Monday, July 12, 2010

ලුනු ගෙනියෑම


මේ දවස්වල රටේ වෙන දේවල් ඇහුවම තවත් පරණ කතාවක් මතක් උනා. මේක මේ කඩේ යෑම ගැන කියවෙන ජන කතාවක්.

ඉස්සර එක බොහොම කම්මැලි ගමරාළ කෙනෙක් ඉඳල තීනව. මිනිහ කම්මැලිය වගේම මෝඩය. වැස්සොත් හේන වපුරනව, වතුර ටික ආවොත් කුඹුර වපුරනව, නැත්තං ඉතින් ඔහේ අහසට බැන බැන උඩ බල බල ඉන්නව මිස වෙන වැඩක් නෑ. ඉතින් ඔහොම ඉන්නකොට ටිකක් තදින් පෑවිල්ල අල්ලල තිබිච්චි කාලෙක දැන් කරන්න දේකුත් නැති හින්ද ගම මහගෙ හිතුව

“පුබ්බරය වගේ මේ වාහෙ මෙතන ඉඳල මටයි පොඩි උංටයි සාගින්නෙ මැරෙන්නෙ තමයි වෙන්නෙ, ඒ නිසා මේ උන්දැව වෙන කරුමාන්තෙකටවත් යවන්න ඕනැ”
කියල හිතල කල්පොනා කොරේ මොකද්ද මේ කම්මැලි උන්දැව යවන රාජකාරිය කියල.

ඔන්න එතකොට හාමිනෙගෙ ඔලුවට ආව මේ දවස්වල මුකුත් වෙළඳාමකට මුන්දැ යැව්වොත් හරි කියල. ඉතින් අඩු වියදමෙන් ගෙනල්ල වැඩි ලාභයක් ගන්න පුලුහන් බඩුවක් ගැන හිතද්දි තමා ලුනු වෙළඳාම ගැන සිහියට ආවෙ.

හාමිනේ ඉතින් දැන් ගමයට කියනව
" මේ ඇහුනද ඔහේ මෙතන නිකං ඉන්නෙ නැතුං අර පුත්තලං ගිහින් ලුනු ටිකක්වත් අරං එනව වෙළඳාමට, නැත්තං අපට හාමතේ මැරෙන්නයි වෙන්නෙ. මං හුවමාරුවට කළමනා ටිකක් ලෑස්ති කොරල දෙන්නං, කරත්තෙ පිරියං කරල හෙට පාන්දරම පිටත් උනොත් හොඳයි”

දැං ඉතින් බැරි බැරි ගාතෙ හරි පුත්තලං යනව හොඳයි හාමිනේගෙ ගෝරනාඩුවට බිලිවෙනවට වැඩිය කියල හිතපු ගමය, ගොනාගෙ ලාඩං, කඩ ඇණ අරව මේව වලට ප්රී ට්රිප් චෙකප් ඇන්ඩ් සර්විස් එකක් දීල වේලපහිංම නින්දට වැටුන පාන්දරම පිටත් වෙන්න හිතං.

ඔන්න ඉතිං පාන්දරම හාමිනෙගෙ තේකට නැඟිටපු ගමය, අර හුවමාරුවට දුන්න එළවලු හාල් කළමනා ටික එහෙම කරත්තෙට පටවගෙන පිටත් උනා කුකුලත් කිහිලිගන්ංම.

දැං මහ වීරය වගේ පිටත් උනාට මොකද මේ ගමය මීට කළින් කවදාවත්ම පුත්තලං ගොහිං නෑ.

ඉතිං මොකද කොරන්නෙ, වෙනද පුරුද්ද්ටම මං නැති උනත් ගොනා දන්නව ඇතිනෙ, ඇයි ඉතිං අර ගොනාට වෙනදට
" හඃ ගොනා කුඹුරට කුඹුරට " කිව්වම කුඹුරටයි, “හේනට හේනට” කිව්වම හේනටයි ගෙනියන එකේ මොකෝ මූ පුත්තලං නොගෙනියාවිදැයි කියල හිතල කෙවිටත් අතට අරං

" ජහ් ගොනා.. හඃ පුත්තලං පුත්තලං” කියල අනින්න ගත්තලු පුත්තලං යන්න.

ගොනත් ඉතිං දන්න පුත්තලමක් තියේයැයි, ඌත් ඉතිං ගොනා සේ මුළු දවසෙම ඔය එහෙ මෙහෙ කරක් ගහල ගහල රෑ වීගෙන එනකොට හිමීට පුරුදු පාරෙම ආයි ගෙදරටම ආව.

දැං ඉතින් ගමයත් ගොනා වගේ මේ පුත්තලම වෙන්ටැ කියල කරත්තෙං බැහැල ගොනාව දිගේලි කරනකොට, ගෙජ්ජිසද්දෙ ඇහිල එලියට ආපු හාමිනෙව දැකල

" ආ; මේ පුත්තලමෙයි, මං මේ ලුනු ගෙනියන්න කියල ආවෙ"

කියලනකොටකම මහගෙට තේරුනාලු කවුද ගොනා කියල. ඉතින් මහගෙත් මිනිහගෙ හැටි දන්න නිසා..

“අපොයි මේ කාළෙ ලුනු අවාරෙ නොවැ, තව මාස දෙක තුනකිං එනව හොඳයි"

කියල

“එහෙනං ඔය ගෙනාව කළමනා මෙහෙං දැං බාල පලයල්ල, ඊළඟ සැරේ එනකොට ආයි උස්සං එන්න ඔනි නෑනෙ, නිකංම ඇවිත් මෙවයෙ හිලව්වට ලුනු ගෙන්යන්න බැරියැ”

කියල කිව්වම, ගමයත් හරි සංතෝසෙං “

ඔව් ඔව් ඒක් හැබැයි” කියල අර බඩු මුට්ටු සේරම පිළට කොරන්න ගත්තලු.

ඒ අල්ලපන්නල්ලෙ ලාම්පුවට මේ පුත්තලමෙ ගෑනිගෙ රූපෙ දැකපු ගමය,

“ ඒක නෙමී බං උඹ වගේම ගෑනියෙක් මට ගමෙත් ඉන්නවනෙ” කියල කියනකොටම එළියට ආපු පොඩි උං දැකල " මේ වගේම පොඩු උං රැළකුත් ඉන්නවනෙ බං "
කියනකොට හාමිනෙ ඇහුනෙ නැති ගානට

" හරි හරි ඔහේ ඇඟපත් හෝඉදගෙන ඇවිත් මේ කෑම ටික කාල පාන්දරිං පිටත් උනොත් හොඳයි"

කියල පිළට පැදුරකුත් දාල බත් පිඟානත් එලියෙන් තියාල පොඩි උං ටිකත් ගෙට දාගෙන දොර වහගත්ත.

ගමයත් ඉතිං මෙ ගැන එහෙමට හිතන්නෙ නැතුං, අර බත් හැළියටම වග කියල, හෙමීට ඇල වෙලා එහෙම, පාංදරිම්ම පැදුරටත් නොකිය පිට උනා ගම යන්න.
ආයි ඉතින් පුරුදු විදීයටම හිස් කරත්තෙට ගොඩ උන ගමය

" ගොනා ගෙදර ගොනා ගෙදර "

කිය කිය අර අහිංසක සතාට කෙවිටෙං තල තල මුළු දවසෙම හතර වටේ කරක් ගහල ගහල ආයි රෑ වෙනකොට ගෙදරට සෙන්දු උනා.

ලුනු නැති හිංද මහ කං කරච්චලේ තමා දැං ඉතිං කියල ගමයත් කඩිමුඩියෙම ගෙට රිංගල හාමිනේ අහන්ටත් කලිංම

" වැඩක් නෑ යෝධියෙ, මේ දවස් වල එහෙ ලුනු අවාරෙ, මං ඉතිං කළමනා ටික තියල ආව ආයි උස්ස්ං එන්නත් බර වැඩි හිංද, දැං ඉතිං තව පෝයක් හමාරක් ගෙවුනම ගෙහුං එනව ලුනු තියෙද බලල අරං එන්න”

කියනකොට දැක්ක මේං ගේ මුල්ලක මහ හාල් එළවලු කලමනා තොගයක් තීනව.

“මේ මොනාද මේ, මේ මොකා ගෙනැහිල්ලද මං නැත් අල්ල පනල්ලෙ"

කියනකොට හාමිනෙ වෙච්චි දේ තේරුං කොරාට ගමය නෙවි පිලිගත්තෙ.

මේකි මේ මා පුත්තලං ඇරල මොකෙක් හරි හොර වාහෙ කෙනෙක් ගෙට වැද්දං ඒක තමයි මේ තෑගි බෝග ඇන්න ඇවිත් ඇත්තෙ කියල හිතල..

“හහ්..මාව පුත්තලං ඇරල තෝ මෙහෙ මඟුල් නටන්න නේද, ඒක තමයි මට මේ තකහනියෙ පුත්තලං ගෙහුං වරෙං කිව්වෙ"

කියල මාරය නැගපු ගමය පොල්ලක් අරං හාමිනෙට හොඳටම තඩිබෑවෙ නැතෑ.
මේ මෝඩයත් එක්ක ඉන්න තවත් නං බෑ කියපු හාමිනෙත් ඉං පස්සෙ රෙදි ටිකත් පොට්ටනි ගහං අම්මලගෙ ගෙදර යන්න්ට පිටත් උනා පොඩි උංවත් ඇදගෙනම.

ගමයත් ඒ පාර
" තෝ නැති උනාට මට කමක් නෑ, ඔය වගේම එකෙක් පුත්තලමෙ ඉන්නව, මාත් යනව එහෙ”

කියල ආයි කරත්තෙ බැඳං පිට උනා.

අන්තිමට හාමිනේට ලුනුත් නෑ, ලුනු කඳත් නෑ, ගමයට ගෙදර ගෑනිත් නෑ, පුත්තලං ගෑනිත් නෑ.

වැඩේ කොරං එන්න දන්නැති උංව කඩේ යවන එවුංටයි, වැඩේ කොරගන්ට නොදැන කඩේ යන උංටයි දෙගොල්ලන්ටම මේව හොඳ පාඩම්.

11 comments:

  1. හෆොයි........පුත්තලම් බූරුවෙක්ම තමයි....පව් අර හරකා......:D

    ReplyDelete
  2. මේ දවස් වල අපේ රටෙත් ඔය සීන් එකම තමා වෙන්නෙ හික් හික්...

    ReplyDelete
  3. කොහොමත් මචං කඩෙ යනවා වගෙ පෙන්නන්නේ වැඩක් හරියට කරන්ට දන්නේ නැති එවුන්ම තමා.... උන්ව කඩෙ අරින එවුන්ටත් ඕන ඌ නානව බලන්ට තමා... අන්තිමට වෙන්නේ ඕකට කිසිම සම්බන්ධයක් නැති පොඩි එවුන් ටික අනාත වෙන එක තමයි.....

    ReplyDelete
  4. වගකිය යිත්තෝ මෙක දක්කනම් නියමයී.......

    ReplyDelete
  5. මම හිතන්නෙ ගම මහගෙ කොට්ටක් පනින්න ඇති නැත්නම් බඩු කොහෙන්ද????

    ReplyDelete
  6. නියම කාලෝචිත කතාව . .

    කඩේ යවන්න කලින් ගමයගෙයි ගොනාගෙයි තරම දැනගෙන්න උන්න නම් ගම හාමිනේට ඔය වින්නැහිය වෙනෙන නෑ නේද බන් . .

    අපේ අර මහරජාට වුනේත් ඕක ම තමයි හික් හික්

    ReplyDelete
  7. හා හා පුත්තලං..පුත්තලං...

    ReplyDelete
  8. @ හේමලය,
    දැන් පුත්තලමෙ නෙමේ දියවන්නාවෙ නෙ...

    @ පිස්සා,
    පිස්සංට තරං සමහර ලොක්කොන්ට තේරෙන්නෙ නැති එක තමා දුක.

    @ පුතා,
    හරියටම හරි මචං..හැමදාම වෙන්නෙ ඕක තමයි.

    @ ඉලන්දාරිය,
    කම්මලේ බල්ලන්ට හෙන් ඇහෙයිද බං?

    @ ඉන්දි,
    අයිස් අයිස්...වැඩේ තේරිල නෑ වගෙ...

    @ දුකා,
    ඒක තමයි, ඔහොම ගිහින් ගිහින් රජාට වෙන දේ පොතෙත් නැත් වෙනව. ඇයි අර මහින්ද සමරසිංහල, දයාන්ල වගේ උං අයිං කරල මේ හොටු කොල්ලොනෙ කඩේ යවන්න අරං තීන්නෙ..

    @ වැම්පයර්,
    ස්තූතියි...

    @ මාරය,
    ඔව් ඔව් ඔන්න තව චන්දයක් එනවලු නේද...පුත්තලං පුත්තලං තමයි..

    ReplyDelete
  9. එක කතාවේ ගොන් වැඩ කරන අය තුන් දෙනයි :)

    ReplyDelete
  10. @ හසිත
    හරියටම හරි...හික්ස්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails