Thursday, October 9, 2014

නන්දා මාලනිය හරිද වැරදිද ( මාතලන්ට පිළිතුරක් )??

මාතලන් සහ කඳවුරේ ඇත්තනි,

මුලිම්ම කියන්න ඕන, මට නන්දගෙ ගැයුමත් මාතලන්ගෙ ලිවීමත් එකයි. පුද්ගලය වැඩක් නෑ, දක්ෂතාව සහ නිර්මාණය විතරයි වැදගත්. ඒත් මෙතන මේ වෙන දේට මැදිහත්වෙන්නෙ, මාතලන් කඳවුර මේ කරන්නෙ යම් දුෂ්කර කාලෙක සමාජෙ වැරදි අඩුපාඩු වෙනුවෙන් කෙනෙකු/කන්ඩායමක් නැගී සිටීමක් ඉතාම අවතක්සේරු කරන නිසා අන්න ඒ අසාධාරනයට විරුද්ධව විතරයි. මේ දේ මෙහෙමම වෙන්න ගියොත්, ඇයි නිකන් කතා අහන්නෙ කියල හැමදාම හැමෝම කට පුක වහන් ඉන්න එක තමා ප්‍රමෝට් වෙන්නෙ.

මාතලන්ලගෙ චෝදනාවෙ කරුණු තුනක් තියෙනව.

1. එදා නන්දා ( මම මේ කියන්නෙ නන්දා, සුනිල්, එච් එම් ඇතුළු පිරිස ) මිනිස්සුන්ගෙ ලේ කෝප වෙන විරෝධාකල්ප ගී කිව්ව.

2. ඒ කියපු සින්දු නිසා තරුණයොන්ගෙ ලේ කෝපවෙලා අරගල වලට පැටළුනා.

3. නන්දල ඒ අරගල වැඩි වෙනකොට දිවි බේර ගන්න පැනල ගියා, කොල්ලො බිලි දීල.

4. අද ඒ නන්දලම, ඒ වගේම මර්ධනයක් තියෙන පිරිහුනු සමාජයෙ කට වහගෙන ඉන්නව, නැතිනම් පවතින රජයට කඩේ යනව.

මෙන්න මේ කරුණු නිසා නන්දල වැරදියි. මාතලන්ගෙ චෝදනාව ඔන්න ඔය විදියට කඩල අරන් අපි ඒ එක එක කරුණු ගැන මාතලන් එහෙම කියන්නෙ ඇයි කියල හොයල බලමු.

චෝදනාව අංක 1 -

1981 දි ඒ වෙනකොට සමාජයෙ තිබ්බ පිරිහීම ගැන "යතුරු කැරළි අඳනය යට ගසාගෙන" එතකොට "පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය" වගේ ගී එක්ක මුලිම්ම "සත්‍යේ ගීතය" ප්‍රසංගය ගෙන එනව. ඉන් පස්සෙ 1987 දි "පවන" ප්‍රසංගය පටන් ගන්නව.

දැන්, 1981 දි සත්‍යයේ ගීතය පටන් ගන්නකොට වගේම 1987 පවන පටන්ගන්නකොටත් රටේ තිබ්බෙ එකම ආන්ඩුවක්. ඒ මාතලන්ලගෙ UNP උත්තම ආන්ඩුව. ඒ ආන්ඩුව බෝසත් වරු වගේ ධර්මිෂ්ඨ රාජ්‍යක් කරා යන ගමනෙ, ඉඳ හිට ඔය සරච්චන්ද්‍රලට ගැහුවට, නඩු කාරයන්ගෙ ගෙවල් වලට හූ කිව්වට, ගෝණවල සුනිල්ලට සමාදාන විනිශ්චයකාරකම් දුන්නට, යාපනේ පුස්ථකාලෙ ගිණි තිව්වට, මැතිවරන සිතියං ඇකිලුවට, නීතිවිරෝධීව ලාම්පු පත්තුකරල බලය රැක ගත්තට, තමන්ගෙ උද්දච්චකම නිසා රට ඉන්දියාව ඉස්සරහ බාල්දු කරල ඇකේ පුරාගත්තට වගේ පොඩි පොඩි නොසලකා හැරිය හැකි වැරදි ටිකක් තිබ්බට නන්දල අරහෙම සින්දු කියල මිනිස්සු කුලප්පු කල එක අන්තිම වැරදියි. එහෙම නේද මාතලන්?
ඒ වෙනුවට නන්දා මාලනීලට තිබ්බෙ, ඔය ප්‍රශ්ස්තියක් ගයල, සිරිමාවොගෙ ප්‍රජා අයිති අහෝසියට විරුද්ධව ගහපු අත්සන ඉල්ලා අස් කරගෙන, ධර්මිෂ්ඨ ආන්ඩුවෙන් ගානක් අරගෙන අනෙක් අය වගේම පාඩුවෙ ඉන්නනෙ. නේද මාතලං?

අංක 2 බලමු -

තමන්ගෙ හොරු එලියට ගන්න එන නිසා පප්ප දුන්න චාන්ස් එකෙන් පිනට 78 එළියට ඇවිත්, 1982 ජනාධිපතිවරනෙට තරඟ කරල 3 වෙනි තැන ගත්තු, 83දි එතෙක් මෙතෙක් ඉතිහාසෙ වඩා ආකර්ෂනීයම මැයි පෙළපාලිය තියල තමන්ගෙ ප්‍රජාන්ත්‍රවාදී මාවතේ ගමන ගැන ලොකු ඉඟියක් දුන්නු, නීතිවිරෝධී ජනමත විචාරණයට නඩු දාල අභියෝග කරපු, පෙර වැරදි අතහැර ඡන්දෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලය ලබා ගැනීමේ මගට එකතුවෙලා ආදර්ශයක් දීපු පක්ෂයක් තමන්ගෙ සට්ටැඹියො කල ගොන් කන් වහගන්න සහ අනාගතේ එන අභියෝග වලින් පැන යන්න ඕනෙ නිසා තහනම් කරල, උන් විනාස කරන්න පටන් ගත්තම, ඒකට එරෙහිව ඒ කොල්ලො අර ආයුධ ආයි අතට ගත්තු වෙලේ ඒක අස්සෙ නන්දා මාලිනීල මොකට සින්දු කිව්වද නේද මාතලන්?

එහෙම නන්දල සින්දු  නොකිව්වනං එදා විජේවීරල 88 පළාත්ස්භා මැතිවරනෙ වර්ජනය කරන එකක් නෑ, ශ්‍රී ලංකා එක වර්ජනය කරන එකකුත් නෑ, ප්‍රභාකරන් වර්ජනය කරන එකකුත් නෑ, නියමෙට ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවෙලා, රට සුඛිත මුදිත වෙලා මිනිස්සුන්ට චූන් එකේ ඉන තිබ්බ. ඒත් ඉතින් 87 ජූලියෙ පප්ප උන්නාන්සෙ ගිවිසුම ගහල මාසයක් යන්න කලින් මේ සින්දුවක් ගහන්න ගත්තයින් තමා රටේ කොල්ලො විනාස උනේ. එහෙම නේද මහාචාරිය තුමා?

නැතුව රටට පප්ප උන්නාන්සෙවත්, එයාගෙ බෑණ වෙච්චි රනිල් උන්නාසෙවත් අනෙක් උන්වත් නියපොත්තක වැරද්දක් කලේ නෑ, අර කොල්ලොන්ට ඇවිස්සෙන්න, ආයුධ අරන් ගේමට එන්න. මම කියන්නෙ බොරුද මාතලන්?

අංක 3-

තමන් යම් කිසි හේතුවක් නිසා පවතින අසාධාරණයකට විරුද්ධ වෙනකොට ඒකට යම් හෝ හඬක් නගන්න හය්යක් තීන එකා, තමන්ගෙ බඩ වඩා ගන්න හෝ අනාගතේ බලය තහවුරු කරගන්න ඒ හඬ නගනව. කෝම කෝම හරි මේ වැරැද්ද වෙනුවෙන් පෙනී ඉන්න එකා දිහාට මර්ධනය එනකොට ඌ වීරය වගේ ගිහින් වෙඩි කනව මිසක පැනල ගිහින් ජීවිතේ බේර ගන්න එක වැරදියි.

කොටිම්ම අර කොල්ලොත් පොළිසිය එනකොට, අතුරු හමුදා එනකොට පැනල නොගිහින් කෙලිම්ම තුවක්කුට පපුව දුන්න එකේ, කොටිය එනකොට "ලේ පැල්ලම් නෑ පිට පැත්තේ" කියල පපුව දුන්න එකේ ඇයි මේ දෙන්න විතරක් මාරු උනේ. එහෙම නොකර, ඒ දෙන්නත් ජීවිතේ පූජ කරානං, ඒ කාලෙ කට පුක වහගෙන භීෂණයට විරුද්ධව කිසිවක් නොකිය හැංගිල ඉඳල අද පොරවල් වෙලා විතරක් නෙමේ එදා සිල් අරන් උන්න රනිල්ව රජ කරවන්න හීන දැක දැක ඉන්න මාතලන්ලට තිබ්බ නන්දලව වීරයො හැටියට සමරන්න. නේද මචං?

අංක 4 -

මේක තමා මාරම අපරාදේ!

එදා අවුරුදු හතලිස් ගනන් වලදි තමන්ගෙ ඇඟේ සහ කටේ හය්ය තිබ්බ කාලෙ මේ අසාධාරන වලට විරුද්ධව කෑ ගහපු ගෑණි, දැන් මේ 71 උනාට පස්සෙ මොකද කට වහගෙන ඉන්නෙ.

අනික නිකන්ද, එදා මේ ගෑණි කෑ ගහපු වෙලාවෙ තමන් එක්ක එක පෙලට හිටපු, තමන්ගෙ පිලේ එදා ඉඳගෙන ඒ මැර කං ජඩකං වලට විරුද්ධව පිටවරටවලට පවා ගිහින් ගතු කියාපු ජනතාවාදිය අද බලයට ඇවිත් එදාට වඩා හොඳින් ඒ මැරකං ජඩකං කරනකොට ඇයි යකෝ මේ අවුරුදු 71 නාකි ගෑණි කටවහගෙන ඉන්නෙ? එහෙම පාලකයට පාට මාරු කරගෙන වෙනස් වෙන එක දේශපාලනයෙ හැටි කියල අපි බාරගත්තට, ඔය සින්දු කියන උන්ට එහෙම ඉන්න බෑ.

අනික තරුණ උන් ඕවට කට දාන්න ඕනෙ නෑනෙ. එදා ඉඳල කෑ ගහපු ඒ ගෑනි විතරයි මේවට විරුද්ධව වෙන්න ඕන. ඕන්නං ඔය ඒ කාලෙ මිනී මරාපු පාලක  ස්ටේජ් වල සින්දු කියන බයිල කාරයෙක් දෙන්නෙක් මුන්ව එලෝල ඉක්මනට තමන්ගෙ පක්ෂෙ බලයට ගේන්න ඕන නිසා සපෝට් එකක් දෙයි. හැබැයි ඔක්කොම අරන් පෙල්ගස්සන එක නන්දලගෙ වගකීම. නැතුව මේ නහින දෙහින කාලෙ ඔය රන්ඩු වලට නොගිහින්, "පණාපුත්‍ර සූරියප්පෙරුමාල්" සෙය්යාවෙන් කඩෙත් නොගිහින් කීයක් හරි හොයාගෙන පාඩුවෙ ඉන්න හදන එක ඉවසන්න පුලුවන්ද, නේද මාතෙ?

කොහොමත් එදා අධ්‍යාපන ධවල පත්‍රිකා ගෙනාපු, බටලන්දෙ පාටි දාපු මිනිහව ආයි බලයට ගේන්න උනන්දුවෙන මාතලන් වගේ අයට උදව්වෙන එක අදත් නන්දා මාලනීලගෙ වගකීමක්. එහෙම නේද මාතෙ?



ඉතින්, ඔහොම බැලුවම නන්ද ප්‍රමුඛ පිරිස කරපු දේ වැරදියි නේන්නං. ඒකට අපි මේ සෙට් එකට මොකද්ද දෙන දඬුවම?

ඔන්න ඉස්සර නන්දා මාලනීගේ සින්දු නිසා ඇවිස්සුනු ආන්ඩුවෙ දඬුවම් ලිස්ට් එක සහ නන්දල එක්ක එකට ඉඳන් ඒ දඬුවම් වලට එරෙහි වෙච්චි රෝහණ පුත්‍රගෙ සෙට් එක. කැමති එකක් තෝරල දීහන්.

1. ධර්මචක්‍රය
2. ඇස්ලෝන්බට් මාර්ගයෙන් කටුකම්බි යැවීම
3. හිසට පරාළ ඇන ගැසීම් ( මේවට දස්සයො  දැන් එහෙන් මෙහෙට පැනල - ඒකට කාරි නෑ )
4. නියපොතු උගුල්ලවාදැමීම
5. ටයර් සෑය.

6. ආයුධ පෙන්නන්ට එක්ක යාම
7. බන්ධනාගාරය බිඳගෙන එළියට ඒමට ඉඩ දීම
8. සුදු වෑන් එකක සවාරි යැවීම
9. අහඹු රිය අනතුරක්

 පලි.
මගේ අතින් මා ඇවිළූ පහනේ
එළියෙන් ලොව දකිමින්
මගේ පහන් වැට නිවන්නෙපා
මා අඳුරේ හෙළමින්......

යන මග ගිමනට සෙවණ සැදීමයි
මා කළ මහ පින්කම්
අතු ඉති බිඳ ගල් මුල් බැට දීමයි
ඔබැ කළගුණ සැලකුම්......

පවසට හදවිල දිය දන් දීමයි
පෙර දින මා කළකම්
පවස නිවාගෙන විලට නිගා දී
කුමටද මේ සරදම්......

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය සහ තනුව - විශාරද නන්දා මාලිනී


240 comments:

  1. අනේ පලයන් ඩෝ .......මාතා එක්ක මා එකගයි .....,..

    ReplyDelete
    Replies
    1. උඹට කවුද ඩෝ එපා කිව්වෙ. කියපන් ඒ ඇයි කියල?

      Delete
    2. අප්පට.....සිලි...... :) :)

      Delete
    3. පටං ගත්ත.....අනිත් එව්වො අදියි......හෙක්.....හෙක්....

      Delete
    4. මෙන්න කෙනජි අයියාටත් තරහා ගිහිල්ලා.

      Delete
    5. පික්ෂු....නිර්මලා නගා.......ගොඩක් දවසකින් ...අපේ සිංහය ගෙ බොගට ...නිදහසෙ ගොඩ වදින්න බැරි වුනා,,,,,හෙහ්...හෙහ්...

      Delete
    6. හිතවත් කෙන්ජි

      ඔබේත් මාතලන්ගේ පිට කසාගැනීම වේවා මිත්‍ර සන්ධානය වේවා තම පාර්ශවය සාධාරණීකරනය වේවා මඳකට පසෙක තබන්න.බුද්ධිමය සංවාදයකට අර අඳින සටහනකට මැදිහත් වීමට හෝ අදහසක් ප්‍රකාශ කිරීමට දැනුමක් නැත්නම් කාරුණිකව මෙය නිදහසේ සංවාදයකට බඳුන් කිරීමට ඉඩ හසර සලසා දෙන්න.

      තම පිල ආරක්ෂා කර ගැනීමට ඉන්දික ඉහත කියා ඇති සේම මෙය අවස්ථාව නොවේ.බලා සිටින්න.දැනුමට යමක් උකහාගන්න.එය ඔබට මෙන්ම අපටද පහසුවකි.

      Delete
    7. @AnonymousOctober 9, 2014 at 4:33 PM.... හා මචන්.....මා නවතිමි........

      Delete
    8. @Kenji @ මැලේOctober 9, 2014 at 3:33 PM
      //අප්පට.....සිලි...... :) :)//
      අල්ල ලෙලේ...

      Delete
  2. උඹ ඔහේ ඉදලත්.....උපං දේශය ගැන සිතන .....සිතිවිල්ල........මට අබිලික්......
    අර JVP අනුරයට......උඹ කෑමක් කන්න දුන්නද,,,,,,....

    ReplyDelete
    Replies
    1. උඹ ඇහුවෙ හොඳ ප්‍රශ්ණයක්. මම ජෙප්පොන්ට තමයි අහුවෙච්චි හැම පුංචි ඡන්දෙකදිම දුන්නෙ. ඒත් මහ ඡන්ද වලදි උන්ට දීලත් නෑ, දෙන්නෙත් නෑ. මයිනට එක පාරක් දුන්න, ෆොනීට එකක් දුන්න. මේ පාර ඡන්දෙ අහු උනොත් රනියට දෙනව, හැබැයි ඒ මයින දිනන බව පෙනුනොත්.

      මගේ පක්ෂෙ පුරුෂ පක්ශෙ. ප්‍රථිපත්තිය තමයි මට නිවැරදියි කියන දේ කරන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන්ට සහයෝගය දෙනව සහ පෙනී හිටිනව, නමුත් කිසි කෙනෙකුට 5/6 බලය දෙන්න උදව්වෙන්නෙ නෑ.

      Delete
    2. එල....මගේ....සිංහ පෝතක බොක්කෙ මිත්‍රය/සහෝදරය.......මෙවර කතිරය,,,,හිස් ටින් එහෙකට දාන්න එපා......
      පුරුෂ පක්ෂය කිව්වෙ ......කොන්ඩේ ඩයි ගාපු ...අයියගෙ .....හෙක්...හෙක්...

      Delete
    3. රනිල්ට දෙනවා කීව‍ෝත් මේ අංකල් නගුට වනවාපු ගමන්මයි. පක්‍ෂේහදා ගන්න බැරි එකා රට හදන්න‍ේ ක‍ොහොමද බං.

      Delete
    4. ඔයා....අර මල්ලි නෙමේ නේද........කෝමත් මම රනිල් ජනපති කරන සටනෙ ..... අවුල් වුනාට කරන්න දෙයක් නැහැ ...පුකා....

      Delete
    5. මේ පජාත පාහර පාලනය පරාජ කරන්න මගේ සියලු ප්‍රතිපත්ති අමතක කර, ගොඩ වැඩිවෙන පොදු තැනකට එකඟ වෙනවා. බෙදා වෙන් කරගෙන යන තැන්වලින් ඉවත්වෙනවා.

      Delete
  3. හරි ඉන්දික උඹ මහ ලොකු ජගතානම් කියපන් ලොරිය විකුණන එක හරිද වැරදිද?

    ReplyDelete
    Replies
    1. කොයි ලොරියද...... මචන්,,,,,,

      Delete
    2. තව එකක්... උඹ අභීතට අපහාස කර කර තැන තැන ඇවිදින්නෙ කඩල ඇටේ කොච්චර උඩ පැන්නත් කබල බිඳින්න බැරි බව නොදැනද?

      Delete
  4. නන්දා මාලිනිලා ඉස්සර නගපු හඬ දැන් නගන්නේ නැත්තේ ඇයි කියන විවේචනය ඉස්සර මටත් තිබ්බා.නමුත් හරියට හිතලා බැලුවොත් එහෙම ඇඟිල්ල දික් කරන එක වරදක් කියලා මමත් හිතනවා. එදා ඇය හඬක් නැගුවා.ඇයි අදත් අපි ඒ අයගෙන්ම ඒ හඬ ඉල්ලා සිටින්නේ.දැන් කොයි තරම් ඉන්නවාද නන්දා මාලිනිලාට වඩා හොඳින් මේ විරෝධාකල්ප කලාවක් නිර්මාණය කල හැකි අය.ඇයි ඔවුන්ගේ නිහඬතාව කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේ.

    ReplyDelete
    Replies
    1. මමද මාතලන්ග‍ේ ප‍ොස්ට් එකට ක‍ොමන්ට් කර දැක්වූය‍ේ එවන් අදහසකි.

      Delete
    2. මනෝජ්, ඒක තමයි පොයින්ට් එක. ඇයි අපි ඒ මණුස්සයගෙ විතරක් මේ දේ බලාපොරොත්තුවෙනෙ?

      Delete
    3. අනිකුත් සියල්ලන්ටම වඩා නන්දා තුල ඉදිරිගාමි ගති ලක්ෂන එදා තිබුන නිසා වෙන්න ඇති. නපුංසක කලා කරුවන් පස්සට යනකොට නන්දා ඒ දේ කරාවි යැයි, ජනතාවගේ විශ්වාසයක් ඇති. ඇය එසේ කරන, නොකරන එක ඇයගේ කාර්යයක්.
      කාලයක් තිස්සේ ඉඳන්ම සාමාන්‍ය මිනිස්සු, සෝභිත හාමුදුරුවෝ යමක් කරාවි, යමක් කියාවී කියලා බලන් ඉන්නේ. ඒ එතුමා ගැන ඒදා සිට තිබුනු විශ්වාසය නිසා. මට පේන්නේ ඒ වගේ දෙයක්. නමුත් නන්දාගේ අතීතය නොදන්නා අද පරපුරේ අය නන්දාගෙන් එවැන්නක් සිදුවේ යැයි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා තියා, නන්දා එහෙම කරාද කියලා දන්නෙත් නැහැ. මට පේන්නේ එහෙමයි.

      Delete
  5. අතීතය‍ේ යම් දවසක සමාජයට යතාර්ථය පැහැදිලිකර දුන් කලාකරුවන් ග‍ේ කැපකිරීම ඔබ මෙම පොස්ටුව‍ෙන් යම් තරමක් හෝ ප්‍රමාණවත් පරිදි ප්‍රණාමය පුද කර ඇත.

    නමුත්, ඉන්දික නන්දා මාලනී ගායිකාවට දෝෂා‍ර‍ෝපනය කිරීම‍ේ පරමාර්තය එය න‍ොව‍ේ. අතීතය‍ේ යම් දවසක තම පක්ෂයට හ‍ෝ බලවතුන්ට සිදුවූ හානිය පිලිබඳව හටගත් කෝපය සංසිදුවා ගැනීමක් යැයි කියා මට සිත‍ේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.....නන්දා.....සුනිල්...... දැන් සිටින නිහඩත්වය.....ගැන ඔබ සාධාරණිය කරනව එහෙනං .....ඉදගෙන .....

      Delete
    2. නිර්මලා, ඔබ කියන කතාවෙ ඇත්තක් තිබිය හැක. එදා සිට පවතින වෛරයක් පිරිමසා ගැනීමට තවම පන්නනවා වීමට බැරිනැත. එනිසා අප මේව දැක දැක ඇස්කන් වසා සිටීමෙන් වන්නේ තවත් කෙනෙකු වැරද්ද වෙනුවෙන් ඉදිරිපත් වීම අධෛර්‍යමත් වීමයි. එබැවින් ඔබේ මැදිහත්විම ඉතාම ඉහලින් අගය කරමි!!

      Delete
    3. @ නිර්මලා

      ඔබ මෙන් මා පක්ෂය හෝ ආගම හිස මත තබා මලින් ගඳින් පුදා නමස්කාර කරන්නෙක් නොවේ. මා වැරද්ද වැරදි යයිද, නිවැරදි නිවැරදි යයිද දකින්නෙකි, මට සියල්ලට වඩා මගේ රට මෙන්ම ජනතාවද අවසානයේදී මිනිසත්කම හා සියළු සත්වයාද ගහ කොලද පරිසරයද බොහෝ වටි. එවන් දෙයට වෛර කරන පුදගලයා මගේ මව් හෝ පියා වූවද, මා ඉන්නේ විරුද්ධ පැත්තේය.

      Delete
    4. නිවැරදි දේ නිවැරදි යයිද

      Delete
    5. වැරැද්ද වැරැද්ද කියලා දකිනවා නම් බිලා වාහන ලවන ක නවත්තපන්.

      Delete
    6. රෑට එලවන්නෙ නෑ මචෝ..

      Delete
    7. යන්න‍ේ කොහ‍ෙද මල්ල‍ේ ප‍ොල්. රෑට එළවන්න එපා කීවා නෙමේ බං. බීලා එළවන්න එපා.

      Delete
  6. //කොහොමත් එදා අධ්‍යාපන ධවල පත්‍රිකා ගෙනාපු, බටලන්දෙ පාටි දාපු මිනිහව ආයි බලයට ගේන්න උනන්දුවෙන මාතලන් වගේ අයට උදව්වෙන එක අදත් නන්දා මාලනීලගෙ වගකීමක්. එහෙම නේද මාතෙ?//
    මේ කතාව වැරදියි බං.මාතලන් 360 ක්ම අනික් පැත්තට හැරිල කියල උඹ දැක්කෙ නැද්ද.රාජ්ගෙ අලුත් පෝස්ට් එක බලපංකො.පොර දැන් ලැම්බෝගිනියෙන් ඈස්චරිය බලා යන්න සූදානමෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඌත් ඉතින් දැන් එන්න එන්න වයසට යනවනෙ බං.

      Delete
    2. එහෙම හැරෙන්න ඕන කමක් නෑ.. හැමදාම ලියන දේ කියෙව්ව නම්.. අපි නම් උඩුන් පල්ලෙන් බලලා කොමෙන්ට් දාන්නේ නෑ.. කියෙව්වේ නැත්නම් නිකා ඉන්නවා..

      Delete
    3. හැලපෙ, 360 ක් හැරුණම ආයි හිටපු පැත්තමනෙ අයියෙ.

      Delete
    4. මාතාට මේ පාලකයා සමග ගැටළුවක් නැති බව රාජ්ගේ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන් මටත් හැඟුනා.

      Delete
  7. නන්දා මාලිනි සහ සුනිල් ආරියරත්න එදා විරෝධාකල්ප ගීත ගැයුවේ පවතින වෙළඳපලට , එහෙම නැතුව විප්ලවයක් කරන්න නෙවෙයි . ඒ තුලින් ලාභයක් ලබන්න . බෝනස් එකක් හැටියට ජනතාවගේ ගායිකාව , පදරචකයා කියන පට්ටම් ලැබුනා. අද සමාජ පරිහානිය ඒ වගේ දෙතුන් ගුණයක් වෙලා තියෙනකොට, දේශ ප්‍රේමයේ නාමයෙන් දේශය විකුනනකොට මේ නිහඬබව ඇයි . ඒ අද අර වෙළඳපල නැති බව හොඳින්ම දන්නා නිසා . අද වෙළඳ පලට දෙනවා ස්වේත රාත්‍රිය . කරන්නේ සිරස එක්ක. සිරස කියන්නේ ඉස්සර නන්දා සුනිල් එරෙහි වූ රජයේ නිල නොවන නිල මාධ්‍යය. අද වෙළඳපලට සුනිල් දෙනවා "කුසපබා"

    ඇයි මේ , කාගේද වරද , කාගේවත් නෙවෙයි ජනතාවගේ , නිර්මාණය නිර්මාණයක් හැටියට බාර නොගෙන ප්‍රතිරූප වන්දනා කරන්න ගිය නිසා . එදා එකදු පවන ප්‍රසංගයක් නොමිලේ පැවැත්වුනේ නෑ , එකේ වරදකුත් නෑ . ඇත්තටම ඔවුන්ට පැවතී රජයට එරෙහිව ගමනක් තිබ්බෙත් නෑ. තිබ්බනම් මේ වෙනකන් ජීවතුන් අතර ඉන්නෙත් නෑ. අදත් ඒක එහෙමයි .

    අවසානයේ දේශපාලනයේදී වගේම මෙතනදීත් රැවටුනේ ජනතාව . පැවතුනු රැල්ලෙන් මඩිය තර කරගත් කළා කරුවන් සහ නලා කරුවන් තෝරා ගන්නට බැරුව .

    ReplyDelete
    Replies
    1. නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න කියන්න‍ේ වෘතීය කලා කරුවන්. ඔහුන්ග‍ේ ආදායම එයයි. නමුත්, ආදායම් ලබන්න එදා බිහිවූ, ජිෆ්සීස් ලුණු දෙහි, සන්ෆලවර් සලාද‍ේ වැනි ගීත සමාජයට දායක කල‍ේ නැහැ. මිනිසුන්ට සිතන්න බුද්ධිමය ඉඩක් දුන්නා. එය ග්‍රහනය කර ගත්ත‍ේ කුඩු මල්ලිලා අයියලා න‍ොව‍ේ. සමාජය‍ේ යම් ප්‍රමාණයක හ‍ෝ උගත් පිරිසක්.
      පවන තුන්වන ප්‍රසංගය කරනවිට එය නවතා රටින් පැන යන්න සිදුවූවා.
      නමුත්, ජිෆ්සි ලුණු දෙහි කැසටය (1988/89) කලාට සුනිල් පෙර‍ේරාට රට පනින්න උය‍ේ නැහැ. ඔහු එදා කැසට් ලක්ෂයක් අල‍ෙවි කර ගත් බව ඔහුම කියනවා. ඔහු රට පැන්න‍ේ රෝයල් විදුහල‍ේ ඔහුට සිදුවූ සමාජ අපකීර්තියකින් බෙරනේන. (මඩක් න‍ොව)

      දැන් එම කලා කරුවන් මතම යැ‍ප‍ෙන්න එපා. ඔහුන් තමාග‍ේ රසිකයා උසා ප‍ොළව‍ේ ගැසුව‍ේ නැහැ.

      Delete
    2. @ ඉවාන්
      //ඇත්තටම ඔවුන්ට පැවතී රජයට එරෙහිව ගමනක් තිබ්බෙත් නෑ. තිබ්බනම් මේ වෙනකන් ජීවතුන් අතර ඉන්නෙත් නෑ. අදත් ඒක එහෙමයි .//
      මෙතැන එකඟ වෙන්න බැහැ මචං.මොකද එදා ඒ ගීත වලින් කිසියම් හෝ සමාජ ප්‍රකම්පනයක් සිදු වුනා.එක නැහැ කියන්න බැහැ.එදාට වඩා අද සමාජය නිර්වින්දනය වෙලා.එකයි දැන් රටට හෙණ ගැහුවත් කිසි කෙනෙක් ඒ ගැන සංවේදී නොවන්නේ.අනෙක් දේ රජයේ මතවාදයට විරුද්ධ හැමමෝම මරලා දාවි කියලා කියන්නේ කොහොමද ?එහෙම බැලුවොත් ප්‍රේමකිර්තිලා විතරද ජනතාවාදී කලාකාරයෝ කියන්නේ.?

      @ නිර්මලා
      //සන්ෆලවර් සලාද‍ේ වැනි ගීත සමාජයට දායක කල‍ේ නැහැ. මිනිසුන්ට සිතන්න බුද්ධිමය ඉඩක් දුන්නා. එය ග්‍රහනය කර ගත්ත‍ේ කුඩු මල්ලිලා අයියලා න‍ොව‍ේ. සමාජය‍ේ යම් ප්‍රමාණයක හ‍ෝ උගත් පිරිසක්.//
      මිනිස්සුන්ගේ රස වින්දන්නේ වෙනස්නේ නිර්මලා මම කැමති දේට ඔයා කැමති නැහැ.ඔයා කැමති දේට තව කෙනෙක් අකැමතියි.ඉතින් ඒ වගේ සින්දු රස විඳින අයට කුඩු මල්ලිලා අයියලා කියන එක හරි මදි නේද ?

      Delete
    3. පැවතුනු මර්දනයත් එක්ක රටින් පැන ගිහින් බේරෙනවානම් ඒත් රජයේ අනුග්‍රහයෙන්ම තමයි. හොඳම උදාහරණය සෝමවංශ අමරසිංහ , සිරිසේන කුරේගේ පවුලට ඇති සම්බන්ධය නිසා , රටින් පැන්නා .ගියේ කොහෙටද සමාජවාදී රුසියාවටද? කොමිනියුස්ට් චීනෙටද ? කියුබාවටද?(මඩක් නොවේ සහතික ඇත්තක්) . නමුත් විජේවීර සහ උපතිස්ස ගමනායක බෙල්ල දුන්නා ,
      ජිප්සීස් ලුනුදෙහි කියන්නේ වෙළඳපලට සැපයු තාවත් භාණ්ඩයක් . රටාවන් දෙකක ශිල්පීන් දෙදෙනෙකුගේ නිර්මාණ දෙකක් එපමණයි. ලුනුදෙහි නිසා මිනිස්සු සංකර වුනේ වත් , පවන නිසා විප්ලව කාරයින් වුණේවත් නැහැ. ඒ කළා කරුවන් මත යැපෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔවුන් ඒ නිර්මාණ කලේ හුදෙක් නිර්මාණ ලෙසට පමණයි, සමාජ මෙහෙවරක් ඉටු කිරීමට නෙවෙයි. ඔවුන්ටත් පුද්ගලික න්‍යාය පත්‍ර තිබ්බා . ඊට අනුව කටයුතු කර තමන්ගේ වෘත්තියෙන් තම ආදායම ලබාගත්තා. ඒ නිසා එය කලාකරුවන් වන්දනාමාන කල අපේ බුද්ධිමත් ජනතාවගේ වරදක් මිස ඔවුන්ගේ වරදක් නෙවෙයි

      Delete
    4. @ මනෝජ් - //""අනෙක් දේ රජයේ මතවාදයට විරුද්ධ හැමමෝම මරලා දාවි කියලා කියන්නේ කොහොමද ?එහෙම බැලුවොත් ප්‍රේමකිර්තිලා විතරද ජනතාවාදී කලාකාරයෝ කියන්නේ.?""// පැහැදිලිවම එදා ඒ රජයේ ගමනට බාධකයක් ලෙස පෙනුණු හැම පුද්ගලයෙක්ම මරා දැමුනා , ඒ තමයි ,අද පුංචි ප්‍රේමදාසලා රජ කරවන්න හීන දකින මිනිස්සු අමතක් කරපු සත්‍යය. "කියන්නේ කොහොමද" කියලා අහන්නේ මේ මගේ හිතලුවක් ලෙස ඔබ දකින නිසා වෙන්නට පුළුවන්, නමුත් ඒ තමයි මේ ධර්මද්වීපයේ සැබවින්ම පැවති අමිහිරි යතාර්ථය .

      Delete
    5. //නන්දා මාලිනි සහ සුනිල් ආරියරත්න එදා විරෝධාකල්ප ගීත ගැයුවේ පවතින වෙළඳපලට//

      එදා වෙළඳපොල මැවුනෙත් ඒ තිබ්බ වෙළඳ පොල අද නැත්තෙත් ඇයි කියල හිතල බලමුද?

      //දේශ ප්‍රේමයේ නාමයෙන් දේශය විකුනනකොට මේ නිහඬබව ඇයි . ඒ අද අර වෙළඳපල නැති බව හොඳින්ම දන්නා නිසා// එදා හඬ නැගුව නිසා අදත් හඬ නැගිය යුතුමද? ඇගෙන් ඒ බැටන් එක ගෙන අද "මුදලට" හෝ මේ වෙන අසාධාරණය වෙනුවෙන් වෙනත් අය ඉදිරිපත් විය යුතු නැද්ද?

      //සිරස කියන්නේ ඉස්සර නන්දා සුනිල් එරෙහි වූ රජයේ නිල නොවන නිල මාධ්‍යය. // අද මේ මර්ධනය දූෂනය කරන මහින්ද එදා ඒදේට ජිනීව ගියපු, පාද යාත්‍රා ජනඝෝෂා තියාපු කෙනා නෙමෙයිද?

      //අද වෙළඳපලට සුනිල් දෙනවා "කුසපබා" // මේකෙ තියෙන ආක්ල්පමය හෝ වෙනත් අවුලක් තියෙනවද?

      //ඇයි මේ , කාගේද වරද , කාගේවත් නෙවෙයි ජනතාවගේ , නිර්මාණය නිර්මාණයක් හැටියට බාර නොගෙන ප්‍රතිරූප වන්දනා කරන්න ගිය නිසා . // අකුරක් නෑර එකඟයි.

      //ඇත්තටම ඔවුන්ට පැවතී රජයට එරෙහිව ගමනක් තිබ්බෙත් නෑ. තිබ්බනම් මේ වෙනකන් ජීවතුන් අතර ඉන්නෙත් නෑ. // දීපු වෝනින් එක අනුව පවන ෂෝ එකත් නතර කරල ඉන්දියාවට පැන නොගියනං මර්ධනය වෙන හැටි බලා ගන්න තිබ්බ.

      ඇත්තටම රැවටුනේ ජනතාව තමයි. හේතුව ජනතාව හඳ දිහා නොබ්වල ඇඟිල්ල දිහා බලා උන්නු එක.

      Delete
    6. //නන්දා මාලිනි සහ සුනිල් ආරියරත්න එදා විරෝධාකල්ප ගීත ගැයුවේ පවතින වෙළඳපලට//
      @ඉවාන්......මේ කතාව හාෆ් බේක් බොරුවක්. නන්දලා ජීවිත තර්ජන මැද්දේ මේවා කරේ. අපිට මේ දේවල්වලට යම් පමණින් හෝ සක්‍රීයව දායක වෙන්න වුනු නිසා අපි ඒ බව දන්නවා. ඒ කැපවීම හෑල්ලුවට ලක්කිරීම වැරදියි. ජේවිපි එකෙක් දුටු තැන පෙතිගහන කාලේ, ජේවිපිය අන්ඩර් ග්‍රවුන්ඩ් රේඩියෝ චැනල් එකක් කරා..ඒකේ පවා දැම්මේ නන්දාගේ ගීත. සින්දු මාකට් එකට දෙන්න මරණ තරජන ඉල්ලන්නේ කවුද බං?

      Delete
    7. @ ඉවාන්......සෝමවංශ ඉස්සෙල්ලාම ගියේ ඉන්දියාව හරහා තායිලන්තයට බවයි මම අහලා තියෙන්නේ. එදා පක්ෂය තුල යම් තරමින් හෝ කමියුනිකේෂන් තියාගත්ත ආකාරයට සෝමවංශට හැකිනම් පිටවෙන්න යැයි උපදෙස් දුන් බව මම අසා තිබෙනවා. 1989/11/29 දින අපේ දියණියගේ උපත සිදුවූ නිසා එදින දිවයින පත්‍රය අදටත් මා සුරැකිව තියෙනවා. එහි වහාම අල්ලනු වගේ උද්ධෘතයක් එක්ක, ජවිපේ නායකයින් කිහිප දෙනෙකුගේ පින්තූර ටිකක් සහ ඔවුන් ගැන තොරතුරු දමා තිබුනා. ඒත් සෝමවංශගේ දාන්න පින්තූරයක්වත් තිබුනේ නැහැ. රූපයක් ඇඳලා දාලා තිබුනේ. සෝමවංශ එදා පක්ෂයේ තිරය පිටුපස සිටි නායකයෙක්. ඔහුට කීවේ සිරි අයියා කිය්ලා. ඒ නිසා කවුරුත් ඔහු ගැන වැඩිය දැණගෙන හිටියේ නැහැ. ඒ පහසුව තිබුනා ඔහුට පිටවී යන්න. කුරේ පවුලේ කතාවක් තිබුනා. නමුත් එයම නෙමේ නිවැරදි සත්‍යය.

      Delete
  8. ලිපිය සාර්ථකයි.අක්ෂර වින්‍යාසය නිවැරදි කරගත්‍තානම් තවත් සාර්ථකයි.

    හැලපයා

    ReplyDelete
  9. //”ඉඳ හිට ඔය සරච්චන්ද්ර ලට ගැහුවට, නඩු කාරයන්ගෙ ගෙවල් වලට හූ කිව්වට, ගෝණවල සුනිල්ලට සමාදාන විනිශ්චයකාරකම් දුන්නට, යාපනේ පුස්ථකාලෙ ගිණි තිව්වට, මැතිවරන සිතියං ඇකිලුවට, නීතිවිරෝධීව ලාම්පු පත්තුකරල බලය රැක ගත්තට, තමන්ගෙ උද්දච්චකම නිසා රට ඉන්දියාව ඉස්සරහ බාල්දු කරල ඇකේ පුරාගත්තට වගේ පොඩි පොඩි නොසලකා හැරිය හැකි වැරදි ටිකක් තිබ්බට නන්දල අරහෙම සින්දු කියල මිනිස්සු කුලප්පු කල එක අන්තිම වැරදියි”//

    ඉඳහිට පොද්දල ජයන්තලට ගැහුවට, ශිරානි බන්ඩාරනායකලාව එලෙව්වට, සරත් අඹේපිටිය වගේ විනිශ්‍යකාරවරු මැරුවට , 18 සංශෝදනේ ගෙනාවට , තමන්ගේ උද්දච්චකම නිසා තමුන්ම පත්කළ LLRC වාර්තාව යටගහලා පරිප්පුව කෑවට ඔය සුළු වැරදි වලට නන්දා මාලිනිලා මොකට කෑ ගහනවද ?

    අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් ගෙනාවත් වැඩක් වෙන එකක් නෑ. ඊට වඩා බොහොම සාර්ථක ලෙස නිදහස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය එස්.බී. සහ බන්ධුල දෙන්නා ලවා දේශප්‍රේමී විදිහට භක්ෂණය කරන ආකාරය ඉන්දිකලාටත් නොපෙනේ නම් අපේ ජහමනයා ගැන කවර කතාද. මතකනේ 6%

    මේ සින්දුව වඩාත් ගැලපෙන්නේ කොයි කාලයටද කියල කියන්න පුලුවන්ද ? එයාලා බලාපොරොත්තු වුනු රජය දැන් පත්වෙලා තියෙනවා , මේ දේවල් නැවතිලාද ? එයාලා මේ සින්දුව ලිව්වේ කිව්වේ මේ එයාලම පත් කරපු (එයාලා ඒ කාලේ කියපු විදිහට ) රජයට එරෙහිවත් ඒ ආකාරයෙන්ම ගැලපෙයි කියල හිතලා නොවෙන්න ඇති නේද ? නමුත් කටක් ඇරලා ඒක නොකියන්නේ ඇයි?

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..

    දළදා මැදුර අදිකව මිල කල හැකිය..
    සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
    කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
    සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය..

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..

    හෝටන තැන්න දී ක්‍රීඩා පිටියකට..
    පවරා සිංහරාජය ලී මෝලකට..
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට..
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට..

    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..


    ReplyDelete
    Replies
    1. /දළදා මැදුර අදිකව මිල කල හැකිය..
      සිරිමහ බෝධියේ ලන්සුව පැහැදිලිය..
      කළුගල් වලට විකුනාගෙන සීගිරිය..
      සීගිරි කුරු‍ටු ගී බයිලා කළ හැකිය../

      දැන් මේ යවහන් දෝෂය වත් නොදන්නා මූටද මහා ගීත රචකයා කියන්නෙ? ඕක ගීතයක්ද කවියක්ද? මට නම් හරියට ලොග් සටහනක් වගේ.

      Delete
    2. ඉවාන්, උඹෙ මේ මැදිහත්වීම ගැන පුදුම තරම්ම සතුටුයි.

      එදා භීෂනේට දූෂනේට විරුද්ද වෙච්චි සෙට් එක අද ඒව ඊට වඩා පිළිවෙලට කරගෙන යනව. උඹ මගෙ ලිපියෙ මම ඒක කියල තියෙනව දකින්න ඇති. ඒත් මගෙ ප්‍රශ්ණෙ, ඇයි අපි නන්දා මාලනීටම මේකට මැදිහත් වෙන්න කියන්නෙ? ඇයි අපි අනෙක් කළාකාරයො මේ ගැන නිහඬ වීම ගැන කතා නොකරන්නෙ?

      ඔය කිව්ව සින්දුව එදාට වඩා අද ගැලපෙනව. ඒත් අද පරපුරේ ඔහොම දෙයක් "සල්ලිවලට, මාකට් එකට හරි ඇයි එහෙම සින්දුවක් නොලියන්නෙ? හේතුව ඒවට මාකට් එකක් නැති නිසා ( උඹම කිව්ව වගේ ). අන්න ඒකයි අර්බුධය. මොකද අද මාකට් නොවෙන්නෙ, මිනිස්සු ඒ දේවල් සාමාන්‍ය කරණය කරගෙන, තැවෙන්න ඕන දෙයක් හැටියට පිලිනොගන්න නිසා. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට ඒක දැනෙන්නෙ නෑ. හේතුව උන් එච්චර සබුද්ධික නෑ. මෙන්න මේ කාරණා දෙකම බරපතල සමාජ ඛේදවාචකයක්. අපි හිතන්න ඕන ඒ ගැනයි. නැතුව එදා කරල අද නිකන් ඉන්න උන්ට බනින එක නෙමෙයි.

      Delete
    3. 83 දී හමුදාව‍ේ 13 ක් මැරුවායි කියන පදනම මත ජූලි කලබලය නිර්මාණය කරවන්න එදා බලවතුන්ට හැකි විය. ඊට හ‍ේතුව මිනිසුන් ට ඒ යුධ තත්ත්වය සමාන්‍යකරණය වී තිබුණ‍ෙ නැහැ.

      නමුත්, අද ප‍ොලීසිය‍ේ 600 ක් මරපු,
      අරන්තලා භික්ෂු ඝාතනය කළ,
      ධලදා මාලිගයට ගසපු, එකා ශිලනිප‍ේ උපසභාපති වුවද ගැටලුවක් නැහැ.
      මිනිස්සු කපා කොටා මරාපු අනිත් උන් මහඇමතිලා වුවද ගැටලුවක් නැහැ. ජූලංපිටිය‍ේ අමර‍ේ මිනිසුන් ඉදිරිපිට වෙඩි තැබුවත් ගැටලුවක් නැහැ.
      ඇමතිලා-මන්ත්‍රීලා කරුණු සාදක සහිතව ඔප්පු කළ හැකි‍ ලෙස සොරා කෑවත් ගැටලුවක් නැහැ.
      මහවැලියනේ 2% වූ කොමිස්පාර අද 15-20% වුවද මිනිසුන්ට ගානක්වත් නෑ?
      89-90 කාලය‍ේ මිනි මරපු කොටසක් අද ආණ්ඩු‍ව‍ේ සිටියත් ගැටලුවක් නැහැ.

      මිනිසුන්ට, ඔහුන්ග‍ේ සිත් තුලට එදා ම‍ෙන් අද ම‍ේ තත්ත්වය කිදා න‍ොබසී. එය ඒ තරමට සමාන්‍යකරණය වී ඇත.

      නමුත් සමහර අයට ප්‍රශ්ණය වී ඇත්ත‍ේ, එදා කලා කරුවන්ග‍ේ අද නිහැඬියාවයි.

      Delete
    4. ප්‍රශ්නය නිහැඬියාව නොව , මේ ඔබ කියන සියල්ල සිදුකරන දුර්දාන්ත පාලකයන්ට කඩේ යන්නේ ඇයිද යන්නයි . නිහඬව සිටිනවානම් කොච්චර හොඳයිද ?

      Delete
    5. නමුත්, අද ප‍ොලීසිය‍ේ 600 ක් මරපු,
      අරන්තලා භික්ෂු ඝාතනය කළ,
      ධලදා මාලිගයට ගසපු, එකා ශිලනිප‍ේ උපසභාපති වුවද ගැටලුවක් නැහැ.//
      මොකක්ද ඒකෙ ගැටළුව?
      ජේවීපී එකේ මිනී මරපු අයත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවෙ
      මිනීමරන එක කැප ජේවීපීයට විතරද
      එළව එළවා පලිගන්න ඕන නැහැ.ප්‍රභාකරන් වුනත් ඊළම අත ඇරල කරුන වගෙ ආවනම් ඔහුටත් සමාව .ඒකයි සිස්ටම් එක.
      මිනීමරන්ඩ ජේවී පී එක විතරක් බලපත්‍රයක් අරන් තියනවනම් අනෙක් අය මිනීමරන එක වැරදියි තමා

      Delete
    6. යකාගෙ අදහස සමග 100% එකඟයි.

      Delete
    7. අපරාදේ ප්‍රභා මලේ ඕයි... ගොන් හරකා...

      Delete
    8. මම මාර ආසයි සුනිල් අයියා ලියලා නන්දා මාලනී ගීයක් ගායනා කරනවානම් කේ පීලා, කරුණා අම්මාන්ලා වෙනුවෙන්.. නිකන් මෙන්න මේ වගේ ගීයාක්..

      අම්මා.. උඹ මොකෙක්ද මගේ අම්මා
      කරුණා පෙරෙන අම්මා
      මගෙ
      කරුණා අම්මා...

      පට්ටෙට නැගලා යයි නේ ඕයි..

      Delete
    9. @ ඉන්දික......කරුණලා පුනරුත්ථාපනය වුන එකේ වැරැද්දක් නැහැ. කොයි උසාවියෙද දන්නේ නැහැ නමටවත් නඩුවක් තියෙන්නේ. කේපීලා, පිල්ලෙයාන්ගේ නඩු අංක මොනවාද දන්නේ නැහැ. මේකද රටේ නීතිය. දේශපාලනයට වඩා වැදගත් වන්නේ රටේ නීතිය. කරුණාට මිනිමැරුම් චෝදනා තියෙනවා LLRC වාර්තාවේ. වැරදි පූර්වාදර්ශ දෙනවා මදිවාට ඒවා හරි කියලා තප්පුලනකොට තමයි...නන්දා කියපු..මොකට මෙරට අධිකරණය, නීතිය හා විනිසුරන්...මතක් වෙන්නේ.

      Delete
    10. @යකා
      //ජේවීපී එකේ මිනී මරපු අයත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවෙ
      මිනීමරන එක කැප ජේවීපීයට විතරද//
      89/90 කාල වකවානුව‍ේ ජවිප‍ේ වෙතින්ද මරණ සිදුවිය. විනාශ සිදුවිය. ඒ සියල්ලටම අදාල පුද්ගලයින් ට උසාවි මාර්ගය‍ේන් උපරිම දඩුවම් ලබා දී ඇත. පුනුරුප්තාපනය කර ඇත. වරදකට දඩුවම් නොවිදි එක් අය‍ෙකුවත් ඉතිරිව නැත. වැරැදි න‍ොකළ අයද, නීතිය‍ෙන් සහ අනීතිකව දඩුවම් විදීය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ද‍ේශපාලනය‍ේ රැදී සිටිනුය‍ේ ම‍ේ සියල්ල විඳගනෙය.
      නමුත්, කරුණා, කේපී, පිලල‍ේයාන්, දයා මාස්ටර්,.... වැරැදිවලට දඩුවම් වින්ද‍ේ නැත. උසාවිය දයා මාස්ටර්ලා නිද‍ොස්ක‍ොට නිදහස් කරනු ලැබුව‍ේ අප‍ේ කාලය‍ේදීමය. නයිටීඑන් එය පෙන්වූය‍ේ දයා මාස්ටර් පූස් පැටිය‍ෙක් සිරකලා හා සමාන ලෙසය. මේ වෙනස වටහා ගැනීමට ඔබ අප‍ොහ‍ොසත් වීම ගැටලුවකි.

      ම‍ේ පිලිබඳව මීට ප‍ෙරද කොමන්ට් කර ඇත.
      අරූ සමඟ එකඟ වෙමි.

      Delete
    11. අරූ මතුකරල තියෙන්නෙ කිසිම තේරුමක් නැති කතාවක්.දකුණු අප්‍රිකාවෙත් මෙහෙම උගත් පාඩම් කොමිසමක් තිබුන.එතන වුනේ වැරදිකරුවන් හදුනාගෙන සමාව දීම.මිනී මැරූ කොටින්ටත් ,ජවිපෙ සාමාජිකයන්ටත් ,ආරක්ෂක අංශවල අයටත් මේ සමාව අයිතියි.මේ කාටවත් නඩු දාන්න බැහැ.ඒක ප්‍රායෝගිකත් නැහැ.අරූ වාගෙ අය ප්‍රභාට නඩු දාන කතා කවදාවත් කියන්නෙ නෑ.රනිල්ගෙ සාමය ජයගත්තනම් අන්තර් පාලනයෙ ප්‍රධානීන් වෙන කොටින්ට නඩු දාන්න කියල අරූ වගෙ යෝජනා කරන්නෙ නැහැ.කරුනල ,කේ පීල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ඔවුන් රාජ්‍ය තන්ත්‍රය එක්ක ඉන්න නිසා.මේ අයගෙ ව්‍යාපෘතිය රාජ්‍ය තන්ත්‍රය දුර්වල කිරීම.යුද්ධයේදී කරුණා වැනි අය විශාල සහායක් දුන්න.කෙළින්ම නොකීවත් අපි දන්නව ඔය අරූ වගෙ අයට තියන හිතේ අමාරුව ඔවුන්ගෙ වීරයා වූ ප්‍රභාකරන් පරාජය වීම.කරුණ එක්ක අරූල මූලගෙ වෛරය තියෙන්නෙ ඔහු ප්‍රභාට එරෙහි වීම නිසයි.වෙන මොනම හේතුවක්වත් නොවෙයි.

      අනික ඔහොම නඩු දාන්නෙ හරියට මේ රටේ ඉන්නෙ බෝධිසත්වයොද
      තමන්ගෙ අතේ වැරැද්දක් නැති එකා මුල්ම ගල ගහන්න කියල යේසුස් වහන්සෙ කිව්ව
      ඔය අරූල මූල කියන්නෙ සුද්දවන්තයොද හැම එකාටම ඇගිල්ල දිගුකරන්න
      වාමාංශිකයන්ට ,එන්ජීඕ කාරයන්ට කරුනව පෙන්නන්න බැරි එල්ටීටීඊයෙන් කැඩුන කියල
      නැත්නම් තවම දෙමළ ජාතික අරගලය ,යුද්දෙ ආතල්නේ

      Delete
    12. නිර්මලා @
      එදා ජවිපෙ කළේ මොනතරම් ම්ලේච්ඡ වැඩ වුනත් ඒව කළේ සිවිල් යුධ වාතාවරනයක.87/89 මිනීමැරුව කියල ජේවීපී එකට ඇගිල්ල දිගු කරන්න අද බැහැ.වර්තමාන ජවිපෙ ඒ සම්බන්ධව සර්ව නිර්දෝෂීයි.
      ඒ වගේමයි කොටිත්
      කරුනල ,කේ පීල මිනී මැරුව යුධ වාතාවරණයකදි.කරුනල කොටින්ගෙන් කැඩුනෙ සමානයො වගෙ.ඉන් පස්සෙ හමුදාවත් එක්ක එකතුවෙලා සටන් කළා.යුද්ධෙකදි අවි බිමතබා යටත් වී සම්මුතියකට එළබෙන අයට නීතිමාර්ගයෙන්වත් වෙන පුනරුත්ථාපන වගෙ ක්‍රමවේදයකින්වත් දඩුවම් කරන්න බැහැ
      87/89 දි ජවිපෙනුත් කොටසක් කැඩිල ආන්ඩුවට එක්වුනා නම් ඔවුන් කලින් මොනව කළත් ඒව සළකා බැලෙන්නෙ නැහැ

      හැම එකාටම නඩු දදා ඉන්න ගියොත් වෙන වැඩක් නෑ.

      Delete
    13. දේශපාලනික දහං ගැට සහ නීතිය කියන්නේ දෙකක් බව මම හිතනවා. මේ නීතිය සැමට පොදු විය යුතුයි. කරුණලාගේ අණ ඉටුකරපු, චක් ගෝලයෝ ඇතුලේ. එක්කෝ උන්වත් මොකක් හරි කරලා නිල් බලකායට වගේ බන්දවා ගන්න බැරිද? යකෝ වඩාත් වැදගත් වන්නේ වැරැද්ද සාධාකරනීය කිරීම නොවේ, එය වැරැද්දක් යැයි පිලිගෙන, එවැන් දේ නැවත නොවීමට අනාගත පරපුරට ආදර්ශ එකතු කිරීමයි. ටීවී චැනල්වල ගොන් සංවාදවල බෙල්ල හපාකන ආණ්ඩුවේ මැක්කෙක්ගේ තත්වයට පත්වුනාම ඔහොම තමයි පේන්නේ සහ ඔහොම තමයි හිතන්නේ. යකා තරහා ගන්න එපා. ආණ්ඩුවේ මැක්කෝ කිව්වේ යකාට නෙමේ.

      Delete
    14. සාධාරනීකරණය කියලයි ලියවෙන්න ඕන.

      බලපන් යකෝ.....සාධරනයක් නැති රටේ ඒ වචන ලියන කොටත් ටැපලෙනවා.

      Delete
    15. @යකා
      කේපීලා අවි බිම තබා යටත් උන‍ේ නෑ, අල්ලා ගත්තා. නැතිනම් අල්ලා ගන්නා අයුරින් රඟපාලා ආණ්ඩුවට එකතු වූවා.
      දයා මාස්ටර් උසාවි දාලා නිදහස් කළා. හරි පුදුමයි.
      කරුණා ලිස්ට් එකකින් පාර්ලිම්න්තු ගියා. නමුත් අරූ කීවා වාග‍ේ LLRS වල කරුණා වැරැදි කරුව‍ෙකු බවට විශ්ෂයනේ සඳහන්. ම‍ේ අය ආණ්ඩුවට අරග‍ෙන ශිලනිප බිම් මට්ටම‍ේ සාමාජිකයා අතර සහ පොදු ජනතාව අතර කතාවක් පැතිරුවා, "අපි පස්ස‍ේ ම‍ෙයාලාට වැඩක් දෙනවා කියලා" අන‍ේ අප‍ේ මිනිසු බලාග‍ෙන හිටියා. දැන් ඒ කරුණා ශිලනිප‍ේ උප සභාපතිකමත් කරනවා.

      එත් 89/90 අල්ලා ගත් අයත්, යටත් උන ජවිප‍ේ සියල්ලටම දිය හැකි උපරිම දඬුවම් දුන්නා.
      //නීතිමාර්ගයෙන්වත් වෙන පුනරුත්ථාපන වගෙ ක්‍රමවේදයකින්වත් දඩුවම් කරන්න බැහැ//
      ඇයි බැරි.
      කේ පී පුනුරුප්තාපනය කළා කියලා තමයි එයාලා අපිට කියන්න‍ේ.
      //හැම එකාටම නඩු දදා ඉන්න ගියොත් වෙන වැඩක් නෑ//
      ඒ උනාට,
      සරත් ෆොන්ස‍ේකා, ශී්‍රයාණි බණ්ඩාරානායක වාග‍ේ අයට ෂෝ එක ද‍ෙන්න නඩු දැම්ම‍ේ පුදුම හදිසිය‍ෙන්.
      ඒ විතරක් න‍ෝව‍ේ ප‍ොදු අප‍ේක්ෂකයා කවුද කිය කියා හ‍ොයන්න‍ේත් එ්කටමයි. අල්ලාලා නඩුවක් ග‍ොතලා හිර කරන්න.

      Delete
    16. @Nirmala

      හා.....හා......යකා මහත්තයාට කට උත්තර නෑ.


      මූ මහා මෝඩ යකෙක්.
      ජේවීපී ඵක ජොලියට මිනීමෑරුව වගෙයි මෙයා කතාකරන්නේ.
      රටේ පාලකයන්ගේ නින්දිත වෑඩ නිසා ඈති උන සිවිල් යුද්දයක් ඈතුලෙ උන හෑම මරණයකම වගකීම ජවිපෙ ඵකවුන්ට් ඵකට දගෙන මාර චිත්‍රයක් නෙ මවන්න හදන්නේ.
      ඔයා කතා හොදයි සoදානෙට චන්දෙ දෙන බූරුවන්ට.
      නිර්මලා කිව්ව වගේම ජවිපෙ අයට ඔනෑ තරම් කරපු වෑරදි වලට දඩුවම් ලෑබිලා තියනවා.නීතියෙන් මෙන්ම අවනීතියෙනුත්......................
      ඵත් කරුනා පිල්ලෙයාන් කරපු වෑරදි වලට දදුවම් කෝ???
      KPට නඩු පවරන ඵක පෑහෑරහරිනවා කියන්නේ රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පෑහෑරහෑරීමක්......ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට කරන අපහාසයක්.
      ඵහෙම කරන විදායකයකින් රටට වෑඩක් නෑ.
      ඔහු රටේ නීතියට අපහාස කරන්නෙක්.........

      කරුණාලා KPලගේ බහට රෑවටිලා සයිනයිඩ් කරල බෙල්ලේ ඵල්ලාගෙන අපු ඵක කොටි සොල්දාදුවෙක්වත් නිකන් තිබ්බේ නෑ.ඔක්කොම හිරේට ගාල් කලා.අති බහුතරය තාම හිරේ.
      මේගොල්ලන්ව වෑරදි පාරට දක්කපු කරුණා KP ඵලියේ රජ සෑප.
      මහ කොටි ඵලියේ, පෑටවු හිරේ.
      මහ කොටින්ට අදාල වෙන ආන්ඩුවේ මහා කරුණාව උන්ට රෑවටුන කොටි පෑටවුන්ට දෙන්නේ නෑත්තේ ඈයි???
      මොකක්ද වෙනස??????
      පන්තිබේදය මිසක්

      Delete
  10. ඇකේ පුරාගත්තට යන්න අැකේ පුරවාගත්තට ලෙස නිවැරදි වියයුතුය

    හැලපයා

    ReplyDelete
  11. මහත්වරුනි,

    නන්දා මාලිනීට බැනලා වැඩකුත් නැත. හොඳ කියලා වැඩකුත් නැත. ඇය අමු මෝඩ ගෑණියෙකි. ඔය කරන එක මඟුලක් ගැන වත් තීරණ ගන්නේ ඇය නොවේ. ගායනය හා සංගීතය හැර වෙන මෙලෝ මළ දානයක් දන්නේත් නැත. කොටින්ම මාධ්‍යවේදියකු තම පුවත්පතේ ඕපාදූප තීරයක් වෙනුවෙන් ඇයට කතා කොට "නන්දක්කෙ මේ දවස් වල මොනවද කරන්නෙ?" කියා ඇහුවොත් "මං මේ පොඩි වැඩක, ඔයාට බැරිද හවසට මට කතා කරන්න?" අසයි. ඒ අහන්නේ සුනිල් ආරියරත්නගෙන් ඊට දිය යුතු පිළිතුර අසා දැන ගන්නය. මේ වගේ ගොන් බඳින කණුවක් ගැන තව කතා කළ යුතුද? (මේ කියන්නේ ගායනය ගැන නොවේ.) ඔන්න ඔහේ අල්ලලා දාමු.

    කතා කරන්න ඕනෑම නම් අර සුනිල් ආරියරත්න කියන නපුංසකයා ගැන කතා කරමු.

    මෙන්න උගේ වැඩ:

    1. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එසයින්මන්ට් ලියන්නට දී ඒවා පොඩ්ඩක් එඩිට් කර තමන්ගේ නමින් පොත් හැටියට පළ කරයි.
    2. අශෝක හඳගමගේ 'අක්ෂරය' තහනම් කළ අවස්ථාවේ ඒ තීරණයට හොඳයිද නොකියා නරකයිද නොකියා සෙල් ෆෝන් එකත් ඕෆ් කර තැබුවේය.
    3. 2005 දී ප්‍රසිද්ධියේ රෙදි නැතුව මහ රජාණන්ට කඩේ ගිය එකෙකි.
    4. කුස පබා සෝමෙට අධ්‍යක්ෂණය කරන්න ඉඩ දී (බයට) පසුව තමන්ගේ නම විතරක් නාමාවලියට දා ගත් එකෙකි. (ඔප්පු කරන්න යූ ටියුබ් වීඩියෝ එකක් පවා තිබුණේය.)

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා, ඔබ මේ කියන්නෙ මම කතා කරපු මාතෘකවෙන් පිට අදහසක් ගැන උනත්, එහි එකඟ විය නොහැකි කරුණු නැති බව මා දන්නා තොරතුරු අනුවද පැහැදිලිය. අදහසට ස්තූතියි!

      Delete
  12. .80 දශකය ලාංකේය දේශපාලනයේ දූෂිතම යුගයක්. අසාධාරණය රජකම් කළ යුගයක්.පක්ෂ බේදයකින් තොරව සාධාරණව සිතන්නෙකුට එයට එකඟ නොවී සිටිය හැකිද? බොහෝ සාමාන්‍ය මිනිසුන් තෝරාගත්තේ නිහඬව මුනිවත රැකීමේ පිළිවෙත. ඒ කළුගල් වල ඔලුව ගහගන්න බැරි නිසා. පණ අදින,බල බිඳුන විපක්ෂයක් තිබුනේ. රාජ්‍ය බලයෙන් කරන දූෂණවලට, භීෂණයට එරෙහිව හඬක් නඟන්නට ධෛර්යක් තිබුනේ කාටද?


    ඒ ධෛර්ය තිබුනු දෙන්නෙක් නන්දා මාලිනි සහ සුනිල් ආරියරත්න. අද ඔවුන් විවේචනය කරන්නන් එකල තිබූ අසාධාරණ සමාජය අනුමත කරන්නන්ද? එසේත් නැත්නම් ඔවුන්ටද කරන්නට තිබුනේ මුනිවත රැකීම යැයි යෝජනා කරන්නේද? [තමුනුත් කළ පරිදි]

    //බෝනස් එකක් හැටියට ජනතාවගේ ගායිකාව , පදරචකයා කියන පට්ටම් ලැබුනා.//
    ඉවාන්. මගේ මිත්‍රයා. ලෝක ඉතිහාසයේ අසාධාරණයට එරෙහිව නැඟී සිටින්නට ධෛර්ය තිබූ හැම දෙනෙකුටම ජනතාවගේ ආදරය, ගෞරවය හිමිවුණා. ස්පාටකස්, විලියම් වොලස් ලගෙ ඉඳලා නෙල්සන් මැන්ඩෙලා ලා දක්වාම.ඒ පට්ටම් බලෙන් ගන්න බැහැ කොච්චර බලවත් උනත්.

    ඉන්දික නිවැරදිව පෙන්වා දෙන පරිදිම ඔවුන් අද වියපත් මිනිසුන්. ඔවුන් ඔවුන්ගේ ජවය තිබූ යුගයේදී ඔවුන්ගේ සමාජ කාර්යභාරය ඉටුකර තිබෙනවා.කළ යුතු සමාජ කාර්ය භාර්‍රයක් වේනම් අද දවසේත් ඔවුන් මද පෙරට ආ යුතු?

    ReplyDelete
    Replies
    1. තපස් සහෝ - ජනතාව වෙනුවෙන් සමාජ මෙහෙවරේ නියැලෙන්නන් සැමදා ජනතාව සමග සිටිය යුතුයි යන්න මගේ ඇදහීමයි, එක පක්ෂයකට පාටකට එක සීමා වෙන්න බෑ. එදා වැරදි ලෙස පෙනුණු දේ අද දකින විට නිහඬව සිටින්නට බෑ,
      //""ඔවුන් අද වියපත් මිනිසුන්. ඔවුන් ඔවුන්ගේ ජවය තිබූ යුගයේදී ඔවුන්ගේ සමාජ කාර්යභාරය ඉටුකර තිබෙනවා"// කස්ත්‍රෝටත් එහෙම හිතුනානම් ...

      (බොහොම කාලෙකින් ඉස්සර වගේ තපස් සමග කතා බහ කරන්නට ලැබීම ගැන සතුටුයි ... )

      Delete
    2. // කස්ත්‍රෝටත් එහෙම හිතුනානම් //

      අයියාගෙන් මල්ලීට රාජ්‍ය පැවරීමද ඔබ අනුමත කරන්නේ?

      Delete
    3. කැස්ත්‍රොට විප්ලවය කරන්න උනේ 1990 විතර පස්සෙනම්, එහෙම හිතෙන්න තිබ්බ. ඉවාන්, මිනිස්සු වයසට යනකොට්ය, ස්ව්භාවිකවම ජවය අඩුවෙනව. ඒකනෙ කියන්නෙ "තරුණ කාලෙ විප්ලවවාදියෙක් නොවන්නාත්, මහලුව විප්ලව කරන්නාත් මෝඩයෙකි" කියල.

      Delete
  13. මේ ආච්චි හා සීයා ගැන ටැබූ වරක් හොඳ ලිපියක් ලිව්වා 'නිදහස් බයිලාව' පාදක කර ගනිමින්. අනේ හොයා ගන්න පුළුවන් කෙනෙක් මෙතැන අලවන්න. ඔය වන්දනීය මනසෙන් ඉන්න නංගිලා මල්ලිලාට පේන්න.

    ReplyDelete
    Replies
    1. මචෝ, අපිට ආචිගෙ සීයගෙයි ජීව්තේ සහ හැසිරිම නෙමෙයි, ඒ අය දීපු නිර්මාණ ගැන කතා කරන්න පුලුවන්නම් ඒක වඩා සුන්දර වෙයි.

      Delete
    2. නිර්මාණ හරි ඒ ගොල්ල එහෙම කියන දෙවල් හරි ගැන තමයි. අපි නම් ඕවට නිර්මාණ කියන්නෙ නෑ. ඕකුන්ගේ පෞද්ගලික ජීවිත කතා කරන්න පටන් ගත්තොත් අපට වමනෙ යනවා.

      Delete
    3. ඇයි අපු පුද්ගලික ජීවිතේ ගැන කතා කල යුත්තේ? පුද්ගලික ජීවිතේ හුණු නැති කිල්ලෝට කා ගාවද තියෙන්නෙ?

      ඒ නිසා අපි ඒ නිර්මාණවල වටිනාකම, හොඳ හෝ නරක සහ ඒවගෙ ගුණ අගුන කතා කරමුද.

      Delete
    4. දන් කවුද කිව්වෙ පුද්ගලික ජීවිතේ ගැන කතා කරනව කියලා?

      Delete
    5. නාකි මිනිහකුගේ හා නාකි ගැහැණියකගේ සෙක්ස් තරැණ ඇමැතිවරයකුගේ හා ඔහුගේ තරුණ ලේකම්වරියගේ සෙක්ස් මෙන් නොව පිළිකුල් සහගත මාතෘකාවකි.

      Delete
    6. ඊට වැඩිය පිළිකුල් Fox Ano පොරවල්.

      Delete
  14. මන්දා නාලනී !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

  16. මාතේ පොල්ලට සබර විල්ලක් දමන්න ගිහින් නන්දා මාලිනී ගේ හඩින් ගී ගයන තරුනයෙකු ගැන සඳහන් කිරීමෙන් ඇතිවූ සංවාදය දැන් සැහල්ලුව තුලින් තවත් ඉදිරියට දිග හැරෙමින් තිබීම සතුටට කාරනාවකි.

    මම මේ බලා සිටියේ මන්ද නාව කාරණාව කියාය…. තාමත් මාතේ මේ සංවාදයට..සමහරක් විට මෙම කමෙන්ටුව ලියා පබ්ලිස් වෙන අංගතුරාවේ මාතේ ඇවිත් තියෙන්නත් බැරි නැත...

    නන්දා මාලිනියගේ ගී අප ඉතා ආදරයෙන් රස විඳ ඇත්තේමු, ඉදිරියටත් රස විඳීවි...අවුල එය නෙවේ... ගීතයේ අන්තර්ගතයයි..
    සුදු හාමිනේ...
    බුදු තාත්තේ..
    පිපුන මලේ රුව..
    ඔබ ඔබේ පැලේ..
    ක්‍රිශ්නා
    *
    *
    *

    එකී මෙකී නොකී දුක සැප ආදරය ක්‍රෝධය යන මිනිස් සිතේ පහලවන හැඟීම් සුමධුර ස්වරයෙන් අප සවන් සනහාලු ඇය...සුනිල් ආරියරත්න නැමත්තාගේ ග්‍රහනයට අසුවූ දා පටන් හංදියේ දියෙස් අය්යාගේ කඩේ එල්ලෙන ඇඹුල් කෙහෙල් කැනක් ගානට මාර්කට් විය...එසේ මාර්කට් වීමට කෙසෙල් ගෙඩිවලට හරියන බනිස් සපයා දුන්නේ පප්පාගේ ආංඩුවත් ජෙප්පන්ගේ දේශ්ප්රේමි හමුදාවත්ය.
    ඔහු (ආරියරත්න) කොල්ලන්ගේ හද ගැස්ම තමන්ගේ කටගැස්ම කරගෙන සොඩා නැතුවම නීට් ගී පද (කනට ගසන භාෂාවෙන්) තලු මර මරා නන්දක්කා ලව්වා හොරපොලේ කසිප්පු මෙන් වික්කේය..
    සිංදු රසට කීවාය, ලීවාය කියා උන්ට වඳින්න යන්නවත්, යුද්ධයෙන් රට බේරාගත්තාය කියා අකේ පුරින්න දෙන්නවත් අවශ්‍ය නැත්තාසේම,
    ඒවා ගැන කථා කිරීම යූඇම්පී වීමටවත් නොවීමටවත් කාරනාවක් නොවේ කියාත් කිව යුතුමය...

    ReplyDelete
    Replies
    1. //මම මේ බලා සිටියේ මන්ද නාව කාරණාව කියාය…. තාමත් මාතේ මේ සංවාදයට..සමහරක් විට මෙම කමෙන්ටුව ලියා පබ්ලිස් වෙන අංගතුරාවේ මාතේ ඇවිත් තියෙන්නත් බැරි නැත...// ඔයි ගල් අඳව අල්ලන්න අපේ මදුවල රවුම ලොකු මදි මචං :)

      //සිංදු රසට කීවාය, ලීවාය කියා උන්ට වඳින්න යන්නවත්, යුද්ධයෙන් රට බේරාගත්තාය කියා අකේ පුරින්න දෙන්නවත් අවශ්‍ය නැත්තාසේම,
      ඒවා ගැන කථා කිරීම යූඇම්පී වීමටවත් නොවීමටවත් කාරනාවක් නොවේ කියාත් කිව යුතුමය...//

      මීට වඩා කෙටියෙන් සහ සුන්දරව මේ අදහස කීමට වචන මටත් හිතා ගත නොහැක ( මම මාතලන්ට ඌ එම් පී කාරයා යැයි කීවේ ඌ නන්දාට බනින නිසා නොව, තමා ඌ ඇම් පී කාරයා බව ඌම ප්‍රසිද්ධියේ කියන නිසාවෙනි )

      Delete
  17. ඔය නන්දා සුනිල් දෙන්නගෙ ඒ කාලෙ මැදිහත් වීම ගැන මට නම් මතකයක් නෑ. නමුත් මේ ගන මගේ අදහස මේකයි. ඕනම කෙනෙකුට ඕනෑම කාලයක ඕනෑම නිර්මානයක් කරන්න අයිතියක් තියනව. තමුන්ගෙ නිර්මානය පවතින දූශිත ක්‍රමයකට එරෙහිව යන්නක් නම් එයාලට වැඩි ගව්‍රවයක් හිමිවෙනව. එච්චරයි. එතනින් එහාට මොකුත් නෑ. උබල හැමදාමත් මෙහෙම ඉදපල්ල කියන්න කාටවත් අයිතියක් නැහැ. එයාලගෙ නිර්මාන නිසා කොල්ලො විප්ලව කරන්න පටන් ගත්ත කියන එක නම් හරියට ටේවේ එකෙන් බලල සිගා බොන්න පුරුදු වෙනව වගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි රාජ්. අපි නැතිවෙච්චි සත පණහ ගැන දුවෙනව දෙස් දෙනව මිසක් අලුතෙන් යමක් කරන්න උනන්දුවෙන්නෙ නෑ. ඕක ඉතින් සිංහල ගතියනෙ.

      Delete
  18. වඩා සාර්ථක පැහැදිලි කිරීමක් උදෙසා, මෙලෙස පෝස්ට්ටුවක්ම තෝරාගැනීම පිළිබඳ ඉන්දික අයියට මුලින්ම ස්තූතියි. එකම එක කාරණාවකදී හැර අනෙකුත් සියලුම කාරණා වලදී මං ඔබ හා එකඟ බව ඔබට කිව යුතු නොවේ යැයි සිතමි. එකඟ නොවන එකම කාරණය නම්,

    \\අද ඒ නන්දලම, ඒ වගේම මර්ධනයක් තියෙන පිරිහුනු සමාජයෙ කට වහගෙන ඉන්නව, නැතිනම් පවතින රජයට කඩේ යනව.//

    ඔන්න ඔය හතරවෙනි කාරණය.

    මට ඒක එක්ක එකඟ වෙන්න බෑ. ඇත්තටම ඔබ පෙනී ඉන්න කාරණය විරුද්ධාර්තයෙන් අසන එකම ත්මයි මගෙත් ප්‍රශ්නය. ඔබ සහ නිර්මලා පුන පුනා කියන ආකාරයට, මේ වගකීම අපි නන්දලාගෙන්, සුනිල්ලාගෙන් විතරක් බලාපොරොත්තු වෙන එක වැරදියි කියන එක, කොස් ගහකින් කොස් හැර අපි මොනව බලාපොරොත්තු වෙන්නද, පොල් ගහකින් පොල් හැර මොනව බ්ලාපොරොත්තු වෙන්නද. බත් දෙන්න වී ගහ අකැමැතියි කියල අපි තුත්තිරි ගස් වලින් බත් ඉල්ලන්නද. මේ සමාජය මොරගගා ඉල්ලන්න හඬක් තොයෙනවා. ඒත් ඒ හඬ අසාමාන්‍ය ලෙස ගොලුයි නම් මිනිස්සුන්ට කලකිරීමක් දැනෙනවා.

    අද තරුණ පරපුර අන්ධ වෙලා. ඒ තරුණ පරපුරා මුලාවක පැටලිලා දඟලනවා. කරුමෙට උන්ට එහෙම එකක් වෙලා කියල උන් දන්නෙත් නෑ. ඒ නිසා අපිට ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නෑ. අපි නන්දලාගෙන්, සුනිල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නෙ, මේ නිද්‍රාශීලී තාරුණ්‍යයේ දෑස් අරවන, දෙසවන් අරවන අඬහැරයක්. , ඔවුන්ට ආලෝකය දෙන ප්‍රදීපාගාරයක්. ඔවුන්ව සහ ජනතාව අඳුරින් මුදවා ගැනීම ඔවුන් සතු යුතුකමක්.

    අනිත් එක, කලා කරුවාට විශ්‍රාම යෑමක් කියල දෙයක් නෑ. සැබෑ කලාකරුවා ගතින් දුබල උනත් සිතින් දුබල නෑ. ඒ නිසා ඔවුන් වයසට ගිහින් නෑ. ඒ නිසාම ඔවුන්ගේ අදහස් හැමදාම නැවුම්. කලාකරුවා විතරක් නෙවෙයි, විප්ලවවාදියාත් කවදාවත් වයසට යන්නෙ නෑ, මහළුවෙන්නෙ නෑ. පරණ වෙන්නෙ නෑ, විශ්‍රාම යන්නෙ නෑ. අර උඩුන් කියල තියෙන උදාහරණ වගේමයි. කැස්ත්‍රෝ, මෙන්ඩලා. ඒ ජාත්‍යන්තරයෙන්, ඇයි අපේ ලංකාවෙ ඊට හොඳම ජීවමාන සාක්ෂිය මිය ගියා. ඒ තමයි බාල තම්පෝ. ඔවුන් වයසට ගියේ නෑ. වයසට ගියාට සුද්දට ඉංග්‍රීසි අමතක වෙන්නෙ නෑ වගේ, නාකි උනත් සිංහයා තණකොල කන්නෙ නෑ වගේ, කොච්චර වය්සට ගියාත් විප්ලවවාදී කලාකරුවෙඋට තමන්ගේ ඒ ප්‍රතිපත්තීන්, නිවහල් අදහස් විශ්‍රාම යවන්න බෑ.

    කවුරුන් කොතෙක් උත්සාහ කලත් ඒ දේවල් මැඩපවත්වන්න, දියේ ගිලුණු බෝලයක් වගේ ඒවා දිය පලාගෙන උඩට මතුවෙනවා. ඒ නිසා මට ඔබේ තර්කය පිළිගන්න බෑ.

    ඒ නිසා මට, සුනිල්ලාගේ, නන්දලාගේ මේ නිහඬ බව ඇත්තෙන්ම ප්‍රශ්නයක්.

    ඒත් එක්කම, ඉන්දික අයියා කියනවා හැම පුංචි චන්දෙකම ජීවීපී එකට ඡන්දය දුන්නා, ඒත් ජනාධිපතිවරණයකදි, මහමැතිවරණයකදි දෙන්නෙ නෑ කියලා. රටේ හැමෝම ඉන්දිකලා වගේ හිතන නිසා තමයි, මේ රටට මේ විනාශය වෙලා තියෙන්නෙ. මේ රට කවදාවත් ගොඩගන්න බැරි. පොඩි ඡන්ද වලදි අපේ ඡන්දය කෙතරම් තිබුනත් වැඩක් නෑ, අත්‍යාවශ්‍යම මහ ඡන්දෙකදි නැත්නම්.

    ReplyDelete
    Replies
    1. //කොස් ගහකින් කොස් හැර අපි මොනව බලාපොරොත්තු වෙන්නද, පොල් ගහකින් පොල් හැර මොනව බ්ලාපොරොත්තු වෙන්නද. බත් දෙන්න වී ගහ අකැමැතියි කියල අපි තුත්තිරි ගස් වලින් බත් ඉල්ලන්නද. මේ සමාජය මොරගගා ඉල්ලන්න හඬක් තොයෙනවා. ඒත් ඒ හඬ අසාමාන්‍ය ලෙස ගොලුයි නම් මිනිස්සුන්ට කලකිරීමක් දැනෙනවා.//

      මනෝ, ලොකේ ඉස්සරහට යන්නෙ එහෙම නොදෙන ගස් වලට දෙස් දෙන, ඒවගැනම පසුතැවෙන මිනිස්සු නිසා නෙමෙයි, වී ගහෙන් බැරිනං තුත්තිරිගහෙන් හරි කෑමක් හොයාගෙන ජීවිතේ ගෙන්යන උන් නිසා. අන්න ඒකයි අපි කියන්නෙ හෙටානිද්ද වැළිගම්පිටි යන්න ඉන්න නන්දල කරනකල් නොඉඳ, අලුත් පරපුර මේ දේ වෙනුවෙන් පෙලගැහෙන්න ඕනෙ කියල.

      මම ජෙප්පොන්ට ලොකු ඡන්දෙකදි නොදෙන්නෙ, මට සෑහීමකට පත්වෙන්න පුලුවන් හරි වැඩපිළිවෙලක් 82 පස්සෙ ජෙප්පො ඉදිරිපත් කලේ නැති හින්ද. මොකද ඒ අය තාම උස්සන් යන්නෙ එදා විජේවීර කරපු කතාව. අද ඒක වලංගු නෑ එහෙමම.

      Delete
    2. එදා විජේවීර ගෙනාපෞ මතවාදයන්ට වඩා එහා ගියපු නවීන ප්‍රායෝගික දැක්මක් දැන් ජේ.වී.පී එකට තියෙනවා කියලයි මං හිතන්නෙ. සෝමවංශගෙන් පස්සෙ ඒ වැඩපිළිවෙල අපි දැක්කා. අප දැක්ම හොඳ උදාහරණයක්. ඒ වගේම පරිවාස ආණ්ඩුව කාලෙ ඇමතිකම් දරපු ජේ.වී.පී එකේ අය ඉතාම හොඳ දැක්මකට අනුව කටයුතු කලා. ඔවුන් ළඟ පැහැදිලි වැඩපිළිවෙලක් තිබුනා.

      හරි එහෙම නැතැයි කියමුකො, ඒත් එතකොට ඔය මහ ඡන්දෙකදි ඡන්දෙ පාවිච්චි කරන අනිත් දෙගොල්ලො ලඟ එහෙම ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් තිබිලද ඡන්දෙ දෙන්නෙ?

      අනිත් එක අයියෙ, අපේ තරුණ පරපුර කවදාවත් හිතල හැදෙන පරපුරක් නෙවෙයි. ඒ නිසා ඔවුන් නන්දලා, සුනිල්ලා ගිය අඩිපාරෙ නිකම්ම හිතල යයි කියල හිතන්න අමාරුයි. ඒකයි අවුල. ඔවුන්ට හරි මඟ පෙන්වීමක් හරි දුන්නනම්..

      Delete
    3. //කොස් ගහකින් කොස් හැර අපි මොනව බලාපොරොත්තු වෙන්නද, //

      විප්ලවවාදීන්, කළාකරුවන් මර්ධනය කළ යුතුය යන මතය‍ේ සිටි පක්ෂයක් හ‍ෝ පුද්ගලය‍ෙක් ව‍ේ නම්, ඔහුන්ගන්ද ව‍ෙන කුමක් බලාප‍ොර‍ොත්තු වන්නද?

      Delete
    4. මර්ධනය පමණයි ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ.

      Delete
    5. ජවිපෙ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව බොහෝ දෙනා සුබවාදීව බලා සිටිනවා....මා නැවතත් කියනවා, පළමුවෙන්ම මේ මුරුග පාලනයෙන් මිදුනේ නැත්නම් ඔය කොයි කාටත් අබ සරණයි, ගම්මිරිස් පිහිටයි. පක්ෂ න්‍යාය පත්‍ර පුකේ ගහගෙන වෙඩි කන්න වෙන්නේ. රන්ජන් විජේරත්නට වඩා දහස් වාරයක් කෲර අධිපතිවාදයෙක් ගෝඨාභය කියන්නේ.

      Delete
    6. අප්පටසිරි මෙන්න කතාවක්.රන්ජන් විජේරත්නටත් වඩා ගෝඨාභය නරකලු.කවුද ඔයාට හොඳ

      Delete
    7. ඇයි බයද එහෙම කියන්න....

      Delete
  19. Kiyanna ona tika, Ivan Paulusha,Pehediliwa kiyala thiyenawa,Nanda malani-sunil,Ariyarathna, ekaleth kale,Market ekata liweema,namuth ekale me Market karana kathawath aluth,katawath wede therune ne.Oya sunil-nanda susanyogaya.Amaradewa master samaga thibunu prashnaya,GUNADASA Liyange ge."DIWELAKADA GUNADASA"Pothe Kalpana ugaya(sangara)kotase Thiyenawa.(Ranjan)

    ReplyDelete
    Replies
    1. පිනට මිනිස්සු වෙනුවෙන් කලාව කරපු හත්තොටුව මහත්තය අද කාටද මතක? ඒ මනුස්සය අඩු ගානෙ චන්දන මෙන්ඩිස් වගේ පොතක් ට්‍රාන්ස්ලේට් කරගෙන උන්නනම් ඔයිට වඩා මිනිස්සු අතරෙ තැනක් තියෙනව වගේම ගාණක් හොයා ගන්නව. ඒත් හැට් කලෙක්ෂන් දාල නාට්ටි පෙන්නල ජන විඥ්ඥානෙ අවධි කරන්න බෑ කියල එතුම තමන්ගෙ ජීවිතකාලෙම භාවිතයෙන් අපිට කියල දීලයි යන්න ගියෙ.

      කිසිම කලාවක් මොන හේතුවක් වෙනුවෙන්වත් නිකන් දීල වටිනාකම්ක් නෑ. පවන, කම්පන නිකන් පෙන්නුවනං, නැත්තන් පාර අයිනෙ නන්ද ඔය සින්දු කියල තොප්පියට රුපියලේ කාසි එකතුකරානම්, අර වීදිනාට්ටිවල සින්දුවගේ කිසි කෙනෙකුට මතකයක් තියෙන එකක් නෑ. ඒ නිසා, මුදලට මාකට් එකට සින්දු කිව්වෙ කියන එක මඩකට එහා ගිය ඊර්ෂ්‍යාව පිරි කතාවකට වඩා වටිනාකමක් දෙන්න බෑ!

      Delete
  20. යූ ඇන් පිය කුජීතයි. ඒ ගැන කතා දෙකක් නැත. නමුත් දැන් ඉන්න උන්නැහේලා සාධාරණද? එදා නන්දා මාලනී ගැයූ විරෝධාකල්ප ගී එදාට වඩා අදට ගැලපෙනවාද නැද්ද? ඇද ඔවුන් කට වහගෙන ඉන්නේ සුනිල් ආරියරත්නගේ මොලය කොලොප්පම් වී අත කොරවී, නන්දාගේ කටේ ගෙඩි දමා තිබෙන නිසාද එහෙම නැත්නම් අරළු බීපු ගොළුවන් බවට පත්වී තිබෙන නිසාද?

    දන්සල් දොරෙහි නැත යදියෝ ගීතය වඩාත් ගැලපෙන්නේ එදාටද අදටද?

    https://www.youtube.com/watch?v=tWz367iJeq0

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් වලට වීඩියෝ සහ පින්තූර දාන්න පුළුවන් විදිහට හදන්නකෝ.

      Delete
    2. එක එක තැන් වලින් උස්සල මාත් මේක හදාගත්තේ මෙන්න තියනව ලින්ක් ටික

      http://atampahura.blogspot.com/2014/09/blog-post_23.html

      Delete
    3. //දන්සල් දොරෙහි නැත යදියෝ//

      වගේද අනේ

      // දන්සැල්වල පෝලිම්වල සෝපාකල //

      අපරාදේ සමිතක්කයි අතුලයියයි වෙන් උනේ

      Delete
    4. මේ කේතුමතී නුවරයි කියන තැනට මේ ආශ්චර්‍යෙ පුරයයි කිවනම් වැඩේ ඉවරයි.

      Delete
    5. මම ආයි අහන්නෙ, ඇයි නන්දයි සුනිලුයි විතරද මේ රටේ ඉන්නෙ? උන් එදා කලා කියල අදත් කරන්න ඕනෙමද?

      Delete
    6. ඉන්න අනිත් එකාලට එච්චර කොන්දක් නෑනෙ බං. උන් බත් කන්නෙ වමෙන්ද දකුණෙන්ද කියල දන්නෙත් නෑ. අඩුම තරමෙ නන්දලාට ඒකවත් උනට කියල දෙන්න බැරිද?

      Delete
    7. මනෝ, අපි කැරකෙන්නෙ එකම තැන, එකම ප්‍රශ්ණෙ වටේ.

      Delete
    8. මනෝෂ්......යකෝ බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ ,අසාධාරනයට විරුද්ධව මිනිස්සු ඇදගෙන යාම විහිළුවක්. නන්දලාට දැන් එහෙම කරන්න උවමනාවක් නැතුව ඇති. ඔවුන් මේ පාලනය සමග තෘප්තිමත් ඇති (අපේ මාතා වගේ :D). ඒදා කරේ ගොන් වැඩ කියලාත් හිතෙනවා ඇති, දැන් ෆ්‍රිජ් එක පිරෙන්න මස්, මාළු තියෙන නිසා. මිනිස්සුනේ බං...නන්දා අමතක කරපන්.....ජවිපෙ හිටපු පතාක යෝධයා විමලේ ගැන හිතපන්.

      එදා සමාජ අසාධාරනයට විරුද්ධව පෙත්සම් අත්සන් කරපු කලාකරුවන්ගේ ලිස්ට් එකයි, අද අතසන් කරන අයගේ ලිස්ට් එකයි සසඳා බලපන්. එදා අත්සන් කරපු එවුන්ගෙන් බොහොමයක් අද මුදලාලිලා. උන් දැන් අත්සන් කරන්නේ නැහැ. එදාත්, අදත් හැමදාමත් අසාධාරනයට විරුද්ධව අත්සන් ගහන කලාකරුවෝ කොටසක් ඉන්නවා. අන්න උනුයි මට නම් වැදගත්.

      Delete
  21. Gypcis,Sun Flowerla, Patalawa ganna kalin,EHENAM Minissu AMARADEWA Master wa Mekata ptalawagena Wiwechanaya nokaranne Mokadakiyala Hithanna.Ei Nanda-sunilwa witharak?Kalayak Medenna civil balaya hondata Pawichchi kala Wasiyata,Ada janadipathi upadesakayek wena Rohana Weerasinhath Ekata Hawul,

    ReplyDelete
    Replies
    1. නන්ද සුනිල් විතරක් නෙමෙයි කපුගේත් එදා කතා කලා. ඒත් අද ඒ අය කතා නොකිරීම හරි වෙන දෙයක් කිරීම හරි නෙමෙයි, එදා ඒ මොහොතෙ ඒ මැදිහත්වීම, හඬ නැගීම වැරදිද? එහෙම වැරදිනම්, සිදුවිය යුත්තෙ කුමක්ද?

      Delete
  22. මචං ඉන්දික උඹ අහල තියනවද කුමාර අත්තනායක කියන නන්දක්කගේ බත් කඩේ කියන සින්දුව
    පට්ට පද රචනේ මචං . සංගිතෙත් එල . ඊට හපන් කුමාර අත්තනායකගේ වොයිස්

    ReplyDelete
    Replies
    1. කොහොමද ටිකිරි මොලේ

      Delete
    2. න බං, ලින්ක් එකක් දාහන්කො බලන්න.

      Delete
  23. 71 කැරල්ලෙදි කැරලි ගැසීමට පැහදිලි හේතු කාරණා තිබුනත් 88-89 කැරල්ලේදී තිබුනේ නායකයන්ගේ පෞද්ගලික අභිමතාර්ත මුදුන්පත් කරවා ගැනීම උදෙසා වු බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමකි.උත්සහය අසාර්තක බව දැනදැන සගයන්ට විසිර යාමට අණ නොදි නායකයෝ තමන්ගේ ආරක්ශාව සලසාගැනීමට උත්සුක වුවේ නිර්ලිජ්ජිත අයුරිනි.අපමන වද වේදනා විද මියයද්දි පවා තම සගයන් හෙලි නොකල දහසක් තරුණයන් අතරේ අල්ලා ගත් සැනින් සියලු රහස් හෙලිකල නායකයෝ යැයි සලකන අය 100 ගනනකි. විජේවීරයන් පවා අල්ලා ගත් විට තමන්ගේ දරුපවුල ගැන කතා කලා මිස තම බිම්මට්ටමෙ සටන් සගයන් ගැන කතා කලබවක් අසා නැත.මේ සියල්ලට හේතුව මොවුන් තම පක්ශයේ හෝ තමන්ගේ අවශ‍ය්‍යතා සදහා පෙනී නොසිට බාහිර බලපෑම් සදහා පෙනී සිටීමය.ජ.වි.පෙ. එම අව්ශ්‍යතා සදහා පෙනී සිටිනවිට සුනිල් මහතා පෙනී සිටියේ එම කාර්ය සදහා පිරිස එක්කාරවා දීමටය.ඒ සදහා නන්දා මාලනිය ඔහු විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී.කවුරු කෙසේ කීවත් මේ විමුක්ති ගී අසා විප්ලවයට ආසක්ත වුවෝ බොහෝය.71 විප්ලවය මෙන් නොව 89දී විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව උසස් අධ්‍යාපනයක් නොලද තරුණ කොටස් මේ සදහා සහබාගි විය.එම පිරිස් මේ සදහා සහබාගී කරවීම උදෙසා නන්දා සහ සුනිල්ගෙන් ලද පිටිවහල මහත්ය.ඔවුන් එදා අවන්කව ඒ සදහා පෙනී සිටියානම් එදාට වඩා 100 ගුනයකින් වැඩිවී ඇති මෙම සමාජ පරිහානිය පිළිබදව මෙපමන නිද්‍රාශිලී බවක් දක්වන්නේ කුමන හේතුවකටදැයි නොවටහේ.එක අතකට ඔවුනුත් පවුය.කඩේ නොගිය වුන් පවා පසුව මහ රජ පවුලට ජැක් ගසා තුටු පඩුරු ලබද්දි රෙදි නැතුව කඩේ ගිය අපිට ඊටවඩා දෙයක් ලැබිය යුතුයැයි ඔවුන් සිතනවා විය හැක.මන්ද යත් මෙතන අදහස් පලකරන එකෙක්වත් නන්දාට හෝ සුනිල්ට ජීවත් වීමට අල ගෙඩියකින් හෝ අදාරයක් කර නැති නිසාය.එහෙත් ගැටලුව අත්තේ සිවිල් සමාජය සදහා තමන් යනු ඇදහීමට තරම් සුදුස්සන් ලෙස හගවා පසුව ලාබ ප්‍රයොජන හෝ අසරණකම උදෙසා නිහඩව සිටීමය.සාමන්‍ය කළාකරුවකුට එසේ පෙනිසිටිය හැකිමුත් විප්ලවවදී කළාකරුවකුට එසේ සිටිය හැකිද යන්න ගැටලුවකි.ඒ විප්ලවවාදියාට තම කුටුම්භය තම ජනතාවම වන නිසාමය.

    ReplyDelete
    Replies
    1. දිමුතු සොම්නස් ඔබ ඉතා වටිනා අදහස් කියා තිබෙනවා.එදා නන්දල ආවේගශීලීව ගී ගයල මෝඩ කොල්ලන්ගෙ ලේ කුපිත කරවල ඉස්සරහට ඇරිය.විජේවීරල බංගලාවල සැප විද විද ඉස්කෝලෙ කොල්ලෙ ඇරිය හමුදාව ඉස්සරහට.උන් වෙඩිකෑවට පස්සෙ මිනී අලෙවි කරගන්න ජේවීපී කාරයො විප්ලවීය ගී රචනා කළා.ජේවීපියට ඕන වුනේ ඉන්දියන් හමුදාව දකුණට ගෙනල්ල රට ලේ විලක් වෙනව දකින්න.ඉන්දියන් හමුදාවෙ අවිනීත හැසිරීම ඉදිරියෙ ජනතාවගෙ එකම ගැලවුම්කාරය බවට ජවිපෙ පත් වෙනව.ප්‍රේමදාස එතනදි උපක්‍රමශීලී වෙලා ඉන්දියන් හමුදාව යැව්ව.

      අපමණ වේදනා විදල ජවිපෙට ජයවේවා කියල මැරී වැටුන කොල්ලො ඉන්නව.උන්ගෙ මනස සකස් කරපු නායකයො පාවාදීම් කළේ පහත් විදියට.ඇයි නායකයො එහෙම කළේ.දෙක වදිනකොට පාවා දුන්නෙ ඇයි.නායකයො මුල ඉදලම බලාපොරොත්තු වුනේ සැප විදින්න.චන්ද තියන්නෙ නැතුව ගඩෆිල ,කස්ත්‍රෝල වගෙ අවුරුදු 40 ක් 50 ක් රජකම් කරන්න.සාමාජිකයො ඉන්නෙ දිවි පුදන්න.ලේ හලන්න,වද විදින්න
      ජේවීපී ආන්ඩුවක් ආවත් ජනජීවිතය මීට වෙනස් වෙන්නෙ නෑ.වෙන එකම වෙනස මානව හිමිකම් හා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා ජනතාවට දෙන දේ කාල පක්ෂෙන් පවරන වැඩ කරල හික් මීයො වාගෙ ඉන්න වෙන එක.

      Delete
    2. දිමුතු, ඔබේ ජවිපෙ කැරළි ගැන දැක්වූ අදහ්ස් වැරදි සහ අසම්පූර්ණ ඒවාය. මේ ඒ ගැන කතා නොකෙරෙන අවස්ථාවක් නිසා මෙහි වැඩිදුර පැහැදිලි කිරීමකට නොයන මුත්, ව්මුක්ති ගී සහ පවන යනු දෙකක් බව පමණක් සිහි කරමි. එමෙන්ම "විප්ලවාදී කළාකරුවකු" යන්නෙහි නිර්වචනය දැනගැනීමටද කැමැත්තෙමි.

      යකා, ජවිපෙ යනු ඉන්දියාව මෙහි ඒමට විරුද්ධවූ මුල්ම කොටසක් වන අතර "ඉන්දියානු ව්‍යාප්තවාදය" ගැන ඔවුන් කතා කලේ 71 සිටය. එනිසා, ඔබේ අදහස් සමග මෙතැනදී එකඟ නොවේ.

      Delete
    3. ඉන්දික.....උඹ බොහෝ විට සමබරව සහ මධ්‍යස්ථව යමක් නිරාකරනය කරගන්නා අයුරු ගැන පැහැදීමක් ඇතිවෙනවා. ඒ උඹ පොතේගුරෙක් වත්, කුහකයෙක්වත්, ද්වේෂයෙන් සාකච්ඡා මේසයට ගොඩ වෙන්නෙක්වත් නොවෙන නිසා විය යුතුයි.

      Delete
    4. //////එමෙන්ම "විප්ලවාදී කළාකරුවකු" යන්නෙහි නිර්වචනය දැනගැනීමටද කැමැත්තෙමි.//////

      ටී 56 එකක් කෙලින් අතට තියලා, ඒක උඩ ග්‍රෙනේඩ් එකක් හයිකරලා. ඒකට කට තියලා සින්දු කියන එවුන් :D

      මම උඹට කමෙන්ට්ස් දානකොට හිනා මූණූ දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක උඹ දන්නවා. නමුත් ප්‍රශ්නේ අහලා තිබුනේ මගෙන් නොවන නිසා එහෙම කරා.

      Delete
    5. හරියට හරි ඉන්දික.
      දිමුතුගේ ප්‍රකාශය ගෑන ඔයාගේ උත්තරය හරියටම හරි.

      යකා කියන්නේ නම් සයිලන්ට් සහන්ද මන්දා.
      නියම පිස්සෙක්.
      නිකන් නෙවෙයි චන්දෙ ලoවෙනකොට මහින්දට අසූචි නාගෙන කඩේ යන පිස්සෙක්.
      යකා කියන්නෙ යක්කුන්ටත් ලෑජ්ජ කරන ඵකෙක්.

      Delete
    6. මම සයිලන්ට් සහන්වත් වෙන මොකෙක් වත් නොවෙයි.මෙතන බ්ලොග් ලියන එවුන් 99% ක් කතා කරන්න බයයි.කතා කරන එකෙකුට මේකෙ ඉන්න බයගුල්ලො ඇනෝ කොමෙන්ට් දාන්නෙ ඒකයි.පාළුගෙයි වලන් බිදින එකනෙ කරන්නෙ.සංවාද නැහැනෙ.දෙවි දේවතාවො දෙතුන් දෙනෙක් හදාගෙන උන්ට වැදනමස්කාර කර කර ඉන්න එකනෙ කරන්නෙ.මේකද බ්ලොග් කලාව
      දෙවි දේවතාවන්ට ආමන්ත්‍රණය කරන විදියෙන්ම මොන හීනමාන කාරයොද මේකෙ ඉන්නෙ පේනව
      සමහර විට දෙවි දේවතාවොම එහෙම හැසිරෙනව වෙන්න පුළුවන් .අනේ පවු

      Delete
    7. යකා වන්දනාමාන කරන්නේ මහින්ද උත්තමයානන්ටනේ ..............
      ඵක අතකට ඵ්කෙත් වෑරෑද්දක් නෑ......යකෙක් යකෙක්ට වදින්නෑතුව මොකෙක්ට වදින්නයෑ..............
      අනේ පවු

      //මේකද බ්ලොග් කලාව//
      යකා දෑන් බ්ලොග් කලාව ගෑන ටියුශනුත් දෙනවද?
      ඔයා හිතන් ඉන්නේ බ්ලොග් කලාව කියන්නේ මහින්දට කඩේ යන්න ඔන ඵකක් කියලද?
      අනේ පවු

      Delete
  24. නන්දා මාලනී ලට අලුතෙන් නොකරත් පරණ ටික අදටත් වලංගුයි. අලුත් අය එවැනි නිර්මාණ නොකිරීම මාතලන්ට පෙන්නේ නැහැ.

    තර්කයට පිළිතුරු දීමට අසමත් මල් ගසා සිටින පරිදි හැසිරෙන සෑම වරද්දටම මුල බුදුදහම ලෙස ඌනනය කරන මෙන්ම ඒ ගැන සමාජ මතයක් ඇතිකිරීමට වෙරදරන මාතලන් ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. එදා ගී ටික එහෙමම තියෙද්දි, ඒ ටික ඕනෙමනම් මාතලන්ට හරි කියා ගන්න පුවන්කම තියෙත්දි මෙහෙම බැන බැන ඉන්නෙ ගැලවිජ්ජාවටනෙ මකසි.

      Delete
  25. දේශපාලනයෙන් එහාට ගියොත් ඉන්දික, මෙහෙම දෙයකුත් තියනවා. කලාකරුවා කියන්නේ ජීවිතය පුරාවටම නිෂ්පාදන එලියට දාන කර්මාන්ත ශාලාවක් නොවේ. ලංකාවේ ගොඩක් දෙනා එහෙම බලාපොරොත්තු වෙනවා. නැහැ, කෙනෙකුගේ ප්‍රතිභාවේ පුර්ණත්වයට යම් අවස්තාවක ලඟා වුනාට පස්සේ, එය වියැකී යාම ස්වභාවයක්. අනෙක තමා ඉන්දික, අප ගොඩක් දෙනා මිනිසුන්ව, දේවත්වයට පත්කරගෙන වන්දනා මාන කිරීම. එතකොටත් ඉච්ඡාභංගත්වයට පත් වීම දකින්න පුළුවන්.

    විජේවීර ගැන කියුවොත් ඉන්දික, ජවිපෙ තහනම නීති හා සදාචාර විරෝධියි. හැබැයි මට සිතෙන්නේ විජේවීර කවදා හෝ "කම්කරු පන්ති සන්නද්ධ අරගලය" දියත් කරනවා. එය කාලයේ ප්‍රශ්නයක් විතරයි. ඉතිහාසය ගැන කියන විට මේවා උපකල්පන විතරයි. තර්ක කිරීමේ තේරුමක් නැහැ. මොකද එවැනි උපකල්පන කිසිදා හරිද වැරදිද කියා ඔප්පු කරන්න නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ කමෙන්ටු නැති වෙන්නෙ?

      Delete
    2. රාජ්, ඇයි ඔයාත් බ්ලොග් එකේ කමෙන්ට් කපන්නෙ ඇති තරම්. විරුද්ධ මතය්ටක් දරා ගන්න බැරිද?

      Delete
    3. රයිගම්,

      ඔබේ අදහස හරීයට හරි. කළාකරුව එකම ජවයකින් එකම අදහසකින් එකම දැක්මකින් ජීව්තකාලය පුරාම ඉන්න ඕනෙ කියල හිතා ඉන්නෙ "මන්ධබුද්ධිකයො". ලෝකෙ පොදු ධර්මතාවයක් වෙන වෙනස්වීම කියන එක ඇයි සමහර තැන් වලට විතරක් අදාල නොවෙන්නෙ සහ පිළිනොගන්නෙ? ඒක කුහක කම.

      ඔබ විජේවීර ගැන කියූ අදහස එක්ක එකඟයඉ ඒත් "සන්නද්ධ" කියන දේ නැතුව. හේතුව විජේවීරම කියල තිබ්බ. නමුත් ආන්ඩුව ඔවුන්ව ඒ තැනට ආයි ඇදල දැම්ම. ඇත්ත, මේ ගැන දැන් වාද කරල තේරුමක් නෑ.

      රාජ්, එකම එක කමෙන්ටුවක් ස්පාඑම් වෙලා තිබිල දැන් පබ්ලිෂ් කරා. ඒ හැර ලොරි ඇඩ්, කෙන්ජි එක්ක තිබ්බ ඇරියස් වගේ එක දෙකක් අයින් කරා. වෙන යමක් ගැන දන්නෙ නෑ.

      Delete
  26. මගේ අදහසත් මන්දා නාලනී ලා, ආරියරත්න කුරුවිට බණ්ඩාර ලා තමන්ගේ ලන්සුව ආවාම විකුණුනා.

    මෙතැනදී "ලා" කිව්වේ බහු වචණෙටයි.

    අනිත් ලපයි-සිපයි ඔයිට වඩා කලින් ඔයිට වඩා අඩු ලන්සුවලට විකුණුනා!

    අපේ ලන්සුව ආවාම, මාතලන්, ඉන්දික, කතන්දරකාරයා මොකා වුනත් විකිණෙනවා!

    ReplyDelete
    Replies
    1. කකාව ගන්න මම කැමතියි කකා කියන ගානට ($2.25 million)
      හැබැ‍යි ගෙවීම කොටස් වශයෙන් කැමතිද?

      Delete
    2. කැමතිනම් දැනට රුපියල් 10ක් දෙන්නම් මගේ පස්ස ලෙව කන්නකො.
      ඉතිරිය පස්සෙ දෙන්නම්.

      Delete
    3. අපි තටමලා තටමලා පිටු ගානකින් කියන්න හදන දේ කකා පේලි දෙකෙන් කියලා . Great කකා (Y)

      Delete
    4. විකිනෙනවා නම් කකා අපි මීට කලින් විකිනිලා... අපිත් දිගටම එජාපේ උන්නා නම්, අඩුම ගානේ පලාත් සභාවේ.. නැත්නම් මහින්ද මහත්තයා ගාවටත් යන්න තිබුනා.. ඊට වඩා මෙහෙම හොඳා..

      Delete
    5. විකිණ‍ෙන්න ලංසුවක් එනතුරු බලා සිටින අය ම‍ෙන්ම,
      ලංසුවකට විකිණ‍ෙන්න‍ේ නැති මිනිසුන් ඇත.

      කකා පුළුවන් කාලයක් බ්ල‍ොග් එක කර නවතා දැමුවා ම‍ෙන්ම සමහර පුද්ගලයින් තමන්ට පුළුවන් කාලයක් ඔහු කැමති ක්‍රියාවක් කරයි. මේ නැවතුවා කියලා අනිත් අය බ්ල‍ොග් ලියන්න‍ේ නැතිද,
      කවි ලියන්න‍ේ නැතිද?
      ගී කියන්න‍ේ නැතිද?
      ඉතින් අපි නවතා දැමූ අයට බනිමුද? ඔහුන් මත පමණක් යැපීමට උත්සාහ කරමුද?

      Delete
    6. මගේ අතින් මා ඇවිළූ පහනේ 
      එළියෙන් ලොව දකිමින් 
      මගේ පහන් වැට නිවන්නෙපා 
      මා අඳුරේ හෙළමින්......

      යන මග ගිමනට සෙවණ සැදීමයි 
      මා කළ මහ පින්කම් 
      අතු ඉති බිඳ ගල් මුල් බැට දීමයි 
      ඔබැ කළගුණ සැලකුම්...... 

      පවසට හදවිල දිය දන් දීමයි 
      පෙර දින මා කළකම්
      පවස නිවාගෙන විලට නිගා දී 
      කුමටද මේ සරදම්...... 

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න 
      ගායනය සහ තනුව - විශාරද නන්දා මාලිනී

      Delete
    7. කකා, හරියට හරි. ඒ ඒ කෙනාගෙ මිළ. මේක ලබාගන්නෙ මුදලින්ද වෙන ක්‍රමයකින්ද කියන ඒක වෙනමම දෙයක්. නමුත් මිළ ආවම කවුරුත් දැන හෝ නොදැන විකිනෙනව.

      මාතලන් එදා යූ ඇන් පි යෙ නොහිට එතනින් ආවනම්, ඇයි නන්දා මාලනීලට තමන් උන් තැනින් වෙනස් වෙන්න බැරි?

      සින්දු ඇනෝ, මම උඹෙ සින්දුව පෝස්ට් එකේ ප/ලි යට දානව. උඹට ස්තූතියි කියන්න වචන නෑ මචෝ!!!!

      Delete
  27. කෝ මේ මාතා?
    මං පොඩ්ඩක් වහං වෙලා ඉඳල පොර ආවම එඤ්ඤංකො.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇවිත්, කෝ දැන් විසිටරය.

      Delete
    2. අලෙ අප්ප... මූ අැවිත් උඩ ඉඳංම නෙලලනෙ.
      අලේ සිංහයෝ මාව ඇවුවොත් දැක්කෙ නැ කියහං ඈ...

      Delete
  28. කවදත් වාගේ සිංහයා නාගෙන ඇත.. මා දන්නා තරමින් නම් සිංහයෝ නාන්නේ නැත. සිංහයා ලිපියේ සඳහන් කරනා පරිදි මා ඉතා ඉහලින් අගය කරනවා යයි කියන කිසිවක් මා කෙදිනක හෝ ඇගයීමට හෝ උත්කර්ෂවත් භාවයට ලක් කොට නැත.

    මට නන්දා මාලිනිය තවත් එක් ගායිකාවක් පමණි. මම ඇයගේ ගීත මෙන්ම සියළුම ගායිකාවන්ගේ සමහර ගීත රස විඳිමි. නන්දා මාලිනිය හා සුනිල් ආරියරත්නයන් කලේ යුගයේ අවශ්‍යතාවයකි. වත්මන් කාළයටත් වඩා අති දරුණු යුගයක ඔවුන් කළ කැපවීම අප ඉහලින් අගය කළ යුතුය. මන්ද මාතලන් සමාජ අසාධාරණය වෙනුවෙන් එද උන්නේද අද ඉන්නේද ජෙප්පන්ගේ මතයේය. ඔවුන්ගේ හඬ තුලය. එහෙත් මම ජෙප්පෙක් නොවේ.

    සිංහයා කියනා පරිදිම මම එජාපයට ආදරය කරමි. එමෙන්ම බහුතරය එජාපය වන මහින්ද අයියාටද ආදරය කරමි.

    මට ඇති ප්‍රශ්ණය එය නොවේ. සුනිල් අයියා අද සීයා කෙනෙකි. නන්දා අක්කා ආච්චි කෙනෙකි. උවුන්ගේ නිර්මාණ හැකියාවන් අද මොටවී ඇතිවාට සැක නැත. එහෙත් අවම වශයෙන් එදා ඔවුන් පෙනී සිටී මතය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමේ යුතුකමක්, ජනතාවාදි යැයි ඔවුන්ම තම ප්‍රසංගයේදි බවුතීස්ම කරගත් විෂාරදයන් හා මහා ආචාර්යවරුන්.. ප්‍රබුද්ධ කම් බල්ලාට දමා නළාකරුවන් සම්මග එකට හැමිනෙනා විට ඉතා තද බල අපුලක් ඇති වීමයි..

    එය කෙසේද යත්. දිනක ඉන්දික අභීත හා එකව ලේ දන්දීමේ පින්කමක් ප්වැත්වීම හෝ සයිලන්ට් සහන් සමග එක්ව විදුසර වැනි පුවත් පතක් පලකිරීමක් වැනිය.

    ඉන්දික කරුණාකර අනුන්ගේ චරිත සහතික ලියන්නට ගොස් අමාරුවේ නොවැටෙන්න. හොර චරිත සහතික දීම නීතිය යටතේ බරපතල දඳුවම් හිමිවන වැරදි ක්‍රියාවකි..

    බුදු සරණයි....!!!
    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
    Replies
    1. සම හරක් ජෙප්පන්ගේ මතය යයි කී විට වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවින් මේ පැහැදිලි කිරීමද කළ යුතුව ඇත. ජෙප්පන්ගේ මතය යනුවෙන් මා දහස් කරන්නේ ජෙප්පන් සමාජ අසාධාරණයට එරෙහිව අද ප්‍රජාතන්ත්‍රවාදි මාවතේ ගමන් ගන්න මාර්ගයයි. එසේ නොමැතිව 88/89 මේන් රාජ්‍ය දේපල ගිනි තැබීම හෝ අහිංසක් විරුද්ධ මතධාරින් බල්ලන් බලලුන් මෙන් මරා දැමීම නම් නොවේ. ඒවා මෝඩ ක්‍රියා බව අද ඔවුන්ම පිලිගෙන ඇත. එය සතුටට කරුණකි.

      Delete
    2. //සිංහයා නාගෙන ඇත.. මා දන්නා තරමින් නම් සිංහයෝ නාන්නේ නැත. //

      හෙහ් හෙහ්, මචෝ ඌරො එක්ක ගේමට ගියාම ඇවිත් ටිකක් නාන්නම වෙනව. උන්ට නොතේරුනාට අපිට ගඳ සුවඳ තේරෙනවනෙ.

      //එය කෙසේද යත්. දිනක ඉන්දික අභීත හා එකව ලේ දන්දීමේ පින්කමක් ප්වැත්වීම හෝ සයිලන්ට් සහන් සමග එක්ව විදුසර වැනි පුවත් පතක් පලකිරීමක් වැනිය.//

      ගාමිණී ලොකුගේ සහ චන්දන කත්‍රිආරච්චි එක පක්ෂයෙන් චන්දෙ ඉල්ලුවට, මංගල සමරවීර රනිල් වික්‍රමසිංහගේ මෙහෙයුම් උපදේෂක උනාට, මහින්ද රත්නතිලකයි ඩිලාන් පෙරේරයි එකම කැබිනට් එකේ උන්නට, මාතලන් නමුත් නන්දලා සුනිල්ලා කරෙත් දේශපාළණය විකුණන් කාපු එකද මන්දා.. කියල දවසකට පස්සෙ නන්දා මාලිනිය හා සුනිල් ආරියරත්නයන් කලේ යුගයේ අවශ්‍යතාවයකි. කියල පාට මාරු කරත්, ඉන්දිකයි අභීතයි එකට ලේ දන් දෙන එකක් නෑ.

      හැබැයි සහන් එක්ක යමක් කලොත් පුදුම වෙන්න එපා මොකද මම සහන් එක්ක පුද්ගලික්ව තරහක්, ගේමක් ඇති මිනිහෙක් නෙමෙයි වගේම උගේ හැම ලියැවිල්ලක්ම බොරු සහ වැරදියි කියපු/කියන කෙනෙක් නෙමෙයි. කොටිම්ම සහන්ගෙ දක්ෂ ලේඛන හැකියාව මම අගය කරනව.

      //ඉන්දික කරුණාකර අනුන්ගේ චරිත සහතික ලියන්නට ගොස් අමාරුවේ නොවැටෙන්න. //

      ඒ වගේම චරිත ඝාතනයත් දරුණු වරදක් බව මතක් කරන්න කැමතියි!

      Delete
    3. මේක මේ පෞද්ගලික කේස් එකක් කර ගන්න මෙයා වලි කන්නේ.. මම නගපු එකම තර්කයකටවත් උත්තර නොදි බෙට්ට ඇතුලේ තිබුන රටකජු කෑල්ලක් දෙවෙන් අරගෙන රහ කර කර කන ගමන්.

      ඒ වගේ ගූ වැඩවලට අපි කවදත් කැමති නෑ.. එනවනම් තර්කයට එන්න.. පෞද්ගලිකත්වය නැතුව.. නානවා කිව්වාම් කේන්ති ගියේ.. ඇත්තටම මේකේ නියමෙටම නාලා තියෙන නිසා..

      අර චානුක කියනවා වාගේ හැම බල්ලටම ගල් ගහන්න නරකයි..

      බල්ලා කිව්වට ගනන් ගන්න එපා සිංහයා.. මොකෝ උඹ මට ඌරා කියලා තියෙනවනේ..

      මේ තමයි අපේ රටේ බක පන්ඩිතයින්ගේ අමුම අමු නිරුවත්..

      Delete
    4. //මම නගපු එකම තර්කයකටවත් උත්තර නොදි බෙට්ට ඇතුලේ තිබුන රටකජු කෑල්ලක් දෙවෙන් අරගෙන රහ කර කර කන ගමන්.//
      මෙහෙම කියන විට මට මතක් වෙන්නේ තමන්ගේ තර්ක ඇස්පනාපිට බිඳුනත් තමන් හරිය කියා අනුන්ට ගොනා බුරුවා කියන සයිලන්ට් සහන්.

      මාතලන් විවේචනය කරන්න ගොඩක් බ්ලොග් කාරයෝ බයයි මොකද තම ජීවිකාව මෙන් බ්ලොග් ලියන සහ කමෙන්ට් කරන මාතලන් තරහා වුනොත් ඔහුගේ සින්ඩියෙන් සහ බ්ලොග් රෝලෙන් එන හිට්ස් සහ ඔහුගේ කමෙන්ට් නැතිවේ කියන බය(මේ මතයේ සයිලන්ට් සහන් පවා හිටියා. දේශපාලන දැක්මෙන් සයිලන්ට් සහන් මාතලන්ට විරුද්ද වුවත් ඔහු(සහන්) වාද නොකර පුසෙක් වගේ හිටියා) මෙහෙම පිට කසාගන්නා බ්ලොග් කාරයෝ නැත්නම් මාතලනුත් සයිලන්ට් වී බොහෝ කල්.

      Delete
    5. //////මාතලන් විවේචනය කරන්න ගොඩක් බ්ලොග් කාරයෝ බයයි මොකද තම ජීවිකාව මෙන් බ්ලොග් ලියන සහ කමෙන්ට් කරන මාතලන් තරහා වුනොත් ඔහුගේ සින්ඩියෙන් සහ බ්ලොග් රෝලෙන් එන හිට්ස් සහ ඔහුගේ කමෙන්ට් නැතිවේ කියන බය(මේ මතයේ සයිලන්ට් සහන් පවා හිටියා.//////

      @ විශ්ව.......මේ දේ විතරක් කියන්නම් මචං. මාතා එහෙම තර්ඩ් ක්ලාස් බුවෙක් නෙමේ. මොකද....මම පැහැදිලිවම මාතා එක්ක ගැටෙන අවස්ථා එමටයි. මේ තුල පවා මම ඒ බව සඳහන් කලා. මාතා සංවාද, විවාද ගෙදර අරන් ගිහින් කොට්ටෙට තියාගන්න එකෙක් නොවන බවනම් ෂුවර්.

      Delete
    6. @ විශ්ව රංගනාත්

      මාතලන් ඕනම කෙනෙක් විවේචනය කරන්න කිසි බයක් නෑ. ඒ වගේම මාව විවේචනය කරන්නත් ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. නමුත් ගොඩක් උන් මාතලන් කියන නමට බය වෙලා තියෙනවා. එහෙම බය වෙන්න මම යකෙක් නෙමෙයි. කෙසේ වෙතත් පොඩි වලියක් ඇද සියල්ලන්ටම ආතල් එකක් දුන් සිංහයාට මගේ ප්‍රමාණය.. සමා වෙන්න ප්‍රණාමය..

      කොහොමත් සිංහයා කියන්නෙත් මම වගේම ඩයල් එකක්.. එහෙම උන්ට මම කැමතියි... මොකද මාමත් පොඩි කාළේ ඉඳන්ම ගේමේ ඉන්න පොරක් නිසා..

      Delete
    7. අම්මට බොල විශ්ව බොසා දැකපු කල් !!

      නෑ බං.. මාතෙයා එහෙම සීන් එකක් නෑ.ඌ එක්ක එකට බීලා එක සිගරට් බාගෙ ගහපු මටත් මගෙයි උගෙයි අදහස පරස්පර උනාම මූණටම කිව්වා !! අවුලක් නෑ බිකෝස් ඒක එතනින් ෆිනීතො.. සංවාද කරා ඒක එතනිං අහවරයි.. මත ගැටුමක් මිසක් පරම්පරා කෝන්තර නෑනෙ බං.. මේකත් එහෙම තමා.

      Delete
  29. වයසට යද්දි හැම විප්ලවකාරයාම නවතින තැනක් තියෙනවා අතලොස්සකට හැර. ඒත් නන්දා/සුනිල් ඒ දවස් වල කරපු කාර්යභාරය කිසිසේත් අවතේක්සේරු කරන්න බෑ..

    මේක මේ මට හිතෙන දෙයක්.. හැක්.. ඈ යකෝ සිරිලංකා කාරයෝ යුඇම්පියට විරුද්ධව සිංදු කිව්වට සිරිලංකා එකට විරුද්ධව සිංදු කියයිද??

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තේරුම් ගන්න බෑ මේ යක්කුන්ට.. ස්වේත් රාත්‍රීයේදීවත් පවනේ සින්දුවක් කියන්න කියහන්කෝ.... ආසාවට...

      Delete
    2. මොකක්, නන්දා අක්කා මහින්දට කඩේ යනවා. නෑ බං යූන්පියට කඩේ යනවා කියලා මම කියනවා. මේ බලහංක‍ෝ.

      1- රට කරවන්නම් මසුරන් සමග ඉතින්... කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      2- යදමින් බැද කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      3- දසමසක් මා කුස තුල උන් පුතුන‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      4- මැරෙන්න පුතුණ‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.

      බැලින්නම් නන්දා අක්කා එදා ගහුවත්, දැන් UNP එකන‍ේ බේරලා තිය‍ෙන් න‍ේ. ඕවා කීවානම් අද මාලන් මහචාර්යතුමා කියයි අක්කා ආණ්ඩුවට ගිහින් UNP ට මඩ ගහනවා කියලා. ඒ කියන්න‍ේ නන්දා අක්කා UNP ය රකිනවා.

      (අනිත් සිංදු කීවානම් ආණ්ඩුව‍ෙත් රෙදි නැ)

      Delete
    3. ස්වේත් රාත්‍රීය කරන්න‍ේ සිරස. උන් කැමතිද බං UNP යට ගහන්න. උන් රනිලට විතරයි ගහන්න‍ේ. UNP යට පට්ට ලව්.

      Delete
    4. //ඈ යකෝ සිරිලංකා කාරයෝ යුඇම්පියට විරුද්ධව සිංදු කිව්වට සිරිලංකා එකට විරුද්ධව සිංදු කියයිද??//

      වෙන්න පුලුවන්. ඒක උන්ගෙ දේශපාලනයනෙ.

      //ස්වේත් රාත්‍රීයේදීවත් පවනේ සින්දුවක් කියන්න කියහන්කෝ.... ආසාවට...// ඇයි මහින්දගෙන් අහන්නෙ නැත්තෙ ඔච්චර ජිනීව යන්න භය මොකද කියල, ඉස්සර ආගිය තැන වෙලත්?

      ඇනෝ, කබරය කන්න මු දෙන්නෙ මාර ගේමක්. හදිසියෙවත් කිව්වනං කියයි රට බේරගත්තු ජනාට ද්‍රෝහි වෙලා ආයි මිනිස්සු අවුස්සනව කියල තව යුද්ධෙක.

      Delete
  30. ඉන්දික මචෝ, ඔබ වරද්දාගෙන ඇත.

    අපි අහන්නේ එදා කළ දේ අද නොකරන්නේ ඇයිද කියා නොවේ. එදා කළ දේ අද නොකරන බොහෝ දෙනා සිටිති. උදාහරණයක් හැටියට එදා විජේවීරගේ දොස්තර අතුල සුමතිපාල, එදා ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ අද නිහඬ චරිත ගත කරති. එදා කළ දේ අද නොකරන්නේ ඇයිද අප උන්ගෙන් අහන්නේ නැත.

    අප අහන්නේ නන්දා සුනිල් අද එදා කළ දේට ඉඳුරා ප්‍රතිවිරුද්ධ දේවල් කරන්නේ ඇයිද යන්නයි. ඔවුන්ද නිහඬ වුණා නම් අපට කිසි ගැටළුවක් නැත. නමුත් එදා කළ දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් අද කරන විට එදා කළ හැම දෙයක්ම නිෂේධ වෙයි. එනිසා ඔවුන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. සුනිල් හා නන්දා අද මොනවද කරන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? නන්දා නම් ප්‍රසංග තිය තිය යනවා. සුනිල් නම් මොනව කරනවද දන්නේ නෑ. කොහොමත් මේ ප්‍රතිවිරුද්ධ හැසිරීම පොඩ්ඩක් පැහැදිලි කරනවද?

      Delete
    2. දැනගත්ත‍ෝත් කියන්නම්.

      Delete
    3. @තිසරOctober 10, 2014 at 9:01 AM,

      http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=av10111419&p=1

      Delete
    4. අප්පා මේකද කෙකරගාලා මේ ඇන‍ෝ කියන කතාව. පව් අන‍ේ. දුක හිත‍ෙනවා.
      යුද්ධය නතරවුන 2010 දී රනිලුත් මහින්දට සුභ පැතුවා මල කෙළියයි. රනිලුත් රහත් වෙලා.

      Delete
    5. ඇයි බං රංජන්ග‍ේ වන්ෂ‍ොට් පළව‍ෙනි දර්ශනයට රනිල්ට වාගමෙ මහින්දටත් ආරාධනා කරලා තිබුණ‍ේ. ඇයි බං මේ රන්ජන්ටත් පිස්සුද

      Delete
    6. ඇයි බං ඇ‍න‍ෝ, රංජන්ග‍ේ වන්ෂ‍ොට් පළව‍ෙනි දර්ශනයට රනිල්ට වාගමෙ මහින්දටත් ආරාධනා කරලා තිබුණ‍ේ. ඇයි බං මේ රන්ජන්ටත් පිස්සුද

      Delete
    7. jvp 40 සමරුව බලන්න මහින්දටත්, රනිල්ටත් ආරාධනා කළේ. ‍එහනෙම් ජෙප්පන්ටත් පිස්සුද.

      Delete
    8. ඇ බං ඇන‍ෝ, jvp 40 සමරුව බලන්න මහින්දටත්, රනිල්ටත් ආරාධනා කළේ. ‍එහනෙම් ජෙප්පන්ටත් පිස්සුද.
      (කොම්න්ට් දෙපාරක් වැටුන‍ේ ඇන‍ෝ කියන වචන කෑල්ල දැන්න බැරිවුන නිසා)

      Delete
    9. ඇනෝ, ඔබෙන් තිසර ඇසූ ප්‍රශ්ණය ,ආ මාතල්න් සහ ඉවාන්ගෙන්ද ඇසීමට සිටි ඉතාම වැදගත් ප්‍රශ්ණයකි. ( එය කලින්ම යොමු කිරීම ගැන තිසරට තුති ). කරුණාකර ඔය දුන් දියාරු උත්තර වලින් නොව සැබෑ කරුණු වලින් එයට පිළිතුරු දී ඔබේ තර්කය සනාත කරන්න උත්සාහ ගන්න.

      Delete
    10. @ ඉන්දික මචෝ,

      මුලින්ම නිගමන වලට ඒ නිගමන සනාථ කරන්න කරුණු හොයන උඹ වගේ කෙනකුට ඇරෙන්න වෙන කෙනෙකුට ඔය උදාහරණ ඇති නන්දලා සුනිල්ලා ඉන්නෙ කොහෙද කියලා දැන ගන්න.

      අනෙක මචං තමන්ගෙම බ්ලොග් එකේ තමන්ම ඇනෝ කමෙන්ට් දා ගන්නව කියන්නෙ මහ චාටර් වැඩක්.

      Delete
  31. මං ආවා !!!

    හරි පට්ටාං ගම්මු !!! :D

    ReplyDelete
    Replies
    1. මූ විතරයි මෙතන්ට අඩු උන‍ේ.

      Delete
  32. අපි කතා කරන්නේ කලාකරුවන් ගැන. ඔවුන් කරන්නේ නිර්මාණ. ඒවගෙන් යම් පණිවිඩයක් උත්තේජනයක් ලැබෙනව තමයි. නමුත් කලාකාරයෙක් කරන්නේ පොරොන්දු මත පිහිටා කරන දේශපාලනයක් වගේ එකක් නෙවෙයි. එදා මෙහෙමයි අද මෙහෙමයි වගේ එකක් ඔවුන්ගේ නිර්මාණ අරභයා කියන්න බෑ.

    හොඳින් බැලුවොත් පෙනෙයි, නන්දා මාලිනී (හෝ ඕනෑම ගායකයෙක් ගායිකාවක්) ප්‍රතිවිරුද්ධ අර්ථ තියන ගීත ගායනා කරල තියන බව. "ප්‍රේමය නම්, රාගයෙන් තොර...." කියලා ඊට පස්සේ "ගොවිඳුනි මේ සිරි යහනේ.... රති කෙළි රමණී" කියනවා. මැදපෙරදිග යන අය ගැන "සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි, සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි", කියලා ඊටපස්සේ ""සායින් හඬන දූදරුවන් උදෙසාම... ආයෙන් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම... හීනෙන් මගේ රටෙයි නිදියන හැම රෑම" කියලා ආයෙත් "පිට රටුන් දොරින් දොර සිගා නොකා සිත අලස සුවය දුරරින්" කියනවා.

    කලාකාරයින් හැටියට සුනිල්, නන්දා දෙපොල ප්‍රශ්න ගණනාවක් විවිධ කෝණ වලින් ගීත විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියනවා. මිනිස්සුන්ට විවිධ පැති පෙන්නුවහම ඒවා බලලා තේරුම්ගැනීම තමන්ගේ වැඩක්. මේ දෙන්නගේ ඉතිහාසය බැලුවහම ඒක මාතෘකාවකට, ඒක මතයකට සීමා වෙලා නැති බව පැහැදිලිව පේනවා. විශේෂයෙන් සුනිල් ගේ පරාසය ඉතා විශාලයි.

    අද රටේ කිසිම ප්‍රශ්නයක් නැතිකොට උන් එහෙම හිටියාම මක් වෙනවද අනික. අපිට මේ ගෙදර ඉඳලා කාලා බීල සැපට යුනිකෝඩ් කොට කොට දෙකක් නමාගෙන, බයිට් එකක් හපලා, ගානකට වැදීගෙන එනකොට කියන්න අලුත් විප්ලවකාරී සිංදුවක් නැති එකට උං පලි ද?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. අළුත් සිංදු ඕනා නෑ... ඒ සින්දුවක්ම කියන්න කියහන්කෝ ස්වේත රාත්‍රියේදී.. නිකන් ආතල් එකට වගේ.. අපි වගේ වේදනවෙන් ඉන්න උන්ට පොඩි ආතල් එකක් ගන්න..

      එක්කෝ ඒකත් ඕන නැතෙයි කියමුකෝ.. කඩේ නොයා ඉන්නවත් කියහන්කෝ.. මට නම් නන්දා අක්කට කියන්න තියෙන්නේ මෙච්චරයි..

      නෝනා නානවනම් නාන්න නෝනා..

      අපිට පුකද නෝනා...

      Delete
    3. මොකක්, නන්දා අක්කා මහින්දට කඩේ යනවා. නෑ බං යූන්පියට කඩේ යනවා කියලා මම කියනවා. මේ බලහංක‍ෝ.

      1- රට කරවන්නම් මසුරන් සමග ඉතින්... කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      2- යදමින් බැද කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      3- දසමසක් මා කුස තුල උන් පුතුන‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.
      4- මැරෙන්න පුතුණ‍ේ කීවානම් යූ ඇන් පිය කප‍ෝතියි.

      බැලින්නම් නන්දා අක්කා එදා ගහුවත්, දැන් UNP එකන‍ේ බේරලා තිය‍ෙන් න‍ේ. ඕවා කීවානම් අද මාලන් මහචාර්යතුමා කියයි අක්කා ආණ්ඩුවට ගිහින් UNP ට මඩ ගහනවා කියලා. ඒ කියන්න‍ේ නන්දා අක්කා UNP ය රකිනවා.

      (අනිත් සිංදු කීවානම් ආණ්ඩුව‍ෙත් රෙදි නැ)

      Delete
    4. ඔව් තිසර, අප‍ේ ද‍ේශපාලන පීඩනය තව අය‍ෙකු පිට පැටවීම සාධාරනද?
      අද ඇය ගී ගැයුව‍ෝත් ම‍ේ කියන අයම නැවත කියාවි "ඔන්න ආය‍ේ යුද්ධයකට පාර කපනවා" කියා. අවසානය‍ේ තැල‍ෙන් න‍ේ කලාකරුවාමය.

      Delete
  33. මා කැමති කලාවන් වන්නේ නවකතා, චිත්‍ර, මූර්ති, නාට්ය හා සිනමාවයි- කවි හා සිංදු එයට අයත්වන්නේ නැත. එනිසා මා මේ ගැන සාකච්චාවට සුදුසු නොවේ. මට ඇති ගැටළුවක් පමණක් ඉදිරිපත් කරනව. :-
    ගායකයා සාමාන්යයෙන් තමන්ට රචකයා ලියලදෙන දේ (තමන්ට හොඳට පුලුවන් කියල හිතනවනම් ) ගායනා කරනවෙ නේද? එතකොට ඒ සිංදුවේ තියන දේවල් අනුව ගායකයාගේ චරිත ලක්ෂණ හෝ මතවාද ගැන පූර්ව නිගමනයකට එන රසිකයින් වැරදි නේද?
    නළුවෙක් ජීසස්ව නිරූපණය කල විට ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාවත්, බුදුන්ව නිරූපනය කලවිට ඔහු නිර්ක්ලේශීවත් අපි හිතන්නෙ නෑනෙ. ඒත් ගායකයෙක්ගේ ගීතවලින් ඔහුගේ සර්වකාලීන මතවාද පෙන්නනවද? ඔය ඔක්කොම එන්ටර්ටේනර්ස්ල මිසක් විප්ලවවාදීන්වත්, සාන්තුවරයින්වත්, සමාජශෝධකයින්වත් දේශපාලකයින්වත් නෑනේද?. ඔවුන් පලමුව හා ඉතා වැඩි වශයෙන් තමන්ගේ පැවැත්ම සඳහා අපිට විනෝදයක් ලබාදෙන වෘත්තිමය කලාකරුවන් නේද? කලාකරුවාගේ පලමු වගකීම රසිකයන්ට හිට් වෙන දෙයක් දීල තමන්ගේ ජීවිකාව ගෙනියන එකනෙ.
    එහෙමනම් ඔවුන්ගේ නිර්මාණ අගය කිරීම හෝ බාල්දුකිරීම හැර පුද්ගලික ඔවුන් කවුරුද යන්න රසිකයන්ට වැදගත්ද?

    නළුවෙක් හොඳට බුදු හාමුදුරුවො ලෙස රඟපෑවොත් ඒ රඟපෑම අගය කිරීමට ඌ පුද්ගලික ජීවිතයෙ බේබදු හොරෙක් කියන එක අදාලද?
    සමහරු කියනව තමන් ඔවුන්ගේ නිර්මාණ නිසා වීරයින් ලෙස සිතා හිටි අය ගැන දැන් තරහයි දුකයි, ඔවුන්ගේ නිර්මාණ වලින් ඔවුන් වෙන්ව සිතීම අපහසුයි කියල. මට නම් පුද්ගලිකව අමාරු සිංදු කීම රඟපෑම ආදිය නිසා පුද්ගලයෙක් වීරයෙක් කියා සිතීම.

    ඇත්ත. තියන රජයට විරුද්ධ නිර්මාණ කිරීම නිර්භීත කමක්. ඒත් ඒ අගය කිරීම අපි කරන්නේ දේශපාලනික වශයෙන්. කලාකරුවෙක් කියල නෙමෙයි. ඒතකොට ඒ දෙශපාලන මත දරන කලා කරුවා තම වාසියට හෝ වෙනත් හේතුවකට ඒව වෙනස් කරල වෙන ජාතියෙ කලා නිර්මාණයක් කරනව. එතකොට ඒ අපි අකමැති මතයක් එයින් නිරූපණය වෙනවා නම් අපි බනින්න ඕන තම දේශපාලන මත වෙනස් කර ගත් පුද්ගලයෙකුට මිසක් කලාකරුවෙක්ට නෙමෙයිනෙ
    පූජ්යපක්ශය දොස්තරවරු නීතිවේදීන් , බස් කොන්දොස්තරවරු , බාබර්ල තම මත වෙනස් කරල ඒව ප්‍රසිධියේ කියනව. ඇයි අපි කලාකාරයන් ඔයතරම් උසස් පූජනීය තත්වයේ තියන්න හදන්නෙ. කලා කරුවෝද මනුශ්යයෝය. සල්ලිවලට කරන නිර්මාණ ඇයි අපිට ඔයතරම් බලපාන්නෙ?

    උදා. ජැක්සන් ඇන්තනිගේ ඉස්සර සමහර රඟපෑම් මං ඉතා අගය කලා, ඒත් ඔහු මොකාද කියන එක මට අදාල වුනේ නෑ. වීරයෙක් වුනෙත් නෑ. දැන් මිනිහගෙ සමහර කතා යන කොට මට තරහ යන්නෙ ඒ කියන දේ නිසා මිස ඔහු ඉස්සර කරපු හොඳ දේ නිසා මං හිතාගෙන හිටපු ප්‍රතිරූපයක් නිසා නෙමෙයි. ඉස්සරත් නලුවා දැනුත් (වෙන විදිහක) නලුවෙක්. ඉස්සර මං කැමති රඟපෑම් දැන් අකමැති කතා.
    දැනුත් හොඳ රඟපෑමක් කලොත් මං කැමැත්තෙන් බලනව. ඔහු සල්ලි වලට රඟපානවා මං සල්ලි දීල බලනව. අගය කරනව නලුවෙක් විදිහට . රඟපෑම හොඳ නැත්නම් මට තරහයි උගෙ දුර්වල වෘත්තිමය ක්‍රියාව නිසා මගෙ කාලය හා සල්ලි නාස්තිවීම ගැන. උගෙ දේශපාලනය හා පවුල මොකක් වුනත් මට මොකද?

    (මේ ඉන්දිකගේ විකාර නිසා දීර්ග සීරියස් කමෙන්ට් මගුල් ලියල මගෙ අගනා පිස්සු කෙලීමේ ප්‍රතිරූපයට හානි වෙයිද කියලයි මට බය.)
    .

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක සාධාරණයි නන්දා සින්දු කියලා.. බත් ඩිංගක් කාලා ගෙදරට වෙලා දරුවෝ නලව හිටියා නම්. නන්දා අක්කා එදා රිංගපු තැන් මම කස්ටියට මතක් කරලා දෙන්න ඕන නෑ නේ. සූරියකන්දෙත් උන්නා.. නන්දට බැකෝ එකක් තියෙනවද කියන්න නම් දන්නේ නෑ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //සූරියකන්දෙත් උන්නා//ඒ කිසියම් කරුණක් නිසා ඒදවස්වල ඇගේ දෙශපාලනය නේද මාතලන්? දැන් තවත් (දේශපාලන/ මූල්යමය/ පවුල්මය හෝ මානසික ) කරුණු නිසා ඇගේ මත වෙනස් වෙලා ඇති.
      මගේ අරමුණ වාද කිරීම හෝ මගේ මතය මෙතන කීම නොවෙයි. මට ඕනෑ ඔබ හා අනිකුත් කලාරසිකයින්ගෙන් දැනගන්න නිර්මාණ හා පුද්ගලයා වෙනස් කොට අගය කිරීම හෝ හෙලාදැකීම කිරීමට අපහසුද එසේනම් ඇයි කියල? මට පොඩි කාලෙ ඉඳම්ම hero-worship කියන එක තිබුනෙ අවම වශයෙන් එනිසා මිනිසුන් වීරයන් කිරීම ගැන අනිත් අය ගේ අදහස් දැන ගන්න මං කැමතියි. දේශපාලකයෙක් අපි කැමති මතයක් දරනවිට අපි ඔහුට කැමතිවුනාට එතරම් විශ්වාසයක් නෑ ඔහු එහෙමම ඉඳී කියල එනිසා වීරයෙක් නෙමෙයි. දේශපාලකයෙක් අපි කැමති මතයක් දරනවිට අපි ඔහුට කැමතිවුනාට එතරම් විශ්වාසයක් නෑ ඔහු එහෙමම ඉඳී කියල එනිසා වීරයෙක් නෙමෙයි. ඒත් කලාකාරයෙක් තම නිර්මාණ වලින් දෙන දේශපාලන මත ගැන ලොකු අපේක්ශාවක් තියනවද ? ඒ ඇයි? ඇත්තටම ඒකෙ අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕනෙ? කලාකාරෙයෙක්ගෙන් අපි අපේක්ශාකරන්න ඕනෙ හොඳ කලා කෘතියක් විතරක් නෙමෙයිද?

      (මගෙ අදහස් cynical වැඩිද?)
      Delete

      Delete
    4. ඒකම තමයි ප්‍ර මම උඩින් කියලා තියෙන්නෙත්.. කළාකරුවා නිර්මාණය කරලා නිකන් උන්නා නම් අවුලක්.. කළාකාරයා දේශපාළණය කරන්න ගිය එකයි වැරැද්ද.. ලංකාවේ කළාකාරයෝ බොහෝම හිඟයි.. ඉන්නේ නලාකාරයෝ..

      පුද්ගල වන්දනාව මා කුඩා කළ සිටම ප්‍රතික්ෂේප කරනා දෙයකි..

      Delete
    5. @M,
      අපි හැමෝමටම වගේ කලාකාරයන්ටත් දෙශපාලන මත ඇති.
      ඒත් අපි උන්ගෙන් ගත යුත්තේ කලා කෘතිය පමණක් නොවේද?

      Delete
    6. @ ප්‍රා

      අපිට ධර්මසිරි බණ්ඩාරනායකලා එක්ක ගේමක් නෑ නේද...

      Delete
    7. හ්ම්ම්. වෙන්න ඇති. ඒත් ඔහුගේ කලා කෘති රසවිඳීම පමණයි කරන්න ඕනෙ නේ? කෘතියේ කලාව හා එහි දේශපාලනය අගය කිරීම හෝ විවේචනය.

      ඇත්තම කියනවනම් මාතලන් මට තේරෙන්නෙ නැත්තෙ මිනිසුන්ගේ නිර්මාණවලින් ඔවුන් වීරයන් කරගෙන කරන වන්දනාව. සහ වෙනස් වූ විට දුෂ්ටයන් කිරීම.
      ඉන්දිකගේ බ්ලොග් පෝස්ට් එකක් අගය කරන්න හෝ හෙලාදකින්න ඔහුගේ පෞද්ගලිකත්වය හෝ අභීත ( මං දන්නෙත් නෑ වලිය ) හෝ සහන් හෝ අනවශ්යයි නේ. :-D පෝස්ට් එක හොඳ නම් හොඳයි නරක නම් නරකයි

      Delete
    8. මේ කිසිම පදනමක් නොමැති වෛරීසහගත පෝස්ටුවට උත්තර දෙන්න මට වෙන ක්‍රමයක් නෑ..

      Delete
    9. Pra Jay, කලාකාරයාව අතෑරලා නිර්මාණය විතරක් රසවිඳින්න කියන එක පොලිටිකලි කරෙක්ට් කතාවක් මිස ප්‍රායෝගිකව සිද්ධවෙන දෙයක් නෙමෙයි නේද...? කිසියම් කලාකාරයෙක්ගේ ලයිෆ්ස්ටයිල් එක එයාගේ කලානිර්මාණ වලින් සමාජයට දෙන පණිවිඩයත් එක්ක සමපාත වෙන ( හෝ එහෙම හැසිරෙන ) වෙලාවට වීරත්වය කෙසේ වෙතත්, අඩු වැඩි වශයෙන් නිර්මාණයට එහා ගිය බැඳීමක් රසිකයන්ට කලාකාරයා කෙරෙහි ඇතිවීම ස්වභාවිකයි නේද...? එතකොට ඒ ලයිෆ්ස්ටයිල් එක චේන්ජ් වෙද්දී කලකිරීමකුත් ඉබේම ඇතිවෙනවා... බ්ලොග් දෙකක් පුරා ඇදෙන මේ ලොකු සංවාදයෙදි ඉරක් ඇඳලා දෙපැත්තෙන් එක පැත්තකට අනිවාර්යෙන්ම යන්න කිව්වොත් මමත් හිටගන්නේ මාතලන්ගේ පැත්තේ...

      මට හිතෙන විදියට මාතලන් මෙතන කරන ලොකුම අඩුපාඩුව නන්දා හෝ සුනිල් ගේ සපත්තුවට බැහැලා බලන්නේ නැති එක... එහෙම කලානම් ඔවුන්ගේ පැත්තෙන් මේවගේ හැසිරීමකට නිදහසට කාරණා ඕනිතරම් දැකගන්න තිබුණා... එතකොට ඔය කලකිරීම ලේසියෙන්ම අනුකම්පාවකට පෙරළෙන්න වුනත් ඉඩ තිවුනා... හැබැයි දේශපාලන කහට ඇස්වල බැඳිලා තිබුනොත් ඒක ලේසි වැඩක් නෙමෙයි...

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. මේ ආණ්ඩුව ට එරෙහිව චෝදනා කරන අය සිතාබැලිය යුත්තේ මේ ආණ්ඩුව මෙන් දස දහස් ගුණයක් නරක ආන්ඩුවක් 1994 ට පෙර පැවති බවයි.ජේවීපී කාරයන් අවි අතට ගත්තේද එම ආන්ඩුවේ දුර්දාන්ත බව නිසාය
    එදා කිසිම මානව හිමිකමක් නොවීය.රැස්වීමක් පැවැත්තුවත් යුඇන්පී මැරයෝ ඒවා සුනේ සුන් කළහ.උඩුගම්පොළ වැනි පොලිස්කාරයෝ සිතේ හැටියට මිනී මැරූහ.එදා ශ්‍රීලනිපය රෝදපුටු දේශපාලනයක නිරත්වූ නිසා සියළු චන්ද තනි අශ්වයෙකුගේ රේස් එකක් විය.
    උද්ඝෝෂනවලට පොලිස් පහරදීම් 1994 න් පසු අවමය.1994 න් පසු දරුණු පහරදීමක් සිදුවුනේ ඔරුවල වනේ කම්හල පුද්ගලිකකරනය කිරීමේ උද්ඝෝෂනයේදීත්,කොටුව දුම් රිය පොලේ සිසුන් ට එරෙහිවත්ය.මහින්ද රජය යටතේ කටුනායකදී දරුණු පහරදීමක් සිදුවිය.ඒ ප්‍රකෝප කිරීමකින් පසුය.
    නමුත් එජාප යුග්යේදී උසාවි නඩු තීන්දුවලින් වැරදිකරුවන් වූ පොලිස්කාරයන්ගෙ දඩ රජය විසින් ගෙවා උසස්වීම්ද දුනි.

    හොර චන්ද ගැන කතා කිරීමද කාලය නාස්ති කිරීමකි.කලගෙඩි ලාම්පු සෙල්ලමේදී කොබ්බෑකඩුවගෙ චන්දයත් හොරට දමන ලදී.එසේම යූඇන්පී නොවන කිසිම කෙනෙකුට රැකියා නොදීමට ගෙන තිබූ තීරණය නිසා ආන්ඩුව ගැන වෛරයෙන් තරුණයන් අවි අතට ගත්හ.තරුන අසහන වාර්තාවේ මේවා සදහන්ය.

    සොත්ති උපාලි වැනි පාතාලයෝ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේද විය.පාතාල ක්‍රියාකාරකම් හමුවේ අධිකරණය ඇතුළු මුළු සමාජයම නිද්‍රාවට පත්ව තිබුණි.

    දැන් එන්ජීඕ වලින් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි.මේ සදහා බලයට පත් කරන්න හදන්නෙ බටලන්දෙ මිනීමරුවෙකි.නරියට කුකුල්ලු බාර දුන්නා සේය.

    මේ ආන්ඩුව හොඳයි කියනව නොවේ.නමුත් මේ ආන්ඩුවට වඩා යූඇන්පිය කෝටියක් නරකය.

    නන්දා මාලනීලා කළැ වැඩේ වැරදිය.ඇය අනුන්ගෙ ළමයින්ට ලේ හලන්නට හා වද විදින්නට කියා ජේවීපී අවස්ථාවාදීන් අවුලුවා කළේ විනාශයකි.ජේවීපිය විසින් නොමඟ යවන ලද තරුණයන් වෙනුවෙන් පෙරට ආවේ ඔවුන්ගේ දෙමාපියන්ය.

    එජාපයට එරෙහිව සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු ශක්තිමත් කිරීම කළ යුතුව තිබුණි.

    ReplyDelete
    Replies
    1. මෙය හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුගේ සිතිවිලිය. එක්සත් ජාතික පාක්ෂිකයකුගෙන් ඇසුවේ නම් මීට ප්‍රතිවිරුද්ධ අදහස් කියන්නට ඉඩ තිබිණි.

      මැදහත්ව හිතනා විට තත්වය කුමක්ද?

      1970-77 ආණ්ඩුව ලංකාවේ පහළ වූ නරකම ආණ්ඩුවයි. රටේ මහ ජනතාවම එක්සත් ජාතික පක්ෂයට ඒ සා විශාල ජන වරමක් දුන්නේ එනිසාය. එජාපයට ලැබුණේ බංකොළොත් වී ගිය රටකි. බින්දුවේ සිට නොව ඍණ ගණන් වල සිට රට ගොඩ නැඟිය යුතු විය. මෙසේ රට ගොඩ නැඟීම බාධා ඇතිවීම ස්වාභාවිකය. එසේම ඒ බාධා මැඬලීමේදී විශාල වැරදි සිදුවීමත් සමාන්‍යය. එසේම කොයි පක්ෂයකවත් දේශපාලකයින් කියන්නේ සාන්තුවරයින් නොවේ. ඔවුහු තමන්ගේ ආත්මාර්ථය සඳහා වැඩ කරති. මානව හිමිකම් ඉතා විශාල ලෙස බිඳිමින් හෝ එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය ගොඩ නැඟුවේය. 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ බංකොළොත් ආර්ථිකයක් නොවේ.

      මහින්ද රාජපක්ෂ ගැනත් කිව යුත්තේ ඒ ටිකය. මහින්ද රාජපක්ෂ වසර තිහක් තිස්සේ රටේ විශාලම ගැටළුව වූ යුද්ධය විසඳා දුන්නේය. එතකින් නොනැවතී උතුර හා නැඟෙනහිර ඇතුළුව මුළු රටම විශාල ලෙස සංවර්ධනය කළේය. අධිවේගී මාර්ග හැදුවේය. ගමේ පුංචි පාරවල් වලටත් සිමෙන්ති දමා දුන්නේය. හැබැයි මේ සියල්ල කළේ එක පැත්තකින් උතුරේ මානව හිමිකම් දරුණු ලෙස බිඳිමිනි. (මෙය එජාප දකුණේ කළාට සමානය.) අනෙක් අතින් මුළු රටේම නීතිය සාමය බිඳදමා රටම අවුල් ජාලයක් කොට ඇත. මෙහෙමම ගියොත් 1983 කලු ජූලියකුත් ෂුවර්ය.

      ඒ කියන්නේ යූ එන් පී එකේ සේම මහින්දගේ ද හොඳත් තිබේ වැරදිත් තිබේ. එක පැත්තක් විතරක් කතා කිරීමට නොහැකිය.

      මේ පක්ෂ දෙකේම සාමාජිකයින්ට කරන්නට තියෙන්නේ අනෙකාට බැණ බැණ ඉන්නා එක නොව තමන්ගේ එකා හදා ගන්නා එකය.

      Delete
  36. නන්ද ලා සුනිල් ලා නිහඩ වෙන හේතුවක් නිසා නොව අවශ්‍යතාවය අඩු නිසාය.ජනතාව රජයත් එක්ක සිටින නිසාය.එදා මෙන් කාලකන්නි යුගයක් අද නැති නිසාය.අඩුපාඩු ඇත.එහෙත් එජාපයට වඩා සිය දහසක් හොඳය.මේ ආන්ඩුවෙත් වැරදි කරන්නේ එජාපයෙන් ආ දේශපාලකයන්ය.
    මේ ආන්ඩුව හරි යැ‍යි මම නොකියමි.මටනම් පක්ෂයක් නැත.මම මධ්‍යස්තව කතා කරන්නෙක්මි.මේ ආන්ඩුවට එජාපය කිසිසේත්ම විකල්පයක් නොවේ.එය ඉඟුරු දී ගූ මිලදී ගැනීමකි.

    ReplyDelete
    Replies
    1. අනේ බං ඔහොම නිවටව කඩේ යන්න එපා කාට උනත්. කඩේ යනවා උවත් ඒක යම් විදිහකට කරපන් චා නොවී.

      Delete
    2. /ජනතාව රජයත් එක්ක සිටින නිසාය.එදා මෙන් කාලකන්නි යුගයක් අද නැති නිසාය.අඩුපාඩු ඇත.එහෙත් එජාපයට වඩා සිය දහසක් හොඳය.මේ ආන්ඩුවෙත් වැරදි කරන්නේ එජාපයෙන් ආ දේශපාලකයන්ය./

      මෙන්න නිල් බලකායෙ එකෙක් ඇවිත්. මුන්ට රස්සාවක් දෙනවා කිව්වම රෙදි නැතුව කඩේ යනවා.

      Delete
    3. අනේ අනිච්චන් මං රස්සා ගන්න දේශපාලකයො පස්සෙ යනවලු,නිල් බලකායෙලු
      මට එහෙම හිඟන කමක් තිබුනෙ නෑ එක එකා පස්සෙ යන්න.
      මම දකින ඇත්ත කියන්න මං පැකිළෙන්නෙත් නෑ.

      Delete
  37. ..ලොකු දේවල් ඕනේ නැහැ. අද දවසේදී පවා මහමඟදී, තමන්ගේ ආයතනයේදී අකටයුත්තක්, අසාධාරණයක් වූ විටක එයට විරුද්ධ වන්නේ කීයෙන් කී දෙනාද?

    යමෙක් යම් තැනකදී සාධාරණය වෙනුවෙන් පෙනී සිටියා යැයි සිතමු. [යම් යම් කැපවීම් සිදු කරගෙන]. එවිට තවත් තැනකදී තවත් දෙයක් සිදු වූ විට හැමඳාම නිහඬව, පාඩුවේ තමන්ගේ වැඩේ විතරක් බලා ගනිමින් ඉන්න මිනිස්සු කියන්නේ මොකද්ද? "අන්න අතනත් බලපන්. එදා විරුද්ධ වුනානම් ඇයි අද බැරි?". හැමදාම ඒ මිනිසුන්ගේ පිට දමා තමන්ගේ ඇඟ බේරා ගැනීමද මිනිසුන්ගේ ජීවත් වීමේ කලාව?..

    ReplyDelete
  38. මූ මහ නපුන්සක යකෙක් මචන්ලා.
    චන්දෙයක් ලo උනහම මූ මහින්දගේ පොරජාතන්තරවාදේ ගෑන අපිට ටියුශන් දෙන්න ඵනවා.
    චoදේ ඉවරවෙලා මහින්ද ජනතාවට සුපුරුදු ඈරිල්ල අරිනකොට යකා හොයාගන්නන්ත් නෑ.
    අයෙමත් චන්දෙයක් ලවෙනකොට යූඈන්පී,ජේවීපී පරණ කතා දෙකතුනක් හොයාගෙන ඵනවා ආණ්ඩුවේ කක්කා හෝදන්න.
    (ආණ්ඩුවේ දූශණ ඝාතන ගෙන වගේවගක් නෑ.)
    මූ වගේ දෙකොනින් කතාකරන ගදයෙක් බ්ලොග් අවකාශයේම නෑ බන්.

    ReplyDelete
    Replies
    1. කා ගැනද බං උඹ මේ කියන්නේ....

      Delete
    2. ඈයි මචන් අර උඩින් කමෙන්ට් ඵකේ දේශපාලනය ගෑන මරු විචාරයක්(විකාරයක් ) කරලා තියන 'යකා' කියන පිස්සු යකා ගෑන බo.

      Delete
    3. හරි හරි දැන්නේ තේරුනේ 'යකා' ගැන කියලා.

      Delete
    4. කොහෙද නාකි මහත්තයො මම මහින්දට කඩේ ගිහින් තියෙන්නෙ.වයස යනකොට සිහිය එහෙමෙහෙ වෙන එක ඇත්ත.මං කොමෙන්ට් එකේ කටුනායක සිද්ධියත් දැම්මෙ.චන්ද්‍රිකාගෙ කාලෙ දේවලුත් දැම්මෙ.සාපේක්ෂව බලල මං කතා කරන්නෙ
      මම මොකෙකුගෙවත් ලෙවකන එකෙක් නොවෙයි.ගැති කම් කරන එක ඔළුව නවන එක අපේ පරම්පරාවකවත් නෑ.
      නාකිය නොකිය නාකි මහත්තය කියපු එකෙන්ම මගෙ වැදගත්කම පේනව නේද

      Delete
    5. //ගැති කම් කරන එක ඔළුව නවන එක අපේ පරම්පරාවකවත් නෑ.//

      //නාකිය නොකිය නාකි මහත්තය කියපු එකෙන්ම මගෙ වැදගත්කම පේනව නේද//

      මේ වගේ පොරකට පිස්සෙක් නොකියා වෙන මොකෙක් කියන්නද?
      අනේ යකා මහත්තයෝ බෙහෙත් ටිකක් ගන්න ........ඔයාගේ කතා හරිම අජූවයි.
      මීට වඩා මම ඔයත් ඵක්ක පෑටලෙන්න යන්නේ නෑ.

      අන්තිමටම කියන්න ඔන......
      ඔයාගේ කලින් කමෙන්ට් දෙකතුන දෑක්කාහාම ඔයා කඩේ යන්නේ කාටද කියල අමුවෙන්ම තේරෙනවා.

      Delete
  39. ඉන්දික......උඩ ඉඳන් පල්ලෙහාට කියවගෙන එහෙන් මෙහෙන් කමෙන්ට් එකක් දෙකක් දාගෙන ආවා. දැන් කෙලින්ම කිව්වොත් මාව හිඳිලා සහ හොල්මන් වෙලා ඉන්නේ. ලියන්න හිතපු දේවල් මග හලාගෙන හලාගෙන ආවා. ඒ ඇති.

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. යකා මචං.....මම මේ කමෙන්ට් එක දැක්කා. උඹ අපරාදේ බන් මැකුවේ. මම උත්තරයකුත් ලියාගෙන ආවේ මෙන්න මේ අර කල්ලතෝනි කොටසට අදාලව. දැන් එකෙන් කමක් නැහැ. අතහැරලා ඩාමු. උඹ ඒක මැකුවේ ඉල්ලන් කන්න වෙයි කියලා හිතුන නිසාද :D

      Delete
  41. අපි මෙතන ටිකක් සැරෙන් එකිනෙකාට බැන අඩගහමින් සංවාද කරනව.නමුත් අපි මුනගැහුන දාට පුදුම සුහදත්වයකින් කතා බහ කරන්නෙ.ඒක දුටුව අවුරුදු උත්සවේදි.මට අශික්ෂිත විදියට අපහාස කරන කිසිම කෙනෙක් එක්ක මම අමනාප නැහැ.නමුත් සංවාද නැගල යන්නෙ කියවන අය පිකප් වෙන්නෙ මෙහෙම රිද්මයකින් සංවාදෙ යනකොටයි.නැත්නම් දේශපාලන සංවාද කවිබණ වගෙ වෙනව.ටී වී වල එක එක පක්ෂවල සංවාද කරන අය හොඳ යාලුවො බව අපි දන්නවනෙ

    ReplyDelete
    Replies
    1. උඹ ඕවා ගණන් ගන්න එපා යකා මහත්තයෝ....උඹත් එක්ක කවුරුත් තරහා නැහැ. මේවා සංවාදනේ.

      Delete
    2. ආං හරි යකා බොස් !!!

      මේව සංවාදනේ බං.. නැත්‍තං @:#:®€¢£®©_©| කියල නිකං ඉන්නවනේ.. බොක්කෙන්ම එකඟයි !!

      Delete
    3. උඹලා තරාහා නෑති උනාට යකා හරි තරහයි විවේචන කරන උන් ඵක්ක.
      ඵ්කනේ මූ ඔච්චර ඔක පෑනපෑන කියවන්නේ !
      ඵ්හෙම වෙන්නත් ඵපෑයි යකා මහින්ද පෑටියනේ.
      විරුද්ද මත ඉවසලා කොහොමද............ඔකුන්ව මරාගෙන කනවා මිසක්......මෑදමුලන ක්‍රමේට.....

      Delete
  42. මේ වාදයෙන් හොඳ යෙදුම්, උපහැරණ කීපයක්ම ඉගෙන ගත්තා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කැත නැතිව එකක් දෙකක් කියමුද බලන්න.

      Delete
  43. අහෝ මාතලන්
    ඔබට ඔබ වේගයෙන් අහිමිව යන බව පෙනේ. මදක් නැවතී බලන්න ආපසු. ගතවූ කාලය තුල ඔබතුල මතවාදීමය දරිද්‍රතාවක් වර්ධනය වනු දැනේ. ඔබට විශවාස නැතිනම් මේ ලිපියේ ඔබේ කොමෙන්ට් නැවත කියවා බලන්න විවෘත මනසින්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails