Wednesday, June 2, 2010

බහ්රේන් තොරන සහ ඩුබායි කුරුසය..!



ඔය උඩ පින්තූර වල තීන්නෙ අපේ හිතවත්තු අමාරුවෙන් හදපු තොරන. අවාසනාවකට වගේ මට දන්සැලෙ පින්තූරයක් නං ගන්න බැරි උනා.
මේ පහල පින්තූරෙ තීන්නෙ අර ම්ං කියපු කුරුසෙ!
මේ දෙකේ තීන එකම සම්භන්දයෙනං මට මේ කථාව ගැන අහන්න ලැබුනෙ තොරන බලන්න ගිය වෙලාවෙ වීම සහ මේ දෙකම අවට ඇති අනිකුත් මුස්ලිම් දේවස්ථාන වලට වැඩිය උස වීමයි තමයි. මොකද මුස්ලිම් රටවල ප්‍රතිපත්තියක් වශයෙන් ඒ ගොල්ලන්ගෙ පල්ලි වලට වඩා උසට අනික් ආගමික ස්ථාන සහ සන්කේත නිර්මානය කරන්න දෙන්නෙ නැහැ.ි.

මගෙ මිත්රය නං කියන්නෙ මේ කියන ඩුබායි icon එක සහ ලෝකෙ එකම තරු 7 හෝටලය වෙච්චි ගොඩනැගිල්ල නිර්මාණය කරපු ටොම් රයිට් (Tom Wright )කියන සුද්ද රුවලක හැඩේ අස්සෙ ලෝකෙ ලොකුම කුරුසෙ හංගල, ඒක ගොඩ බිමට කිසිම විදියකින් නොපෙනෙන්නත්, මුහුදෙ සිට බලනවිට විතරක් පේන්නත් බොහෝම සූක්ෂම විදියට ස්ථාන ගත කරා කියලයි!
කාලයක් ඩුබායි රථ වාහන වල අංක තඩුවලත් මේ ගොඩනැගිල්ලෙ පින්තූරයක් දාල තිබිල, පස්සෙ ඒක එක පාරටම නැවැත්තුව! ඒකදි හැමෝම කිව්වෙ වෙනසට හෙතුව මේ කුරුස කතාව කියල. අනික මේ කුරුස හෝටලේ තියෙන අංක තහඩු රැගත් වාහන වලට අසල්වැසි සෞදි අරාබියට ගියාම නොයෙක් හිරිහැර වලටත් මූන පාන්න ත් සිද්ධ උනාලු!
ඇත්තටම ලෝකෙ බොහොමයක් දෙවල් වල කුරුස ලකුන ආගමික විස්වාසයන්ගෙන් තොරව යොදා ගන්නව දකින්න පුලුව. රතු කුරුස සමාජය පල්ලියෙ දෙයක්ම නෙමේයි, නමුත් ඒ සංකල්පය අරාබි ලෝකයෙද් එලියට එන්නෙ රතු අඬසඳ ( red crescent ) කියලයි. කුරුසයයි තරුවයි කියන්නෙ අරාබි ලෝකයෙදි බොහොම ප්රවේසමෙන් පාවිච්චි කල යුතුව සංකේත දෙකක්. ත්රිකෝන දෙකෙන් අඳින තරුවක් මොනම දේකට හරි පාවිච්චි කරල තිබුනොත් ( කුනු බාල්දිවල අඳින්න හැර ) ඒක ජීවිතයෙන් වන්දි ගෙවන්න තරම් දුර දිග යන අත් වැරැද්දක් වෙන්න පුලුවන්.
කොහොම උනත් ලෝකෙ ලොකුම කුරුස ලාංඡනය අරාබි ලෝකෙ වැදගත්ම ගොඩනැගිල්ලකම පිහිටීම අත් වැරැද්දක්මද, එහෙම නැත්තං කුමන්ත්රනයක්ද කියන්න එක දන්නෙ ඒ දෙගොල්ලන්ටම පොදු වෙච්චි සර්ව බලධාරී දෙවියන්ම තමයි!

ප.ලි..
තොරන ජාතකය ඊයෙ මගෙ අතින් වැරදියටයි සඳහන් වෙලා තිබ්බෙ, ඒ ගැන සියල්ලෝ කම්ත්වා..

13 comments:

  1. එහෙමනම් මේක කියන්නද ඊයේ අච්චර ලොකු වටයක් ගියේ.

    මට නම් හිතෙන්නේ අයියේ මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඉස්ලාම් දහමට විරුද්ධව : ) : ) :)

    යම් ඉදිකිරීමක් කරන්න කලින් ඒකේ paln එක එහෙම approve කරගන්න ඕනේ ඇතිනේ. ඉතින් ඒක හරියට වෙලා නැහැ. ඉතින් පස්සේ එක කඩා දාන්නද ? ඒක නිසා plan එක approve කරපු අය කටයි අනිත් එකයි දෙකම පියා ගෙන ඇත්තේ මට හිතෙන විදිහට :) :) :)

    ලොකුම කුරුසේ ගැන ඊයේ ගූගල් search එක දාද්දී මේකත් ආවා. මම එච්චර ගාණක් ගත්තේ නැහැ. මකරයියා තමා නිසි මඟ පෙන්නුවේ :)

    ReplyDelete
  2. අහ් මේකද මේකද ලොකුම කුරුසේ......
    හ්ම් කාගෙ උනත් සැලැස්මනම් මරු.එත් මට අදටත් හිතගන්න බැරුව ඉන්නෙ ඇයි මුස්ලිම් රටවල් මිනිස්සු මෙච්චර මෝඩ කියල.

    ඕන කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන දෙන්නෙ නැතුව ආගම නීතියක් කරගෙන දඟලන පිසූවක මහත. හනේ ඉතින් අල්ලහ් දෙවියන්ටවත් මේව පේන්නෙ නැද්ද මන්දා...... :)

    ReplyDelete
  3. අහ් කියන්න ආපුදේ කියන්න බැරිඋනානේ. තොරනෙ විසිතුරුනම් ආයිත් කියල වැඩක් නෑ එළම කිරිතමා. ඕක හදපු වැඩකාරයො ටිකදෙනාගෙ පොටෝ එකකුත් තිබ්බනම් අගේ කියල නිමකරන්න බෑ........

    ReplyDelete
  4. තොරණනං එළම තමා ඈ... අර කුරුසෙ කතාව හරි interesting නොවැ.. මට තාම හිතාගන්න බෑ ඕකට හිනාවෙනවද පුදුම වෙනවද කියලා.. :)

    ReplyDelete
  5. ඔය කුරුස කතාව ඇත්තටම හිතලා කරපු දෙයක් නං මට පේන්නෙ ටොම් මහත්තයා ඌරගෙ මාලු උගේ ඇඟේම තියලා කපලා වගේ.. :D

    ReplyDelete
  6. සුද්දො කියන්නෙ කොහොමත් කට්ට ජාතියක් නේ.. මරු පොස්ට් එක. කුරුසෙට අකමැති උනාට බාත් ඩුබායි වල එහෙම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ එකසිය ගානට වෙනවා...

    ReplyDelete
  7. ඔය කියන ගොඩනැගිල්ල නම් නිතර දෙවේලේ දකින්න ලැබුන ඒත් මේ වගේ රහසක් ඒකෙ හැංගිලා තියෙනව කියල දැන ගත්තෙ අද තමයි.

    ReplyDelete
  8. @ Hasitha

    කමලුත් නිකංම නිකන් " ඔන්න ඔය දෙන්න සිලෙක්ට්, මෙයා මේ පාර අයින් වෙනව " කියල හරියට ඔන්න බුදුන් මල්, මෙන්න මං ගියා වගේ දඩස් ගාල කිව්වොත් සුපර් ස්ටාරස් ඔච්චර ජනප්රිය වෙයිද? ඒ වගේ තමයි, ටිකක් වටෙ ගිහින්, හිතන්නදීල, කුතුහලය අවුස්සල යමක් කිය්නකොට තමා රසය වැඩි.
    මෙකෙ උඩ ඔය හරහට තියෙන්නෙ restaurant එකක්. ඒක අයින් කරොත් සම්පූර්න ගොඩනැගිල්ලෙ සමබරතාවය බිඳෙන විදියටලු සැලසුම් කරල තියෙන්නෙ, ඒ හින්දලු මෙක වෙනස් කරන්න බැරි කියලත් සමහරු කියනව. මේවගෙ ඇත්ත නැත්ත අහන්න ඕනි Atkins කොම්පැනියෙ structural engineer ගෙම්ම තමයි.

    @ ජේ.ඩී
    මුස්ලිම් රටවල මිනිස්සු ( විශේශයෙන්ම GCC කලාපයෙ ) ගැන මුකුත් කියන්න එන්න එපා ඔන්න. මුන්ට මොලේ පෑදුනොත් අපි මෙහේ රස්සව කරල කීයක් හරි හොයාගෙන කාලත් ඉවරය්!

    @ Buratheno ,
    අපේ තොරන හදපු යාලුවොන්ං බ්ලොග් බලන්නෙ නැහැ, ඒත් මං උන්ට මේ සුභ පැතුම් print කරල හරි ගිහින් පෙන්නනව, තව හිතට ගැම්මක් අරන් වඩා හොඳ තොරනක් ලබන අවුරුද්දෙ නිර්මාණය කරන්න හයිය ලැබේවා කියල.
    මෙහේ අය කරන් ගොඩක් වැඩ වලට ඔය දෙකම කරන්න වෙනව. හැබැයි හිනාවනං ගොඩක් වෙලාවට කටින් නෙමෙයි..xxxන්

    @ ඉන්දරේ ,
    සහෝදරය තම්බිට ඌර කියල වැඩේ වරද්දගන්න හදන්න එපා...

    @ මාතලන්,
    කුරුසෙට අකමැති උනාට සුද්දගෙ පස්සත් ලෙවිනව. ඇත්තටම...අහන්න ඔය ඩුබායි වල ඉන්න රුසියන් කෙල්ලෙක්ගෙන් බොරුද කියල..@$#$#&%^

    @ isimbuwa,
    ගොඩක් වෙලාවට අපි අර සිරිමා බෝදිය පාමුල ඉන්න හිඟන්නො වගේ තමා...මාත් ඉතින් මේ අවුරුදු ගානක් මේපැත්තෙ ඉඳල අද ඊයෙනෙ දැනගත්තෙ!

    ReplyDelete
  9. මමත් ඕක කලින් ඉඳ අහලා තිබ්බා මචන් . . .

    ReplyDelete
  10. @ දුකා

    බලන් යනකොට මේක ප්‍රසිද්ධ රහසක්නෙ!

    ReplyDelete
  11. නියමයි. අද තමයි දැනගත්තේ.

    ReplyDelete
  12. එල කොල්ලාJune 25, 2013 at 9:56 AM

    මොනවා උනත් සුද්දා කරලා තියෙන්නේ එල වැඩක් නේ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails