Tuesday, May 1, 2018

ගුරු දෙගුරු හමුව...

එදා එර්ෂාඩ් එයාගෙ හෝම් වරක් කරලත් නෑ, පාඩම පටන් ගන්න කලින් ප්‍රශ්ණ ඇහුවම කලින් දවසෙ කියල දීපුව මතකත් නෑ.

ඒ නිසා මම කිව්ව "එර්ෂාඩ්, ගිහිල්ල ජනේලෙ ගාව හිටගෙන අද පාඩම අහනව. ඉන් පස්සෙ, සම්පූර්ණ පාඩමම ආයි කියවල හෝම් වර්ක් කරනව ඉස්සෙල්ලාම, ඊලඟට අද අහපු ප්‍රශ්ණ ටික ලියල ඒවට උත්තරත් ලියනව".

එහෙම කියල මම අලුත් පාඩම පටන් ගත්ත.

ඒක ඉවර වෙලා කට්ටියට ප්‍රශ්ණ වගයක් දුන්න එදා ඒ පාඩම ඇසුරෙන් උත්තර ලියන්න.

හැමදාම වගේ සෙතික තමයි ඉස්සෙල්ලාම උත්තර ලියල පොත ගෙනත් දුන්නෙ බලන්න.

මම කට්ටියගෙ පොත් බලන අතරෙ යන්තමට පෙනුන සෙතික ගිහින් එර්ෂාඩ් ගාව හිටගෙන කතා කරනව ජනේලෙ පැත්ත හැරිල.

මට හොඳටම තරහයි..

"සෙතික මොකද ඔතන කරන්නෙ..?"

දෙන්නම හිමීට ආපහු හැරිල, බයෙන් මගේ දිහා බලල හොරාට බිම බලා ගත්ත..

"වැඩ ඉවරනං පාඩුවෙ ඉන්නෙ නැතුව ඇවිදින්න එපා කියල කියල තීනවනෙ. පීරියඩ් එක ඉවරවෙනකල් දෙන්නම ඉන්නව හිටගෙන..."

සෙතික නිස්සද්දවම ඔලුව වනල ආයි බිම බලාගත්ත..එර්ෂාඩ්ගෙ මූනෙ තිබ්බෙ තරහ

ටිකකින් මට පේනව දෙන්න ආයි කුටු කුටු ගගා කතාව..

මම සද්ද නොකර නැගිටල ලඟට ගියා බලන්න...

සෙතික එර්ෂාඩ්ට ඊයෙ පාඩමෙන් මම කලින් අහපු ප්‍රශ්ණ ටික මතකෙන් කියනව, එර්ෂාඩ් ඒක පොතේ ලියනව..

තමන්ට දඬුවම් ලැබෙන බව දැන දැනම විතරක් නෙවෙයි ඒක නිහඬව විඳගෙන යාලුවෙක් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වෙච්චි ඒ උතුම් ගතිය ගැන මම හැම පන්තියකම ළමයින්ට කිව්ව.

"ඇතතටම ඔබ තුමා ආඩම්භරවෙන්න ඕන මෙහෙම වටින දරුවෙක් ඉන්න එක ගැන...."
.
.

මං හිමීට කණ්නාඩිය අස්සෙන් ආපු කඳුලු බින්දු ටීචර් ඉස්සරහම පිහිදගත්ත..


ප/ලි.

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ පුතා පහුගිය අවුරුද්දෙ ලැබුන ලොකුම ඇගයීම. 

Winner of the General Proficiency Award - Grade IV

25 comments:

  1. අම්මටසිරි බං .... වැඩිය සද්ද බද්ද නැතුව හිටියට ඌ මාර ඩයල් එකක් නේ ....

    ReplyDelete
    Replies
    1. ඌ එහෙම තමා බං.. නිස්සදවම ගේම

      Delete
  2. ඔය generation එකේ ඔය වගේ values තියෙන දරුවෙක් ඉන්නවා කියන එක ලොකු හාස්කමක්.. ඇත්තටම තාත්තෙක් විදියට උඹ පට්ට ආඩම්බර වෙන්ටෝනැ එහෙවු දරුවෙක් තැනුව එක ගැන.. ජය!

    ඒත් එක්කම ඒ වටිනාකම අඳුනගන්න පුළුවන් විදියෙ ගුරුතුමෙක් (ඔවු ගුරුවරයෙක් නෙවෙයි ගුරුතුමෙක්) හිටපු එකත් ලොකු හාස්කමක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක මට ආඩම්භර හිතුන මොහොතක් මචං. මම දුවගෙන ඇවිත් මේ කතාව බ්ලොග් එකේ ලිව්වෙ අර බොක්කෙ යාලුවෙක් එක්ක ඒක බෙදාගන්න හැඟීමෙන්..

      මම හරියටම කියල උඹ තහවුරු කරා..

      Delete
  3. අතිජාත!
    තාත්තට වැඩිය හොඳ පුතාලා!!

    ReplyDelete
    Replies
    1. සහතිකවම රසික. අපේ අම්ම ඉස්කොලෙ රැස්වීමට ගියහමත් එන්නෙ කඳුලු පුරෝගෙන ඒ මගෙ නසරානි වැඩ ගැන අහල කන් පුරෝගෙන.

      Delete
    2. පුතා එහෙනම් තාත්තා වගේ ලංකාවේ අහවලාට (හෝ ඔහුගේ පුතාට) ලක්‍ෂ ගනං වස්තු දෙන එකක් නෑ!

      Delete
  4. ආඩම්බරයි!!! ගහේ කටු උල්කල මනාද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අම්ම බණිනව "මෙයත් ඕනවට වඩා හොඳ කරන්න ගිහින් තාත්ත වගේ ඉගෙනගන්නව හොඳ පාඩමක්" කියල

      Delete
  5. වසන්තම් කුට්ටි කරගන්න බැරි වෙන්ඩ ඇති නේද?

    ReplyDelete
    Replies
    1. කුට්ටි කරගත්තත් බොට හම්බවෙන්නෑ. හැක්.. ටෙක්සලා.

      Delete
  6. ලංකාවෙ ඉස්කෝල (විශේෂයින් ලමයි හුඟක් ඉන්න, ශිෂ්‍යත්ව පාස් වෙලා එන ලමයින් ඉන්න )වලනම් තරඟකාරීත්වය හරි වැඩියි. ඔය වගේ උදව් කරන එක ඉතා අඩුයි. මං අහලා තියන විදිහට ප්‍රසිද්ධ පාසල්වලින් එකකයි අනිත් අයට විභාගවලදී හොරෙන් උදව්කරන එක වැඩිදෙනෙක් කරන හා කලයුතු ලෙස සලකන කල්චර් එකක් තියෙන්නෙ - St.T. Mt. අනිත් ඒවායේ කල්චර් එක තරඟකාරීත්වය

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ අධික තරඟයත් හේතුවක් වෙන්න ඇති දරුවො මේ තරම් වෙනස් වෙන්න. අපි ලංකාවට ගියහම අපේ අය සහ සහෝදරයන්ගෙ දරුවො අතරෙ ඒ වෙනස පැහැදිලිව පෙණුන..හරිම ඛේදවාචකයක්

      Delete
  7. අගෙයි. යාලුවෙක් වෙනුවෙන් කැපවෙන එක හොඳ ගුනාංගයක්.

    ReplyDelete
  8. මේ වගේ දරුවො ඉන්න එක ගැන තාත්ත ,අම්ම විතරක් නෙමේ අපි ඔක්කොම ආඩම්බර වෙන්න ඕනෙ.

    ReplyDelete
  9. නියම යාලුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ල මෙයාගෙ හොඳම යාලුවෙකුත් නෙවෙයිලු.. ඒත් ඌ එහෙම තමා

      Delete
  10. දැන් කාලේ හැදෙන කොල්ලන් අවංකවම උංගේ තාත්තලාට වඩා වෙනස් තමයි. මට මේ බව හොඳ හැටි තේරුණේ පසුගිය වසරේ දී යි!

    http://rasikalogy.blogspot.com/2017/07/generation-gap.html

    !!!

    ReplyDelete
  11. තාත්තගේ අඩි පාරෙ යන පුතා...

    ජයවේවා!!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails