Monday, October 17, 2016

Avent Guard Socrates Award scam ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.



සොක්‍රටීස් අවෝඩ් නම් සම්මාණයකින් ලොවම ඇගයූ බව පවසමින් ඇවඩ්ගාඩ් යළි කරළියට පැමිණ තිබේ. ලවක් දෙවක් නැතිව භයියොද භය්යලාද එය ෂෙයාර් කරමින් අහන්නේ "අඩෝ දැක්කද, තොපි විනාස කරේ මෙහෙම මහා ව්‍යාපාරයක් නේද" ලෙසයි.

බැලූ බැල්මට හිත කඩා වැටෙන කාරණාවකි. මන්ද, එංගලන්තයේ The Europe Business Assembly (EBA) ආයතනයෙන් දුන්න නිසා එසේ මෙසේ සම්මාණයක් වන්නට බැරිය. එහෙව් එකේ යහපාළන ආන්ඩුව කර ඇත්තේ ගොං කමක් වන අතර, විනාස කර තිබ්බෙන්නේ ජාත්‍යන්තර සම්මාණයට පාත්‍ර වන සුපිරි සමාගමකි.

වතුරෙන් කාර් දුවන, පාංගෙඩියට ප්‍රශ්ණය දමා විසඳුම් විසිකල විට ප්‍රශ්ණ විසඳේයැයි සිතන,  ටැංකියේ වතුරෙන් ගෙදරට ලයිට් දෙන ජාතියේ බයිලා වලට රැවටෙන ජාතියකට මෙය පට්ට සිරා, රටේ නම බැබලූ තවත් එක් මහා සම්මාණයක් යැයි දොහොත් මුදුන් දී භාරගන්නා එක සිම්පල් වැඩකි.

එහෙත් මේ සම්මාණයත් මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය වැනිම වූ, පොඩි අතයට ගණුදෙනුවකින් හිමිවූ තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බව කී දෙනෙකු දනීද, කිව්වත් පිළිගනියිද?

මිනිසුන් ස්වභාවයෙන්ම ධනයට, බලයට මෙන්ම ගරු නම්බු වලට කැමැත්තෝය. මේ බැව් දන්නා නොයෙකුත් සෙප්පඩ විජ්ජා කරුවන් ඉල්ලුමට සැපයුම සලසාදී ගාණ හොයා ගනියි.

කලකට පෙර සාම විනිසුරු නම් පදවියද, ආචාර්ය පදවිද, දේශාමාණ්‍ය වැනි තනතුරුද ලංකාවේ කිහිප දෙනෙකුට යම් වැදගත් සහ පිළිගැනීමක් ඇති ආයතන විසින් ප්‍රදානය කල අතර, පෙරේතයන්ට නමුබු නාම දී හම්බු කරගැනීම අගනා ව්‍යාපාරයක් බැව් වටහා ගත් කෛරාටිකයින් විසින් අද ඒ සම්මාණ ලක්ෂයට දෙකට විකිණීමට පටන් ගෙන තිබේ.

අද මේ ගරු සම්මාණ දකින් බහුතරයක් හිකෙන් පුනා වන අතර සුළු ගොබ්බයින් පිරිසක් සහ එය දරන්නා පමණක් සම්මාණයෙන් ආඩම්භර වෙති.

ඇවන්ගාඩ් සම්මාණයත් එයට දෙවනි නොවේ. එකම වෙනස, මෙය එංගලන්තයේ සුද්දන් පිරිසක් විකිණූ එකක් වීමයි. සුද්දාගෙ නිසා අපි හිතන්නේ වැඩේ සුදු ඇතිය කියාය. ඒත් මේ තවත් එක මගඩියක් පමණි.

ඇවන්ගාඩ් හට මේ සම්මාණය දී ඇත්තේ The Europe Business Assembly නම් ආයතනයකි. ඔවුන් එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් හි ලිපිනයැති විශාල ආයතනයක් ලෙස බැලූ බැල්මට පෙනේ. නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් බැලූ විට මේ ආයතනය කර ඇති එකම දේ සම්මාණ පිරිනැමීම පමනි.

වසරකට එකක් නොව දෙක තුනකි. රහස එයයි. එපමනක් නොවේ, මේ සම්මාණ ලැබී ඇත්තේ ලෝකයේ ඉතා ඉහලින් වැජඹෙන ප්‍රසිද්ද පුද්ගලයන්ට හෝ ආයතනයන්ටද නොවේ.

ඒව බහුතරය ලැබී ඇත්තේ ආසියානු හා අප්‍රිකානු ව්‍යාපාරික ලෝකයේ කුප්‍රසිද්ද සමාගම් වෙතය. රහස මෙයයි. මේ සම්මාණ සඳහා ඔබ අයදුම් කල යුතුය. සැබෑ ජයග්‍රාහී ව්‍යාපාරිකයන් මෙවන් "බිස්නස් අවොඩ්ස්" වලට අයදුම් කරන්නේ නැත. මේවා ඉල්ලන්නේ තමන්ගෙ "යම් කිසි" අඩුවක් සහතිකයෙන් වැසීමට බලා ඉන්නා අණ්ඩපාලයන් හෝ මේ ගැන හරි හැටි නොදැන අහුවෙන මෝරුන් පමණි.


මේ පින්තූරයෙන් දැක්වෙන්නෙ ඇවන්ට් ගාඩ්ට සම්මාණ දුන් උළෙලයි. එහේ පුටු ගණනටවත් මිනිසුන් නැත.

බැක් ඩ්‍රොප් එක බාල බැනර් එකක් පමණි. අහෝ, මේ යුරෝපීය මහා සම්මාන උළෙල දුප්පත් ලoකාවේ ස්ලිම් අවොඩ් තරම් වත් ගාම්භීර සුන්දර එකක් නොවේ, තනිකරම ලෝ බජට් වැඩකි. වියදම් කර ඇත්තේ සුන්දර පසුතලයක් සහිත හෝටලයට පමණි.

දුප්පත් ලoකාවේ ස්ලිම් අවෝඩ් වේදිකාව


කතාව ඉවර නැත.

මේ The Europe Business Assembly ආයතනය පිළිබඳව සෙව්විල්ලෙන් සිට, ඔවුන් කරන සම්මාණ මගඩිය ලොවට රහස්ක් නොවේ. මෙයට පෙර සර්බියාව විසින් එය හෙලිකරගෙන තිබේ.

මෙහි ඇත්තේ ඒ වාර්ථාවයි.

සර්බියානු සoවිධානාත්මක අපරාධ වාර්ථා ව්‍යාපෘතිය මගින් EBA යනු මුදලට සම්මාණ පිරිනමන සහ සම්මාණ බිස්නස් එකෙන් ජීවත් වන පිරිසක් බව කදිමට එහි හෙලිකර ඇත.

එපමනක් නොවේ, මෙහි දැක්වෙන ආකාරයට මේ සොක්‍රටීස් ස්ම්මාණයෙහි මිළ යුරෝ 9700කි. සමහරවිට මේ මිළ ඊඩ වැඩි වීමටද ඉඩ තිබේ.

මේ ඉන්දුනීසියානු පුවත්පතක මේ වන්චාව ගැන පලවූ තවත් වාර්ථාවකි.


ඉදින් මහතුනි, ඇවන්ගාඩ් ජාත්‍යන්තර සම්මාණයකින් යුරෝපයේද්ගී පුද ලැබුවායැයි උදම් නොවන්න, චූන් නොවන්න. ඔවුනට යුරෝ දස දහසක් ගෙවා සම්මාණයක් ගැනීමට තිබූ ආර්ථික ශක්තිය ගැන පමණක් සතුටුවන්න.

20 comments:

  1. ඔය වගේ ව්‍යාපාර ඉස්සර තිබුණා who's who වගේ පොතක තමන් ගේ LinkedIn වගේ ප්‍රොෆයිල් එකක් දා ගන්න හැකි. හැබැයි ඒ පොත් කිහිපයක් ගන්න ඕනෑ එකක් ඩොලර් දහස් ගානේ.

    ReplyDelete
  2. ඕක මොකද්ද බං, අර එකෙක් සෝවාන් සහතික දුන්නා නේද සල්ලි අරගෙන?

    ReplyDelete
  3. ලංකාවෙ ජර්නලිස්ට්ලා කරන්න ඕන. ඒත් නොකරන වැඩ මේවා. පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරලා විචාරශීලීව ලියන එක.
    හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. උඩුවා මේ ලිපියට රාවයේ තැනක් දෙන්න බැරිද?

      Delete
  4. මමත් මේ ළඟදි සල්ලි දීලා උපාධියක් ගත්තා... නැත්නම් බ්ලොග් ලියන්න බැරි නිසා...

    ReplyDelete
  5. අඩේ එහෙමත් එකක්ද ?අපේ නංගි කෙනෙක් ඉන්නවා දැන්මම ඒකිට මේ ලින්ක් එක දාන්න ඕන.

    ReplyDelete
  6. ඉන්දුනීසියාවේ පුවත්පතේ ලිපියත් මරු. මේකත් මල් පහයි.

    ReplyDelete
  7. "Lies are the greatest murder. They kill the Truth."

    Socrates

    ReplyDelete
  8. http://www.marketingportland.com/marketing/marketing-articles/230-why-most-business-awards-are-a-scam-preying-on-pride

    https://starbrandawards.wordpress.com/

    ReplyDelete
  9. සිරා පෝස්ට් එක බන්.

    ඇවන්ගාඩ් එකට සම්මාන ලැබුනා කියලා භයියෝ රඟනව නම් දැක්කේ නෑ බුකියේ හෙ හෙ

    ReplyDelete
  10. නියම හෙලිදරව්වක් ඉන්දික...

    £9700ක් තියෙනවා නම් මම ගුණේ මාමාගේ රෑ කඩේටත් ඔය සම්මාණෙ අරන් දෙනවා.

    ReplyDelete
  11. ගාන වැඩියි වගේනෙ. බැරිද පොඩ්ඩක් කේවල් කරල ගන්න. හැක්..

    ReplyDelete
  12. අම්මට සිරි උන්ට සම්මාන ප්‍රයිස් ලිස්ට් එකකුත් තියනවනේ...

    ReplyDelete
  13. හෙහ් හෙහ්, ගැලවිලා නේද සේනාධිපති උන්නැහේගේ රෙදි? අම්මපා මෙන්න මෙව්වා තමයි නියම ඇත්ත කියන්නේ. බොහොම ස්තුතියි පෙන්වා දුන්නාට.

    ReplyDelete
  14. බොලාගෙ ලිපිය කියවනකං මම මේ ගැන කිසිම දැනුවත් භාවයක හිටියෙ නෑ...බොහොම ස්තූතියි...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails