Thursday, April 9, 2015

සුභ දිනෙක පැතුම.. Part - 2



ලොකු පුතේ ඔයා ලෑස්තිද?

වෙනදට අන්තිමටම ඇඳ ගන්න අම්ම, එදා කලිම්ම ලෑස්තියි. ඉක්මනටම ඇඳගෙන හොටෙල් එකට යන්න..

"හරි හරි, ඉන්න ඔයාව වෙලාවට එක්කන් යන්නං.." මම ඩියොඩ්‍රන්ට් ස්ප්‍රේ වෙන සද්දෙ අස්සෙමයි කිව්වෙ.

මම කිව්ව එක ඇහුනද නැද්ද මන්ද, එයාගෙන් සද්දයක් නැති තැන මම ආයි ටිකක් තාලෙකට කෑගැහුව

"අම්මව එක්කන් යන්නන්...මලක් ඔලුවෙ තියන්නං...තියල ෆොටෝ ගහන්නං.."

හිතේ සැහැල්ලුවෙන් ඉන්න අය බාත් රූම් වල සින්දු කියනවලු. එතකොට ඇඳුම් අඳින ගමන් සින්දු ගොතන්නෙ හිතේ මොනා තීන අයද?

අද නංගිගෙ ජීවිතෙ වැදගත්ම දවස. ගෙදර හැමෝගෙම සතුට උතුරන දවසක්.

වටලප්පමක රසවිඳින පොඩි එකෙකුට කජු කෑල්ලක් ලැබිල වගේ මගේ හිතේ ඒ සතුට දෙගුණ වෙන යමක් වෙලද කියල මටම හිතෙනව. හිතෙන හිතෙන හැම දේ ගැනම හිතන්න ගියොත් පිස්සු හැදෙයි.

මම කළිසමේ කකුල් දෙක අස්සට සීරුවට බැහැල ෂර්ට් එකේ බොත්තම් පෙල කෙලින් සිප්  එක තියල උඩට ඇද්ද.

නංගිගෙ මංගල්ලෙ බෙස්ට්මන්ල නෑ. ඒ හින්ද මල් බොකෙ එක උදේම ගල්කිස්සෙ නෙළුම් අක්කලගෙ ගෙදරින් අරගෙන හොටෙල් එකට ගෙනිහින් දෙන එකත් තිබ්බෙ මගෙ ලිස්ට් එකේ. ඊට අම්තරව අම්මව එක්කන් යන්න, නංගිගෙ ඇඳුම් මල්ල ගෙනියන්න, ඔයවගේ තව අතුරු කාරණා කිහිපයකුත්.

"මනමාලය මෙලහකටත් ඇවිල්ල ඇති..."

අම්ම ආයි එළියෙ ඉඳල කියවනව.  උන්දැට ඉවසිල්ලක් නෑ.

"පොඩ්ඩක් ඉන්නකො ඔහොම, හරියට මෙයා මණමාළි වගේනෙ හදිසිය"

මම කාමරේ ඉඳම්ම කෑගැහුව.

"කොයි අම්මටද පුතේ දුවෙක් මණමාලියෙක් වෙනව දකින්න ඉවසිල්ලක් නැත්තෙ"

අම්මගෙ වචන හැඟීම් බර උනාට හඬේ තිබ්බෙ තනිකර සතුට.

මම හතරවෙනි පාරටත් කණ්නාඩියෙන් බලල, ජෙල් ඇඟේ උලාන සීරුවට හිටගෙන උන්නු කෙස් ගස් ටික තව පාරක් අතගාල බලල කාමරෙන් එලියට ආව.

සාලෙ කෑම මේසෙ උඩ පත්තු කරපු පහණ තාම යාන්තමට නටනව. කිරිබතුයි කැවුම් ගෙඩියි එක ගාව ඉඳගෙන උඩ බලාගෙන. කොකිස් පිඟාන විතරක් එහාට වෙලා කෙසෙල්ගෙඩි වලට හේතුවකුත් දාගෙනම ජනේලෙන් එලියට ඈත බලං.

අනේ අපෙනුත් මල් ගන්නකෝ වගේ ඉන්න කැවුම් ගෙඩි අතරින් රන්වන් පාටට පියවුරු තුඩක් වගේ ඉස්සිල හිටිය කැවුමක් මම පරෙස්සමට අතට ගත්ත.

"අම්මෙ යං.."

උදේ කෑමට කැවුම් මොට්ටුව කටේ දාගෙන මම යන්න හැදුවට, ලොකු පස්සක් වගේ රවුමට තිබ්බ ඉතුරු කැවුම් කෑල්ලත් ගිලල වතුර ටිකකුත් බොනකල් අම්ම නෙමේ මට යන්න දුන්නෙ..

......................................................................................

ලස්සනට සුදුපාට රෝස පොහොට්ටුවලින් හදාපු මල්බොකේ දෙක අත්දෙකේ හින්ද මම හෙමිහිට දණිස්සෙන් දොරට තට්ටු කරා.

ගල්කිස්සෙ හොටලෙ බේ වින්ගෙ එකේ රූම්ස් වල දොර ඇරියම ඇතුලට එන කෙනෙක්ට එකපාරම පේන්නෙ ඈත ක්ෂිතිජය. ඒ බටහිර මුහුද නිසා උදෙට ටිකක් අඳුරුයි.

ඒ මම බලාපොරොත්තුවෙච්චි දර්ශණය.

ඒත් ඇරුණු දොරෙන් මුහුණට වැටුනෙ ඇස් ගිණිකන එලියක්!

මූණට එල්ලවෙච්චි වීඩියෝ කැමරාවෙ ලයිට් එළිය අතරින් සුරංගනාවක් දොර අරින්න ඇවිත්.

ගිණි මලක් පිපුනාය දොරකඩ..වරක් නොව තව වතාවක්..

"නංගි ඇතුලෙද?"

මම ඇහුවෙ තප්පර ගානක් නිස්සද්දව ඉඳල.

කතා කරන ගෙම්බෙක් දිහා බලාගෙන ඉන්නව වගේ සුරංගනාවි මගේ දිහා බලාගෙන ඉඳල, එකපාරම අතින්කටවහගෙන ඇතුලට දිව්ව.

කළිසමේ සිප් එකවත් ඇරිලද බලන්න බිම බලත්දි බෙල්ල මලක හැපුනමයි වෙච්චි දේ තේරුනේ. පොඩි කෙල්ලො තුදෙනගෙ ලොකු වළලු වගේ බොකේසෙ තුනම අම්මට ගන්න බැරි නිසා මම පහලට එනකොට එයින් එකක් බෙල්ලට දාගත්ත!

මූණ බලල හිනාවෙනව වෙනුවට මූණ දැකල හිනා ගියා කියන්නෙ ඩියොඩ්‍රන්ට් වෙනුවට පිට් පෆ් ගැහුව වගේ තමයි.

"කෝ යමංකො පුතේ ඇතුලට..."

අම්මගෙ සද්දෙත් එක්ක ආයි මට හුස්ම වැටුන. අතේ තියෙන මල්බොකේස් අතෑරල කඩන් වැටිච්චි හිත අහුල ගන්න බෑනෙ. මම එහෙමම ඇරිල තිබ්බ දොරෙන් ඇතුලට ගියා.

"මං බෑග් එකත් අරගෙන එන්නං.."

හිමිහිට මල්බොකේස් ටික ඇඳ උඩ තියල, කණ්නාඩියෙ මගෙ දිහා බලාන ඉන්න නංගිට එහෙම කියල මම ආපහු හැරුන.

"ලොකු අය්යෙ.."

"ඇයි?"

"මේ කවුරුත් මුකුත් කෑවෙ නෑ හලෝ තාම"

අනේ පල ඉබ්බි යන්න, උන්ට නෙමේ උඹටද කොහෙද බඩගිණි...වෙන වෙලාවකනං මම එහෙම කියන්න තිබ්බත්, ඒ වෙලාවෙ කියවුනේ

"හරි මම එළියට ගිහින් මොනාහරි ගේන්නං.." කියල විතරයි.

අතේ සල්ලි  නැති පොඩි එකෙක්ව කානිවල් එකකින් එලියට දැම්ම වගේ මම කාමරෙන් එලියට ආව.

දොරෙන් එලිය ඇවිත්, කොරිඩෝ එක දිගේ අඩි දහයක් යන්න උනේ නෑ...

අය්ය මේ.......


..................................................................................................

යුනිකෝඩ් කන්වර්ටරේ නැතුව මේක දිගට ලියන්න හෙන අමාරුයි.ඒ හින්ද අදට මේ ඇති. උඹල මට බනිනව වෙනුවට, කොලම්බු කැම්පස් උන්ගෙන් අහපල්ල කන්වටරේ වෙනුවට සුබස පේජ් එහෙකෙට යන්නෙ මොකද කියල. ඉතෘ ටික සෙනසුරාදට දාන්න ට්‍රයි කරන්නෙ. මොකද වසන්තයට තව කතවක් හරි දෙකක් හරි ලියන්න ඕන.

අවසාන කොටස

58 comments:

  1. යකෝ මේ විදිහට ලියන එකා මෙච්චර කල් කොහේද බොල හිටියේ....? අඩේ සිරාම සිරා බං උඹේ උපහැරණ ටික.....!

    හිකිස් හිකිස් ගගා බලනකොට ගම හාමිනේ "මළ කෝලං......" කියලා කියාගෙන ගියා......!

    ඔෆිස් එකේදි නම් යුනිකෝඩ් කන්වර්ටරේ වැඩ කලා, ජාව ස්ක්‍රිප්ට් නිසා කැෂේ එකෙන් වෙන්නැති.... ගෙදරදි වැඩ කරන්නේ නෑ.....

    මම පාවිච්චි කලේ මෙන්න මේක.... මේකත් කලම්ඹෝ යුනි එකේ කන්වර්ටරේ වගේම තමයි....

    ReplyDelete
    Replies
    1. මම මේව ලියනව ක්යල අපේ හාමිනේ දන්නෙ නෑ. දන්නවනං ඉතින් බ්ලොග් අම්බ්‍රෙල්ල පවුඩර් තමා...

      Delete
  2. Replies
    1. Thanks bro!

      කන්වර්ටරේ දැන් හරි, රසික මේලක් දාල දන්වල හරිගස්සවල තිබ්බ.

      Delete
  3. එතකොට සිංහයත් ලොකු පුතෙක්...
    කතාව නියමයි බං...
    මටනම් වසන්තයෝ නැහැ, පෝස්ට් එකක් ලියා ගත්තනම් එදා වසන්තයක්...
    ටාගට් කරලා ලියන්න විදිහක් නැහැ බං

    සිංහල ලියපියව්කෝ Google Translitraration කියන අහවල් එක කොම්පීතරේ ඉන්ස්ටෝල් කරගෙන
    එතකොට ඕනේ මගුලක ඒකෙන් ටයිප් කරන්න ඇහැකි, නෙට් ඕනෙත් නැහැ
    වර්ඩ් එකක ලියලා කොපි පේස්ට් පාරක් දාන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. නෙට් යන්න බැරි දවසක වර්ඩ් වල ලියල මම මාර අමාරුවක වැටුන. අකුරු වෙනස් වෙලා. ට්‍ර, ගෘ, වගේ අකුරු කොපි පේස්ට් කලාම පේන්නෙ ට්ර, ග්රු විදියට.

      Delete
    2. අප්පටසිරි රාජ් !
      මගේ ගුරුන්ටත් අකුරු වරදී ?

      Delete
    3. ලියපියවු‍කො විජේසේකරෙන්, ඔය මලමඟුල් කන්වර්ටර්ස් වීසික්කා ‍කොරලා දාලා.. ‍බොලාට දැන් සිංහල ලියන්ට ඉංගිරිසි නැතුවම බැරිද!? :-P

      Delete
    4. ලොකු පුතා, ඔව් බං මම ලොක්කෙක් තමා හෙහ් හෙහ්..

      මාත් පුලුවන්තමින් ලියාගන්නව, ඔෆිස් එකේ වැඩ අඩුනම් මගෙ බ්ලොගෙට වසන්ත තමා..

      රාජ්, මම කරන්නෙ කන්වර්ටරේ ටයිප් කරල පෝස්ට් එකේ කොපි කරනව. වර්ඩ් වල අකුරු අවුල් තමා.

      ප්‍රා, කවුද ගුරා?

      බුරා, අපි එහෙමයි ඩෝ, දැන් උඹ ලොක්ක වගේ කියන්නෙ ඔය විජේසේකරේ කොටලද?

      Delete
  4. this is very bad bro!!
    I told u when u published 1st one!! (I really don't know why can't write this)
    I was waiting almost 1 week & this what u wrote.
    toughly disappointed.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් මිත්‍රය, ඔන්න කතාවම කියල ඉවර කරා..ඇද්දෙ ඇයි කියල පැහැදිලි ඇතිනෙ?

      Delete
  5. මේ බාසාවනම් සුපිරි!
    හා හා ඉතිං ඉතුරු ටිකත් දාමුකො නිවාඩු පාඩුවෙ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍යු උඹෙ අගය කිරීමට!

      Delete
  6. මේ ටික ගැන නං කියන්න දෙයක් නෑ බං. මොකුත් කියන්න තරම් කොට වැඩියි. විශේෂ මොකුත් වෙලත් නෑ. අපි මක්කෙයි කියන්නෙ.
    (මගුලෙ කන්වර්ටර් පාවිච්චි කර කර ඉන්නෙ නැතුව කෙලින්ම කොටන්න පුරුදු වෙයං. මේක හැම එකාටම කියනව නමුත් වැඩක් නෑ ඉතිං. එහෙමත් එකෙක් තමයි හරියට ටයිප් කරන්නෙ)

    ReplyDelete
    Replies
    1. මාත් යුස් කරන්නේ ඒක,,

      Delete
    2. රාජ්, කිව නොකිව්ව උඹල බලනවනෙ, ඒත් මදෑ!

      ඔමා, මොකද්ද රාජ්ගෙ එක?

      Delete
  7. කොහොමත් උඹ අගේට ලියනවා.... සුපිරියි.

    ReplyDelete
  8. වැල ෆිල්ම් එකක් වගේ තාම කණ ගාව, බුරිය හරියට සෙට් වෙනකොට ගෙදෙට්ට කවුරු හරි ආව වගේ නවත්තල තියෙන්නෙ, අවුරුදු සෙට් වෙලා. ආයෙ බලන්න වෙන්නෙ 20 න් පස්සෙ. එතකොටවත් අහවල් එක හරියටවත් ලියල තියපන්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු කාල වරෙන්කො දෙන්න

      Delete
  9. හැක්... නියමයි උපහැරණ ටික ආ. වෙන්නෙ මොකක්ද බලන්න ඉවසිල්ලක් නැතුව කියෝගෙන ආව. මේ මනුස්සය අදත් මගින් නවත්තල.
    අර රාජ් කියල තියෙනව වගේ කෙලින්ම සිංහල ගහන්න පුරුදු වෙන්න තමයි තියෙන්නෙ. එතකොට ඔය මගුල් මොනවත් ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. කියන්ට ලේසියි කොරන්නනෙ අමාරු..හෙහෙහ්

      Delete
  10. අර සිප් එක බොත්තම් පේලියට කෙලින් තියලා වාහන වෙලාවේ , පෝඩ්ඩක් විතර අහුවුනානම් රජ සැප නේද? මේ මගුල් නටන්නේ නතුල මේක ලියලා ඉවර කරපං අපිව නරක මිනිස්සු නොකර.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අහුවෙයි ජොකා නැතුව ඇන්දනන්..හැක් හැක්..

      Delete
  11. මචං මමත් මුලින්ම පටන්ගත්තෙ යුනිකෝඩ් කන්වර්ටරෙන් ඒක නරකම නෑ හැබැයි පොඩි පොඩි අපහසුකම් ටිකක් තිබ්බා.සමහර වෙලාවට දිග හෑල්ලක් ගහල එහෙමම මැකිල ගිය වෙලාවලුත් තිබුණා.ඔහොම ගගහ ඉද්දි එක ගෑනු ළමෙක් මට ගූගල් ට්‍රාන්ස්ලේටරේ ඉන්ස්ටෝල් කරල දුන්නා.පුරුදු වෙනකං ටික ටික අමාරුකම් තිබ්බට දැන් නං මට ගුගල් ට්‍රාන්ස්ලේටරේ ඕනෑම අමාරු අකුරක් වචනයක් කජු කනවා වගේ ලේසියෙන් ගහන්න පුළුවනි.පුළුවන් නං ගුගල් ඉන්ස්ටෝල් කරගෙන ලියල බලපංකො මම කියනවට.ආයෙ ලිය ලියා ගෙනත් අලවන්න ඕනෑ නෑ කෙළින්ම බ්ලොගර් පේජ් එකේම ලියන්න පුළුවනි කිසි දෙයක් නැති වෙන්නෙ නෑ ඔටෝ සේව් වෙනවා.හරිම ලේසියි.

    ReplyDelete
    Replies
    1. මමත් ගුගල් ට්‍රාන්ස්ලේටරේ තමයි.යුනිකෝඩ් කන්වර්ටර් නම් වැටහෙන්නේ නැතුවා.

      Delete
    2. හැළපෙ, පුරුදු එකට කෙල උන දාක බලනව බං, කොහොමත් ඉස්සරහට ලියැවිල්ලත් අඩුවේවි

      Delete
  12. මේකත් රවියාගේ වාන්පතුල් වගේ වේවිද මන්දා?

    ReplyDelete
  13. අර කම්මලේ කිව්වා වගේ බුරිය ගාවට එනකොට නැවැත්තුව ... ඉතුරු ටිකත් දාමු ඉක්මනට...

    ReplyDelete
  14. මේ සිංහයෝ යුනිකෝඩ් ගිණුමට කම්මැලිකම බැර නොකර ලියහන්කෝ..මොකද මෙ හැමෝටම යුනිකෝඩ් වැඩ නැත්තේ..??
    ආයෙත් බලන්න ඔන්න : http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ඕකත් නැත්නම් වෙන බ්‍රවුසරයකින් බලන්න.ඒත් නැත්නම් cache clear කරලා ට්‍රයි කොරාන්ඩ..අනේ ඉතින් මම නොකිව්වට උඹලා ඕවා දන්නවත් ඇතිනේ..කතාව බලාගන්න තියෙන නොඉවසිල්ල නිසා කිව්වා මිසක් තරහ ගන්ට කාරි නෑ ඕන්..:D

    ReplyDelete
    Replies
    1. මාත් ඔය මෘදුවෙයාර් ගැන එහෙමට දන්නෙ නෑ බන්. කෝම කෝම හරි රසිකලොජි ගේම ඉල්ලල දැන් වැඩේ සෙට්. ඒ මදෑ

      Delete
  15. නියමයි. ලස්සන උපමා ටික :D. එකම අවුල හොඳම හරියට ඇවිත් නවත්තපු එක. ඉක්මනට ඒකත් දාන්න.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබුනද කියල කියවලම කියන්න.

      Delete
  16. එල ද බ්‍රා..
    තව ටිකක් ආලවට්ටං දැම්මත් කමක් නෑ

    ReplyDelete
  17. අම්මට සිරි ගජ. නැන්දට කජුමද!
    ඔන්න ඔහොමනේ බං කෙරෙන්න ඕනේ. උපමා උපමේය ගැන කියනවා නම් උඹේ හිතේ තැන්පත් වෙලා තිබිච්ච ඩිෆෝල්ට් වැල්‍යූස් උඹ අතින් පාවිච්චි වෙලා තියෙනවා හිතා මතාම හෝ උඹටම නොදැනි.

    දැන් මේ වගේ;

    කළිසමේ සිප් එකවත් ඇරිලද බලන්න බිම බලත්දි... (මමත් ඉස්සෙල්ලම බලන්නේ ඕක...by default)
    ෂර්ට් එකේ බොත්තම් පෙල කෙලින් සිප් එක තියල...(ඒත් මම කරන්නේ ඕකෙ අන්ටිහ් පැත්ත.)
    අනේ අපෙනුත් මල් ගන්නකෝ වගේ ඉන්න කැවුම් ගෙඩි අතරින් රන්වන් පාටට පියවුරු තුඩක් වගේ ඉස්සිල හිටිය කැවුමක්...
    (මෙතන කාරණා දෙකක් තියෙනවනේ. දෙවෙනි එක මට කලින් හිතිලා නැති වුනත් මින් පස්සේ කැවුම් කන ගානේඋඹේ උදාහරණේ මතක් වෙලා කට කොණට හිනාවක් යයි මට. අර මල් උදාහරණේ උඹේ හිතේ දීර්ඝ කාලීනව තැන්පත් වෙලා තියෙන එකක් මම හිතන්නේ. මගේ නොසන්ඩාල හිතෙත් ඔය වගේම අදහසක් තමයි තිබිලා තියෙන්නේ.
    විස්තර කරන්න අවශ්‍ය නෑනේ...)

    ReplyDelete
    Replies
    1. ඔය උපැහැරණ හිතෙන්නෙ අවට දේවල් වලින්, පරණ මතක වලින් තමා බන්.

      ඔන්න අර හිනාවෙන/හිනායන සීන් එක පහදන්නෙ කොහොමද කියල එතනට ඇවිත් බ්‍රෙක් වෙලා තිබ්බෙ ලිය්වඉල්ල. පස්සෙ මම ගියා වොෂ් රූම් එකට. මෙන්න සිස්ටන් එක උඩ පිට්පෆ් එකක් තියල ගිහින් හෝදන එකෙක්. අව උපැහැරනෙ පට් ගාල ඔළුවට..හෙහ් හෙහ් එහෙමයිවැඩේ වෙන්නෙ. උඹත් ටොයිලට් ගිහින් බලහන් බොරුද කියල...

      Delete
  18. මේ භාෂාව හා උපමා ටික මගේ සිතට වැදුනා . කතාවේ ඉතිරිය කියවන්න බලා ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තූතියි, ඔන්න දැම්ම.

      Delete
  19. උපමා උපහැරණ වලින් සන්නද්ධ එක හුස්මට කියෝපු ලිපියක දෙවැනි කොටස.. ජයවේවා....

    ReplyDelete
  20. //කැවුම් ගෙඩි අතරින් රන්වන් පාටට පියවුරු තුඩක් වගේ ඉස්සිල හිටිය කැවුමක් මම පරෙස්සමට අතට ගත්ත.//

    //ලොකු පස්සක් වගේ රවුමට තිබ්බ ඉතුරු කැවුම් කෑල්ලත් ගිලල //

    මල පෙරේතයෙක් .. ඕවා ඔයාම හොයාගත්ත උපහැරණ තමයි..

    ReplyDelete
    Replies
    1. මේකෙ තීන බහුතරයක් උපැහැරණ මගෙම නිෂ්පාදන තමා බං. දැං කිහන් මල පෙරේත්තයෙක් කිව්වෙ ඇයි කියල ඉස්සෙල්ල?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ගැහැණු ශරීරයක් කෑවා වගේනෙ බන් අයියේ :D

      Delete
    4. ඉස්සෙල්ලාම උබ කියපන්කො උඩ ඔක්කොම පහුකරන් ඇවිත් මෙයාටම මොකද උත්තර බැන්දේ කියලා

      Delete
    5. මං මේ ඉතුරුටික ලියන ගමන් ඉන්නෙ. එයා මගේ ප්‍රේමිය, ඒකයි. ඇයි උබට අවුල්ද..? යකෝ අපි මාමල දූල වයසෙ උනාට එහෙම තමා ..හැක්..හැක්.. ( බලහන් කෙන්ජ එනවද කියල දුවන්න )

      Delete
    6. හු හු ඇද්ද අහගත්තා හිටන්

      Delete
    7. අනේ ඉන්දිකයෝ......මටත් මේකි දුවෙක් තමා......කමෙන්ට් වලින් ප්‍රේමිය වුනාට.........
      මගේ දුවට වඩා ඕන්නම් ...සත් වසරයි වැඩි වයසින්......
      හැබැයි ඔය කෙල්ල අද ආවත් මම කසාද බැදගන්නවා ...........මමත් නිදහසේ ඉන්න දෙදරු පියෙක් නිසා.....හෙක්......හෙක්.......
      දෙකම කියවල එන්නම් මචෝ කමෙන්ට් කරන්න.....

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. //ගැහැණු ශරීරයක් කෑවා වගේනෙ බන් //

      ඔය සුපර් මාක්ට්වල පාර්වල් වල අපි එහෙනං ඔහ්ම කැවුම් නිතර කනව කියල ලියා ගනින් නගේ

      Delete
  21. උබ මේක කියලා ඉවරයක් කරනවද නැද්ද????????????????????????????????

    ReplyDelete
    Replies
    1. මල්ලි බබෝ මොකෝ හදිස්සි

      Delete
    2. මැළේ, උඹෙ අර ඉතුරු කතා දාපු දාට මාත් මේක ඉවර කරන්නං...හාද?

      Delete
  22. එකසිය ගානට වේගෙන් මම කොටන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් වලින්. මම ලිපි ලියන්නේ ඔන් ලයින්.

    හාපෝ......මගුල් ගෙවල් කොන්ත්‍රාත් කියන්නේ බෙල්ල ගහලා යන වැඩ.

    ReplyDelete
    Replies
    1. විචා පටන් ගත්තෙමේ ඉන්පුට් ටූල්ස් වෙන්නැති, ඒකයි.

      Delete

LinkWithin

Related Posts with Thumbnails