Tuesday, June 1, 2010

අලියෙක් ආවද..?



මේ කතාව මට කිව්වෙ CLIPSAL එකේ කුෂාන් කොඩිතුවක්කු. දැනට වසර කීපයකට ඉස්සර CLIPSAL සමාගමේ ( දැන් Orange ) මූලස්ථානය තිබුනෙ ගංගාරාම විහාරය එහා පැත්තෙ ( තාම මං හිතන්නෙ ඔවුන්ගෙ අලෙවි කාරියාලයක් එතන තීනව ). දවසක් මේ කන්තොරුවෙ ටෙලිපෝන් ඔපරේටර් නෝනට ඇමතුම්ක් දීපු කෙනෙක් හරි හදිසියෙන් ඇහුවලු " නෝන මං මේ පොඩි හාමුදුරුවො කතා කරන්නෙ, ඔය පැත්තට අපේ අලිය එහෙම ආවද" කියල. එතකොට අසල්වැසියගෙ තත්වෙ දන්න නෝනෙත් " පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ මං සිකියුරිටි එකෙන් අහල කියන්නං " කියල ගිහින් අලියෙක් ආවෙ නැති බව තහවුරු කරගෙන එනකොට අපේ හාමුදුරුවො දුරකතනය තියලලු! දැන් ටිකක් වෙල්ල යනකොට මෙන්න ආයි ඇමතුමක් එනවලු " නෝන අපේ පොඩි හාමුදුරුවො ඔය පැත්තට වැඩියද" නෝන කිව්වලු අනේ මෙහෙට නං අවෙ නෑ, ඒත් දැන් ටිකකට කලින් අලිය ආවද අහල මෙහෙට කතා කරා ඒත් මං හිතන්නෙ ආවෙ නං නෑ" කියල. එතකොට අර එහා පත්තෙන් ආපු හඞ කියනවලු " ඔව් මං මේ අලිය තමයි කතා කරන්නෙ, එහෙනං උන්නන්සෙ වැඩියොතින් කියන්න මං ආවසෙ ගාව ඉන්නවැයි කියල" කියල ටෙලිපොන් එක තිබ්බලු.
දැන් මේ අප්රභසෙන් උතුර දකුණ මාරු වෙච්චි ඔපරේටර් නෝන දඩ බඩ ගාල දුවගෙන ගිහින් එහා පැත්තෙ ඉන්න ලොක්කගෙ සෙකට්රි ට කිව්වලු " බලන්න අනේ, මේ දැන් පොඩි හාමුදුරුවො කතා කරල අලිය ආවද කියල ඇහුව, මෙන්න ඊට ටික වෙලාවකට පස්සෙ අලිය කතා කරල හාමුදුරුවො ඉන්නවද අහනව" කියල. ඉතින් මේක අහපු නෝනත් නිකං තක්බීර් වෙලා මොකද්ද මේ කියන්නෙ කියල තේරුන් ගන්න බැරිව, කොයික උනත් මේ ගැන ලොක්කටත් ටිකක් කියන එක හොඳයිනෙ කියල ගිහින් එබුනලු ලොක්කගෙ කාමරේට. ප්රශ්නාර්ත, විශ්මයාර්ථ හරහට දිගට පුරෝගෙන කවදාවත් දැකපු නැති මූනක් දාගෙන මෙයා මොකෝ මේ කියල බලපු බොස් "YES" කියපු ගමන්ම " නෑ සර්..මේ...දන් ටිකකකට කලින් reception එකට පොඩි හාමුදුරුවො කෝල් කරල ...බ්ලා...බ්ලා..බ්ලා.. කියල විස්තරෙ කියල ඉවරවෙනකොටම ලොක්ක කිව්වලු...ආ ගනං ගන්න එපා, මේ ලඟදි මිහින්තලේ ලොකු හාමුදුරුවන්ටත් කෝල් කරල අහල තීන්නෙ "තිස්ස එහෙම ඔය පැත්තෙ ආවද" කියල, පස්සෙ හාමුදුරුවො "ඔය කවුද කතා කරන්නෙ" කියල ඇහුවම කිව්වලු " මං මේ මුවා කතා කරන්නෙ" කියල.
එතකොට තමයිලු නගාල දෙන්නට තේරුනේ තමන් කාපු ලණුවෙ දිග පළල.

ප/ලි . මේ කතාවෙ ලොක්ක කවුද කියල CLIPSAL ගැන දන්නෝ දනිති.

15 comments:

  1. ඔය කතවට කියන්නෙ.. අලි යැවිල්ල කියල..

    පට්ට.. නියමෙට ලියල තියෙනවා...

    ReplyDelete
  2. සිරා කතාව.... ලොල්

    ReplyDelete
  3. නියම කතාව. දවසදා මායි තව යාළුවෙකුයි අපේ එකෙක්ට ඔය වැඩේ කලා.

    මම මුලින්ම කතා කරලා පන්සලේ අලියා ආවද කියලා ඇහුවා. කවුද කියලා ඇහුවම කිව්වා අත්තනගල්ල පන්සලේ නායක හාමුදුරුවෝ කියලා. මොකද පොර ඉන්නේ අත්තනගල්ලේ නිසා. මූ මට කුණුහරපෙන් බනින්න ගත්තා. මම ධාර්මිකව කතා කරලා තිබ්බා.

    පස්සේ අනිත් යාළුවා ලව්වා මඩු පල්ලියේ ෆාදර් කතා කරන විදිහට කතා කරලා දේව ප්‍රතිමාව අරන් ආවද කියලා ඇස්සුවා [ඒ කාලේ තමා මඩු පල්ලියේ පිලිමේ අරන් ගිහින් තිබ්බේ] ඒකට හොඳ ජාතියෙන උත්තර දීලා තිබුණා :) :) :)

    ReplyDelete
  4. @ වෙජී,
    @ මාතලන්,
    @ පසන් තරිඳු

    දැන් එහෙනං කට්ටියම අලි යවයි වගේ අහල පහල ගෙවල් වලට ඈඃ..!


    @ Hasitha

    අපි තව ඔහොම වැඩක් කරා, ඉස්සර එක දිගට දවස් දෙක තුන රෑ වැඩ කරනකොට කොල්ලන්ගෙ නිදිමත යවන්න. ටිකක් හිතල, සංවර කරල පස්සෙ ලියන්නං.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. තව කතාවක් මතක් වුණා. තවත් දවසක් අපි අපේ music කරන යාළුවෙක්ට කතා කරලා කිව්වා "පුතේ මම අමරදේව මාස්ටර් මගේ අළුත් සිංදුවට music කරගන්න පුතාට එන්න පුලුවන්ද කියලා " :) :) :) ඒකේත් ඉතින් එමමයි. සංවර කරලා ලියන්න හරිම අමාරුයි

    ReplyDelete
  7. හික්ස් රසද දන්නෙ නෑ ලණුව ලොල් :P

    ReplyDelete
  8. Customize -> Add a gadget
    වලට ගිහින් Blog Archive gadget එක එකතු කරන්න.

    එතකොට කලින් ලියපු ලිපි ලැයිස්තුව පෙන්නනවා.
    අලුතෙන්ම බලන්න ආපු කෙනෙකුට පරණ ලිපි බලන්න ලේසි

    ReplyDelete
  9. @ Hasitha

    ඉතුරිටික හිතා ගන්න පුලුවන්..හික්ස්...

    @ ජේ.ඩී,

    ඕක අහන්න ඕනි මට කතාව කියපු කෙනාගෙන්...මොකද එයාම තමයි ඔතන ලොක්ක..!

    @ Chanaka,

    බොහොම ස්තූතියි උපදේශයට, ඔන්න archive list එක දැම්ම. තව දන්නවනං මට පොඩ්ඩක් කියල දෙනවද අර "You might also like" කියල කොටු කොටු විදියට පහලින් archives දානනෙ කොහොමද කියල?

    ReplyDelete
  10. ඒක දාන හැටිනම් හරියටම දන්නෙ නැහැ. මම හිතන්නෙ Template එකට javascript එකක් දාන්න ඕනෙ. ඒක දාගෙන තියෙන කෙනෙක්ගෙන් ඇහුවනම් හරි.

    ReplyDelete
  11. Go to links within - from any blog that has that feature.

    ReplyDelete
  12. මට මතක් වුනේ මං ලියපු පාටි ජෝක්ස් - ආගම් මාරුව කියන කතාව!!!

    http://kathandara.blogspot.com/2010/02/blog-post.html

    ReplyDelete
  13. @ කතන්දර

    ස්තූතියි උපදෙසට..Going to try it now!

    මටත් ඒක මතක් උනා මේක ලියපු වෙලාවෙදි..

    ReplyDelete
  14. @ කතන්දර,

    දාගත්ත linkWithin
    ඔන්න වැඩේ හරි. බොහොම පින් කියල දුන්නට.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails