත්දෙන්.. මට ඌ එක්ක අවුලක් නෑ..!

ඒ මිනිහ අල්ලගත්තෙ මගෙ ඉඩමයැ....?ඒක උන් උන් බේර ගත්දෙන්...මට ඌ එක්ක අවුලක් නෑ..!

අර මිනිහ දූෂනය කලේ මගෙ දුවයැ? අනික ඌ මට මොනතරන් උදව් කලා කියලද..ඒ නිසා මට ඌ එක්ක අවුලක් නෑ..!

ඉතින් ඌ බලෙන් උස්සන්ගියෙ මගේ ගෑනි නෙමෙයිනෙ. මම මොකට එච්චර හොඳ එකා එක්ක අමනාප වෙන්නද...මට ඌ එක්ක අවුලක් නෑ..!

ඌ හොරා උනාට කී දෙනෙක්ට උදව් කරල තියනවද. ඉතින් එහෙම අහක දාන්න පුළුවන්ද..ඒ නිසා මට ඌ එක්ක අවුලක් නෑ..!

දියුණු සමාජයක් යනු මම මෙන්ම අපි ගැනද එකසේ සිතන, මගේ සහ අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින, නීති ගරුක සහ ස්වාභිමානයක් සහිත මිනිසුන්ගෙන් පිරුණකි. එහි මා කල නරක ගැන ලජ්ජා වන්නෝ සහ හොඳ ගැන ආඩම්භර වන්නන් මිස එහි විලෝමය දැකිය නොහැක.

රටකට හරි නායකයන්, ජාති මාමක දේශපාලකයන් සහ වැඩ කරන ජනතාවක් ලැබෙනු ඇත්තේ මගේ සතුරන් නොව අපේ සතුරන් හඳුනාගත හැකි වුනු දිනක පමණි! අප එසේ හඳුනා නොගන්නා තුරු අරූගෙ සතුරා උගේ සතුරා වී ඌත් අරූත් නසා මා වෙතට එනු ඇති අතර එවිට මට ඉතිරිව වනු ඇත්තේ සතුරාගේම පිහිට පමණි!




First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.
Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.
Then they came for me--and there was no one left to speak for me.

Martin Niemöller (1892-1984)  

Picture from here..


ප/ලි

මම ලියාපු දේ අර මාතලං කිව්ව වගේ මගෙයි අභීතගෙ ප්‍රශ්නෙට විතරක් ලඝු කරන්න එපා. මෙතනදි අදහස් කරේ අපේ වටේ ඉන්න සමාජය සහ  අපිව පාලනය කරන්න අපිම පත් කරගන්න මිනිස්සු මොන තරම් හොරු වංචාකාරයො උනත් අපිට වෙන පුද්ගලික පොඩි වාසියක් නිසා සමාජය ඒ දේවල් නොදැක්ක වගේ ඉන්න එක සහ නොදැන වගේ එහෙම හොරු එක්ක නිදි වදින එක ගැනයි.


අභීතල "ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා " කියද්දි ඒ නොදැක්ක වගේ ඔයා හරී හොඳ මිනිහ කියල යටින් කමෙන්ට් දාන්නෙ, දුමින්දල හාස්කම් වලින් සුව වෙද්දි බස් පුරෝල පිළිගන්න මිනිස්සු එන්නෙ, ජාතික උරුම ඇමතිල වන්දි මුදල් වංචා කරන්නෙ, තව ඇමතිල ප්‍රසිද්ධියෙ ගිහින් කප්පම් ගන්නෙ, තව කට්ටිය ගස් බඳින්නෙ, හසිත කිව්ව වගේ අපේ සමාජය හිරි වැටිල ඉන්න නිසා. සමාජය හොරු සමඟ හෙළුවෙන් නිසා.

හරි නම් වෙන්න ඕන හොඳ කරන එකා තමන්ගෙ නමට පොඩි නරක නාමයක් වත් වදින එක ගැන වොරි වෙන එකයි. ඒත් වෙන්නෙ ගොඩක් නරක කරල පොඩි හොඳක් කරන එකෙන් ඒව වහගන්න හදන එකයි.

පහුගිය දශකය ඇතුලෙ ජපාන අගමැතිවරු දහයක් මාරු වෙනකොට අපේ එකක් වෙන්නෙ අපිට යහ පැවැත්ම ගැන නිසි තක්සේරුවක්, අවබෝධයක් නැති නිසයි.


Sunday, April 14, 2013

අළුත් අවුරුදු පැතුම!




පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

LinkWithin

Related Posts with Thumbnails