Sunday, June 23, 2013

තහනම් කල යුතු සිංහල ගීත! culture & vulture



අපේ ගීත කලාවෙ මහා පතාක යෝධයො කියාගන්න අය ලීව ඒත් හරියට බැලුවොත් මෙලෝ රහක් නැති ගීත බොහොමයි. විශෙෂයෙන් රටේ ජාතික ප්‍රභෝධයක් ඇතිවෙලා ගරු ජනාධිපතිතුමා සහ ලේකම් තුමා ප්‍රමුඛ අපෙ නානසාර හිමියන් කරගෙන යන ඒ බොදු විශුද්ධිකරන ව්‍යාපාරය යටතෙ මේ අසික්කිත ගීත ගැනත් අවධානය යොමිකරන්න කියල මම උන්නාන්සෙලාගෙන් ඉල්ලා සිටිනව.

ඒ වගේම අර චිත්‍රපටි වාරණ මණ්ඩලේ වගේ එකක් ගීත වෙනුවෙන්ද පිහිටුවන්න මේ ගීත ටික දැක්කමවත් ඔබතුම්න්ලට හිතෙයි කියල මම විස්වස කරනව.

1. සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ

සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වඩ කර දෙන්නේ
සකල බුජං ............ අහිංසකයි
අහිංසකයි උනාට හරිම කඩිසරයි

සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්ක කියන්නේ
වයස අටයි......පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දස්සයා
ළමා ශ්‍රමය තනම් කරල මානව හිමිකම් ස්ථාපනය කරපු රටක් හැටියට මේ වගේ අවුරුදු අටක ළමයෙකුගෙන් වැඩ ගන්න සින්දු අපේ පොඩි උන්ට අහන්න දෙන එක ගැන ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන. ඒ නිසා මේ සින්දුව තනම් කරන්නට හෝ වයස විසි පහයි යස කොල්ලා ලෙස පද වෙනස් කර නැවත ගැයිය යුතුය.


2. ගොවිඳුනි මේ සිරි යහනේ

විරහී වැලහින්නකි මා...

රතිකෙලි රමණී,

සිහිකර පැරණී,

යමුනා නදියද වැලපේ..



පියයුරු මඬලේ තැවරුන දෙතොලේ

සුවඳින් සැනහෙම් සොඳුරේ..

හීසර මෙන් හද දවමින්

තුරු සිදුරින් එයි සඳ කැන්

යොවුනන් නැළවෙන මේ රෑ

වියොවින් කැළඹෙයි රාධා..


මෙය ඉතාම රාගාන්විත, අශිෂ්ඨ පද පිරුණු, තරුණ දියනින්ට සිය මාපියන් සමඟ ඇසීමට පවා ලැජ්ජාව ඇතිකරන ගීයකි. එනිසා මෙවන් පියොවුරු, රති කෙළි ඈ අශීලාචාර වදන් වලින් පිරි මේ ගීය තනම් කර ගායිකාවට ජාතියෙන් සමාව ඉල්ලා සිටිම්මට බල කල යුතුය.
  
3. කුමරියක පා සළඔ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුනා කුමර බඔසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා
උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවෙන තුසිතය සුරන් නැලවු සුයාමය


මේකත් අර ඉහල ගීතය වගේම කිසිම සදාචාරයක් නැති ගීතයක්. මොකද ඔය මලවි කරළිය කියන්නෙ අර කාන්තාවන්ගෙ රහසඟයි, නාභියයි අතර තියෙන කැලෑබද පෙදෙසයි කියලයි අපේ සිංහල ගුරුතුමා මේකෙ තේරුම ඇහුවම කියල දුන්නෙ. ඉතින් එහෙම දේවල් ගැන සින්දුවල ලියන්න, ඒ සින්දු ප්‍රසිද්ධියෙ කියන්න දෙන්න පුළුවන් කාලයක්ද මේ. ඒ නිසා අමරදේව මාස්ටර් ගමේ මිනිහ උනත් උන්දැටත් මේකට ජාතියට වන්දි ගෙවන්න කියන්නම වෙනව.

4.මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවානම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්
ලා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින් රන් තරු මාල බැඳන් රන්වන් අහසින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවානම්
බිම් කලුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවානම්


පොද වැස්සක පාළමක් අසලට තරුණියකට එන්නට කීම කෙතරම් අශිලාචාරද? ඇත්ත වශයෙන්ම එදා දුරවභෝධය නිසා මෙවන් ගී ගැයීමට ගැන අද සත්‍යාවභෝධ වී රණවිරුවන් අගයන එඩ්වඩ් මහතා ලැජ්ජා විය යුතුය.

මෙවන් බොළඳ අශීලාචාර ගී තව බොහෝ වෙතත් ඒවා වගකිවයුත්තන්ගෙ අවධානයට යොමු කිරීම පාඨක ඔබට දෙමින් මා දැන්  කියන්න යන්නෙ මිත්‍යාව පතුරන ගී කිහිපයක් ගැනය. අවිද්‍යාව දුරලල විද්‍යාව රට පුරා පැතිරී යන මේ වගේ උත්තම යුගයක මෙහෙම ගීත වැඩිය අහන්න නොදෙන එෆ් එම් සහෝදරයන්ට අපි ප්‍රණාමය පුද කල යුතුය.


5.ආදී සිංහලුන්
පිට දීප දේස ජයගාථා ආදී සිංහලුන්
පිට දීප දේස ජයගාථා
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා...........

පිට රට සිරිතට දිව දික් කරනා
අද සිංහල කලු සුද්දා
කන්ට අදින්ටා පිටරටින් එන තුරු
මුහුදට දත නියවන්නා

හෙරලි බතල ටික නුපුරුදු අම්මා
රට හාලේ බත කාලා
කිරි නැති හින්දා රට කිරි බීලා
සිංහල දරුවො මරන්නා

පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා

කිසි දවසක විදේශ රටක් ආක්‍රමණය නොකරපු ජාතියක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන මේ සින්දුවෙ පටන් ගැන්මෙම තීන බොරුවට. අනික නවසීලන්තෙ නැවුම් තණ බිම් වල තන වලින් එන කිරි වලින් ලොකු වෙන ජාතියක් රට කිරි වලට අපහාස කරන එක කෙළෙහි ගුණ දන්න බෞද්ධයො හැටියට ඉවසන්න හොඳම නෑ! ඒ නිසා තනිකර බොරු පිරුන මේ මිත්‍යා මත පතුරන ගීය වහා තහනම් කර ජාතියේ ප්‍රණාමය රට තන වල පුද කිරීමට අපි තාම ප්‍රමාද නැත.

6.තොටමුණ බද සිටි රුවන්මලී ගඟ බිලිගත් මගෙ රුවන්මලී ගමට සිටිය එක රුවන්මලී ගඟට වරෙන් අද රුවන්මලී
ඉර අවරට යන හැන්දෑ යාමේ දුම්බර කඳු වැටි මුදුන් වලින් සිහින් වළාවක් සෙමින් නැගීලා මේ තොටමුණ බද රැඳී සිටී
සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස රුවන්මලී තොටමුණට ඇදේ කළය පුරා දිය උකුලෙ තබා ගෙන හෙමින් හෙමින් පා නගනු පෙනේ


ගඟකට පැනල මැරිච්චි ගෑණියෙක්ගෙ හොල්මනක් ගැන කියවෙන මේ හොල්මන් සින්දු මොන තරම් බෞධයන්ට අපහාසයක්ද? ඒ නිසා වහාම මේ වගේ මිත්‍යාවට උඩ ගෙඩි දෙන සින්දු තනම් කරල දාන්න ඕන. ඒ වගේම මේ එක්කම අර වික්ටර්ගෙ "තොටුපොළ අයිනේ කවුද අතවනන්නේ" ගීටහය්ත් තනම් කරල දාන්නම ඕන. මොකද එතනත් කියවෙන්නෙ ගොම්මන් කළුවරේ තොටුපලක් අයිනෙ අතවනන බලන්න භය හිතෙන කෙනෙක් ගැනනෙ. ඒකනෙ මිනිහම කියන්නෙ "ඒ දෙස නොබලමි, ඒ දෙස නොබලමි" කියල.

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ

7.සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව  වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

සඳකඩ පහණ වැනි බෞද්ධ උරුම පල්ලි වලින් අයින් කරනා කලෙක මෙවන් ගී මෙසේ තියෙන්නට ඇරීම බරපතල අපරාධයකි. ලොව්තුරු සුව විඳීමට අර්හත් බවක් ලබාගතයුතුය. එහෙත් අනියම් පෙමක් නිසා හිස් ගැසුම් කා සදෙව් ලොවට, බ්‍රහම් ලෝක විසි අටට හෝ සතර අපායට අයිති නැති මේ රචකයාගෙ පිළිකන්නෙ පමනක් තිබිය හැකි පෙම් ලොවක ඉපැදී ලොව්තුරු සුව වළඳන බව පැවසීම කෙතරම් බුදු බණට නිගාවෙක්ද? වහා මේ ගී පද වෙන්ස කරන මෙන් හෝ තනම් කරනමෙන් යෝජනා කරමි.
 
තවත් මෙහෙම ඔයගොල්ලො දන්න සින්දු තියෙනවනම් ඉහල තැන් වල අවධානයට යොමුවෙන්න මෙතන කමෙන්ට් විදියට හරි ලියල යන්න. මෙඔකද මම මේ ලිපිය ඊ තැපැල් මගින් බොරු බණ සේනාවට යවන්න ඉන්නෙ.



පලි. සීගිරි ළලනාවන්ට සුදුසු උඩුකය ඇඳුමක් නිර්මාණය සඳහා වන මෝස්තර නිර්මාණ තරඟයක් ළඟදීම පැවැත්වෙන බවත් දෙරණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරඟාවලියෙ සියලුම කටයුතු සඳහා ඩිල්කි අමන්මලී මෙනවිය අමතන ලෙසත් කවුද මට අද පන්දරම කිව්ව. අවුල තියෙන්නෙ මම ඒ වෙලාවෙ උන්නෙ නිදියන්ද නැද්ද කියල මට මතක නැති එකයි!

74 comments:

  1. එතකොට සිරියහනේ ලණු ඉහිරී වියන් බඳින රෑ ...ඒකත් ඔය එඩ්වඩ් ලොක්ක ගයන මහ වනචර එකක් ...තව රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි ...හත්වලාමේ ආණ්ඩුකාර උන්නාන්සේ කෙනෙක් කියන සින්දුවක්....

    ReplyDelete
    Replies
    1. ආන්ඩුකාර උන්නාන්සෙ අන්න රත්නශ්‍රීගෙ උත්සවෙ සින්දුවක් කිය්වන්නවත් නෑවිදින් ඔස්ට්‍රෙලියා ගියා කියන්නෙ පස්සෙ සතියෙ සින්දු කියන්න. කපුගේ උන්නනම් මිනිහවත් "මට මතක නෑ" කියයි ඔයගොල්ලො.

      Delete
  2. ඇයි...
    මට ඔබ විතරක් උනාට..
    ඔබට ඉන්නෙ මම විතරද...

    නිකං ජනාධිපති තුමාගේ කනට ගැහුවා වගේ ගීයක්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නෙන්නම්.. මුලින්ම ඔය සින්දුව තහනම් කරලා ඉන්න ඔනේ

      Delete
    2. ඕක කියන්නෙ කොයි එක්කෙනාද කියල මට හිතාගන්න අමාරුයි.

      හැබැයි වහාම තනං කොරන්න ඕන. මොකද මැණික්වෙලේ නෝන ගැන එක ආර්යාවකුයි, සිරිවර්ධන්යක කරපු මියුරු හඬ නිසා තව ආර්යාවකුයි, සිංහල ශබ්ධ කෝෂය වගේ ලැයිස්තුවක් නිසා තව කෙනෙකුයි ඔය සින්දුව කිව්ව කියනවනෙ!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඇයි වදේ අරක, එකත් හරිම වල් ...... මටනම් ඇහෙනකොටත් ලැජ්ජයි මට එක මෙතන ලියන්නත් ලැජ්ජයි ... ඔන්න අහක බලන් ලිව්වේ........ සසිකා ගේ " තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න" ......... මැලේසියාව පැත්තෙත් රව්මක් දාන්න
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මට අපැහිදිලි ඔය සින්දුවෙන් නගා කියන්නෙ මොන තොල් පෙති ගැනද කියල. කොහොම උනත් අනිව තනමට ලක් විය යුතුයි.

      Delete
  5. ආදී සින්හලුන්....
    පිට නොයන ලෙසට xx ගැහුවා..

    සින්දුව අහල තියනවද?

    ලන්කාවට ආවද?.... ඇහුවට තරහ වෙන්න එපා අර වැඩේ සෙට්ල් උනාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සර නිතර ස්කූල් බස් එකේ, ට්‍රිප් යද්දි, බිව්වම කියන සින්දුවක්. තව ඔහොම මහ ගොඩක් තියෙනව. ඒත් මේ බ්ලොග් එක 18- නිසා ලියන්න බෑ.

      මොනාට තර වෙන්නද මචං. ලංකාවට එන්නෙ ලබන සති අන්තෙ වගී. ආවම දෙන්නම් කියනව, බලමු!

      Delete
  6. Replies
    1. බොලෑ අප්පද?

      Delete
    2. සපුමල්,

      මෙන්න ඔබේ සින්දුව "මමයි මොට්ට පාල දොට්ට දැම්ම පාසැලෙන්, හා හා පාසැලෙන්..."

      Delete
  7. තව එකක්...තම්බියෝ කියපු බෞද්ධ සින්දු තහනම් කරන්න ඕන...ඔබෙ රා ගී (රා බී කියලද මන්ද කියන්නේ)..
    එතකොට ක්‍රිස්තියානි කාරයෝ ලියපු සින්දුත් තහනම් කරන්න ඕන...අර පන්සලේ ෆාදර් ලියපු ඒව එහෙම...

    ReplyDelete
    Replies
    1. තම්බි බොදු බැති ගී කියපු එක මහා ජාතික අපරධයක්. වහාම එම ගීත අයිතිය රජයට පවරාගෙන ඇක්සන් ජැන්තනී වැනි හෙළ බොදු කළා කරුවන්ට දෙන්න ඕන ගයන්න.ඔය ෆාදර්ට පන්සලේ විශෙෂනය දාපු එකා හොයල හැමන් හිල් යවන්න ඕන.

      Delete
  8. පිට දීප දේස ජයගත්තා කියන්නෙ හම්බ ගෑණියෙක්. ඒ නිසා ඉස්සෙල්ලාම ඒ සින්දුව තහනං කොරන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. හම්බද හින්දුද මන්ද. මොනා උනත් ඒ කාලෙ උන්ට මේ දැන් වගේ ජාතික කැක්කුමක් තියෙන සිංහල නළා කාරයො ටිකක එකතුකරගන්න බැරි උන හැටි අම්මප!

      Delete
  9. ඇයි බන් මේ සින්දුව...

    http://www.youtube.com/watch?v=9_Fbu5bOQmI

    ReplyDelete
    Replies
    1. උඹට උත්තර හෙට. මොකද කන්තෝරුවෙ ඌ ටියුබ් වහල!

      Delete
  10. රාගය උද්දීපනය වන ගීත , ජාතියට අවමන් වන ආකාරයේ සියලු ගීත තහනම් කර , එම ගීත වලට සහය දුන් සියලු පුද්ගලයන් රටින් නෙරපිය යුතුයි...මම වහාම රජතුමාගේ අවදානය මේ ගැන යොමු කරන්නම්..( මාත් කීයක් හරි හොයා ගන්න එපැයි )

    ReplyDelete
    Replies
    1. වැල යන අතට ගහ උළුවස්ස සහන් කිව්වලු!

      Delete
  11. සොඳුර සොඳුර මගේ
    කියන ගීතයේ
    නොයනු මැනවි දා තනිකර එලියේ කියන එක කොච්චර අසභ්‍යද?
    එහෙම තනිකර එලියෙ දාගෙන යන්න හොඳද?
    ඔන්න ඔය් හිරි තප් බි‍ඳෙන සින්දුවත් තහනම් කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හපොයි තනිකර එළියෙ දාන් යන එක අන්තිම නරකයි. ඔන්න හ'න්සයො දෙන්න දාන් ගියාට කමක් නෑ. ඒ නිසා ඔය සින්දුවත් තහනං!

      Delete
  12. බලන් ගියහම අහන්න සින්දුවක් නැහැනේ .. ඔන්න ඔහේ සින්දු කියන ජාතිය තහනම් කරන්න කියමුද

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. අපි හදමු ප්‍රශස්ති ගී විතරක් ( අර විමුක්ති ගී කාලෙ වගේ).!

      Delete
  13. අපිට අහන්න ඕන තරම් සින්දු තියෙනවා. බය වෙන්න කාරි නෑ... ඇයි ඉරාජ් ගේ ලහිරැගේ ඩැඩිලගේ සින්දු තියෙන්නේ ඕන තරම්...

    ReplyDelete
    Replies
    1. ඇයි ජැක්සගෙ සෝමෙගෙ සහ ලොකොන්ගෙ බයිල!

      Delete
  14. මම මේ කල්පනා කළේ සිංදු තේරෙන්නේ නැති එක කොච්චර දෙයක්ද කියලා. :D

    ReplyDelete
    Replies
    1. එහෙනං සින්දු තේකක් බීල ඉන්න.

      Delete
  15. /* හෙරලි බතල ටික නුපුරුදු වම්මා
    රට හාලේ බත කාලා */

    ඔතන වම්වා නොවෙයි ඉන්දික අම්මා!

    ඊලඟ පේලියේ කිරි නැති කතාව කියවෙන්නේ අම්මා ගැනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිවැරදි කිරීමට. ඔන්න හරිගැස්සුව.

      නැද්ද තහනං කරන්න ඕන සින්දු ඔය ගබඩාවෙ?

      Delete
  16. මේ සිංදු ඔක්කොම ගත්තම මෙතෙන්ට පළවෙනි සිංදුව ගැලපෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹෙ පුංචි කාලෙ මතක් උනාද :D

      මලේ ඒක තමයි මේ පෝස්ට් එකට නිමිත්ත සැපයුවෙ. පස්සෙ මම කාලෙ තාලෙට කන්ටෙන් එක ටිකක් වෙනස් කල නිසා ඔහොම පේනව ඇති.

      Delete
    2. මාතෘතාවේ පළවෙනි වචනේ පොඩි අවුලක් නැද්ද?

      Delete
    3. කවුද යකෝ ඒ ටිකට "හ" කපු එකා!

      හොඳ වෙලාවට උඹ කාටත් කලින් දැකල මට හොරාටම කිව්වෙ.තැන්කිව් කිව්ව මලේ!

      Delete
    4. හෙහ් හේ.... වෙල්කම්!

      දැන් දෙන්නං උත්තරේට උත්තරේ.

      පළවෙනි සිංදුව ඇත්තටම තහනම් කරන්න ඕනේ කියලා හිතුනේ මෙන්න මේ හේතුව නිසයි. කෙහෙල්කොටුව අයිති චාලි මුදලාලිගේ වත්තේ ඕන තරම් කාලෙන් කාලෙට ඔය වගේ සකල බුජංලා වැඩ කලා. හරක් බැලුවා. ගස් නැග්ගුවා. පොල් වලවල් කැප්පුවා. පොර දැම්මුවා. ඒවා මතක් වෙද්දි ඔය සිංදුව ලිව්ව එකාවත් කන්න හිතෙනවා. මොකද පොර ඒ සිද්දිය දකින්නේ මාර සැහැල්ලුවෙන් නිසා.

      ඒ සිංදුව කියවලා අර මතකෙත් එක්කලා බොක්කෙන් ම ලිපිය කියවද්දි මෙන්න කැලෑබද ප්‍රදේශයි අරවයි මෙව්වයි කියනවා.... හෙහ් හේ... අර වගේ අද්දැකීම් තිබ්බට මොකද අපි තාම පොඩි ළමයි හන්දයි, ඒ සිංදුව විතරක් අයින් කරන්න ඕනැයි කියලා යෝජනා කරන්න මට හිතුනේ! :D

      Delete
    5. කොට කලිසං ඇන්ද සකලබුජං - අද කෝ?

      මෙන්න ඉන්දික වසර තුනකට පෙර ලියු කමෙන්ටුවක්.
      http://kathandara.blogspot.com/2010/06/blog-post_13.html?showComment=1276440646058#c5323686232878106139

      !

      Delete
    6. මයෙ අම්මේ, කකා හරියට ආනන්ද හාන්දුරුවො වගේ පෝස්ට්, කමෙන්ට් භාන්ඩාගරික කියල දාන්න ඕන මෙහෙම මෙව මතකෙ තියන් ඉන්නවට. කොහොම උනත් මම කියාපු ඒ කතාව හරි නේද?

      Delete
    7. කමෙන්ට් භාණ්ඩාගාරික - ඒක හොඳ නම!

      Delete
  17. මම අයේ ඔය සිංදු එකක්වත් අහන්නේ නෑ. මෙච්චර කල් හොදයි කියලා අහලා තියෙන්නේ වනචර සිංදු වගයක්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේ රටේ මෙච්චර ස්ත්‍රී දූෂන ළමා අපචාර වැඩි හසන්ත. මි පස්සෙ රෑ එළි වෙනකල් බන එක්ක මදුරුවො තලල මෙත් සිතින් පල්ලියකට ගල් පාරක් ගහල නිදා ගනින්.

      Delete
  18. වික්ටර්ගේ 'හෝපළු වනපෙත'
    ජෝතිපාලගේ 'මහද නමැති වන බමරා'
    මිල්ටන් පෙරේරාගේ 'කඳුළු අතරට සිනා රැළි වෙමි'
    මිල්ටන් මල්ලවාරච්චි ගෙවල් හදන්න යන්නේ කොහෙද? 'ඔබෙ ළැම රන්ගිරි බෙයැද මැදේ - මගෙ ජීවන රජ මැදුර සැදේ' කාල වරෙන්කො.

    අමු කුණුහරප සින්දුවක්:- ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ රංජනී පෙරේරා ගේ 'කුල්ලෙන් පොලා පොලා'

    හම්මෝ ලැයිස්තුව දිග වැඩියි ලියන්න ගියොත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක, ඔය දීල තීන්නෙ ෆුල් සෙට් එකක්ම. හැට පැන්නත් වඳුරා බිම නොයයි කියන්නෙ ඕකනෙ. ඔබතුමාව මම උපදේෂක කෙනෙක් කරන්න කියල නිර්දෙශ කරලම යවන්නම්. ( අර මිල්ටන්ගෙ මල්ලවාරච්චිගෙ මැඳුර හදන බාස් වැඩේ මට ගන්න බැරි වෙයිද දන්නෑ - දැන් මං කිව්වෙ පුතා ඉන්නවනෙ ඔය ගෙවල් හදන්න )

      Delete
  19. මම අයේ ඔය සිංදු එකක්වත් අහන්නේ නෑ. මෙච්චර කල් හොදයි කියලා අහලා තියෙන්නේ වනචර සිංදු වගයක්නේ. :D

    ReplyDelete
  20. ade mama kalin awilla naedda.lipi 3k kiyewwa. maru ne

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්ව. පරන එව්වත් හිමිහිට කියවගෙන යන්න. තව හොඳ එව්ව තියෙනව,කොහෙද මේ කන්තෝරුවෙ වැඩත් ඉතින් ටිකක් හරි කරන්න එපැයි. නැත්තන් තිබ්බ බස බස ගාල ලියන්න.

      Delete
  21. ඇයි වික්ටර් ලොක්ක කියන්නේ නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ ...චිකේ චිකේ ...දැන් මෙහෙම පද රචනාවක් ලියල දුන්නොත් කියයිද ?

    ReplyDelete
    Replies
    1. හප්පේ...මහම මහ කුණුහරුපයක් ඒකනං. වැස්සට පැලට එන්න කියන ලස්සන කිසි විළි ලැජ්ජාවක් නැතුව අම්මප! මිනිහත් හොරාට කඩේට දුවන හින්ද බේරුනා.

      Delete
  22. Sahithyaka rasa nishpaththiya ganawath dan nathi gonek!Hikz!

    ReplyDelete
    Replies
    1. “(මගේ) කිසි නස්පැත්තියක් නෑ නේන්නම්“
      ---උපුටාගැනීම, නවීන ගජබින්නාලංකාරය - චන්ද්‍ර අනගිරත්න---

      Delete
  23. Sahithyaka rasa nishpaththiya ganawath dan nathi gonek!Hikz!

    ReplyDelete
    Replies
    1. උත්ප්‍රාසය කියලත් සාහිත්ය රසයක් තීනව නේද?

      Delete
  24. රතු හැට්ටේ පළල් මදි දෙතන පෙනෙන්නට කියන සිංදුවත් තහනම් කරන්න ඕනේ..

    රතු හැට්ට කාරී වේදිකා නාට්යේ ගීතය ..මේවා කියන්න වටින දේවල්ද ඈ..හිකිස්

    ReplyDelete
    Replies
    1. අපොයි, ඒකනම් මහම වනචර එකනෙ. ෂෙහ්, සුවර් එක බුලත්සිංහල ගොය්යම වෙන්ටැනෙ ලියන්නැත්තෙ. මිනිහව උල තිව්වෑකි, මොකද කඩේ යන්න ආවෙත් නෑනෙ.

      Delete
  25. අහල තියෙනවද “ඔබ තෙමෙයි කියා බයයි - වැසි වසී සුලං තදයි“ ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි.
    එතකොට කුසපබා චිත්‍රපටයේ එන “මධු චන්ද්‍ර යාමේ“ ගීතය

    ReplyDelete
    Replies
    1. ඔව්, එඩ්වඩෙ ඒ සින්දුව අහල තියෙනව,ඒත් ඉතින් මිනිහට කෙලවන්න අමරුයි. මොකද ඉන්නෙ මාර වින්ශ්චයාසනේකනෙ අප්ප.

      අර කුස පබා සින්දුවෙ දාල තීන්නෙ හනිමූන් එක වෙනුවට නෙඩිහ. ඒත් ඒකෙ පින්තූරෙ හනිමූන් එකට වඩා ගති.

      Delete
  26. @"ජයගාථා" ????? - ජය ගත්තා

    @“කිසි දවසක විදේශ රටක් ආක්‍රමණය නොකරපු ජාතියක්“ - වන පරාක්‍රමබාහු රජු ගේ කාළයේ බුරුමය ආක්‍රමණය කළ බව ඉතිහාසයේ සදහන්.

    ReplyDelete
    Replies
    1. ඔය ජයගාථා කියන්නෙ ඇහෙන විදියනෙ. ඒකයි. ප්‍රාක්‍රමබාහු නැව් සෙට් එකක් යවල ගේමක් දුන්නට රට අල්ලගත්තෙ නෑ.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. akuru 2k vath galapaganna bari eun sindu gana katha karanakota apitanam hina,,,
    lida laga sangame vage vatti ammala tikak,,,,,,,,,,,,,,,,,,,,,
    ape jathiyata henayak ban ubala..amaradeva vage uththama purushayekta katha karanna dannathi 2,50 chu kollo ubala........ubala vage eunuth lankave innava kiyala danenakota ape kalava gana duka hithenava bn..pau ubala.

    ReplyDelete
  29. Indika upashantha. Ubala blog wala loku charitha. Eth mekatanam kohethma ekanga wenna behe. Den ubalage sithiwili wenas karaganta one kale. Ehema berinam ubala thawamath jiwath wenne weddage kale. Welawakata hinath yanawa ban. Ane me wage ewwa narakai kiyala comment dana ewunuth inna rate, BBS th inna rate thawa kiyanawa muslim ewunta buddhist sindu kiyanna tharaham lu. Denwath negitapan. Es deka erapan. Loke aluth widihata dekapan. Echcharai kiyanta thiyenne.

    ReplyDelete
    Replies
    1. ටික්ක, නව නළු රසෙන් එකක් තමා උපහාස රසය කියන්නෙත්. මේ පෝස්ට් එක වර්ගකරන්න වඩා ගැලපෙන්නෙ පැරඩි කියන ඉංග්‍රීසි වචනෙ. එච්චරයි උඹට කියන්න තියෙන්නෙ. අදහසට ස්තූතියි!

      Delete
    2. ටික්කා මන් එකගයි ඔයාගේ අදහසට ඔයා හරි

      Delete
  30. ඔව් ඉතින් මව්පිය රාගයෙන්/ මෙයිතුනයෙන් තොරව, ඕපපාතිකව බිහිවුන සමාජයකට නම් මෙහෙම කථා කිව්වට කමක් නෑ. රාගය බුද්ධිමත් ලෙස හොඳ සිංහළ වචනයෙන් ගීතයකට ඇතුලත් කලවිට මැවෙන්නේ ශ්‍රුන්ගාර රසය (නව නළු රසයෙන් එක් රසයක්). රාගයෙන් තොරව සත්ව සංහතියේ පැවැත්මක් නැති බව අවභෝධ කොටගෙන නැති, නිකම්ම නිකම් සභ්‍යත්වය ගැන කථා කර කර, බස් වල ජැක් ගසන වත්මන් තරුණ පරපුර ගැන ඇතිවන්නේ කලකිරීමක් පමනි.

    ReplyDelete
  31. පිස්සු මගුල් මන්නම් මෙ ලිපියට කැමති නැහැ මොකද මේවා ලියලා තියෙන්නෙ මනුස්සයින්ට ස්ෘන්ගාරත්මක රසයක් විදිගන්න මේ ගීත තියෙන්නෙ ..එහෙනම් සිංහල සහිත්‍ය පොත් වල තියෙන කතා වලත් මේ වගේ කතන්දර තියෙනවා ඒ තියෙන්නෙ ඇයි ..?? මොකක් හරි දෙයක් වෙනස් විදියට අත් විදින්න වෙනස් විදියට දකින්න තමා තියෙන්නෙ ..! එහෙනම් මේ කියන විදියට සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ සදකඩ පහනක ගීතයෙත් සැගවුන අරුත බැලුවොත් ඒම එකත් ගනිකාවක් ගැන කිය වෙනවනේ..! මේ පෝස්ට් එක මහ වැඩකට නැති පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මූට පිස්සු..එහෙම තහනම් කරනවානං සිංහල සාහිත්‍යයේ හැම දෙයක්ම වගේ තහනම් කල යුතුය..දහම කියන්නේ එකක් සාහිත්‍ය කියන්නේ එකක් දක පටලවාගෙන දගලන මූට තනිකරම පිස්සු..සකලබුජං ගීතයට මමත් කැමතිනෑ එයනං අනිවාර්යයෙන්ම තහනම් කල යුතුය..

      Delete
    2. කියලා වැඩක් නෑ මූට පිස්සු..එහෙම තහනම් කරනවානං සිංහල සාහිත්‍යයේ හැම දෙයක්ම වගේ තහනම් කල යුතුය..දහම කියන්නේ එකක් සාහිත්‍ය කියන්නේ එකක් දක පටලවාගෙන දගලන මූට තනිකරම පිස්සු..සකලබුජං ගීතයට මමත් කැමතිනෑ එයනං අනිවාර්යයෙන්ම තහනම් කල යුතුය..

      Delete
    3. කියලා වැඩක් නෑ මූට පිස්සු..එහෙම තහනම් කරනවානං සිංහල සාහිත්‍යයේ හැම දෙයක්ම වගේ තහනම් කල යුතුය..දහම කියන්නේ එකක් සාහිත්‍ය කියන්නේ එකක් දක පටලවාගෙන දගලන මූට තනිකරම පිස්සු..සකලබුජං ගීතයට මමත් කැමතිනෑ එයනං අනිවාර්යයෙන්ම තහනම් කල යුතුය..

      Delete
  32. Please don't display your foolishness. What a joke is this.

    ReplyDelete
  33. Please don't display your foolishness. What a joke is this.

    ReplyDelete
  34. දාන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න මහත්මයා.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails