Wednesday, April 15, 2015

බ්ලොග් වසන්තය - මත විමසුම - A Poll

අළුත් අවුරුදු උදාවත් සමග උදාවූ බ්ලොග් වසන්තයෙහි අවසන් දින වන අද, එනම් අප්‍රේල් 15 වන දින වන විට වසන්තය වෙනුවෙන්ම වාගේ ලියැවුනු බ්ලොග් පෝස්ට් 70 ආසන්නව අපට දකින්නට කියවන්නට රසවිඳින්නට ලැබුනි.

මේ සද් කාර්‍යට එක්වූ සියලු ලියන්නන් දිරිමත් කිරීමී අරමුනින් අදාල ලිපි කියැවූ පාඨකයන්ගෙ මත විමැසීමක් පැවැත්වීමට බලාපොරොත්තුවෙමු.

මෙය හුදෙක් කියවන්නන සහ ලියන්නන් තවත් දිරිගැන්වීමේ සහ උත්තේජනය කිරීමේ අහිංසක ව්‍යායාමයකි.

එනිසා, ඔබ ප්‍රිය කරන පෝස්ටු තුනකට පහත ඡන්දය දීමේ අවස්ථාව අප සලසා දී ඇත.

බ්ලොග් වසන්තය සාර්ථක වූ බව ඔබට හැඟේනම්, එයට මූලික හේතුව ලියන්නන් දැක්වූ සහය පමණි. අප කලේ ඔවුනට සුළු සිහිකැඳවීමක් පමණි.

ඔබට මේ නම් සඳහන් යම් පෝස්ට් එකක් හෝ කිහිපයක් මඟහැරී ඇතිනම් ඡ්න්ද දෙන ස්ථානයට පහත ඇති  ලින්ක් වලින් ඒ වෙත ගොස් කියවා එන්න.

ඡන්දය දීමට ඔබ කැමතිම මාතෘකා තුනක් ( හෝ එයට අඩු ගණනක් ) මත ක්ලික් කර, ඉන් පසුව පහලම ඇති vote යන්න ක්ලික් කරන්න. 




1. වසන්තයේ මගේ කොටස සමග අන්නාසි සහ කඩලගොටු - බස්සිගෙ නවාතැන 


2. සුරා සොඬ සැමි වලප ......ඇවිද්ද පය, සුදීක. 


3. දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time? - රසිකොලොජි 


4. අළුත් අවුරුද්දේ සාංකාව...! - ඉන්දික උපශාන්ත 


5. ගොළු ළමයා… - බීට්ල් බෙයිලි 


6. එන්න ආදරය බෝ කරමු..... !!!!! (බුරු බබාගේ අවුරුදු කතාව)


7. මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා...................... Return of a War Hero to own home - අසමි හකිමි සොයමි wichaaraka


8. අපේ ගෙදර අවුරුදු තියෙන්නෙ මෙහෙම - දිනිති දීපිකා 


9. අවුරුදු කුමාරිය - අන්සතු දිනපොත, අමිල


10. සැනකෙළියේ පුක එලියේ හරිම කතාවයි... - New Year & Cyber Festival


11. අවුරුද්ද කියන්නේ.........ඩුබායි වට්ටක්කා 


12. siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං - අටම්පහුර 


13. තේකක් බොමු ද? - Any time is tea time - රසිකොලොජි 


14. සුභ දිනෙක පැතුම.. - ඉන්දික උපශාන්ත 



15. සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන ! -  දුකා 


16. ට්‍රිස්ටන් ද කුඥ්ඥ දිවයිනේ ඇනකික් සාමුහික සමාජය - සුජීව කොකාවල 


17. අවුරුද්දට අළුත් කෑමක්… - මාරයාගෙ හෝරාව 


18. දුමී බබා කාලේ - හැන්ඩි සීයාගේ අවුරුද්ද - දුමීගේ කට කහන කතා 


19. මිරිස් මෙච්චර සැර ඇයි? - මාධව හබරකඩ


20. සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney හබරකඪ්හ - රසිකොලොජි 


21. ඇස්බැන්දුම! (බ්ලොග් වසන්තය වෙනුවෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාව.)


22. දන්නැ වාගේ යනකොට දත්මිටි කන්නං - අටම්පහුර 


23. මේ අවුරුද්දේ වත් නාසි කඳවුරෙන් පැනල පලයං .....................- විලක්කුව 


24. පිරිමින්ට පමණයි කිව්වට වැදගත් වෙන්නේ කාන්තාවන්ට ...... Important for Ladies but Gentlemen only ......- ඇවිද්ද පය, සුදීක 


25. මහගන්න ඕනි ඇයි? මහන්න මැසින් කෝ? - අන්සතු දිනපොත, අමිල 


26. අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම - ආගිය කතා, හසිත චාමිකර 


27. උන්දලගේ අම්මලට…- මාරයාගෙ හෝරාව 


28. ලැජ්ජා බයක් නැති කෙල්ලෙක් !!!! - මොනරු 


29. පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title - රසිකොලොජි 


30. අලුත් අවුරුද්දේ මෙක්සිකන් කෑම කමුද...? - උදිතගේ විද්යුත් සෙල්ලිපිය 


31. මගේ මුල්ම තෑග්ග - සිරාගේ කාමරේ 



32. වසන්තය ගෙදර ඇවිත් -  SUGV, MP Gunasinha,


33. අප්‍රකාශිත ආදරය - The Unsaid Love - මලියගේ සටහන 


34. වසන්තයේ අග දවසක - End of Spring is not end of life - රසිකොලොජි 


35. බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද - මාදවගෙ සටහන් 


36. ඇයි අපිට අයිතියක් නැද්ද? - අරුණි ශපීරෝ 


37. බ්ලොග් වසන්තයා.. අද නෙවෙයි හෙට… - මාරයාගෙ හෝරාව 


38. ප්‍රශ්ණ, ඔබට ප්‍රශ්ණයක් වන තුරු ප්‍රශ්ණ , ප්‍රශ්ණ කර ගත යුතුද ? - වෙනිවැල් ලියන්නා 


39. සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - දුමීගෙ කටකහන කතා 


40. ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම (හුදෙක් ම වාර්තාවක් පමණි) - Grass for my feet - රසිකොලොජි 


41. ආලෝකය හා සාපේක්ෂතාවාදය - මාදවගේ බ්ලොග් සටහන් 


42. අයිස් කියුබ් වලට ලෑලි… - වෙනිවැල් ලියන්නා 


 43. වසන්තයට මගේ කොටහ…- කොන්ක්‍රීට් ප්‍රසන්න 


44. අමාරුවෙන් බස්සන පාරෝ ගුවන් තොටුපල – Paro International Airport - අපේ අහස, ඉශාර



45. වසන්තයා 5, බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා (18+) - රාජ්ගේ නවාතැන


46. මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...! - රසිකොලොජි 


47. කුකුළේගඟ මතක - 2 …..වැන්දා The Storyteller - නිදහස් සිතුවිලි 


48. මෝර-කිඹුල් නගරය සහ කහට-දිවුල් අධිරාජ්‍යය - සුජීව කොකාවල 


49. සැබෑ නොවෙනා හීන හරි මිහිරියි - මොනරු 


50. ටෙරා ප්‍රිටා - සුජීව කොකාවල 


51. ජීවත් වන පාලම් - සුජීව කොකාවල 


52. රළ දිහා බලා සිතියම හැදු මිනිස්සු - සුජීව කොකාවල 


53. වසන්තයට පෙට්ටි කතා …- වෙනිවැල් ලියන්නා 


54. කඟවේණ්නුන් සහ ප්‍රීතියේ පරම කෝටිය (The joy of Unicorns) - බස්සිගේ නවාතැන 


55. ප්‍රථම ප්‍රේමේ - වන් සීරෝ සීරෝ 


56. වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia - රසිකොලොජි 


57. වසන්තයා 4, සීයා & මුනුපුරා with පනු කොල්ලා! - රාජ්ගේ nනවාතැන


58. වසන්තය සහ ඔබ්සර්වර් - ඕනමැන්ටල් 


59. රෙ‍කෝඩින් කොහා - සොඳුරු සිත 


60. තනිකඩ වසන්තය සහ ඉන්ෆ්ලයිට් කතා - දුමීගෙ කට කහන කතා 


61. ලඩ්ඩු පිඟාන - සිදු 


62. මහ නුගය...! A scary banyan tree..! - ඉන්දික උපශාන්ත 


 63. අයිෆල් කුළුණ සහ නෑසු කථා - සිරාගෙ කාමරේ 


64. සලාත් (ප්‍රවේසම් වන්න) - හරීගෙ හීනලන්තය 


65. රතන සූත්‍රය -රැවුල කැපූ මහින්ද වෙනුවට රැවුල කැපූ ඔසාමා ?? - දයාල් බතී 


66. සිත් ආර අවුරුදු 2 


67. අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.  ෴  හැලපයා ෴

68. ඉවාන් පවුලූශා - පෙර පිං


69. ගඟක් මැද රැයක් - සමකය වටේ

70. හිරු කිරණකට රවන එක - බස්සීගේ නවාතැන

71. සිතුවම.. - තනි තරුව

72. සීයා වෙනුවෙන්

73. සාතනීය ප්‍රේමය

74. මකරෙකුගේ පිය සටහන් - චානක අරුණ මුණසිංහ

75. බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''  - කුරුටු ගෑ ගී පවුර

76. වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා  - කුරුටු ගෑ ගී පවුර

77. බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ ......- කුරුටු ගෑ ගී පවුර

78. සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේ ....... - කුරුටු ගෑ ගී පවුර

79. පුපුරා යන විල් - සුජීව කොකාවල

80 ගඟක් වෙනුවෙන් වහල්කම් කල මිනිහෙක්- සුජීව කොකාවල

81. බෝඩිමෙන් ගෙදරට ලියුමක් | A Letter To Mom

 

සැ.යු, ඉහත ලිපි වලට අමතරව, අපට මඟ හැරුනු ලිපි වෙත්නම් ඒවා එකතු කරන්නට කාරුනික වන්න.

73 comments:

  1. ෆෝන් එකෙන් වැඩේ අමාරුයි වගේ……

    ReplyDelete
  2. බෑ බං. මෙතන මම කැමති ඒවා දහයක් විතර තියෙනවා. උදාහරනයක් විදියට දුමියගේ පෝස්ට් තුනම, සිත් ආර. සිඳුගේ ලඩ්ඩු, බස්සිගේ කඟවේන්නු බෑ බෑ බං. එතකොට උඹ අම්මා ගැන ලියපු එක. මට මතක් වෙන්නෙම අපේ අම්මා. ඒ මදිවට කියවලා නැති ඒවා තියෙනවා හෙන ලෝඩ් එකක්. ඒවා කියවලා එන්න යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දොඩංගොඩ බදාගත්තු පොඩි එකා මතකද?

      Delete
  3. සියල්ලේම ලිංක් දැම්මට ස්තුතියි.. එකින් එක කියවල එන්නං
    (Does that means never ... :D )

    ReplyDelete
    Replies
    1. බලපං අපි හොඳ වැඩත් ඉඳ හිට කරනව ..:D

      Delete
  4. යහපත් චේතනා ගෙනදෙයි වාසනා...

    එතකොට අපේ පෝස්ට් නැද්ද? ඒවට ඉල්ලීමක් කොරන්න ඕනද..? ලියා ලියා හිටපු අයත් වසන්ත කියලා විතරක් දැම්මාමා හරිද....?

    කොහොම හරි වැඩේ සාර්ථකයි.. මේ ළිපි අතරින් මට නම් සුපිරිම ළිපි පෙල දුමියගේ සෙට් එක.. හොඳම පෝස්ට් එක බස්සිගෙ කඟවේනා... (ඒ වගේ ඒවා ලියන්න බෑ හැම එකාටම.)

    ඒත් ඉතින් ඌත් ඕගනයිසර් කෙනෙක් නේද..?

    ඒ යකා කිරි මුට්ටියට ගොම බින්දුවක් දැම්මේ නැත්නම්... මේකේ වටිනාකම කියා නිම කොරන්න බෑ...

    ජයම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. වසන්තයට සහයෝගය දක්වනව, වසන්තය වෙනුවෙන් ලියනවයි කියපු හැමෝගෙම පෝස්ට් වලින් කියවන්න යමක් ඇතෙයි කියල හිතුන පෝස්ට් තෝරල ගත්ත. වසන්තය හින්ද ලියපු දේශගෙ, චෙෆාකිගෙ වගේ එක දෙකක් තමා මෙතන නැත්තෙ, මොකද අවුලක් නිසා නෙමෙයි, කියවන්න එහෙමට දෙයක් නැති නිසා.

      ඊට අමතරව වසන්තය ගනන් නොගෙන, තමන්ගෙ ලියැවිල්ල දිගටම පුරුදු විදිහට කරගෙන ගියපු මාතලන්ගෙ, පැරකුම්ගෙ වගේ අයගෙ ලිපි අපි මෙතන දැම්මෙ නෑ.

      නමුත් කවුරු හරිම ඉල්ලීමක් කරොත් අපි බැහැයි කියන්නෙත් නෑ.

      ඕගනයිසර්ල වෙච්චි දුමී, මම, සොසී, දුකා වගේ ගොඩ දෙනෙක් ඉඩ තිබ්බ විදිහට යමක් ලිව්ව. ඒක එහෙම නොවුනනම් අනෙක් අයට උත්තේජනයක් නෑනෙ!

      Delete
    2. අපිට ඉතින් හැමදාම වසන්තය නේ.. කිසිම සහයෝගයක් දෙන්න හිතුනේ නෑ.. එකෙකුගේ හෝ චේතනාව වෙන දෙයක් බව ඔප්පු උන නිසා.. ඒ ගැන ආයේ කත කොරන්න කැමති නෑ...

      Delete
    3. ඒක උඹෙ තීරණය, අපෙ අමනාපයක්, අවුලක් නෑ.

      කොහොම උනත් චෙෆාගෙ බ්ලොගේ උඹෙ බ්ලොගේ අපි අතරෙ ගිය පොඩි කතා බහ නිසා හරි මේකට ලැබුනෙ ප්‍රචාරයක්. ඒකට උඹට ස්තූතියි!

      Delete
    4. හැංඟුන චේතනවල් තිබුනද නැද්ද කියන එක මටනම් අදාලම නෑ. මොන විදිහෙන් හරි කාලෙකට පස්සෙ බ්ලොග් කියවන්න ආසාවක් ඇති වුනා. තැන්කූ වසන්ත.

      Delete
    5. තවත් කුහකයෙක්...

      Delete
    6. සිරාවටම මට තේරෙන්නෙ නෑ මොකක්ද අවුල කියලා.. ඉන්දික අයියා මොකක්ද මාතලන් මේ කියන්නේ.. :o

      Delete
    7. ආ පුතේ බලා ගන්න දන්නෙම නැත්නම්...

      http://ornaya.blogspot.com/2015/03/blog-post.html?showComment=1427613322653#c1456414017329243718

      Delete
    8. පුතා, උඹ දැකල නැද්ද ත්‍රීවීල් වල පිටිපස්සෙ ගහල තියෙනව "පිස්සො කලබල උනාට දොස්තරල කලබල වෙන්නෙ නෑ" කියල :D

      Delete
    9. අපේ පවුලේ දොස්තර කෙනෙක් කිව්වා පිස්සන් කොටුවේ ඉන්න දොස්තරලටත් පිස්සු කියලා...

      Delete
    10. පිස්සෝ කෑ ගැහුවට දොස්තරලා කෑ ගහන්නේ නෑ

      Real කුහකයා කව්ද කියල තේරෙනවා ඉන්දිකයෝ, මූට තියෙන්නේ හීන මානේ

      Rider

      Delete
  5. මා හිතනවා, මා විසින් ලියන ලද, ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද නමැති ලිපිය, මේ සඳහා ඇතුලත් කළා නම් වඩාත් සුදුසු බව. ඒ සඳහා අවස්ථාව ලබාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, අතපසුවීමක් මම හිතන්නෙ. එය ඇතුල් කරන්නම්. බොහොම ස්තූතියි සිහිකිරීමට.

      Delete
    2. විචා තරඟ වලට අයදුම් කරන්නේ නෑ කියන ප්‍රතිපත්තියක හිටියා නේද?

      Delete
    3. මාතලන්, මෙතන තරඟයක් නෑනෙ. තියෙන්නෙ මත විමසීමක් පමණයි. මේකෙ වැඩිම ඡන්ද ගන්න කෙනාට දෙන බක්කක් නෑ, ඒ කෙනාට ලැබෙන සතුට හැර.

      ( භය වෙන්න එපා, තාම උඹ තමා හොඳම බ්ලොග්කරු, හැබැයි ඔහොම දිගටම පොඩි එකෙක් වගේ අඬන්න හැපෙන්න ගියොත් උඹම තමා ඒ සුදුසුකමට යම් පැල්ලමක් එකතුකරගන්නෙත් )

      Delete
    4. බක්කක් නැති උනත් කොක්කක් ඇද ගන්න තියේ නම් මක්කා කොරන්න බැරිද..

      මේක එයාගේ ප්‍රතිප්ත්තියට විරුද්ධයි..

      Delete
    5. මචන් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දම මොකද වෙන්නේ?

      Rider

      Delete
  6. බැනුම් ඇසීමට නියමිතයි

    ReplyDelete
    Replies
    1. මේ.... චන්දෙ දෙන එවුන්ටත් බැනුම් අහන්න වෙයිද?

      රහස් චන්දයක් නේද? ඉන්දිකට ෆික්ස් කරන්න පුලුවන්ද? හොඳ වෙලාවක් බලලද මේක දැම්මෙ? පැරදුන පෝස්ට් උඩට ටිකක් අඩු තැනකට ගේන්න සෙට් වෙමුද? පැරදුන ඒවා ආයිත් බලන්න යමුද?
      දිනපු 5 එක සමානද? උන් අතර වලි යයිද? පස්සෙ 5 ට වැඩි වෙයිද?

      Delete
    2. සොරි 5 ක් නෙමෙයි 3 යි නේද? ඔන්න චන්ද දායකයො. ඒකත් හරියට දන්නෙ නැතුව මං කමෙන්ට් කලේ, චන්දෙ කොහොම දායි කියල හිතාගත්ත හැකිනෙ. (ඒක නෙමෙයි ගල් බෝතලයක් දෙන්නෙ ඔය අයගෙන් කවුද ? ගරු සෝඩා මැතිතුමානම් උඩ ඉන්නෙ )

      Delete
    3. පිස්සු ගෝරිල්ල, ඡන්දෙ කොමසාරිස්ට බැරි මොනාද? වළි නෑ සොමි විතරයි. බෝතලයක් මගේ ගානෙ, ගල් කඩෙන් අරන් දාගන්න වෙනව.

      සෝඩපහුර??

      Delete
    4. මං ගානෙ කේස් එකක් ලියාගන්ඩ :D

      "සෝඩපහුර "

      බුහ් හා හා … ඒක නං රෙෂ්පට් !!

      ඌ මහබාගෙ ඉඳන් ආවට වඩා පෙට්‍රල් පිච්චුනා කඩේ යන්න :D :D

      Delete
  7. අතපසුවීම සිදු වෙනවා.... ඉන්දික තෝරාගත්තේ බ්ලොග් වසන්තය පිටුවේ පෝස්ට් කරපු ඒවා මම හිතන්නේ... ඊට අමතරව ඒ සතිය හා ආසන්නයේ ලියවිච්ච බ්ලොග් වසන්තය පිටුවේ පෝස්ට් නොකරපු ඒවත් කීපයක් තියෙනවා දැක්කා.....

    කාටවත් කිසිම තහනම් නෑ.... මේක තනිකරම වසන්ත සතියේ ප්‍රේක්ශක ප්‍රථිචාරය අනුව එක එක්කෙනාගේ කැමැත්ත ඇතිව ලබා දෙන චන්දයක්....

    මේකට ඩෙඩ් ලයින් එකක් නෑ.... මේ මාසේ අන්තිම වෙනකන් අපි මේක තියමු බහුතර කැමත්ත මත....

    තමන් කැමති පෝස්ට් එකක් මේකට ඇතුලත් වෙලා නැතිනම් කරුණාකර ලින්ක් එක දාන්න..... අපි ඒක ඇතුලත් කරන්නම්......!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, මම මූලිකව පෝස්ට් තෝරගත්තෙ මාධවගෙ ලක්දැල් සින්ඩියෙන් සහ අපේ එෆ්බී පිටුවෙන්.

      Delete
    2. දුමී බස්සිගේ එකේ කියලා තියෙන්නේ වෙන කතාවක් නේද...? මාත් හිතුවේ එක තමයි පරමාර්තය කියලා...

      Delete
    3. බස්සිට දාපු කමෙන්ට් එකෙයි මේකයි අතර කන්ෆ්ලික්ට් එකක් තියෙනවද ?

      Delete
    4. Prof.Maathalan can you give us the detailed analysis.

      Rider

      Delete
  8. අපිට අතපහු වෙච්චි එකක් තියෙනම් කියන්න. මේක සුහද වැඩක්, තරඟයක් නෙමෙයි.

    උඩ කිහිපදෙනෙක් කියල තීනව වගේ, මේ පෝස්ට් එක නොදැම්මනම් මේ තරමක් ලිය උනාද කියලත් දන්නෙ නෑ බොහෝ දෙනෙක්. අපෙ වෑයම හැමෝටම තැනක් දෙන්නයි.

    එකතු වෙච්චි නොවිච්චි නමුත් ලියාපු සේරම කලේ සිංහල බ්ලොග් පාඨකයන්ට සේවයක්..ඒකට ස්තූතියි!

    ReplyDelete
  9. මගේ කැමැත්ත දීලා බැලුවා.. හැක්.. ඒවට කැමති මං විතරද කොහෙද?:p

    ReplyDelete
    Replies
    1. උඹ කැමති ජාතිය හිතාගන්න ඇහැකි..හැක් හැක්

      Delete
  10. ඔක්කොම කියවන්නෙ නැතිව චන්දෙ දෙන එක අසාදාරණ හින්ද මට තව මාස දෙකක් දියං. අපි නිවාඩුවේ ගෙදර ඉන්නෙ බ්ලොග් බලන්න තහනම්.

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ නුදුනත් කමක් නෑ, කියවල කමෙන්ට් එකක් දාහන් ඒ බ්ලොග් වල.

      Delete
  11. තෝරාගත් එකම ලේඛකයකුගේ පෝස්ට් දෙකකට එක්වරම ඡන්ද 35 ගනනෙ එකම අයිපී එකකින් ලැබීම නිසා අපිට සිද්ද උනා කුකීස් වෙනුවට අයිපී බ්ලොක් කරන්න.

    මේකද මහත්තුරුනේ යහපාළනේ???

    ReplyDelete
    Replies
    1. එය ඇත්තටම 35ක් නොව, විනාඩි 5ක් වගේ ඇතුලත වෝට් 60කින් ස්පෑම් වී ඇත. ස්පෑම් ෆිල්ටර් එක භාවිතා කර, එකම අයි.පී එකෙන් වෝට් කරනා ලද සියලුම වෝට් අවලංගු කල අතර, අදාල අයි.පී එක බ්ලැක් ලිස්ට් කරන ලදී....!

      Delete
    2. පල් හොරෙක්, මං පහරන්නෙක් සහ පාර දිගේ පහරන්නෙක් ගෙන් නේද?
      Rider

      Delete
  12. වෝටින්ග් සිස්ටම් එක නැවතත් ප්‍රථිස්ථාපනය කර තිබේ. මෙතැන සිට වෝට් කරීම සඳහා ගුග්ල්, ෆේස්බුක් නැතිනම් ට්වීටර් ගිණුමකින් ලොගින් වීම අත්‍යයවශ්‍යය වන අතර, කවුරු විසින් කාට වෝට් කරන ලද්දේ දැයි රහසිගත වෙයි. හුදෙක් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වශයෙන් පමණක් මෙය භාවිතා කෙරෙයි.

    ReplyDelete
  13. මාත් වෝට් කළා.. වසන්තය වෙනුවෙන් මේ සිමාවේදී ලියන්න බැරි වුණා, මගේ බ්ලොග් එක ඔහේ මට හිතෙන වෙලාවට එක එක ඒවා ලියන කුරුටුගාන ,මකන තැනක්නේ අනේ,, ඒ වෙනුවට මං කවදාවත් නැති තරම් බ්ලොග් කියෙවුවා හැමෝටම හැකි හැමවෙලේම කමෙන්ට් කළා,, එකිනෙකා වෙනුවෙන් එකතුවෙලා කරන හැම දේ
    කටම ජය වේවා

    ReplyDelete
    Replies
    1. වෝට් එකට ස්තූතියි! ඔබෙ සැප අපෙ සතුටයි!!

      Delete
  14. බ්ලොග් වසන්තය නිසා ,යහපාලනේ වගේම, බැස්ටි බැහැල, රුයිතෙට යමින් තිබුණු සිංහල බ්ලොග් ලියවිල්ලට නියම තල්ලුවක් ලැබුනා කියල සතු‍ටු වුනා

    විශේෂයෙන්ම, බුකිය ගිල්ල අපේ ප්‍රවීණ ලියන අප්පුලා වන අර කට කහන ගොයියා , වෙලේ කොකා එහෙම ආයෙ බ්ලොග් ලියන්න ගත්තාම සතුට ඩබල් වුනා. ආ , "පස්සා පැත්තෙ ගේට්‍ටුව" ලියන හාදයත් එයි කියල බලාන හිටියට, උන්දැ නං ආවෙ නෑ.

    ඒත් මේ මත විමසුම? "මේ සද් කාර්‍යට එක්වූ සියලු ලියන්නන් දිරිමත් කිරීමී අරමුනින්.."?? එහෙම වෙයිද? අනේ මන්දා?

    ReplyDelete
    Replies
    1. මත විමසුම ගැන ඒ විදිහට කලබල වෙන්න ඕනනෑ කියන එකයි අදහස. නොලියා ඉඳලා ලියන්න එකතුවුනු බ්ලොග්කාරයෝ පොඩි ළමයි නොවෙන හින්දා මං හිතන්නේ අවුලක් වෙන්න විදිහක් නෑ. ( පොඩි කතා ලීවට. ;) )
      තමන් අතෑරලා දාපු දෙයක් ආයෙත් පටන්ගනිද්දි ඇගයීමක් ලැබෙන එකම සතුටක්නෙ.

      Delete
    2. අප්පද බොල, සිරිබිරිස්ව දැක්ක කල්!!

      මත විමසුවම ඒ ගැන යම් කතා බහක් ඇතිවෙයිනෙ. ඒක්ත් බ්ලොග් වලට හොඳයි.

      Delete
    3. අපිත් ඔය 2500 කාල බීල , ඇන්දා නෑන්දා ගාණට ඉන්නවා ලොක්කා.. හොර චංද දාන එකත් අපේ සංගිස්කුරුතියේ ලක්සනයක් නෙව, අවුලක් නෑ, හොඳක් වෙනව නං එච්චරයි

      Delete
  15. අපේ එව්වත් නෑ එහෙනම් ඈ..හොඳා හොඳා..:(

    ReplyDelete
    Replies
    1. සමාවන්න, ඉක්මනින්ම වරද නිවැරදි කරනු ඇත....!

      Delete
    2. තනි තරුවේ ඔන්න හරි. මතක් කරල දුන්නට බොහොම ස්තූතියි, පමාවට සමාවෙයන්..!

      Delete
    3. බොහොම ස්තූතියි දුමී අයියේ..සමාව ඉල්ලන්න තරම් දෙයක් නෑ..:)
      ඉන්දික අයියේ සමාව ඉල්ලන්න දෙයක් නෑ..:) වැරදීම් වෙනවනේ..

      Delete
  16. අප්පට සිරි.. කියවන්න බැරි උන ඒවත් තියෙනවනේ මෙතන සෑහෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මෙහෙම පෝස්ට් එකක් දැම්මෙ.

      Delete
  17. ඔක්කොම ලින්ක් ටික දැම්මට ස්තුතියි. තාම කියෙව්වේ ටිකයි. තෝරන්න නම් අමාරුයි. එක එක බ්ලොග් වල ඇත්තේ විවිධ රසයන් නිසා. ළමයින්ටත් කියාදෙන්න පුළුවන් නිසා කෙහෙල් කොටුවේ කතාන්දරයට විශේෂයෙන් කැමැතියි. නොලියා ඉන්න උදවිය ලියන්න ගත්තු එක නම් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි බින්දිගෙ අදහසට. මම උන්න ඔබතුමීත් යමක් ලියාවිය කියල!

      Delete
    2. ගෙදර ගියානේ ඉන්දික. මම ඉතින් හිටි ගමන් දඩොස් ගාල ඇහැරිලා ඔය මොනා හරි ලියනවානේ. මේක නිසා අර දුමිය වගේ උන් ආයේ ලියන්න ගත්තු එක තමයි වටින්නේ. ඒ අයට ඇගයීමක් ලැබෙන එක හරි වටිනවා. අනික මේ ලින්ක් ටික දැම්ම එකට තෑන්ක්ස් .

      Delete
  18. මේක එකපාරක් දාල අයින් කරල තිබුණ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කොහෙද යන හොරෙක් ඡන්ද මංකොල්ල කන්න ට්‍රයි කරල තිබ්බනෙ :)

      Delete
  19. මේ ලින්ක් ටික මෙහෙම එක තැනකට ගෙනාවට බොහොම ස්තුතියි ඉන්දික. මම කියවලා තියෙන්නේ බ්ලොග් දහයක් හෝ පහලොවක් විතරයි වෙන්නැති.
    අඩු ගානේ නිවීහැනහිල්ලේ කියවන්න හරි පුළුවන් නේ.

    අනික මේ අනුන් කියන ඒවා කොහොම මොනවා වුනත් උඹලා කලේ හොඳ වැඩක්.
    ඒකට මගෙ නම් අප්‍රමාණ ස්තුතිය බොලාලා සෙට් එකට.


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි උඹෙ අදහසට. වසන්තයට උඹ දාපු අන්තිම පෝස්ට් එකත් මෙතනට එල්ලන්නං.

      Delete
  20. බලපු නැති එව්ව ගොඩක් දැනගන්න හම්බුනා.. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. බලල ඒ සයිට් වල කරන කමෙන්ට් තබා නියම ස්තූතිය :)

      Delete
  21. යකෝ අපි සියඹලා ගෙනැල්ලා ම නැද්ද දැන්?????????

    ReplyDelete
    Replies
    1. සමාවෙයන්, ලොකු අතපසුවීමක්!

      හිටින් තව ටිකකින් දානව උඹෙ "බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න'' " සමග අනෙක් වසන්ත පෝස්ටුත්...

      Delete
  22. මේක හොඳ වැඩක්. පරණ අයගේ බ්ලොග් අක්‍රීය වුණත් මේ හරහා කෙනෙකුට කලින් ලියපුවා බලන්න පුළුවන්. අපි වගේ මධ්‍ය කාලීන ඒවාටත් හොඳයි. ඒ වගේම නවකයන්ටත් පරණ අයට තමන්ගේ බ්ලොග් වලට පාර පෙවන්න පුළුවන්. මේකෙන් හොඳ සහජීවනයක් ලැබෙනවා කියන එකයි මගේ විශ්වාසය. හැබැයි අරමුණ යහපත් දේ කියවීම වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුධීක!! අපේ අරමුණ " යහපත් දේ කියවීමට මග සලසා දීම".

      Delete
  23. කෝ ඉතින් මේ තියෙන ඒවායින් කිහිපයක් ඇරෙන්න අනෙක් ගොඩක් එව්වා කියවන්න බැරි වුණානේ බං අවුරුදු නිවාඩුවත් එක්ක.:(
    ඒ නිසා මම මගේ ජන්දේ කටුගානවා.නිවාඩු පාඩුවේ නොකියපුවා කියවන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. කියවල වරෙන් ඡන්දෙ දාන්න. මතක ඇතුව උන්ටත් කමෙන්ට් එකක් දාලම වරෙන්.

      Delete
  24. ඈ බොල බූරු පුතෝ.. මම අච්චර අමාරුවෙන් ලිව්ව ටිකට සම්මානයක් දෙන්න වටිනවා හරිය.. වසන්තයේ මගේ කොටස. හැක්.. ජය

    ReplyDelete
  25. කියවපු නැති ඒවා ගොඩක් තියනවා..කියවලා එන්නම්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails