ඔව් එය ඇරඹුනා.....බයිලා මඩුවට මෙතනින් යන්න
http://bayilamaduwa.wordpress.com/
බ්ලොග් ලොව එකළු කරන මහා වාද බයිලා සංදර්ශණය එළඹෙන 30 වැනි දින, එනම් බදාදා උදේ දහයේ සිට සවස් වන තුරු බ්ලොග් ලොව බයිලා චක්‍රවර්තී ගරු මාතලන් මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් උපශාන්තගේ බයිලා මඩුවේදී පැවැත්වේ.
බ්ලොග් ලොව නමගිය බයිලා කාරයන් වන අරූ, තෙලිදිය, පත්තරේ ඇතුළු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්තාවට සහභාගි වන ලෙස ඔබටත් ගෞරවයෙන් ආරාධනය කරමු.
සංදර්ශණය වෙනත් අඩවියක වන අතර එහි යන මග එදින උදෑසන මෙම අඩවියෙහි සඳහන් වනු ඇත.
තරඟ කොන්දේසි.
1. මෙය විවෘත තරඟයකි, වයස් හෝ ප්‍රොෆයිල් සීමාවක් නැත.
2. මාතෘකා දෙකක් සඳහා වාද කෙරෙනු ඇත. බයිලා කියන්නන් හට අදාල මාතෘකාවට අනුව කියන ලෙසත් වෙනත් වැල් බයිලා ගසන විට ඒවා මකා දැමීමටත් සිදුවෙන බව සලකන්න
3. සහභාගි වන්න උපහාසයෙන් පිරි බයිලා පිළිතුරු විඳ ගන්නේයයි අපේක්ෂා කරන අතර තරඟ කරුවන්ගෙ බ්ලොග් ක්‍රියාකාරිත්වයට එපිටින් ඇති පුද්ගලික දිවිය අලලා කරන අපහාස ඉවත්කරනු ලැබේ. එමෙන්ම එවැනි බයිලා ගසන්නන්ගේ කිසිම බයිලාවක් ඉන්පසු පල නොකෙරීමටද ඉඩ ඇත.
4. තාලය; කපිරිඥ්ඥා තාලය මූලික වන අතර වෙනත් තාලයන්ගෙන්ද කිව හැක.
මාතෘකා ඔබෙන්;
මෙම වාදයන් සඳහා ඔබ විසින් ඉදිරිපත් කෙරෙන රසවත් මාතෘකා සියල්ල සලකා බලා ගරු බයිලා චක්‍රවර්තී මාතලන් තුමන්ගේද අනුමැතිය යටතේ එදිනට වඩා සුදුසු ටොපියක්, සමාවෙන්න ටොපිකයක් දෙනු ලැබේ.
ඉතින් 30 වෙනිදා හමුවෙන තුරු පෙර පැවති මේ රසවත් බයිලා සාදයෙන් මදක් රස බලන්න.
තාල දන්නෙ නම් නෑ ඇවිත් බලමු වැඩේ :ඪ්
ReplyDeleteතාලෙ අහුවෙන්න පොඩි මියුසික් ක්ලිප් එකක් දන්න ට්‍රයි කරන්නං.
Delete30 වැනිදා උදේ වැට්ට යන්නෙපැයි.. ෂැහ් රෑ උනානං එන්න තිබ්බා.. කමක් නෑ පස්සෙහරි ඇවිත් යන්නං..
ReplyDeleteබු දු ස ර ණ යි !!!
හරි රෑ වෙනකල් අදින්න බැරිය බයිල එනවනං.
Deleteබයිලා කියනවා කියා කියන්නේ ම මාතෘකාවෙන් පිට යන ඒවා සම්බන්ධයෙන් නේද?
ReplyDeleteනනෙ කකා, බයිල හරියට කියන්නෙ මාතෘකවට. බයිල ගහන්නෙ මාතෘකාවෙන් පිට යන්න.
Deleteබයිලා ගැන කකාගේ විග්‍රහය මල් මසුරන්..
Deleteඇයි උඹට බදාදා නිවාඩුද? මෙහේ නම් 29 පෝය..
ReplyDeleteඅපිට බදාහ ඊද් නිවඩුව හම්බුවෙනව. අනික ගොඩක් උන් බ්ලොග් බලන්නෙ සතියෙ දවස්වලනෙ. ඒකයි මම 29 ඇරල 30වෙනිදට ගත්තෙ. උඹ වෙන වැඩ එහෙම දාගෙන්න පොල්ල තියන්නෙ නෑ ඔන්න.
Deleteබලමු දැනටන් මක්කත් නෑ...
Deleteමේ.... ආන් මම උඹේ පෝස්ට් එක ගැන පෝස්ට් එකක් ලිව්වා..
Deleteයකෝ, මේ බයිල සංදර්ශනේටත් ප්‍රචාරයක් දීහන් ඉතින්. උඹ මූලාසනේ ඉන්න එකත් වෙච්චි.
Deleteඑල්ලලා තියෙන්නේ දෙකේම බැනර්. මුලසුන දුන්න නිසා මිසක්ක ආයේ නෝ චාන්ස්..
Deleteඒ මොකද යකෝ නෝ චෑන්ස් කිව්වෙ? උඹෙ අහවල් එක කඩා ගත්තටද?
DeleteBTW තැන්ක්‍යු කිව්ව බැනර් වලට!
අරක්කු ජුන්ඩකුත් බීලම ආවනං හොඳ පන් එකක් ගන්න පුලුවං වෙයි වගේ..... අන්තිම හරියෙ උඹලෑ අම් @#$#@*&^% හු &^%$# ප *&%$@ කැ @#&*^ ඒ වත් තියේ නේහ්... නැත්තං ටිපිකල් ගතියක් නෑ...
ReplyDeleteහෙහ් හෙහ් අරක්කුනං හා, ඒත් අර එව්ව නෑ බං සිරා බයිල පොලවල්වල. ඒත් ඊට එහා ගිය කතා රසට කොලේ අස්සෙන් දෙනව. ඒකයි බයිල කීමෙයි බයිල ගැහීමෙයි වෙනස.
Deleteබයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
ReplyDeleteබයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
බයිලා ගමුද රීමික්ස් කරලා ........... අයියෝ..... බයිලා ගමුද රීමික්ස් කරලා
බයිල කියමු රී මික්ස් නොකරා....මල්ලි බයිල කියමු රී මික්ස් නොකරා...
Deleteබයිල කියමු රී මික්ස් නොකරා....මල්ලි බයිල කියමු රී මික්ස් නොකරා...
කපිරිඤ්ඤා තාලයට උදාහරණයක් දෙන්න!
ReplyDeleteමොකද එතකොට මට පුළුවන් බයිලා චක්‍රවර්තී වගේ හිටිවන බයිලා කියන්න කලින්ම ලෑස්ති වෙලා එන්න.
Is this the tune?
Deletehttp://www.boondi.lk/article.php?ArtID=1195
හවස්වෙලා යූ ටියුබ් එකෙන් ක්ලිප් එකක් හොයල දාන්නං, කකා ඔය දාපු ලින්ක් එකේ තීන්නෙත් කපිරිඥ්ඥ ටෙම්පො එකට ලියපු එකක් තමයි ( කමෙන්ට්ස් නෙමෙයි )
Deleteකකා, බැරිද පොඩි බැනර් කෑල්ලක් හදල දෙන්න කට්ටියට බෙදන්න.
Deleteනෝනද පොල්ලද මල්ලියෙ - නෝනද පොල්ලද
ReplyDeleteමේ දෙකෙන් කොහොම වැඩ ගත්තත් - වටින්නෙ කෝකද
නෝනද පොල්ලද මල්ලියෙ - නෝනද පොල්ලද
තඹ සතයේ දෙපැත්තේ හිටි - නෝනයි පොල්ලයි
ඒ කාලේ අපේ රටේ - ආර්තිකෙ හොල්ලයි
අද කවුරුද රුපියලෙවත් - දෙපැත්තෙ ඉන්නේ
ඒ ගැනවත් වාද කරමු - මොකද කියන්නේ?//
හිරු අවරේ ගිලෙන වෙලේ - සඳු අහසේ නැගෙන වෙලේ
Deleteකොටුවේ ඔරලෝසු කණුව - මම තනියෙන් කෙලින් කළේ
නෝනගෙ පැත්තේ - නැත්තංන්
Deleteපොල්ලක් ඇත්තේ
අල්ලක් වත්තේ - තියන්
හොල්ලං මුත්තේ
ඔව්, අපි ඒ මතෘකාව ගැනත් හිතල බලමු!
බයිලා චක්‍රවර්තින්ට. පමණද.....?
ReplyDeleteවටේ ඉඳන් තප්පුගහන්නත් කට්ටය ඕන, නැත්තනම් වැඩේ නැගලයන් නෑ...
Deleteනිහිංසා, අනිවාර්යෙම්ම, බයිල කියන වගෙම කියන උන්ට හුරේ දාන්නත් පිරිස ඕනමයි. අනිව එන්න හොඳේ.
Deleteඉන්දික පොඩි පුතා....ගේන රසවත් බව සිතා
ReplyDeleteදිනය තිහයි හිතා...එදාට දෙන්නම් රස කතා.....
ඉන්දික පොඩි පුතා....ගේන රසවත් බව සිතා
දිනය තිහයි හිතා...එදාට දෙන්නම් රස කතා.....
මෙන්න බඩුව ඉතා - රසට
Deleteගොතන බයිල සදා
උඹ නැතුව වැඩක් නැතා - තිහට
දියන් සැරට ඔතා
තිහට - දියන් සැරට ඔතා
උඹ නැතුව වැඩක් නැතා
මෙන්න බඩුව ඉතා
රසට - ගොතන බයිල සදා
දෙන්නම් රස කතා-
Deleteනොදුටු නිර්වානය පතා
එදා දැක්ක සතා-
මෙදා කියයි අමුතු කතා..
එදා දැක්ක සතා-
මෙදා කියයි අමුතු කතා..
දෙන්නම් රස කතා-
නොදුටු නිර්වානය පතා
අම්ම ගහයි, මෙන්න අරූ දැම්මම ගේමෙ....
Deleteතියපන් උඹෙ ඉතා - රස
බයිල තදින් ඔතා
ඕව තිස් වෙනිදට අතෑ - රපන්
වදින්න තැන් සිතා
ලොක්ක - තිස් වෙනිදට අතෑ - රපන්
වදින්න තැන් සිතා
තියපන් උඹෙ ඉතා - රස
බයිල තදින් ඔතා
මෙන්න යුගයේ ප්‍රවීන වාද බයිලා ශිල්පීන්.....
Deleteඔව් පිලිගන්න.........
කෝ මේ පත්තරේ?
ඔන්න ඉන්දික කිවුවා - කියපං බයිලා කියලා
Deleteඅපි දෙන්නං පැනලා - මෙවුවා සුපිරිම බයිලා
අපි දෙන්නං පැනලා - මෙවුවා සුපිරිම බයිලා
ඔන්න ඉන්දික කිවුවා - කියපං බයිලා කියලා
හා රංගි අක්ක මචං … පත්‍තරේ හියර්.මං සෑහෙන පරක්කුයි නෙවැ. … චැහ්.
Deleteඅපෙ බුරා නියම ගුරා
Deleteමූ කියන බයිල සිරා - කෙල්ලො
පරිස්සමින් වරා
මොකද මේක හරිම සරා
මූ කියන බයිල සිරා
කෙල්ලො පරිස්සමින් වරා -
මොකද මේක හරිම සරා
අපෙ බුරා නියම ගුරා
අන්න වැඩසටහන්.......................... අපි ඉතින් අත් දෙකම උස්සලා එකගයි.... තිස් වෙනිදා උදේ දහයට එන්න උත්සහ කරන්නම්.. නැතත් හවස එනවා ෂුවර්......................
ReplyDeleteමාතෘකාව -
විවාහ වීම හොදයි - විවාහක බ්ලොග්කරුවන්
තනිකඩ වීම හොදයි - තාම බැදගන්න බැරිවුණ බ්ලොග්කරුවන්
මොකද කියන්නේ කියමුද බයිලා........ අපි ඉන්නේ බැදපු සෙට්එකේ.......... අකමැති වුණත් කොහොම හරි බයිලා ගොතනවා............ ෂුවර්...........
ෂෙහ්, එළකිරි කුරුටු. මේ ඉන්නෙ වෙඩි වගේ පොරවල්. මරු මාතෘකා දෙක. එහෙනං වෙඩි වගේ බයිල එක්ක තිස්වෙනිදට එන්න ගේමට!
Deleteඔය මාතෘකාව හරියන් නෑ විවාහ උන අය කවදාවත් හොදයි කියන් නෑ...
Deleteඋඹ දන්නව ඇති ද මන්ද,,,,, ඉන්දික මල්ලි.......
ReplyDeleteමම ගොඩක් බයිල කාරයන්ට සප් එක දුන්න..... ඉස්සරහට යන්න....
නමුත් බයිල කියන්න...... උගෙන ගන්න අමතක වුනා......
නමුත් උඹ කරන රෙද්දක් & අපේ සෙට් එක ඉන්න නිසා ...පැත්තක ඉදල දෙන්නම් එල ...ටොනික් පියන් සද්දයක්....
ඔව් මට මතකයි උඹ කලිනුත් එහෙම් කතාවක් කිව්ව. බයිල කියන උන් ගහන උන් අම්බානෙ ඉන්නෙ බං. උඹ වරෙන් සපෝර්ට් එකට මුන්ට හූවක් වත් කියන්න.
Deleteඅර වචනෙට ෆිට් තමයි බොක්ක!
හරේ...අයියන්ඞි අපි එලියේ ඉදලා ෂපෝට් එකක් දෙමු.
DeleteWedenam malhathai,namuth okata banerkellak danakota udinma "PRABUDDAYANTA AHITHKARAWIYAHEKYI"kiyaladanawala.
ReplyDeleteහෙහ් හෙහ්...තාම අවුලක් නෑ. බලමු මචං එන විදියට
Deleteමෙන්න නියම වැඩක්. අරූගෙයි උඹගෙයි පත්තරේගෙයි පහුගිය කාලෙක බයිල දැකලා මේ ගැන ඉන්ටරෙස්ට් වෙලා හිටියේ. වාද බයිලා නේද නම.
ReplyDeleteඅවාසනාවට අපි ඉතින් ඔය කවි බයිල කියනන් දන්නේ නෑ ඒ වුනාට රස විඳිනයි මැරතන් එකට වතුර ගහන්නයි ඕනෙනම් හීනියට ඔය කොට වාද බයිලාවකටයි සෙට් වෙන්නම්....
මට ඒ කාලේ තිබ්බ බ්ලොග් මැරතන් තරඟ මතක් වුනා බං....
බ්ලොග් මැරතන් වගෙම කවි මඩුත් තිබ්බ මතකනෙ. වරෙන් එහෙනං හෙට හුරේ දාන්න මතක ඇතුව.
Deleteබදාද වැඩ දවසක්නෙ බොලේ.බලමු කොහොමහරි ඔලුව දාල බලන්න කට්ටියගෙ වැඩ.
ReplyDeleteගොඩක් උන් බ්ලොග් බලන්නෙ වැඩ දවස් වලට. ඒකයි මම මේක සතියෙ දාකම දැම්මෙ. කොහොම හරි ඇවිත් යන්න වරෙන්
Deleteකකා සමග කෙන්ජි මෙන්ම මාතලන්ද එතේ
ReplyDeleteඅරූගෙඅඩවිය එක්කම විදානෙ පැමිණෙතේ
ඉන්දික උපශාන්තගේ බයිල නැගල යතේ
ඔටුවාටත් බයිල කියන්නට අවසර..! පුතේ
සෙල්ලන්ද පොල් කොල කිව්වලු (Y)
Deleteමේව ඔටුවගෙ බයිලා මල්ලි ඔටුවගෙ බයිලා
ඇවිත් අහන් ඉඳිල්ලා මල්ලි එළකිරි බයිලා
මෙයාලට ඉතින් නිවාඩු උනට අපි වැඩනේ.. බලමුකෝ බලමුකෝ ඔළුව දාල යන්න පුළුවන් වෙයිද කියලා..
ReplyDeleteමොකෑ බං ඔළුව විතරක් දන්නෙ, ඔක්කොම කෑලි ටික දාල යන්න වරෙන්.
Deleteබයිලා දන්නේ නෑ. ඒත් අහන්ට කට්ටිය ඉන්ට එපෑයැනේ. ඒ හන්දා එන්නම්...:D
ReplyDeleteඒක හරි, ගෑණු උදවිය කොහොමත් බයිල ගහන්නෙ නෑ, ගෑණු අයගෙන් බේරෙන්න මහත්තුරු තමා බයිල ගහන්නෙ. එහෙනං එන්නකො මේ බයිලෙත් බලන්න.
Deleteඅපි ඉතින් මොනා ලිව්වත් නිකං බයිලා වගේනෙ.. ඒ නිසා එන්නම්...
ReplyDeleteඒ නිඅකං බයිලනෙ බං. මේ වාද බය්ල. වරෙං අර ඉස්කොලෙ කියපු එක දෙකක් වත් අහුලගෙන.
Deleteඇනෝලා හොඳද මල්ලි
ReplyDeleteෆ්‍රොපාලා හොඳද
මේවා කියල දෙන්නට උබ රජ කකුලක් ද
----
ඇනෝලාට බය නංගිලා දොර වහගන්නෙ
ෆ්‍රොපාලාගෙ කන් කෙදිරිලි නැ අඩුවෙන්නෙ
ෆ්‍රොපාලාගෙ කන් කෙදිරිලි නැ අඩුවෙන්නෙ
ඇනෝලාට බය නංගිලා...... දො..ර වහ.....ගන්..නෙ
බ්ලොග් ලොව මහා වාද බයිලා සංදර්ශණයට සුභ පැතුම් !
ඇනෝ බලකාය
එල, නියම ටොපික් එහෙකට අදහසක් මචෝ. අනිව වරෙන් එහෙනං හෙට ඈ!
Deleteඇනෝල නැති තැන - බයිල
තියෙයිද කිසි දින
උඹල නියම සොයුරු කැල - කියන
බයිල හරිම එළ
මම නම් එල්ලුව.... මල්ලි.....ඉන්දික....බැනරයක් මගෙ බොගෙ .....
ReplyDeleteදැක්කා ලොක්කා....අප්‍රමාණ සන්තෝසයි සහ ස්තූතියි උඹෙ සපෝර්ට් එකට!!!!
Deleteඇඩ්වර්ටයිසිං මෙව්වා එකක් වත් කරන්න කල් මදි නෙව?
ReplyDeleteඒකනං එහෙම තමා. ඒත් ඉතින් පොඩි කාර්ටූන් කෑල්ලක් ඇඳල දිය ඔන්න ඔහෙ එල්ලගන්න.
Deleteඅනුන්ගේ බයිලා උස්සලා ගොසිප් දාන...........මෙමා
ReplyDeleteමෙතන බයිලා ටික කියවලා දමා ලියමි.........කොමා
කවියක් දුටු කල නලියන නිසා වෙලා..............පමා
අවසරයක් නැතුවම මම කෙටුවා වෙනු............සමා
ගින්දර වගේ. උඹ හා හා පුරා කියල ආවට මුලිම්ම තෑන්ක් කොරා මචං!
Deleteබයිලම දානා - ගොසිප
මෙන්න ඇවිල්ලා
මේව නියමම දානා - වැඳල
සාධු කියල්ලා
මල් තියලා ගල් තියලා පිළිගත්තට..................තුති
Deleteආවොත් ගේමට දෙනවා බයිලා ලොවෙත්.......නැති
ගොසිපා උනත් කියනෙමි මම බයිලා රස.........ඇති
සැට් එකටම අායුබොවන් වේවා හද...............බැති
අම්මට හුඩු ..එන්න පරක්කු වුනා ..යකෝ දිනේ වැරදුනාවත්ද? (කමෙන්ට්ස් දැක කල්පනා කරමින් )
ReplyDeleteචැහ් . උඹත් ආවද. එහෙනං මං යනවා.…
Deleteඑපා.එපා.. දෙන්නම හිටහං
Deleteහම්මේ මේ ඉන්නේ අපේ සෙට් එක
Deleteඉවාන්, පේනවනෙ කස කාරයොන්ගෙ සැර. අලි පේලියයි, නැට්ටුවො කෝටිය්යි ඉන්න සයිස් එකෙනුයි දැම්ම සද්දෙ!
Deleteපම, බොලා දෙන්න නැතුව වෙන මොක්කු කා කොටා ගන්නද බං. ඔන්න ඔහෙ හිටු කිව්වම අහල.
ඔමා, බොලගෙ සෙට් එකේ අර වෙල් විදානෙ කෝ දැන්?
මාත් මිසින් වෙලානේ හිටියේ අයියේ,, එකතු කරගන්න ඕනේ ආයේ
Deleteඋපන්දා ඉඳන් කෙරුවේ බයිලා ගැහිල්ලා
ReplyDeleteආයෙත් අලුතෙන් මොකටද බුලත් මේවට
ඉන්දික ආයෙත් අලුතෙන් මොකටද බුලත් මේවට
අපි උපන්දා ඉඳන් කෙරුවෙම බයිලා ගැහිල්ල.
කමෝන් මනෝ..
Deleteමනෝ,
Deleteබයිල ගහන බොට - මොටද
බුලත් දෙන්න අද
මේව නියම කසිය කට - වහන්
බීල වරෙන් හෙට
වටේ ඉදගෙන අත්පුඞියක් ගහලා බකප් එකක් දෙන්නම්.
ReplyDeleteවචනෙටත් සන්තෝසයි මචෝ!
Deleteදැම්මම පටං අරං නෙ කට්ටිය... හි හි
ReplyDeleteඅයිත් අහල, දැකල නැද්ද බං රේස් එකට කලින් පොඩ්ඩක් දුවල වෝම් අප් වෙන හැටි ස්පෝර්ට් මීට් එකේදිවත්?
Deleteහප්පේ ඉන්දික මාවක් එහෙනම් නමගිය බයිලා කාරයෙක් කරල ඈ..
ReplyDeleteඑදාට මං නම් වැඩ. ඒත් පරක්කුවෙලා හරි එන්නම් කෝ බයිලාවක් දෙකක් කියන්න.
ආරාධනා කෙරුවට උඹ ඉන්දික අයියා
එන්නම් මම අරගෙන හොඳ තෙලිදිය මීරා
අරගෙන එන්නම් මම හොඳ තෙලිදිය මීරා
බයිල සාජ්ජෙට උඹගේ ඉන්දික අයියා
අඩෝ තෙලිදිය මලයා - වරෙන්
Deleteකියනට බයිලා
උඹෙ මී රා කලයා - අරන්
හනිකට දුවලා
අපිටත් ආසයි බ්ලොගයෙ බයිල කියන්න
ReplyDeleteවාද බයිල සන්ග්‍රාමය නෑගලම යන්න
අපිටත් ආසයි - බොලගෙ
Deleteබයිල අහන්න
ඇනෝල එන්න - බ්ලොගෙ
බයිල කියන්න
එන්නට අවසර දුන්නට
Deleteතුති දෙමි ඔබ හට
සින්ග්ලිශ් කෙටුමට නැවතත්
පතනෙමි අවසර...
(මෙ අනො එන්නෙ ජන්ගම දුරකතනයෙනෙ- නිලූ)
තමුසෙට
ReplyDeleteකරුමෙට
ඔය කට
ලැබුනට
නන නන
නන නන
නන නන
නන නන
බයිලා ගමුද රී මික්ස් කරලා
එන පොට
Deleteහොඳ නැත
විජ හට
ගෙට පල
අහ අහ
චක චක
බක බක
ජහ ජහ
මතකද රූකාන්ත ලයිව් ෂෝ වල අපේ පොතේ සිංදුවට දෙන ආතල් එක .… හැක්
ඉදගෙන බයිලා කියමු රී මික්ස් කරලා ....
Deleteහෙන්‍රි,
Deleteමිටියට
හිටයට
හරියට
සැරකට
උඹහට
නියමෙට
හැකිය බයිල කියන්න
ප/ම, උඹෙ ඔය අග පැහැදිලි කිරීම නොතිබ්බනං අග ටික අකොටු කොටු දාන්න වෙන සීන් එකක් වෙන්න තිබ්බ.
බයිලා කියලා නම් නෑ අප හට හුරුපුරුදු..
ReplyDeleteබලල යන්න එන්නම් බයිලා කියනා අයුරු!
කියනා උන් හට - පොඩී අප් එක දෙන්නට
Deleteඋඹල වගෙ උන් රට - වටී ඇවිත් දෙන හුවත් වට
අපිත් සෙට් වෙනෝ
ReplyDeleteඋපන්දා ඉඳන් - ඉඳගෙන
Deleteගහනව බයිලා
බොරුනොදා වරෙන් - ඉඳගෙන
කියන්න බයිලා
හෙට මාත් එන්නම ඕනේ මේ පැත්තෙ :)
ReplyDeleteඑන්න නෝනෙ එන්න. හෙට තම හෙට!
Deleteමෙතන බයිලා ටික කියවලා ඔලුව........කුරැන්ඤං
ReplyDeleteවාදෙට ආවොත් කරකලා දුවන්න..........දෙන්ඤං
ගේමක් ඉල්ලලා එනකන් දැන් මං..........යන්ඤං
රිප්ලයි දුන්නොත් ආයෙත් දුවලා.............එන්ඤං
අම්මට සිරි කියන්නම්කො බයිලා .
ReplyDeleteජනිත්අරන්දර
බයිලානම් බැරිය අනේ
ReplyDeleteඅහන් ඉන්න හැකිය පනේ.
නොවී අපට සාල වනේ
Deleteතේ හදපන් ඔමරි පනේ
සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ
ReplyDeleteමමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
මමබයිලා කියනකොට ඇනෝ විරිත්තනව මට......
සිරිත් පරිදි සයිබරේට ආවේ යලිත් නොයමි පිට අනේ .....!!!
@gimhani...
ReplyDeleteනොවී අපට සාල වනේ
තේ හදපන් ඔමරි පනේ
උදේම ඇහැරිලා ආවේ ටොපිය බලන්න, කෝ යකෝ මේක?
ReplyDeleteCome back on 10.30
Deleteඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?
ReplyDeleteවාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
වාද බයිල කෝ ඉන්දික උපශාන්තයෝ?
ඉන්දික උපශාන්තයෝ වාද බයිල කෝ?
See the post again bro. It wil start from 10,30
DeleteIU.
වාද බයිලා අවසානයි
ReplyDeleteචෙරියෝ චෙරියෝ ......හික්ස්
කෝ බන් තවම පටන්ගෙනත් නැ .....මම අවසන් එකත් කිවා ....
ගලක් උඞින් මලක් තියලා ගලමල කියපන්
ReplyDeleteඋබේ නංගි මට දිලා මස්සිනේ කියපන්
බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
ReplyDeleteකෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
කෝ බං උඹ තාම නෑ නේ අයියෝ සල්ලි..
බයිලා ගහනවාය කියපු ඉන්දික මල්ලි
බයිල ගහන්නේ මල්ලී අපි ටෙන් තර්ටී
Deleteඅය්‍යො අපි ටෙන් තර්ටී
මූලාසනේ මහ ලොක්කෝ හිටහන් වේලී
අය්‍යො හිටහන් වේලී
කියන්න ආවේ උදෙන්ම බයිලා
ReplyDeleteකියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
කියන්නේ කොහොමැයි මෙයා කඩේ වහලා
කියන්න ආවේ අපි උදෙන්ම බයිලා.
ko baila sajje?
ReplyDeleteapi me udema nidi endenma duwan awa :-)
ටැන් තර්ටිලු ශෝ එක අනෙ බලං ඉන්න බෑ
ReplyDeleteරටකජු ගොට්ටක් අරගෙන මම එන්නං ඈ
ටැන් තර්ටිත් පහුවෙලා දැන්
Deleteඒත් බයිලා මෙතන නෑ.
පහුවෙලා දැන් ටෙන් ටර්ටිත්
බයිල මෙතන නෑ
මූ හොඳටම ගහලා
ReplyDeleteතාමත් බුදි වගෙ කමලා
උඹලා 11 බලලා
මෙතනම පටන් ගනිල්ලා
උඹලා 11 බලලා
මෙතනම පටන් ගනිල්ලා
මූ හොඳටම ගහලා
තාමත් නිදි වගෙ විමලා...
@ මාතලන් සහබ්,
Deleteබයිල කියන්නට
උදේම එන්නකො දහයට
කියපු උන්දැ තාම නිදිලු
කහ කහ උගෙ ඇx
ප:ලි (ගැනීමක් නොවේ):- තාලය රැකගැනීම පිනිස ගෞරවාර්ථයන් තාවකාලිකව ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
රීමික්ස් කරපුව ඔට්ට්ටුය?
ReplyDeleteනින්ද ගිහින් ඉන්න කලට
ReplyDeleteසරම අරන් බෙල්ල ලඟට
බාල්දියෙන් ගහල වතුර
කුද්ද ගනිල්ලා
තරිකිට කුද්ද ගනිල්ලා
තියෙයි කිව්වට ඔහෙලා
ReplyDeleteතරමට පදමට බයිලා
පැනගෙන ආව අහන්න
තරගෙට බයිලා
පැනගෙන ආව අහන්න
තරගෙට බයිලා
තියෙනව කිව්වට තරමට
පදමට ඔතල
බයිල කියන්නට ආවත් කල් යල් බලලා
ReplyDeleteතෙලිදිය මීරා කල ටික කර උඩ තියලා
මාස්ටර්ගෙ සර්පිනාව මීයො හපාලා
වත්දෝ ආවත් කියන්න බයිල ගොතාලා