Tuesday, June 8, 2010

iifa සහ ඉන්දියානුවේ


මහා සද්දෙටෙ පටන් ගත්තත් බලාපොරොත්තු උන තරම් අදායමක්, ගැම්මක් නැතුවම iifa ඉවර උනා.
මේක ඉන්දියන් ජාතිකයන්ගෙ ජන්ම ගතිය, එකට පනදෙන්න වගේ ඉඳල බෙල්ල කැපෙන්න ඇරල මාරු වෙන එක.
අනික iifa තියා film fare ලංකාවෙ තිබ්බත් දකුණු ආසියාවෙන් එහාට ඒකෙ කීර්තිය ගලන්නෙ නෑ නෙ. ඒත් මං මේ ව්යාපෘතිය සාර්ථක උනානං සතුටුයි, මොකද ඒක එඬරු ගහක් වත් වෙන ඒකෙ මේ වෙලාවෙ හැටියට. කොහොම උනත් අල්ලපු රටේ මිනිස්සු විස්වාස කරං ගොඩයන්න හදන රජතුමා මේකෙන් වට් පාඩමක් ඉගෙනගනීද බලමු!
සමහරු කිව්වට අපිත් ඉන්දියාවෙන් තමයි ආවෙ, අපිත් ආර්යයො කියල, ඒක නං සැකයි. මොකද ඔය කියන සිංහ පැටිය අච්චර දුර ලාට රටේ ඉඳල එනකං, මේ එහා පැත්තෙ කේරලෙ හරි තමිල්නාඩුවෙ හරි ඒ වෙනකොට අවතැන් (IDP ) වෙලා හිටපු රැලක් මෙහෙට ගොඩ වැදිල නැතිවෙන්නම බැහනෙ.( මොකද කතාවට කියනවනෙ නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට යනකොටත් කේරළයෙක් හිටිය කියල චායෙ චායෙ කිය කිය තේ කඩය්ක් දාං.) අනික විජය කොහොමත් වැද්දන්ගෙ පියා මිස සිංහලයන්ගෙ පියා නෙමෙයිනෙ. මොකද මිනිහට පස්සෙ ගෙනාපු ගෑනිගෙන් ළමයි ලැබුනෙ නැහැනෙ.
ඔය ලංකාවෙ ගොඩක් දෙනා අහල නොතිබ්බට " කඩ, මුදලාලි, ආප්ප, ඉඳි ආප්ප,ප්රවෘත්ති, සමාන, අවශ්ය, විශේශ, සෞක්ය, අප්පච්චි, ආච්චි, වේසි" වගේ හින්දි භාෂාවෙ දකින්නට නොලැබෙන සිංහල වචන මහ ගොඩාක් ඇවිත් තීන්නෙ කේරලයෙන්. ඕන කෙනෙකුට කියන්න පුලුවන් මේවා පස්සෙ එකතු උනා කියල, ඒත් සමහර කේරළ ජනකතා සහ ජාතික උත්සව ගැන හොයල බැලුවම හිතෙනව අපි ඇත්තටම ආර්ය්යන්ගෙන් නෙමෙයි ආර්යයො පහලට එලවල දාපු ඉන්දුනිම්නෙ මුල් පදිංචිකාරයොන්ගෙන්ද පැවත එන්නෙ කියල. ( කේරළ ජනකතා සහ උත්සව වල ලංකාවට ඇති සම්භන්දය ගැන මං තව කරුණු ඒකතු කරල පස්සෙ ලියන්න හිතන් ඉන්න නිසා දැන් ඒ ගැන වැඩිය කතා කරන්නෙ නෑ.)
කොහොම උනත් අය්ය මලෝ බිඳවල, අය්යට කෙලවල පස්සෙ මලයටත් කෙලපු රාමායනේ ඉඳල, තමන්ට රජවෙන්න දීපු ගෑනි කැලේට එලවල වෙන ගෑනියෙක් ගෙනාපු විජය හරහ උඩින් ඇවිත් පරිප්පු දාල operation liberation නතර කරපු තැනට වෙනලකනුත්, අදත් ඉන්දියන් කාරයො ලංකාවට කරපු බලු වැඩ ගැනත් ඔය ඉන්දියාවයි උන්ගෙ වීරකමුයි තියන් වනන උන්ට පෙනුනෙ නැති එකයි පුදුමෙ. කොටින්ම ලංකාවට බුද්ධාගම එවුවෙත් දික් විජය වෙනුවට ධර්ම විජය, ඒ කියන්නෙ කඩුවෙන් නැතිනං වෙන මොන මලාදානෙකින් හරි ගහල තමන්ගෙ අනාගත සතුරා ෂේප් කරගැනීමටනෙ!( අර පරංගින්ගෙ දෙල් වගේ ඒක අපේ අය යහපතට හරවගත්ත එක වෙනම කතාවක් )
හැමදාම ඉන්දියාවෙ නොපෙනෙන සතුරා ලංකාවයි කියන තැන තමයි උන් හිටියෙ, ඒත් අපේ මෝඩ රැලට ඒක කවදාවත් අවභෝද වෙන්නෙ නැති ඒකයි කරුමෙ කියන්නෙ.
සුද්දො ලෝකෙට දාපු තවත් ලෙඩක් තමයි මේ ඉන්දියාවත් ( 1947 ට කලින් ඉතිහාසයෙ කවදාවත් ඔය අද තිබෙන ඉන්දියාවක් තිබිල නෑ නෙ ). හැබැයි මේ ඉන්දියාව තනි රටක් හැටියට තීන එකේ එකම වාසිය තමයි අන්තවාදී මුස්ලිම් රටවල් ගොන්නක් අපේ වටේ ඇති නොවිච්ච එක.
අපිට ඉන්දියාවත් එක්ක face to face ගේම ඉල්ලන්න බැරි බව ඇත්ත.ලොක්කො ඉස්සරහ කොන්ද කෙලින් තියන් ඉන්න පාවිච්චි කරන විවිධ ක්රම තීනව. ඉන්දියාවයි පකිස්ථානෙයි අතර උන හැම යුද්දෙකදිම ඉන්දියාව තමයි දිනුවෙ, ඒත් පකිස්ථානයට තමයි චීනෙටත් වඩා උන් බය. ඒ උනාට පකිස්ථානෙට ටිකක් පොඩි බංගලිදේශයට, නේපාලයට හරි භූතානෙට හරි සලකන්නෙ ඒකෙ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අකාරයටනෙ.
අපි ඉන්දියාව එක්ක ගහ ගත්තෙ නැතත්, අපිටම කියල ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් දවසක අපේ film festival ඒකක් උන්ගෙ theater එකක තියන්න බැරි වෙන්නෙ නැහැ! මොකද ඉන්දියාවෙ පන්ජාබ් ඇර අනිත් සියලුම ජාතිකයො ඒ තරම්ම නිවට රැලක් නිසා.

ඉන්දියාව තමයි අද තමන්ගෙ ලොකුම මිතුර කියල මේ ලඟදි බුෂ් ලොක්ක කියල තිබුන. ඒත් අරාබියෙදි ඉන්දියන් කාරයො ( හින්දි කියලයි කියන්නෙ ) පයෙ පෑගෙන දූවිල්ලක් තරම්. අද QATAR වලට ඉන්දියන්කාරයන්ව වැද්ද ගන්නෙ නැහැ, මොකද ආවොත් යන්නෙ නැහැ කියල.
Slum Dog Millionaire ට සම්මාන දුන්නෙත් ඒකෙ තිබුන කලාත්මක අගය කිරීම්වල එහා ගිය දේශපාලන අරමුණක් වෙනුවෙන් කියල ඉන්දියන් කාරයොම කියනව. ඉතින් එහෙව් රටට සීපා දීල, අපි උන්ගෙ පා ලෙවකන්න යනව.
සමහරුන්ට හිතෙයි මං මේක ඉන්දියාව ගැන මොනාහරි පුද්ගලික කෝන්තරයක් හිතේ තියාගෙන ලියලද කියල. ඇත්තටම මට තරහ තීන්නෙ ඉන්දියනුවො එක්ක නෙමේ, මේ සත්ය තේර්ං ගන්නෙ නැති අපේ උං එක්කයි. මොකද අපි දිගටම ඉන්දියානු ගැත්තොවීමෙ ප්‍රතිපලය වෙන්නෙ තව ටික දවසකින් ලංකාව ඉන්දියාවෙ 24 වෙනි ප්‍රාන්තය වෙන එක තමයි. ඒක අර චීනෙ ටිබෙටයට, එහෙම නැත්තං තුර්කිය සයිප්රසයට කරපු දේට දෙවැනි වෙන්නෙ නැහැ. ලංකාව සින්ගප්පූරුවක් කරන්න හිතන මහත්වරු, මේක තායිවානයක් කලොත් විතරයි අපිට කවද හරි ගොඩයෑමක් තියෙන්නෙ.
ඉන්දියාවෙ උන් මක්කම යනව වගේ ඇමරිකාවට ගියාට ඇමරිකන් කාරයො ඉන්දියාව දකින විදිය ගැන පොඩි කතාවකින් මේ ලිපිය ඉවර කරන්නං. ( මේ කතාව මට මුලින්ම් මතක් උනේ කතන්දරගෙ චූ කතා අහල. )
මේක ජාත්ය්න්තරව ප්රසිද්ද කතාවක්. බොහෝ විට අහලත් ඇති.අනික මේ කතාව සර්ව කාලින නිසා කැමති නම් අදාල චරිත වලට දාගත්තට කමක් නෑ.
ඔන්න එක පාරක් ඇමරිකාවෙ ජනාදිපති තුමා ඉන්දියාවෙ සන්චාරයකට ආවලු. ඒ ඇවිත් ටජ් මහල් බලන්න යද්දි මිනිහ දැක්කලු මේ ඉන්දියන් ගෑනු, මිනිස්සු පාර දිගේ චූ කරනව ( ඉන්දියාවෙ ගිය අයනම් දැකල අති මේක , සමහරුනම් කක්කත් කරනව ). මේක දැකල මිනිහ පුදුමයකුත බොහොම පිලිකුලකුත් අතිවෙලා, ඉන්දියන් අගමැතිට කිවුවලු, "චික් විතරක් මේ වැඩේ නම් හරිම කැතයිනෙ, මොකද මේ ඕගොල්ලන්ගෙ රටේ හමෝම පාරෙ චූ කරන්නෙ, මෙච්චරටම මෙහෙ වැසිකිලි පහසුකම් අඩුයිද" කියල. දැන් ඉතින් ඉන්දියන් අගමැතිට කන පැලෙන්න ලැජ්ජාවෙ ඔය බ්ලා බ්ලා ගාල නිකන් බයිල ටිකක් කියල ශේප් වෙන ගමන් හිතුවලු, " හිටපන් පුතේ, ඊලඟට මන් එනවනෙ උඹලගෙ රටට, එතකොට බලමුකො සුද්දොන්ගෙ වැඩ” කියල. ඉතින් ඔන්න ඔහොම ගිහින් එක දවසක් ඉන්දියන් අගමැති තුමා ආවලු ඇමරිකාවට සන්චාරයක්. ඔය ඇවිත් දැන් ඇමරිකන් ජනාදිපතියි ඉන්දියන් අගමැතියි දෙන්න ගියාලු Grand Canyon එක බලන්න. දැන් ඉතින් දෙන්න ඇවිදගෙන් යනකොට ඔය අයින දිගෙ, දැක්කලු ඈත කෙනෙක් හොඳට full suit ගහල පන්දුරකට නිකන් Colorado River එක හරෙව්ව වගේ චූ කරනව. මේක දැකල අපේ ඉන්දියන් අගමැති තුමාට මාර හැපි. ටක් ගාල ඇමරිකන් ලොක්කට කතා කරල පෙන්නුවලු " අර අර කොහොමද වැඩෙ, බලනකොට අපිට කිවුවට මෙහෙත් ඒ තරමටම වෙනසක් නෑ නෙද " කියල. දැන් ඇම්රිකන් ජනාදිපතිට හෙන ලැජ්ජාවෙ මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව අඹරෙද්දි මෙන්න අර හාදය වැඩේ ඉවර වෙලා zip එක උස්ස උස්ස බොහොම සැහඇල්ලුවෙන් ඉස්සරහ පන්දුරෙන් එලියට එනවලු.
ම්නිහගෙ මූන දැකපු ඇමරිකන් ලොක්ක උඩ පැන පැන හිනාවෙන ගමන් කිවුවලු අපේ ඉන්දියන් ලොක්කට "බලපන් බලපන් අර කවුද එන්නෙ කියල" කියල.
ඉන්දියන් අගමැති තුමත් හොන්දට ඇස් කරකවල බලනකොට මෙන්න එනවලු මිනිහගෙ ඇමරිකන් තානාපති තුමා මල් හිනාවකුත් දාගෙන පඳුර අස්සෙ ඉඳන්.

12 comments:

  1. සම්පූර්න ඇත්ත. මැද පෙරදිග ත්ත්වේ මෙහේ හරක් දන්නෙ නෑ. උන්නම් උන්ගේ අභිමානය හරි තියාගන්නවා. අපේ එවුන්නම් ඉඹල පිලිගන්නෙ. දැක්කනේ කට්ටිය ..ක දීපූ ලස්සන. නියමටම ගොනාට ඇන්දා. මේව බලන් ඉන්න බැරි වෙච්ච ලංකාවට අවංකවම ආදරය කරණ සුනිල් ෂෙට්ටි උත්සවේට ඉන්නෙත් නැතුව යන්න ගියා.

    ReplyDelete
  2. හොඳ ලිපියක්.ඒත් සහෝදරයා මේවා කිවුවට අපේ මිනිසුන්ගෙ නැති උන කොන්ද හදන්න බෑ.තමන්ගෙ වාසිය විතරයි බහුතරයක් බලන්නෙ,ඒ තීරන වලින් හානියට පත්වෙන්නෙ අර සුළු පිරිස.
    රාජ්‍ය මධ්‍ය වලින් වගේ තව තව ක්‍රම වලින් මිනිස්සු ගොඩාක් දුරට ‍රැවැට්‍ටුවා.ඒත් මේක පිලිගන්නෙ කීයෙන් කී දෙන්නද...?
    පොඩ්ඩක් තරුනය පුවත්පතෙ ජුනි 3 කලාපය වගේම මැයි 29 කලාපයත් බලන්නකො

    ReplyDelete
  3. /*කේරළ ජනකතා සහ ජාතික උත්සව ගැන හොයල බැලුවම*/

    කේරලේ ඕනම් ෆෙස්ටිවල් එකේ "යක්ශෝත්සව" කියන අංගය නරඹද්දි ඔබ ඔය ඔය කියන කාරනය මට වැටහුනා.

    ReplyDelete
  4. එළ එළ ෆට්ට පොස්ට් එකමචෝ. දැන් ඉතින් ලංකාව ඉන්දියාවේ 24වෙනි ප්‍රාන්තෙ වෙනෑක සක්කරයටවත් නවත්තන්න පුලුවන් වේද කියලනම් සුවර්නෑ බං මහින්ද ලොක්කයි උගෙ ඇම්බැට්ට දූත පිරිසයි ගිහින් නොවෑ ඉන්දියාවට අර කෙලෝන ගිවිසුමද මොකක්ද අත්සන් කොරන්න :( දැන් ඉතින් සුභ අනාගතයක් ඈ....... අනේ කාලේ වනේ වාසේ කිව්වලු. කාටදබං අපි මෙව්ව කියන්නෙ.

    ReplyDelete
  5. @ මාතලන්
    ඒකනෙ වැඩේ, ඔච්චර ...ක දීලත් උන් ටික අඩු ගානෙ රජාගෙ tea party එකටත් නෑවිඳින් මඟ ඇරපු එකේ තව මොන කතාද?

    @ රොෂාන් එරංග
    ඔව් සහෝ, මෙහෙම කියල අපේ උන් හදන්න බෑ. මේව නිකං හිතේ දුකට කියැවෙන ජන කවි වගේ තමා.
    ඔය පත්තරේ web එකේ හොයාගන්න පුලුවන්ද?

    @ SOLO
    ඔව්, ඇත්තටම ඔය "ඕනම්" උත්සවය සම්පූර්න පදනම වෙලා තීනෙන් ලාංකික රජෙක් ඉන්දියානු දෙවියෙක්ට පැරදුන කතාවක්. එදා සිංහලයා owns land තමයි god's own land වෙලා තීන්නෙ ඊට පස්සෙ.

    @ ජේ.ඩී
    අයිත් අහල, දැන් ඉතින් ටික දවසක් ගියාම තමයි කට්ට්ටියට තේරෙන්නෙ " කුච් කුච් හෝතාහෙ" කියල.

    ReplyDelete
  6. තිත්ත ඇත්ත තමා ඔය. අනික දැන් ඉන්දියාව ලංකාවට සලකන්නේ තමන්ගේ චූටි නංගී විදිහටනේ :)

    කේරළ ජනකතා සහ උත්සව වල ලංකාවට ඇති සම්භන්දය ගැන ඔයාගේ ලිපිය කියවන්න බලාගෙන ඉන්නේ.

    ReplyDelete
  7. @ හසිත
    ඉන්දියාව කියන්න pervert කෙනෙක්. ඉතින් මේ අම්ම නැති චූටි නංගිට දෙයියන්ගෙම පිහිටයි.
    මේ දවස්වල කරුණු එකතුකරන් යනව. ලඟදිම ඒ ලිපිය දාන්නං.

    ReplyDelete
  8. මට දැන් තමයි තේරෙන්නේ ඇයි උඹ මගේ සිංහල කම ගැන මම දරන මතේට කැමති කියලා. ඇත්තෙන්ම ලංකාවේ ඉඳන් ඉන්දියානුවන්ට ..ක දෙන අයව මැද පෙරදිගට අපේ වියදමෙන් හරි ගෙනල්ලා පෙන්නන්න හිතෙනවා අපේ ස්‍රී ලාංකික අභිමානය ඉස්සරහා දනින් වැටෙන ඉන්දියානු ඩබල් ට්‍රිබල් ඩිග්‍රි, පී එච් ඩී ගහපු උන්ගේ තරම නැද්ද හොඳයි . . ? එතකොට වත් තෙරුම් ගනීද මිනිස්සු මාධ්ය මායාව හා සැබෑ නිරුවත් මොකද්ද කියන එක . .

    ReplyDelete
  9. වැඩක් නෑ මචං. අපි කන හැටි ලිපා දනී තමයි. මට දුක අර taboo වගේ උගත් මිනිස්සුත් මේක තේරුන් නොගන්න එකනෙ!

    ReplyDelete
  10. අපි අතීතය අමතක කරල දාලයි ඉන්නේ. හේතුව ඉතිහාසය සිලබස් එකේ වරද.

    විජය එක්ක ආපු 700 න් අද ඉන්න ඔළු ගෙඩි සේරම පැවතෙන්නේ නෑනේ. එදා ඉඳල මෑතක් වෙනතුරු ලංකාවට මිනිස්සු ඉන්දියාවෙන් ආව, නිදහසේ ඇවිත් පදිංචි වුණා. ඒ දවස් වල වීසා ඕනෑ නෑනේ.

    http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

    අදත් ලංකාවේ තියෙන කුල ප්‍රශ්ණේ ඒ එක් එක් කාලවල, එක් එක් පැතිවලින් ආපු එක් එක් පිරිස් අතර තිබුණු අසමාන කම්. ලංකාවේ විවිධ පලාත්වල විවිධ වචන පාවිච්චි වෙන්නේත්, එකම වචනයේ විවිධ ඇක්සන්ට් තියෙන්නේත් ඒ නිසයි.

    ReplyDelete
  11. @ කතන්දර

    සම්පූර්ණ ඇත්ත. ලෝකෙ ලොකු රටක් ලඟ තීන හැම පුංච් දූපතකම තත්වෙ ඕකයි. ප්‍රශ්නෙ තීන්නෙ අපි එහෙන් ඇවිත් ඔච්චර කාලයක් ගිහිනුත්, තාම අපේමකියල අනන්යතාවක් හදාගන්න බැරි උන එකයි. අනික් බහුතරයක් දූපත් ඒ අතින් අපිට වඩා ගොඩක් ඉස්සරහින්නෙ ඉන්නෙ!

    ඔය පෝස්ට් එකෙන් පස්සෙ දුටුගැමුණු ගැන ලියන එක නැවතුනා නේද? නරකද ආයි ලියන්න ගත්තොත්...මේ තමයි හොඳම කාලෙ මට හිතෙන්නෙ.

    ReplyDelete
  12. අද තමයි ඉස් ඉස්සෙල්ලාම ඔයගේ බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වේ....
    සිරා...අදහස් පොඩ්ඩ... දාන්න හිතෙනව ඩිරාම් 5ක් කටට

    ඇත්තටම මචන් වැරැද්ද තියෙන්නේ ඉන්දියාවෙ උන්ගෙ නෙවෙයි.. ලාංකිකයෝ වෙච්ච අපේම තමයි... අපෙ උන්ම තමයි අසල් වාසී මිතුරු රාජ්‍යයය කියලා ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්නේ... මුන්ට තෙරෙන්නේ නෑ ඉන්දියන් කාරයා බලාගෙන ඉන්නේ වතුර ටික බොරවෙනකන් අපේ මාලු ටිකට කෙලින්න කියලා..
    අද විතරක් නෙවෙයි ඉතිහාසෙ මහාවංසෙ ලියපු දවසෙ ඉදනුත් ඊට කලින් ජනප්‍රවාද වලිනුත් අපේ ඇයො කලේ ඉන්දියාව පුම්බල උඩින් තියපු එක...

    ඉන්දියාවට ආවඩන සිංහලයෝ දැක්කහම ඉතින් මට කොලවෙරි තමයි !!!!!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails