Tuesday, May 20, 2014

ඉරිදා ලක්බිම පු ක හොරකම් කල හැටි...!!! Lakbima



ලක්බිම කියන්නෙ මම ගොඩක් කල් ඉඳන් කියවපු, අනික් පත්තර වගේ බොරුව මිථ්‍යාව වපුරන්නෙ නැතිව තරමක් දුරට මැද මාවතක ගිය ( මෙහෙට පත්තර ගේන එක නතර කරල හින්ද දැන් අවුරුද්දක් විතර වෙනව කියවන එක නතර වෙලා - ඉතින් මැද මාවතේ යන කියන වචනෙ ලියන්න බෑ ) පත්තරයක්.

කොටිම්ම ඔය කතන්දර කියන උන්දැ ලියාපු ලිපියක් ලක්බිමේ තියෙනව දැකල තමයි මම සිංහල බ්ලොග් ගැන මුලිම්ම ඇහුවෙ සහ සිංහල බ්ලොග් හොයගෙන එන්න පෙළඹුවෙ. ඉතින් මගේ බ්ලොග් ආගමනයට මුල් වුනු එක හේතුවකුත් ලක්බිම.

අනික් පැත්තෙන් මේ මැයි මාසෙ කියන්නෙ අමාරුවෙන් ලිපි එකසිය තිහක් විතර ලියල ඇදගෙන ආපු මගේ සැහැල්ලුව බ්ලොග් එකේ හතරවෙනි සංවත්සරේ යෙදෙන මාසෙ.

ඔන්න ඔය මැයි මාසෙ මම මගේ බ්ලොග් එකේ දාපු සුනිල් පෙරේරාගේදුන්තෙල් බත් දන්සැකියන ලිපිය මගේ ප්‍රියතම සහ මට බ්ලොග් වලට පාර පෙන්නපු ඉරිදලක්බිම මේ පහුවෙච්චි මැයි දහ අටවෙනි ඉරිද රිද්ම අතිරේකයෙ දාල! 


හැබැයි කාරණාව කියන්නෙ අදාල කතාව දාල තීන්නෙ මගේ පරම්පරාවෙවත් නැති කාගෙද මන්ද එකෙක්ගෙ නමක් ලොකුවට දාල මිසක් මගේ නම හෝ බ්ලොගේ ගැන සඳහනක් කරල එහෙම නෙමෙයි.

එක අතකින් තමන්ගෙ ලිපියක් ප්‍රධාන ධාරවෙ තම්න් කැමති වර්ගෙ පත්තරේක යනකොට එන සතුටයි, ඒක වෙන කෙනෙකුගෙ නම ගහල, මගේ නම තිබ්බ කොටස් කපල අමු අමුවෙ හොරකන් කරල කියල දැක්කම දැණුන කළකිරීමයි අතරෙ හැඟීමක තමයි මම පහුගිය දවස් දෙකේ හිටියෙ.

කොහොම උනත්, ලක්බිමේ අය්යල මට දුන්න ගේමට ගැලපෙන ගරිල්ල රිටන් එකක් දෙන්න මමත් තීරනය කලා.

දැන් කාට හරි ඔය "ඉරිදා ලක්බිම පුවත්පත් තුවරයා හොරකම් කල හැටි" කියන හෙඩිමෙ පුවත් පත් කතුවරයා කියන වචන දෙක කෙටි කරල අතර මැදට තිතක් තියල කියල පෙනුනෙ නෑ කියනවනං, මට කියන්න තියෙන්නෙ අච්චර අර ලක්බිම පත්තරේ මහත්තයලට මේ කතාව ලිව්වෙ ඉන්දික උපශාන්ත කියන එක නොපෙනුන එකේ ඕකත් ගනං ගන්න තරං දෙයක්ද කියල විතරයි.

මේ දේ ගැන ඔත්තුව මුලිම්ම දුන්න වී පොකුරෙ වීයටත්,බ්ලොග් දන්සැලක් දාලද අහපු අරූ සහෝදරයටත් ස්තූතියි!


ප/ලි

සහෘද බ්ලොග් රචක රසික සූරියආරච්චි මහතා විසින් මේ සිද්ධිය පිළිබඳව ඉරිදා ලක්බිම ප්‍රධාන කතෘ අනුර හොරෙෂස් මහතාගෙ සහ කතුමඩුල්ලේ තිස්ස ප්‍රේමසිරි මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයන්ට අද (මැයි 21 දින ) උදෑසනින්ම දීර්ඝ සහ සවිස්තරාත්මක ඊමේල් ලිපියක් යවා තිබිනි. 

එයට පිළිතුරු ලෙස අනුර හෝරේෂස් මහතා විසින් " රසික...ඔබට ස්තුතියි මේ විස්තරයට. මම මේ ගැන සොයා බලන්නම්.! - අනුර හොරේෂස්." යනුවෙන් පිළිතුරක්ද එවා ඇත.

රසික, ඔබ කල ක්‍රියාව සහෘද බ්ලොග් කරුවෙකු වෙනුවෙන් කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන්ගේම අයිතියක් වෙනුවෙන් නොපමාව කල මැදිහත්වීමක් සහ මෙහෙවරක් ලෙස දකිමි. ඔබට බොහොමත් ස්තූතියි! 




ප/ ප/ලි

පසුගිය මැයි 21 දින අප හිතවත් ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරිය මහතා විසින් මේ ගැන ලක්බිම ඉරිදා සංග්‍රහය ප්‍රධාන කතෘ "නිහාල් පීරිස්" මහතාගේ පුද්ගලික ඊමේල් ලිපිනයට දීර්ඝ ඊමේල් පණිවුඩයක්, ඒ වනවිට මෙහි පලව තිබූ 96 වූ කමෙන්ට්ස් ද සමඟ සටහන් කර යවා ඇති අතර එයට පිළිතුරු ලෙස "නිහාල් පීරිස්" මහතා විසින් "
Dear Henry,  I have already taken action on this. A correction will be published next week (2 June) Ridma. Pl  inform ur friend as well. Rgds, Nihal." ලෙසින් පසුදින (22) පිළිතුරු එවා තිබුනි.

හෙන්රි, නැවතත් මා පැවසන්නෙ ඔබද මෙය මිතුරෙකුට කල උපකාරයකට වඩා සමස්ථ සිංහල බ්ලොග් රචකයන් වෙනුවෙන්ම කල මැදිහත්වීමක් සහ
මෙහෙවරක් ලෙස මා සිතන බවයි. ඔබටත් ඒ වෙනුවෙන් මගේ ප්‍රණාමය!



(මේ පින්තූරෙ කම්මැලිකමට ඇනෝනිමසයාගෙන් ඉස්සුවෙමි.)
පොරොන්දු වෙච්චි විදියටම ඉරිද ලක්බිමේ මේ ගැන නිවැරදි කිරීමක් සටහන් කරල තියෙනව. ඒත් ඒ සටහන නිවැරදි එකක්ද කියන ගැටළුව දැන් ඇතිවෙලා තියෙනව.

මේ ගැන මේ මොහොතෙ කතන්දරගෙ අඩවියෙ ඔහු විසින් අගනා උපැහැරනයක් සහිතව ලිපියක් ලියල තියෙනව. ඒ වගේම මේ ඉඳුරුවේ ආචාරියා වගේ වෙච්චි නිහාල් පීරිස් මහත්තයට මේ ගැන වෙනම ලිපියකින් දැනුම් දෙන්නත් බලාපොරොත්තුවෙනව. ඒත් මේ නිවාඩු කටේ වැඩ ගොඩගැහිල නිසා තමා සේරම විනෝදාංශ අතෑරෙන්නෙ.

මේ කාරණවෙදි මට උදව් කරපු, අදහස් දක්වපු සහ පොදුවේ සියළු බ්ලොග් කරුවන්ට අනාගතයේ ඇතිවිය හැකි ගැටළුවක් වෙනුවෙන් එකතු වූ සැමට ස්තූතියි...!!.

155 comments:

  1. ලක්බිමේ වැඩේ කැතැයි! වැරැදියි...
    ඉන්දික උඹේ ලිපියේ ඇඩ්‍රස් එකත් එක්ක කතෘට ඊ යක් විද්ලා බැලුවොත් නරකද?
    ස්ටැන්ලි තනියෙන් කරපු හොරකමක් වෙන්න ඇති...
    හැබැයි ...උඹේ ටයිටල් එක්ක නම් 100% එකඟයි....
    ගොඩක් වේලාවට වෙනත් භාෂාවකින් තියෙන ලිපි ගෙඩි පිටින් උස්සලා පත්ත්‍රේ යනවා අහවලා අහවලා ලියපු විදිහට ,මුලාශ තියා අඩුම අන්තර්ජාලයෙන් ඇසෙරෙන් කියලවත් නැතිව...
    ස්ටැන්ලි ගොයියා සිංහල එකක් උස්සලා කෙහෙල් ගහට ඇන ගත්තා වාහේ...

    ReplyDelete
    Replies
    1. උඹෙ කමෙන්ට් එකක් කාලෙකින් දැක්කෙ!

      ඔන්න රසික මහත්තය වැඩේ කරානෙ. බලමු ඉස්සරහට ලක්බිමේ අයගෙ වැදගත්කම කොහොමද කියල!

      Delete
  2. මුලින්ම සුබ පැතුම් ලිපි 130ට සහ අවුරුදු හතරක් බ්ලොග් ජීවිතේට

    මට හිතෙන දේ තමයි අඩු ගානේ මූට හිතෙන්නේ නැද්ද මේකා පත්තර බලන මල පනින එකෙක්නම් ඇවිත් මගේ බෙල්ල කපයි කියලවත්, මොකද ලැජ්ජාවක් නැති වුනාට බයක් ඇතිනේ , දෙකම නෑ කියලා කියන්නේ අමු මැට්ටෙක්, අන්න ඔහොම අමු මැට්ටෝ තමයි ජාතික පුවත් පත් කරන්නේ ,ඉතින් පුවත් පතකින් සමාජ මෙහෙවරක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි බොල නොකරන්නේ ?? සමාජ මෙහෙවරක් තමා බත් ඔතන එක, පත්තර නැත්තං බත් ඔතන්නේ සිමෙන්ති බෑග් වලයෑ ..

      Delete
    2. එකත් ඇත්ත කොහොමත් ඔය පත්තරයි ,පත්තර මල්ලිලයි ඔක්කොමලා වැඩකට කියලා බ්ගන්න් වෙන්නේ බත් ඔතන එකට තමයි :D හැක හැක හැක

      Delete
    3. දැන් බලපන් පත්තර මල්ලියෙ, මේ බොලොග් කියලා අට මගලක් ඇවිල්ලා, පත්තරෙන් අපි ගත්ත ඒ සමාජ මෙහෙවරටත් කෙළ වුනා. මොකෝ බ්ලොග් එකකින් බත් එකක්වත් එතුව හැකියැයි, මගුල.

      Delete
    4. එක ඇත්ත අනික බ්ලොග් බලන්න ඇවිත් පත්තරයාගේ කොමෙන්ට් එකක් දැක්කම කාපු බත් ටිකත් එලියට එනවා නැද්ද ඇල්බයියේ

      Delete
    5. ඉවාන්,

      සංවත්සරේට පොඩි වැඩසටහනක් කරන්න ඉන්නෙ. බලමු!

      ප.ම, දැන් බත් දාන්නෙ අර රිජිෆෝම් පෙට්ටිවල නෙමේද? අනික බන් එහෙම බැලුවම මුන්ට වඩා ලොකු මෙහෙවරක් කෙසෙල් ගස් කරනවනෙ!

      ඇල්බන්,

      කියන්න තීන දේ ලෙසටම ඉවානය කියල තීන්නෙ. ඇත්තට පත්තර එක්ක බැලුවම බ්ලොග් වල මෙලෝ වටිනකමක් නෑ ඒ අතින්නං.

      Delete
  3. අපේ බ්ලොග් සින්ඩියට ඔබේ බ්ලොග් පිටුවත් එක්කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් එක ආයි දැම්මොත් මොකද කරන්නෙ කියල මේ ලින්ක් එකෙන් ගිහින් බලාගං මචෝ.

      Delete
  4. විළි ලැජ්ජයි බං,පිළිකුල් සහගතයි.මුංගේ මෑණියන්ගේ වස්තරේ පුවත්පත් කලාවක් මේකනං.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං. මෙච්චර බංකොලොත් වෙලා තීන්නෙ කොහොමට තිබ්බ පත්තර කලාවක්ද?

      Delete
  5. ලගදී ඉදන් පත්තරකාරයොයි,නිවුස් සයිට්කාරයොයි හිටු කියලා බ්ලොග් හොරකම් කරනවා,,සයිට්කාරයෝ නම් හිටි ගමන් අඩුම ගානෙ බ්ලොග් ලින්ක් එකවත් දානවා,,පත්තරකාරයන්ට ඒවා නෑ,,හොරාකන්නමයි පුරුද්ද

    ReplyDelete
    Replies
    1. සයිට් කාරයො වගේ නිකන් පෙන්නන එව්ව නෙමේනෙ බං පත්තර කියන්නෙ. සල්ලි දීල විකුණන ඒවනෙ. එතකොට මීට වඩා හිතන්න ඕන කියල මුන්ට තේරෙනෙ නැද්ද?

      ඉතින් කොහෙද මේ වගේ අය්යල රටේ මිනිස්සුන්ට පාර පෙන්නන්නෙ!

      Delete
  6. ඇනිවසරියට සුභ පැතුම් මුලින්ම.

    ඔය ස්ටැන්ලි කියන්නේ බොහෝ විට පාඨකයෙක් මිසක් පත්තරේ වැඩකරන එකෙක් නොවේ. ඔය වගේ හොරා ගත් ලිපි නිතර පලවෙනවා - පරිවර්තනය කරපු ඒවා.

    පු ක ලා ට ඔය හැම එකක් ම චෙක් කරන්න අමාරුයි.

    පොඩි ළමයි පත්තරවලට ලිපි චිත්‍ර යවන කොට දෙමාපිය/ගුරු සහතිකයක් එක්ක යවන නීතිය ලොකු ළමයින්ටත් දන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තූතියි. ඒ වගේම හැමදාම බ්ලොග් වෙනුවෙන් ඔබ කල දායකත්වයටත් ස්තූතියි!

      ඇනිවසරි වැඩේට එකතුවෙන්න. මතක තියා ගන්න, මේත් ඔබ දැල්වූ පහනක්!

      ඔබ කියන ඒක් ඇත්ත. පු කට සියල්ල බලන්න බෑ තමයි. ඒත් අවසාන වගකීම තීන්නෙ ඒ අය අතේ නෙමෙයිද? ඒ නිසයි පු කටම ඇමතුවෙ.

      //පොඩි ළමයි පත්තරවලට ලිපි චිත්‍ර යවන කොට දෙමාපිය/ගුරු සහතිකයක් එක්ක යවන නීතිය ලොකු ළමයින්ටත් දන්න වෙයි වගේ.// ඔන්න නියම අදහස.

      Delete
    2. කතන්දරකාරය නියන්න වගේ පාත්තරකාරයන්ගෙ මේ වගේ අජූත වැඩ ගැන පු.ක.ට කියන එක අපේ යුතුකමක්. හරිනං ඔය ස්ටැන්ලි නමැති පාත්තරකාරයගෙ බයිල පළ කරන එක නවත්තන්නයි වටින්නෙ.
      මම ලබන සතියෙ ලංකාවට ගියාම “ල්ක්බිම“ පු.ක. ත් මුණ ගැහෙන්න යනව. එතකොට මේ ගැන මොකද වුණේ කියල හාරවුස්සන්නම්.

      ඉන්දික සංවත්සරයට මගේ සුබ පැතුම්...!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේ ස්ටැන්ලි ගොය්ය ගෙ ඒව ඔය විකාර පිටුවෙම කලිනුත් ගිහින් තියනව වගේ, සති දෙකකට උඩිනුත් එකක තියෙනවා.

    පේන හැටියට මූ ස්ටාෆ් රයිටර් කෙනෙක් නෙවෙයි, පත්තර වලට ඔහොම නිතර ලියන උන් ඉස්සරත් හිටියා. එකම වෙනස, උන් ලිව්වෙ උන්ගෙම ඒවා. පස්සෙ පස්සෙ ආව ඉංග්‍රීසි ලිපි ගෙඩිය පිටින් පරිවර්තනේ කරල උන්ගෙ වගේ දාන උන්. දැන් මේ සක්කිලි කෙලින්ම කට් ඇන්ඩ් පේස්ට් ජොබ් පටන් අරන්!

    ස්ටැන්ලි වගේ නමක් තියෙන්න මේ බුවා තරුණ එකෙක් වෙන්න බෑ නේද. වයසට වත් ලැජ්ජාවක් බයක් නැද්ද මන්දා.

    ඉරිද පත්තර වලින් ඇත්තටම කොලිටිය මේන්ටේන් කරේ ලක්බිම තමයි ඔය හොල්මන් බහුබූත නැතුව. ඒත් ඔය ටැබ්ලොයිඩ් කෑලි වලින් අන්තිම චාටර් ටැබ්ලොයිඩ් කෑල්ල තමයි රිද්ම, ඕක පටන් ගත්තෙන් උන් උනාට.

    ReplyDelete
    Replies
    1. ඔය ටැබ්ලොයිඩ් කෑල්ල මම හිතන්නෙ ඉස්සර තිස්ස හරි ජෙහාන් නවාස් හරි තමයි කරේ. ඒ කලෙ නියමෙට තිබ්බ. දැන්නං බලු වෙලා වගේ. මමත් හිතන්නෙ මූ මේ ඇහින්දාස් ලියන්නෙක් තමා.

      ඒත් මෙහෙම වගකීමක් නැතුව හරක් වගේ ඕන මගුලක් දාන්න්න දෙන එක කෙලිම පුක ගෙ වැරැද්ද. දැන් හිතහං හෙට ජිසීස් සුනිල් පෙරේරා කියනව මෙහෙම දෙයක් මට උනේ නෑ, උඹල බොරු දාල, මේක මට අපහාසයක් කියල. මුන් කොහෙන් ඔප්පු කරන්නද අපි නෙමෙයි වගකියන්න ඕන කියල!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ඔය ලක්බිමේ ගිහිල්ලා කියෙව්වාය කියන මං ලියපු කතන්දරේ මෙන්න මේක (තිස්ස ගෙ ආගම් මාරුව) නේද?
      http://kathandara.blogspot.com/2010/02/blog-post.html

      ?

      Delete
    2. ඔව්, ඕක තමයි කතාව. ඔය කතාවත්, ඕක ලියපු කතන්දරකාරයා කියන නමත් සිංහල බ්ලොග් ගැන හොයල බලන්න උනන්දු නොකලනං තමා පුදුමෙ!

      ඔයිට සතියකට පස්සෙ කකාගෙ බ්ලොග් එකේ මගේ පළවෙනි කතාවත් පලවුනා.

      Delete
    3. ඉන්දික මට මතක හැටියම මං ලියපු "අනේ මල්ලී ධර්මිෂ්ඨ සමාජයක් නේ තියෙන්නේ!" කියන කතන්දරෙත් ලක්බීම බ්ලොග් අතිරේකයේ පළවුණා!
      http://kathandara.blogspot.com.au/2010/01/blog-post_28.html


      Delete
    4. මෙන්න ඉන්දික ඔබ සදහන් කර තියෙන ඔබ ලියූ කතන්දරය - සීය බූවා.
      http://kathandara.blogspot.com/2010/02/blog-post_25.html

      !

      Delete
    5. කතන්දර, ඔය "අනේ මල්ලී ධර්මිෂ්ඨ සමාජයක් නේ තියෙන්නේ" කතාව කියෙව්ව කියල මට මතක නෑ. එහෙනං මම අහුවෙලා තීන්නෙ බෝට්ටුවට :D

      Delete
  10. තවත් කාරණයක්. ලක්බිම පත්තරේ ඉන්දික ලා ඉන්න රටට ආවේ නැති වුණාට වෙබ් එකෙන් (http://www.lakbima.lk/) කියවන්න පුළුවනි, නේද?

    ReplyDelete
    Replies
    1. අප්පේ ! කකාට ලක්බිමෙන් දීමනාවක් වත් ලැබෙනවද ? :)

      Delete
    2. නෙට් එකෙන් බැලුවට උන්ට ලාබයක් නැහැනේ ? :)

      පත්තරේම ගන්නෝනි ලාබයක් එන්න.

      Delete
    3. මහසෝන්,
      ඔය විහිළුවට නේද ඇහැව්වේ?
      මා කලින් දවසකත් ඔබට කී පරිදි මා ලියන්නේ මට වාසියට නොවේ.

      සෑම් නං දන්නවා පත්තරවලින් වාසි කාටද කියලා!

      Delete
    4. කකා, මම දිනපතා පත්තර බලන්නෙ නෑ. ඒත් ඉරිද ලක්බිම නෙට් එකේ යන ඊ පේපර් කියන එක බලන්න අපහසුයි. අර දිවයින වගේ ලිපි විතරක් වෙනම තිබ්බනං වෙබ් ෆෝමැට් එකේ, කම්පියුටර් එකේ බලන්න හිතෙනව. ඒත් ඔය PDF පිටු ලොකු කර කර අර CAD ඩ්‍රොවින් එකක් වගේ කියවන්න හිතෙන්නෙ නෑ.

      සෑම්,

      එහෙම කියල නෙට් එකේ නොදා උන්නොත් ඊට වඩා පාඩුයි, මොකද තරඟ කාරයො "අපේ පත්තරේ වෙබ් එකෙත් තීනවා" කියන එක මහා ලොකු දෙයක් වගේ මාක්ට් කරන නිස.


      මහසොහොන්,

      ඔබ බුදුදහම වෙනුවෙන් පෙනී සිටින තරමටම එය අදහන බවක් නොවැටහේ! යකෙකුගෙන් ඊට වඩා බලාපොරිත්තුවිය නොහැකි නිසා, කණගාටුයි යන්නට වඩා යමක් කිව නොහැක.

      Delete
    5. ඉන්දික, මම නං නොවරදවාම ඉරිද ලක්බිම නෙට් එකෙන් කියවනව. PDF පිටු ලොකු කරල බලන්න අමාරු නං direct link එකෙන් ගිහිං සමහර ලිපි කියවතෑකි නේද?

      Delete
    6. සෑම් - හිට්ස් වලින් එන online ad revenues ගැන හිතල කිව්වේ මචං

      කකා - විහිළුවට , විහිළුවට මම ඔබට කියන කිසි දෙයක් සීරියස් ගන්න එපා. මට බ්ලොග් ලෝකේ ප්‍රතිරුප මේන්ටේන් කරන්න වත් , පොර වෙන්න වත් ඕනි නැහැ නේ. එක හින්ද මේ කිසි ලබ්බක් සීරියස් ඔළුවට ගන්න තරම් මගේ සැබෑ ජීවිතය පටු වෙලා නැහැ.

      ඉන්දික - කකාට දැමු කොමෙන්ටුව ඔබටත් අදාලයි. පසුව ඇරියස් ගැනීමට ,බෙට්ට කරතියාගෙන සිටීමේ පුරුද්දක් මට නැත. මෙතන කොමෙන්ටුව දැම්මේ මෙතෙන්ට අදාලව පමණයි. බුදුදහමක් ගැන ඔබ කියන ලබ්බ මට නොතේරේ. කොහෙන් ආපු දෙයක් ද ඒක ? කොහෙවත් ගිය සංවාදයක් සම්බන්ධයෙන් තාමත් ක්‍රෝධය හිතේ පසවාගෙන සිටින ඔබ ගැන මටත් කනගාටුයි. ඉක්මනින් සුවපත් වෙන්න.

      ඔබ ගැන කිසියම් හෝ අමනාපයක් තිබෙනවානම් ඔබේ තැන මෙසේ කොමෙන්ට් දැමීමට මම එන්නේ නැහැ නේ මචං. :)

      Delete
    7. ම.සො.පි,

      පරණ බෙට්ටක් හෝ මා සමඟ වෙනත් තැනක වූ කතාවක් මෙතැන නැත. මගේ ලිපිය හා එයට ( ඔබගේ කමෙන්ටුව දමන විට ) පලව තිබූ හතලිහකට අධික අනෙකුත් කමෙන්ට්ස් අතරින් ඔබට යමක් කීමට සිතුනේ කකාට අපහාසය/ උපහාසයක් ලෙස පමනි. මටනම් එය ඔබට කලින් " නියම අදහස, අනේ අපී සින්ඩියටත් වරෙන් මචන්" යයි කෙනෙකුගේ මළගම වෙනුවෙන් කල කණගාටුදායක සටහනකට වැටුණු බූරු සහ මුග්ධ ඇඩ් එහෙකට වඩා වෙනසක් නැත.

      එනිසා කකාගෙ අඩවියෙ නිතර දෙවේලෙ ( මා සමග එය සිදු වුනේ වරක් පමණි ) බුදුන්ට සහ බුදුදහමට එරෙහිවන්නන්න්ට රෙද්ද උස්ස්සාගෙන ගේම ඉල්ලන මහා බෞද්ධයාගෙ පර දුක දුක්ඛිත ගුණය රෙද්ද පල්ලෙන් බේරුන බවකුයි මට හැඟුනෙ. අන්න ඒකයි මම කිව්වෙ ආගම වෙනුවෙන් වාද කරන තරමටම ඒක ප්‍රැක්ටිස් කරොත් ආගමේ කියවෙන විදියටම ප්‍රථිඵලයක් තියෙයි, නැත්තන් ඔහෙත් තව එක පුස්සෙක් විතරයි කියල.

      මම වාදයක් කලොත් ඒක එතන කරල එනව මිසක් තැන් තැන් වල ආයි ඉතුරුටික කරන්න යන්නෙ නෑ. අනික බුදුන්ටත් වඩා බුදුගුණදන්නව කියල හිතන් ඉන්න යක්කු එක්ක පංචමහා වාද තියන්න පුකේ අමාරුවකුත් නෑ. ඒ හින්ද වාද ගැන ආයි කතා කරන එකේ තේරුමකුත් නෑ.

      මට අලාභයක් හානියක් කරපු උන් එක්ක මිස වාද, උපහාස අපහාස කරන උන් එක්ක තරහ හිතේ තියන් ඉන්නෙ නෑ. ඒක එහෙම උනානං පත්තර මල්ලිල මෙතන කමෙන්ට් කරන්නෙත් නැතිවෙයි, මම සුධීක වගේ අයගෙ බ්ලොග්වලත් කමෙන්ට් නොකර ඉඳියි. ඒත් වැඩුනු මිනිස්සු එහෙම බාල වැඩ කරන්නෙ නෑ මචං.

      Delete
    8. ඉන්දික , දැනට මම මහත්වරු ලෙස තේරුම් අරන් තියෙන කකා සහ අරූ දෙපලට මම කරන යම්කිසි උපහාසාත්මක විහිළුවක් මම ඒ දෙන්න එක්ක බේරා ගන්නම්. ඒ දෙදෙනා ඔවුන් ගේ අමනාපය පලකලොත් මම කිසි විදියකින් ආයිත් ඔවුන්ට විහිළුවක් කරන්නේ නැහැ. (ඔවුන්ගේ නිහතමානි , අන් අදහස් ඉවසීමේ ගුණය ගැන යම්කිසි වැටහීමක් තිබෙන නිසා ඔවුන් එහෙම නොඉල්ලන බව මට විශ්වාසයි ) අහක ඉන්න වෙන ඇරියස් බේරගන්න බලාගෙන ඉන්න කුහකයෝ එකට පැටලෙන්න ඕනේ නැහැනේ මචං.

      කෙනෙක්ගේ ආගම ප්‍රක්ටිස් කරන විදිය ගැන ප්‍රශ්න කරන්න ඔබට ඇති අයිතිය කුමක්ද ? එය මගේ පෞද්ගලික දෙයක්. මට අවශ කරුණු මම ප්‍රක්ටිස් කරනවා. අනවශ්‍ය දේ නොකර ඉන්නවා. එක නේද හැමෝම කරන්නේ. මම 100% පිරිසිදු නිවන් දැකපු බෞධක් නොවෙන නිසා මට අවශ්‍ය නම් කෙනෙකුට උපහාසාත්මක විහිළුවක් කිරීමේ ඇති බාධාව මොකද්ද ? නියම බෞධයෙක් නම් පලක් බැඳගෙන අහසේ තුන් තිස් පැයේ බවුන වඩ වඩ ඉන්න ඕනේ කියන ඔබේ මුග්ධ, කුහක අදහස සම්බන්ධයෙන් මගේ සාතිශය සංවේගය.

      මෙතන තියෙන්නේ කකා ට මම කරපු කොමෙන්ටුවේ අන්තර්ගතය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි නේ මචන්. ඔව් ඒක ඔබේ මාට්‍රුකාවට අදාළ නැහැ තමයි. නමුත් ඒ වගේම තව කොමෙන්ටු ඕනෑතරම් මේ ලිපියේ යට පලවෙලා තියෙන්නේ. මුළ හේතුව මොකක්ද කියල පොඩි දරුවෙක්ට උනත් පැහැදිලියි නේ.

      කමක් නැහැ. let all this go. Don't keep hatred in your mind. Ill try not to come back to your blog and trying to irritate you with my presence. But we will meet in other places. lets just try not to step on each other.

      Best wishes for the anniversary. All the best. :)

      Delete
  11. හත් ඉලව්වයි , ඉන්දික අයියා .. මේ ලැජ්ජාවට අහන්නේ.. හැක්.
    මට "පත්තර මල්ලි " කියලා පාවිච්චි කරන්ඩත් දැං ලැජ්ජයි බං .. මං දාගන්ඩද නිකං " හොරා " වගේ නමක් :D ගැලපෙනව නේ ??

    මොන හිඟන වැඩද බං මේවා.. මිනිහෙක් මහන්සියෙන් ලියපු දෙයක් හොරකං කරල තමන්ගෙ වගේ දානව කියන්නේ මහ පජාත වැඩක්.. චැහ්. ඊට නම්බු නැද්ද නොලිය නිකං ඉන්නවා..
    උං හිතං ඉන්නවද දන්නෑ ලියන කියවන අනිත් උනුත් ඒ වගේම ලිං මැඬියො කියලා..

    ReplyDelete
    Replies
    1. හරිම හිඟන වැඩක් තමා ඒක.
      මිනිහෙක් මහන්සියෙන් හදපු video එකක screen captures තමන් ගත්තු ෆොටෝස් වගේ දාන එකටත් වඩා චාටර් නේ.

      Delete
    2. නැත්තං .. ආන්න ඒකනෙ මාත් කියන්නෙ :D

      Delete
    3. ගන්න ගන්න එපා මල්ලි. පත්තර කිව්වම ඔක්කොම පත්තර ඔහොම නෑනෙ. අනික ඉතින් අනුන්ගෙ ඒව තමන්ගෙ වගේ පෙන්නල බැබලෙන "චන්ද්‍රයො" මේ බ්ලොග් වල උනත් අඩුවක් උනේ නෑනෙ බං.

      Delete
    4. හෙක් !!! මොනාද බං ඉන්දිකයියා :D

      Delete
  12. ලක්බිම ඉරිදා සංග්‍රහයේ ඊමේල් එක - sunday@lakbima.lk (TP - 011 242 6000)
    ලක්බිම ෆේස්බුක් පේජ් එක - Lakbima Newspapers (PVT) LTD

    මම හිතන්නේ රිද්ම කෑල්ලේ එඩිටර් නිශානි දිසානායක වෙන්න ඕනේ. නිකං ඉන්න එපා කෝල් කරලා ඊමේල් යවල කියපං. ෆේස්බුක් එකේ දාපන් ලක්බිම පේජ් එක ටැග් කරලා...

    ReplyDelete
    Replies
    1. තිසර හරි රිද්ම කොටස සංස්කරනය කරන්නේ නිෂානි දිසානායක. අන්න ප්‍රධාන කර්තෘගේ අංකයත් මං දැම්මා පහල.

      Delete
    2. තිසර මට වැරදුනා නිෂානි නොවේ දැන් සංස්කාරක ගැමුණු රත්නායක යි.

      Delete
    3. තිසර,

      උඹට බොහොම ස්තූතියි විස්තර හොයල දුන්නට!

      මේ ගැන එන සතියෙ ලක්බිමෙන් යමක් නොකලොත් ෆෙස් බුක් පේජ් එකේ දාල පුවත්පත් කොමිසටම ලියල බලනව. තියෙන රාමු ඇතුලෙ ඊට අමතරව එක දෙයක් තීනව, බලමු!

      Delete
    4. අපි ලියන්නේ ඕන එකෙකුට කියවන්න උනාට , ගෙඩි පිටිං හොරකං කරල විකුනන්ඩ දෙන්ඩ ඕන නැ ,

      පත්තර මෙච්චර බංකොලොත් වෙලාද ලිපියක් ලියාගන්ඩ එකෙක් නැතිවෙන තරමට , එක අතකට එහෙම නොවෙන්ඩත් බැ , නිකං හිතන්ඩකෝ ඉන්දික , ඉස්සර හිටපු පත්තරකාරයෝ බාගයක් මැරිලා , ඉතුරු කට්ටිය පත්තර මුල් පුටුවල , 60 70 දශක වල ඉපදුන කිහිප දෙනෙක් ඉන්නවා , උන්ට පට්ට වැඩ , හොදට කරගන යනවා , 

      80 දශකයේ ඉපදුන ඔයා දන්න හිතවත් පවුල්වල නැදැගෙවල්වල ළමයි මොනවද දන්නේ කියල හිතල බලන්න , ගහක් කොලක් අදුරන්නේ නැ , ගායකයෙක් චිත්තර පටියක් දන්නැ , නගුලක් පෝරුවක් අදුරන්නේ නැ , පොතක් පතක් කියවන්නේ නැ .

      මම කියනවට නිකන් හිතන්ඩ අවුරුදු 40ක පනහක තිහක තිස්පහක මිනිහෙක් බත් එකක් දිගඇරගන කනකොට අහුකොන් වලින් ඔතල තියන කොලය කියවනවා , විස්සක විසිපහක උන් මොකද කරන්නේ , ෆොන් එකක් ඔබ ඔබා ඉන්නවා ,

      ඉතින් ඔය තැන්වලට දැන් දැන් එන්නේ වදපීදිච්ච පරම්පරාව උන්ගෙන් අපිට ඉස්සරවගේ හරවත් දෙයක් බලා පොරොත්තු වෙන්ඩ බැ ,

      උන් දෙන්නේ එක්කෝ හොරකං කරපු එකක් , එහෙමත් නැත්තං වැදගැම්මක් නැති වැදමහක්

      එව්වා කොහොම උනත් සමාව ගැනිමක් සමග නිවැරදි කිරිමක් ලබන ඉරිදා ලක්බිමේ ගියේ නැතං . පට්ට වදයක් දෙන්ඩ ඕන , මොකවත් නොකලොත් රටේම ඇස් ඇරෙන්ඩ පත්තර කන්තෝරුව ඉස්සර පිකටින් එකක් කරන්ඩයි තියෙන්නේ .

      මේකට සැරට දැනෙන්ඩ දෙයක් දැම්මම නෙ‍ාකලොත් පස්සේ නවත්තන්ඩ හම්බෙන්නේ නැ.

      Delete
  13. හතරවෙනි සංවත්සරේට සුබ පැතුම්!!!

    සිංහයා පත්තර කන්තෝරුවට කෙලින්ම කෝල් කරලා බලන්ටකෝ...ඒ කරලා බනින්ට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමිගෙ සුභ පැතුමට. සංවත්සර වැඩේට එන්න ඔන්න.

      //කෝල් කරලා බලන්ටකෝ...ඒ කරලා බනින්ට...//
      තණකොල නුබුදිති සිංහ පැටව්! ඒ නිසා බනිනවට වඩා හොඳ ක්‍රම තීනව මේවට. අනික බැන්නම, ගැහුවම ඒක එතනින් ඉවරනෙ. මගේ ක්‍රමේ ඒක නෙමේ :D

      Delete
  14. පුක ලාට පුළුවන්නේ උප පුක ලාට කියන්න පත්තරේ පලවෙන හැම දෙයක්ම ලබාගත් මූලාශ්‍රය තමන්ගේම නෙවෙයි නම් කොහෙන්ද ගත්තේ කියලා කියන්න ඕනේ බව පුවා ලට (පුවත්පත් වාර්තාකරුවන්ට) කලින්ම දන්වලා තියන්න කියලා.

    සංවත්සරයට සුබපැතුම් ජ්‍යොෂ්ඨයාණනි !

    ReplyDelete
    Replies
    1. පුකලාටත් ඕනෙ කොන්ටිටි මිසක් කොලිටි නෙමෙයි වෙනකොට ඔහොම වෙනව.

      උප පු ක නෑ ද දන්නෑනෙ දැන්!

      සැබෑ දෙටුබෑයෙකුගේ සුභ පැතුමට ස්තූතියි!! ( ගියෙ නැද්ද මාතර?)

      Delete
  15. දිගුකල් වැජබේවා.. !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ( උඹ කිව්වෙ පත්තරද, මමද, බ්ලොග් එකද? )

      Delete
  16. උඹ කැමති නං ඕන එහෙකුට ඕන නමකින් දාගන්න ඇහැකි. හැබැයි උඹ අකමැති නිසා නිකං ඉන්න එපා... අර තිසරයා දීපු නම්බර එකට කෝල් කරල විස්තරේ කියපං.. ඇන්වැසිරියට සුභ පැතුම් උපේ...

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනෙ ඔය ගේම් කාරයො එක්ක මම සදා ගේම කියල. ස්තූතියි සුභ පැතුමට! අපි එහෙනං ඇනිවසරි එකට සෙට්වෙමු හරි.

      Delete
    2. කවද්ද කොහේදිද බොල... සිවාස් නෑ අපි ගාව.. හොදේ..

      Delete
  17. ඒක නං කුප් කුජීතය් අසංවරයි අසෝබනයි අසික්කිතයි

    ReplyDelete
  18. ලක්බිම පත්තරේ ප්‍රධාන කර්තෘ ලෙස මේ මෑතක් වන තුරු හිටියේ සමන් වගාරච්චි මහතා. දැන් අනුර හොරේෂස්. ලක්බිම වෙබ් අඩවිය කරන්නෙත් අනුරමයි. වරක් මගේ හා අයිලාෂ්ගේ බ්ලොග් සටහන් දෙකක් ද මෙයාලා හොරකං කළා. අපි වහා ක්‍රියාත්මක වු නිසා ඒවා නිවැරදි කළා ඉන්දික. මෙන්න එයාගේ අංකය 0775142220. මේකට අමතන්න නැතිනම් ලක්බිම වෙබ් අඩවියට ගොස් මේ ගැන කියන්න. මේ ලිංකුවත් දමන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තොරතුරට!

      සමන් මහත්තයට අකුලන් ඇමරිකා යන්න උනා නේද ආයි? උඹල වගේ සහෝදර පු ක ලගෙ ඒවත් උස්සනවනං ඉතින් අපි ගැන කවර කතාද? බලනකොට ලක්බිම පුක දිණමිනට වඩා කැතයිනෙ!

      Delete
    2. මේක පළ වෙලා තිබුණෙ ඉරිද ලක්බිමේ “රිද්ම“ අතිරේකයෙ නේද ? ඒ පත්තරේ කර්තෘ නිහාල් පීරිස්.

      Delete
  19. හතරවැනි සංවත්සරයට සුබ පැතුම් ඉන්දික...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සංවත්සර සෙලිබ්‍රේෂන් වැඩේට සෙට් වෙයන් කොහොම හරි.

      Delete
  20. මේ ආපු ගමනට මගෙත් සුබ පැතුම් ඉන්දික.
    ඇත්තටම මේකට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න එක පරක්කු නොකර කරන එක හොදයිතමා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මූලික දැනුම් දීමක් දැන් කරල තීනවනෙ රසික මහත්මය විසින්. අපි බලමු මොකද වෙන්නෙ කියල!

      Delete
  21. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. Plagiarism වින්දිතයෙක් වීම පිලිබදව නොව සංවත්සරයට !

      Delete
    2. දෑනුයි මතක් වුනේ Imitation is the sincerest form of flattery කියලත් තියනව හෑබෑයි

      Delete
    3. ප්‍රා,

      ස්තූතියි සුභ පැතුමට. එකත්වෙමු සංවත්සර වැඩේට.

      Imitation is the sincerest form of flattery කියන්නෙ ඉස්සර කපටියො හොරකං කරන්න හදාගත්තු බලපත්‍රයක් . අනික least of man's original emanation is better than the best of borrowed thought කියලත් කතාවක් තීනවනෙ.

      Delete
  22. සංවත්සරෙට සුබ පැතුම්,උඩ අය කියලා තියෙනවා වගේ මොකක්ද කරන්න පුළුවන් හොයලා ,වැඩ කරන එක තමා හොද ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභ පැතුමට!

      ඔව්, බලමු. දැන් දැනුම් දීමක කෙරිලනෙ තීන්නෙ.

      Delete
  23. Internet එකෙන් සල්ලි හම්බ කරනව කියන්නෙ මෙන්න මේවට වෙන්න ඇති... අනුන් ගෙ ලිපි තමන් නමින් පත්තරෙට දීල ගානක් කපාගැනීම...

    ReplyDelete
    Replies
    1. ඇත්තම නේන්නං. මෙකත් ඉන්ටර්නෙට් මනි තමයි.

      ඔබ දුන්නු ඔත්තුවත් වටිනව. මම පුවත්පත් කොමිසමේ සයිට් එකට ගියා. එහි පැමිණිලි වලට ක්‍රමයත් හොය ගත්ත. ස්තූතියි ඒ අදහසට!

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සුබ පැතුම් ඉන්දික..! හොරකමට නොවෙයි, සංවත්සරයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. සංවත්සරය දවසට විශේෂ වැඩක් තීනව. එන්න බලන්න.

      Delete
  26. මමත් ඕක දැක්ක ඉන්දික. මටත් ඕක සෑහෙන්න ප්‍රශ්නයක් උනා. කොහොමහරි ලිපියෙ නියම අයිතිකාරයාට ඒ අයිතිය ලැබෙන්නෝනි. ලක්බිම ඉක්මනින්ම වරද නිවැරදි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහසට! අපි බලමු මොකද වෙන්නෙ කියල.

      Delete
  27. මුලින්ම, ඉන්දිකගෙ හතරවෙනි බ්ලොග් සංවත්සරේට මගෙනුත් සුබපැතුම් !

    ෂිහ් ! මහ පජාත වැඩක්. සාමාන්‍යයෙන් කවුරුහරි පත්තරේකට යවන තමන්ගෙ ලිපියක් හරි කවියක් හරි මොකක් හරි තමන්ගෙ නමත් එක්ක ඒකෙ පළවුනාම ඒක දකිනකොට ලොකු සතුටක් හිතට ඇති වෙනව. ඒක එහෙම වෙන්න ඕනනේ. ඒත් මේ වගේ අනුන්ගෙ එකක් තමන්ගෙ වගේ යවල ඒක පත්තරේ පළවෙල තියෙනව දකිනකොට අර මුල් හැඟීමම ඇතිවෙයි කියල මම නම් හිතන්නෙ නෑ. සමහර විට මහා කාලකණ්නි හැඟීමක් දැනෙනව ඇති.

    කකා කරපු වැඩේ හරි. අතාරින්නෙපා ඉන්දික, ඉදිරි සතියක ඒ පිටුවෙම නිවැරදි කිරීම කරන්න සලස්වන්න. මේක දිගටම කෙරෙන්න ගියොත් වසංගතයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මුලිම්ම අහන්නෙ මොකෙඔ මේ සිග්නල් ලයිට් වගේ එනව යනව?

      ඔබ හරි, අද මට හෙට තව කෙනෙකුට පස්සෙ අපි ලියනව උන් හොයනව. ඒ නිසා මේකට පොදුවෙ විරුද්ධ වෙන්න ඕන තමා. සුභ පැතුමට ස්තූතියි! එදාට තීන වැඩේට වරෙන් කොහොමහරි.

      Delete
  28. අනේද කියන්නේ ඕවා, ලිපිය ලියපු එකාගේ නමෙන් නෙමේ පළවෙන්නේ, එහෙව් එකේ ඔය පුකට හොඳවයින් ජාතිය අමතලා යැව්ව නං ඕන එක නං දැයි අයි ලියපුම එකාගේ නමින්, එතකොට ඔය කියන ස්ටැන්ලි ගොය්ය කවුද?

    ReplyDelete
    Replies
    1. ස්ටැන්ලි කවුද කියල තාත්තගෙන්වත් අහල බලන්න ඕන. ජාතිය අමතන්න කලබල වෙන්න නාකයි. බලමුකො සදාචාරෙ කොහොමද කියල ලබන සතියෙ!

      Delete
  29. මුලින්ම සංවත්සරයට සුබ පතනව.
    මාත් ඕක දැක්ක පත්තරේ තියෙනව. බුකියෙවත් හිටියනං කියන්න තිබුණ. කොහොම වෙතත් ඉන්දික ඕක දැකල මොකක් හරි කරයි කියල තමයි හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. අර නලිය කියනව වගේ, බුකි වාන බ්ලොගෙ ඕනා නිස මම ඒ පැත්තෙ නිතර ඉන්නෙ නෑ. කොහොමද කොන්ක්‍රීට් පාටිය?

      Delete
    2. ඒක නැගල යනව. :D

      Delete
  30. ඉස්සෙල්ලම සිව්වන සංවත්සරයට සුභ පැතුම් පිළිගනින්.

    ඊ ලඟට ලක්බිම කතුවරු මේ වෙනුවෙන් සමාව ගන්න තරම් මහත්මා ගතියක් පෙන්නුවොත් අපිට අවශ්‍ය පොඩි කො‍ටුවක

    "කණගා‍ටුයි. පසුගිය කලාපයේ පලවූ "සුනිල් පෙරෙරාගේ දුන්බත් දන්සැල" නම් ලිපිය අහවලාගේ ලිපියක් ලෙස පළවූයේ ප්‍රමාද දෝශයකිනි. එහි සැබෑ හිමිකරු සැහැල්ලුව බ්ලොග් අඩවිය ලියන ඉන්දික උපශාන්ත මහතායි. සිදුවූ ප්‍රමාද දෝශයට අපගේ බලවත් කණගා‍ටුව"

    යනුවෙන් අහුමුල්ලක පළ කිරීම නොවේ.

    මේ ලිපිය සැබෑ හිමිකරුගේ නම සහ බ්ලොග් අඩවිය (ලින්ක් එක සමඟ) ඉහත දැන්වීමත් සමඟම නැවත පුවත් පතේ එම ස්ථානයේම පළ කිරීමයි

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉඳින් දානකන්,උඹ මේ සිරි ලංකාව ගැනද කියන්නෙ වෙන රටක් ගැනද.

      Delete
    2. හෙන්රි, උඹ කිව්ව තරන් දෙයක් කලොත් ලක්බිම ලක්බිමේ පත්තරයක් වෙන එකක් නෑ. කොහොම උනත් බලමුකො දැන් ඒ අය දන්න, ඒ පත්තරේට ලිපි ලියන මනුස්සයෙක් පුද්ගලිකවම පුකගෙ ඊමේල් එකට මේ දේ දන්නල යැව්වනෙ. ඉන් පසෙත් නිකම්ම හිටියොත් ඉතින් ඒ කියන්නෙ පුක නෑ මේ පත්තරේට කියල තමයි.

      Delete
    3. හැලපෙ, මූත් ආසයි හීනවල ඉන්න, ඒකයි ඔය.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  31. හතරට සුභ පැතුම්.
    ලක්බිමට සහ ලක්බිම නිව්ස් පත්තර වලට ඔය හොරකම සම්බන්ධ කුප්‍රසිද්ධ ඉතිහාසයක් තියනව මේ තියෙන්නෙ ලක්බිම නිව්ස් රාජ්පාල් අබේනායක ගැන අපේ බ්ලොග්කරු ආනන්දවර්ධන ලියපු ලිපි සහ මේ ගැන තවත් ලිපි. ඒ අනුව බලනකල නිවැරදි කිරීමක් නං බලාපොරොත්තු වෙන්න බෑ. තර්ජනයක් කොහොම වෙතත්

    http://web.alochana.net/2007/07/journalism.html/
    http://web.alochana.net/2010/03/blog-post.html/
    http://web.alochana.net/2007/07/this-is-law-you-dont-need-disclaimer-to.html/

    ReplyDelete
    Replies
    1. රාජ්, බොහොම ස්තූතියි මේ ලින්ක් වලට. එය මේ ලිපියෙ අගය විසල ලෙස වැඩිකරන්න උනා. කවුරු හරි හිතනවනං අනුන්ගෙ බ්ලොග් එහෙක තියෙන දේ තම්න්ට විකුනල සල්ලි හොයන්න පුලුවන් කියල ඒක ලොකු මුලාවක්. මේවට නිහඬව ඉන්න තුරු ඒ අය දිගට යයි. ඒ නිසා දුටු තැන හඬ නගමු!

      Delete
  32. ඔය ලිපියක තියන දෙබසක් මෙතන දාන්නං. මෙතන මම කියල හඳුන්වන්නෙ ආනන්දවර්ධන


    මම - හලෝ මිස්ට ජයවර්ධන, කොහොම ද ඉතින් ….. (වැල් වටාරම් කතා එකසිය විසිපහකට පමණ පසු) මේ ඔයාලා මගේ මේ සැරේ ලිපියේ මූලාශ්‍ර ටික පළ කරලා නෑ නෙ. මේ ලිපිය ලියද්දී මම කරුණු ගත්ත තැන් පළ නොකළොත් මේ විෂය ගැන දන්න මිනිස්සුන්ට මම මූණ දෙන්නෙ කොහොමද? මට ඊයෙත් එක්කෙනෙක් හම්බ වුණා. මාර අප්සෙට් එක මට. මම අන්තිම අපහසු තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ නිසා.
    සංස්කාරක - අනේ වෙරි සොරි. ඒක මට ගාණක් ගියේ නෑ. මම හිතුව ඒක කැපුවට කමක් නෑ කියල.
    මම - ඒ වුණත් ආයෙ එහෙම කරන්න එපා. මොකද මේ කරුණු මගේ සොයාගැනීම් නෙවෙයි. වෙනත් අයගේ දැනුම. ඒවා අපි සඳහන් කළ යුතුයි. නැතුව් මේක කියවන දන්න කියන මිනිස්සු හිනා වෙන්නෙ මටයි. බොරුවට අනුන්ගෙ දේවල් තමුන්ගෙ වගේ ලියාගන්නව කියල. අනිත් එක මූලාශ්‍ර පළ කළාම වැඩි දුර විස්තර දැනගන්න කැමති අයට ඒවා කියවන්න හොයන්න දොරටුවකුත් ඇරෙනවනෙ…
    සංස්කාරක - හොඳයි හොඳයි, මම ඊළඟ සැරේ අනිවාර්යයෙන් ම දාන්නම්

    ඔන්න ඊළඟ සැරේ මම අන්තර්ජාල විමර්ශන කීපයකුත් සහිත ලිපියක මූලාශ්‍ර කපලා තියෙනවා දැකලා ආයෙත් ප්‍රධාන සංස්කාරකට ඇමතුමක් ගත්තා

    මම - හලෝ ජයවර්ධන මහත්තයෝ මේ පාරත් මගේ මූලාශ්‍ර ටිකට වැඩේ දීලනෙ!
    සංස්කාරක - ආ මම හිතුවා මේ පාර තියෙන්නෙ වෙබ් සයිට්ස් කීපයක් නිසා ඒක අවශ්‍ය වෙන එකක් නෑ කියලා. පොත් නෙවෙයිනෙ. සොරි.
    මම - ඉතින් වෙබ් සයිට්ස් කියන්නෙත් මූලාශ්‍ර තමයි. ඒව ලියන්නෙත් මිනිස්සු! මේ උපුටාගෙන තියෙන අදහස් ඒ අයගෙ! මගේ තර්ක පදනම් වෙලා තියෙන්නෙ ඒ අයගේ අදහස් මත.
    සංස්කාරක - හරි අපි ඒ ඔක්කොම ඊළඟ ලිපියෙදි හදමු.
    මම - අන්න නියමයි. මගෙ නම කපලා ඒ ලැබෙන ඉඩේ හරි කමක් නෑ මූලාශ්‍ර ටික පළ කරන්න. ඉඩ නෑ වගේ හේතු මේ පේළි දෙකතුනට නම් කියන්න එපා.
    සංස්කාරක - නෑ නෑ ප්රශ්නයක් නෑ ආනන්දවර්ධන. එහෙම දෙයක් නෙවෙයි. අපි ඔයාට අවශ්ය විදිහට මූලාශ්‍ර පළ කරමු.

    ඔන්න ආයෙමත් වතාවක මොවුන් මගේ මූලාශ්‍ර ටික කපලා. මට ඒ සැරේ අල්ලාගන්න පුළුවන් වුණේ ප්‍රධානියා නෙවෙයි දෙවෙනියා.

    මම - බලන්ඩකො මම හැමදාම මිස්ටර් ජයවර්ධනට කියනව මේ විදිහට මූලාශ්‍ර කපන එක මට විතරක් නෙවෙයි ඔයාලගෙ ආයතනයටත් හොඳ මදි කියල. ඒත් ඉතින් ඒක ගණන් ගන්න බවක් නම් පේන්න නෑ.
    සහාය සංස්කාරක - ෂහ් හරි වැඩේ නේද? ඔයා ඒව ලියලද එවන්නෙ?
    මම - ලියල නැත්නම් කොහොම එවන්න ද? මම එවන්නෙ ටයිප් කරපු ලිපියක්. මම හැම ලිපියක ම අන්තිමට මගේ මූලාශ්‍ර පිළිවෙලට වර්ග කරල සදහන් කරනව. අදාළ තැන්වල වරහන් ඇතුළෙත් දානව.
    සහාය සංස්කාරක - මේකනේ, ඉතින් පුරුද්දට වගේ මෙහේ ලිපි පළ කරනකොට මූලාශ්‍ර ගැන සඳහන් වෙන්නෙ නෑනෙ. ඉන්ටනෙට් එකේ ආටිකල්ස් අරන් ඕන තරම් ලිපි හදනවනෙ.
    මම - ඉතින් ඒක හරිද?
    සහාය සංස්කාරක - ඇත්ත තමයි. මම ඊළඟ සැරේ ඉඳලා අනිවාර්යයෙන් ම අඩු ගාණේ ඔයාගෙ ලිපිවල වත් මූලාශ්‍ර ටික නොකැපෙන්න වැඩ කරන්නං.
    මම - හැබැයි අනේ එක දෙයක්. මම දෙයක් කියන්නෙ තුන් පාරයි ආයෙ තුන් වෙනි සැරෙන් පස්සේ මම ලියන එක නතර කරනවා. දැන් මේ තුන් වෙනි වතාව. ඔන්න තරහා වෙන්න නං එපා. අපි ඉතින් මේව කෙලින් කතා කරගන්න ඔන නෙ නැද්ද?
    සහාය සංස්කාරක - සම්පූර්ණ ඇත්ත මෙයා. කලබල වෙන්න එපා ඔක්කොම හරි මේ පාර ඉඳන්.

    ReplyDelete
    Replies
    1. වෙබ් ආලෝචනා අඩවියෙහි මෙම ලිපියේ තිබූ තවත් වටිනා අදහස් කිහිපයක්.


      Misinterpretation 1) There were no copyright disclaimers displayed on the blogs in question. So anyone can use those articles.
      Misinterpretation 2) These articles were displayed on a public domain, so it belongs to everyone


      Answer :

      Now let’s have a look at the Bern convention:
      “Under the Berne Convention, copyrights for creative works do not have to be asserted or declared, as they are automatically in force at creation: an author need not “register” or “apply for” a copyright in countries adhering to the Berne Convention.(Sri Lanka is one of them) As soon as a work is “fixed”, that is, written or recorded on some physical medium, its author is automatically entitled to all copyrights in the work, and to any derivative works unless and until the author explicitly disclaims them, or until the copyright expires. The Berne Convention also resulted in foreign authors being treated equivalently to domestic authors, in any country signed onto the Convention.” (From Wikipedia)

      What are creative works? Again lets quote from Wikipedia

      “A creative work is a tangible manifestation of creative effort such as literature, paintings, software, and this article. Creative works have in common a degree of arbitrariness, such that it is improbable that two people would independently create the same work.

      The term is frequently used in the context of copyright law.”
      Blogs in question and blog articles stolen by Rajpal and Lakbima are creative works of respective authors. These articles are their original creations. They don’t do copy paste business like Rajpal do.

      වෙබ් ආලෝචනා අඩවිය තනිව කල සටනට ආචාරය!

      Delete
  33. ලක්බිමේ වැඩේ කැතයි.

    අඩේ අදයි ඒ ලිපිය කියෙව්වේ බන්.

    ReplyDelete
    Replies
    1. උඹල ලොකු පොරවල්නෙ අල්ලගන්න බැරි දැන්. ඉතින් කොහෙ මේව දකින්නද :P

      Delete
  34. අහ් අවුරුදු 4ට සුභ පතන්න අමතක උනානේ . .
    වැඩි වැඩියෙන් නය දෙන්න ලැබෙන අඩු අඩුවෙන් පොලු ලැබෙන හැපි බ්ලොග් අනිවසරියක් වේවා ඈ . . . :P

    ReplyDelete
    Replies
    1. මේ, හතරෙ සංවස්සරෙ හරිම දවස හෙටානිද්දට එන්නෙ. ඒදාට පොඩි වැඩක් සෙට් කරනව වරෙන් කොහොම හරි.

      //වැඩි වැඩියෙන් නය දෙන්න ලැබෙන අඩු අඩුවෙන් පොලු ලැබෙන හැපි බ්ලොග් අනිවසරියක් වේවා ඈ . .// එහෙම බවක් පේන්නෙ නෑ වගේ. බලහන්කො මේකත් ඉතින් පොල්ලක්නෙ. මටමමයි වෙන්නෙ :D

      Delete
  35. වැරදි මිනිහගෙන් හොරකං කරලා තියෙන්නෙ... නැද්ද සිංහයො... හි හි....

    හැප්පි හතරවෙනි බර්ත්ඩේ එකක් වේවා සැහැල්ලුවට....

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. පුක ඉවරයි මේ පාර :D

      කේක් පාටියට වරෙන් නගේ ඈ!

      Delete
  36. සුබ පැතුම්.

    දුකා ඕකුන් ඕක හරිගස්සුවේ නැත්තං හොඳවයින් ටිකක් රෙදි ගැලවෙන්න ලියලා දාපං අර ලකප්‍රන්ස් හර්ෂණ අදිකාරී කියලා google කරපුවම උගෙ පජාත පොස්ට් එක උඩටම එන්න දැම්මා වගේ. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම දාපං. මොනවා කරන්නද උන්ගේ දෙමවුපියන්ගේ වැරදි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මේව කාගෙ අඩුපාඩුද කියල. කොහොම හරි ඔන්න සිංහලෙන් ලක්බිම කියල සර්ච් කරාම මේක තමයි දැනට 4වෙනියට ඉන්නෙ ගූගල් එකේ. තාම ඒක රෑනෙ ගෙවුනෙ.

      Delete
    2. එහෙනං තව ටිකක් උස්සල ගමු ප්‍රකට -ක වෙලා යන්ඩ , පස්සේ තව ටිකක් ටයිටලේ එඩිට් කරමු -ක වෙලාම යන්ඩ

      Delete
  37. නිද්දිත වැඩක්..
    උන්ගේ තියෙන්නේ එදාවේල ලිපි

    ReplyDelete
    Replies
    1. පත්තරයක් හදන්නෙ එක පත්තර කාරයෙක් නෙමෙයි ඒත් එක පත්තරකාරයෙක්ට පුලුවන් පත්තරයක් විනාස කරන්න.

      Delete
  38. උණුසුම් සුභපැතුම් සංවත්සරේට..

    බ්ලොග් වලින් හොරකන් කරන ලිපි බ්ලොග් රචකයන්ට ඇස ගැටෙන්නෙ බොහොම අඩුවෙන් වෙන්න ඕනෙ. මොකද බ්ලොගේම එල්ලිලා ඉන්නවා මිසක් පත්තර බලන්නෙ නෑනෙ. මටත් ඔය වගේ කියවල පුරුදුයි පුරුදුයි වගේ ලිපි අහුවෙලා තියෙනවා. හරියට ඉතින් බ්ලොග මතක නෑනෙ පත්තරේ කියවද්දි. හොරුන් භංග වේවා!

    ReplyDelete
    Replies
    1. හොරුන්ට ලැජ්ජ නෑ. ඒ නිසා එහෙම ලේසියෙන් මුන් භංග වෙන්නෙ නෑ, බංගස්ථාන කොරන්න ඕන.

      Delete
  39. මගේ ලිපි කීපයක්ම අන්තර්ජාලයේ විවිධ තැන් වල බ්ලගේ අඩවියේ කිසිදු සටහනක් නැතුව පල වී තිබුනා. මේ ලගදි දවසක ෆේස් බුක් සමාජයේ ගෘෘප් එකක් තුල මගේ පැරණි ලිපි රාශියක් උන්ගෙ ඒවා වගේ පල කර තිබුනා. මම ඉතාම සුහදව කාරණය පැහැදිලි කලා..එයින් පසුව දැන් පල වන ලිපි වලට ලින්කුවක් එකතු කර තිබෙනවා.

    ලක්බිම පුවත්පතේ මගේ සහෘදයන් කීප දෙනෙකු සේවය කරනවා...මම ඒ අයටත් මේ කාරණය සන්නිවේදනය කරන්නම්.

    ReplyDelete
    Replies
    1. සිරා උඹෙ වචනෙට ස්තූතියි! පේනවනෙ වෙලා තීන හරිය අන්තිමට.

      Delete
  40. ඈ ඉන්දික ළමයො...සංවත්සර සාදයක් නැතෙයි....?

    ReplyDelete
    Replies
    1. සාදයක් නම් ඉතිං මටත් එන්න අවසරයිද සහෝ.............

      Delete
    2. ඔටුවට මෙක පාටියක් නෙමෙ වාන්පාටියක්. දන්නැද්ද ඉතින්.

      රුක්ෂිලා, කවියන්ට බෑ, මේක වෙන කට්ටියකට.

      Delete
  41. සිවුවසරට සුබ පැතුම් අයියේ..

    ලිපි හොරකම් මේ සයිබරේ නවත්තන එක ඉතින් ඒ තරම්ම ලේසි පහසු දේකුත් නෙමෙයි නේ.. අඩුගානේ ලාවට අයිනකින් වත් නම් වැටෙනවනම් ඒත් ඉවසන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව්, යන්තවත් කිව්වනං ලිව්වෙ අහවලාය කියල ඔන්න හිත හදාගන්න තිබ්බ. කොහෙද!

      Delete
  42. හොරු ගැන දැනට කතා නොකර ඉමු :D :D

    සංවත්සරේට සුභ පැතුම් මචා !!!

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. ඇනිවසරියට සුබ පැතුම් ඉන්දික !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!

      යන්තන් දැන් ලියනව මොනා හරි ආයි නෙද? ඒක මරු.

      Delete
  45. පත්තර කෙරුවාව දැන් හරි ලේසිනෙ.බ්ලොග් කියවල කොපි පේස්ට් කරනව.පත්තරකාරයො කියන්නෙ ගූ කන බල්ලො බන්

    ReplyDelete
    Replies
    1. දැන් නෙමේ ඉස්සරත් ඔහොම තමා. අර වදකහ සුදියෙ ලිපිය ගුලිගෙන් කාරියකරවන ඉස්සුවද කාරිගෙන් ගුලි ඉස්සුවද කියල තාම දන්නෙ නෑනෙ!

      Delete
  46. ලක්බිම ලියවුන හිස් අහස ගැන ලිපියකින් තමයි මමත් බෙිලෝග් ගැන දැන ගත්තේ. ගිය සතියේ ඔය ලිපිය දැකලා මමත් වයිෆ්ගෙන් ඇහැව්වා මෙකක්ද මෙි කැ#%^ වැඞෙි කියලා. (ගැනිගේන් බැනුනුත් ඇහැව්වා).
    කැතයි අඡුතයි ලක්බිම
    අයියන්ඞි වුන් මෙි ගැන පැහැදිලි කිරිමක් වත් පලකිරිම දක්වා ඇදගෙන ගියෙත් මොකද

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙත් ඒකයි අන්න එතනට ගේන්ඩ පුලුවන්නං අපි දිනුම්

      Delete
    2. කට වහගෙන හිටියොත් මුං දිගටම කරන්නේ ඔය කැ#%^ වැ‍ඞෙි.

      Delete
    3. සංජීව, මට මැවිල පේනව වෙච්චි සීන් එක ( මටත් ඔහොම අනන්ත වෙලා ඇති )!

      අටම, ඔන්න දැක්කනෙ පැහැදිලි කිරීමෙ රඟේ!

      Delete
  47. සුබ පැතුම් ඉන්දික!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඔබේ කමෙන්ට් එකක් දැක්කෙ කාලෙකින්.

      Delete
  48. හදවතින්ම සුබ පැතුම් සහෝදරයා............!
    ඔබේ ලිපිය හොරකම් කොට උගේ වගේ දැමීම හෙළා දකිමි.............

    ReplyDelete
    Replies
    1. හෙලා දැක්කටත් සුභ පැතුවටත් ස්තූතියි. අපිට දොදොලුයි කොට්ට කිළංගුයි ගේනව නේද එනකොට?

      Delete
  49. ගිය සතියේ උඹ ලිපිය කියෙව්වා.... බ්ලොග් කාරයෙක්ට තමන්ගේ ලිපියක් පත්තරේ යනවා කියන්නෙ ලොකු සතුටක්. හැබැයි ලක්බිම පත්තරේ මේ කරලා තියෙන වැඩේ නම් හරියට තමන්ගේ දරුවෙක්ව හොරකං කලා වගේ වැඩක්....!

    කොහොම හරි උන් වැරැද්ද පිළි අරගෙන ඒක හරි ගැස්සුවොත් හොඳයි....

    උඹේ චතුර් සංවත්සරයට මගේ සුභ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා වත් එකක් ලියපංකො ලොකු අයිියෙ....

      Delete
    2. හෆ්ෆටසිලි .. දුමී අයියා දැක්ක කල් !

      Delete
    3. දුමී,

      කියල වැඩක් නෑ. උඹ කියපු එක හරියටම හරි. නිකන් අප්ප පුතාගෙ දේ ඉස්සුව වගේ. එක අතකට රටේ නිතර වෙන දේවල්නෙ. ස්තූතියි සුභ පැතුවට. නරකද අර දුමීගෙ මොකද්ද කියන බ්ලොගේට ක්ලීනින් පාරක් දාල ගත්තොත් ආයි?

      Delete
  50. මුලින්ම සුබපැතුම්..!

    ඉන්දික ඕකුං ඔයිට කලිනුත් ඕය වගේ ලිපි පලකලා මචං..!
    ලජ්ජාවක් නෑ...!

    බ්ලොගේ මම කියෝන ලිපියක් බොක්කෙන්ම කියවන නිසා මේ වගේ කැතවැඩක් දැක්කම අම්බානක මෙව්ව වෙනව...! ඒකයි උඹට දැන්නුවෙ.

    ReplyDelete
    Replies
    1. උඹට පින් ඔත්තුව දුනට නොපමාව. මම හිතන් උන්නෙ උන් නිවැරදි කිරීමක් කලම ටැග් අයින් කරල මේ ලිපිය ගලවන්න. ඒත් දැන් කරල තීන දේ දැක්කම එහෙම කරන්න හිතෙන්නෙ නෑ. දැන් ලක්බිම කියල සිංහලෙන් සර්ච් කලාම තුන්වෙනි තැන මේ ලිපිය. ඔහෙ තීච්චාවෙ.

      Delete
  51. මම නම් හිතුවෙම උඹ බ්ලොග් පෝස්ට් දන්සලක් දාලා කියලා. එච්චරයි දන්සල්වල අඩුවකට තිබුනේ. බලමු මේ ඉරිදා ලක්බිම.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අරු අයියේ ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් කරන්ඩ බැ අනේ

      Delete
    2. අටමෝ.....උඹ දන්නවානේ මගේ හැටි. මම නම් ඕකට උත්තරයක් දන්නේ නැහැ බන්. මගේ වර්ඩ්ප්‍රෙස් හින්දාද දන්නේ නැහැ.

      Delete
    3. අරූ,

      දැක්කනෙ නිකන් මාව මල් අතරින් එකක් කොරල දාල තිබ්බ නිවැරදි කිරීම. අනේ මන්ද උන්ගෙ පු ක කියල එකක් නැද්ද කියල.

      Delete
  52. ඇනිවසරියට සුභපැතුම් මචෝ..!

    බ්ලොග් නැති කාලේ තමන් ලියන දෙයක් පත්තරේක දාගන්න අධුනිකයෙක් කොච්චර කට්ටක් කන්න ඕනෙද... දැන් පත්තර වල බ්ලොග් වලින් උස්සපු ලිපි යනවා...

    මට පොඩ්ඩක් වෙනස් දෙයක් කියන්න අවසරද...? මගේ පුද්ගලික අදහස බ්ලොග් කියන සංකල්පයම තමන්ගේ නිදහස් අදහස් එලියට දැමීමක් මිසක් අන්‍යතාවයක් මතින් ලියන දේට කොපිරයිට්ස් තියාගැනීමට උත්සාහා කිරීම නෙමේ කියන එක... තමන් එහෙම කොපිරයිට්ස් තියාගතයුතු දෙයක් ලියනවානම් ඒක බ්ලොග් වලින් එහාට ගන්න ඕනේ කියලා මම හිතන්නේ... මේ කතාව නීත්‍යානුකූල නැති බව මම දන්නවා... ක්‍රියේටිව් කොමන් ලයිසන්ස් වැනි දේ ඇත්තේ ඩිජිටල් කන්ටෙන්ට් කොපිරයිට් කරන්න බවත් මම දන්නවා... ඒත් මම කියන්නේ බ්ලොග් කියන දේ ගැන විතරක් සලකලා, නීතිය හැටියට නෙමේ සංස්කෘතියක් විදියට බ්ලොග් සංකෘතිය කියන්නේ අදහස් මුදාහැරීමක් විතරයි කියන තැනට එන්න පුළුවන්නම් මම කැමතියි... ඒ අදහස් වලට අයිතිවාසිකම් කිවයුතුනම් ඒක පබ්ලිශ් කරන්න වඩාත් සුදුසු බ්ලොග් අවකාශය නොවෙන බවයි මගේ හැගීම...

    ඊලඟට මෙතන අවුල ලිපිය ලක්බිමේ ගිය එකට වඩා ඒක ස්ටැන්ලි බුවා තමන් ලියපු එකක් වගේ දැම්ම එකනේ... මම ඉන්දිකනම් මම එතෙන්දි හිත හදාගන්නේ මෙහෙම... මේ මම ලියූ අවසාන ලිපිය නෙමේ... මගේ ඊලඟ ලිපිය කවදාවත් ස්ටැන්ලිට ලියන්න බැහැ... ඒක ලියන්නෙත් මම... වැඩිමවුනොත් ස්ටැන්ලිට පුලුවන් ඊට පස්සේ උගේ වගේ දාන්න විතරයි... කොහොමහරි මම ඉන්දික නෙමේනේ... ඒ විතරක් නෙමේ මුළු බ්ලොග් අවකාශයෙම මෙහෙම සිතිවිල්ලක ඉන්න එකම එකා මම වෙන්නැති... ඒකම හොඳ හේතුවක් මෙතෙන්දි මම වැරදි වෙන්න... :)

    ප.ලි. : ඉහත ලක්බිම හොරාකෑම වැරදි නැති බව තුන් හිතකින්වත් මම අදහස් නොකරමි...

    ReplyDelete
    Replies
    1. බීට,

      උඹෙ අදහසට ස්තූතියි. එක කොටසකට එකඟයි. මේ ලිපි කොපි කලාට කමක් නෑ. ලිව්ව එකා ගැනත් යන්තන් හරි කියන්න. මොකද එහෙම නැත්තන් මට ඉතුවෙන්නෙ තෘප්තිය මම පොරනෙ කියන එක සහ උන්ට යන්නෙ ක්‍රෙඩිට් එක උන්නෙ පොරවල් කියල.

      උඹගෙම වචනවලින් කිව්වොත්, අර ෆේක් ප්‍රොෆයිල් එහෙකින් දිගට ජීවත්වෙන්න පුලුවන්කම වගේ මාර ගටක් ඕන ඔය විදියට හිතල සැනසෙන්න. මට ඒක නෑ බං ( දේශකයට උපරිම තීනව, උඹටත් ඇති ).

      Delete
  53. කතන්දර වටින්නේ ඔන්න ඔය නිසයි. මගේ ඒවත් අනන්ත දානවා. එක එකාගේ නම් වලින්. මම නම් හොයන්න යන්නේ නෑ. ඒත් අපිට ආදරේ උන් ගේම අදිනවා. ඇත්තටම උන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? එක සැරයක් මගේ එකක් ලංකා ඊ නිව්ස් එකේ දාලා තිබිලත් මට විස්තරේ කිව්වේ කකා.

    ReplyDelete
    Replies
    1. වෙන බ්ලොග් වල වෙබ් සයිට් වල දානව වගේ නෙවි බං සල්ලි වලට විකුණන පත්තරේක දාන එක. ඒකයි මල! අනෙක්ක් ගෲප් කාරයො ගොසුප් කාරයො දැම්මට මාත් ගනං ගන්නෙ නෑ.

      Delete
  54. බ්ලොග් මිතුරන්ගේ එකමුතු කමට පත්තරත් කම්මුතුයි..... අපි හැමදා කමෙන්ට් නොකරට පුළුවන් හැම වෙලාවෙම ඔයාලගේ අඩවි වලට ඇවිත් යනවා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ලොකු හය්යක්, තැන්කූ මචං!

      ඇත්තටම බ්ලොග් කරයො විසාල පිරිසක් එකතුවෙලා, උදව් කරපු නිසා තමයි අර තරම්වත් නිවැරදිකිරීමක් කලෙ. ඒකට මම උඹල හැමෝටම ස්තූතියි කියනව!

      Delete
  55. මොකද අලුත් තත්වේ මේ ගැන පත්තර මොකද කරල තියෙන්නේ

    කරමුද පත්තර කන්තෝරුව ඉස්සරහ පිකටින් එකක්

    විහිලුවට නෙමෙයි සිරාවට කියන්නේ

    ReplyDelete
    Replies
    1. අද පිකට් කිරිල්ල බල්ලට ගිහින් තීන්නෙ. අපි මේ කල පිකට් එක ඊට වඩා ප්‍රභලයි. උඹලගෙ හිට්ස් වලින් මේ ලිපිය ලක්බිම කියල සර්ච් කරද්දි තුන්වෙනි තැනට එනව. ඒ මදෑ.

      ඒකට ස්තූතිය උඹල ඔක්කොටම!

      Delete
  56. පසුව ලියමි
    හරි අපි බලාගෙන ඉන්නවා ඡුනි 1 දා වෙනකන්.

    ReplyDelete
    Replies
    1. හරි සංජීව ස්තූතියි. මේ ටිකේ අම්බානෙට වැඩ නිසයි උත්තර දෙන්න පමා උනේ. දැක්කනෙ වෙච්චි දේ අන්තිමට.

      Delete
  57. අනිවා.... මේක අමු අමුවේ කරපු හොරකමක්... ඔතන දී වැදගත් වෙන්නේ කවුද ඔබේ ලිපියට යටින් දාලා තියෙන නමේ අයිති කාරයා කියන එකයි. ඔහුට ජාතියක් ජම්මයක් තියෙනවානම් ඔහොම දෙයක් දානකල් බලාගෙන ඉදිවි යෑ.... අනික ඔබ ලියූ දෙයක් පළ වීම හොද නමුත් මේ විිදිහට හොරකම් කිරීමට අපි එකහෙලා විරුද්ධ විය යුතුයි. ඔවුන් නිවැරදි කිරීමට අමතර ව සමාවත් ගත යුතුයි. ඇටමා කිව්වා වගේ ඇත්තට ම කරමුද පිකටින් එකක්.... කෙසේ වෙතත් ජූනි 1 නිවැරදි නූනොත් අපි බ්ලොග් හරහා ලොකු විරෝධයක් පාමු............. ඊටත් එහා දෙයක් කරමු............... කීයටවත් මේවාට ඉඩ දෙන්න බෑ ඉන්දික....

    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ ස්ටැන්ලිය මේක කොපි කරල, නං ගං කපල උගේ වගේ පත්තරේට යවල. දැන් හැබැයි ඉස්සරහට ඕකගෙ ඒව දානකොටවත් පත්තරේ උන් පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳයි.

      Delete
  58. ඉන්දික,

    ලක්බිම ඉරිදා සංග්‍රහය ලැජ්ජා නැති නිවැරදි කිරීමක් කරලා..... ඇනියාගේ බ්ලොගයෙන් දැක්කා... කකාත් ඒ ගැන කියලා තිබුණා... ඒකට අනුව ඒ වැඩේ වැරැද්දක් නෑ... මේකනම් යකාගේ රටක්.... එහෙනම් දැන් අපිටත් පුළුවන් ඔය එක එකා ලියන ලිපි අපේ වගේ කෑල්ලක් දෙකක් කපලා දාගන්න. අනේ මෙහෙමත් පත්තර.. මෙහෙමත් කතෘලා... මෙහෙව් රටක ඕක මොකක්ද කියලත් හිතෙනවා..... ඒත් අපි මේකට විරුද්ධව පෙනී සිටිමු කියලායි අපේ අදහසනම්.......

    ReplyDelete
    Replies
    1. කුරුටු, මම උඩින් කිව්ව වගේ මේ ලිප්ය සහ කමෙන්ට් දිගටම තියන්න අරිනව. අඩු තරමෙ අන්තර්ජාලෙ බලන අය අතරවත් මේ බලු වැඩ ගැන පැතිරෙන්න.

      අනික් එක දැක්කද ගිය සතියෙ ඉඳන් ඔය රිද්මෙ අන්තර්ජාල ලිපි දාන පිටුවෙ තියෙන "මම ලිපි සමඟ පලවන්නේ ඒව අප වෙත එවන අයගේ නමයි" කියල. විළිලැජ්ජනැති කතාවක්නෙ ඒක. ඕන හොරෙක්ට නෙට් එකෙන් මොනා හරි කොපි කරල එවල මුන්ගෙ පත්තරෙ පුලුවන් නමත් එක්කම අයිතිකාරය වගේ දා ගන්න. නරක නෑ ඒ ෆැසිලිටි එකත්.

      Delete
  59. http://www.divaina.com/2014/06/10/feature02.html
    අභීත ඕන පත්තරේ නමත් දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. සුන්දර ලකේගල පාමුල දුම්බර වනාන්තරය අසබඩ පිහිටි මෙගම මැදින් කෙත්වතු යාය පෝෂණය කරමින් ගලා ගියේ මීමුරේ ඔයයි. මෙම මීමුරේ ඔය කෙත්වතු, එළවළු කොරටු පෝෂණය කළා පමණක්‌ නොව ගමේ සෑම සියලු දිය අවශ්‍යතාවන් සපුරාලමින් සුන්දරත්වයෙන්ද පෝෂණය කළේය.

      මෙහි එක්‌ දිය අත්තක්‌ ලෙස හඳුන්වනු ලබන අතර ඔය දෙකට මැදිවූ, දැවැන්ත කුඹුක්‌, තිඹිරි වැනි වෘක්‍ෂ දේවතාවන්ගෙන් සමන්විත අපූරු ඕවිටක්‌ද එහි විය. මේ වන වදුල වසර සිය ගණනාවක්‌ තිස්‌සේ මීමුරේ වාසීන්ට සෙවණ, සිසිලස සැලසුවේය.

      එහෙත් මීට මාස කිහිපයකට කළින් මෙහි පැමිණි කොට්‌ටාව ප්‍රදේශයේ හෝටල්කරුවකු මේ වන වදුල හෙළි පෙහෙළි කර, දෙපසින් ඇළ මාර්ග දෙකට මැදිවූ මේ අපූරු බිම්කඩ වඩා කටුකම්බි ගසා කඳවුරු බිමක්‌ තැනුවේය. ගම්වාසී කිහිප දෙනකුගේ උදව්ද ඊට ලැබුණේ කිතුල් රා, දඩමස්‌, කිතුල් හකුරු යනාදී දැ කඳවුරු බිම වෙත ලබාදෙන බලාපොරොත්තුවද සමගිනි.


      කිසිදු පූර්ව අවසරයකින් හෝ අනුමැතියකින් තොරව ආරම්භ කරන ලද මෙම කඳවුරු බිම් නවාතැන සඳහා වනයද හෙළි පෙහෙළි කරන ලද අතර, විවිධ මට්‌ටමේ කඳවුරු නවාතැන් ඉදිකර තිබේ.

      නැරඹුම් අට්‌ටාල, කූඩාරම් බිම්, ගිනි මැල, මුළුතැන් ගේ, බාබකිව් (මස්‌ පුළුස්‌සන) ස්‌ථාන, බියර් හා මත් පැන් පානය කරන ස්‌ථාන වශයෙන් පුළුල් පරාසයක බිහිවුණු කඳවුරු බිම් සංකීර්ණයක්‌ මෙහි සරල තාක්‍ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් තනා තිබිණි.

      එසේම මෙම ඕවිට මැදින් වැටී තිබූ ගම්මුන්ගේ පාරම්පරික හේන් මාර්ගයද අවහිර කරමින් එය තනි පුද්ගලයකුට ගමන් කළ හැකි පරිදි කටුකම්බි දෙවැටකින් සීමා කිරීමද සිදුකෙරුණු අතර, මීමුරේ ගැමියන්ගේ බහුතරයේ විරෝධය මැද මෙය ඉදිකෙරුණේ කුමන හෝ අදිසි හස්‌තයක්‌ මේ පසුපස සිටිය නිසාය.

      මෙම කඳවුරු බිම ක්‍රියාත්මක වීමේදී මීමුරේ විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රමුඛ බහුතර ජනයාගේ විරෝධය මීට එරෙහිව නැඟ ඒමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඩීන්ස්‌ටන් හා තෙල්දෙණිය වන සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන වල වන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කඳවුර බිම වසා දමා කඳවුරුකරුවන්ට මීමුරෙන් පිටව යන තැනට ඔවුහු කටයුතු කළහ.

      එනිසා මෙම කඳවුරු බිම් භීතිකාව ගමෙන් පිටමං වූවේ යෑයි සිතා මීට විරුද්ධ වූවන් ඇතුළු ගැමියන් හිත හදාගත්තෝය. එහෙත් විශ්මය නම්, ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් හා නීතිය ක්‍රියාත්මක කළහැකි නිලධාරීන් හැමෝම දැන සිටියදී මාසයකට පමණ පසුව විත් පෙර කඳවුරු බිම්කරුවාම නැවතත් එතැනම මෙම කඳවුරු බිම ආරම්භ කිරීමය.

      එපමණක්‌ නොව, මෙම කඳවුරු බිමට කිතුල් රා, දඩමස්‌ සපයන පුද්ගලයන්ද සෘජුවම සම්බන්ධව කටයුතු කරන අතර, මෑතක සිට ගංජා සහ වෙනත් මත් කුඩු වර්ග ගෙන එන බව තමන්ට ඔප්පු කර පෙන්විය හැකි බව අප මේ ගැන සොයා බැලීමට ගිය අවස්‌ථාවේදී ගමේ තරුණ කණ්‌ඩායමක්‌ පැවසූහ.

      තවද මී මුරේ ගමට මේ දක්‌වා කවරදාකවත් සිදු නොවූ ආකාරයේ කතාවක්‌ අහන්නටත් සිදුවූ බවද ඔවුහු අපට අවධාරණය කළහ. එනම් ගණිකා වෘත්තියද මේ තුළ පටන් ගෙන තිබීම බව ඔවුහු කියා සිටියහ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails