Tuesday, April 14, 2015

අළුත් අවුරුද්දේ සාංකාව...!



අම්මෙ කොහොමද?

අනේ...මගෙ ලොකු පුතේ..ඔයාටයි දුවටයි පුතාලටයි සියළු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් උතුරන, වැඩි වැඩියෙන ලැබෙන සුභම සුභ වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා...

මගේ ප්‍රශ්ණය අහල ඉවරවෙන්නත් කලින් අම්මගෙ ආදරය පිරිච්චි වචන ගලාගෙන ආව.

අම්මටත් එසේම වේවා..!  අම්මගෙ දීර්ඝ ආශීර්වාදයෙන් පස්සෙ මමත් හැමෝටම කියන කෙටි වාක්‍යෙම්ම උත්තර දුන්න.

අම්ම කිරිබත් කාල වැඩ අල්ලල ඉවරද..?

ඔව් ලොකු පුතේ, මම කිරි උතුරවල, පහන් පත්තු කරල, ඕගොල්ලො ඔක්කොටම සුභ පතල, සියළු දෙවි රැක වරණ ආරස්සාව පතල, කිරිබතුත් කාල, වැඩ අල්ලල ඉවරයි..

අම්ම මොනවද හැදුවෙ..?

මම කිරිබතුයි කොකිස් ටිකකුයි හැදුව. තාත්ත පෙරේද  ෂෙල්ටන් කඩෙන් කැවුමුයි, මුංගුලියි කෙසෙල් ඇවරියකුයි, කේක් එහෙකුයි ගෙනත් දුන්න. මට ඔය හැටි හදන්න බෑනෙ ලොකු පුතේ දැන්..

නියමයිනෙ..කොහොමද කැවුම් එහෙම රහද ඉතින්..?

අනේ මම දන්නෙ නෑ පුතේ, මට ගැස්ට්‍රයිටීස් හින්ද ඕව කන්න බෑනෙ, මම ඉතින් කිරිබත් කෑල්ලක් විතරයි කෑවෙ..

එතකොට තාත්ත..?

තාත්ත ඊයෙ සිරීපාදෙ ගියා. සනීප නැතිවෙච්චි නිසා ගිය අවුරුද්දෙත් වඳින්න බැරි උනා කියල, උදේම පිටත් උනා. මට යන්න බෑනෙ පුතේ.. අලුත් අවුරුද්දෙ ගේ පාළු කරන්නත් බෑ, අනික ගියා කියල මට ඕවයෙ නගින්න හය්යත් නෑනෙ දැන්.

එතකොට අම්ම මොනාද කරන්නෙ..?

මට ඉතින් දැන් නංගි කතා කරා, චූටි පුතා කතා කරා. දැන් ඔයා කතා කරනව. රෑට පොඩී එයි මං හිතන්නෙ!

ඇගේ හඬේ සතුට සහ බලාපොරොත්තුව පිරිල..

ඊට කලිං..?

මම ඉතින් පුටුවක් උඩට වෙලා ඔහේ නිකං බලාගෙන හිටිය..

අම්මයි මමයි පුතයි 2009 මැයි මාසෙදි.

දරුවො හතරදෙනෙක් හදන්න ජීවිතේම දියකරපු, මාස ගණනකට සැරයක් ගෙදරට එන සැමියෙක් හිමි බිරිඳක් විදිහට තම ගෞරවය උපරිම්යෙම්ම රැක ගත්තු, අහක යන බත් උලත් වේලල අග්ගලාවක් හරි හදල හැම සතයකටම වටිනාකමක් දීපු, යට ඇඳුමෙ ඉඳන් හෝදල මැදල අපිව ඉස්කෝලෙ යවපු, අපි කරපු හැම වැරදි වැඩකටකම ගුරුවරුන්ගෙන්, අසල්වැසියන්ගෙන් කෝටියක් බැනුම් අහපු, අපේ වැරදි හින්දම  නිතර තෙමුනු  ඇස් දෙකක් තිබ්බ, අපිට හෙවනක්, සරණක් සිසිලක් හදන මහා ගහක් වෙච්චි, ආදරණීය අහිංසහක ජීවිතය...

අම්ම...

දරුවො රට රාජ්ජවල සතුටෙන් උන්ගෙ පවුල්වල ඈයෝ එක්ක අවුරුද්දට තුටුවෙත්දි, ගෙදර තනියමම පහණක් දල්වල, හැඩට ඇරපු කෑම මේසෙන් කිරිබත් කෑල්ලක් විතරක් යන්තන් කාල, දරුවන්ගෙ ඇමතුමකින් විතරක් සැනසෙන, දීම මිස ලැබීම ගැන හාංකවිසියක් නොසිතන අම්ම..

අම්මෙ,

හත් අවුරුද්දකින් අම්මට බුලත් අතක් දීල වඳින්න නොආවට, පහුගිය හත් අවුරුද්දටම අපි අම්මගෙ අතින් කිරිබත් කෑල්ලක් කවාගන්න හිටියෙ නොහිටියට, අද අපි සමාජෙ කෙලින් කටින් ඉන්නව දැකල, අපේ දරු මුණුපුරන් සුන්දරව වැඩෙනව දැකල විඳින සතුට අපි නැති ඒ දුකට ඉහලින් මහ විසාලෙට උඹ විඳිනව  කියල මම දන්නව..

ඒත්...... ඉර මොනතරම් බැබලුනත් හඳ වගේ  සිසිලක් නැති හින්ද, දරුවො මොන රජවරු උනත් උන්ට බත් කටක් කවන එන තරන් සතුටක් අම්මෙකුට තවත් නැති බව දන්න හින්ද, ලබන අවුරුද්දෙවත් එකට කිරිබත් කෑල්ලක් කන්න පොඩි උන් එක්ක එනකල් උඹ සනීපෙන් සන්තොසෙන් ඉඳින් අම්මේ..

ලොකුපුතා...


53 comments:

  1. හ්ම්ම්ම්ම්... සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ඔයාගේ ආදර අම්මා ,බිරිඳ දරුවෝ ඇතුළු හැමෝටමත්,,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔමා.. ඔයාටත් පවුලෙ අයටත් එසේම වේවා කියල පතනව...!

      Delete
  2. ඇත්තටම අවුරුදු ගැන පොඩි කාලේ කතා මතක් වෙලා මටත් අද සාංකාව වගේ. මාත් ඒක වහගන්නේ ගෙදරට, යාළුවන්ට කෝල් කරලා.
    මොකද උඹයි මායි අත්දැකපු අවුරුද්ද දැන් නෑ. අපිට ( මේ පෝස්ට් එකෙන් හොයන) අවුරුදු කියන එකයි දැන් අවුරුද්දයි වෙනස්.

    උඹගේ කතාවට මට ඇඬුනා. ඒක දුකම නෙමෙයි. අපේ අම්මලා මතක් වෙලා. මහමෙරක් තරම් දුක් විඳපු අපේ අම්මලා අපේ සතුට විතරක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒ සතුට බලාගන්නවත් නැතිව යන්න ගිහිල්ලා.
    අනේ මන්දා මචං....
    ඒත් අපි අද අපේ දරුවන්ට මේ දේවල්ම තෑගි දෙනවා. ඒ තමයි බං අම්මලා තාත්තලා.....

    ReplyDelete
    Replies
    1. //ඒත් අපි අද අපේ දරුවන්ට මේ දේවල්ම තෑගි දෙනවා.//

      මේක වෙනස් කරන්න බැරි ඇයි කියල මමත් ඊයෙ ඉඳල හිතනව!

      අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අසරණ වෙලා කියලා ලොකුවට දැනුනා අයියා..!! සැරට දැනුනා...:) අඬන්න ඔන්න මෙන්න උන්නු එකාට කණට ගැහුවා වගේ වුනා.. උඹේ විතරක් නෙවෙයි,මොකක්ද කරුමයක් ගෙවන්න ලංකාවෙන් එළියේ ඉන්න අපි හැමෝගෙම කතාව..

      අපේ ගෙදර මලාට නැකතට කරන්න තියෙන වැඩ කෙරෙන්නෙ නෑ. අවුරුද්දට තාත්තලාගෙ මහ ගෙදර යන හින්දා. එහෙදි සීයකට කිට්ටු වෙන නෑ පිරිවරත් එක්ක නොනගත, සුභ නැකැත් ගැන බලන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ. කනවා, බොනවා, හිනාවෙනවා අවුරුද්දෙම හිර කරගෙන තිබ්බ ප්‍රෙෂර් දවස් දෙක තුනට දූරින්භූත වෙන්න සතුටු වෙනවා. මීට කලිනුත් මිස් වෙලා තියෙනවා දෙතුන් පාරක්ම. ඒත් මෙදා පාර සෑහෙන්න දැනුනා. මං හිතන්නේ එක්කෝ මම නාකි වෙනවා කියලා සයින් එකක් වෙන්න ඕන.. :)

      අවුරුදු දවස් දෙක තුනට ගෙදරට, යාළුවොන්ට රට වටේටම පැය පහ දහයකට කිට්ටු වෙන්න කතා කරලා. දන්නෙම නැතුව නොසෑහෙන්න පෙවිලා... සර්කිට් ගිහින් සෑහෙන පිස්සුවක් කෙලිලා තිබ්බා..මිනිස්සු සතුටු වෙනවා දැකලා ඉරිසියා කරන්න බැරි හින්දම බුකියත් ඩිඇක්ටිවේට් කරලා දැම්මා. :D

      Delete
  3. මේව සමාජ ප්‍රගමනයේ ගෝලීයකරණයේ අලුත් ප්‍රශ්ණ. අපිට කලින් පරම්පාරාවට තිබුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව්, දැන් එන්න එන්න මේ තත්වය වර්ධනය වෙනව. තව පරපුරක් දෙකක් යනකොට මේක ගානක් නැතිවෙයි, ඒත් අපි ඉන්නෙ සංක්‍රාන්ති කාලෙ නිසා දුක දැනෙනව.

      Delete
  4. විප්‍රවාස වල ඉඳිද්දීත් මට 50% වගේ අවුරුදු වලට කොහොම හරි ගෙදර ඉන්න සෙට් වුනා. නිවාඩුවට ගිහින් ගෙදර අවුරුදු කන එකත් හරි නෑදෑ ගමන් එන එන එකාට එකම ප්‍රශ්න ටිකට උත්තර දෙන්න වෙන එක තමයි පට්ට සනීප. අම්මල තාත්තල ගේ සතුට දැක්කම ඒ අමාරුව යනව.

    උඹටත් දරු පවුලටත් සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. // එකම ප්‍රශ්න ටිකට උත්තර දෙන්න වෙන එක තමයි පට්ට සනීප //

      FAQ :D :D

      Delete
    2. ඇනෝ, මමත් අද නෑයො හතරපස් දෙනෙකුට කතා කලා. එකම ප්‍රශ්ණ ටික. ඒත් කතා කරපු එක ඒ මිනිස්සුන්ට සතුටක්නෙ. විශේෂයෙන් වයසකම පිරිසට.

      උඹලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..

      ප/ම, පොතක් ගහල ගෙන යනවද?

      Delete
  5. ඕකම තමයි මටත් අද උනේ... මේ දවස් ටිකේම කඩේට වෙලා නන්ස්ටොප් වැඩ කරල, ඊයේ රෑ 12ට විතර ගෙදර ඇවිත් නිදා ගත්ත.. උදේ ඉඳන් ගේ අස් කරලා කිරි උතුරවන්න ලෑස්ති උනේ දෙන්න එක්කම... ඔන්න කිරිබත් ටික හදන අස්සෙ නැන්දම්ම කෝල් කළා.. අනේ උන්දැ තනියම ගෙදර කියල දන්නෙ එතකොට... මාමණ්ඩි ගිහින් කතරගම දන්සැලක් දෙන්න.. අක්කල එයාලගෙ ගෙදර.. මල්ලි රට.. අපි දෙන්න මෙහෙ... අපෙ අම්මල ලෑස්ති වෙලා හිටියෙ කඩේ වැහුවට පස්සෙ අම්මලගෙ මහගෙදර රෑ කැමකට යන්න.. මම ඒ ගමන පැත්තක තියල අපෙ මහත්තයවත් ඇදගෙන නැන්දම්ම බලල එන්න ගියා... අනේ කැවුං කොකිස් ටිකක් හදාගෙන තනියෙන් ගෙදරට වෙලා ඉන්නව ලයිටුත් ඕෆ් කරගෙන... ඒ පාර පැය තුනක් විතර කියෝ කියෝ ඉඳල දැනුයි ගෙදර ආවෙ... හෙට කඩේට යන්න නොතිබුනා නං අද එහෙ ඉඳල එන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔයා කරපු වැඩේ හරි වටිනවා අක්කේ,

      Delete
    2. හිරු මිස් උඹට පත්තර මල්ලිගේ රෙෂ්පට් එක !!!

      Delete
    3. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනෙ. හිරුවො උඹ අලුත් අවුරුද්දෙ නියමම පින්කමක් කරගෙන තියෙනව. බොලා සේරටම සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

      Delete
  6. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    අන්න ඔයාගේ පිලිකුලට මම උත්තර දුන්නා ... පොඩ්ඩක් ගිහිං ඒක බලලා මටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්ඩ කියලා පතලා එන්ඩකෝ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සුභ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  7. අවුරුදු චාරීත්‍ර ගැන එක එක කතා කීවත් එක දවසක පරම්පරාවල් දෙක තුනක් එක් කරල නෑදෑ සනුහරේම එක් කරල මුළු ජීවිතේම අළුත් කරගන්න ලැබෙන මේ අවස්ථාව කොච්චර වටිනවද කියල හිතෙනව.
    දරුවන් දුර බැහැර සිටින අවුරුද්දකටවත් ඔවුන් සමග එකට කිරිබත් කෑල්ලක් කන්න නොළැබෙන දෙමවුපියන්ගෙ හැඟීම් හිතාගන්න බෑ. දරුවන්ගෙ දියුණුව මුනුපුරන් ගැන හිතල ඔවුන් සාංකාව දුරු කරගන්නව ඇති.
    ඊලඟ අවුරුද්දට ඉන්දිකට පවුලෙ හැමෝම එක්ක අවුරුදු කන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනිව ම.ම.

      ඊයෙ රෑ අපේ ගෙදර අපේ පොඩි උනුයි මස්සිනාගෙ පොඩි උනුයි අවුරුදු වලට සෙට් වෙලා. ලංකාවෙ උන්නනම් පවුල් හය හතක පොඩි උන් දහයක් දොළහක්. මොඅන තරම් සතුටක්ද. අපි පොඩි කාලෙ ලොකුම දේ ඔන්න ඔය එකතුවීම සහ එකට කිරීම. අවුරුද්දෙ තියෙන ලොකුම වටිනාකම්ත් ඒකයි.

      ඔබටත් පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  8. අම්මල එහෙම තමා බං.අපිත් ඉස්සර අම්මට කතාකරන කොට දිගම දිග ආශීර්වාදයක් ඉස්සෙල්ලම,සැප සනීප අහන්නේ ඊට පස්සෙ.දැන් අපට එහෙම කාලයක් ආයෙම එන්නෙ නෑ.උඹලගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැළපෙ. අම්මල පරලොවදිත් දරුවන්ට ආශීර්වාද කරන එක අමතක කරන්නෙනැතුව ඇති බං..!

      Delete
  9. මුලින්ම ඉන්දිකටත් පවුලෙ සියළුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

    එකපාරටම මොනව කියන්නද කියල හිතාගන්නත් බෑ ඉන්දික. ඉන්දිකලට නම් ඉතිං නිවාඩු අරන් ලංකාවට ඇවිත් යන්න විදියක් නෑ කියල හරි කියන්න පුළුවන්. ඒත් අපේ රටේම වැඩිහිටි නිවාසවල කොච්චර අම්මල තාත්තල තමන්ගෙ දරුවො බලන්න එයි කියල බලාගෙන ඉන්නව ඇත්ද.

    ReplyDelete
    Replies
    1. උඹව කාලෙකින් දැක්කෙ. සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්ව බොලා සේරමටත්!

      ඔව් බං, එහෙම මාපියො කොච්චර ඉන්නවද අඩු ගානෙ කටහඬවත් අහන්න නොලැබෙන.

      Delete
  10. මොනව කරන්නද. රසික කිව්ව වගේ අම්මලාගෙ පරම්පරාවට නැති අපිට තියන ප්‍රශින මේව.අපේ ලමයින්ගෙ කාලෙ වෙද්දි මොනව වෙලා තියේවිද මංද!

    උඹටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක්.

    (මේ තමයි එහෙනං සිංහය)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්, උඹ්ලටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

      වෙන දේ හිතා ගන්න පුලුවන් නිසා අපිනම් දැන්ම හිතාන ඉන්නෙ හොඳ වැඩිහිටි නිවාසෙක පදිංචියට යන්න කියල.

      ( උඹ මාව බුකියෙ ෆොටෝ වල දැක නැතුවයැ ? )

      Delete
    2. උඹ බුකියෙ හිටියට පින්තූර දැකල තිබුනෙ නෑ

      Delete
  11. ඉන්දික..පොඩ්ඩක් නැවතිලා හිතන්න...ලබන අවුරුද්දට කල් දාන්න තරම් අපි ආත්මාර්තකාමි උනාට අම්මා කවදාවත් කල් දැම්මෙ නෑනේද අපේ දේවල්...මම ඊයේයි අදයි දෙපාරක්ම කතා කරලා ඇහුවේ උඹ අහපු දේවල්මයි අම්මගෙන්...තාත්තා කිව්වා අම්මා රුපියල් හයසීයක රතිඤ්ඤා අරන් දුන්නා කියලා..හිතපන්..ඒ රතිඤ්ඤා ගන්න ඇත්තේ අපිට නෙමෙයිද...
    අපි තනිවෙච්ච දවසක විතරද අම්මගෙ තනිය තේරෙන්නේ...
    නැවතියන්...අපිව පත්තු කරන්න එනකොට පරක්කු වැඩිවෙයි කියලා බයයි...

    ReplyDelete
    Replies
    1. උඹගෙ කෙටි සටහන මහ මෙරක් තරම් බරයි මචෝ!

      /හිතපන්..ඒ රතිඤ්ඤා ගන්න ඇත්තේ අපිට නෙමෙයිද...// බිරින්දෑවරු සේරම එක අච්චුවෙ වගේම, ඒ අය අම්මල උනාමත් එකම විදිහයි.

      මම හැම අවුරුද්දෙම ජූලි යනව අම්මල බලන්න, ඒත් අපිට හැම පාරම පොඩි උන්ගෙ ඉස්කොලෙ නිසා අවුරුදු වෙසක් මිස් වෙනව. දුක ඒකයි.

      Delete
  12. අම්මා කියන වචනයේ ගැඹුරු තේරුම ආත්ම ගණනක් ගියත් තේරුම්ගන්න අමාරුයි. මේ කියන්නේ සීයා කෙනෙක් බව අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ආත්ම ද, පරම්පරා ද?
      ඔබට පරම්පරා පහක් ගැන අත්දැකීම් තියෙනවා. නමුත් එක ආත්මයයි නේද?

      Delete
    2. අනාත්මයි නේද?

      Delete
    3. විචාරක, ස්තූතියි උපදෙසට..! සුභ අලුත් අවුරුද්දක් සීයටත්, පවුලෙ සැමටත්!

      Delete
    4. @ රසිකොලොජිස්ට් - RasikologistApril 15, 2015 at 2:13 AM

      මේවා සාම්ප්‍රදායික යෙදුම් විනා භෞතිකමය අර්ථ දැක්වීම් වලින් තොරයි. ගමේ ගොඩේ මිනිස්සු කියන විදිහ.

      Delete
  13. ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා. නොරට ඉන්නා සහ නොරට උපන් දෙවෙනි පරම්පරාව විශේෂයෙන් අවරුදු 7 ට අඩු පැටියෝ සිංහල අවුරුද්ද ගැන දක්වන ආකල්ප ගැන දැනගැනීමට කැමතියි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුමට..සුභ අලුත් අවුරුද්දක් සමරසේකරටත්, පවුලෙ සැමටත්!

      අපි කන්නෙ සිංහල කෑම, කතා කරන්නෙ සිංහලෙන්, බලන්නෙ සිංහල ප්‍රවෘත්ති, අහන්නෙ සිංහල සින්දු නිසා, නොරටක ඉංග්‍රීසියෙන් ඉගෙනගත්තත් ඒ අය සිංහල අලුත් අවුරුද්ද කියල කියන, තෑගි ලැබෙන, කැවුම් කොකිස් හදන, මෙහෙ ඉන්න මිතුරු ඥාති එකතුවෙන මේ උත්සවය ගැන අප්‍රෙල් මාසෙ පටන්ගන්නකොටම බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

      මම හිතන්ව අපි ඒ අයට දෙන මේ ආරම්භය, ඒගොල්ලන්ට තමන්ගෙ සංස්කෘතික අනන්‍යතාව දිගටම හිතේ රඳවයි කියල!

      මේ තියෙන්නෙ මේ පාර අපේ දුප්පත් අවුරුදු කෑම. සේරම ගෙදර හදපුව ( කෙසෙල් හැර )

      [img]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/11110370_10153171082389277_223457073793725456_n.jpg?oh=7cd6a5c47fb8f589be366807ea1bbf54&oe=55D8B8CE&__gda__=1440838820_27779e24fb3d5d8fded81885fe3ef9cc[/img]

      Delete
  14. ඉන්දිකට ලබනපාර මෙහෙ අලුත් අවුරුදු සමරන්න ලැබේවායි ප්‍රර්ථනා කරනව

    ReplyDelete
    Replies
    1. සමහරු කියනව මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ අපිට අවශ්‍යනෑ අපි හැමදාම ආදරෙයි කියල.

      ආදරේ එක ඇත්ත, ඒත් අපිටත් ඒ සම්ප්‍රදාය තිබුනනම් අම්මල තාත්තලට අවුරුදු (හෝ නත්තල්) වලට අමතරව තවත් විශේෂ දිනයක් තියනව ප්‍රකාශිතව ආදරය විඳින්න. ඒවගේ දේවල් අවශ්‍ය නෑ කියන මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද මේ කාර්ය බහුල කාලෙ අවශ්‍ය තවත් වඩා ඒවගේ දේවල් කියල?

      Delete
    2. ස්තූත්යි ප්‍රා සුභ පැතුමට..!

      ඇත්තටම පැරණි සිංහලයට ඔය දවස් අනවශ්‍ය උනාට, මේ හය්යෙන් දුවන අපිට දවසක් ලැබීම තවත් එක් යහපතක් වෙන කාලෙ ඇවිත් තමා..!

      Delete
  15. උදේ පාන්දරම උඹ මාව ඇඬෙව්වා.......තාමත් කඳුළු නවතින්නේ නෑ......!

    //"දරුවො හතරදෙනෙක් හදන්න ජීවිතේම දියකරපු, මාස ගණනකට සැරයක් ගෙදරට එන සැමියෙක් හිමි බිරිඳක් විදිහට තම ගෞරවය උපරිම්යෙම්ම රැක ගත්තු, අහක යන බත් උලත් වේලල අග්ගලාවක් හරි හදල හැම සතයකටම වටිනාකමක් දීපු, යට ඇඳුමෙ ඉඳන් හෝදල මැදල අපිව ඉස්කෝලෙ යවපු, අපි කරපු හැම වැරදි වැඩකටකම ගුරුවරුන්ගෙන්, අසල්වැසියන්ගෙන් කෝටියක් බැනුම් අහපු, අපේ වැරදි හින්දම නිතර තෙමුනු ඇස් දෙකක් තිබ්බ, අපිට හෙවනක්, සරණක් සිසිලක් හදන මහා ගහක් වෙච්චි, ආදරණීය අහිංසහක ජීවිතය..."//

    උඹ මේ කියලා තියෙන්නේ අපේ අම්මා ගැන..... එකම වෙනස තාත්තා ගෙදර ආවෙ අවුරුද්දට සැරයක් විතරයි.......!

    ReplyDelete
    Replies
    1. දුමිය, අපි බොහොමයක් එක බෝට්ටුවෙ නිසා තමයි මෙහේ හිතවත්තු වෙලා ඉන්නෙ. අම්මල පව්..!... අපි?

      Delete
  16. ඇයි අවුරුද්දට විතරක් අම්මා මතක් වෙන්නේ....?

    ReplyDelete
    Replies
    1. අම්ම අවුරුද්දට විතරක් නෙමේ මචං මතක් වෙන්නෙ. නමුත් අවුරුද්දට දරුවො එකෙක්වත් අම්ම ගාව නැති වෙච්චි එක බොහොම දුකක් අපිටත්, ඒත් අම්ම ඒක උපේක්ෂාවෙන් දාරගෙන ඉන්නව. මේ කම්පනය අපි කොහොමද බාරගන්නෙ..? ඒකයි මේක ලියවුනේ.

      Delete
  17. ලබන අවුරුද්දේ වත් ගෙදර ඉදන් කිරිබත් කෑල්ලක් කන්න ඕනේ.. මම මෙහෙම හිතුවේ ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද දවසේ.. පුරුදු විදිහටම මේ අවුරුද්දෙත් එහෙම හිතුවා.. ඒත් ලබන අවුරුද්ද වෙන කොට ඒ සේරම අමතකයි..මතක් වෙන කොට අවුරුද්ද ඉවරයි..

    ReplyDelete
    Replies
    1. කටුක සත්‍ය එය තමයි බොහෝ විට. ඒත් අපිට වෙලා තියෙන්නෙ දරුවන්ගෙ ඉස්කෝල නිවාඩු නැති කම. ඒත් ලබන අවුරුද්දෙ ඒකට විසඳුමක් ලැබෙයි!

      Delete
  18. හප්පේ උබට මොකද බන් වෙලා තියෙන්නේ ..... ඊයේ පෙට්‍රල් දාලා අද ගිනි තිබ්බා වගේ

    ReplyDelete
    Replies
    1. මේ ඉර මුදුන්වෙන ගිණියමේ අපිත් අවුලෙන් බන්..

      Delete
  19. අනේ මන්ද ඉන්දික,
    අර DDT කියල තියෙනව වගේ ඉන්දිකගෙ දෙමව්පියන්ට තමංගෙ පුතා රට ඉඳල රස්සාවක් කරනව හරි කියල හිත හදාගන්න පුලුවන්. ඒත් තමංගෙ ගෙවල් දොරවල් වලින්, අසල්වැසියන්ගෙන් වෙන් වෙලා වැඩැහිටි නිවාස වල කාත් කවුරුවත් නැතිව ජීවත් වෙන මිනිස්සු කොයි වෙලේ හරි තමංගෙ දරුව තමංව බලන්න එයි කියල හිතාගෙන දුක් විඳින එක ඔයිට වැඩිය වේදනාවක් ඇති.

    ReplyDelete
    Replies
    1. දෙපැත්තක් තියනව ප්‍රසන්න. ඔබ කියන එක සමහරුන්ට (විශේෂයෙන් ලංකාවෙ )වැඩිහිටි නිවාසවල ) අදාලයි.
      ඒත් සමහර හොඳ වැඩිහිටි නිවාස ( ලංකාවෙ කිහිපයක් හා බටහිර හුඟක්) වල ඉන්න අය සාමාන්‍යයෙන් සතුටින් ඉන්නව - ආශ්‍රය කරන්න , කතා කරන්න සම වයස්වල අයත්, සත්කාර කරන්න ස්ටාෆ් එකත් ඉන්න නිසා. ගෙදරක තනිවෙලා ඉන්න අය ඊට වඩා දුක්බර අමාරු ජීවිත ගත කරනව

      Delete
    2. ප්‍රසා, ඔව්, එහෙම දුක්වෙන දහස් ගානක් ඇති. අපේ අම්මත් නොකිව්වට සෑහෙන දුකකින් තමා ඇත්තෙ.

      ප්‍රා කියනව වගේ වැඩිහිටි නිවාස වල සතුටින් ඉන්න අයත් ඇති, නමුත් දරුවෙක් කලෙකින් තමන්ව බලන්න නො-එන එක මොන සතුටකින්වත් අඩුවෙයිද කියල හිතන්න අමාරුයි!

      Delete
  20. තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
    මගෙ රත්තරන් අම්මේ මං පඩි අරන්
    අද හෙට එනතුරු ගමට
    තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි උඹට.. !!

    ReplyDelete
    Replies
    1. අපි කාගෙත් අම්මල වෙනුවෙන් ගැයෙන හොඳම ගීය ඕකයි මලේ..උඹටත් හාමිනේටත් මග ඉන්න, ඇවිත් ඉන්න පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  21. අවුරුද්දට සුබ පතන්න දැන් පරක්කුද මන්දා?එත් සුබ පැතුවත් අහක යනවා කියලැයි.
    කොහොම වෙතත් උඹලෑ අම්මාට නිදුක් නිරෝගී දීර්ඝයුෂ පතනවා.ලබන අලුත් අවුරුද්දෙවත් අම්මාට බුලත් අතක් දීලා කිරිබත් කටක් කවා ගන්න පැතුම ඉටු වේවා!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails