Thursday, November 20, 2014

ආදරණීය වික්ටෝරියා


පළමු කියැවීම - 2014 නොවැම්බර් 19

ආදරණීය වික්ටෝරියා කියවන්න ගත්ත. තාම පරිච්ඡේද දෙකයි ඉවර. රෑට ගෙදර ගිහින් ඉතුරු ටික බලන්නෙ. හැබැයි මුල ටිකක් අවුල් වගේ. යන්නෙ පැයට මයිල් හැටේ වේගෙට.

අන්දිරිස් කොළඹ එනව ජීවිතකාලෙම හම්බු කොරපු සල්ලි යාලුවෙක් ගාව තියල ( ඒකට හේතුව පස්සෙ මතුවෙයිද? ). පානදුරේ ගෙදර වැඩ අස්සෙ බොන්නෙ බෙලිමල්, රණවරා! නැදුන් මිල්ල ගස් මතුගම පැත්තෙ කැලෑ වලින් කපනවලු! අච්චර ලොකු අරක්කු ව්‍යපාරෙ කරන ඩබල ඔය තරම් සෙනගක් ඉන්න ව්‍යාපාරයක් පාලනයට ගිණුම් මිණුම් තියාගත්තෙ කොහෙද කොහොමද!

මේක අර "මාගම් සෝලිය" වගේ අධියථාර්ථවාදී හිතළුවක් උනානම් ගානක් නෑ, ඒත් එහෙමම නොවෙන එකේ...!

අනේ මන්ද, බලමු පොත කියල ඉවරවෙනකොට ප්‍රශ්ණ වැඩි වෙයිද නැත්තං මේ ටිකවත් විසඳෙයිද කියල!

දෙවැනි කියැවීම - නොවැම්බර් 20

මම මාගම් සෝළිය කියවූයේ එය ගැන පූර්ව කියැවීම් වලින් තොරවය. එනිසාදෝ එහි ඉතිහාසය ගැන තාක්ෂනික කරුණු නොසොයා මොහාන් මවා තිබූ මයා යථාර්ථයේ කිමිදෙමින් ඉතිහාසයේ ඛේදවාචකයක්, ඓතිහාසික පරාජයක් ගැන වික්ටෝරියානු සදාචාරයට පෙර පැවති සිංහලයාගේ වැරදීම් සහ අඩුපාඩු ගැන පෙනෙන මානයට එහා ගොස් කියා තිබූ අපූර්වත්වය විඳින්නට හැකිවිය.

නමුත් ආදාරණීය වික්ටෝරියා කියැවීමට පෙර ඒ ගැන නොයෙකුත් දෙනා කල අගයකිරීම්, ඔසවාතැබීම් මතින් නිසා, පොත කියැවීමට පටන්ගත් මොහොතේ පටන් යටි සිත සොයා ගත්තේ කතුවරයට වැරදී තිබූ තැන් පමණි.

නමුත් පොත අග වනවිට තත්වය වෙනස් වෙමින්, කතුවරයා මායාව මතින් ලාංකික දේශපාලනයේ පසුකාලීන නියමුවන්ගේ ආරම්භයත්, ඔවුන්ගේ ගන්ධබ්බ ඇවතුම් සහ පැවතුම් පිළිබඳවත්, සදාචාරයන් දෙකක් අතර දෝළනය වූ ආශාවන් සහ හැඳීමුත් කදිමට නිරූපණය කර තිබෙනු දුටුවෙමි.

මෙහි රේන්දරාළලා ගැන හෝ රේල්පාර නිමැවීම ගැන වූ කරුණු සහ වඩු කර්මාන්තය ගැන ඔහු සෑහෙන දුරට හැදෑරීමක් කල බව පෙනෙතත් අඩුපාඩු එමට වූ බව නොකියා බැරිය. නමුත් ඔහු සිය කෘතියෙන් පෙන්වන, එදා පන්තිය වෙනස් කල මිනිසුන්ගේ අර්බුධය පිළිබඳ කියැවීම විඳින්නට භාධාවක් කරගත යුතු නැතයි යෝජනා කරමි.

අවසානයේ දිගු කතාවක් කෙටියෙන් කියන්නේනම්, ආදරණීය වික්ටෝරියා තුලින් මා එදා තම රටට පැමිණි සංස්කෘතියෙන් සහ අර්ථ ක්‍රමයෙන් වෙනස් වූ මිනිසුන්ගේ කතාව පමණක් නොව මෙදා තම රටින් බැහැරව වෙනස් අර්ථ ක්‍රමයක් සහ සංස්කෘතියක් සහිත දේශයන්ට සංක්‍රමණය වූ මිනිසුන්ගේ කතාවද කියැවීමි!

30 comments:

  1. හිඟන්නන්ට කොයින්ද උණු බත්?
    මං ඊයෙයි කියවන්න පටන් ගත්තේ 2013 ප්‍රකාශිත ලොවීනා නවකතාව!

    ReplyDelete
    Replies
    1. රසික ඔහොම කියනවා මාගම් සෝලිය,ලොවිනා,ආදරනීය වික්ටෝරියා පොත් තුනම තියාගෙන ඉන්නවා කියවන්න තරම් මානසික නිදහසක් නැති නිසා.

      Delete
    2. රසික, ලොවීන කියවල ඉවර ඇති නේද? මට ඒක තමා මොහාන්ගෙ වඩා සිත්ගත්තුම පොත.

      මනෝජ්, මම උවමනාවක් තියෙනම්, වැසිකිලියෙදි හරි කියවතෑකි. මම නම් එහෙමයි. ඔය තුනම කියවල ඉවර කරා.

      Delete
  2. ලොවිනා මිළදී ගතිමි. කියවීමට ලැබුනේ නැත. පොතට කුමක් වූවාදැයි අදටත් නොදනිමි. මේ පොත කියෙව්වේද නැත. එහෙත් එක දෙයක් පැහැදිලිව කිව හැක. මොහාන් යුගයක වීරයකු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මාත, ලොවීන කියවන්න වටිනව. ඒක තමා රසවත්ම පොත. ඇත්ත, මොහාන් පොරක් වෙන්නෙ ඉතිහාසෙට. ඒක ඉතින් හැටිනෙ.

      Delete
  3. තව ටිකක් පැහැදිලි කරහංකෝ අර රන්ජන් ලොක්කා වගේ..

    ReplyDelete
    Replies
    1. මචෝ, පොත බලන එකාටයි විකුණන එකාටයි දෙන්නටම අසාධාරණයක් වෙන විචාර ලියන්න මම දන්නෙ නෑ. උඹට පුලුවන්නම් අරන් කියවල බලල එහෙම ලියහන් හැක්...

      Delete
  4. නව කතාව අවසාන කරලා තියන විදිහ එල ද බ්‍රා..බල්ලාට විකෘති පැටියෙක් ඉපදිම සහ මුදලිතුමාට පුතෙක් ඉපදිම එල ද බ්‍රා හින්ට් එක.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ වගේම ඒ තරම් වදින්නෙ නැති හින්ට් තව තීනව. අර වික්ටෝරියානු ඇඳුම් ඇඳල පස්සෙ මූණ කන්නාඩියෙන් දැක්කම භය වෙන එක, මඩ පුවක් සෙන්ට් එක වගේ ඒව ඒ වගේම රූපක.

      Delete
  5. ලොවීනා ගත්ත නමුත් තාම කියෙව්වේ නෑ .මේ පොතත් ගන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අරගනින්, මම නම් එකක්වත් ගත්තෙ නෑ, මොකද මෙහෙ නැති නිසා සහ ලංකාවෙන් ගේන බර අවුල් වෙන නිසා. ඒත් හෙන්‍රි මෙහෙ ඉන්නකල් මට පොත් අඩුවක් නෑ.

      Delete
  6. මේ ළඟදි මෙහෙට ආව පොත් ප්‍රදර්ශනයෙදි දෙතුන් වතාවක්ම මේ පොත අතටත් අරන් ආයෙ ගන්න බෑ හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! කණාගෙ පයෙ හැපෙන මැණික වගේ.

      Delete
  7. තාම කියවන්න ලැබුනේ නෑ.. හෙට අනිද්දම වගේ පොත ලැබේවි මටත්.. එතකොට බලමුකෝ..

    ReplyDelete
  8. පොත නෑ බොසා .. කියවපු දාක වචනයක් කියන්නං .

    ReplyDelete
  9. කතෘගේ පොත් සියල්ලම කියවීමි... හිත වෙන ලෝකෙකට ගෙනියන පොත්.. හැබැයි භාෂාව නිසාද මන්දා එක දිගටම කියවන්න හිතෙන පොත්... මට නම් ලොවීනා තමයි හොදම

    ReplyDelete
  10. මම මේ බැලුවේ ලොවිනා පොත බොහෝ දෙනෙක් ගාව තියෙනවා, තාම කියවලා නැහැ. මාත් එහෙමයි. පොත කියවන්න පටන් ගන්න හිතෙන්නේ නැහැ. යමතාක් දුරට දන්න කතාවක් නිසාද දන්නේ නැහැ,

    ඉන්දිකගේ මේ පෝස්ට් එක කියවනකොට මට මතක්වුනේ ධර්මසේන පතිරාජගේ කඩුල්ල ටෙලි නාට්ටිය.

    ReplyDelete
    Replies
    1. /* යමතාක් දුරට දන්න කතාවක් නිසාද දන්නේ නැහැ, */

      Big mistake Aru

      Delete
    2. එහෙමද......එහෙම නම් කියවන්න පටන්ගන්න ඕන.

      Delete
    3. අරූ,

      ලොවීනා කියන්නෙ ඔබත් මාත් දන්න ලොවීනගෙ කතාව විතරක් නෙමෙයි. ඒක රොඩී කුළේ උපතෙ රත්නවල්ලි බිසවගෙ ඉඳල මේට්ලන්ඩ් වෙනකල් එන කතාවක්. ශෛලිය ඔබට අලුත් එකක් වෙයි. කියවල බලන්න, ඉතාම සුන්දර පොතක්.

      අනෙක මේ වික්ටෝරියා ටිකක් කඩුල්ල වගේ පෙනුනට, මේකෙ පණිවුඩය සහ යටින් සාක්ච්ඡාවෙන කාරනා ඊට එහා ගිය, මේ පන්ති පෙරළිය අතරෙ ඇතිවෙන ප්‍රථිවිරෝධතා ගැන කියැවෙන පොතක්. ඒක නිසා කඩුල්ල හා මෙය සසඳන්න අමාරුයි!

      Delete
  11. මට නම් ඔය රෙද්දෙ පොත් අවැසි නැත....... මොකා ලිව්වත් ගොඩක් දැන් ලියන්නෙ අපේ ...කියවන විට රසය ගැන සිතාය.....
    අන්න ඒකට .................. ඉස්සල........ තාම මොලයෙ ඉතරක් නෙමේ........ බොක්කෙත් තියනවාය......
    උඹට MY3 අනාගතයක්''''''''''''''''''''''''''''!............................. මචෝ.....

    ReplyDelete
    Replies
    1. ඉස්සර හිටි කෙන්ජි දැන් ඉන්නා කෙන්ජිට වඩා සිරා ආතල් කමෙන්ට් දැමූ "පොරකි". පිරිහීම සහ වෙනස්වීම සැමට පොදු දෙයකි.

      Delete
  12. ඉස්සර දිනපතා මහජන පුස්තකාලෙන් පොත් දෙක ගානේ අරන් කියවපු මමත් දැන් පොත් කියවන්නේ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. මට මෙච්චරකල් තිබ්බෙ පොත් හොයාගැනීමේ අපහසුව. ඒත් දැන් හෙන්‍රි සහ රුඛිලා නිසා ඒ අඩුව වැහුන. දැන් තියෙන්නෙ කියැවීමට වෙලාව අඩුකම. ඒ කොහොම උනත් සතියකට පොතක් වත් කියවනව.

      Delete
  13. මේ දවස්වල ඕවා පේන්නෑ බොල. (8 වෙනිදයින් පස්සෙ බලමු)

    ReplyDelete
    Replies
    1. ඔන්න මාත් එහෙනං කාලෙට ගැලපෙන එකක් ලියනව අද.

      Delete
  14. පෙරේදා මාගම් සෝලිය ඊයේ වික්ටෝරියා අද ලොවීනා

    වික්ටෝරියාගේ මාගම් සෝලිය තරම්ම නැති වුනත් පොඩ්ඩක් හරි අධියථාර්ථවාදී ගතියක් නැත්තෙම නෑ

    අර ආයම්මල ටික ගැන හිතන්ටකෝ. එතකොට කළු කුරුමිණියෝ (reminds me of black moths ), දුඹුරු පාට අශ්වයෝ
    its like metaphors metaphors every where :D
    මම නම් කැමතිම හතර වටින් ගහල තියන හින්ට්ස් වලට.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails