ඔබ පළමු කොටස කියා නැතිනම්, මෙතනින් ගොස් මුල දැනගෙන එන්න.
අය්ය මේ.......
පිටිපස්සෙන් ආව සද්දෙට මාව නතර උනා..මම හැරිල බලන්නත් ඉස්සල්ල එයා මං ගාවට ඇවිත්.
අර සුදු දිග ගවුමක් ඇඳල, ඔළුවෙ මල් කිනිත්තක් ගහපු සුන්දර සුරංගනාවිය..
අය්ය, ජීව කිව්ව මස් මාළු නැති කෑම මොනහරිත් ගේන්නය කියල.
සුරංගනාවි හිමිහිට ගෙම්බට කිව්ව
කවුද ඒ මස් නොකන හරක..?
හිතේ තිබ්බ දුකත් එක්කම තරහ කටින් පැන්න. චැහ්..ගෑණු ළමයි එක්ක කතාවක් පටන් ගන්න ඕන ටිකක් නිකං පැණි වළලු වගේ වචනවලින් කියන එක මතක් වෙන්නෙම නෑනෙ. අදත් ඉස්සෙල්ලම කිව්ව ගඩොල් භාග කතාවක්.. මට එහෙම හිතුනෙ මගෙ ප්‍රශ්ණෙත් එක්කම එයාගෙ මූණ ලයිට් ගියපු තොරණක් වගේ වෙච්චි හින්ද..
නෑ, ඉතිං අපේ නංගියි එයගෙ කැමප්ස් යාළුවො ටිකයිනං නොකන්නෙ කකුල් දෙකේ බොරු කකුල් කාරයොයි, කකුල් හතරෙනං මේස පුටුයි විතරයිනෙ. ඒකයි මට පුදුම හිතුනෙ!
මං එහෙම කිව්වම මෙන්න ආයි තොරනෙ ලයිට් එකක් දෙකක් එළිය උන..
එතකොට...ඔයාද ශාකභක්ෂක..?
ඒපාරනං බුදුරැස් මාලාවම එක පාර දිළිසුනා.
හ්ම්..
එයා හිනාව තදකරගෙන ඔළුව හෙල්ලුව..
හරි මං ඔයාට වෙනමම ගේන්නං, මයිලෝ බොනවද..?
එයා ඔළුව වෙනුවට ඇහිපිය හෙල්ලුව.
අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු එක මොහොතක්...
මං යන්නං අය්යෙ...
ඇහෙන නෑහෙන ගානට එහෙම කියපු සුරංගනාවි මගේ උත්තරේ නොගෙනම ආපහු හැරුන.
රැළ්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා...අදට වඩා එළිය හඳක් හෙට පායනවා...
මම ඔළුව දෙපැත්තට හොලව හොලව, සින්දුවෙ මතක් වෙච්චි පද දෙක ආයි ආයි කිය කිය ලොබි එක පැත්තට ගියා.
........................................................
තරුණ හාදයෙක් ඔළුවෙ සුම්බරයක් බැඳගෙන අෂ්ඨක කියනව. හැමෝගෙම ඇස් පෝරුව උඩ ඉන්න දෙන්නගෙ. එතන එක තොවිලයයි. රෙදි පටලවනව, තැළි පළන්දනව, බුලත් විසිකරනව..
ඒත් මං බලාගෙන හිටියෙ පෝරුවෙ එහා පැත්තෙ ඉඳල මා එක්ක හැංගිමුත්තං කරන හීනි ඇස්දෙකක් අල්ලගන්න.
ලඟටම එන්න දීල මට වෙට්ටුදාල දිව්වත් මම නෙමෙයි අතෑරියෙ. ඇස් හතිවැටෙනකල් දුවල අන්තිමට හිර කරගත්ත.
දඩස්...
මෙච්චර වෙලා වද දුන්නට තද කරල ආල්ලගන්නව කියල හිතුවත් එහෙම කරන්න උනේ නෑ. පොලයක් බිඳල පෝරුවේ නාටකේ ඉවර කරා..
කරඬුව ඇතුපිටින් බාන්න වගේ මනමාළි පෝරුවෙන් බහිනකොට, එයත් ඒ පස්සෙ වැටුන.
කටපාඩං කරපු නැටුං, ගස් ගල් වල ගහපු පින්තූර පෙන්නුවෙ නැති අපේ චාම් මංගල්ලෙට හතර දිග්බාගෙම්ම ආ අය එකතුවෙලා ඕපදූප ආගිය තොරතුරු කතා කරන වෙලාව.ඇවිත් හිට්ය නංගිගෙ යාළුවො, නෑදෑයො, හිතේ සතුට පුරෝගත්තු අම්මල මල්ලිල එක්ක කතා කරත්දි, ලොකු අය්යට වැඩ තිබ්බ.
මම හැම දේම කරේ සතුටෙන්. මට සතුටුවෙන්න හේතු කප්පරකුත් එකක් තිබ්බ. මාව කාලෙකින් දැකපු අය වගේම නොදැකපු අයත් ඇවිත් කතා කරනව. විස්තර අහනව. ඒ හැමෝටම තිබ්බ මට කියන්න එක පොදු කතාවක්.
ඊලඟට ඔයා තමයි...
මේක මට එයාට කියන්න තිබ්බනං..!
ආගිය කතා, විස්තර අතරෙ කේක් බන්දේසි ගත්තු ෂෙරීන්ගෙ පුංචි සුරංගනාවියි, මගේ හිතේ උන්න පුංචි සුරංගනාවියි එහෙට මෙහෙට යනව එනව.
මම ඉන්න තැනකට ආවොත් කේක් බෙදන ගමන්ම මටත් ඇස්කොනෙකින් බලල හිනාවක් බෙදල යනව. ඔය අතරෙ ඉඳහිට එයා කඩිමුඩියෙ මං ගාවට ඇවිත් ඇහෙන නෑහෙන ගානට පොඩි පොඩ් උදව් ඉල්ලනව, පණිවිඩ කියනව.
අය්ය, අර ආන්ටි තව කේක් දෙකක් ඉල්ලනවනෙ. මට දැන් ඒ පැත්තෙන් යන්නත් බෑ.
අය්ය, ජීව කිව්ව අපේ බොස් එක්ක ෆොටෝ එකක් ගත්තෙ නැති නිසා පුළුවන්නම් එයාව බාර් එක ගාවින් එක්ක එනවද කියල..
හැබැයි ඒ වැඩ හින්ද අපිට කතා කරන්න, මොහොතක් මූණ දිහා බලන් ඉන්න ඇති පදම් හේතු මතු උනා. ඒ හැම පාරකදිම මම සිළුනිගෙ ඇස් දිහා බලත්දි, හරියට පිටට ගහල දුවන පොඩි කෙල්ලෙක් වගේ ඒ ඇස් මං දිහා බලල පැනල දිව්ව.
සින්දු, පෝළිමේ කෑම, ඕපදුප, බෝතල් අඩි වලින් පස්සෙ ජෝඩුව අලුත් සූට් එහෙකින් කළ එලි බැස්ස. සංගීත කණ්ඩායම තාලෙ වෙනස් කරා.
මෙච්චර වෙලා බෝතල් අඩි බලල බල හිටපු, ආගිය කතා කිය කිය උන්නු බොහොමයක් තමන්ගෙ සද්ධන්ත බැරල් පෙරල පෙරල නටන්න ඉස්සරහට ආව.
නංගිව එයාගෙ කැම්පස් එකෙයි ඔෆිස් එකෙයි යාලුවො ටික කරේ තියාගෙන. අනුරාධයත් පොඩි අඩියක් ගහල පාවීගෙන එනව. ඌ කොහොමත් කන බොන එකා. හොඳට සින්දු කියන්නත් පුළුවන්.
මනමාළය නැග්ග ස්ටේජ් එකට..
මම ගන්නෙමී කරකාර බන්දාල පුන්චී....වලව්වෙ හාමිනේ දැන්....
අනුරාධයගෙ සින්දුවට කෙල්ලො නංගිට හූ කියක කිය අප්පුඩි ගහ ගහ වටකරගෙන නටනව..
සාරි හැට්ට අස්ස්සෙන් මස් කෑළි පැනපු ඇන්ටිල, මාස හතර පහේ බඩවල් තිබ්බ අංකල්ල විතරක් නෙමේ කොට්ට උර අස්සෙන් පන්දලං වගේ අතපය එලියට දාගත්තු කෙල්ලො, පච්චවඩං ඉන්දියන්, පක්ස්ථාන්, පුන්ජාබ් සූට්, සරොං, කළිසං ගහපු කට්ට කළු කොළුවො, එතනින් ගියහම තට්ටු තට්ටු ගවුම් ඇඳපු පුන්චි කෙළි පැට්ටො, අත් දිග කමිස උඩි දාගෙන, කෝට් එකේ බොත්තං කඩාගෙන නටන පුන්චි කොළු පැටව්...මේ වගේ නා නා ප්‍රකාර අමුත්තො රැළක් ඩාන්සින් ෆ්ලෝ එකේ.
අනුරාධයට කවුරු හරි තව ෂොට් එකක් ගෙනත් දුන්න. බයිසිකල් රේස් එහෙක අන්තිම කිලෝමීටරේ වගේ. හැමෝම උපරිම ජවයෙන් නටනව., කෑ ගහනව..කැමර තියෙන උන් ෆොටෝ ගහනව, එතන එක මඟුලයි..
ගිලෙන නැවක පණ බේරගන්න කාලගෝට්ටිය අස්සෙ ටෙඩිබෙයාව හොයන පොඩි එකෙක් වගේ මම සිළුනිව හෙව්ව.
ඩාන්සින් ෆ්ලෝ එක එහා පැත්තෙ කණුවකට මුවා වෙලා, නංගිගෙ ගොයින් අ'වෙ මල් බොකෙ එකත් තුරුළුකරගෙන සුරංගනාවි තනියමම..
එහෙට මෙහෙට යන එන අතරෙ දාගෙන තිබ්බ විස්කි වඩි දෙක, කණ්අඩි නටන සංගීතෙ, සාර්‍තක දවසක සැහැල්ලුව මාව උණුසුම් කරල තිබ්බෙ..
ඩාන්ස් කරමු...
සුරංගනාවි ගැස්සුන තමට හේත්තුවෙලා හිටපු මහ කනුවත් හෙල්ලුනාද මන්ද..
සින්දුවෙ මොකක් හරි බ්‍රෙක් එහෙකට සංගීතෙ නැවතුනෙත්, එයා ටිකක් සද්දෙන් ඒක කිව්වෙත් එකම මොහොතෙ.
පුස්ථකාලෙ මැද්දෙ ෆෝන් එක රින්ග් උනා වගේ..අහල පහල සේරම ඇස් අපි දෙන්නව වට කරා...
ඒ...මෙන්න මේ දෙන්නාආ... පැණි හලනෝ....
රත්වෙලා උන්නු අනුරාධගෙ වොයිස් එක මයික් එක හරහ, වයර් ගොඩක් අස්සෙන් ඇවිත් ස්පීකර්වලින් එලියට පැන්නෙ අපි දෙන්නගෙම ඇඳුං ගැලවිල යන තරං සැරට...
සුළිසුළඟෙ කේන්ද්‍රය වෙනස්වෙලා මනමාළිගෙන් අපේ දිහාට හැරුන... සිළු අතේ තිබ්බ බොකේ එක කවුරු හරි ගනිත්දි වැකුම් ක්ලීනරේට අහුවෙච්චි කූඹි දෙන්නෙක් වගේ අපිව ඩාන්සින් ෆ්ලෝ එකට ඇදල ගත්ත.
හාව ගිණිමැලේට පණිනකොට බේරගන මම සක්‍රය නෙවෙයිනෙ. මම හාවගෙ අතින් අල්ලගත්ත.. හූ කියන කෑ ගහන වැදි නැටුමෙ බිලි දෙන සත්තු දෙන්න වගේ අපි දෙන්න...මැදදින් තියාගෙන ...අරුන් වටේට නටනව..
සෑහෙන වෙලාවකට පස්සෙ මණමාල ජෝඩුවට පිටත් වෙන්න ඕන හින්ද සංගීත වැස්ස නැවැත්තුව.
ඒත් ඒ වෙනකොට මම සිළුව අත්දෙකෙන් උඩට උස්සගෙන වටයක් කැරකිලත් ඉවරයි.. ඇත්තටම මමම නෙමෙයි, අර විස්කි වඩි දෙක. ඔන්න ඕකනෙ ඩෝන්ට් ඩ්‍රන්ක් ඩ්‍රයිව් කියන්නෙ... කිසිම පාළනයක් නෑ...
වැස්ස නැවතිල, කොළපාට මැලවිල, ඉඩෝරයක් හැමතැනම...හිනා වෙනුවට, සතුට වෙනුවට මහන්සිය සහ වියෝගය මූණු වලට ඇවිත්.
මේ තරං වෙලා පපුව රිදෙන්න ඇහිච්චි ඩාන්සින් බීට් එක වෙනුවට සිහින් හඬින් ගීයක් ඇහෙනව..
පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානණී
මල් බෝනික්කන්
පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි
අද තනි වෙනවා
පියානනෙ ඔබෙ ආසිරි විඳ විඳ
ඉරනම් ගමනක්
යන්නට යනවා
හැමෝගෙම ඇස් වල කඳුළු.
හැමදාම හැමවෙලේම අපි වෙනුවෙන් දියවෙලා මිරිකිලා සේදිලා යන අම්මගෙ ඇස් වලට තවත් එක් සීතල වැහි දවසක්.
මහ ගලක් වගේ තද, මුහුද වගේ සැර තාත්තගෙ, ඇස් අස්සෙන් ඇවිත් කම්මුල් දෙකේ ඉරි ඇඳපු කඳුළු බින්දු පිටි අල්ලට මාරු උනා.
අම්මට තාත්තට වැඳල, කඳුලු පෙරපු නංගි, මගේ ගාවට ඇවිල්ල මාව බදාගත්ත.
මෙච්චර වෙලා සතුටට ඉඩ දීල හැංගිල හිටපු කඳුළු ඇස් අස්සෙන් එලිඅයට පැනල නංගිගෙ උරිස්ස සිපගත්ත්දි, ඒව නවත්තන්න මට හය්ය තිබ්බෙ නෑ. එයා අන්තිමය, මම පළවෙනිය, ඒත් අපි අතරෙ තිබ්බ බැම්ම මැද උන්නු දෙන්නවත් දැක්කෙ නෑ.!
නංගිගෙගෙ කඳුලු මගේ පපුව සීතලකරගෙන පහලට එනකොට මගේ කඳුලු ඒ පස්සෙ පන්නනව....උඹ දැන් ලොකු කෙල්ලෙක් නංගියෙ..මට එහෙම හිතල එයාට යන්න දෙන්න බෑ වගේ තවත් තදින් බදාගත්ත..
අපි දෙන්න දිහා බලන් උන්න කිසි කෙනෙක් මුකුත් කිව්වෙ නෑ..හැමෝම ගොළුවෙලා..
.......................................................
ඇස්වල කඳුළු වේලිල හිතලට පාළුව පිරෙත්දි, මමයි, මල්ලිලයි, සිළුයි අම්මයි තාත්තයි,නැන්දලයි හොටෙල් එකෙන් එලියට ආව.
පොඩී, ඔයා තාත්තයි, ගාල්ලෙ නැන්දලයි එක්ක ගෙදර යන්න. මම අම්ම එක්ක කෝට්ටෙ ගිහින් එන්නං..
වෙච්චි දේ මොක උනත්, තනියම ගෑණු ළමයෙක් එක්කං ගියාම ඒ අම්ම මොනව හිතයිද කියන්න බැරි නිසා මම එහෙම කිව්ව.
අම්ම එන්න ඉස්සරහට...මම පුරුදු විදිහට කැබ් එකේ ඉස්සර දොර අම්මට ඇරිය.
නෑ කමක් නෑ පුතේ මම පිටිපස්සෙ එන්නං..
මාව ජිවිතේ වැඩිපුරම තේරුන්ගත්තෙ අම්ම. එයා හැම දෙයක්ම කරන්නෙ කරේ අපේ සතුට වෙනුවෙන්. ඒ හින්දම නීති අඩුම පරිසරයක තමයි අපි හැදුනෙ, වැඩුනෙ. ඒත් අම්ම කෙනෙක්ගෙ මේ හැඟීම් සිළුනිට අමුතුයි වගේ!!
එයා හීන් ඇස් තවත් දික් කරගෙන, මූනෙ පුදුමයක් අලවගෙන අත්දෙකෙම්ම පුන්චි කේක්පෙට්ටියක් තුරුල්කරන් බලාන ඉන්නව.
නෑ අම්මේ, සිළුනි නංගි මගින් බහිනවනෙ. ඒ හින්ද අම්ම ඉස්සරහම ඉන්න, ලේසියි.
කතාවක් නැතුවම අම්ම ඉස්සරහට ගොඩ උනා.
ලොරියකට නගින පොඩි කොලුවෙක් වගේ සිළුනි ඒ පාරත් එල්ලිල නැගල, වකුටු වෙලා ඉඳගත්ත.
කොහොමත් නිස්සද්ද අම්ම, හිතේ දුකටද සතුටද මන්ද වචනයක්වත් නොකිය හිස් බැල්මෙන් පාරබලාගෙන.
ඒත් අපි කතා කරා…, ඇස්වලින්. මම මිරර් එකේ ලියනව, එයා කියවනව..
ගල්කිස්සට නුගේගොඩ මේ තරං ලඟ උනේ අපරාදෙ කියල මට හිතුන. අපිට පැය බාගයක් ගියෙත් නෑනෙ පාගොඩ පාරට එන්න! උදේ පාන්දර කළුවරේ ආපු තැනට දවල් එනකොට හුඟක් වෙනස්. මහ මන්දිර මැද තිබ්බ සිළුනිලගෙ කළු ගේට්ටුවයි, ගස් වලින් වැහුන පොඩි වැටයි එක්ක පරණ තාලෙ පොඩි ගේ සිහිකරන්නෙ තරුපහේ හෝටලේක ලොබියෙ තනිවෙච්චි, සරමක් ඇන්ද ගමේ බණ්ඩෙක්ව.
මම බිමට බැහැල, පිටිපස්සෙ දොර ගාවට වටෙන් එනකොට සිළුනිත් බිම.
යන්නං ආන්ටී..
සිළුනි පිටිපස්සෙ දොරෙම්ම අතදාල අම්මගෙ උරහිස අල්ල එහෙම කියල, අම්මට සමු දීල දොර වැහුව.
මං එන්නං...
එයා මට වෙනුවට මහ පොළොවට කිව්ව.
වහනේ ස්ටාර් එකේ නිසා, එලියෙ සද්ද අම්මට ඇහෙන්නෙ නෑ.
අපි ආයි හම්බුවෙන්නෙ නැද්ද?
සිළුනි උත්තරයක් වෙනුවට අතේ තියන් උන්න කේක් පෙට්ටියෙ කෙරවල නැමුව..
සිනහවක්වත්, කතාවක්වත් නැති මීටරක් විතර දිග තප්පරයක් ඇගිස්සෙදි "අම්ම බලාගෙන ඉන්නව.." කියල එයා ගේට්ටුව පැත්තට අඩිය තිබ්බ
සිළුනිට කලින් ගේට්ටුව ගාවට ගියපු මම, අත උස්සල කොක්ක පන්නල ඒක ඇරිය.
පොළොවෙ ගෑවීගෙන අමාරුවෙන් ඇරුන ගේට්ටු පලුව මේහැටි තද හින්ද වෙන්නැති උදේ කුරුබිලියකින් ආවෙ..
සිළුනිලගෙ දොරකඩට වෙලා මොන්ටිසෝරි ඇඳුමක් ඇඳපු ලස්සන පොඩි පැටියෙකුගෙ අතින් අල්ලාන ඔළුවට මොට්ටැකිලියක් වගේ එකක් දාගෙන උන්නු කෙට්ටුම කෙට්ටු සුදුමැලි වෙච්චි කාන්තාවක්, ගේ ඇතුලෙන් මතුවෙච්චි තවත් ගෑණුකෙනෙක්ට පොඩි එකාව අල්ලගන්න දීල හිමිහිට අපේ දිහාට ආව.
තෑන්ක්ස්..!
ගේට්ටුව ඇරියට ස්තූති කරපු සිළුනි ඇතුලට රිංගන අතරෙ "මම ජීවට කෝල් කරන්නම්.." කියල අමතර වචන ටිකකුත් එලියට විසි කරගෙනම අර ආපු කෙනා ලඟට ගියා.
අම්මෙ මේ ජීවගෙ අය්ය.
සිළුනිගෙ අම්ම මගෙ දිහා බලල හිනාඋනාද, විරිත්තුවද මන්ද!
ආන්ටි අපි ගිහින් එන්නං...නංගි කිව්ව මෙයාව ගෙදරටම පරෙස්සමෙන් එක්ක එන්න කියල, ඔන්න අම්මයි මායි ඒ විදිහටම කරා
මම එහෙම කියල හැරිල අම්ම දිහා බැලුව.
ගේට්ටුවෙන් යාන්තන් එළියට ඇදිච්චි සිළුනිගෙ අම්ම ඒ පාර අපෙ අම්මත් එක්කනං හොඳට හිනාවෙලා, ඔළුවත් ඇලකරල ස්තූතිය පෙන්නුව...
ඒ ගොල්ලො ඇතුලට උනාම මම එක අතින් උස්සල ගේට්ටුව වැහුවෙ, හැබැයි අරිනකොට තරන්නම් බරක් දැනුනෙ නෑ.
………………………………………………………….
නංගිට ආයි වැඩට යන්න තිබ්බෙ සතියකින්. ඒ වෙනකල් සිළුනිගෙන කෝල් එකක් එන්න ඉඩක් නෑ. හෝම් කමින් එකක් කියල ලොකු උත්සවයකිත් නැති නිසා, එදාට දකින්න වෙන්නෙත් නෑ.
මුලු ගෙදරම නිකන් ඔන් එකේ තීන ඒත් ස්පීකරේ නැති රේඩ්යෝ එකක් වගේ.
අපි දවස් දෙකකින් තිබ්බ අනුරාධ මල්ලිලගෙ ගෙදර තිබ්බ පාටි එකට යන්න ලැහැස්ති උනා.
.........................................
පහල අම්මල තාත්තලට ඔරෙන්ජූස් එක්ක අයිසින් කේක් දෙත්දි, තරුණ පිරිමි වෙන තැනකට එකතුවෙමින් උන්න.
අනුරාධ මල්ලිලගෙ ගල්කිස්සෙ ගෙදර උඩ රූෆ් ටොප් එකේ තමයි කොල්ලො ටිකට බොන්න සෙට් කරල තිබ්බෙ. වෙඩින් එකට නොආව ඒකගෙ යාළුවො, මල්ලිගෙ යාලුවො වගේ කොල්ලො මහ ගොඩක් හිටිය.
අනුරාධය එනකොට ගෙනත් තිබ්බ විස්කි ටික වෙඩිමෙදිම ඉවරවෙලා තිබ්බ නිසා, එතන තිබ්බෙ ගල් සහ නිල්.
ඉස්කෝල කතා, මඩ කතා, කයිවාරු පූචානම් වැඩිවුනේ බෝතල් වල තිබ්බ ඒව අඩුවෙනවට වඩා වේගෙන්.
හේතු ගොඩක් නිසා මම උන්නෙ ඒ සතුටු සමාජෙ මැද නෙමෙයි, අයිනෙ මේසෙක කයිවාරු අසන්නෙක් විදිහට.
පහල දෙමාපිය සම්න්ත්‍රන ඉවරවෙලා මංගල ජෝඩුවත් එතනට ඇවිත් ටිකක් වෙලා. ඒත් මට නංගිගෙන් මුකුත් අහන්න විදිහක් නෑ.
ලිහල දානකල් බලන් ඉන්න බලුපැටියෙක් වගේ මම නොඉවසිල්ලෙන්..
කට්ටිය සින්දු කියන ගානට රත්වෙලා. නංගිගෙ අත අතෑරපු අනුරාධය ගිටාර් එකක් තුරුලකරගත්ත.
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ.... නිදන නෙතු යුග සනසනා.....
එක හඬ දෙක තුන වෙත්දි, ගිටාර් සද්දෙට වඩා තදට තට්ටු සද්ද ඇහෙන්න ගත්ත...
අනුරාධ සින්දුවෙන් මත්වෙද්දි නංගි නැගටල වටෙන් මං ඉන්න පැත්තට ආව..."ලොකු අය්යෙ..පොඩ්ඩක් එනවද.."
බලුපැටියව නිදහස් උනා
...................................
මට සිළු කෝල් කරා අද දවල්
අහසෙ ඈතින් තරු එලියක් වගේ මතුවෙච්චි පුන්චි එලියක් ටික ටික දීපිතිමත් වෙමින් ඉස්සරහට එනව
ඉතින්?
මම තමයි බබා
ඔයා සිළු ගැන ගොඩක් දේ දන්නෙ නෑ ලොකු අය්යෙ..
හරි කියනවකො දැනගන්න..
මට ඒ පුන්චි එළිය මොකක්ද කියල තාම පැහැදිලි නෑ.
සිළු කැතලික්.
ඉතින්?
එයා මැරි කරන්න අදහසක් නෑ..
සලාං ගාල කවුරු හරි වීදුරුවක් අතෑරිය. කට්ටියට වැඩිවෙලාද මෙච්චර ඉක්මනට.!
ඒ මොකෝ.?
එයාට ඕන කොහෙද මන්ද ඕපනේජ් එහෙක සිස්ටර් එකෙන්ක් වෙන්න..
කොහෙ හරි චිත්‍රකතාවකත් ඔහොම එකක් තිබ්බ. විකාර!!
ඇයි ඒ..?
එයා අනාතවෙච්චි ගර්ල් කෙනෙක්.
එහෙනං අම්ම ඔය ඉන්නෙ..?
අනික මට ඒව වැඩක් නෑ. ඔයා දන්නවනෙ මම ඔය කිසිදෙයක් හොයන කෙනෙක් නෙමෙයි කියල. අපෙ අම්මලත් ඕව බලන්නෙ නෑනෙ.
මගෙ ප්‍රශ්ණෙට උත්තර නොදී නංගි අනුරාධල සින්දු කියන දිහාව හිස් බැල්මෙන් බලාන හිටිය.
ලොකූ, ඔයා සීරියස් කරනවනං මම සිළුට කතා කරන්නං. ඒත් ඊට කලින් ඔයා තව වැදගත් දෙයක් දැනගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් කැමති දෙයක් කරන්න. හැබැයි එකක්, ඔයා මේක පටන් අරගෙන එයාව බැන්දෙ නැත්ත, අපේ සහෝදර බැඳීමුත් එතනින් ඉවරවෙනව.
අහසෙ තරු මට කවදාවත් පිළිවෙලකට පෙනුනෙ නෑ..කොච්චර කිව්වත් ඒවගෙ තිබ්බ රටා මම දැකල නෑ.
මොනාද හලෝ කියන්නෙ..? පිස්සුද..?
ලොකූ...සිළුගෙ අම්මට බ්‍රෙස්ට් කැන්සර් එකක්.සෑහෙන්න ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නෙ. බෙහෙත් වලට එයාගෙ ඔළුවෙ කොන්ඩෙත් නෑ දැන්.
ඈත පෙනිච්චි එලිය සහෙන විසාල වෙලා. ඒක ප්ලේන් එකක්..රත්මලානෙ එයාපෝට් එක පැත්තට යනව වෙන්න ඕන. තව ටිකකින් මේ හරියෙන් යයි..
මගෙ හිතෙ හැඟීම් එක තැනක තියාගන්න මම අමාරුවෙන් ට්‍රයි කරන අතරෙ නන්ගිගෙ කතාව දිගටම කරගෙන යන්න ඉඩ දුන්න.
එයා අම්ම නැති දවසක සිස්ටර් එකෙන්ක් වෙන්න ඉන්නෙ ඒකයි.
ඒත් ඇයි ඒ..?
පහල ගෙදරක එලියෙ ලයිට් එකක් නිවෙත්දි, ගේ ඇතුලෙන් වෙන එකක් පත්තු උනා.
ලොකු, මේ විස්තරේ ඔයා කිසි කෙනෙකුට කියන්නෙ නෑ කියල මම දන්නව
නංගිගෙ හඬ බොහම අමුතුයි..
එයා හුස්මක් ගත්තෙ දුර කිමිදෙන්න වගේ.
සිළු ඒ ලෙවල් කරන කාලෙ යාලුවෙලා හිටපු බෝයි එයාව අනාත කරල..ඔයා යනකොට හිටිපු පොඩි එක්කෙනා සිළුගෙ පුතා...
එච්චරවෙලා තිතක් වගේ ඈතින් මතුවෙමින් තිබ්බ ප්ලේන් එක මහ ගොරහැඩි හඬක් එක්ක මගෙ පපුව උඩිම්ම ඇදිලගියා...මම වැටේ සීතල සුදු යකඩ බටේ තද කරල අල්ලගත්තෙ කකුල් වලට හය්ය නැතිවෙලා ගියා නිසා.
ඕනම වීරයෙකුට භාරගන්න බැරි අභියෝගයක් කවද හරි ලැබෙනව. අහසෙ තරු පටලැවිල..මම අමාරුවෙන් හිත එකතුකරගෙන කටහඬ බින්ද.
එතකොට..?
ඒක දිග කතාවක්. මම දන්නෙ ටිකයි. ඔයා දන්නවද ඇයි සිළු විතරක් තනියෙම මගේ බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් කරගත්තෙ කියල.
මම උත්තර දුන්නෙ නෑ. මට කතාකරගන්න හය්යක් තිබ්බෙ නෑ..
මගෙ වෙඩින් එක ගැන කතා කරන්නත් කලින්, ඉස්සරම දවසක අපෙ ඔෆිස් එකේ වෙන ගර්ල් කෙනෙක්ගෙ වෙඩි ෆොටෝ බලල් ලන්ච් වලට ගියහම එයා මට කිව්ව
ජීව, මට කවදාවත් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න තියා බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක්වෙන්නවත් දැන් ඉතින් බැහැනෙ කියල.
ඒත් මම එයාගෙ ඒ හීනෙ හැබෑ කරා..ලොකූ, මම එයාව බ්‍රය්ඩ්ස්මේඩ් කෙනෙක් කරා.. ..

පිස්ස..
ඒවට කියන්නෙ කතාකරනව නෙමෙයි තොල් මතුරනව...
මේ.. එයා මට දික් කරේ නංගිගෙ මල් බොකෙ එක.
ඕකෙන් මලක් කඩල මගෙ කෝට් එකේ ගහන්න, ඉන් පස්සෙ අපි දෙන්න ගිහින් හිමීට අර කා එකේ ඉඳගමු...
මට වඩා හොඳට විස්කි කතා කරා..

පිස්සුද?

හැබැයි මේක දන්නෙ අපි තුන්දෙනා විතරයි.
නංගිගෙ හඬේ සතුටයි දුකයි අතර මුහුවක් තිබ්බෙ. ඒත් මගෙ ඇස් වල කඳුලු නංගිගෙ බොඳවෙච්චි ඇස් වලට පේන්න නැතුව ඇති..! ඇත්තටම මට නංගිව බදාගෙන ඉඹින්න ඕන උනත් ඒකටත් හිතට හය්ය තිබ්බෙ නෑ..
එතකොට එයාගෙ තාත්ත?
යාන්තන් වචන එකතුකරගෙන, විනාඩියකට විතර පස්සෙ මම ඇහුව.
එයා කවදාවත් මට ඒ ගැන කියල නෑ ලොකූ...
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා
අනුරාධගෙ උස් හඬ බොතල් වල තට්ටු සද්ද වලට උඩින් පාවෙලා ඇවිත් හිත හූරගෙන පපුවෙ පතුලටම බහිනව.
කණ්නාඩිදෙක ගලවල කඳුලු පිහිදගත්තු මම, කැබ් එකකට අපි ඉන්න තැන පාර කියනව කියල ෆෝන් එක නංගිගෙ අතටම දීල ගිහින් හිස් වෙලා නොතිබ්බ බෝතලයක් ඉස්සරින් ඉඳගත්ත.
.....................................
හිතවත, මියගිය දරුවකුගේ මළකඳක් ගොඩදැමූ පියෙකුට, ඒ දරුවා බේරගන්නට කල යුතුව තිබූ වෙදකම් හෝ නොකල දේ ගැන ආඩපාලි සහ ප්‍රශ්ණවලින් දමා ගැසීමෙන් සෙතක් වෙයිද?

සෑහෙන්න සැලසුම්කර නිර්මාණය කළ කතා සන්දර්භයක්. දක්ෂ නිර්මාණයක්. හොඳ ජීවිත විවරණයක්. ඔහොම තමයි ලෝකේ හැටි කියන මෝඩ කියමනට වඩා යම් අත්දැකීමක් හිතට එකතු කරන වෘතාන්තයක්.
ReplyDeleteනංගි ග්‍රේට්.. උඹ කියුවා වගේ කරන්න ඕනි වෙච්චි සහ නොකරපු වෙදකම් ගැන අහන්නේ නෑ.. අළුත් අවුරුද්දට කලින් මේ පොලු පාර ඔළුවට ගහල ඉවර කරපු උඹත් ග්‍රේට්.. ජය ශ්‍රී!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමට දැනගන්න තියෙන එකම ප්‍රශ්ණය මේක ප්‍රබන්ධයක් විතරක්ද කියලයි...!!
ReplyDelete// සාරි හැට්ට අස්ස්සෙන් මස් කෑළි පැනපු ඇන්ටිල, මාස හතර පහේ බඩවල් තිබ්බ අංකල්ල //
ReplyDeleteඕක සේකර විස්තර කරන්නෙ මෙහෙමයි.. "යන වයසට මුක්කු ගහන බඩ මහත තඩි ගෑනු" (ප්‍රබුද්ධ)
අවසානය මට එච්චරම ඇල්ලුවෙ නෑ.. නිකං මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දුගෙ 'මල් දෙවැටයි ඔබ මගේ ජීවිතේ වගේ' කියලා හිතුනා.. හැබැයි ඉතින් මේ ගොතපු කතාවක් නෙවී ඇත්තම ඇත්ත නම් කියන්ට තියෙන්නෙ සත්‍යය ප්‍රබන්ධයට වඩා විස්මයජනකය කියලා තමා..
බුරා, ඔයිට අමතරව,
Deleteවිවාහයට විරුද්ද වීම නිසා තරමක් නෑය්න්ගෙන් ඈත්ව වසන, දුවෙකු සහ පුතෙකු පමණක් සිටින පවුලක, දුවට 19ක්, පුතාට 15 වනවිට මව මිය යාම, ඉන් ටික කලකට පසු ඔත්පොළ වන පියා දුවට 23ක් පුතාට 19ක් වන විට මිය යාම? මේක උනේ මගෙ බිරිඳට.
වැඩිමලා විවාහවන්නට සිටි තරුණිය විවාහයට කිහිප දිනකට පෙර කොළඹදී කොටි අතින් වෙඩි කා මියයාම, දෙවනි පුතාට පිළිකාවක් වැළඳීම, තුන්වෙනි පුතා අසාධාරණ චෝදනාවකට සිරගතවීම, මවට ආතරයිටීස් වැළඳීම, පියාට අංශභාගය නිසා එක්තැන් වීම යන සියල්ලම කෙටි කලක් තුල එකම පවුලකට සිදුවීම? මේක උනේ අපේ ඉස්සරහ ගෙදර ඉන්න ග්‍රාමසේවක අංකල්ට.
මේ වගේ ප්‍රභන්ධ වලට වඩා අපූර්ව සත්‍යන් තව සෑහෙන්න මං අත්විඳල තියෙනව.
උඹ බොර දියේ මාළු බාලා අම්ම අප්පා නැති කෙල්ලව රවට්ට ගත්තා නේද?
Deleteහෙහ් හෙහ් ඔව්, ඇනෝ හරියට හරි!
Deleteමුල දවස්වල හිතපු විදිහ වැරදුනානෙ. ඇත්තටම නොහිතපු අවසානයක්
ReplyDeleteහ්ම්ම්..සිංහයා එහෙනම් අපිට දුන්න අවුරුදු තෑග්ග මේකයි..දෑත බදලා පොලු පාරක් ඔළුවටම!
ReplyDeleteසිළුට බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් වෙන්න බැහැ කිව්ව තර්කේ බිඳින්න පුළුවන් නම් පෙම්වතියක්/බිරිඳක් වීමට නොහැකියි කියන තර්කෙත් බිඳින්න පුළුවන් වෙන්න ඕන, හැබැයි පරිස්සමින්.සමාවෙන්න අවසාන සටහන එහෙම වුණාට මේක නොකියා ඉන්න බැරිවුණා.
දුක තමයි.
ReplyDeleteහැබැයි එළෝලු ජීවිතයකින් බේරුණා නේද?
පියයුරු පිළිකා නම් හැම විටම ජෙනටිකල් නෑ.
දැන් අම්ම මැරිලා සිළුනි පැවිදි වුණාම අර ළමය බලා ගන්නේ කවුද?
ඇයි බං උඹ ලමයත් එක්ක හරි ඒ කෙල්ල බැන්ඳා නම් ඔය දැන් කරගහගෙන ඉන්න එකට වඩා හොඳ නැද්ද?
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteදිග වැඩියෝ... කියෙව්වේ නැත..
ReplyDeleteමොන හුන්නස්ගිරියක්ද බං.උඹට ලියන්නත් ඕනෑ දික් වෙන්නත් බෑ.මොකෝ බොට මගක් කියවද්දි සිංහල අමතක වෙනවද?
Deleteඇත්ත කියන්න එපයි බං උදේ ඉඳන් අනුමත වෙලා ඉන්නේ.. ඒ වෙලාවට ඉස්සෙල්ලම බලන්නේ පෝස්ට් එකේ දිග පළල.. මම හිතන්නේ මූ පොඩි දෙයක් කියන්නේ.. ළොකුවට.. නැතුව මූ ලියන හැම එකම නොබලනවා නෙමෙයි.. ඒත් ඊයේ අර කෙහෙල්වත්තේ එකාගේ එක නම් පට්ට රහයි..
Deleteසිංහයා ?ටත් දරු පවුලටත් සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!!අද නිවාඩු නෑ නේද බං.අපිට නං ඊයෙයි අදයි දෙකම නිවාඩු.
ReplyDeleteස්තූතියි හැළපෙ, උඹලටත් සුභ අලුත් අවුරුද්දක්. අපිට කිරිබත් කන්න වෙන්නෙ හවහගෙදර ගියාම තමා.
Deleteශ්හ් පට්ට ලියවිල්ලක් නේ බන්....... කියෙව්වට පස්සේ ඔපිසිය මැද්දේ ඇස්දෙක පොඩ්ඩක් දැවිල්ල ගත්තා වගේ
ReplyDeleteදෙහි බිංදු දෙකක් මිරික ගනිං හරියයි.
Deleteහ්ම්ම්ම් රස වින්දා ස්තුතියි.
ReplyDeleteජීවිතේ කියන්න මහ පුදුමාකාර දෙයක් තමයි. සමහරු අත්විදින සමහර සිදුවීම් බලපුවම ගූඩ බවක් පේනව.
ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තූතියි ....! උඹලටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!
Deleteකතාව ලස්සනයි. මුල ඉඳන් අගටම කියෙව්වා. මේක ඇත්ත කතාවක් නොවේවා කියලා හිතාගෙන තමයි කියෙව්වේ.
ReplyDeleteතව දෙයක් අර වගේ කෙනෙකුට පැවිදි වෙන්න බෑ.
මෙච්චර කරකෝල කරකෝල අන්තිමට ඇවිල්ල තියෙන තැනනං කියල වැඩක් නෑ.
ReplyDeleteමේක කියෝල ඉවර උනාට පස්සෙ අපිටත් වෙන්නෙ ඔන් එකේ තීන ඒත් ස්පීකරේ නැති රේඩ්යෝ එකක් වගේ වෙන්න.
ඉන්දිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
දැන් ඉතින් මේකෙ කතා නායකයට මොනවත් කියල වැඩක් නෑ. ඔය විදිහෙ කෙනෙක් බැන්ද යාළුවෙකුට කසාදෙට අත්සන් කරන්න සිද්ද උනා. නෑදෑයො, සමහරක් යාලුවො වෙඩිමට ආවෙත් නෑ. මේ මාසෙ අන්තිමට උන් දෙන්නගෙ ලමය ඉපදෙන්න ඉන්නව, පලවෙනි දරුවට තාත්තෙක් වෙච්ච මේ යාළුවට මම පට්ට රෙෂ්පට් .
ReplyDeleteකූංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං..........................
ReplyDeleteස්විච් එක කැඩුන රේඩියෝ එකක් වගේ තමා...
අන්තිම වාඛ්‍යය නිසා මීට වඩා අදහසක් කියන්නෙ නෑ.මේ අනුභූතියෙන් චිත්‍රපටියක් වත් කෙරෙනවා නම්... වසන්තය නිසා බොහොම වටිනා තෑගි වැස්සක් වැටුනා..
ජයවේවා..!!