Tuesday, June 1, 2010

තොරන සහ කුරුසය

මේ කතාව ඇහුවෙ ගිය සිකුරාද තොරන බලන්න ගියාම, එතන හිටපු අපේ යාලුවෙක්ගෙන්.
මක්කමට ඉතාම කිට්ටුවෙන් ඉන්න GCC සාමාජිකයෙක් තමයි බහ්රේන් කියන්න්නෙ. ඒත් මේ රටේ රජ්ජුරුවො බොහෝම නිදහස් මතධාරී නිසා මහෙ ආගමික නිදහස මුස්ලිම් සහ මුස්ලිම් නොවෙන අයට සම තත්වයෙන් නොවුනත්, අනෙක් ඕනෑම GCC රටකට වඩා හොඳින් තිබෙනව.

ඉතින් අපේ අය ( ලාංකිකයො ) ඒකෙ අනුහසින් ලස්සන වෙසක් තොරනක් ඉදිකරල තිබුන. අඩි 40ක් විතර උසට, අලංකාරව හදල තිබුන මේ තොරනෙන් නිරූපනය වෙලා තිබුනෙ "විදු ජාතකය". සාමාන්යයෙන් මෙහේ තොරනක් හදනව කියන්නෙ ලංකාවෙ තරන් පහසු වැඩක් නෙමෙයි. හවස වැඩ ඉවරවෙලා තමන්ගෙ දරුවො, බිරිඳ එක්ක ගතකරන්න තීන කාලෙ, තනිකඩයෙක් නං රෙද්දක් මැද ගන්න, කෑම ටික උයා ගන්න තීන කාලෙ මාස දෙකක්, තුනක් වගේ වගෙ දිග කාලයක් කැප කරල තමයි මේ වගේ දෙයක් කරන්න ඕනි. එතකොට ඒ තොරනෙ වැඩ කරන සහෝදරවරුන්ට " housemaid හෙවත් low class" කියල හංවඩු ගහල ලොකු මිනිස්සු ගනං ගන්නෙ නැති සහෝදරියො තමයි තමගෙ වැඩ ඉවරවෙලා ඇවිත් කෑම වේලක් උයාගෙන යන්නෙ, රෙද්දක් හෝදල දෙන්නෙ. ඒ වගේම මේක ලොකු වියදමක් යන වැඩක්. තොරනෙ බල්බ් එකේ හිටං හයි කරන scaffolds, පෙන්නන ඉඩම වෙනකල් හැම දේටම ගෙවන්නත් ඕනි. ඒවට තොරන හදන අයම සාක්කුවෙන් ගෙවල, ලැබෙන පොඩි ආධාර මුදලෙන් තමයි පස්සෙ පියවගන්නෙ. ඒත් ආධාර අඩු උනොත් අතින් කයිටි! ඒ විතරක් නෙමේ, මේ රාජකාරියෙදි, බෞද්ධ, අබෞද්ධ කියල වෙනසක් නැතුව "බුදෙයියයා ශ්රීලාංකික සංගමයෙ” හැම සාමාජිකයෙක්ම උදව් උනා කියලත් අහන්න ලැබුන.

අනික මේ තොරන ප්රදර්ශනය කරපු දවස් දෙකේම ආපු දහස් ගනනක් නරඹන්නො හැමෝටම ප්රනීත සිසිල් බීම සංග්‍රහයකුත්, පොහෝ දින මහා බත් දන්සැලකුත්, දෙවැනි දවසේ ලංකාවෙන් වැඩම කරපු දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදේශණයකුත් තිබිල තීනව. මටනම් ඇත්තටම බුක්ති විඳින්න ලැබුනෙ සිසිල් පැන් විතරයි, මොකද පෝය දවසෙ මට යන්න බැරි උනා, ඇයි බණ පටන්ගන්න කලින් අපේ සිංහ බාහුව ගෙ පිරිත් පටන් ගත්තනෙ, ඉතින් බණ අහන අයට කරදරයක් වෙන නිසා අපි කලින්ම ගෙදර ගියා.

දැන් තොරනෙ විස්තරය කියවගෙන ගිය නිසා මං කියන්න හිටපු දේත් අමතක උනානෙ. කොහොම උනත් ඉස්සෙල්ලම මේ සටහනෙන් තොරන හදපු සහ ඒ සද් කාර්යයට උදව්කරපු සියලුම දෙනාට මගේ අචාරය සහ මෙවන් සද්ක්රියා තව තවත් කරන්න අවශ්ය ශක්තිය ධෛර්ය ලැබේවා කියල පතනව.

මං කියන්න ගියෙ මෙන්න මේකයි. අපි හැමෝම දන්නව ලොකෙ ව්ශාලම ක්රිස්තුස් වහන්සෙගෙ ප්රතිමාව තීන්නෙ බ්රසීලයෙ කියල. ඒත් කවුරුත් දන්නවද ලෝකෙ ලොකුම කුරුසය කොහෙද තීන්නෙ කියල. දන්නෙ නැද්ද. එහෙනං මෙන්න අහගන්න.. උත්තරය....( ඉතිරි කොටස මතු සම්බන්දයි..)

තොරන සහ කුරුසය යන දෙකෙහිම පින්තූර උත්තරය සමඟ බලාපොරොත්තුවන්න.

12 comments:

  1. කතාව නම් එච්චරම තේරුණේ නැහැ අයියා... මොකක්ද් මේ GCC කියන්නේ ? කෝකටත් මම ආයි පාරක් කියවලා බලලා comment එකක් දාන්නම්කෝ

    ReplyDelete
  2. @ Hasitha,

    G.C.C ගැන දැනගන්න මෙතනට කොටන්න.

    http://en.wikipedia.org/wiki/Cooperation_Council_for_the_Arab_States_of_the_Gulf

    මා මේවා අරාබි රටවල් වශයෙන් හැඳින්වූයේ නැත්තේ සිරියාවේ සිට යේමනය දක්වාද ( GCC රටවල් 6 ත් ඇතුලුව ) , උතුරු අප්‍රිකාවේ රටවල් ගනනාවක්ද අරාබි බස කථා කරන අරාබි/මුස්ලිම් සස්කෘතියක් ඇත්තෝ නිසයි.

    ReplyDelete
  3. අයියේ, අන්තර්ජාලේ කරක් ගහන කොට නම් ලොකුම කුරුසේ කියලා හම්බුණේ මේක තමා

    http://www.worldslargestthings.com/easterntour/cross.htm

    ReplyDelete
  4. ෂා... මරුනේ. ඔයවගේ රටක ලංකවේ අය සෙට්වෙලා ඔයවගේ තොරණකුඉ, බත් දන්සලකුඉ, බීම දන්සලකුයි කරපු එක.
    ඇත්තටම මරු සද්කිරියාවක් නොවෑ......
    ඊලඟ පාර ඔයිට වඩා දෙයක් කරන්න පුලුවන් වෙන්න කියල මාත් පාර්ථනා කොරනව.......

    ReplyDelete
  5. තොරනේ පින්තූර ටිකක් දාන්නකො... ඔව් ඔය වගේ රටක ඔහොම දෙයක් කරා කියන්නේ ලොකු දෙයක්.

    ReplyDelete
  6. @හසිත
    නිවැරදි උත්තරය හැටියට බාර ගන්න අපසුයි. කැමතින උප්කාරක අවස්ථාවකට යන්න පුලුවන්.

    @ ජේ.ඩී
    @ පිස්සා පලාමල්ල ,
    අනිවාර්යයෙන්ම පින්තූර ටිකක් අද හවසට දානව. ස්තූතියි අපේ සහොදරවරුන්ට සුභ පැතීමට එක්වීම පිළිබඳව.

    ReplyDelete
  7. මම එහෙමනම් අදිසි උපකාරකයට යනවා. ඒකත් ඉතින් ඔයාගෙන් තමයි ගන්න වෙන්නේ. මම හිතන්නේ අයියා හරි උත්තරේ අද දායි කියලා :)

    ReplyDelete
  8. අර Dubai Tower එකද ? ඒක ක්‍රිස්තියානි කුරුසයක් නෙවෙයි හැබැයි

    ReplyDelete
  9. මකර අයියා කියන්නේ මේක ගැනද ?

    http://www.zimaa.com/zimaa/images/burj_al_arab_christian_cross_dubai_islam.jpg

    ReplyDelete
  10. @ මකර
    මං කොතනක හරි කිව්වද "ක්‍රිස්තියානි කුරුසය" කියල ?


    @ Hasitha,

    මකර දීපු උප්කාරක අවස්ථාව ඔබ හරියටම ප්‍රයෝජනයට අරන් තීනව. දැන් අපි ඊලඟ වටයට යමු!

    ReplyDelete
  11. ලොකුම කුරුසේ ගැන ඊයේ ගූගල් search එක දාද්දී මේකත් ආවා. මම එච්චර ගාණක් ගත්තේ නැහැ.

    මකරයියා තමා නිසි මඟ පෙන්නුවේ :)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails