Sunday, June 12, 2011

අන්ත්‍රාවයි! මෙන්න බඳින්න හොඳ නැති ගෑනු!




කතන්දර තුමා සතිස් පෙරේරගෙ අම්ම මහත තියරිය දාන්න දවසකට දෙකකට කලියෙන් මාත් කවදාවත් විවාහයකට තෝරගන්න සුදුසු නැති ස්ත්‍රී වර්ගවල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරනව කියල පිණි පලසෙ හරී නගාට පොරොන්දුවකුත් දුන්න!

මේ ලැයිස්තුව හැදුවෙ මීට අවුරුදු දහ අටකට විතර කලියෙන් එතකොට ටීන් ඒජ් එකේ අගම හිටි මායි මගේ අතිජාත මිත්‍රයෙක් වෙච්චි ජයම්පතියි එකතු වෙලා. හැබැයි ඒ වෙන්කොටත් කකා තුමානං නැන්දම්මගෙ තියරියත් දැනං කසාදෙ රහ බලනවත් වෙන්ටැ!

මේක ලැයිස්තුවක් කිව්වට අර එංගලන්තෙ ව්‍යවස්තාව වගේ ලිඛිතව නෑ, ඔක්කොම හිතේ තමයි. අර අලු ලෙනේ පුන්‍යකර්මෙ වගේ අද මෙතන මේක ලියල තිබ්බම අඩු ගානෙ අපේ සිංහබාහුවටවත් වැඩක් ගන්න බැරිවෙන්නැතෑ කාලෙ ආවම!

මතක තියාගන්න මෙතන තියෙන්නෙ මගෙයි ජෑමගෙයි පුද්ගලික අදහස මිස කාටවත් අපහාස කරන අදහසක් හෙම නෙවෙයි. ඒත් බලන අය සමහරවිට තමනුත් ඉවතලන කැටගරියෙ කියල හිතල කෑ ගහන්න එපා. මොකද සමහරු කැමති පැණි රසට තව සමහරු ලුණු රසට, එක එක්කෙනාගෙ රස වෙනස්නෙ!

1. කවුරුත් දන්න අම්ම මහත නම් දුව රිජෙක්ට් කිරීම. මේකට දැං ඉතින් අමුතුවෙන් අටුවා ලියන්න ඕනි නැහැනෙ.

2. පැහැයෙන් කළු මැණිකක් නොවිම. ඇත්තටම කවුද සුදු කෙල්ලන්ට අකමැති, අර ඇනස්ලිය හැර? මේක මේ එහෙම අද ගැන හිතල නෙමේ අනාගතය ගැන හිතල කියන දෙයක්. කළු ආච්චිලාට ඇන්ටිලාට වඩා සුදු ආච්චිලා ඇන්ටිලාගෙ ලොකු ඇට්‍රෑක්ටිව් ස්වීටි ගතියක් නැද්ද? වයසට ගියත් තමංගෙ බිරිඳ තමන්ටත් අනුන්ටත් ප්‍රිය දසුනක් වෙනවට කවුද අප්පේ අකමැති?

3. වයසින් අවුරුදු පහකටවත් අඩු වීම. බාල අපරාධ කරන්න කියනව නෙමෙයි. ඒත් අවුරුදු දා හතරෙදි දාසයෙදි විතර ගෑණු ළමයි අපිව පහුකරන් හරියට කෙහෙල් කඳන් වගේ උස මහත ගිහින් පාට වැටිල එනව. ඒ වගේම අවුරුදු තිස්පහ පනිනකොට ළමයි එහෙම හම්බුවෙලා නෝනල වැහැරෙනකොටත් මහත්තයල තව කසාදයක් බැඳගන්න පුලුවන් තරමෙ පොඩි කොල්ලො වගේ. ඒත් ඉතිං වයස පරතරය ටිකක් වැඩි උනානං මේ වෙනස ගානක් නැතිවම ෂේප් වෙනව. ඕකෙ තව පැත්තක් තීනව. ගෑනු උදවියට හෝදාපලුව නැතිවෙන හතලිහෙදි උවමනා එපාකම් ආයි පීක් එකට යනව උනාට පිරිමින්ට ඒක වෙන්නෙ හතලිස් පහේදි විතරනෙ. ඒ නිසා ඒතකොටත් ඉතිං තකට තක!

4. කුණු විළුඹෙ කතාව. ඒකත් කකා තුමාගෙ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට තිබ්බ නිසා ආයි ඉතිං අමුතුවෙං කියන්න දෙයක් නෑනෙ!

5. කකුල් පැළුනු තරුණියන්. මේක මට කියල දුන්නෙ අපේ අම්ම. ඉස්සර ගම්වල මනමාලයොංගෙ අම්මල බලන දෙයක්ලු මේක (ඒ හින්ද වෙන්න ඇති චාතුර්යා පොතෙත් තිබ්බෙ ). කකුල් පැලෙන ගෑනු නපුරුයි සහ මූසලයි ලු! ඒත් දැං නං වැස්ලින් ටිකක් උදේ හවා ගාල ඕන පැලිල්ලක් හා කරගන්න බැරුවයැ, නැත්ද මෙයා?

6. රජයේ කන්තෝරුවල සේවිකාවන්ගෙ සහ විශේශයෙන් ටීචර්ලගෙ දූල. මේකනං තනිකරම ජෑමගෙ අදහසක්. මොකද උංගෙ අම්ම රජයේ සේවිකාවක්. ඉතින් කොච්චර හොඳ ගෑණු උනත් කම්මැලි අලි වෙන රජයේ සේවිකාවොන්ගෙ දූලත් ඒ වගේමයි කියල මිනිහ මට උංගෙ නෑදෑ පරපුරෙන් උදාහරනත් එක්ක අරං පෙන්නුව. මං දැකපු බහුතරයක් රජයේ සේවිකාවන්ගෙ දූලත් අම්මලත් ඇත්තටම කම්මැලි අලි තමයි. ටීචර්ලගෙ අවුල ඒගොල්ලන්ගෙ දූලත් අම්මල අනුව බොහෝවිට ට්ටිචර්ල වීම නිසා සහ එහෙම නොවුනත් අර අම්මල වගේම දැඩි පාලනයකට බර උන්දැල වීම. මේව දැං ටිකක් අවුට්ඩේටඩ් වෙන්ටැ, දැං ඉතිං ඉන්නෙ ෆුල් සෙක්සි ඉන්ට්‍නැෂනල් ටීචර්ලනෙ වැඩි හරියක්!

7. යටි තොලේ උපන් ලපයක් තිබීම සහ/ හෝ ඇහි බැම එකට යා වී ( නහය මුදුනෙන් ) තිබීම. උපන් ලප තීන අයනං ඉතිං කාට කාටත් උදව්වක් පදව්වක් කරං ඉන්න හිත හොඳ කට්ටිය උනාට ඇහි බැම හා වේච්චි ඈයොනං ගිණි බෝම්බ කියල අහල කියවල තිබ්බ. තම තමංගෙ අත් දැකීම් එක්ක සසඳල බලන්ටල.


දැං ඔය කිව්ව දේවල් ඇවිල්ල ඔය කොන්ඩෙ දිග දෑවැද්දට අක්කර සැරට ලැබෙන, පරපුරටම කෙළවෙච්චි වගේ සාමන්ය කරුණුවලට අමතරම බලපුව. ඒ ෆුල් ලිස්ට් එකම දාල තේරුමක් නෑනෙ ඉතින් ඒව හැමෝම දන්නව කොට.

ප/ලි

මම මේ ලිස්ට් එක මගේ බඳින්න කලින් වැඩකරපු බොසාට ( බොසීට ) කියල තිබ්බෙ. ඉත්ං මගේ ගැටගැහිල්ලට එන්න කාඩ් බෙදන්න අපි දෙන්නම ( බඳින්න කලිංම අපි එහෙම තමයි )

උන්දැලගෙ ගෙදර ගියාම දොර ඇරපු නෝනෙ බැලුව බැලිලක් මගේ වෙන්ට උන්දැ දිහා, මෙන්න ඉං පස්සෙ මාව බදාගෙන දුන්නෙ නැතේ මාර හගියක් පතකඩු පාර ටිකකුත් එක්ක, මට ආඩම්බරයි සතුටුයි අරවද මේවද ගගා! තව පොඩ්ඩෙන් මෙයාව තියල එයාව බැඳගන්න වෙනව මං ගෑනිගෙ හැටි කලින් කියල නොතිබ්බනං. පස්සෙ බලනකොට මොකද කියල, අර මං කියපුවගෙන් කීපයක් ( පාට, කකුල් වගේ ඒව ) එයත් බලල, මම හරිම තේරීම කරල කියල උන්දැට ආපු සතුටටලු!

උන්දැ එහෙම කිව්වට අම්මත් පිළිකාවක් හින්ද නැතිවෙලා තාත්තත් HBP හින්ද වකුගඩු නරක්වෙලා අකාලෙ මියැද්දිච්චි මට වැඩිය අවුරුද්දක් විතරක් බාල මගේ හාමිනේව උන්දැගෙ මලයට කියල පෝරුවට නග්ගගෙන් එක්ක ආවෙ ඔය මොන කෙම්මලක්වත් හින්ද නෙවී මාත් එක්ක ජීවිතකාලෙම ආදරෙන් එකට ඉන්න පුළුවන් කෙනෙක් කියන විස්වාසෙටයි කියල පස්සෙ මං පැහැදිලි කරල දුන්න.

අවාසනාවකට වගේ මේ ලැයිස්තුව හදාපු මගේ අනික් සගයට තාම මේ සේරටම හරියන එකෙක් හොයා ගන්න බැරුව ලංකාවෙං බැරිනං කැන්ගරුවෙක්වත් බලන්න කියල ගියා ඒත් මොන. තාම තනි අලිය!

ප/ප/ලි. මෙහෙ ඉන්න මගේ ලෝකල් යාලුවෙක්නං කිව්වෙ ලුවී විටෝන්, ගුසි සාප්පු ගාව ඉඳල ඒවට යන එන කෙල්ලොන්ගෙ ලිස්ට් එකක් හදල අම්මට දෙන්න ඕනිලු මුන්වනං බඳින්න මට බල කරන්න එහෙම එපා කියල. ( ඌ හරි ලෝභය තමයි හැබැයි අපි යාලුවො )

73 comments:

  1. උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බොල මේ ලිස්ට් එක දැම්මට.... හැබැයි දැන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි අපේ බ්ලොග් අවකාසෙ කාන්තාවො ටික වට කරගෙන නෙලන්න ගත්තහම....! කෝකටත් වෙනිවැල් ගැට කෑලි ටිකක් ගෙදර ගෙනැල්ල තියා ගත්තා නම් හොඳක් වෙයි....!

    ReplyDelete
  2. කරගන්න හිටපු මගුලත් මේ ලිස්ට් එක නිසා කෙල උනොත් කොල්ලන්ගෙනුත් විසුමක් වෙන්න එකක් නැහ ආයෙ.....!

    මොනව උනත් උඹ පිරිමි සංහතිය වෙනුවෙන් කල මේ පරෝපකාරේ නම් අගය කරන්න ඕනෙ....!

    ReplyDelete
  3. එතකොට කෙල්ලො කොහොමෙයි කොල්ල තෝරගන්නේ...
    ඔය ඔක්කොම මගුල් බලල අරගත්තත්...
    අන්තිමේ ගෘහ මූලීකය නෝන තමා....

    කෙල්ලනේ ගහපියව් මුන්ට වටකරල...
    පුරුසෝත්තම වාදීයෝ.....

    ReplyDelete
  4. ෂැහ්!... මට ආයෙත් කල්පනා කොරන්ට වෙනව. ඔය කිව්ව අජූත එව්වයින් සුවල්පෙ සුවල්පෙ තියෙනව නෙව උන්දැට!

    ReplyDelete
  5. ලිස්ට් එකට හරියන කෙල්ලෙක් ඉන්නවා ලංකාවේ. එයත් ඔය ටිකම තියන අයෙක්ව තමයි බඳින්න හොයන්නෙ?!!

    කොහොම ද හරියන දෙදෙනෙකු අඳුන්නලා දෙන්නෙ?!!

    ReplyDelete
  6. මේක බලපු මටත් මතක් වුනේ ඔය මාතලන්, අරුණි කියපු කතාවයි.

    ඔන්න පොරක් එකක්වත් අඩු ලුහුඬුකම් නැති කෙල්ලෙක්ව බඳින්න හිතාගෙන හිටියලු. පස්සෙ කාලෙක යාළුවෙකුට හම්බ වෙලා තියෙනවා පොර නාකි වෙලා, හැබැයි බැඳලා නෑ.

    ඇයි බං උඹ හිතං හිටපු පරිපූර්ණ ගැණි හම්බ වුනේ නැද්ද?

    හම්බ වුණා බං.

    එහෙනං ඇයි ඒකිව නොබැන්දේ?

    ඒකි හොය හොයා හිටියේ අඩුපාඩුකම් නැති මිනිහෙක්ව බං!

    ReplyDelete
  7. දැං ඉතින් මේකෙන් පස්සෙ මඟුල් කීයක් කැඩිලද දන්නෙ නෑ. අනේ කෙල්ලනේ එකතුවෙලා වරෙල්ලකො මෙන්න ඉන්නව............ලු.

    ReplyDelete
  8. ලස්සනම ලස්සන ගෑනියෙක් හරි, ගොඩාක් සල්ලි තියන ගෑනියෙක් හරි දැක්කාම පිරිමින්ට ඔය මොකවත් පේන්නේ නෑ මෙයා...:D

    ගෑනු හොයන වර්ගයේ පිරිමින්ගේ ලිස්ට් එක ඕනිද?:D:D

    ReplyDelete
  9. kellekge lassana dakkama kollonta taman ganath amataka wenawa..tmanta wada wedimal akka kenek hari kamak na lassanai nam.... :D

    ReplyDelete
  10. අනේ කවුරු හරි දාපල්ලකො බඳින්න හොඳ නැති පිරිමි කියලා පෝස්ට් එකක්. අපේ අයියලා ටිකට වෙච්ච දෙයක් හොයා ගන්න නැති වෙයි. මොනා උනත් මේ කියල තියෙන ඒවත් ඉතින් වැරදිමත් නෑ නේ..

    ReplyDelete
  11. ahenam ithin araka kapana ona

    ReplyDelete
  12. එල එල, මචෝ පොඩි අවුලකට තීන්නෙ උබේ භාශාව තමා, ඔක ටිකාක් හැමෝටම තේරෙන විදියට කිවුවනම් හොදයි. ටිකක් වැඩී වගේ නේද ???????????????

    ReplyDelete
  13. මේ දවස්වල මේවට මුකුත් කියන්න බැහැ අප්පා..නැත්තං මං දනී..හොහ් හොහ්...

    ReplyDelete
  14. ඕවා මේවා කියලා දීලා මේ බඳින්න උන්නු පිරිමි ටික අනාථ කරනව නෙවෙයි ඕන්...

    ReplyDelete
  15. බලාගෙන ගියාම හරි බමුනොනේ මෙයාලත්. අපි උන්නේ ඔය වගේ අය හිටියේ පුරාන ඉන්දියාවේ විතරයි කියලා .මේ ලිස්ට් හදන්නේ හරියට අර සින්ඩරෙල්ල කතාවේ කුමාරයට වගේ මෙයාලටත් කෙල්ලෝ පෝලිමක් ඉඳල තෝරා ගන්න ඉඩ ලැබෙනවා වගේ නේ .දැන් ඔය වලව්ව පැත්තේ එන මනමාලයින්ට මේවා ආරංචි වෙයි පොඩ්ඩි. හැබැයි ඔයින් හුඟ ඒවා අදට වලංගු නැහැ . සැලුන් එකට ගියා ..දේදුනු ඇහිබැම ..ස්ක්‍රබ් කරලා සිනිදු විලුඹ ..අනික කාජල් ගේ ඇහිබැම තමයි මුනේ ලස්සනම අංගය . තාම අතුරු අන්තරාවක් නැහැ නේද අජෙගෙයි එයාගෙයි කසාදෙට

    ReplyDelete
  16. කොමෙන්ට් ටික එහෙම කියවද්දී මට මතක් උනේම දැනට අවුරුදු ගානකට කලින් කටාර් ඉන්න කාලේ අපේ ගෙදාර වෙච්චි සීන් එකක්.

    චමල් කියන මගේ යාලුවගේ යාලුවෙක් (උගේ නම් නම් කියන්න බැරියෝ) අපේ ගෙදර ආවා උගේ ඔෆීසියේ අපි අඳුනන තවත් අයියා කෙනෙක් එක්ක අඩියක් ගහන්න කියලා.

    මේ චමල්ගේ යාලුවට මනමාලියෝ බලන්න යද්දී අපේ චමල් තමයි සහයට ගිහින් තියෙන්නේ.

    චමල් කියන්නේ යන්න කලින් මූට අවවාද කරනවලු ඩීසන් විදිහට හිටු කියලා . . පස්සේ මුගේ රස්සාව පවුලේ තොරතුරු අහලා කෙල්ලගේ ගෙදර අය ඒ වෙලාවෙම කැමැත්ත දෙන්න ඔන්න මෙන්න තියෙද්දී මූ කට ඇරලා අහනවලු මොකක් හරි . . .

    කෙල්ලගේ ගෙදර අය එකා එකා මූනට මූන බලලා අපි පස්සේ දැනුම් දෙන්නම් කියනවලු.

    ඉතිං අපේ ගෙදර ආපු දවසේ මම ඇහුවේ නැතැයි "මචං උඹ බැඳලද" කියල (මචං කිව්වට මට වඩා අවුරුදු 8ක් 10ක් වැඩිමල් ඇති මයේ හිතේ)

    "නෑ බන් හොඳ කෙල්ලෙක් හොයලා බඳින්න ඕන" කියල මූ කියපි.

    අර මූත් එක්ක ආපු අපේ හිතවත් අයියා කියපි "හොඳ කෙල්ලෙක් මක්කටෙයි උඹව බඳින්නේ හොඳ කෙල්ලෙක්ට හොඳ කොල්ලෙක් බැඳගන්න ඇහැක්නේ" කියලා . . හික් හික් හික් . .

    සර්ව සම්පූර්න උන් කොහෙන් හොයන්ටෑ බන් . . කවුරුත් මනුස්පයෝ නොවෑ . .

    ReplyDelete
  17. 7. යටි තොලේ උපන් ලපයක් තිබීම

    ඔන්න ඔය කාරණේ ට්කක පැහැදිලි කළානම් දන්න කියන කවුරුහරි...

    ReplyDelete
  18. ශරීර ලක්ෂන කෙසේ වෙතත් අර අවුරුදු 3-5 පරතරය නම් වැදගත් කියල තමයි මටත් හිතෙන්නෙ...

    ReplyDelete
  19. මේ තියනේ ලිස්ට් ඒකෙන් යාලුවෙන්න කලින් බලන්න බැරි උනේ නැන්දම්මා ගැන විතරයි... හැබැයි මගේ ලිස්ට් ඒක නම මීට වඩා ගොඩක් දිගයි.... ඒක මෙතන දැම්මොත් ගිනි අවි සහ ගිනි කෙලි තමයි ඉතින්... :D

    ReplyDelete
  20. අප්පේ ඔහොම කෙල්ලෝ ඉන්නවද? :D

    ReplyDelete
  21. ෂහ් හරි අගෙයි.... එතකොට කෙල්ලන්ගේ චපල හිත ගැන දැන ගන්න පුලුවන් බාහිර සාධක මොනවැයි...

    කොල්ලන් නම් ඉතින් හැමදාම හොඳයි නෙව. ්ක තමයි කටුස්සත් කීවේ..

    “ කෙල්ලන් වලලන් - කොල්ලන් ගොඩලන් “ කියලා...

    ReplyDelete
  22. දුමී,

    හොඳ වෙලාවට උඹ කලින්ම කියල තිබ්බෙ. උදේ ඉඳං බිත්තර කට්ටක් අස්සෙ හිටියෙ. එහෙං හිට් කවුන්ටරේ, මෙහෙං කාන්තා දෝස්මුරේ!

    ReplyDelete
  23. මාතලං,

    අර "වත්" කියල තිබ්බ කතාව හරියටම හරි වගේ. මෙයා මාර පැණීයෙක්ද කොහෙද!

    ReplyDelete
  24. hare :-)

    ලකුණු 75 උඩ නං 100% නොගත්තත් එකක් දුන්න උසස් පෙලට.

    ReplyDelete
  25. ගිනි අව් සහ ගිනි කෙලි

    මෙව්ව නොහිත මල පෙරේත කමට උස්සං ගියාට පස්සෙ!

    ReplyDelete
  26. අරුණි, කකා සහ දුකා,

    ජාඩියට මූඩියක් මිස ජාඩියක් ෆිට් වෙන්නේ නැත!

    ReplyDelete
  27. හරී,

    බැඳලා බැඳලා මං දැං බැඳලා...

    ඔය කෙල්ලො එක්කන් ඇවිත් මේ යසට තීන මගෙ පවුල කඩන්න හදන්නැතිව හිඳින් නගේ..

    ReplyDelete
  28. පොඩ්ඩි,

    හරියටම හරි. මටත් එන්න ඕන උනේ එතන්ට තමයි. එහෙම කවරෙ බල උස්සං ගිහින් පස්සෙ අස්සෙ මුකුත් නෑ කියල තේරුනාම එක්කො අයාලෙ හරි එහෙම නැත්තං දෙපොලෙ හරි යනවට වඩා නරකද හිතල බලල තෝර ගන්න එක?

    ReplyDelete
  29. පිණි,
    එතකොට ඒවත් හැන්ඩි, හොඳ කාර් එකකින් එන බැඳපු එකෙක් උනත් දැක්ක ගමං flown out of the window වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  30. නාමල්,

    බොහොම ස්තූතියි සහෝ! මේව ලියන්නෙ කන්තෝරුවෙ වැඩ අතෙරෙ පොඩි ඉඩක් අරං. ඉතින් සංස්කරණයට ඉඩ ලැබෙනව අඩුයි. මින් පස්සෙ අදහස සලකල බලල තව ටිකක් තේරෙන බාසාවෙන් ලියන්න බලන්නං. ඒතකොට බට ලයිටුත් ගොඩක් පත්තු වෙන්නෙ නැතෑ!

    ReplyDelete
  31. මාරෙ,

    ඇයි කටේ මොනාද? ආයි මා බාල කාලෙ ...... ද?

    ReplyDelete
  32. සමිර,

    බැඳල අනාත වෙනවට වඩා ඒක නරකද?

    ReplyDelete
  33. බින්දි,

    හා හා මොකද මේ මෙච්චර තරහ අරං..මට හිතෙන්නෙ මෙයාගෙත් ඇහි බැම යා වෙලා වගේ!

    මං කිව්වෙ නෑනෙ පවුල කැඩෙනවද රැකෙනවද කියල. මං කිව්වෙ ඒ ජාතියෙ අය නපුරුයි කියල!

    ReplyDelete
  34. තනෝජ,

    හා හා පුරා කියල දාපු කමෙන්ට් එකද කොහෙද නේද මේ? මෙහෙම කියන්නත් මොකද්ද වගේ, ඒත් නොකියත් බෑනෙ! අහල නැත්ද හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියල.

    ReplyDelete
  35. දිනිත්

    මලයට ඒ කෑල්ලනං අල්ලල ගිහින් වගේ! හොඳයි හොඳයි..

    ReplyDelete
  36. සෝඩ ගුණේ,

    මගේ අම්මෝ, ඔන්න ඇහුනද බින්දි, මෙන්න තව බමුණෙක්!
    කබල රත් වෙලා තීන වෙලේ රැල්ලට යන්න මෙතන බැරිනං දාහං තිප්පොලේ හරි.

    ReplyDelete
  37. පූසො,

    අපි මේ ලිස්ට් එක හැදුවෙ උඹලගෙ වයසෙදි!

    ReplyDelete
  38. වත්,

    චපල හිත...ඒක නං වෙනම පෝස්ට් එකක දාන්න වෙන කතාවක්!

    ඇයි හත් දවසක් පිට ලැග්ගත් නාවල ගෙට ගන්න පුලුවං බව?

    ReplyDelete
  39. හැමෝටම,

    කඩු අමෝරගත්තට මං මෙතන කියපු සමරහර දේ එක්කො තේරිල නෑ එහෙම නැත්තං ඒ ගැන කමෙන්ට් කරල නෑ!

    1. අවුරුදු දහනමයෙ කොල්ලො දෙන්නෙක් ගෑණු ගැන දන්න තරම සහ හිතල තියෙන දුර.

    2. මේ ලිස්ට් එක හදන්න සම්මාදං උන පලියට හරි මෙතන පල කරපු හින්ද හරි මම මේක දේව භාෂිතයක් එකම මිණුම ලෙස නොසලකූ බව.( වැදගත්ම සහ පළවෙනිම කාරනාව මං අතෑරිය බව කිව්ව නේද? )

    3. ඔය සේරම ශක්තියක් වෙන්නෙ ගන්න කෙනා "මාත් එක්ක ජීවිතකාලෙම ආදරෙන් එකට ඉන්න පුළුවන් කෙනෙක් කියන විස්වාසෙටයි"

    4. මීට අමතර අදට ගැලපෙන අලුත් නිර්ණායකත් ඇතිවෙමින් පවතින බව

    5. කසාදෙදි කේන්දරේට වඩා පවුල් ජීවිතේට බලපාන සැලකියයුතු කරෞණු ඇති බව.


    මට බනින කවුරුත් පොරොන්දං බලල බැඳල ඇති, නැත්ත බලල බඳින්න හිතං ඇති. ඒත් මං මහතාවත් අපේ මැතිනිවත් අද වෙනකල් කේන්දර ගැලපෙනවද බලල නෑ. බැඳපු හැටියි නැකත් හදපු හැටියි වෙන දවසක ලියන්නං.

    මේ තමයි ඉතිහාසෙ වැඩිම කොමෙන්ට් ගානක් ලද ලිපිය. ඒකටනංහැමෝටම ස්තූතියි!

    ReplyDelete
  40. පෝස්ට් එකය්, කොමෙන්ට් ඔක්කොම වගෙය් එන්ජෝය් කොරන ලදී.

    ReplyDelete
  41. හු හු ඒක විහිළුවක් ..කවුද අප්පේ මේ පොස්ට් කියවලා තරහා ගන්නේ . කොච්චර හොඳද හොයලා බලලා ගැණු ළමයෙක් කසාද බඳින එක. හොඳ වෙලාවට මගේ කෙල්ලන් ඔය හුඟක් ඒවායින් පාස් දැනට පේන විදියට . අම්ම මහතත් නැහැ.

    ReplyDelete
  42. නියම කතා ටිකක් තමයි කියලා තියෙන්නේ. මාත් හොයලා බලන්න ඕනේ මේවා වලින් අයින් වෙච්චි කෙනෙක්ව. එලකිරි මේ පෝස්ට් එක.

    ReplyDelete
  43. අනේ බොල සැහැල්ලුවෝ..... :D

    ඔය උඩ ලිස්ට් එක අති උත්කෘෂ්ටවත් අන්දමින් 90%ක් විතර සපුරපු කෙනෙක් තමයි මම. ඔබතුමා වගේ බොහොම බුද්ධිමත්ව, විමසුම් ඇසින් බලා, විචාර බුද්ධියෙන් කලතලා, නළල රැළි කරගෙන, නුවණ ගඟේ පීනලා, ඔය වගේ ලිස්ට් එකක් මගේ මහත්තයා හදාගෙන හිටියා නං උන්දැට වෙන පාඩුව දන්නේ උන්දැම තමයි........ :D

    හරි හරි කට්ටිය දැන් මේ කියන ආකාරයේ අවවාද උපදෙස් පිළි පැදලා, බොහොම ස්ලිම්, බොහොම සුයිට්, විළුඹේ කුණු නැති, කකුල් පැළිලා නැති (මං අදයි දන්නේ රක්තවාතය හැදෙන්නේ මූසල කමට කියලා), ඔය කියන ආකාරයේම නංගීලා සොයා ගන්නකෝ එහෙනං......... හැබැයි ඒ නංගිලා ටික, ඔය පුතා‍ලාගේ තාත්තලා, රා බඩවල් නැති, කළු ගැහිච්චි තොල් නැති, දුඹුරු පාටින් අවුට් ලයින් ගහපු දත් සැට් නැති, වට කෙස් මැද හිස් නැති, මැද කෙස් වට හිස් නැති, කලිසමක් මහන්න රෙදි ලෙන්ග්ත් දෙකහාමාරකුයි තව ටිකකුයි ඕනැන්නේ නැති, මූණ මිරිකුවහම අරක්කු බෝතල් දෙක තුනක් බේරෙන්නේ නැති, ඇස් රතු නැති, අය විය යුතුයි කියන නිගමනේ හිටියෝත් ඔන්න අපි නං දල්ලේ ලෑ.......... :D

    ReplyDelete
  44. බින්දි,

    ඔන්න දැක්කද මේවගෙං අම්මලට තීන වාසි? කෙල්ලට හොඳ කලක් යයි, අම්මත් දැං ටීචර් කමෙන් අයින් වෙලානෙ!

    ReplyDelete
  45. මධුරංග,

    මතක තියාගනින් මලේ ලකුණු 75 ගත්තත් සාමාර්ථෙ A කියල.

    ReplyDelete
  46. රන් දිල්,

    කතාවෙ පොඩි පරස්පරයක් තීනවනෙ! ඔයා සීයට අනූවක් විතර කරුණු සපුරපු කෙනෙකුත්නං හදිසියෙවත් මහත්තයත් මේවම තීන කෙනෙක් හෙව්වත්නං ඔයාව එයාට හම්බවුන ගමං වැඩේ හරිනෙ.

    ඒකෙ මට කිසි පාඩුවක් පේන්නෙ නෑ!

    හැබැයි ඔයාට වඩා මේව සපුරපු කෙනෙක් දාල ඔයා ගාවට ආවනං අපි නොදන්න වාසියක් උනා වෙන්න පුලුවං, අර කරුණු අතින් වඩා ගැලපෙන කෙනා නොදන්න කමට අත් හරින්න වෙච්ච් එකෙං!

    ඔය කිව්වෙ තාත්තලගෙ පෙනුම විතරක් නෙවෙයි හැසිරීම ගැනත්නෙ. ආයි පොඩ්ඩක් පටලවගෙන. හොඳට කියවල බලන්න අංක එක. අම්ම මහතං දුව මහත් වෙනව. ඒච්චරයි. අම්ම වටේ යනවද, ඕප දූප හොයනවද, තව තව තාත්තල ඉන්නවද, උයන්න පුලුවන්ද, කට සැරද, අරවද, මේවද කියල මම හොයන්න කිව්වෙ නෑනෙ?

    කොන්ඩෙ යන එක වලක්වන්න බෑ වයසට යනකොට, ඒත් සිගරට් බොන, තමංගෙ ශරීර සෞක්ය ඇඟ පත ගැන කිසිම හැඟීමක් නැති, බේබද්දෙක් තෝරගන්න ඕන කෙල්ලෙක්....හොඳ සිහියක් තීන කෙනෙක් කියලනං හිතන්න බෑ!

    ReplyDelete
  47. මම මේ ලිස්ට් එක ලියලා තියාගන්නවා බං

    ReplyDelete
  48. ඔබා ම (මේ මම ඔබ්සවර් මහතා යන්න කෙටි කරගත් අයුරුයි )

    නැද්ද අදහසක් ඔය පිරුණු කලේ?

    ReplyDelete
  49. ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර

    එව්ව හොඳ වැඩ.

    මේ උඹේ නමේ තේරුම මොකක්ද බං ඇත්තට?

    ReplyDelete
  50. ඇයි කොක් හඬලා සිනාසෙන ගෑනු.. බඳින්න හොඳම නෑ. අත් දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
  51. සහතික ඇත්ත. අත්දැකීම් නැතත් අහලා තියන දේවලුයි දකින දේවලුයි හැටියට මම කිව්වෙ...

    ReplyDelete
  52. කොණ්ඩෙ දිග / කොට අයෙග සීන් එක මොකක්ද?

    ReplyDelete
  53. හුඟක් පරක්කු වෙලා පොස්ට් එක දැක්කේ, කියන්න තියෙන දේවල් කෂ්ටිය කියල, විශේසෙන් කාන්තා පාර්ශවය.

    ReplyDelete
  54. ape allapu gedara ganu kenath hinawenne kokhandala thamai.mama hithan unne santhosen innawa wenna athi kiyala.e aya honda nathida?

    ReplyDelete
  55. නිහාල්,

    එහෙනං අර හතර හිනා කතාවෙ සුන්දරීගෙ දූත් එහෙනං ඒ ජාතියෙ වෙන්නැතිනෙ!

    ReplyDelete
  56. bazinga13,

    අතේ පයෙ දැකීම් ලැබෙයි ඔහොම යනකොට!

    ReplyDelete
  57. ඇනෝ 4,

    ඇයි බං ඔය සමහර කොල්ලො හොයන්නෙ කොන්ඩෙ දිග, නැත්තං පුවක් ලෙල්ල කට් කපපු, ඔය් මේ වගේ උන්නෙ, ඒකයි.

    ReplyDelete
  58. ඔබා ම,

    බලනකොට මෙයත් පොඩ්ඩක් පැණි වගේනෙ!

    ReplyDelete
  59. ඇනෝ 5,

    ඇයි බොල අස්ල්වැසියට ප්‍රේම කොරන්න ඒ පැත්තෙ යන්නවද්ද ඔය හදන්නෙ?

    ReplyDelete
  60. බොන කෙල්ලො බදින්න හොදද? o.O

    ReplyDelete
  61. ඉස්සරහට අතිශය වැදගත් විය හැකි රාජ්‍ය ලියවිල්ලක් බව හැඟේ :))

    ReplyDelete
  62. ලැම්බර්ට්ලට කෙලවෙන ලකුණු..

    ජය ශ්‍රී..

    ReplyDelete
  63. ඇනෝ 6,

    ගස්වල බඳින්න හොඳයි.

    -----------------------------------------------------------

    හසිත,

    ඒ කියන්නෙ තාම....ඒ මොකෝ මල්ලි ඒ?

    --------------------------------------------------------

    සෑම්,

    ලැම්බර්ට්ලට කවදත් උනේ කෙළ තමයි.

    ජයම ශ්‍රී!

    ReplyDelete
  64. මම තාම තනි කඩේනේ කරන්නේ අයියා :))

    ReplyDelete
  65. එල එල මේකත් බලන්න.http://sithama.blogspot.com

    ReplyDelete
  66. සහකාරියක් සොයාගන්න වුවමනා එකම සාධකය අවංක ආදරය විතරයි.එතනට වෙන කිසිම සාධකයක් අදාල නැහැ.උඹල දන්නෙ ගෑනුන්ගෙ ඇගට ආදරේ කරන්න විතරයි.කිසිම ලස්සනක් නැති කැත කෙල්ලොන්ට තියෙන්න පුළුවන් ඉතාම ලස්සන හදවත්.උඹල ගෑණුන්ව බඩුභාණ්ඩ ගාණට දාල කතා කරන්නෙ.සිංහල බ්ලොග් අවකාශෙ ඉන්නෙ මේ තරමටම නොගැඹුරු මිනිස්සුද?

    ReplyDelete
  67. මේව කලින් කිව්ව නං සලකා බලන්න තිබ්බ ... ඊළඟ පාරවත් බලමු !

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails