ජාතික කොඩිය, ව්‍යවස්ථා සංශෝධන කරළියෙහි රඟන අවස්ථාවක මේ ගැන යමක් ලියන්න සිතුනේ පහුගිය දිනවල දුටු බ්ලොග් ලිපි දෙකක් සහ මගේ සහෝදරියක හා වූ දුරකථන සංවාදයකි.
මේ දිනවල ලංකාවේදී උසස්පෙළ විභාගයට සූදානම් වන තම පුතුට, උසස්පෙළවිභාගයෙන් පසු ගතයුතු මග ගැන සොයුරිය මා සමග සාකච්ඡා කලාය.
අනෙක් කාරණාව අපේ කටකහන දුමියාගේ තෝම්බුවයි. තමන්ගෙන් කෙරෙන්නට ඕනෑ දෙයක් මිසක කරපු දෙයක් ගැන කවදාවත් කතා කරනවා අසා නැති, මගේ ජීවිතයේ හමුවූ අතලොස්සක් "මිනිසුන් සහ පොරවල්" අතරේ ඉදිරියෙන්ම සිටින දුෂාන් නම් "මිනිසා" වගේ එකෙකු ලඟින් ඇසුරු කරන්නට ලැබීමත් ආඩම්භරයකි. ලාංකිකයකු ලෙස ආඩම්භර විය හැකි දේ "සොෆ්ට්වෙයාර් නම් ඉන්දියන් තමයි" යන මතය දැඩිව මුල්බැසගත් සමාජයකදී සිදුකල දුමියාගේ කතාවේ විශේෂත්වය ඌද, මා මෙන්ම ලාංකික විශ්ව විද්‍යාල කඩයිම් පෙනේරයේ හිල් අතරින් බිමට වැටුනු අදක්ෂයින් වන බැවිනි.
තෙවන කරුණ, පුටුවකට මරාගන්නට ගොස් සිය රසවත් ලේඛනයෙන් අප මුලා කිරීමට අමතක වූ පොඩි කුමාරිහාමියගේ හාවඩ් ගමණයි.
මගේ සහෝදරියත් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා, විශ්වවිද්‍යාලයට යන්න නොලැබුන නිසා, එවක තිබූ විකල්ප වෘත්තීන් අතරින් එතරම් ඉල්ලුමක් නොතිබූ යුධහමුදා කාන්තා බළකා නිළධාරිනියක් විදිහට අවුරුදු 20 දිම බැඳී, වයස 45දි විශ්‍රාම ගොස් දැන් ගෙදර ඉන්නා දෙදරු මවකි.
අප අතර වූ කතා බහේදී ඇය කල අදහසක් උනේ උනේ "ඒ කාලෙ අපිට වගේ නෙමේන බං දැන්, ඕන තරං වෙන දේවල් තියෙනවනෙ ඒ ලෙවල් වලින් පස්සෙ කරන්න" යන්නයි.
ඇත්තටම එහෙම තියෙනවද?
මා සහ දුමී උසස්පෙළ කල මීට වසර 22 පෙර යුගයේ උසස් පෙළට ගුරුන් සහ දෙමාපියන් අපට පෙව්වේ "කොහොමහරි කැම්පස් යන්න ට්‍රයි කරන්න" යන්න පමණකි. හදිසියේවත් ඒ පිම්ම මිස් උනහොත්, ප්ලෑන් බී එකක් ගැන කිසිවිටක අසා නොතිබුනෙමු. එවක ගණිත අංශයෙන් උසස්පෙළ සමතුන්ට ඉන්ජිනියරින්, පිසිකල් නැතිනම් ඊලඟට තිබූ NDT, HNDE, TTI හෝ NCTE ගැන අපේ දැනුම බින්දුවට මඳක් වැඩි විය.
ඒ සියල්ලම කාර්මික පාඨමාලා මිස, ඉන්ජිනේරු ගමනට මුල පිරිය හැකි වෙනත් මං බව දෙමාපියන් නොව ගුරුවරුන්ටත් නිසි අවබෝධයක් නොතිබිනි. සොෆ්ට්වෙයාර් ගැන කොම්පියුටර් ගැන ඉතා විසාල ලෙස සාකච්ඡා උනද, ඉගෙන ගන්නේ මොනවාද, කොහෙන්ද යන්න ප්‍රශ්ණයක්විය. ටෙක් ශ්‍රී ලංකා සහ අයි.ඩී.එම් නම් පුද්ගලික ආයතන දෙකට අමතරව එන්.අයි.බී.එම් නම් ආයතනයක් ගැන දැනගත්තද, ඒ හැම තැනටම යලිත් තරඟ කොට ඇතුලුවිය යුතු දැඩි ඉල්ලුමක් තිබිනි.
මෙවන් කලෙක තිබූ හොඳම විකල්පය වූයේ චාටඩ් හෝ ඒ ඒ ටී එකක් දෙකක් ගොඩ දමාගෙන කන්තෝරුවකට ගොඩ වීම හෝ බැන්කුවට පැනගැනීමයි.
මිනිසුන් පිරිසක් වනයක් මැදට ගෙන අතහැර දැමූ විට, බහුතරය වනයේදීම මංමුලාවී මිය යයි. සුළු පිරිසක් වනයේම දිවි රැක ගැනීමට මං සොයයි. තවත් ඉතා සුළු පිරිසක් වනයෙන් මිදී ඒමට මං, තම අපිරිමිත උත්සාහයෙන් සොයාගනියි.
රටක අධ්‍යාපන ප්‍රතිපත්ථි සැකසිය යුත්තේ මේ මා කිවූ වනයේ මිය යන්නන් සහ ඉන් මිදෙන්නන් යන දෙකොටස ගැනම සිතා බලාය. නැතිනම් දුමියා වැනි සුළු පිරිසක් දැඩි වීර්‍යෙන් වෙහෙසවී ගොඩයනවිට, තව බහුතරයක් වනය තුලම මියැදේ.
රජයේ විශ්වවිද්යාලවලට උසස්පෙළ ඉහලම ලකුණු හිමි කිහිප දහසක් නොමිලේ බඳවා ගන්න විට, ඒ අවස්ථාව අහිමිවන තවත් දක්ෂයින් සිය දහස් ගණනකට, මුදල් ගෙවා හෝ ඒ විශ්ව විද්යාල වලම ඉගෙනුමට අවස්ථාව සලසා දිය යුතුයැයි අප කියන්නෙ මේ නිසාය.
එවිට රජයට බරක් නොවී බහුතරයකට අධ්‍යාපන වරම් ලැබේ. කුමාරිහාමිගේ, හාවඩ් නම් ලොව අංක එකේ විද්ව විද්‍යාලයේ වෙන්නේද එවැනි සෙල්ලමකි.
දැන්, මගේ සහෝදරිය කියූ ලෙසට ලංකාවෙ අද එදාට වඩා ඉගෙනුම් අවස්ථා තිබේද? මතුපිටින් පෙනෙන විදිහට එය එසේ වේ. නමුත් සත්‍ය එසේ නොවේ.
ඇයගේ පුතුගේ වඩා කැමැත්ත මෝටර්කාර්මික ඉංජිනේරුශිල්පයටයි. ඔහුට දැනටද ඒ පිළිබඳ ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක්ද ඇත. එහෙත් මේ විෂයෙන් උපාධියක් දක්වා යා හැකි කිසිදු ආයතනයක් මෙතෙක් ලංකාවේ බිහිව නැත. කොටින්ම මේ ගැන උගන්වන ජර්මානු කාර්මික ආයතනය සහ ඔරුගොඩවත්තේ මෝටර් කාර්මික ආයතනයද තවම උගන්වන්නේ යල්පැනගිය තාක්ෂණය බව අප කල විමසුම්වලදී දැනගන්නට ලැබුනි. එහෙත් අපට මිලියන ගණනක් වාහන තිබේ!
එපමණක් නොවේ, රට පුරාම පුද්ගලික අනුබද්ධ විශ්ව විද්‍යාලද වේ. මේවා කිසිවක් නිසි නියාමනයකට යටත් නොවේ. බොහෝ එංගලන්ත උපාධි හෝ පාඨමාලා Ofqual යටතේ පිළිගන්න, QCF එකට අයත්වන ඒවා නොවේ. එනිසා මේ සුදුසුකම් බොහෝ විට ජාත්‍යන්තරයේ පිළිනොගැනෙන කඩදාසි පමණි.
කොටින්ම සිදුව ඇත්තෙ, අධික ඉල්ලුම් බොරදියෙහි තවත් මුදලාලිලා පිරිසක් මාලු බෑම පමණි.
මෙයට විකල්පය වනුයේ, ඉතා පැහැදිලි නියාමන ආයතනයක් මගින් පාළනය වන හොඳ පුද්ගලික අධ්යාපන ආයතන වලට ඉඩ දීම හෝ, රජයේ විශ්වවිද්යාල වල පාඨමාලා යාවත්කාලීන කොට, රැකියා සඳහා සුදුසු පරිදි නව පාඨමාල ඇතිකොට, උසස්පෙල සමත්, කඩයිම් ලකුණු නිසා විශ්ව විද්යාල වරම් නොලබන දුවා දරුන්වටත් ඒවා මුදලට හෝ විවෘත කර දීමයි.
එසේ නොමැතිව, නිදස් අධ්‍යාපනය රැක ගැනීම හෙවත් ජවිපෙ කාඩරයින් බිහිකිරීමේ ව්‍යාපෘති වලට බියැවී අධ්‍යාපනයේ අවස්ථා සීමිත කොටසකට නිකන් දීම නොවේ.
එසේ තව දුරටත් නිකන්ම පමණක් දීමෙන් වන්නේ තවත් දක්ෂයින් පිරිසක්, නැතිකමට තමන්ට නොගැලපෙන ක්ෂේත්‍රයකට හේත්තුවී අදක්ෂයින් ලෙස වියැකී යාම සහ, රටේ විදේශ මුදල් සංචිත ඉන්දියාව බංගලාදේශයේ සිට ඇමරිකාව දක්වා පොම්පකරමින් උපාදිධාරීන් නිමාණය කිරීමයි.
මෙහෙමයි ඉන්දික......
ReplyDeleteමට නම් හිතෙන්නේ අපි සමස්ථයේ වෙනසක් නොදැක ඒක අංශයක් ගැන විතරක් කතා කිරීම ඵලරහිත බවයි.....
අදහස පැහැදිලි මදි. උඹල කියන්නෙ සමස්ථ අධ්‍යාපන සහ පාළන ක්‍රමයම වෙනස් කරන්න ඕන කියලද. එහෙම ඒව වෙන්නෙ නෑ. ටික ටික වෙනස් කරවගමු.
Deleteකවුද ඔය කාන්තා බලකා නිලධාරිනිය.................................?
ReplyDeleteඉතින් එයා උත්සාහ කලේ නැද්ද එයාගේ සුදුසුකම් පෙන්නලා වෛද්‍ය බලකායේ සුදුසු තනතුරකට මාරුවෙන්න. ඇය විශ්‍රාම ගියේ 2005 ට පසුව නම් හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ ඕනේ.
අපේ දැන් ඉන්න 'තරුණ බාස් උන්නැහේලා' බොහොමයකට බාහිර අධ්‍යාපන අවස්ථා තියනවා නම් හොඳ ඉංජිනේරුවන් වීමට හැකියාව තිබෙනවා. එක අතකින් ඒ සඳහා පාඨමාලා පවත්වන ආයතන නැහැ. අනික් අතින් එහෙම තිබුනත් ඒවාට යන්න සල්ලි නැහැ.
දැන් එන දෙමුහුන් වාහන, ඩිජිටල් රූපවාහිනී වැනි නවීන යන්ත්‍රෝපකරණ නිවැරදිව අලුත්වැඩියා කරන්න න්‍යායාත්මක දැනුම අත්‍යවශ්‍යයි. නමුත් සමහර කාර්මිකයන් ඒවා කරන්නේ අනුමානයට. එයින් ඇතිවන හානි බොහොමයි.
අධ්‍යාපනය හරියට හදන්න වෙනමම බුද්ධි මණ්ඩලයක් හදාගත යුතුයි. අධ්‍යාපන ඇමතිගේ තනි මතයට යන අධ්‍යාපනයකින් ඇති වැඩේ මොකක්ද?
//අධ්‍යාපනය හරියට හදන්න වෙනමම බුද්ධි මණ්ඩලයක් හදාගත යුතුයි. අධ්‍යාපන ඇමතිගේ තනි මතයට යන අධ්‍යාපනයකින් ඇති වැඩේ මොකක්ද?// මේ ගැන ඉතාම දැඩි අවධානයක් යොමුවිය යුතුයි.
Deleteවෛද්‍ය බලකායට ගියානම් සමහරවිට ඔපරේෂන් ඒරියා යන්න වෙනව කියල මාරු නොවී මාරු උනා :)
Deleteදැන් හැබැයි එයාගෙ දූ නම් මෙඩිකල් කොලීජියට යන්න ලකුණු මදිවෙච්චි නිසා හමුදාවෙ කැඩෙට් කෙනෙක් විදිහට රජරට වෛද්‍යවිද්‍යාලයෙ දැන් ඉගෙන ගන්නව.
ඔය තාක්ෂනය කියන එක අපේ අය දන්නෙ හෝ ඉගෙනගන්නෙ රිපයාර් කරන්න විතරයි ( ඒකත් පරණ ඒව ). නිර්මාණය ඉගෙන ගන්නෙ නෑ. අන්න ඒක්යි ලොකුම අවුල.
ගුණසිංහ මහත්මාත් මතුකරල තියෙන, ඔබෙ අන්තිම අදහස ඉතාම වැදගත්. අධ්‍යාපනය හැසිරවිය යුත්තේ ජාතික ප්‍රථිපත්තියකට සුදුසු මණ්ඩලයක් මිස එක ඇමතිලට ඕන විදිහට නෙමෙයි.
//හදිසියේවත් ඒ පිම්ම මිස් උනහොත්, ප්ලෑන් බී එකක් ගැන කිසිවිටක අසා නොතිබුනෙමු. එවක ගණිත අංශයෙන් උසස්පෙළ සමතුන්ට ඉන්ජිනියරින්, පිසිකල් නැතිනම් ඊලඟට තිබූ NDT, HNDE, TTI හෝ NCTE ගැන අපේ දැනුම බින්දුවට මඳක් වැඩි විය.//
ReplyDeleteමේක අදාළ වන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි..
මේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ ව්‍යාපාරයක් විදියට හැඩ ගන්වා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්ථක කරගන්න දරුවන් ඉත්තන් කරනා රැලක් බං..
අද තරම් පත්තර වල විදේශ අධ්‍යාපන ආයතනවල ඇඩ් නොතිබ්බ ඒ කාලෙ මේව ගැන දැණුම සහ අවබෝධය ඉතාම අවමයි කිව්වෙ ඒව නොදන්නව කියන එක නෙමෙයි. ඒ පාඨමාලාවක් හරහා යන්න පුළුවන් කොතනටද, තෝරගත යුතු දේ මොකද්ද කියන දෙයයි. මේ කියන "කැරියර් ගයිඩන්ස්" කියන දේලංකාවෙ ඉස්කෝල වල ඉතාම පහල මට්ටමකයි අපි ගිය කාලෙනම් (91/93 ) තිබ්බෙ.
Deleteකොලබින් පිසිකල් යන්නත් අමාරු ලකුණු මට්ටමක් ඇති අය පොලොන්නරුව වගේ පැතිවලින් ඉංජිනේරු MPR ඇතුල් වනවා නම්. ලකුණු අඩු එකාට මුදල් ගෙවා අධ්‍යාපනයක් ලැබීම ඇහිරීමට දැන් පවතින තත්වයකි
ReplyDeleteතමන් කැමති දෙයක් මුදල්ගෙවා හෝ ඉගෙන ගත නොහැකිනම් එතන නිදහස් අධ්‍යාපනයක් පවතීද? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා කරන්නේ අධ්‍යාපන නිදහස නැතිකිරීමයි.
ඇත්තටම මේක කරන්නෙ උපාධිධාරියො වැඩි උනාම තමන්ගෙ රස්සාවට කෙලවෙයි කියන හුඹස් භය තීන මිනිස්සු.
Deleteඉන්දිකගෙ අක්ක කිවුව දේම තමයි මටත් හිතෙන දේ. දැන් ජාත්‍යන්තර උපාධි සදහා ඉගෙන ගන්න වැඩි අවස්තාවක් තියනව, වගේම දරුවො, ගුරුවරු , දෙමාපියො මේ ගැන දැනුවත්. ඒකට හේතුව තොරතුරු දැනගැනීමේ මාධ්‍ය සීඝ්‍ර ලෙස දියුණු වීම කියල හිතන්ඩ පුලුවන්.
ReplyDeleteමම A/L කරල අවුරුදු දෙකකට පස්සෙ දැක්කෙ මගෙ ලකුණු ගනනින් විශ්ව විද්‍යාල වලට යන්න පාඨමාලා තියනව කියල. ඒත් අපේ ගුරුවරු දෙමාපියො දැනුවත් වෙලා හිටියෙ නෑ ඒ ගැන. තව දෙයක් දැන් ජාත්‍යන්තර තත්වය කෙසේ වෙතත් ලංකාවෙ කර්මාන්ත සදහා උපාධි පාඨමාලා අලුතින් පටන් අරන් තියනව උදාහරනෙකට ලංකාවේ තේ කර්මාන්තය ගැන ඉගෙන ගන්න අපිට අවස්ථාවක් ( රජයේ විශ්ව විද්‍යාල උපාධියක් ) ගන්න තිබුනෙ නෑ. අපිට තැනක් තිබුනෙ නෑ. දැන් ඌව වෙල්ලස්ස කැම්පස් එකේ . දැනට තේ කර්මාන්තයේ ඉන්න ගොඩක් සමාගම් දැනුම වගේම ඉගෙනීමේ අවස්ථාවත් ඒ ළමයින්ට දෙනව.
දැන් දැන් ලංකාවෙ අළුත් උපාධි පාඨමාලා කිහිපයක් තියෙනව තමයි. නමුත් ඒ ගැන දරුවො දැණුවත් කිරීම සහ ඒවට බඳවාගන්න ප්‍රමාණය සීමිතයි. වෙන්න ඕන "තේ කර්මාන්තය" වගේ සබ්ජෙක්ට් අදාල ආයතනවල අනුග්‍රහයෙන් සහ මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් යම් පමණකටත් ඉඩ දීමෙන් වඩා ලොකු පිරිසකට යොමුවෙන්න ඉඩ දෙන එක. නොවෙන්නෙත් ඒකමනෙ!
Deleteමොන විදියට ඉගැන්නුවත් ලංකාවෙ කිසිම ආයතනයක මේ කාලෙට ගැලපෙන නවීන අධ්‍යාපනයක් නෑ කියන එක තමයි මගේ හැඟීම.
ReplyDeleteප්‍රසාලගෙ ෆීල්ඩ් එකෙත් උපාධියක් දෙන තැනක් නෑ නේද, ගවර්මන්ට් ප්‍රෙස් එකේ කෝස් එක හැර?
Deleteකතාකරලා වැඩක් නෑ, නේපාලයේ කීදෙනෙක් ඉන්නවද ලංකාවෙ ශිෂ්‍යයන් ! නේපාලෙ !! තව ටික දවසකින් සෝමාලියාවෙත් යයි.
ReplyDeleteආසියාවෙ අධ්යාපන මට්ටම හා ආයතනවලින් උසස්ම තත්වයේ තිබුනරටක් ලංකාව. දුප්පත් අයට පූර්ණ ශිෂ්යත්ව, අනිත් අයට තුන්කාල, බාග, කාල ශිෂ්යත්ව හා පොහොසතුන්ට හා විදේශීය සිසුන්ට පූර්ණ ගෙවීම් සහිත රජයේ උසස් අධ්යාප්න ක්‍රමයක් තිබුනනම් කොයිතරම් දෙනෙක් මෙහෙ ඉගනගන්නවද, ඒලෙවල් පාස්වෙන ඔක්කොටම නොමිලේ හෝ ගෙවීම් සහිතව උසස් අධ්යාපනය දෙන්න තිබුන. අධ්‍යයන සේවයේ බුද්ධිගලනය සෑහෙන දුරකට අඩු කරන්න තිබුන පඩි වැඩිකරල.
අපි ඉතින් සටන්පාට වලින් රට ගෙනයන අයනේ. "නිදහස් අධ්‍යාපනය" කියන එකම මතුරනව
අපේ විශ්ව විද්‍යාල වල පිටරට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉගෙනගන්නව. උන්ට උන්ගේ ආණ්ඩු වලින් අපේ ආණ්ඩුවට ගෙවනවා. (භූතාන් වල සරසවි නැති නිසා මෙහෙ එව්ව වල බූතයෝ ඉන්නවා) අපේ එවුං කටෝෆ් මාක් දාල එයින් කැපුන එකාල කුළී වැඩ කරනවා..
Deleteප්‍රා, මේ අරාබියෙ අන්තිම පහළ රස්සා කරන මෝඩයො එන්නෙ බංගලිදේශ් වලින්. ලංකාවට වඩා සිය ගුණයක් පහල රටක්. ඒත් අපේ රටේ උන් දාස් ගාණක් එහෙ ඉන්නව උසස් අධ්‍යාපනයට ගෙහුන්. ඒත් ඒකට කමක් නෑ, මොකද පේන්නෙ නෑනෙ. මෙහෙ තමයි සුම්ම... අර ආකිටෙක්ට්ල ඇරෙන්න අනෙක් එකම වෘත්තිකයෙක්වත් මේ සීන් එකේදි කුහක නොවී වැඩකරනව දැකල නෑ!
Deleteසජ්ජ, අපිට ඉස්සර තිබ්බ හොඳ යුනි තිබ්බනම් මෙහෙට එනව ඉන්දියන්, male, අරාබි උන් ඉගෙන ගන්න. කොහෙද!
ආකිටෙක්ට්ස්ලා නමසිය හැත්තෑ ගනන් වල ඉඳන් වෘතිය ආරක්ශා වෙන විදියට සාමූහික ප්‍රයත්න මහින් අනපනත් පාස් කරගෙන ඉදිරිගමන ගැන තීරන ගත්තේ තියෙන සංවේදී කම නිසාත් හියුමේන් කැරක්ටර්ස් නිසාත්...ඒ සංවේදීබාවය මා නම් වෙන කිසිම ෆීල්ඩ් එහෙක දැක නැත...
Deleteචෙෆාකි, ඔව් බහුතරයක් ආකියෝ හොඳ මිනිස්සු කියන එක පිළිගන්නව. ඒ හින්දම වෙන්න ඇති එතන ඉන්න බැරිකමට වෙඩික්කාර නෝන එහා පැත්තෙ QS එකට පැනල හනුමට ඇන්දෙත් :D
Delete//අධ්‍යාපනය හරියට හදන්න වෙනමම බුද්ධි මණ්ඩලයක් හදාගත යුතුයි...// අධ්‍යාපනය සම්බන්ධව දරුවන් සහ දෙමාපියන් මුහුණ දී ඇති තත්ත්ව දකින විට; මුළු රටම ඉන්නෙ හිනාවෙන්න පුළුවන් තැනක නොව හඬාවැටෙන්න ඕන තැනක. එහෙත් ඒ ගැන බලධාරීන්ට වගේ වක් තියන බව පේන්නෙ නෑ.වැදගත් විදිහේ ඕනකමක් තියන බවක් පේන්නෙ නෑ. මේ වැදගත් බ්ලොග් ලිපිය මෙතැනින් නොනැවතී තවදුරටත් ලියැවේවා !
ReplyDeleteස්තූතියි අදහසට! මේව පේන්න ඕන මුලිම්ම ජෙප්පොන්ට. උන්ගෙනෙ ඇස් ලොකුවටම වැහිල තීන්නෙ.
Deleteඅධ්‍යාපනය කියනදේ කාලෙත් එක්ක අලුත් වෙනවා.අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ වැඩියෙන් නිෂ්පාදනය වෙන්නේ පොතේ ගුරලා.අධ්‍යාපනය ප්‍රයෝගික වෙන්න ඕනේ හැමතිස්සේම. මෑතක්ම වනතුරු උසස්පෙළට පවා තිබ්බේ යල් පැන ගිය එව්වා නෙමේද?
ReplyDeleteහොරකමට,දුෂණයට ප්‍රතිපත්තියක් තියෙන රටේ අධ්‍යපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම අවාසනාවක්.පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් නිසි පරිදි රජය නියාමනය කරනවා නම් ප්‍රශ්න පැන නගින්නේ නැහැ.වතාවක් දුටුවා මාලබේ පුද්ගලික විශ්ව විද්‍යාලයේ වෙද්‍ය පීඨයට උසස් පෙළ කලා කරපු අයත් ලියාපදිංචි වෙලා හිටියා කියන කතාවක්.
විශ්ව විද්‍යාල තියා මම දන්න තරමින් තාම අන්තර්ජාතික පාසල් නියාමනයටත් කිසිම නිසි පිලිවෙලක් නෑ!
Deleteලංකාවෙ කැම්පස් බහුතරයක කළා පාඨමාලා සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්න ඕන. මෙලෝ රහක් නැති ගොන් ගස් වවනව.
උසස් පෙළ විභාගයෙන් ළමයාගේ නිර්මාණශීලී බව, විචාර බුද්ධිය , කළමනාකරන හැකියාව , සන්නිවේදන කුසලතා මිණිතයකට ලක් කරන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ විභාගයෙන් ගොඩ නොයන සිසුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් තිබිය යුතුයි.
ReplyDeleteඔබේ අදහසේ දෙවනි කොටසට එකඟ නෑ. වෙන්න ඕන වෘත්තීය පුහුණු කියන තැනට ලඝු නොවී කෙරෙන උසස් අධ්‍යාපනයක්. දැන් ලෝකෙ ගොඩක් රටවල "ඉවෙන්ට් මැනේජ්මන්ට්, හොටෙල් මැනේජ්මන්ට්, වූඩ් ඇන්ඩ් ජොයිනරි" වගේ ක්ෂේත්‍රවල උපාධි තියෙනව. මේව පුහුණුවම විතරක් නෙමේ. ඇයි අපේ රටවල ගනන් බැරිවෙන අයට මෙහෙම දේ නිර්මාණය කරන්න බැරි? සල්ලි වලට හරි රජයේ විශ්ව විද්‍යාලයක මේවගේ උපාධි තීනව්නම් කරන්න දරුවො ඉන්නව.
Deleteඉන්දික අලුත්ම වර්ල්ඩ් බෑන්ක් ප්‍රොජෙක්ට් එකක් තීනවා වොකේෂනල් ට්‍රේනින්ග් වලින් NVQ වගේ ඩිප්ලෝමා සහතිකේ සහ උපාදි මට්ටමේ සිට PhD දක්වා ස්කිල් ඩිවෙලොප්මන්ට් වලට...දැනටමත් රට පුරා මෙය ක්‍රියාත්මක වෙනවා...යෞවන කටයුතු අමාත්‍යාශය යටතේ..තව ටිකක් රිසර්ච් කලොත් ඔයාට හොයාගන්න පුලුවන්...මම පෞද්ගලිකව මේ ගැන බලන නිසයි කියන්නෙ...
Deleteචෙෆාකි ඔය කියන්නෙ මේ ගැනද?
Deleteඉන්දික සහෝදරයා... ඔය මාතෘකාවෙ එක කොටසක් ගැන කියන්නම්. මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ මම දන්න පරිද්දට ඉගෙනගන්න තියෙන්නෙ ජපන් ටෙක් එක, ජර්මන් ටෙක් එක සහ විවෘත්ත විශ්ව විද්‍යාලය. මං දන්න විදියට ප්‍රධානව කිසිම සරසවියක ඕක උගන්නන්නෙ නෑ.. විෂයට අදාළ එක කරුණක් විදියට උගන්නනවා ඇරෙන්න. ( යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පයේ එක කොටසක් විදියට පමණක්) . මමත් රස්තියාදුකාර කමට පින් සිද්දවෙන්න ඒලෙවල් පෙනේරෙන් අහකට විසි වෙච්ච එකෙක්. ජපන් ටෙක් එකට ගිහිං ඉගනගෙන, යුනයිටඩ් මෝටර්ස් එකේ ප්‍රයෝගික පුහුනුවෙත් නියැලිලා අතිරේකව city&guilds complex 7 advanced diploma in light vehicle diagnostic techniques පාඨමාලාව සම්පූර්ණ කළා. ඒ අවදියේ එයින් සමත් උනේ ලංකාවෙන්ම මා සහ තවත් අයෙක් පමණයි. ඔබ කියන්නා වගේ ජපන් ටෙක් එකෙත් දැන් නවීන තාක්ෂනය ගැන ඉගැන්නෙනවා ප්‍රමාණවත් මදි කියලයි මමත් හිතන්නෙ. හැබැයි ලංකාවෙ කිසිම විශ්ව විද්යාලයකින් ඉගැන්වෙනවාවට විෂය සම්බන්ධයෙන් ප්‍රයෝගික සහ න්‍යායික දැනුමෙන් පොහොසත්.ඒ කෙසේ වෙතත් ක්ෂේත්‍රයේදී අපිව ගණන් ගත්තෙ නෑ කව්රුත්. ඒ ගැන ප්‍රශ්නයක් නැතත් විෂය සම්බන්ධව ඉහළ තානාන්තර වලට යැවෙන්නේ මිකැනිකල් ඉංජිනේරුවන් හැම විටම වගේ. ඔවුන්ගේ විෂය මාළාවේ ඔටෝමොබයිල් කියන්නෙ එක කොටසක් පමණයි. ඒ දේ ස්පෙෂලයිස් කරපු මිනිස්සු හැමදාම මජන් නාගෙන. ඉහලට ඒමක් නෑ. පාලකයන්ගෙන් එල්ල වෙන පීඩා , හිරිහැර, අපහාස අසීමාන්තිකයි. හැබැයි පිට රටවල තත්වය ඔයිට හාත්පසින් වෙනස්. මා සමග එකට උගත් මාගේ යහළුවන් බොහෝ දෙනෙක් පිටරටවල ලොකු තැන වල සිටිනවා ඔය විෂයේදී. පෞද්ගලික කාරනාවක් නිසාවට පිටරට ගොස් උගත් ක්ෂේත්‍රයේ නියැලෙන එකෙන් මිදිල පවුලේ ව්‍යාපාරටය සම්බන්ධ උණ නිසාවට ක්ෂේත්‍රය ගැන සහ ඊට අදාළ ඉගනීම් පිළිබඳව කරුණු කාරණා දැන් මගෑරිලා. පුතා ඔය ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් තව හොඳින් සොයා බලා ඉඩ සලසන්න.
ReplyDeleteDimo එකෙත් මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව උගන්වන තැනක් තියනව නේද ?
Deleteඔව් දැන් එකක් තියනවා. දන්න විදියට නම් පුහුණු කරන්නෙ ඩිමෝ එකට පමණක් බඳවාගන්න. ඉස්සර නම් එහෙමයි. දැන් කොහොමද දන්නෙ නෑ....
DeleteCINEC එකෙත් දැන් කරනවද කොහෙද... හරියටම දන්නෙ නෑ...
Delete// හැබැයි ලංකාවෙ කිසිම විශ්ව විද්යාලයකින් ඉගැන්වෙනවාවට විෂය සම්බන්ධයෙන් ප්‍රයෝගික සහ න්‍යායික දැනුමෙන් පොහොසත්.//
Deleteමම හිතන්නේ සජ්ජා මල්ලි මෙතන පොඩ්ඩක් පටලවාගෙන. කොහොමත් ලංකාවේ නෙවෙයි ඇමරිකාවේ MIT එකට ගියත් Cambridge ගියත් vehicle diagnostic techniques ගැන සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකේ කෝස් එකට උගන්නන ඒවා ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කරුණු සාමාන්‍යයෙන් කාර්මික පාඨමාලා වලට අදාළ කරුණු නිසා. විශ්ව විද්‍යාලයක මෙකනිකල් එන්ජිනියරින් කියන්නේ මෝටර් මෙකනික්ස් කෝස් එකක් නෙවෙයි. එහෙම තැනකදී වාහන වලට අදාළ "න්‍යායික" කරුණු කියන්නේ thermodynamics , fluid dynamics , control systems වගේ දේවල් මිසක් vehicle diagnostics වගේ කාර්මික තලයේ දේවල් නෙවෙයි. මේක කාර්මික තලය පහත් කරන්න කියන දෙයක් නෙවෙයි. නමුත් මට පෙනිලා තියන දෙයක් තමයි ලංකාවේ ඔය "උසස්" කියලා සම්මත කෝස් කරන සමහර උන්ට තියන හීනමානය වගේම කාර්මික තලයටත් තියනවා වැරදි වැටහීමක් ඉන්ජෝ කියන්නේ පොත් කටපාඩම් කරන උන්, ටෙක්නිකල් කෝස් කරන උන් තමයි ඇත්තට "සබ්ජෙක්ට් එක" දන්නා වැඩ්ඩෝ කියලා. මේ අදහසේත්, KDA ගිහින් එක පාරට සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් වෙන එකාට වඩා තමන් යුද්දේ ගැන දන්නවා කියල ෆුට් සොල්ජර් කෙනෙක් හිතන එකෙත් ලොකු වෙනසක් නැහැ. ඒ කතාව සත්‍ය වෙන්නේ එක තලයක විතරයි. ඉන්ජිනේරු උපාධි පාඨමාලාවකදී "සබ්ජෙක්ට් එක" කියන්නේ මෝටර් මෙකනික්ස් වගේ පටු විෂය පථයක් නෙවෙයි.
// ඒ ගැන ප්‍රශ්නයක් නැතත් විෂය සම්බන්ධව ඉහළ තානාන්තර වලට යැවෙන්නේ මිකැනිකල් ඉංජිනේරුවන් හැම විටම වගේ. //
කොහොමත් ඉතින් ඉංජිනේරුවෙක් යන ජොබ් එකකට එහෙම්මම ටෙක්නිෂන් කෙනෙක් යවන්න බැහැ නේ මල්ලි. දැන් මල්ලිම කිව්වා වගේ, වෙහිකල් ඩයග්නොස්ටික්ස් ඉගෙන නොගන්න වෙලාවේ අර ඉංජිනියරින් කෝස් වල management, economics, industrial law වගේ දේවල් උගන්නනවා. ඒ දේවල් ගැන දැනුමකුත් ඉතින් management ජොබ් එකකට වැදගත් නේ?
මෙකනිකල් ෆීල්ඩ් එක ගැන නම් මම දන්නේ නෑ අනික් ෆීල්ඩ් වල නම් IESL එක හරහා සුදුසු කම් සහ පළපුරුද්ද සහිත ටෙක්නිෂන් ලා ට ඉංජිනේරු තත්ත්වය ට ටික ටික එන්න අමාරුම නැහැ. ටික ටික තමයි ඉතින්. ලෝකේ මොන රටේ උනත් එහෙමයි. සජ්ජා මල්ලි IESL එකේ ඉන්නවද? නැත්නම් ඒ ඇයි?
ලංකාවේ කාර්මික පාඨමාලා සඳහා තියන පහසු කම් පුළුල් කර, ඒවායින් අවුට් වෙන උන්ට සුදුසු කම් සපුරා ගෙන වෘත්තියේ ඉහලට යන්න තියන පහසුකම් වැඩි කළ යුතුයි. ඒ වගේම ඉංජිනේරු උපාධිත් කාර්මික තලයට පහත නොදා පවත්වා ගෙන යා යුතුයි. අපිට රස්සා දියව් කියා කියා ස්ට්‍රයික් කරන ඉන්ජෝ දැකල නැහැ නේ?
සජ්ජ, ඔබ කියන්ව වගේ ලංකාවෙ තියෙන ආයතනවල උගන්නවන්නෙ පරණ දේ උනත්, අදටත් ඒ සිසුන්ට එළිය ආවම සෑහන ඉල්ලුමක් තියෙනව. අනික් දේ තමයි ඒ උගන්වන්නෙ වාහන හදන්න මිසක් නිර්මාණය කරන්න ඕන තාක්ෂනික සහ කළමණාකාරීත්ව පැත්ත නෙමෙයි වෙන එක. කොටිම්ම "ඔටෝමොබයිල් ඉන්ජිනයරින් වෙනුවට මෝටර් මිකැනික්" තමා තාම මෙහෙ තීන්නෙ. ඔය දෙක අතරෙ පරතරයක් තියෙනව. ලංකාවෙ තියෙන ලොකුම අවුල තමා ඔය "මිකැනිකල්" පාට් එක කරපු එකාට ටොප් අප් එකක් දාගෙන ඉන්ජිනියර් ලෙවල් එකට නගින්න බැරි වීම. මේක වෙන්නෙ වැඩිපුරම කුහක කම නිසා.
Deleteඇනෝ,
//ලංකාවේ කාර්මික පාඨමාලා සඳහා තියන පහසු කම් පුළුල් කර, ඒවායින් අවුට් වෙන උන්ට සුදුසු කම් සපුරා ගෙන වෘත්තියේ ඉහලට යන්න තියන පහසුකම් වැඩි කළ යුතුයි. ඒ වගේම ඉංජිනේරු උපාධිත් කාර්මික තලයට පහත නොදා පවත්වා ගෙන යා යුතුයි.//
සහතික ඇත්ත. ලංකාවෙත් ක්‍රෙඩිට් සිස්ටම් එක අනෙක් කෝස් එකක ඉන්ටර්ග්‍රෙට් කරල ලෙවල් 3 සර්ටිෆිකේට් එක තීන එකාට ලෙවල් 7 ඩිග්‍රයකට යන්න පුළුවන් විදිහට වෙනස් වෙන්න ඕන. ඒත් ඉතින් එන්.ඩී.ටි උන්ගෙ සටිෆිකේට් එකේ "University of Moratuwa" කියල ගහනවට විරුද්ධ, ටෙක්නිකල් ප්‍රොග්‍රෑම් එක යුනියෙන් එලියට ගෙනිහින් වෙනම කොලෙජ් එකක් විදිහට ෆෝම් කරනවට විරුද්ධ NDT කාරයොත් ඉන්න රටක ඕව හීන විතරක්ම වෙයිද කියල හිතෙනව!
ඇනෝ මහත්මයා... ඇත්තටම මම කරුණු පටළවාගෙන කියල පේනවා ඇති මේක කියෙව්වම. මම විස්තර කරන්නම්. ලංකාවේ මෝටර් වාහන ක්ෂේත්‍රයේ ඇත්තටම බැලුවොත් සිද්ද වෙන්නෙ අලුත්වැඩියා කරන කටයුතු විතරයි. thermodynamics, aerodynamics, fluid mechanics වැනි දේවල් ඇත්තටම ලංකාවෙ මෝටර් කාර්මික ක්ෂේත්‍රයට කිසිසේත්ම අදාළ වෙන්නෙ නෑ. හැබැයි මාද ඇතුළුව කාර්මික ක්ෂේත්‍රයේ ඒ දිනවල නියැළුණු සරසවි නොගිය පිරිස් ඒ න්‍යායන් සම්බන්ධව හැදෑරුවා. මෝටර් වාහන විෂය ක්ෂේත්‍රයට specifically අදාළව.
Deleteඉංජිනේරු තත්වයට එන එක ගැන තිබුන හීන මානයෙන් නෙවෙයි සහෝදරයා මේ කතාකරන්නේ. IESL stage 2 වෙනතුරු ඉගෙනගත්තා. තවත් ඔය කිව් විදියේ සුදුසුකම් කිහිපයකුත් තිබුනා. මම මේවා කිව්වෙත් ඔබතුමාගේ හිතේ මට ඉංජිනේරු හීන මානයක් තියනවා කියපු මතය බැහැර කරන්න.
මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. mechanical engineering වල එක කොටසක් පමණක් Automobile engineering ලෙස ඉගෙනගත්ත ඉංජිනේරුවෙක් තමන් යටතේ සිටින ඒ සම්බන්ධ කෙළ පැමිණි කාර්මිකයෙකුට ගැටළුවක් පැනනැගුනු විට විසඳුම් දෙන්නෙ කෙලෙසකද? ඒ විදිහෙ අඩුපාඩුවක් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ තියනවා සහෝදරයා. engine designing ගැන මෙතෙන්දි කතාකරලා වැඩක් නෑ. අනෙකුත් ඉංජිනේරු ක්ෂේත්‍ර වල එහෙම නැතුව ඇති. ඒත් මෙතන එහෙම එකක් තියනවා. මම යම් යම් දේ ගැන ප්‍රයෝගික පුහුණු කාළයෙදි ඉංජිනේරුවාගෙන් යමක් අහනවට වැඩිය දැනුවත් කාර්මිකයෙකුගෙන් අසා ගැටළු විසඳාගෙන තියනවා.
ඔබ කියන එක ඇත්ත.management, economics, industrial law ගැන දැනුම කාර්මිකයන්ට හෝ ඒ මට්ටමේ පිරිසට ලැබෙන්නෙ නෑ. හැබැයි ඉන්ජිනේරුවෙක්ට ඒ ඔක්කොටම වැඩිය තමන්ගෙ ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම තියෙන්න අවශ්‍යයි. මේ ක්ෂේත්‍රයේ ඉංජිනේරු පිරිසෙන් බහුතරයට ඒ දැනුමේ අල්ප බවක් තියනවා.
ඔබ කියූ ආකාරයට KDA ලෙෆ්ටිනන්ට් සහ ෆුට් සොල්ජර් කතන්දරේ ඇත්ත උනත් මෙතන කතන්දරේ වෙනස්....
සමාවෙන්න පැටලීමක් උනා . මම IESL එකේ නෑ. මම කරලා තියෙන්නෙ CI part 2. engineering council graduate diploma.
Delete// මම යම් යම් දේ ගැන ප්‍රයෝගික පුහුණු කාළයෙදි ඉංජිනේරුවාගෙන් යමක් අහනවට වැඩිය දැනුවත් කාර්මිකයෙකුගෙන් අසා ගැටළු විසඳාගෙන තියනවා. //
Deleteඉතින් මල්ලි මමත් කිව්වේ මේකම තමයි. දැන් මල්ලි ඔය අහපු බාස් "city&guilds complex 7 advanced diploma in light vehicle diagnostic techniques" එකට වඩා ඉහලට ඉගෙන ගත්තු කෙනෙක් ද නැද්ද? බාස් ලා දන්නා ඔක්කොම දේවල් ඉංජිනේරුවෝ දැන ගන්න ඕනේ කියලා එකක් නැහැ මල්ලි. පළපුරුද්ද කියන එක වැදගත්.
//මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න. mechanical engineering වල එක කොටසක් පමණක් Automobile engineering ලෙස ඉගෙනගත්ත ඉංජිනේරුවෙක් තමන් යටතේ සිටින ඒ සම්බන්ධ කෙළ පැමිණි කාර්මිකයෙකුට ගැටළුවක් පැනනැගුනු විට විසඳුම් දෙන්නෙ කෙලෙසකද?//
සමහර ප්‍රායෝගික දේවල් තියනවා ඉතින් ඒවා ලංකාවේ නෙවෙයි මොන රටක වත් ඉංජිනේරුවන්ට උගන්නන්නේ නැහැ තමයි. ඒවාට උත්තර දෙන්න පුළුවන් වෙන්නම කෝස් ඩිසයින් කරන්න බැහැ නේ. ඒවා ෆීල්ඩ් එකට ගිහින් ඉගෙන ගන්න ඕන දේවල්. ඉතින් මල්ලිට උඩින් හිටපු එන්ජිනියර්ට ඒක බැරි නම් පොර සමහර විට ෆීල්ඩ් එකේ පළපුරුද්ද මදි කෙනෙක් වෙන්න ඇති. ලෝකේ ඉන්න ෆීල්ඩ් එකක ඕනෙම "කෙළ පැමිණි කාර්මිකයෙකුට ගැටළුවක් පැනනැගුනු විට" සුටුස් ගාල විසඳුම් දෙන්න තරම් ෆීල්ඩ් ස්පෙෂලයිසේෂන් ගොඩක් හදන්න ලංකාවේ පහසු කම් නැහැ නේ මල්ලි. තියනවා නම් හොඳ තමයි.
// හැබැයි ඉන්ජිනේරුවෙක්ට ඒ ඔක්කොටම වැඩිය තමන්ගෙ ක්ෂේත්‍රය සම්බන්ධ දැනුම තියෙන්න අවශ්‍යයි. මේ ක්ෂේත්‍රයේ ඉංජිනේරු පිරිසෙන් බහුතරයට ඒ දැනුමේ අල්ප බවක් තියනවා. //
මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි ඉතින්. අනික් හැම ජොබ් එකේ වගේම හාල් පාරු ඉන්ජිනේරුවොත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් මල්ලි ඔය කියන දේට උදාහරණයක් දෙන්න පුළුවන් ද බහුතරයක් ඉංජිනේරුවෝ නොදන්නා දේකට ?
// සමාවෙන්න පැටලීමක් උනා . මම IESL එකේ නෑ. මම කරලා තියෙන්නෙ CI part 2. //
// ඒ දේ ස්පෙෂලයිස් කරපු මිනිස්සු හැමදාම මජන් නාගෙන. ඉහලට ඒමක් නෑ. පාලකයන්ගෙන් එල්ල වෙන පීඩා , හිරිහැර, අපහාස අසීමාන්තිකයි. //
මම ඇහුවේ IESL නැත්නම් ඒ ඇයි කියලා. හොයලා බලලා වත් තියෙනවද CI part 2 එක්ක මල්ලිට තව qualification මොනවාද ඕන කියල? මෙච්චර අසීමාන්තික පීඩා තියනවා නම්, ඉහලට එන්න තියන ක්‍රම ගැන පොඩ්ඩක් රිසර්ච් කරන එක මල්ලිගේත් යුතුකමක් නේද?
ඇනෝ අයියා, CI part 2 වලින් පස්සෙ මම career එක අතෑරලා දැම්ම. කොලිෆිකේෂන් පස්සෙ යන එකත් එහෙමම නැවතුනා. ගෙදර ව්‍යාපාරය කරගෙන අම්ම තාත්තා සහ බිරිඳ එක්ක ඉන්න ඕන උවමනාවට ඒ ඔක්කොම මට මිස් උනා. මම විශ්වාස කරන විදියට මිනිස්සු ඉගෙනගන්න කාලේ ඉගනගෙන ඒ ක්ෂේත්‍රයට අදාලම දෙයක් කරන්න ඕන කියල නියමයක් නෑ. ඉගෙනගනීමක් කියන්නෙ බුද්ධිය වර්ධනය කරගැනීමක් සහ එම වර්ධනය කරගත් බුද්ධියෙන් තමන් නිරතවන කාර්යය සාර්ථකව කරගත හැකියි යන මතයෙ මම ඉන්නෙ. බොහොම ආසාවෙන් ඉගෙනගත්තු ඒ ක්ෂේත්‍රය අතහරින්න වීම දුකට කාරණයක්. හැබැයි ලංකාව ඇතුලේ එම ක්ෂේත්‍රයේ රැකියාව කිරීම බොහොම දුෂ්කරක්‍රියාවක් මට නම්. අනිත් එක තමයි මේ ක්ෂේත්‍රයේ ලංකාවේ ශ්‍රමිකයන්ට ගෙවන වැටුප ඉත සුළු එකක් වීම. අයිය දන්නවද දන්නෙ නෑ මෝටර් රථ කාර්මිකයා කියන්නෙ ලෝකයේ ඉතාමත්ම තෘප්තිමත් රැකියා වලින් එකක්. වාහනයක ට්‍රබල් ෂූට් එකක් කරලා ඒක රෙපයාර් කරලා ටෙස්ට් රන් එකක් යනකොට එන සතුට වචන වලින් කියන්න බෑ. අන්න ඒ දෙයින් කොම්පැණි කාරයෝ වාසි ගන්නවා. දෙකයි පනහේ පඩියකින් උනත් උන්ව රැකියාවේ තියාගන්න පුළුවන්. කොච්චර කටුක උනත් රස්සාවෙ එල්ලිලා ඉන්නවා.
Deleteඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගෙත් හොඳ හැකියාවක් වගේම ඉගෙනීමක් තිබුන කියන්නෙ ලොකුකමකට නෙවෙයි. ලංකාවෙ වැඩ කරද්දී ලැබෙන කුඩම්මාගේ සැළකිලි, රවුම් ගෙරවුම් ආවම වැටුප් තත්ත්ව ගැන සලකලා එයින් ඉවත් උනා. මගේ ව්‍යාපාරයෙන් කාලා ඇඳලා ඉන්න පුළුවන් තරමකට මුදල් ලැබෙන නමුත් අදත් මට දුකයි එහෙම කරන්න වෙච්ච එක ගැන. දක්ෂ කාර්මිකයෝ සහ වෘත්තීය නිපුණයෝ මේ ක්ෂේත්‍රයෙන් මා දැනුවත්ව අයින් වෙලා තියනවා ඒ වගේ හේතු කාරණා නිසා. ඉස්සර කිසිම බුද්ධියක් මොලයක් නැති කොල්ලො රස්තියාදු ගහන එක නවත්තන්න කලේ ගරාජ් එකකට දාල ඒ සම්බන්ධව බාසුන්නැහැ කෙනෙක් ගෙන් ඉගෙනගන්න සලස්වන එක. ගරාජ් බාස් කෙනෙක්, මජන් වැඩ කිව්වම සමාජය එදා බලපු කෝණයෙන් තාමත් බලනවා බහුතරය. ඒ මානසිකත්වය ආයතන වල උඩ ඉඳන් තාමත් තියනවා. මෙහෙ තියන වර්ක්ෂොප් එකක් දුවන්නෙ බාස්ල නිසා. ඒත් ගණන්ගන්නේ නැත්තෙත් බාස්ලවම තමයි. ආයතනයක පියන් කෙනෙක් වත් ඔරෝල් කිට් එක ඇඳන් ඉන්න කාර්මිකයව ගණන් ගන්නේ නෑ. යතාර්ථය ඒකයි.
ඔය විස්තරය කිව්වෙ මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලංකාවේ තියන තත්වය ගැන වැටහීම ඇතිකරගන්නයි. අයියට තේරෙනවා ඇති බලාපොරොත්තු දහසක් එක්ක දවල්ට මැරෙනකල් වැඩකරලා නාලා හොඳ ඇඳුමක් ඇඳගෙන සෙන්ට් එකක් ගැහුවත් අයියෙ මජන් ගඳ යන්නෙ නෑ. ඒ පිටින්ම හවසට මොනාහරි කාලා සිටි ඇන්ඩ් ගිල්ස් පන්ති දුවනවා. රෑ ගෙදර එනකොට 11යි 12යි. ආයෙත් පහුවදාට වැඩ. සති අන්තෙ CI පන්ති යනවා. අලුත් අලුත් තාක්ෂනය සම්බන්ධ දේවල් හොයනවා ඉගෙනගන්නවා. ඉන්ජන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ගණන් ගන්නේ නෑ.(බොහෝ වෙලාවට උන් උත්තර දන්නෙත් නෑ) . කොලුකම නිසා ඔෆිස් එකේ කොම්පියුටර් කරන කෙල්ලෙක් දිහා බැළුවත් උන්ගේ එක නළලට අරගෙන අහක බලන් යන්නෙ. ඔන්න ඔහොම තත්වයක් අපට තිබ්බ. අපි ගත්ත දැනුමෙන් වැඩක් අපේ රටට දෙන්න බැරි වෙච්ච එක ගැන දුකයි. හැබැයි අපි කොහොමහරි ජීවත් වෙනවා. ඉන්දික සහෝදරයාගේ පොස්ටුවට ඒ පොස්ටුවටත් වැඩිය දිග එව්ව දාන්න මට අයිතියක් නෑ. හැබැයි ඉන්දික අයියගෙ පුතා මේ ක්ෂේත්‍රයට එනවා කිව්වා නිසා මෙහෙම සංවාදයක් ඇතිවෙන්න මුල් උනේ.
සජ්ජා සහ ඇනෝ අතර සාකච්චාව ලොකුවට ගිහින් අවසානයක් වෙලා තියෙනවා මේ කතාකරලා තියෙන දේ මම උගත් විෂය ක්ෂේත්‍රයට සම්බන්ද නිසා කතා නොකර බැහැ. යාන්ත්‍රික ඉන්ජිනේරු කියනවා නම් එය පුළුල් අංශයක් එය පාරේ දුවන වාහන විතරක් නොවේ කර්මාන්ත ශාලා ප්‍රෝඩක්ශන් ප්ලාන්ට්, නැවු ගුවන්යානා රොකට් වැනි සියලු දැති රෝද කැරකෙන ගින්දර සහ යකඩ සමග ඔට්ටු වෙන සියලු අංශ අදාළ වෙනවා. ඉතින් මේ සියලු දේ වල expert කෙනෙක් සිවු අවුරුදු උපාදි පාඨමාලාවකින් එලියට එනවා කියලා කෙනක් බලාපොරොත්තු වෙනවා නම් එය පිස්සුවක්. අනිවාර්යෙන්ම එලියට එන ඉංජිනේරුවාට කර්මාන්ත ශාලාවක හෝ වැඩපලක(workshop) සිටින වසර ගණනක් පළපුරුදු කාර්මිකයාට තියෙන නිපුනතාවය නැහැ නමුත්. පල පුරුදු කාර්මිකයාට හොයන්න බැරි ලෙඩක් හොයා ගන්න සමත් න්‍යායික දැනුමක් සහ අධාල විභවය තියෙනවා. මේ ගැන මගේ පළමු අත්දැකීම පවසන්නම්. මම විශ්ව විද්යාල අධ්‍යාපනය ලබද්දී පුහුණුවට ගිය ස්ථානයේ තිබුනා කිහිප වරක් අලුත්වැඩියා කරත් අසාර්ථක වූ rotary vane vacuum pump එකක් එම එම ආයතනයේ පළපුරුදු දක්ෂ කාර්මිකයන් ට හදාගන්න බැරිවුණ මම ගිය දවසෙම ඉංජිනේරු කලමනාකාර වරයා මට එම වැඩේ මට බාර දුන්නා කලින් වැඩේ බැරිවුණු කාර්මිකයෙක් සමගම. පොර කැම්පස් වල විෂය නිර්දේශ හොඳ නැහැ. දැන් එන ඉංජිනේරුවන් ට ප්‍රයෝගික දැනුම නැහැ වගේ කයිවාරු ගහ ගහ මැෂින් එක ගැලෙවුවා. මම ඔක්කොම පරීක්ෂාවෙන් හිටියා. අන්තිමට මට පෙනුනා කලින් vane හයිකරලා තිබුණු පැත්ත වැරදි බව. ප්‍රශ්නේ ඉවරයි. අපි යාන්ත්‍රික ඉංජිනේරු උපාදි ගන්නේ එයට අදාළ ඉහල විද්‍යා සහ ගණිත දැනුමක් සමග අදාළ ක්ෂේත්‍රයේ දල දැනුමක් සහිතව යම් තැනක ජොබ් එකට ගියාම අදාළ අංශය අධ්‍යනය කර එම අංශයේ පළපුරුද්ද සමග ප්‍රවීනයෙක් වීමට. ලබාගෙන ඇති විශ්ලේෂණ හැකියාවන් සහ විධ්යාත්මක ක්‍රමවේද සහ ඉහල විද්‍යා සහ ගණිත දැනුම මගින් අදාළ අංශයේ ගැටළු විසදීමේ හැකියාව වැඩියි.
Deleteඅපි හැමෝටම හැම වැඩේම හරියන්නේ නැහැ. විවිද අය විවිද දේට දක්ෂයි. සමහර අයගේ සමහර හැකියාවන් උපතින්ම ගේනවා. යාන්ත්‍රික ඉංජිනේරු හැකියාත් එහෙමයි. දැන් කැම්පස් වලිනි අංශ තෝරන්නේ ඒ අංශයට තියෙන හැකියා හෝ කැමැත්ත බලලා නොවේ. පළමු වසර් අවසාන යේ ලබාගන්නා ප්‍රතිපල මත සහ ඉල්ලන කැමැත්තට මුල් තැන දීම. මෙතනදේ මම කැමති උනේ පරිගණක ඉංජිනේරු විද්‍යාව නමුත් මට යන්න උනේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව. ඔය හේතුව නිසා කැමැත්තක් නැති අය යාන්ත්‍රික ඉංජිනේරු අංශයට එන්න පුළුවන් ඒ වගේම ඒ අංශයේ හැකියා අඩු අය එන්න පුළුවන්. එක කැම්පස් වලවත් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියේ වරදක්වත් නොවේ පුද්ගලයන්ගේ වරදක්. මුලින් අපිත් ක්ෂේත්‍රයට බැස්ස මුල් දවස්වල අපිට යටින් ඉදපු පොරවල් වල මතය තමයි "ඉන්ජෝ කියන්නේ පොත් කටපාඩම් කරන උන්, ටෙක්නිකල් කෝස් කරන උන් තමයි ඇත්තට සබ්ජෙක්ට් එක දන්නා වැඩ්ඩෝ" කියන එක නමුත් අපි ක්ෂේත්‍රය අධ්‍යනය කරලා උපදෙස් දෙන විට ඔවුන්ගේ මතය පරදිනවා. දක්ෂ යාන්ත්‍රික ඉංජිනේරුවෝ ඔවුන්ට දකින්න ලැබුනා නම් එවැනි මතයක් මුල් බහින්නේ නැහැ.
යාන්ත්‍රික ඉන්ජිනේරුවාගේ රෝල් එක එකක් කාර්මිකයාගේ(බාස්) රෝල් එක එකක්. යාන්ත්‍රික ඉන්ජිනේරුවාගේ රෝල් එක බාස් ගේ රෝල් එක කියා හිතන බාස් ලා ගේ අදහස තමයි සජ්ජා ගේ මුල් කමෙන්ට් එක තුලින් මතුවන්නේ
aerodynamics ගැන නොදැන හිටපු විල්බර් සහ ඕවිල් දෙන්නත් වින්කල් "බාස්"ලා තමයි...
Deleteවිල්බර් සහ ඕවිල් දෙන්නත් වින්කල් "බාස්"ලා නොවේ ඔවුන් බයිසිකල් නිෂ්පාදකයෝ.
Deleteයම් සොයාගැනීමක් කරන්න ඉංජිනේරු දැනුමක් අවශ්‍ය නැහැ, නමුත් එය දියුණු කරන්න විද්‍යා ගණිත සහ ඉංජිනේරු දැනුම අවශ්‍යයි. විල්බර් සහ ඕවිල් කියන්නේ වැඩිදුර ඉගෙන නොගත්තත් විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රමවේද යම් තරමක් දන්නා පුද්ගලයන් හදපු යානයට ඉංජිනේරු දැනුම මිශ්‍ර නොවුනා නම් තවම ගුවන්යානා එයාලා හදපු එක වාගේම තියේවි. ඔවුන් හදපු සොයාගැනීම දියුණු කරන්න ඉංජිනේරුවන් දායක වුනා ඉංජිනේරුවා නොදන්නා දේ භෞතික විද්‍යාඥයෝ දියුනුකරා ඔවුන්ට නොහැකි සුලුකිරීම් ගණිතඥයෝ සිදුකලා අන්තිමට දියුණුවූ සැලැස්ම ඉංජිනේරු අදීක්ෂණයෙන් කාර්මිකයන් අතින් නිමවුනා. ඔවුන් සියලු දෙනා නිෂ්පාදනයේ විවිධ රෝල් වලට දායක වෙනවා.
උසස්පෙළ පෙනේරයෙන් හැලුණු හොඳ දක්ෂයන් ඉන්නවා. ඔවුන්ට අවස්තාවක් දෙන්න නම් මුදලට හෝ තම අරමුණට යන්න අවස්තාවක් දෙන්න ඕන. දැනටත් විවුර්ත විශ්ව විද්යාලය හරහා අඩු මුදලකටත් වෙනත් ආයතන හරහා වැඩි මුදලකටත් ඉහලට යන්න හැලුණු දක්ෂයන්ට අවස්තාව තියනවා. අනෙක් දේ තමන්ට හැකියාව ඇත්නම් ඉදිරියට යන්න යමක් කරන්න උපාදි අවශ්‍ය නොවේ. ඒවා අවශ්‍ය ජොබ් කර මුදල් සෙවීමට පමණි
ඉහත සඳහන් කරපු කාරණා දෙකටම අතිශය එකඟයි සහෝදරයා... ඉංජිනේරු දක්ෂතා තියන ඉංජිනේරු උපාධිය නැති පිරිසකුත් ඉන්නවා. ඉංජිනේරු උපාදිය තියන වැඩ බැරි ටාසන්ලා පිරිසකුත් ඉන්නවා. "ඉංජිනේරුවන්ගේ තියෙන්නෙ තියරිය විතරයි, අපි තමයි පොරවල් විදිහට කල්පනා කරන මෝඩ"බාස්"ලා" වගේම , "අපි තමයි හෙන පොරවල් ,අනිත් එවුං ඔක්කොම මෝඩ බාස්ලා " කියන තියරිය දාන කොට්ඨාශ දෙකම මම නම් පුද්ගලිකව හෙළාදකිනවා...
Deleteමමනම් ඉස්සර ඉඳලම පෞද්ගලික විශ්ව විද්‍යාල කියන ක්‍රමයට විරුද්ධ නැහැ...
ReplyDeleteසල්ලි තිබීම විතරක් නෙමෙයි ඒවටත් ඒ ලෙවල් ලකුණු මට්ටම බලල ගන්න ක්‍රමයක් තිබෙන එක හොඳයි
උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ගන්න කැමති හැම කෙනාටම ඒ පහසුකම තියෙන්න ඕනේ. ගොඩක් අඩු මිලට පවා ගන්න පුළුවන් ඒවා හැදෙන්නත් ඕනේ. නැත්නම් දුප්පත් ළමයින්ට ඒ අවස්තාවත් සිහිනයක් වෙනවා. මිල අඩු වීම හරහා ඒවායේ තත්ත්වය බාල වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා එහෙම හරි අවස්තාවක් හැදෙන එක වැදගත්.
ඒ අයට ලංකාවේ රැකියා ෆීල්ඩ් එකේ හැප්පෙන්න බැරි උනොත් පිට රටවල් වලට ගිහින් හරි රැකියා කරන්න පුළුවන්
(තාක්ෂණික අංශ වල ගොඩක් ෆීල්ඩ් වල උගන්නපු දේවල් භාවිතා වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
ඒවයේ ගොඩක් වෙලාවට වෙන්නේ ෆීල්ඩ් එකට ගිහින් තමයි එතන දේ ඉගෙනගෙන කරගෙන යන්නේ.
ඒ නිසා කොළේ ගුණාත්මක භාවය සමහර වෙලාවට තාක්ෂණික අංශ වලදී ගැටළුවක් නැති මට්ටමකට එනවා.)
අපි එක්ක සෞදියේ වැඩ කරපු සමහර ඉන්දියන් කාරයෝ ඉංජිනියරින් උපාධිය කරලා තියෙන්නේ ඉන්දියන් රුපියල් ලක්ෂ දෙක හමාරට, සමහර උන්ට Excel sheet එකක කොටේෂන් එකක් ගහ ගන්නවත් බැහැ. හැබැයි උන්ටත් අපිට ගෙවන ගණන්ම ගෙවනවා.
ඒ රටවල කොම්පැනි වලට ඕනේ කොලේ විතරයි.
අපේ හිටපු ෆැක්ටරි මැනේජර් කලින් ඒ කොම්පැනි එකේ සිකුරිටි, ඌ එතන ටික කාලයක් ඉඳලා නිවාඩු ගිහින් ආපු වෙලාවක සල්ලි දීලා ගත්තු හොර උපාධි කොළයක් ගෙනත් දීලා ඒ හරහා ටික ටික උඩට ඇවිත් තමයි ෆැක්ටරි එකේ මැනේජර් වෙලා තියෙන්නේ.
ඒ ගමනට අවුරුදු 20ක් 25 ක් විතර ගියත් ඌ 2012 වෙද්දී සෞදි රියාල් 60,000 කට වඩා වැඩි පඩියක් ගත්තා. පුතා පදින්නේ හාලි ඩේවීසන් බයික් එකක්...
එහෙව් උනුත් ඒ රටවල ඉංජිනියරින් ජොබ් කරන එකේ උන්ට වඩා මොළේ තියෙන ඒ ලෙවල් පෙනේරෙන් හැලෙන අපේ උන්ට ඕනේ තැනක රස්සාවල් කරන්න බැරි වෙන එකක් නැහැ...
අපේ රටෙත් අඩුමිල උපාධි, ඩිප්ලෝමා ක්‍රමයක් හැදුවොත් අඩු ගානේ මැදපෙරදිග තෙල් සල්ලි දැන් අදිනවට වඩා විශාල ප්‍රමාණයක් ලංකාවට අදින්න පුළුවන්...
ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන රැකියා නැති කොටස වෙනුවට එම පාඨමාලා වල සිසුන් ගණන අඩු කරලා රැකියා අවස්ථා වැඩි පාඨමාලා වල සිසුන් ගණනද වැඩිකළ යුතුයි.
ලොකුපුතා,
Deleteඋඹ දන්නව ඇති අරාබියෙ ඉන්න ලංකාවෙ QS ලට වෙච්චි දේ! ලෝකෙ QS ල අතරෙ අද ඉන්න ඉහලම සුදුසකම් තීන ප්‍රොෆෙස සෑම් ගෙ ඉඳල දහස් ගානක් උන් ඇවිත් ලංකාවෙ QS ලට මෙහෙ මාකට් එකක් හැදුවෙ technical collages වල ඉගෙනගෙන. ඒත් ඉතින් අවුදු විස්සකට විතර කලින් මොරටුවෙ QS ලගෙ මහ තැන ගත්තු ආකිටෙක් වෙඩික්කාර නෝන අද වෙනකොට නීති දාල තීනව ඩිග්‍රිය නැතිනම් පාස්පෝට් එකේ QS කියල දාන්නත් බෑ කියල. ඒ විතරක් නෙමේ, මේ රටවලට ඇවිත් මෙහෙ ආන්ඩුවලට ලියල දන්වල තියෙනව ලංකාවෙ QS ල එන්නෙ මොරටුවෙ උනියෙන් විතරයි ඒ නිසා වෙන උන් QS නෙමේය, කියල. එයා හිතන්න ඇති එහෙම කිව්වම මොරටුවෙන් එලියට එන උන්ට හොඳ ජොබ් ලැබෙයි කියල අන්ඩුවෙ. නමුත් උනේ ලන්ංකාවෙ උපාධිකාරයොන්ට වඩා අඩු ගාණට ඒ තැන්වලට ඉන්දියන්/ පිලි උපාධිකාරයො රින්ගපු එක. ඔන්න අපේ රටේ අයගෙ තත්වෙ.ලැබෙන ගාණත් නැතිකරගත්ත අන්තිමට.
මචං ඉන්දික
Deleteඔතන පැති දෙකක් තියනවා. එක පැත්තකින් ඔය ස්ටෑන්ඩර්ඩ් එකක් මේන්ටේන් කරන එක රටක් හැටියට හොඳයි. මොකද කොල්ලයි බල්ලයි ඔක්කොම කොලිෆිකේෂන් කියලා කොළ කෑලි අරගෙන එන එකෙන් ලෝන් ටර්ම් කෙල වෙනවා ටික දවසකට එක්ස්ප්ලෝයිට් කරන්න පුළුවන් උනාට. මේ රටේ සහතික වලින් සත පහක වැඩක් නෑ එන්නේ හොරු කියල තේරුණු දවසට කෙල වෙන එක ටික දෙනෙක්ට ලේසියෙන් රස්සා හම්බ වෙනවා වගේ ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙවෙයි ආයේ රටටම කෙල වෙන්නේ.
අනික් පැත්තට ඔය ලොකු පුටු වලට අරක් ගෙන ඉන්න *කාලා හැදෙන්න පුළුවන් උන්ටත් කපන එක මහ කුහක කමක්. සිස්ටම් එකක් තියෙන්න ඕනා ලෝකේ සාමාන්‍ය කොලිටි එක හොයලා, අපේ උන්ට ඇත්තට කරන්න පුළුවන් පුළුවන් රස්සා හොයලා ඒ අනුව accreditation දෙන්න මෙන්න මේ මේ ආයතන වලින් මේ කොලිෆිකේෂන් ගන්න උන්ට මේ ටයිටල් එක ගහ ගන්න පුළුවන් කියලා, ආණ්ඩුවේ කැම්පස් වලට සීමා වෙන්නේ නැතුව. මමත් දන්න පට්ට ටැලන්ටඩ් සොෆ්ට්වෙයා ආකිටෙක්ට් කෙනෙක් ඉන්නවා පොරගේ පාස්පෝට් එකේ එන්ජිනියර් කියලා නැහැ පොරගේ යටින් ඉන්න උන්ට යටින් ඉන්න උන්ගේත් තියනවා.
අපේ රටේ ඉතින් ඕව වෙන කොට බැරිය - පොලිටිකල් පාටි වල ලෝයර් ලට බයට ඉඩම් බෙදුම් නඩු සිස්ටම් එක සිම්පල් කරන්න මොන ආණ්ඩුවකට වත් බැරි වුනු රටක් නේ ලංකාව.
මචං, උඹ ඔය කිව්ව කොලිටි එක මේන්ටේන් වෙන එක හරි. ඒත් ඒක කරපු ක්‍රමේ තමයි වැරදි. ඇත්තටම මෙහෙ ශ්‍රී ලංකන් කිවම හොඳම QS ල කියන තත්වයක තීනව. කොටිම්ම අපෙනුත් අහනව උඹ මොකද QS කෙනෙක් නොවුනෙ කියල!
Deleteඒත් ඒක ඇති කරපු ආන්ඩුවෙ ටෙක්නිකල් වල ඉගෙනගන්න උන්ට තැන නැති කරා විතරක් නෙමේ, අනිතිමට ඒ උන්දැ ලංකාවෙ QS සිලබස් එක ඉන්දියවෙ යුනියකටත් විකුනල. මෙච්චරකල් QS ල විදිහට කොලිෆිකේශන් එකක් තිබ්බෙ සුද්දොන්ට, සවුත් ඇෆ්‍රිකන් උන්ට නැත්තන් ලන්කාවෙ හරි ඔස්ට්‍රේලියා හරි. ඒත් දැන් එනවලු ඉන්දියන් උනුත් පෙළට.
උඹ කිව්ව වගේ ඕඅව සේරම බඩ වෙනුවෙන් අපි තමා. රට වෙනුවෙන් නෙමේ!
QS ල ගැනනම් කතා කරලා වැඩක් නැහැ, ලංකාවේ උන් පිටරට වැඩ පෙන්නුවට මේ වෙද්දී ලංකාවේ ඉතුරුවෙලා ඉන්න ගොඩක් එවුන් මට්ට මී හරක් ටිකක්.
Deleteඋන්ට ඔක්කොම ගණන් හිලව් ටික ලියල දුන්නට පස්සේ ඒ ටික වැඩි කරලා, එකතු කරලා බිලක් වගේ එකක් හදනවා
කිසිම දැනුමක් නැහැ වැඩ කෙරෙන විදිහ ගැන
මේ ලඟදි යකඩ බීම් වගයක් වෙල්ඩින් කරලා පේන්ට් එකට ලැස්ති කරන්න ගාල කරලා හදන වැඩක් තිබ්බා
බීම් එක මීටර් 11 ක් දිගයි, මේ සම්පුර්ණ වැඩේට මුන් දාල තිබුනේ ග්‍රයින්ඩින් වීල් දෙකයි, ඩයමන්ඩ් වීල් දෙකයි.
ඩයමන්ඩ් වීල් දැම්මේ මොකටද කියල උන් දන්නෙත් නැහැ.
දන්නේ නැත්තන් අහපිය, කියල දෙනවනේ
ලස්සනම වැඩේ කියන්නේ ඉංජිනියර්ගේ QS ඉන්න බුරු පැටව ටික අර දාපු ඒවත් එක එක කපල එවල තිබ්බා.
ඇත්තටම වැඩේ කරන්න ඈන්ගල් ග්‍රයින්ඩින් වීල් 10 ක් වත් යනවා... හෙහ් හෙහ්
///ඒත් ඉතින් අවුදු විස්සකට විතර කලින් මොරටුවෙ QS ලගෙ මහ තැන ගත්තු ආකිටෙක් වෙඩික්කාර නෝන අද වෙනකොට නීති දාල තීනව ඩිග්‍රිය නැතිනම් පාස්පෝට් එකේ QS කියල දාන්නත් බෑ කියල. ඒ විතරක් නෙමේ, මේ රටවලට ඇවිත් මෙහෙ ආන්ඩුවලට ලියල දන්වල තියෙනව ලංකාවෙ QS ල එන්නෙ මොරටුවෙ උනියෙන් විතරයි ඒ නිසා වෙන උන් QS නෙමේය, කියල.///
මේ වගේ බලු වැඩ කරන උන්ව ප්‍රසිද්ධියේ එල්ලන්න වටිනවා.
අපිත් එක්ක වැඩ කරන මිකැනිකල් ඉන්ජෙක් කියනවා උන් මොකක්ද මන්ද "බිල්ඩින් සර්විස් ඉංජිනියර්ස්" වගේ මොකක්ද අටමගලක් අටව ගත්තලු IESL එකේ.
ඉස්සරහට බිල්ඩින් වල ප්ලෑන් අනුමත කරද්දී ඒ කාගේ හරි සීල් එක ප්ලෑන් එකේ නැත්නම් ප්ලෑන් අනුමත කරන්න බැරි වෙන කතාවක් කිව්වා.
මමනම් ඌට බැන්නා, ලොකු ලොකු බිල්ඩින් වලට එහෙම කලාට මිනිහෙක් ගෙයක් හදද්දී එහෙම කරන එක බලු වැඩක් කියලා
මුන් නිකන් සීල් එක ගහන්නේ නැහැනේ, අඩුම ගානේ සීල් එක ගහන්න රුපියල් 5,000 ක් 10,000 ක් ගනියි.
ඒ වගේ දේවල් කරන්න යුනියන් ගහන එක මහ හිඟන වැඩක්.
හොඳ පඩි ගන්න ගමන් අහිංසක මිනිස්සුන්ට කෙළින්න මේ වගේ ප්ලෑන් ගහන්නේ උන්ගේ තියෙන බලු කමට
මමනම් දන්න කියන කාගේහරි ඉල්ලීමක් ඉටු නොකර බැරි කමටම ප්ලෑන් එකක් ඇඳලා දුන්නත් සත පහක් ගන්නේ නැහැ, සමහර වෙලාවට ප්‍රින්ට් එකත් මගේ ගානේ. මගේ කිව්වට කොම්පැනිය ගානේ.
එහෙම කරලත් මරු වැඩ වෙනවා. ප්ලෑන් එක අනුමතවෙලා ගෙදර වැඩ පටන් ගන්න කිට්ටුව ඒ මනුස්සයා මගෙන් අහනවා නැකතට ගෙදර වැඩ පටන් ගන්න රුපියල් ලක්ෂයක් දෙන්න බැරිද අහනවා පස්සේ දෙන්නම් කියලා.
ඔන්න ඔහොමයි නිකන් කරන්න ගියාම අපේ මිනිස්සු සළකන්නේ
තව අපේ නෑදෑ කෙනෙකුට ප්ලෑන් එකක් ඇඳලා දුන්නට පස්සේ අහනවා එස්ටිමෙට් එකත් හදල දෙන්න බැරිද කියලා
ඔය වගේ ටොපි අනන්තයි
// ඉස්සරහට බිල්ඩින් වල ප්ලෑන් අනුමත කරද්දී ඒ කාගේ හරි සීල් එක ප්ලෑන් එකේ නැත්නම් ප්ලෑන් අනුමත කරන්න බැරි වෙන කතාවක් කිව්වා. //
Deleteරටවල් දියුණු වෙනකොට මෙහෙම නීති එනවා තමයි ආණ්ඩු වලින්. ඒත් මේ සෙල්ලම නම් මට පේන්නේ තවත් ප්‍රොෆෙෂනල් කප්පන් ගැනිල්ලකට සෙට් වීමක් වගේ.
// ආන්ඩුවෙන් ( ඉක්ඩැට්ඩ් හරි වෙන මොකකින් හරි ) රෙග්‍යුලේෂන්ස් සහ රික්වායමන්ට්ස් ටික ඩිසයින් කරල පබ්ලිෂ් කරනව. ප්ලෑන්ස් ආවම ඒ ඒ දිස්ත්‍රික්ක හරි පළාතෙ හරි තීන ඉන්ජිනියර්ස් ඔෆිස් එකකින් බලල අනුමත කරනව. //
දැනුත් මචං ප්ලෑන් පාස් කරනවා කියල කරන්නේ බේසිකලි ඕකම නේද. බිල්ඩින් ස්ටැන්ඩර්ඩ් මදි නම් ඔය ප්‍රොසෙස් එකටම දාන්න තිබුන නේ. (ඌට පගාව දෙන්න වෙන එක වෙනම කතාවක්)
කොහොමත් ආණ්ඩුවේ එකාට පගාව දෙන නිසා ඔය ප්‍රොසෙස් එක ප්‍රයිවටයිස් කරනවට මගේ විරුද්දත්වයක් නෑ . එහෙම උනොත් අඩු ගානේ හොරෙක්ට පගාවක් වෙනුවට අපි කැමති එකෙක්ට සල්ලි දීල ප්‍රොෆෙෂනල් වැඩක් කර ගන්න පුළුවන් වෙයි ගැන වැඩි උනත්. නමුත් ලොකු පුතා කියපු විදියට මේ අයිඩියා එක එනවා වගේ පෙන්නේ ඇහෙම මිනිස්සුන්ට ආදරේකට නෙවෙයි.
ලොකුපුතා, ඔය ලංකාවෙ සහ කියන වෘත්තීන් දෙකේ පොඩි පටලැවිල්ලක් තීනව මම හිතන්නෙ. මගේ පුදගලික අත්දැකීම ලංකාවෙ QS ල post contracting වලදි බොහොම දක්ෂයි ඒත් pre contracting වලදි තරමක් අවුල්.
Deleteලංකාවෙ තීන ප්ලෑනක් එක එක ඉන්ජො අනුමත කරන ක්‍රමේ මහ විහිළුවක්. ආන්ඩුවෙන් ( ඉක්ඩැට්ඩ් හරි වෙන මොකකින් හරි ) රෙග්‍යුලේෂන්ස් සහ රික්වායමන්ට්ස් ටික ඩිසයින් කරල පබ්ලිෂ් කරනව. ප්ලෑන්ස් ආවම ඒ ඒ දිස්ත්‍රික්ක හරි පළාතෙ හරි තීන ඉන්ජිනියර්ස් ඔෆිස් එකකින් බලල අනුමත කරනව. අන්න එහෙම සරළ ක්‍රමයක් වෙන රටවල වගේ දැම්මනම්, ප්ලෑනක් අඳින්න සීල් ගහන්න චාටර් වෙන්න ඕනෙත් නෑ, හැම දේම එක ස්ටෑන්ඩර්ඩ් එහෙකටත් තීනව.
අර අන්තිම සීන් එක හරි, අපේ ගොඩක් අය්යල කෙලත් ඉල්ලනවම තමා :D
ඇනෝ,
Deleteමෙහෙමයි මචං, දැනට ගෙවල් වලට වගේ තීන රෙග්‍යුලේෂන්ස් හරිම බේසික්. ඒව වැඩි දියුණු කරනව වෙනුවට වර්ග අඩි කී දාහට වඩා වැඩිනම් ආකියෙක් අඳින්න ඕන, ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ගෙ සීල් එකක් තීන්න ඕන වගේ කතා ටිකක් තීනව මම දන්න විදිහට. උන් කරන්නෙ ගොඩක් වෙලාවට කවුරු හරි අඳින එකකට සීල් එක ගහනව ගානක් අරගෙන.
ඉතින් ආඩුවට දුන්නත් උන්ට සීල් ගහන්න දුන්නත් මහ වෙනසක් නෑ! මොකද ඔය ආන්ඩුවෙ ඉන්නෙත් ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල්ස්ලම තමා පගාව ගන්න :)
අල්ටිමේට්ලි මේක චින්තනයෙ වැරැද්දක්. බිල්ඩින් එක හදවන එකාට කොලිටි වැඩක් එපා මොකක් හරි ඕන කියන පොයින්ට් එකේ ඉඳල උඩට අවුල එනව. ඒක දන්න එක එකා තමන්ට ගානක් කපන්න පොඩි පාරවල් හදාගන්නව වගේ තමයි පේන්නෙ!
මේ තකතීරූ රටේ මේවා ගැන කතා කරනවට වඩා හොඳයි, පුළුවන් රටකින් ඒ යකාට ඩිග්‍රියක් ගන්න කියන එක. මැලේසියාවල, බංගලාදේශ් වල ගාන අඩුයි කියලයි ගොඩක් උන් කියන්නේ. ජර්මන් ටෙක් එකේ එක දෙයක් තියෙන්නේ, ඒකෙන් පිට රටකට පැබ ගන්න පුළුවන්. අපි ඕවා ගැන කතා කලොත් මොකුත් නොදන්න හරක් කියයි. ඒත් දන්න උන්වත් මක්කත් කොරන්නේ නෑ. අපි කිව්වම විස්ස විජ්ජාල වල උගන්නනෙත් නව ළොවට ගැලපෙන දේ නෙමෙයි කියලා. පරණ සිලබස් කට පාඩම් කොරන ගිරව් අපිත් එක්ක මරා ගන්න එනවා. උන් සිලබස් වලින් ඉතරක් නෙමෙයි චින්තනයෙනුත් පරණයි.
ReplyDeleteහැමදාම කියනවා ප්‍රයිවට කැම්පස් පටන් ගන්නවා කියලා. ඒත් ඒක ක්‍රියාවට නගන්න එකෙක්ට කොන්දක් නෑ.. කාළකන්නි.. ළමයි අසරණයි.. හොඳ රටවලට යන උන් නම් කොහොමත් ගොඩ.. ඉගෙන ගත්තත් නොගත්තත්.. ඒත් අනික් උන්..
// අපි කිව්වම විස්ස විජ්ජාල වල උගන්නනෙත් නව ළොවට ගැලපෙන දේ නෙමෙයි කියලා. පරණ සිලබස් කට පාඩම් කොරන ගිරව් අපිත් එක්ක මරා ගන්න එනවා. //
Deleteමෙහෙම වයිඩ් බෝල් වලට නම් ගහන්න බෑ මොකද සමහර යුනිවසිටි කෝස් අප්ඩේට් වෙන්නේ නැති නිසා ඇත්තටම. (මාතා උඹ කරපු කෝස් එකත් එහෙම එකක්ද දන්නේ නෑ මචෝ මම කරපු එක නම් පට්ට අප්ඩේට් රටේ දුප්පත් මිනිස්සුන් ගෙන් ගහ ගන්න ටැක්ස් වලින් දෙන්න පුළුවන් පහසු කම් එක්ක බැලුවම!)
// හැමදාම කියනවා ප්‍රයිවට කැම්පස් පටන් ගන්නවා කියලා. ඒත් ඒක ක්‍රියාවට නගන්න එකෙක්ට කොන්දක් නෑ..//
ප්‍රයිවෙට් කැම්පස් මොකද බන් නැත්තේ? SLIIT, Informatics ගැන උඹ අහල තියනවද?
මෙහෙමයි ඉතින්. ඒවායින් අවුට් වෙන උන් සාමාන්‍යයෙන් ආණ්ඩුවේ කැම්පස් වල උන් ගන්න සැලරි ලෙවල් එකට එන්නේ නැති එක ට නම් ඉතින් උන්ට මිසක් කාටවත් බැනලා වැඩක් නැහැ. මොකද ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. ප්‍රයිවෙට් සෙක්ටර් එකේ එම්ප්ලොයර්ස් ලා බලන්නේ නෑ බලල මැටියෙන් ද කියලා මීයෝ අල්ලනවා නම්. ඇවරේජ් සැලරි කියන්නේ අවුට්පුට් එකේ කොලිටි එක සම්බන්ද ප්‍රශ්නයක්.
මෙඩිකල් කොලේජ් නුත් පටන් ගන්න ඕනා. හැබැයි හරියට කරන්නත් ඕනේ. කියන කොට නම් "ඒ ලෙවල් ඒ හතර එකාටත් ආණ්ඩුවේ කැම්පස් යන්න බැරි වෙනවා අනේ හරි පව්" කියලා, ගන්න කොට සල්ලි දෙනවා නම් ආට්ස් වලින් එස් තුන තියන එකාත් ගන්න ගියොත් වෙන්නේ අද ඉන්දියාවට වෙලා තියන දේ තමයි.
මාත, උඹ කියන කතාව හරි ලංකාවෙ බහුතරයක් ආට් ඩිග්‍රි වලට. ඒවගේ උගන්නනෙම හද යල් පැනපු මෙලෝ වැඩක් නැති බයිල. මගේ නංගිත් ලංකාවෙ හොඳම මාස්කොම් ස්පෙෂල් ඩිග්‍රියක්ය කියන කැළණියෙන් ඉගෙනගෙන පස්සෙ මාස්ටර් එකට සුද්දගෙ රටට ගියාම තමාලු තේරුනේ ලංකාවෙ ඉගෙනගත්තෙ කොයිතරම් පරණ බයිලද කියල. ඒ අතින් බලනකොට ලංකාවෙ ඉන්ජිනියරින් ඩිග්‍රී අප්ඩේටඩ් සෑහෙන්න.
Deleteඅවසාන තීරණය උනේ මහබෙල්ලන හන්දියෙම තීන ඉඩමක් විකුණල පොඩි එකාව පිටරටකට යවන්න කියල. මොකද මෙහෙ නිකන් මිකැනික් කෙනෙක් වෙන්න විතරනෙ පුලුහන්.
ඇනෝ, උඹත් ඉඳල ඉඳල ආවම ගේමමයි නේද ඉල්ලන්නෙ :P
මචං උඹ කිව්ව දෙකට අමතර දැන් NIBM එකෙත් ඩිග්‍රි එකක් දෙනව මම හිතන්නෙ. තව APIT එකත් තීනව. නමුත් මේ සේරම සොෆ්ට්වෙයාර්. ඒත් අර මොරටුවෙ තීන product designing, QS, වගේ විතරක් නෙමේ මම කියන automobile engineering, interior design වගේ හොඳ ඉල්ලුමක් තියෙන අනිත් ෆීල්ඩ් වලටත් හරියට ඩිග්‍රි එකක් ගන්න තැන් නැහැනෙ!
තියෙන ප්‍රයිවෙට් ඒව බහුතරයක් ඔක්කොම හොර ගුහා. මොකද ඒව හරියට පාළනය කරන්න මොනිටරින් බොඩි එකක් නෑනෙ!
මචං ඉන්දික මම ඔය දෙක කිව්වේ මේ යකාගේ මේ ගැලරි ටෝක් එකට උත්තර දෙන්න නිකන් කටට ආවට.
Deleteසොෆ්ට්වෙයා විතරක් නෙවෙයි තව ෆීල්ඩ් තියනවා ලංකාවේ ඩිග්‍රී දෙන හොයලා බැලුවොත්. මේක එකක්. (මම පුද්ගලිකව දන්නා එකම ඕපන්ලි ලෙස්බියන් ශ්‍රී ලංකන් කපල් එක ඔතන හිටියේ)
මේ තව ඒවා
http://www.raffles.edu.lk/
http://amdt.lk/design-courses
ඇයි යකෝ කෙමිස්ට්‍රි? තොපිට යාළුවොත් අමතක වෙනවා නේ.
http://www.ichemc.edu.lk/courses/gic.html
තව ටෙක්ස්ටයිල් එකකුත් පටන් ගන්න යනවා මම දන්නා හැටියට. ඕන තරම් තව ඇති.
ප්‍රොෆයිල් ඇනෝ මම එන්න ඉස්සෙලම සිංහයගෙන් කිච වෙලා.. ඒ කැම්පස් හොඳයි කොල්ලන්ට බඩු ගහන්නයි කුඩු ගහන්නයි. කෙල්ලන්ට පෙට්ටි කඩා ගන්නයි.. ඩිග්‍රිය හොඳයි දෙමව්පියන්ගේ කොම්පැණි වල ලොක්කෝ වගේ සැරි සරන්න.. අපි නොදන්න ඇපිට්.. මගේ යාළුවෙක්ගේ දරුවා එතනින් අයින් කරල මැලේසියාවේ යවනවා හෙට අනිද්දට..
Deleteඇන් අයි බී එම් එකෙන් එන උන් නම් වැඩ්ඩෝ කියලා අත්දැකීමෙන්ම දැකලා තියෙනවා.. දැන් සුද්දෝ එක්ක ගියාට මාතලන් ඉස්සර හිටියේ නම්බර් වන් සොෆ්ට්වෙයාර් කොමැණියක..
මචෝ, ඇල්කෙමියව අමතකවෙනවනෙ බ ඌ ලිය්න්නෙ නැති හින්ද:D ඒත් Raffles තීනවය කියල දැනන් උන්නෙම නෑ!
DeleteAOD එකේ ඉස්සර හිටිය ඇනෙට් විලිකේට් කියල මාත් දන්න සුබ්ලින් එකෙන් පැනපු ආන්ටි කෙනෙක් එහෙමත්. ඒක නම් සිරා කැම්පස් එකක් තමා. උඹ මතක් කරපු එක හරියට හරි.
උඹ UK ඉන්න නිසා දන්නව ඇති Edexcel කියල මේ දෙන ගොඩක් ඩිප්ලෝමා Ofqual එකට නෑ. මම දන්න විදිහයට ඔය AMDT එහෙමත් දෙන්නෙ ක්‍රෙඩිට් ලැබෙන්නෙ නැති ඩිප්ලෝම. ඔන්න ඕක තමයි අවුල ලංකාවෙ හරි හරි governing body එකක් නැති උනාම!
මාතා කිච උනේ මම ද තෝ ද? මම කිව්වේ ප්‍රයිවෙට් කැම්පස් නැති එක නෙවෙයි අවුල ප්‍රයිවෙට් කැම්පස් පටන් ගත්තු පලියට ගොඩ යාමකුත් නෑ ඒවායේ කොලිටි එකක් තියෙන්න ඕන කියලා. මෙන්න මෙහෙ ම නම් කිව්වා පොරක්.
Delete// හැමදාම කියනවා ප්‍රයිවට කැම්පස් පටන් ගන්නවා කියලා. ඒත් ඒක ක්‍රියාවට නගන්න එකෙක්ට කොන්දක් නෑ.. //
දැන් ඒ පෝරම ඇවිත් කියනවා // ඒ කැම්පස් හොඳයි ඒ කැම්පස් හොඳයි කොල්ලන්ට බඩු ගහන්නයි කුඩු ගහන්නයි. කෙල්ලන්ට පෙට්ටි කඩා ගන්නයි.... //
දැන් මෙහෙම කියන්න මාතලන්. Infomatics කියන්නේ "කොල්ලන්ට බඩු ගහන්නයි කුඩු ගහන්නයි. කෙල්ලන්ට පෙට්ටි කඩා ගන්නයි.." විතරක් හොඳ කැම්පස් එකක් ද? මම පස්සේ කියපු AOD, Raffles IOC එහෙම **පොඩ්ඩකට** අමතක කරමු. මුලින් කියපු එක ගනිමු උඹට වැඩේ තව ලේසි වෙන්න.
ඔව් හරි නැහැ හරි කියපන්.
// අපි නොදන්න ඇපිට්.. මගේ යාළුවෙක්ගේ දරුවා එතනින් අයින් කරල මැලේසියාවේ යවනවා හෙට අනිද්දට... //
Deleteමම නෙවෙයි බන් APIIT කිව්වේ සිංහයා. :-)))))
උඹල අක්ක මැඩම්ට මගේ ගානේ මේ සැලියුට් එක ගහපං.. මාත් ගියේ එයාගේ පාරේ තමයි. ඇයි කොම්පීටර් ගැන ඉගෙන ගන්න ඒ කාලේ තව තිබ්බ තැනක් ලන්ඩන් ටෙක් කියලා දැන් නැද්ද මංදා..
ReplyDeleteඋසස් පෙළ කරන කාලේ කියල දෙන්න කවුරුවත්ම හිටියේ නෑ. හිතුමතේ පිස්සු කෙළලා අන්තිමට දෙපාරක්ම කෙලව ගත්තා.. කරුමෙට පෙර පිනක් තිබිලා නේවි යන්න හම්බුනායින් ගොඩ ගියා. නැත්නම් කොහෙ නතර වෙයිද මංදා..
ලන්ඩන් ටෙක් එකත් තිබ්බ තමා. අපේ කාලෙ යුද්දෙවත් තිබ්බ.දැන් ඒලෙවල් විතරක් නෙමේ ඕලෙවල් වලින් හැලෙන උන්ටත් ජොබ් දෙන්න ක්‍රම නෑනෙ. ටෙක්නිකල් කොලේජස් වල පන්ති වේලෙනවලු ලමයි නැතුව. යන්න, කොල්ලො කෙල්ලො දැනගන්න එපාය ඒවගේ ඉස්සරහට තීන වටිනාකම. ඒත් ඉතින් කවුද කියන්නෙ?
Deleteකොටිම්ම දැන් තීනව ලංකාවෙ පොරොෆෙෂන් එක්ස්පීරියන්ස් විතරක් තීන උන්ට ඩිප්ලෝම එකක් දෙන NVQ සිස්ටම් එකක්. ඒත් ඒක ගැන දන්නෙ කී දෙනාද!
මේක වෙන තැනක ඇනෝ කෙනෙක් දාපු එකක්. අදාලයි කියල හිතුන නිසා දානව. ඇත්තද මේ කියන කතාව?
ReplyDelete//අධ්‍යාපනික තත්වය ,විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පරියේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් පහතටම වැටී තිබේ.
2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විස්ටර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.
ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානයි.
අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි ( උපුටා ගැනීම http://www.webometrics.info/top100_continent.asp?cont=s_asia ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ( Open University of Sri Lanka ) ඉතාමත් පහල 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහලින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහලට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන්නේ මේ සඳහා එක ප්‍රධාන හේතුවක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේදී සුදුසුකම් නොව ඥාති සබඳතා , මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ වියාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය සීග්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි//
ලින්ක් එකක් දැම්මා නම් නරකද? :P
Deleteනරි මොටා, ඕක තමා තිත්ත ඇත්ත. ලංකාවෙ යුනි වල රිසච් පේපර්ස් පබ්ලිෂ් කරනවට වඩා වෙන්නෙ පොලිටිකල් පේපර්ස් පබ්ලිෂ් කරන එක. බෝම ස්තූතියි ඕක මෙතන ගෙනත් ඇලෙව්වට.
Deleteකුමාරිහාමි, ඇයි අර උඩිම්ම පෝස්ට් එකේ තීන්න්නෙ බැබලි බැබලි ලින්ක් එකක් :P
http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank
Deleteකුමාරිහාමි මින් පස්සෙ ලින්ක් එකක් ඉල්ලනකොට හරියට ස්පෙcඉෆිකලි කියන්න. පේනවනෙ වෙච්චි වැඩේ :P
DeleteThanks MKL!
//රජයේ විශ්වවිද්යාලවලට උසස්පෙළ ඉහලම ලකුණු හිමි කිහිප දහසක් නොමිලේ බඳවා ගන්න විට, ඒ අවස්ථාව අහිමිවන තවත් දක්ෂයින් සිය දහස් ගණනකට, මුදල් ගෙවා හෝ ඒ විශ්ව විද්යාල වලම ඉගෙනුමට අවස්ථාව සලසා දිය යුතුයැයි අප කියන්නෙ මේ නිසාය.//
ReplyDeleteමේ වගේ අවස්තාවක නම් දේශපාලන, හිතවත්කම්, නෑකම් වගේ බලපෑම්වලින් තොරව, ලකුණු හා දක්ෂකම් මතම එය සිදුවිය යුතුයි.
//මෙයට විකල්පය වනුයේ, ඉතා පැහැදිලි නියාමන ආයතනයක් මගින් පාළනය වන හොඳ පුද්ගලික අධ්යාපන ආයතන වලට ඉඩ දීම හෝ, රජයේ විශ්වවිද්යාල වල පාඨමාලා යාවත්කාලීන කොට, රැකියා සඳහා සුදුසු පරිදි නව පාඨමාල ඇතිකොට, උසස්පෙල සමත්, කඩයිම් ලකුණු නිසා විශ්ව විද්යාල වරම් නොලබන දුවා දරුන්වටත් ඒවා මුදලට හෝ විවෘත කර දීමයි.//
දැනට කල හැකි එකම දේ මෙයයි.
ලිපිය කියවාගෙන යද්දි, තවත් වැදගත් ප්රශ්නයක් ඔලුවට ආවා...
"අප මුලාකිරීමට සමත්වූ" :O
කුමාරිහාමි, දැනට තියෙන z-ස්කෝ එක අනුවම ගන්න පුලුවන්නෙ. වැඩිම අයට නික, ඊට පස්සෙ අයට සහන මිළ, යන්තන් පාස් අයට මුළු මුදලම. එතකොට දක්ෂයට තැනත් තීනව, අනෙකට තැනත් තීනව.
Deleteමුලා කරනව නෙමේ නම් ඔය කරන එකට කියන වෙන වචනයක් කියමු බලන්න?
පුටුවකට මරාගන්න සීන් එක පස්සෙ මීටර් වුනේ.
ReplyDelete“සිහසුනට තරඟ වැද“
ඕක අර තිසරයගෙ වචනයක්. මාත් ඉස්සුව :D
Deleteඑල සංවාදයක්. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල කිව්වට කවදාවත් වෙන්නෙත් නෑ. මාතලන් උඩින් කිව්ව වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මේ වැඩේ සිදුවෙන්නෙත් නෑ. ප්‍රොෆයිල් ඇනෝ කියල තියන විදියට යම් මට්ටමකින් පෞවිවි තිබුනත් සමාජයට දැනෙන ගානට ඇවිල්ල නෑ. ඒක පිලිගන්න වෙනව. ඒකයි මෙහේ එවුනුත් නේපාලෙ බංග ගිහිල්ල ඉගනගන්නෙ.
ReplyDeleteඔව්, තීන පෞ.වි.වි වල හොඳ ඒව ගාණ අන්තිම ඉහලයි. ඒවට ගෙවන්න සල්ලි තීන උන් යනව. එච්චර සල්ලිත් නැති, ඒ ලෙවලුත් පාස් අතරමැදත් සෙට් එකක් ඉන්නවනෙ. ඒ අය අනාතයි!
Deleteමේව ගැන සංවාද සිදුවෙන්න ඕන කාලෙ, වෙන්නෙ වෙන සංවදනෙ බං.
//මා සහ දුමී උසස්පෙළ කල මීට වසර 22 පෙර යුගයේ උසස් පෙළට//
ReplyDeleteආපෝ බලන් ගියාම විචාට වැඩිය පොඩ්ඩනේ පොඩි ............. අධ්‍යාපනේ අධ්‍යාපනේ ගාන්නේ ලංකාවේ එහෙම එකක් තියෙනවදබන් (මේ චමින්ද කෙනෙක් පොස්ට් එකක් දාලා පොස්ට් එක මොකද්ද කොමෙන්ට් මොකද්ද කියලා හොයාගන්න බැ )
//ආපෝ බලන් ගියාම විචාට වැඩිය පොඩ්ඩනේ පොඩි//
Deleteඋඹට වැඩියත් පොඩ්ඩයි පොඩි!
මැළේ, රාජ් කියන කතාව හරිනෙ බං. වයසට ගියාම උඹලට ඔහොම අවුල් වෙනව කියල ප්‍රසිද්දියෙ කියන එක අවුලක් නැද්ද?
Deleteමැලේ රාළ කවුද කියලා මම පෙන්නුවනෙ රාජ්...දැක්කනෙ...අපේ සීයා කියලා කියන්න පුලුවන්...
Deleteඅනිවා අයියේ! කරන්න ඕනේ මෙහෙම දේවල් තමයි! නිදහස් අධ්‍යාපනය රැකගැනීම වගේම හැමෝටම අධ්‍යාපනය ලබා ගැනීමේ නිදහස ලබා දීමත් විය යුතුයි.
ReplyDeleteඔව්, නාඩි දැකක්කනෙ ලෝකෙ වටේ වැඩේ යන විදිහ.
Deleteමේ වගේ ලිපි පල කරන එක වැදගත්. කොමෙන්ට් වලිනුත් ගොඩක් දේවල් දන ගන්න පුළුවන් හොඳ සංවාදයක් යනවා.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16776-2015-04-29-21-47-44
වටින කතා ටික...
ReplyDeleteආවනං ඉතිං මොනවා හරි කියන්ට එපෑ...
ඔන්න මං ඉස්ඉස්සෙල්ලම කියලා ගියා ඉස්කොලෙන් පැන්නට පස්සේ මොනවා හරි ඉගෙනගන්ට හිතලා ඔරුගොඩවත්තේ අධුනිකත්ව මණඩොලේ ඉන්ටැවීව්... විෂය මෝටර් කාර්මික ශිල්පය... මං මජං එක්ක බත් කන්න පුරුදු උනේ අවුරුදු දාහතරෙ විතර ඉදලා හින්දාත්... මජං එක්ක ජීවිතේ පටන් ගැනිල්ල මට වඩාත් අල්ලලා යන එකක් කියලා හිතුව හින්දත් ඔන්න බොහෝම කැමැත්තෙන් ගියා ඒකට...
හුකා.. ඉන්ටවීව් එකේ අහපු ප්‍රශ්නයි ලියන්න දුන්න මොකක්ද එකටයි වැඩ්ඩා වගේ ලියලා උත්තර දීලා අන්තිමේට මුංගේ අවධානය යොමු උනේ ඉස්කෝලේ නමටයි... ඕ ලෙවල් ප්‍රතිඵලේටයි...
“ඇයි ඔයා නාලන්දේ ඉගෙනගෙන මේ කෝස් එකක් කරන්න හදන්නේ..? අනික මේ ප්‍රතිළුල වලට මෙයිට වඩා දෙයක් කරන්න පුළුවන්නේ..?“ දීහංකෝ උත්තර... දන්න සිංහලෙන් කිව්වා මෙයින් එහාට ඉගෙනීමක් කියලා දෙයක් ගන්න තමා මේ එන්න හදන්නේ සහ ඉගෙනගත්ත ඉස්කෝලේ කෙසේ වෙතත් මට යන්න ආස පාරත් මේකයි... අනික මෙයිට වඩා ලොකු සිල්ප දක්වන්න තරං අපේ පවුලේ ආර්ථිකේ ලොකු නැහැ කියන එකත්...
“හරි අපි ඔයාට දඤ්ඤඤ්ඤං“
අදටත් දැන්නුව එකක් නැහැ... ඔන්න එකක්...
ඉස්කෝලෙන් අහක් වෙලා හරියටම අවුරුදු දහ අටකට පස්සේ ඔන්න ආයෙම මං විදිමත් විදියට යමක් ඉගෙන ගන්න කියලා යනවා ප්‍රයිවෙට් හොටැල් ඉස්කූල් එහෙකට...
දුක තමා.. හොටැල් ඉස්කූල් එක ඇවිල්ලා මං ඉගෙන ගත්ත ඉස්කෝලේ ගේට්ටුව ගාවම තියෙන එකක්... මං ඉස්කොලෙන් අහක් වෙන කාලෙත් මේක මෙතැනම තිබුනා... ඒත් මේකට යන්න මොන වගේ සුදුසුකංද ඕන කියලවත් මේ පැත්තෙන් යන්න ගත්තනං කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලවත් ඒ කාලේ කියා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ.. මං ඉතිං ඒ කෝස් එක අහවර කොරලා හිටිය විස්සක විතර කණ්ඩායමෙන් හොඳම එකා හැටියට ගන්න තියෙන ලොකුම සහතිකෙත් අරං එළියට යන දවසේ ඩිරෙක්ටර් ගොයියට කියලා ආවා..
“සෑර් නිකං ඉන්නවට පත්තර දැන්වීම් දානවට වඩා.. ඕලෙවල් අන්තිම වෙද්දි හරි ඒ ලෙවෙල් අන්තිම වෙද්දි හරි ඔය ගේට්ටුවෙන් එහා පේන්න තියෙන ඉස්කෝලේ ඇතුලට කෝස් ගැන විස්තරයි ඒවට අය කරන ගණනුයි දාලා හෑන්ඩ් බිල් සීයක් යවන්න කියලා.. සෑර්ට ඇඩ් දාන්න යන වියදමෙන් දහයෙන් එකක් යන්නේ නැතිව එයිට වඩා කට්ටිය හොයා ගතෑකි සහ මං වගේ උන් අවුරුදු දහ අටක් පරක්කු වෙලා මේවට එන්නේ නැතිව ගමනක් යන්න පුළුවන් වයසකදී එයි“ කියලා... වෙන මක්කා කියන්නද..?
ඔය ඇවිල්ලා මගේ අත්දැකීම්...
පිස්සු කෙලලා පිස්සු කෙලලා මැත්ස් කරපු හිංදා ජීවිතේ ගොඩ දා ගන්න බඩගාන කෙනෙක් විදිහට හොඳට දැනෙන පෝස්ට් එකක්.ඒ ලෙවල් ශයි දෙකක් කරලා ටෙක් එකේ QS ෆුල් ටයිම් කෝස් එක කළා.නියම කෝස් එකක්.ඒක ඉවර වෙලා ජොබකට ගියා විතරයි TTI සෙට් උනා.ජීවිතේ එහෙමම වෙනස් උනා.ට්‍රේනිං කාලෙ ඉඳංම සර්වේ පැත්තට සෙට් වෙලා අද වෙනකොට ප්‍රමුඛ ව්‍යාපෘති කීපයකටම දායක වෙලා සංතෝසෙන් ඉන්නවා.එකම අවුල ඩිප් එකෙන් එහාට යන්න පාත් එකක් නෑ.ඕපන් එකේ සිවිල් ඩිග්‍රිය තමා කරනවා නම්.ඒත් ඒක කරනව කියන්නෙ කටු ඉඹුලෙ නඟිනවා වගේ ජීවත් වෙන්න වෙන්නෙ.දැං කල්පනාව කොහෙ හරි රටකට ගිහින් සල්ලි දීල වත් කොලේ ගන්න.මොකද ඔය කොලෙන් සෑහෙන වෙනසක් ඇති කරලා තියෙනවා.ඒ කොලේ වටිනවා.
ReplyDeleteලිපියේ අන්තර්ගතය සමග තරයේ එකඟයි. උ/පෙ කරන කාලෙ අපේ අතිරේක පන්ති කරපු ගුරුවරු විශ්ව විද්‍යාලයෙන් තොර ලොවක් නෑ කියලා තමයි අපිට පෙන්වලා තිබුනෙ. විශ්ව විද්‍යාල කඩඉම ලගටම ඇවිත් Z Score දශම දෙකක අඩුපාඩුවකින් ආපහු හැරෙන්න උනාම මම පුුදුම විදියට දුක් උනේ උන්ගෙ ඒ බයිලා බොක්කටම ගිලපු නිසා. අපේ සෙට් එකේ 4 දෙනෙක් හිටියා. කැම්පස් ගියේ එකෙක් විතරයි. අනිත් උන් දෙන්නා උපාධිදාරී ගෑණු හොයාගත්තා. එක්කෙනෙක් ඩොකෙක්...උන් එතනට ආවෙ උ/පෙ වලින් පස්සෙ ගිය ගමන් මාර්ගය නිසයි. අපේ 4 සෙට් එකේ ආර්ථක තත්වය අතින් අද පහළින්ම ඉන්නෙ අර කැම්පස් ගිය එකාම තමයි. ඒකා අන්තිමට ආණ්ඩුවට පෝස්ටර් අලවලා යන්තං රජයේ ජොබ් කට්ටකට පැනගත්තා.
ReplyDeleteකතාව සෑහෙන්න දුර ඇත්ත. අපි ඒ ලෙවල් වලට බයෝ කලේ මාරම බයකින්. කැම්පස් යන්න නොලැබුනොත් බයෝ කරපු උන් විනාසයි. ප්ලෑන් බී එකක් ගැන කතාවකුත් නැහැ.
ReplyDeleteඒ වගේම තමයි අදටත් අපේ සමහර විශාල කර්මාන්තයන් වලට අවශ්‍ය උපාධි හරිම දුලබයි. ප්ලාස්ටික් සහ රබර් අංශ ගත්තම ගොඩක් රස්සා තියෙනවා, හැබැයි නව දැනුම ගන්න තියෙන අවස්ථා සීමිතයි. අන්න ඒකට ඉන්දියාව.
සිංහය නිදිද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete