Tuesday, February 11, 2014

කිම්බ (ර්) යනු කුනුහරුපයක් නොවේ.....!


 
එක දිගටම සැහැල්ලුවෙ "බර කතා"  ගිය නිසා පොඩි සැහැල්ලු කතාවක් ලියන්න හිතුව. මේකත් අපේ ලොකු උන්දැ නොහොත් ලොකු බාහුගෙ තවත් ඉල ඇදෙන ස්ටෝරියක්.

මිනිහ ඉඳ හිට ඔහොම හොඳ කතා කියනව. දැන් අය්ය එක්ක මල්ලිත් සෙට් වෙලා තත්වෙ තවත් දරුණුයි.

ඒ ගොල්ලො අහන සමහර ප්‍රශ්ණ සහ කියන කතා වලට අපිට තමයි කට උත්තර නැති වෙන්නෙ.

දවසක් මම ලොකු බාහුට කියල දුන්න ඔය කොන්ක්‍රීට් පම්ප් වල මොනා හරි තාක්ෂනික කරුණක් ගැන. එයාට අමතක වෙලා ආයි දවසක් ඒ සිද්ධියම දැකල මගෙන් ඇහුව "තාත්තෙ ඇයි එක එහෙම වෙන්නෙ" කියල.

ඉන් පස්සෙ උන දෙබස් ටික තමයි මේ..

මම - ඇයි පුතේ එදත් මම ඔයාට කියල දුන්නනනෙ ඕකම මතකද අර අපේ ගේ ගාව බිල්ඩින් එකට කොන්ක්‍රීට් දාන්න ආපු දවසෙ?

බාහු - ඒ උනාට මතක නෑ, තාත්ත ආයි කියන්න.

මම - එහෙම බෑ, ළමයි උනාම මතක තියාගෙන ඉන්න ඔනෙ. දැන් බලන්න තාත්තට මතකයි ඔයාට කියල දුන්න කියල, ඒත් ඔයාට මතක නෑ ඒ කියපු දේ!

බාහු - ඉතින් තාත්ත ලොකුයිනෙ, මම තාම ග්‍රේඩ් වන් නෙ

මම - එහෙම නෑ, අපිත් ග්‍රේඩ් වන් ඉන්නකොට ඔය වගේ දේවල් කියල දුන්නම එකපාර මතක තියා ගන්නව. මතක නැත්තං කොහෙද ඉස්කෝලෙ වැඩ කරගන්නෙ.

බාහු - ඉතිං තාත්ත වෙනස්, අය්ය වෙනස්නෙ ( එයා අය්යා නිසා තමාව හඳුන්වාගන්නේ අය්යා කියලයි ).

මම ( තරමක කුතුහලයකින් ) - ඒ මොකද ඒ වෙනස්?

බාහු -  ඇයි තාත්ත ඉපදුනේ ආච්චිගෙ බඩෙන්, අය්ය ඉපදුනේ අම්මගෙ බඩෙන්. ඉතින් කොහොමද එක වගේ වෙන්නෙ?

මම - ( හිනාව කට පුරවාගෙන කහිමින් ) හ්ම් හ්ම්



මෙන්න ඊළඟ කතාව,

බාහු ඉස්කෝලෙ නර්සරි එකෙන් ප්‍රයිමරි එකට ගියාම ඉස්සර හිටපු ළමයි වෙනස් වෙලා අලුත් ළමයි කට්ටියක් එක්ක තමයි වැටිල තිබුනෙ. ඉතින් ඒ ළමයි මොන රටවලද කියල පුතාට නොතෙරුන නිසා නමෙන් හොයා ගන්න මම උදව් උනා වගේම අපේ වැඩේ සෑහෙන්න හරි ගියා.

පුතා නමයි පෙනුමයි කිව්වම මම රට කියනව.

ඇලෙක්සිස් කියන්නෙ ග්‍රීක් කීවට සයිප්‍රස්, ඒත් ආසන්න වශයෙන් හරි. මාරියෝ කිව්වම මම කිව්ව ඒ පිලිපීන් වෙන්නැති කියල හරි. වැරදුනේ ඩිඈන් කියන නම විතරයි, මොකද එයා ඩිඈන් ඩි සිල්ව :D

කොහොම හරි ඔහොම ගිහින් ටික දවසකින් ඔය පන්තියෙම ඉන්න තවත් ලංකාවෙ ළමයෙක්ගෙ අම්මල තාත්තල අපේ ගෙදර ඇවිත් අනෙක් කතා අස්සෙ පන්තියෙ ළමයි ගැනත් කතා උනා.

මේ වෙලාවෙ පුතත් හිටිය එයාගෙ යාළුවත් හිටිය අපි එක්කම. ඔතනදි අර ඉන්න ළමයින්ගෙ ජාතිකත්ව ගැන කියද්දි අපේ හමිනේ ඉඳන් කිව්ව "මෙන්න මේ දෙන්න එකතුවෙලා ඔක්කොම ළමයින්ගෙ රටවල් හොයාගෙන තිබ්බ" වගේ කතාවක්.

අම්ම එක කියනවත් එක්කම වගේ එක පාරම අපේ බාහු..

ආ මට අමතක උනානෙ තාත්තෙ අහන්න... තාත්ත දන්නවද කිම්බ මොන රටේද කියල?”

මහා හය්යෙන් කතා කර කර උන්නු අපේ සභාව නිකං හිරෝශීමා බෝම්බෙට පස්සෙ වගේ නිෂ්චල උනා..!

ඕගොල්ලන්ටත් හිතා ගන්න අමාරුද පොඩ් එකගෙ ප්‍රශ්නෙට උත්තරේ? එහෙනං මෙන්න පහලට ගිහින් බලල මොන රටේ වෙන්නැතිද කියල කියල යන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 .
.
.
.
.
.
.
.
.


ගෑණු දරුවෙක් නිසා සම්පූර්ණ පින්තූරෙ දාන්න වෙන්නෙ නෑ )


බාහුගෙ පරන කතා

සිංහ බාහුගේ සිංහටෝක්!


පුතා තාත්තාට පැම්පර්ඇන්දවූ හැටි!




ප/ලි

රාජ් ගෙ අදහසක් උපුටගෙන මාතෘකාව වෙනස් කරා. හේතුව අගත අනගත ජහමන හිතසුව පිණිසය ( හිට්ස් වැඩිකරගන්න නොවේ :D )

78 comments:

  1. ස්කැනේඩියානු රටක නමක් වත්ද?
    පොඩි අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම නම් වෙලාවකට පිස්සු හැදෙනවා

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. පිස්සු හැදිල ඒ උඩට ආයිම හැදෙනව. රට වැරදියි.

      Delete
  2. Kimberly කියලා නම් යුරපියන් නමක් තියෙනවා. වැඩේ ඒක අපිට කුණුහබ්බයක් වුනාට වෙනකාටවත් එහෙම නැබැනේ. ඇයි බං සුද්දෝ ඕන තරම් ඉන්නේ ඩික් (Dick) කියලා. :D

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් ඕක පරිවතනය කරලම කිව්වනේ wooden c..... කියලා මෙහෙ කෙල්ලෙකුට. Gay කියලා නම තියන අයත් ඉන්නවා. ලංකාවේ කෙල්ලෝ ඉන්නවනේ අයෝනි කියලා.

      Delete
    2. Kimberly කියලා Negombo හොටෙල් එකක් තියෙනවා, මුලින් ඔය හොටෙල් එකත් එක්ක කාර්යාලීය කටයුතු කරද්දී මට ප්‍රසිද්දියේ ඔය නම කියන්න නිකන් මොකක්ද වගේ හිතුනා නිසා මම ඒකෙ පරණ නමම ලගක් වෙනකන්ම පාවිච්චි කළා කැම්ලොට් බීච් කියලා .. ඒත් දැන්නම් කට ඇරලා කියනවා කිම්බරි කියලම ..මොන එහෙකට ඒ නම දැම්මද මන්දා ..:D

      Delete
    3. අයෝනි නම් මොනාද බං...යෝනිකා කියල නම තියෙන කෙල්ලොත් ඉන්න කොට...විහිලු නෙවේ...මගුල් ෆොටෝ එකත් එක්ක පත්තරේම දාල තිබ්බා...
      අනෙක ඉතිං.... තිසර කිව්වහම මතක් වෙන්නේ මොනාද බං?? ;)

      Delete
    4. හෙන්‍රි,

      කිම්බර්ලි කියන්නෙ මම හිතන්නෙ ලෝකෙ ප්‍රසිද්ධම දියමන්ති ආකරය. අපේ කම්පනි එකේ ඉන්නව ඉන්දියන් කාරයෙක් හාර්ඩික් අපි ඌට කියන්නෙ සොෆ්ට් ඩික්.

      තිසර,

      ගේ නම තීන අය මටත් හම්බුවෙලා තීනව. අයෝනි කියන නම වගේ ෂුක්‍රලිංගම්, ලිංගරත්නම් වගෙ දෙමළ නම්?

      චමී,

      එක්කො අර තිසර කිව්ව වගෙ නම සිංහලේට පරිවර්ථනය කරල කියන්න කිය්න්න Kimberly ලැජ්ජමනම්.

      Pra Jay,

      correct!



      අයාල් සිත්,

      එහෙනං ඒ උකුණෙක් හරි ඉණිකුනෙක් හරි වෙන්නැති!

      Delete
  3. Edillor කියන්නෙ පිනේ (පිලීපයින්) surname එකක්.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්න ජයග්‍රහකයා.... ( දැන් ඒ එෆෙයාර් එක ඉවරද තාම තීනවද )

      //පිනේ // ද පිනායි ද?

      Delete
    2. කොයි එෆෙයාර් එක ගැනද ඔය අහන්නෙ.? ;-)

      අරක පිනායි තමා නේද? මං මෙච්චර කල් හිතා‍ගෙන හිටියෙ පිනේ කියලා.. උඹ කිවුව නිසා පොඩ්ඩක් ගූගල් සර්ච් පාරක් දැම්මා.. පිනායි කියන්නෙ feminine term එකලු, පිරිමින්ට කියන්නෙ පිනෝයි කියලලු.. ඔන්න බලහං ඉතිං හැමදාම අලුතෙන් දෙයක් ඉගෙනගන්ට තියෙනවනෙ.. තැන්කූ උඹට!

      Delete
  4. ඉස්සර අපිත් කිව්වා රජ මකුනෙක් උඩ ලොකු ජෝගුවක් කියලා. බලාගෙන යනකොට මේක ඇත්තම නමක් නිසා මොනවා කරන්නද.

    ReplyDelete
    Replies
    1. අපිත් ඔහොම අපේ තාත්ත මගේ බෙල්ල, බෙන් රජාට 7/22 වගේ පෙරළි කරා :D

      Delete
  5. පිලිපීන් / පෙරුවියන් /ලතින් ඇමරිකන් වගේ මූණක් !!

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම එක ජාතියෙ පොම් මූණු තමයි - උත්තරේ පිළි.

      Delete
  6. මොන රටේ උනත් කිම්බ කිම්බමනේ බං.
    ෆොටෝ එක නම් රතු ඉන්දියන් කාරයෙක්ගේ වගේ.

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ඔන්න බුරා හොයාගෙන හරියටම.

      Delete
  7. අනිවා පිලිපීන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් මාලු කාපු ජයග්‍රාහකයෙක්..

      Delete
  8. හොඳ ඉංග්‍රීසි නමක් වගේ. 'කිම්බර්' කියන එකේ තේරුම "cyneburga's royal forest, meadow" ලු. :)

    ReplyDelete
    Replies
    1. ඔය්ට වඩා හොඳ එව්ව එනව Kimber කියල ගූගල් කරාම. මෙන්න දෙක තුනක්

      Kimber America | Fine 1911 Pistols and Rifles

      Kimber Manufacturing - Wikipedia, the free encyclopedia

      Kimber Kable

      Yoga with Kimber

      :D :D

      Delete
  9. ඔය අපේ ගෙදරත් ඔය වයසෙම බඩ්ඩක් ඉන්නේ , අම්මෝ හරි අමාරුවෙං මං ඔලුව බේරගන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අප්ප වගෙම නැතෙයි :D

      Delete
  10. උඹ මගුලක් කතා කරනවා.. මම ඊශ්‍රායලයට ගිය වෙලාවේ. එයාපෝට් එකට ඇවිත් හිටියා කොල්ලෙක් මාව ගෙනියන්න.. ඌගේ නම "යෝනී".... මට මැරෙන්න හිනා ගියා..

    ඊට පස්සෙ දෙන්නා එක්ක කාර් එක ගාවට ගිහින් මම නගින්න ගියා ඩැයිවර් සීට් එකට.. ඌට මැරෙන්න හිනා (එහෙ වාහන එළවන්නේ අනිත් පැත්තෙන්නේ..)

    මේන් මේ සින්දුවත් බලපන්..

    http://www.youtube.com/watch?v=lQsQqOlPjhs

    ReplyDelete
    Replies
    1. කොහොමද අර අපේ හාර්ඩික් එක්ක යන්න ඔය යෝනි ආවනං?

      ඔය සින්දුව මාත් දැක්ක එෆ් බී එකේ. මා ගාව තීන තව මේ වගේ මෙහෙදි දැකපු නොයෙක් අරුම නම් වල පින්තූර එක්ක පෝස්ට් එකක් ඊලඟට දාන්නයි ඉන්නෙ.

      Delete
  11. කිම්බ - සම්පුර්ණයෙන් සිරි ලාංකිකයි...

    බාහු- වික්‍රම බාහු වගේ වෙයිද ?? :))

    ReplyDelete
    Replies
    1. නෑ මේකව මහින්ද රාජපක්ෂ වගේ කරන්න තමයි ට්‍රයි එක.

      Delete
  12. පෙනුම නම් පිලිපීන් වගේ

    ReplyDelete
    Replies
    1. මෙයා කොහොමද මෙව්ව දන්නෙ? අර වෙස්ටර්න් යුනියන් එකෙන් සල්ලි අරන් ෆිල්ම් පෙන්න අයවත් ඉන්නවද උඹෙ එෆ් බී එකේ?

      Delete
  13. අනේ මංද එක්කො අප්‍රිකාවෙ නැත්තං ලතිං ඇමරිකාව පැත්තෙ... මොනා උනත් ලංකාවෙ කව්රුත් ආසාවට වත් ඔය ජාතියෙ නමක් නං දාන් නැති වෙයි

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ අපේ අම්මල දැන් දැන් දාන නම් එක්ක බැලුවම!

      Delete
  14. මට නං මේකෙ වැඩියෙන්ම හිනායන කෑල්ල තමයි මේ,
    //අපිත් ග්‍රේඩ් වන් ඉන්නකොට ඔය වගේ දේවල්......//

    කිම්බ යනු කුනුහරුපයක් නොවේ කියල මේකට ඉදිරියේදි ලින්ක් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැම්ම බැහැ. මේ අසබ්ය වචන බ්ලොග් පාරිභාෂික වචන මාලාවට අනුමත කරන උන්නැහේ හීතල කලුකුන් වෙලා. ටික දවසකින් එයි. එතකොට ඉදිරිපත් කරලා බලන්න.

      Delete
    2. රාජ්,

      ඔබේ හඬට මගේ ඉඩ. දැක්කනෙ ටොපික් එක :)

      මහ සොහොන්,

      බ්ලොග් ලෝකෙම මෙව්ව වෙලා ගිහින් අප්ප ඒ කමෙන්ට්ස් වෝල් එක නැතුව.

      Delete
  15. අපේ පැත්තේ තියෙනවා බනිස මැදිං කපල ඒකට එළවලු පේස්ට් එක දාප් බනිසක්. අපි කියන්නේ කිම් බනිස් කියල ඒකට..

    ReplyDelete
    Replies
    1. කිම් තොපි කිම් බනිස් වලඳන්නේ?

      Delete
  16. ඒ ඒ රටවල් වල ඉන්නකොට ලංකාවෙ කුණුහරුප අමතක කරල ඉන්න එක තමයි වඩාම හොඳ. :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔය කිම්බගෙ ගැන පස්සෙ දවසක පුතා කියනව මෙහෙම "තාත්තෙ අද කිම්බ හොඳටම ඇඬුවනෙ" කියල. මට තනියම හිනා. හොඳ වෙලාවට අපි දෙන්න විතරයි වාහනේ උන්නෙ!

      Delete
  17. යකෝ කිම්බවල් නැති රටක් තිබෙනවද හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. හරියට යක්කු නැති රටවල් නෑ වගේ!

      Delete
  18. කිම්බ යනු භෞතික අකණ්ඩතාවයෙන් යුත් වස්තුවකි . එහි ඇති සිදුර මගින් ගොඩාක් කරියබාරයක් කරගන්න පුළුවන් (දන්නේ නැත්නම් විකිපීඩියා බලන්න ) එත් කවුරුත් නොදැකපු ජාතියේ කිබීත්තියෙනවා ඒවා සාමාන්‍ය අයට දකින්න ලැබෙන්නේ නැහැ මම නම් ඊයෙත් එහෙම එකක් දැක්කා ඔයාලට විස්වාස නැත්නම් මම මේ දැන් ඒ කිම්බත් එක්ක ඉදලා ෆොටෝ එකක් අරගෙන මෙතන දාන්නම් . ඒවා ඒ පින්තූර සයිලන්සර් සහන්ගෙන්ම විතරයි වෙන කොහෙවත් නැහැ . හැබැයි අහන්න එපා මම එහෙම කිබි දකින්නේ කොහොමද කියලා ඒ රහස් එලියට දෙන්න මට අවසර නැහැ. ලගදි මම සින්නක්කරේටම එහෙම කිම්බක් ගන්නවා එතකොට පින්තූර දාන්නම් එතකන් ඉවසන්න . ඉවසන්න බැරිනම් පුද්ගලිකව මට ඊමේල් එකක් දාන්න . නැත්නම් ස්කය්ප් එකෙන් එන්න. මෙහෙම කිබි තියෙනවා කියල විස්වාස නොකරන යට මම කියන්නේ මේවා නෙට් එකෙන් හොයලා තීරණයකට එන්න එපා ඔයාල නොදන්නා ඒවා ඕනේ තරම් තියෙනවා ඒවා නෙට් එකේ නැහැ සයිලන්සර් සහන්ගෙන්ම විතරයි හොදේ , ඔයාලගේ දැනුම මදි මේවා තේරුම් ගන්න .

    ReplyDelete
    Replies
    1. දැන් මේ විහිළුව නවත්තලා දාමු මචංලා...

      Delete
    2. දැන්වත් මේ මෝඩ අනාත කුකුලව අතහැරලා දාපල්ලා මචංලා. මේකාට මොකක්ද මන්දා ලෙඩක් තියෙනවලු විෂාදය කියලා රට ලෙඩක් . ඒකලු මේ අමුතු හැසිරීම පව් පොර චාටර් වුනා වැඩි . මිනිහට සයිලන්සර් කියන නම තමයි සෙට් වෙන්නේ සද්දේ විතරයි වැඩ නෑ (නෑ නෑ වැඩ තියෙනවා හොර වැඩ )

      Delete
    3. @Naleen Dilrukshaමම මෙතන විහිලු කලේ නැහැ නලින්. ඔයාට මම කියන එක තේරිලා නැහැ ආයේ කියවලා බලන්න , ඔන්න ඔයාට තේරුම් ගන්න හින්දම මම ආයෙත් පැහැදිලි කරනවා .

      කිබි ගැන උනන්දුවක් තියෙන ඕනෙම කෙනෙක් එවැනි අමුතු කිබි හෝ කිම්බේ බාහිර විස්තර ගැන හොයන්න පෙළඹෙනවා. එයට හේතුව තමයි කිම්බෙන් කිම්බට සැළසුම වෙනස් වෙන්න පුළුවන්. එක් සුළු වෙනසකින් කිම්බම විනාශවි යන්න පුළුවන්. ඒ නිසා එකම ක්ෂේත්රවයේ ඉන්න කෙනෙක් දැක්ක හැටියේ අහනවා

      අර කිම්බේ විස්තර කොහොමද .
      මම ඉකුවේ මෙහෙම.ඒක වැඩ කරද්දී රත් උනා ,
      කරගැට පිපිරුවා ,
      ඉක්මනින් ඕවර් හීට් වෙනවා ,
      කොච්චර කරත් වැඩක් නැහැ වගේ
      කිම්බ ඩිම් වෙනවා,
      සති කීපයකින් ලොකු වෙනවා ආදී වශයෙන්.

      මේ විදිහට හුවමාරු කරගන්න තොරතුරු පොත් පත් වල නැහැ. මේවට කියන්නේ වෘත්තීය අද්දැකීම්. වෘත්තීය අද්දැකීම් හුවමාරු කරගන්න KIM තියෙන්න ඕනෙත් නැහැ CEO PK කෙනෙක් වෙන්න/නොවෙන්න ඕනේ නැහැ. මම අර මුළින් කියපු සිඟිති ප්රනශ්න ක්රEමය මතකනේ.මෙතනත් වෙන්නේ ඒ දේ. එකම අරමුණ සයිලන්සර් සහන් ගැන වෛරයක් ඇති කිරීම පමණයි. අපි ඉතින් එවැනි දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ.

      Delete
    4. ඔබ කියන දේ මට කලිනුත් හොදින් පැහැදිලි වුණා. ඔහු අතින් වරදක් වුණා. එය අඩවි කීපයකින්ම එළිදරව්වුණා. ඉතින් තව දුරටත් කෙනෙක් පෙළන්න ඕන නැති බවයි මා කිව්වේ මිත්‍රයා.

      Delete
    5. ගහන්න ගහන්න වඳින එකත් වඳින්න වඳින්න ගහන එකත් දෙන්නම මෝඩයො කියනව නේද?

      Delete
  19. බාහු එළ කොල්ලෙක්නේ තාත්තා වගේම නැතෑ ඌත්........ජයවේවා පැටියෝ....

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් ඌ අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයැ! පේනවනෙ පච පත්තර කාරයන්ගෙ ගතිය ( හෝ හෝ නලිය මම...මේ මම )

      Delete
  20. ෂුවර් එකටම කිම්බ පිලිපීන්

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. කිම්බ පිළිපීන්ම තමයි.

      Delete
  21. කොලුවා ඒ ප්‍රශ්නය අහපු වෙලාවෙ උපශාන්න අයියගෙ මුහුණේ පොටෝ එකක් ගන්නවා මං එතන හිටිය නම්

    ReplyDelete
    Replies
    1. පොතෝ කෙසේ වෙතත් ඒක අහල එතන උන්නු ගෑණු එක්ක ඔයාටත් පාන්තිරේ වගේ ඇඹරෙන්න තිබ්බ හිටියනං.

      Delete
  22. මේ ඇත්තටම අපේ ප්‍රදේශය අවට තියන තැන් කිහිපයක්.

    කිම්බ (ර් )ලි කොටේජ්
    පයි ලේන්
    පකරිජ්....(ගමක් ) Puckeridge


    තව ගමක් තියෙනවා Ugly කියලා. ඒ ගමේ තියෙනවා Ugly Ladies Club කියලා එකක්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් උවමනාව තිබ්බා නම් "Ladies club of Ugly" කියා දා ගන්නට තිබුනි. ඒ වැඩි වැඩ නැතුව අරම දා ගත් Ugly ගමේ Ladies ලාගේ සෙන්ස් ඔෆ් හ්‍යුමර් එකට මගේ විප්ලවීය ආචාරය!!

      නවසීලන්තයේ තියනවා පලාත් Te Puke, Pukekohe, Pukeuri, Pukepoto කියලා. Pukeko කියලා කුරුල්ලෙකුත් ඉන්නවා.

      Delete
    2. මචං ඇනෝ... මම මේ රටේ අගය කරන්නේ සෙන්ස් ඔෆ් හියුමර් මොන තරම් ශාර්ප්ද කියලා හිතලා බැලුවාම. මම කළු සුද්දෙක් නෙමේ. ඒ අග්ලි ගමේ අය හැම තිස්සේම හම්බවුනාම කියන්නේ හිනාවෙවී......අග්ලි ගර්ල්ස් ලයික් ටු මීට් හැන්ඩ්සම් බෝයිස් ... කියලා. වයසක අයගේ මේ හියුමර් එක හරි රසවත්.. මම අහලා තියෙන විදිහට ශාර්පස්ට් හියුමර් ඊස් ඉන්ග්ලිශ් හියුමර්...මම වැරදි වෙන්න පුළුවන්.

      Delete
    3. Nope! U r 100% correct.. English humor is the best.. :)

      Delete
    4. English humor පට්ට තමයි අරූ මචන්. ඩග්ලස් ඇඩම්ස් මගේ favorite authors ල දෙන්න ගෙන් එකෙක්, මොන්ටි පයිතන් එහෙම කොහොමද පට්ට warped humor එකක් නේ තියෙන්නෙ පබ්ලික් ටීවී ෂෝ එකක් වෙලත්. අපේ රටක ආගමකට එහෙම විහිළු කරල ගියා නම් කොහොමද, චැනල් එක බිමට සමතලා වේවි.

      ඇමරිකන් ජෝක් වැඩි හරියක එක්කො ටියුබ්ලයිට් සිරා නැත්නම් මතුපිට විතරයි. ඉංග්ලිෂ් ඒවයි ලෙවල් දෙක තුනක ආතල් ගන්න පුලුවන්.

      ඉංග්ලිෂ් උන් මතුපිටින් කොච්චර සොෆ්ට්, කොසී ජීවිතේකට කැමති සාම්ප්‍රදායික උන්ද බලුවම හිතා ගන්න අමාරුයි ලෝකෙන් බාගෙක අධිරාජ්‍යයක් උන් කොහොම රන් කළා ද කියල....

      Delete
    5. ඇනෝ, නවසීලන්තයේ බහුලවම භාවිතා වන වචනයක් තමයි Puke. කොහේ ගියත් Puke තියනවා. මෞරි භාෂාවෙන් කන්ද / උස්බිම අර්ථයෙන්. නවසීලන්තයේ ප්‍රසිද්ධ දිය ඇල්ලක් තියනවා Huka Falls කියලා. මම දැක්කා Puke Bar එකකුත්. තව තියනවා Paihia. කියන්නේ 'පයියා' කියලා.

      Delete
    6. Aru, Buratheno, ඔය ගොල්ල වගේ නෙමේ මම එහෙ එක පාරකට ඉදල තියන වෑඩිම කාලය සති 3යි. හෑබෑයි English අය ආශ්‍රයෙන්/පොත් කියවීමෙන්/TV බෑලීමෙන් කියන්න පුලුවන් English humour is the best කියල. Subtle, understated and dead-pan. තමන්ටම හිනාවෙන්න හොද හෑකියාවක් තියනවා

      Hitchcock හෑමෝම දන්නවා. HSBC එකේ හිටිය Hiscockකියල එකෙක්. ඒ ගෑන හොද ජෝක්ස් තියනව

      Delete
    7. AnonymousFebruary 12, 2014 at 9:55 PM
      Try Tom Sharpe

      Delete
    8. මචංස්ලා.........දඩස් ගාලා එකක් කියන්නම්. මුන් කියන එව්වාගේ තුන් හතර පාරක් හිතන්න තියෙනවා..

      මට සමහර වෙලාවට හිතෙනවා ඇයි අපි හියුමරස් කමෙන්ට් එකක් දාලා හිනා මූණක් දාන්නේ කියලා. මම නම් එහෙම කරන්නේ වරදවා වටහා ගනියි කියලා බයට. අපි හියුමර් දන්නේ නැහැ බන්..හරි බොලඳයිද මන්දා :D

      Delete
    9. අරූ, සංවාදෙ බොහොම වැදගත් තැනකට ඇවිත් තීන්නෙ. අපේ උන්ගෙ තීන ලොකුම අවුල තමයි අපහාසය සහ උපහාසය අතර වෙනස තේරුන් නොගැනීම සහ උපහාසය විඳීමේ තීන අඩුව.

      ඇනෝ, Douglas Adams එක්ක සම කරන්න බැරි උනත් චන්ද්‍ර අනගිරත්න කියන්නෙ ලංකාවෙ මම දකින හොඳම humourist කෙනෙක්.

      අරූ, , ඔය හ්‍යුමරස් කමෙන්ට් එහෙට හිනා මූනක් දාන එකත් අර උපහාසයක හිනා වෙන්න ඕන කොතනටද කියල ඇඟිල්ලෙන් ඇනල පෙන්න එක තරම්ම එම්බරසින් දෙයක්.

      උඩ බුරාගෙ මුල් කමෙන්ට් එකට මම කියපු දේ ඌ ගානට අරන් ඇඩ්‍රස් නැතිවෙන්න මට දීල තීන උත්තරේ මහා ලොකු දෙයක් නැතත් ටේස්ට් එක ගැන උදාහරණ. කරුමෙට එහෙම උංම තමා අඩු ( වැඩිපුර ඉන්නෙ විහිළු නොදන්න අංකල්ලනෙ )

      Delete
  23. කෙම්බ්ලී කියන නමනම් අහලා තියෙනවා ඕන තරම්.. මට නම් හිතෙන්නේ පිලිපීන් වගේ..

    ReplyDelete
    Replies
    1. කෙම්බර්ලිද කිම්බර්ලිද? Kimberly කියන එක ගැන නං උඩ කට්ටිය කියල තීනව.

      Delete
  24. ඇයි Carry on ! Carry on ! කිව්වම සමහරු බලන විදිය ...
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. සුද්ද carry my bags කිව්වම අලුත් පෝටර් හෝටලේට ආපු සුද්දට බැන බැන යනවලු "නැති බැරි කමට උන්ගෙ බෑග් උස්සන්නත් ඕන කුණුහරුප අහන්නත් ඕන" කියල.

      Delete
  25. කිම්බර්ලි යන නම නම් අසා තිබේ....මම පහ වසරේදි ඔය වගේ දෙමාපිය සභාවක් මැද...අම්මේ ගණිකාව කියන්නෙ කවුද ? කියලා අම්මගෙන් අහපු වෙලෙත් මෙහෙම තමයි...සභාව මීයට පිම්බා...

    ReplyDelete
    Replies
    1. සිරා කතාවක්නෙ අහල තීන්නෙ. ඒ කියන්නෙ ගණන් කරන කෙනාගෙ නෝන නේද?

      Delete
  26. බාහු කියන්නෙ පොඩි බබාගෙ නමෙන් කොටහක් ද ? පොඩි අය ඉස්සර වගේ නෙමේ හරි විමසිලිමත්, ප්‍රශ්න අහනවත් වැඩී. නියම බබෙක් නේ හැබෑට

    ReplyDelete
    Replies
    1. මම සිංහයා, ලොක්ක ලොකු බාහු ( ඉස්සර තනි සිංහ බාහු ) පොඩ්ඩ පොඩි බාහු, නෝන සුප්පා ( වෙන්නෙ මම සුප් වෙන එකයි ඒ උනාට ).

      Delete
  27. වෙස්ට් ඉන්දීස් ක්‍රිකටර් කෙනෙක් ඉන්නවා නේද කැරියා කියලා :D

    Yannick Cariah
    http://www.espncricinfo.com/westindies/content/player/431902.html

    ReplyDelete
    Replies
    1. කොහොමද "කැරියා" මහත්තයට මැච් එහෙකදි "කැරි ඕන් කැරියා" කිව්වම?

      Delete
    2. කැරියා උඩ පන්දුව අත හැරියා

      Delete
  28. උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. රහට ලියනවා. නැවත එන්නම්.ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වෙලක්ම් කිව්ව. මම හිතුවෙ මීට කලින් ඇවිත් ඇති කියල! ස්තූතියි අගයකිරීම ගැන. දිගටම වරෙන්.

      Delete
  29. මුල් නමෙන් විතරක් රට හොයන්න බෑ. අනික සංක්‍රමනික ජනතාවගේ නම් නිසා කොහොමටත් අමාරුයි.

    මෙන්න නම් ටිකක්, රට හොයන්න.

    Spater
    Steven
    Dudly
    Shelton
    John
    Solomon
    Percy

    දන්නවනේ කෂ්ටිය කවුද කියලා?

    ReplyDelete
    Replies
    1. Spater - Don Spater Senanayake
      Steven - Don Stephan Senanayake
      Dudley / Shelton - Dudley Shelton Senanayake
      John - John Kotelawela
      Solomon - Solomon West Ridgeway Dias Bandaranaike
      Percy - Percy Mahendra Rajapaksa

      Proud Sri Lankans !!! :P

      Delete

LinkWithin

Related Posts with Thumbnails