Saturday, November 1, 2014

සිංහලයාගේ උණු වීම සහ උණුකරවායාම! Aids and aids!


රටම නොව ලොවම කම්පා වූ ඛේදවාචකයක් සිදුව ඇත. අසරණ මිනිසුන් නොදන්නා ගණනක් මිහිදන්ව ඇති මොහතක, යළිත් සිංහලයාගේ සුපුරුදු කාරුණික හදවත උණුවෙමින් පවතී. සිංහලයා යනු ආධාර වලින් යැපෙන්නත් ආධාර දෙන්නටත් උපන් හපන් කමින් යුත් අපූරු ජන කොටසකි.

බුකිය පුරා සනීපාරක්ෂ්ක තුවා, යට ඇඳුම් සඳහා ආධාර එකතු කරන්නන්ය. රේඩියෝ චැනල් වල මණුසත් කම් මීරියබැද්දට දෝරෙ ගලා යාමට පටන්ගෙන ඇත.

දිය යුත්ත හා නොදිය යුත්ත ගැන අදහසක් ඇතිව හෝ නැතිව ඔවුන් ආධාර එකතු කරති. මේ සිදුවීම් මට සිහි කරන්නේ වසර දහයකට පෙර සුනාමියේදී මා පුද්ගලිකව අත් දුටු සිදුවීම් කිහිපයකි.

මා පෙර සටහන් කල පරිදි, සුනාමිය ගැන මම දැනගන්නේ දෙසැම්බර් 26 දින සවස් වරුවේය. ඒ මොහොතේ අප රැඳී උන් "වැද්දාගල" නවාතැනින් පිටත්ව රත්නපුරය හරහා කොළඹ ඒමට පිටත් වූයේ 27 වන දින උදෑසනිනි. අප එන මග දිගට, රත්නපුර, කුරුවිට ඇහැලියගොඩ නගරවල රථ පේලි ආධාර එකතු කරමින් තිබෙනි. ඒ වනවිටත් යම් මාර්ග තදබදයක් ඇති කරමින් එම නගරවල සිදුවූ "සත් ක්‍රියාව" දැක ගනිමින් රත්මලානට පැමිණි අප, හිස ගිණිගෙන හික්කඩුවට යාමට පිටත් වූයේ එදිනම, එනම් 27 සවසමය.

ඒ වනවිට ගාළු පාර පාළුවට ගොස් තිබු අන්දම ගැන මා පෙර සටහන් කර ඇත. එලෙස පාළුවට ගිය ගාළු පාරෙ හික්කඩු ගොස්, මීටියාගොඩ, අළුත්වෙල, ගෝණාපිනූවල ඈ හැම අස්සකම තිබූ අනාථ කඳවුරු රෝහල් වල අප පවුලේ අයව සෙවීම නිසා, 29 දින උදෑසන වන විට මගේ මෝටර් රථයේ ඉන්ධන ටැංකිය රතු කට්ට අසන්නයට පැමිනෙමින් තිබුනි.

නමුත්, ප්‍රවහාන මාර්ග අඩපන වී තිබීම නිසා ඒ වනවිට දකුණේ සියලු ඉන්ධනහල් එක්කො වසා, නැතිනම් දිගු පෝළිම් වල ඇති යතුරුපැදි වලට පමණක් ඉන්ධන නිකුත් කිරීමකට සීමා වීය.

ඒ වනවිටත් අතුරුදන්ව සිටි පවුලේ සාමාජිකයන් එකකු හෝ හමුවී නොතිබූ නිසාත්, කෙසේ හෝ ඔවුන්සොයාගැනීමෙන් පසු නැවත කොළඹ යායුතු නිසාත් අපේ ඉන්ධන අවශ්‍යතාවය ඉතා දැඩිය.

විකල්ප දෙකක් තිබුනි. එකක් නම් නැවත කොළඹ අවට ඉන්ධන ඇති පෙදෙසක් වෙත පැමින, ටැංකිය පුරවාගෙන ආපසු ඒමයි. දෙවැන්න කොළඹ දෙසින් එන්නෙකු අත පැට්‍රල් කෑන් එකක් දෙකක් ගෙන්වා ගැනීමයි.

අප මුලින්ම දෙවනි යෝජනාව ක්‍රියාත්මක කරන්නට සිතුවෙමු.

මගේ මිතුරන් කිහිප දෙනෙකුටම ඇමතූ මුත්, ඔවුන් හෝ දන්නා කෙනෙකු ආධාර ගෙන දකුණට නොඑන බව දැනගන්නට ලැබුනි.

තත්වය බරපතලය. වහා කණඩායමක් සොයා ගතයුතුවිය.

"ඉන්නකො බලන්න මම අපේ ඔෆිස් එකේ අයට පොඩ්ඩක් කතා කරල බලන්න. සමහරවිට ඒගොල්ලො මොනව හරි ඕගනයිස් කරල ඇති" යැයි කියූ බිරිඳ මගෙ අතින් මොබයිල් එක ගෙන ඇගේ මිතුරෙකුට ඇමතීය.

මුල සිට අප සිටින තත්වය විස්තර කර, අනතුරුව ඔහුගේ ප්‍රශ්ණ විචාරත්මක වැඩසටහනත් අවසන, අප අවශ්‍යතාවය පවසන ලදි.

ඇය ලද පිළිතුර ඊට තරමක් වෙනස් එකක් විය.

"කොළඹ අවට කොහෙවත් කඩවල හිස් කෑන්, බූලි වතුර බෝතල් ගන්න නෑලු. ඒගොල්ලොත් හොයල වතුර ගේන්න. නැති තැන බෙහෙතුයි ඇඳුනුයි අරගෙන හවසට එනවලු!"

මේ අතර අප හා සිටි බිරිඳගේ සහෝදරයාටත්, මගේ මිතුරු අමිලටත් ඔවුන් ඇමතූ ඇමතූ මිතුරන්ගෙන් ලැබී තිබුනේ සමාන පිළිතුරුය.

එන උන් එක්කෝ පිටවෙලා මග ඉන්නෙ, නැතිනම් හිස් බූලි නැත!

"අපි ජගාට පොඩ්ඩක් කතා කරල බලමුද?"


ජගත් යනු මගේ හොඳ මිතුරෙකු වන අතර, හොරණ ප්‍රදේශයේ විසූ ඔහු අවට ජනප්‍රිය චරිතයක් විය. අනුන්ගේ දුකේදී උදව් කිරීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත්වන චරිතයකි. නියත වශයෙන්ම ජගත් තම කෲ කැබ් රථයේ යම් දෙයක් පුරවාගෙන මිතුරන් කිහිපදෙනෙකුන් සමග විපතේදී දකුණට එන බවට අපට විශ්වාසයක් විය.

මම ජගත් ඇමතුවෙමි!

"ජගා, උඹ කොහෙද ඉන්නෙ. මට පොඩි උදව්වක් ඕනෙ"

"මචං අපි හොරණ ඉන්නෙ මොකද්ද වෙන්න ඕනෙ?"


ඒ වන විට මම සිටිනා ස්ථානයත්, අප පවුලේ අය මුහුන පා සිටින තත්වයත් සඳන් කර,

"උඹල මේ පැත්තට එනවනං බැරිද මට පැට්‍රල් කෑන් දෙක්ක ගෙනත් දෙන්න. මම සල්ලි දෙන්නම් මෙහෙදි"

"අනේ මචෝ, මෙහෙ තීනත තරමක් කෑන් එකතු කරල වතුර පුරවල ඒව අරන් මේ එන්න හදන්නෙ. දැන් මම හිතන්නෙ නෑ හිස් කෑන් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියල"

"ඉතින් ඔය වතුර කෑන් එකක් හලල පැට්‍රල් දාගෙන වරෙන්කො"

"අපෝ එක කරන්න බෑ බන්, මුන් මගෙ ඔළුව කාවි. ඔහෙ මිනිස්සුන්ට බොන්න වතුර නෑ කියල වතුරම තමයි අපි වැඩියෙන් ගත්තෙ. ඉතින් ඒ එකක් දෙකක් හලල පැට්‍රල් පුරෝ ගත්තොත් මේ උදව් කරපු උන් මාව කයි.උඹ තරහ වෙන්න එපා, පොඩ්ඩක් බද්දෙගම පැත්තට ගිහින් බලහන් පෙට්‍රල් ටිකක් හොයා ගන්න, මටගේන්න විදිහක් නැහැ මචන්"


ආධාර කණ්ඩායමකින් ආධාර බලාපොරොත්තු වීම එතකින් අවසන් විය.

අවසානයේ, එකම විකල්පය වූ කොළඹ පැමින ඉන්ධන පුරවා නැවත යමට අපිට සිදුවිය. එයද සිතූ තරම් පහසු නොවූයේ, ලොරියක නැගි දහ පාලොස් දෙනා වතුර බූලි, පරණ ඇඳුම්, නොයෙකුත් අවශ්‍ය/අනවශ්‍ය දේ රැගෙන ගාළුපාර දිගේ දකුණට ගලමින් තිබූ නිසාවෙනි. ඒ ආ බොහෝ දෙනෙක් කොහෙන් හෝ එකතු කරගත් යමක් රැගෙන දකුණට පැමිණ තිබුනේ "සුනාමි බැලීමට" තිබූ නොතිත් ආසාව ආධාර වලින් වසාගෙන බව අප හොඳින්ම දැන සිටියෙමු.

මන්ද, ඒ දානපතියන් ගෙයක මඩ ටිකක් හෝ අස් කරන්නට උදව් නොවී, අනාතකඳවුරක කුණුවලක් හෝ කපන්නට උදව් නොවී තමන් ගෙන ආ කඩමාලු සහ වතුර බූලි දමා, වටපිට සිරි නරඹා ආපසු ගොස් තිබුනේ සැබැවින්ම අවශ්‍ය දේ රැගෙන එන සැපයුම් ප්‍රමාද කරමින්, මහමඟ පැය ගනන් දිගු රථවාහන පෝලිම් සදමින්, ලක්ෂ ගණනක ඉන්ධන නිකරුනේ දවමිනි.

එපමනක් නොව, අනාත කඳවුරු දොරකඩ "පරණ ඇඳුම එපා", ප්ලාස්ටික් වතුර බෝතල් එපා" වැනි බෝඩ් ගස්සවන්නටද, පරණ කඩමාලු කොත් සාදවන්නටද ඔවුන් සමත්ව තිබුනි!

මෙනිසා, චාරයකින් තොරව, කල්ලි ගැසී මොනවා හරි රැගෙන යන මෙවන් බෝ-සතුන් මීරියබැද්දේ නොයා සිටීම සැබෑ ලෙසින් ආධාර දෙන ආයතන වලට සහ රජයට කෙරෙන උපකාරයක් මෙන්ම ඒ ගම්මුන්ට කරන උපකාරයක්යැයිද වන බව මම සිතමි.

එහෙත්, යම් කිසිවෙකුට සැබැවින්ම කිසියම් ආධාරයක් ඔවුන්වෙනුවෙන් කල යුතුමනම්, තව දෙමසකින් එන නව වසරේදී ඒ කුඩා දරුවන්ට සෙල්ලම්බඩුවක් රසකැවිල්ලක්, අලුත් ඇඳුමක් රැගෙන එහි ගොස් එන්න. මන්ද ඒ වනවිට මේ "රැල්ළ" බැසගොස් ඔවුන්ව අමතකව තිබීමට හැකි බැවිනි!

80 comments:

  1. පිස්සු මචං පිස්සූ.. මේ රටේ හැම එකාටම පිස්සු.. රේඩියෝ චැනල්, ටී වී ඉඳලා හැම එකාටම පිස්සු. තව මාසෙකින් ඉන් උන්නද මළාද බලන්න එකෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං. මීඩියා කාරයො ඔක්කොම හිතන් ඉන්නෙ උන් ජීවත් වෙන්නෙ අනුන්ගෙන් එකතු කරල පින් කරන්නමයි කියල!

      Delete
  2. කාලකණ්ණි මිනිස්සු, කාලකණ්ණි පාලකයො ඉන්න කාලකණ්ණි රටක්. සමාවෙන්න අයියා, මේ ගැන කියවන වාරයක්ගානේ හිත කීරිගැස්සෙනවා. ලේ කෝප වෙනවා.

    ReplyDelete
    Replies
    1. මචං මනෝෂ් පොඩි ඉඩක් දීපං ඈ... අර උඩ ඉන්නෙ මගෙත් ගුරෙක්නෙ. පොර මේ දවස්වල සංගීතයට සම වැදිල ඉන්නෙ, බාදා කරන්න හොඳ නෑ. උඹනං ඉතිං මගේ එක් කුස උපං බාප්පා වගේනෙ.
      ඉතිං සිංහයෝ, මංනං හිතන්නෙ මේ ආධාර කට්ටිය කරන්නේ කසල කලමනාකරනයක්. අර එස් 5 එකේ සේරි වගේ අනවශ්‍ය දෑ ඉවතලීම සහ තමන්ගෙ ගෙවල්වල ගොඩගැහෙන ජාති තමන්ට වඩා පහල මට්ටමේ අයට තමන්ගේ කසල මානුෂික ආධාර වශයෙන් ලබා දීම. ඕක දියුණු රටවලුත් කරනවා තුන්වෙනි ලෝකෙ රටවලට ආධාර වශයෙන්. අර බැරල් කේස් එකනං, අනේ මන්ද. මිනිස්සුනෙ නේද
      කලිං එකේදි අපේ සුබපැතුම් වලට උත්තර පමාකිරීම ගැන මගේ බලවත් මෙව්වා එක!

      Delete
    2. මොකද්ද බං ඒ උනේ? මට නිකං කොයිල් වගේ. කවුද දැන් සංගීතෙට සමවැදිල ඉන්නෙ?


      මොනා උනත් මචෝ, පොඩි ඉඩක් නෙවෙයි ඕනි තරම් ඉඩ උඹ වෙනුවෙන් මං ගාව තියෙනවා..

      Delete
    3. මනෝ, එහෙමම කියන්නෙපා බන්. අපිත් ඉතින් ඕකෙම ඉන්නෙ :). විසිටරය කියන්නෙ මාත ගැන.

      විසිටර්,

      දෙන එක මචෝ කෙනෙකුට වැඩක් ගන්න පුලුවන් විදිහට දෙන්න ඕන. දැන් මම දැක්ක ගිය සතියෙ ජපානෙන් ෆයර් එන්ජින්ස් වගයක් මෙහෙට දීල ඹ්Oඓ එකට. උන් දෙන්නෙ කුණු ගොඩ වගේ නෙමෙයි ෆුල් රීකන්ඩිෂන් කරල කලක් පාවිච්චි කරන්න පුලුවන් විදියට. අන්න ඒ වගේ පරණ ඇඳුම් උනත් හෝදල, පුළුවන්නම් මැදල පිලිවෙලට නමල මලුවල දාල දුන්නොත් කෙනෙක් ගනියි. නැතුව පුස් ගඳ ගහන ඇඳුම් කවුද බන් ගන්නෙ?

      ඔක්කොටම වඩා, තමන් දෙන දේට වඩා, දෙන්න යන ගමණට වැඩි ගානක් වියදම් කරන එක විහිළුවක්නෙ.

      Delete
    4. අර මක්කැයි බං ඹ්Oඓ කියන්නෙ?
      //ඔක්කොටම වඩා, තමන් දෙන දේට වඩා, දෙන්න යන ගමණට වැඩි ගානක් වියදම් කරන එක විහිළුවක්නෙ.//
      ඔව්වට කියන්නෙ මෝඩ ආතල්.

      Delete
    5. Visitor V,

      BOI එකට බන්. ටයිපින් බිස්ටේක් එකක් ( ඔය බාසාව දන්නෙ බුරා )

      Delete
  3. Indika
    Just a small favor from u!
    this "Jagath" which u mentioned, the guy who had most of transpot contract in Bodyline???
    Don't take this wrong, as I'm trying get some old contacts
    pls response!!

    ReplyDelete
    Replies
    1. නෑ මචං, මේ එයා නෙමෙයි, මේ ජගා කරේ ඉන්ටීරියර් කන්ස්ට්‍රක්ෂන්. මිනිහ දැන් ඉන්නෙ ලංකාවෙන් පිට

      Delete
  4. සිංහයාගේ කතාව ඇත්තම තමයි. ආධාර එකතු කරපු සමහරු පිටරටවලින් ආධාර විදියට එවපු හොඳ ඇඳුම් තියාගත්තලු.

    මේ ගැන ලියවුනු ලිපි අතුරින් හිතට වැදුනු ලිපියක්.

    මෙන්න මේ ලිපියත් වෙනස් විදියකට දැක්කා.
    http://ansathudinapotha.blogspot.com/2014/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. //මේ ගැන ලියවුනු ලිපි අතුරින් හිතට වැදුනු ලිපියක්.//

      බෝම ස්තූතියි!

      සිමෙන්ති ගෙවල් වලට සල්ලි අරන් ලී ගෙවල් හදල දීපු ඒවත් මම දන්නව ( අනුන්ගෙ කතා නෙමෙයි, 1st hand information).

      Delete
    2. අපි කැම්පස් ඉන්න කාලේ තම සුනාමිය ආවේ. ජාතික චිත්‍රපට සංස්තාවෙන් ලෑස්ති කරන ආධාර ලොරිවලට පටවන්න උදව් කරන්න ගියා. එතන වැඩ කරන මිස්ලාගේ ෆුල් ට්‍රයි එක හවුස් ඔෆ් ෆැශන් එකෙන් එවපු අලුත් ඇදුම් ටික ගෙදර ගෙනියන්න. අපිට බෝලේ බස්සන ට්‍රයි කරනව ඒවා පටවන්න එපා කියලා.
      උන් ටික එහේ මෙහේ වෙනකන් ඉදලා අපි ඒ ටික ලොරිය අස්සට එබුවා.

      Delete
  5. ඔක්කොම දේවල් යන රැල්ලට තමයි. තව සතියෙන් කාටවත් මතක නෑ....

    ReplyDelete
    Replies
    1. අන්න එකයි දුක. මේ පොඩි උන් ගැන හෙට හොයන්න බල්ලෙක්වත් නෑ. අර රතුපස්වල උන්ට වතුර ලැබුනද?

      Delete
    2. //රතුපස්වල උන්ට වතුර ලැබුනද?//
      ඇයි ගෝඨා උණ්ඩ දුන්නේ.ආයේ වතුර මක්කටයි.?

      Delete
  6. කතාව ඇත්ත බන් අනිත් මිනිස්සුන්ගෙ දුක කරදර ඔක්කොම තමන්ගෙ විනෝදයට ගන්න පිරිසක් දැන් ඉන්නෙ. මේ දවස්වලත් නාය යෑම බලන්න වාහන අරගෙන ට්‍රිප් යනව වගේ යනවලු. ඒ වගේ අසම්ජ්ජාති මිනිස්සු හැමතැනම ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අන්න එකතමයි සීන් එක. අනුන්ගෙ දුක ඔය වගේ උන්ට ආතල්.

      Delete
  7. ජාතියේ වැරද්ද කියල හිතාගන හිත හදාගනින් බන්

    ReplyDelete
    Replies
    1. එහෙමත් බැරි කම තමා අවුල බන්!

      Delete
  8. අත්තාහි අත්තනෝ නාථෝ
    කෝ හි නාථෝ පරෝ සියා
    අත්තනාව සුදන්තේන
    නාථං ලභති දුල්ලභං

    ReplyDelete
    Replies
    1. ඉස්සර ජනාධිපති කෙනෙකුත් ඕකම කිව්ව. අදහස එක උනාට හැබැයි අර්ථය වෙනස්.

      Delete
    2. සාධූ..සාධූ...සාධූ....

      Delete
  9. මේවට තමයි කියන්නේ පිස්සු බාබත් කියලා. සැමට කලින් අපි..වෙන්න ගිය නාලිකා කාරයෝ ටික මම හිතන්නේ පාඩමක් ඉගෙනගත්තා වගේ...ඒ ගොඩගහපු ආධාර තොගේ කොස්ලන්දට නෙමේ රටටම ඇති. දැන් තියෙන්නේ ගෙයක් ගානේ ගිහින් අනිත් මිනිස්සුන්ටත් බෙදන්න. ඕනම හොඳ වැඩක් වුනත් ක්‍රමයක් තියෙනවානේ. අපි තමයි ප්‍රමුඛයෝ වෙන්න හිතාගෙන වැඩකරන කොට නාගන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මචෝ! ඒ මිනිස්සුන්ට අද මාලු වෙනුවට හෙට බිලීපිති දෙන විදිහක් කවුරුත් හිතන්නෙ නෑ.

      Delete
  10. ගොඩ දෙනෙක් ඔය අවස්ථාවල ඔතනට යන්නෙ සිද්ධිය බලන්න තමයි. ඒක සහන සේවා කරන අයටත් බාධාවක්.
    හැබැයි සුනාමියෙදි කඳවුරුවල කොච්චර වතුර ඕන නෑ කියල බෝඩ් ගහල තිබුණත් ප්‍රධාන නගරයෙන් පිට (හම්බන්තොට) අතුරු පාරවල් වල මිනිස්සුන්ට වතුර තිබුණෙ නෑ. ඒ මිනිස්සුන්ගෙ ගෙවල් කැඩිල නැති නිසා කඳවුරු වලට යන්න අවශ්‍ය නැති උනත් ජල සම්පාදන මාර්ගවල ප්‍රශ්න නිසා වතුර ලැබෙන්නෙ නැති වෙන්න ඇති. නමුත් ඔය ගොඩ දෙනෙක් ආධාර අරගෙන ගිහිල්ල ටවුන් එක බලල ආවට ඒ වගේ පැතිවලට කිසිම කෙනෙක් ගිහිල්ල තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, හම්බන්තොට නෙමෙයි මාතරින් එහා මොකෙක්වත් ගියෙ නෑ. ඒක තමයි අවුල. ඔක්කොම ගියෙ හික්කඩුවෙ කෝච්චිය වැඳල ගාල්ලෙ ටවුමෙ ගහගෙන ගිය බස් වලට අතගහල එන්න විතරයි. මම ගියා සුනමියෙන් සතියකට පස්සෙ නැගෙනහිර ශ්‍රමදානෙකට. ඒ වෙනකොටත් සමහරු කූඩාරම් තියා පොල් අත්තක්වත් නැතිව, බඩගින්නෙන්, පිපාසෙන්.

      Delete
    2. සහතික ඇත්ත ඉන්දික.. ලිපිය වගේම මේ කමෙන්ට් එකත්...

      ආධාර බෙදන්නවත් සුනාමි මැජික් බලන්නවත් ගියේ නැතිව අපි නැගෙනහිර ගියෙත් සුනාමියෙන් දවස් කිහිපයකට පස්සේ...ඒ අපිට ඇහැක් විදියට ගේ පැලක් හදා දෙන්න බඩුයි කට්ටියයි අරං... ඒ යද්දි ඒ පළාතට ආධාරනං බොහෝම ටිකක් විතර ලැබිලා තිබුනා.. හැබැයි ඒ ඔක්කෝම මුස්ලිම් පවුල් අතට විතරයි ගියේ... පලාත පොතුවිල්... ආධාර බෙදන්න හිටිය ග්‍රාමයගේ ඉඳන් හැම එකාම මුස්ලිම්... මුස්ලිම් ඉස්කෝල ඇතුලේ ආධාර ගොඩ ගහලා... ආරුගම්බේ වල හිටිය සිංහල දෙමළ මිනිස්සුන්ට හුප්පේ... යන්තං එස් ටී එෆ් එක බලෙන් වගේ අරුන්ගෙන් උදුරලා දෙන දෙන දෙයක් විතරයි... සුනාමියෙන් සති දෙහෙකට විතර පස්සේ දෙවනි ගේ හදන්න යද්දිත් තත්වය එසේමයි.. ඔක්කෝම මෙහෙ බැළුවා මිසක් ඒ පැති ගැන කවුරුවත්ම බලන්න ගියේ නැහැ... එච්චර මොකට නහිනවද ගාල්ලට ගිහින් ලේසියෙන් බලාගන්න තියෙද්දි.. ඒ දවස්වල හයි වේ එක තිබුනේ නැති එක ලොකු පාඩුවක්... නැත්තං පැයෙන් බලලා එනවනේ.. :D

      Delete
    3. "බොහෝම ටිකක්" විතර ලැබුණු ආධාර කොහොමද පාසල ඇතුළේ "ගොඩ ගහලා" තිබුණේ? බොහෝම ටිකක් ලැබුණා නම් මිනිස්සු ඒ ටික මිනිස්සු පොර කකා ගන්නවා නේද? බොරුවක් කියන කොට මීට වැඩිය ඒත්තු යන්න කියන්න බලන්න ඊළඟ සැරේ.

      Delete
    4. මාරය, ඔය කියන්නෙ උඹල අර ගෙයක් හදල දෙන්න ගිය ගමණ වෙන්නැති. මම යනකොට අරුගම්බෙ පාළම කැඩිල, කැනේඩියන් ආමි එකයි අපේ එස්ටීඑෆ් එකයි තමයි බැහැල උදව් කරේ. අපරාදෙ කියන්න බෑ, ජාතිවාදෙ උපරිමයි. දෙමළට රතුකුරුස, තම්බින්ට රතු අඩසඳ, සිංහල උන් ටිකට තරු!

      Delete
    5. අන්න බලන්න ඉන්දික අහු නොවෙන්න කියලා තියෙන හැටි. ඒකෙන් ඉගෙන ගන්න.

      Delete
  11. ආපදා කළමනාකරණය කියන එක හරියට ඉගෙනගන්න අපිට තව හුඟක් කල් යයි. ඉක්මනින් සාර්ථකත්වයක් අවශ්‍යනම් මෝඩ උද්ධච්ච දේශපාලුවන් ඉවත් කර විෂයය දැණුම ඇති අයට වගකීම දියයුතුයි.

    ReplyDelete
    Replies
    1. පොත් පත් බැලුවොත් අපේ උන්ගෙ කළමනාකරන ක්‍රම සුද්දටත් එහා. ප්‍රායෝගිකව නිල්.

      දැන් බදුල්ලෙ ප්‍රා.ලේ තමයි තාම කේස් එක හැන්ඩ්ල් කරන්නෙ. අඩු ගානෙ මේ වෙනකොට ආපදා ක. ම එකේ නිසි බළ්ධාරියෙක් සමග ටීම් එකක් බැහැල අවශ්‍ය කෝඩිනේෂන් පාට් එක කරල වැඩේ සෙට්ල් කරන්න එපයි. කොහෙද, අඩු ගානෙ හෙල්ප් ඩෙස්ක් එකක්, ඉන්ෆො ඩෙස්ක් එකක්වත් නෑ ඥාතියොන්ට ඉන්න නැති උන් හොයා ගන්න.

      Delete
  12. තීරණ ගැනීමේදී හොඳ විකල්පයක් හා නරක විකල්පයක් අතර තේරීමක් අපට ලැබෙන්නෙ කලාතුරකින්. හුඟාක් වෙලාවට ලැබෙන්නෙ නරක විකල්ප දෙකක් අතර තෝරා ගැනීමක් කරන්න. මේකත් ඒ වගේ අවස්ථාවක්.

    නරක විකල්පය 1: මාධ්‍ය විසින් විපත හා විපතට පත් වූවන් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු උදෙසා සූරාකෑම; මෙහි ප්‍රතිඵලයක් සේ ජනතාව මොන විදිහකින් හෝ ආධාර කිරීම හා මේ ආධාර වලින් කොටසක්වත්. ඉතාම අකාර්යක්ෂ්ම ලෙස හෝ විපතට පත් වූවන්ට ලැබීම. (ඉන්දික විස්තර කරන තත්වය)

    නරක විකල්පය 2: මාධ්‍ය විසින් විපත නොසලකා හැරීම හා එනිසා විපතට පත් වූවන්ට මොනම සහනයක් වත් නොලැබීම. (මෙසේ වූ අවස්ථා මම දැක තියෙනවා.)

    මට තෝරා ගැනීමක් තියෙනවා නම් මගේ තේරීම නරක විකල්පය 1. අපට කියන්න හරිම ලෙහෙසියි නමුත් අසරණකම දැනෙන්නේ එහෙම අසරණ වුණ කෙනෙකුට පමණයි. (මම දන්නෙ මාත් ඊට සමාන තත්වයට පත් වෙලා තියෙන නිසා.)

    ReplyDelete
    Replies
    1. මචෝ, උඹ කියන කතාව ඇත්ත. ඒත් මෙතන අවුල් දෙක තියනව.

      1. මේක රට වටේ බෙර ගහල ආධාර ඉල්ලන්න ඕන තරන් දරුණු, සුනාමිය වගේ/ නියඟය වගේ රජයකට විතරක් හැන්ඩ්ල් කරන්න අමාරු ඩිසාස්ටර් එකක් නෙමෙයි.

      2. මේ ආධාර එකතුකිරීමේ සහ බෙදා හැරීමේ හදිසිය මිස, අදාල ආයතන සහ පුදගලයන් සමඟ සම්භන්ධවෙලා, අත්‍යාවශ්‍ය යමක් දෙනවා වෙනුවට "පොදුවේ ඕනම කුණුගොඩක් එකතු කිරීම".

      එහෙම නැතිනම්, මමත් ආධාර දීමට විරුද්ධ නෑ.

      Delete
  13. පබ්ලිසිටි නැතුව මොන චැරිටිද ඕයි .
    අන්තිමට බදුල්ල ප්‍රාදේශීය ලේකම් කිව්වා ඔය එන අය අඩුගානේ කොට කලිසමක් ඇඳගෙන ,උදැල්ලක් අරගෙන එන්න , එක සේවයක් ,නිකං මෙතැන බලන් ඉන්න ඇවිත් ,කරන වැඩවලටත් බාධා නොකර කියලා. ඔක්කොටම හපන් අර වැඩකරන එවුන්ගේ වටේ හිටගෙන උපදෙස් දෙන්න ගියාම ,

    ReplyDelete
    Replies
    1. බදුල්ලෙ ප්‍රාදේශීය ලේකම් උගේ ජොබ් එක හරියට කළා නම් මෙ වගේ විපතක් වෙන්නෙ නැහැ. තමන්ගෙ ජොබ් එක හරියට නොකර දැන් එනවා අනුන්ට උපදෙස් දෙන්න. ඕකුන් ඔය එන්න එපා කියන්නෙ වැඩට බාධා වෙනවට නෙවෙයි. ඔහොම එන මිනිස්සුන්ට පේනවා රාජ්‍යතන්ත්‍රයේ වැරදි නිසා මිනිස්සු දුක් විඳින හැටි. ඒ එන එක නතර කරන්නෙ මැතිවරණයක් කිට්ටුව මිනිස්සුන්ගෙ හිතේ එහෙම නෙගටිව් සිතිවිලි පහළ වෙන එක ආණ්ඩුවට ගුණ දායක නොවෙන නිසා. ඒ වගේම ඔය නිලධාරීන්ගේ වැරදි කාටත් පෙනෙන නිසා. මුන් කවුද මිනිස්සු රටේ එහා මෙහා යන එක නතර කරන්න? මේක නිදහස් රටක්. මිනිස්සුන්ට කැමැති නම් ගියාදෙන් නැත්නම් ගෙදර හිටපු දෙන්. මේ නිලධාරි හැසිරෙන්නෙ මේක කොමියුනිස්ට් රටක් කියලා හිතාගෙන.

      Delete
    2. //පබ්ලිසිටි නැතුව මොන චැරිටිද ඕයි . //

      සහතික ඇත්ත. නිකන් හොරාට ගිහින් පින් කලාට ඒකෙ ඇති වටිනාකම් තියේවියැ.

      ඇනෝ,

      පාළකයන්ගෙ වැරදි, නිළධාරීන්ගෙ වැරදි ගැන ආයි අමුතුවෙන් දකින්න දෙයක් නෑ, ඒක කවුරුත් දන්නව. දැන් දැන ගිහින් කතිරෙත් ගහනව.

      මේ යන්නෙ ආතල් එකට. ඒකෙන් වෙන්නෙ යන උන්ගෙ ජීවිත අනතුරේ වැටෙන එක අගෙම වැඩ කරන උන්ට වදයක් වෙන එක.

      මේ පින්තූරෙ සහ මේ පින්තූරෙ බලහන් අත්බැඳගෙන බලන් ඉන්න උන් කී දෙනෙක්ද කියල.

      Delete
  14. මමත් සුනාමියෙන් හානියට ලක් වෙච්ච ප්‍රදේශයේ කඳවුරක් කඳවුරක් ගානෙ ගියා අපේ පැත්තෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා අතුරු දහන් වෙච්ච කීප දෙනෙක් හොයන්න...ඒ වෙද්දි එහෙ තිබුන තත්වය ඇස් දෙකෙන් දැක්කා. අපේ රටේ හැමදෙයක්ම රැල්ලට හොඳට දුවනවා...සුපර් ස්ටාර් පිළිගන්න මිනිස්සු මග දෙපස පොර කනවා...මාස දෙක තුන යද්දි සුපර් ස්ටාර් බලු ගානට වැටෙනවා....එහෙම රටක් සිරි ලංකාව....මට පුදුම මෙච්චර ජීවිත සංඛ්‍යාවක් විනාශ වෙලත් අඩු තරමේ ශෝක දිනයක් හෝ ප්‍රකාශ නොකලේ මේ මිනිස්සු ලංකාවේ ආර්ථිකයට උර දුන්නට රටේ පුරවැසියො නෙමෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. සිරා,

      40 මලාට ඕලන්දක්කාරයො ජාතික ශෝක් දිනයක් ප්‍රකාෂ කරල, ඒ නැතිවෙච්චි අයගෙ ඥාතීන් එක්ක රටක් දුක බෙදා ගත්ත. ඒ ජීවිත වලට වටිනාකම්ක් තියෙන රටක් නිසා.

      මේ වතුවල දළු කඩන දෙමළුන්ට මොන ශෝක දිනද බං. ඔන්න ලොක්කෙක් හරි ලොකු එකෙක්ගෙ පවුලෙ එකෙක් හරි මලානම් බලන්න තිබ්බ.

      අනික ශෝක දින නැතත් කමක් නෑ, හරියට ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරනවනං. ඒත් ඒකත් වෙන පාටක්වත් නෑ!

      Delete
    2. මේවා බහුතරය පොදු පෙරමුණට වැටෙන ඡන්ද නෙමෙයි වෙන්න ඇති...ඒකයි සරළ කාරණේ...

      Delete
  15. Oba hariyatama hari!Mamath oba samaga ekangayi.

    ReplyDelete
  16. මචං සුනාමිය වෙලාවෙ මටත් ඔය ආසාවම ඇති වුණා... ඒ දවස්වල ස්වර්ණවාහිනියෙ කිව්වා ආධාර එකතු කරන මධ්‍යස්ථාන වලට, ආධාර බෙදාහැරීම් වලට ස්වේච්ඡා සේවකයෝ ඕනේ කියලා. මමත් යන්න ලෑස්ති වුණා, හැබැයි ඇත්තම කියනවා නම් යටි හිතේ තිබ්බේ මොකද වුණේ කියලා බලාගන්න ආසාව. අනිත් එවුන්ට කලින් ඕක බලලා ඇවිත් පොර ටෝක් එකක් දෙන්න තියන ආසාව. නමුත් මොකක් හෝ සිද්ධියක් නිසා මම කරන්න හදපු වැඩේ චාටර් කියන එක මටම තේරිලා, ඔෆිස් එකේ කට්ටිය අල්ලගෙන සල්ලි එකතු කරලා සුනාමි අරමුදලකට දීලා නිකං හිටියා.

    සුනාමි වෙලාවෙ අපේ රටේ ආපදා කළමණාකරනය කියල දෙයක් තිබ්බා නම් ඒ නමට විතරයි. දවස් ගාණක් යනකං ආණ්ඩුව කිසි දෙයක් කලේ නෑ. සුනාමිය වෙලාවේ මොනවා වුණත් කරපු සුළු දේ හරි කලේ මාධ්‍යයි එන්ජීඕ ටිකයි. ඒ වගේ ලොකු ස්කේල් එකක ආපදාවක් සම්බන්ධයෙන් රජයට කිසිම දෙයක් කරගන්න හැකියාවක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ මාධ්‍ය කරපු දේ වැරදියි කියලා මම කියන්නේ නෑ. ඒක කොයි විදිහෙන් ගත්තත් මහා විනාශයක්... හැබැයි එතනින් මාධ්‍යත් තේරුම් ගත්තා ඒ වගේ දේවල් පට්ට විදිහට මාකට් කරන්න පුළුවන් කියලා, ඒ වගේම වගකිවයුතු තැන්වල එවුන්ට පෙණුනා මේක නිසා උන්ගේ නොහැකියාව වහගන්න පුළුවන් කියලා. ඉතිං හැමෝම හැපි...

    නමුත් මේක වෙනස් වෙන්න ඕනේ තමයි. ආපදා කලමනාකරණය නිසි රජයේ ආයතන මගින් සිද්ධවෙන්න ඕනේමයි. මාධ්‍ය වල සහභාගිත්වය ජනතාව දැනුවත් කිරීමටයි, ආධාර එකතු කරනවා නම්, ඒවා නිසි රජයේ ආයතනයක් මගින් පාලනය කරන ආධාර එකතු කරන මධ්‍යස්ථාන වලටයි දීමට සීමා කරන්න ඕනේ. විශේෂයෙන්ම විපතට පත්වූ අය ඉන්න අනාථ කඳවුරු වලට මාධ්‍ය යන එන එක වලක්වන්න ඕනේ.

    තව දෙයක්, සුනාමිය වෙලාවේ බේරිච්ච ළමයි පැහැරගෙන යාම් සෑහෙන වාර්තා වුණා. දැන් මේ ඛේදවාචකයෙත් බේරිච්ච වැඩි පිරිස ළමයි නිසා ඒ ගැන විශේෂ අවධානය දෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. උඹෙ අවංක අදහස අගය කරනව!

      මචෝ ඔය "බැලීමේ ආසාව" තියෙන නිසා තමයි කොයි මාධ්‍ය කාරයත් හම්බුකොරන් කන්නෙ. ඒත් එහෙම ආසාව තිබ්බට පාළනයකින් තොරව ඒක ක්‍රියාවෙ ය්දවන්නෙ නැතිව, හිතල බලල වැඩ කරන එක තමයි බුද්ධිමතාගෙ ක්‍රමය.

      සුනාමිය වෙලාවෙ උදව් කරපු එක හරි. ඒක ජාතික විපතක්, ඒ කියන්නෙ රටේ සමස්ථ ජනගහනයෙන් බහුතර පිරිසක් ඒ නිසා විපතට පත් උනා. එතකොට ආන්ඩුවකට කොහොමත් තණියෙන් බෑ. ඒත් මේක ඒ වගේද? අන්න එතනයි අවුල. දැන් මුන් වවන් කනව.

      පොඩි උන් පරෙස්සම ගැන කිව්වොත්, ලංකාවෙ විශ්වාසෙන් ඒ දේ වෙයි කියල හිතන්න පුළුවන් එක තැනක්වත් නෑ!

      Delete
    2. මාධ්‍යකාරයො වැඩේට සෙට් වෙන්නෙම මාර්කටිං සංදර්ශන විදිහට. ඔතන කිසිම අවංක චේතනාවක් නෑ.
      ආංඩුවටත් මේ මීඩියා සංදර්ශන වලින් තමන්ගෙ හෙළුව වහගන්න ලැබෙනව.
      ආපදා කළමනාකරණය කරන කට්ටියටම තමයි ආධාර දෙන්න වෙලා තියෙන්නෙ තමන් පත් වෙච්චි ආපදාවෙන් ගොඩ එන්න.

      Delete
    3. හෙහ් හෙහ්...ඇත්තනේන්නං ඔටුවො! දැන් ඔන්න නිකම්ම "ඔළුව " කියල ගහල ගම වටේ යන ප්‍රොපගැන්ඩ ට්‍රක් එක බල්ලෙක්වත් ගනං නොගත්තට මොකෝ "ඔළුව සහන බෝට්ටුව" කියල ගහගෙන ගියාම, බලනව, ආධාර දෙන්න ලඟට එනව, වැඩ් කෝටියයි නෙව.

      අර මිනී පෙට්ටි සාප්පු කාරයො හොඳයිනෙ!

      Delete
  17. සද්දේ නැතිව අපි කෝමද ගොඩ යන්නේ... දුක උනත් මාර්කට් කලාමයි සතුට... ඒකට පිට රට චැනල්.. උං උදව් කරන්න ඇහැක් අරින්නෑ කැමරාව මානගෙන හැම එකාටම බනිනවා.. පර සුද්දෝ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...ඒක ඇත්ත බං. ,ඒක මිනිහෙක් මලත් බෑන්ඩ් ගහල බෙර ගහල වළලන රටනෙ ඉතින් මේක.

      Delete
  18. සම්මාදම් එකතු කිරීම ලංකාවේ සම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් මෙන්ම ආදායම් මාර්ගයකි. උදා. පොසොන්.

    (හැමෝම නෙමෙයි )

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. ඒක දැන් සමහරුන්ගෙ "වගකීමක්" වෙලා. නුදුන්නොත් ඉඳල ඉවරයි!

      Delete
  19. විශේෂ නිවේදනයයි. කොස්ලන්ද නාය යාමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සියළුම දේවල් ඉන්දික උපශාන්ත, මාතලන්, ඉවාන් පවුලූෂා හා තිසර ඇතුළු පිරිස බ්ලොග් පෝස්ට් ලිවීමෙන් හා කමෙන්ට් කිරීමෙන් දැනටමත් ලබා දී ඇති නිසා මින් පසු කිසිම කෙනෙක් ඔවුන්ට ආධාර දීමෙන් වැළකිය යුතු බව මෙයින් දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. සුනාමියට අහුඋනු එකෙක් හැටියට මගේ අත්දැකීම අනුව ඔය කට්ටිය කියන දේවල් 100% හරි.
      ආධාර ගසාකාපු විදිහ අන්තිම කුජීතයි.

      Delete
    2. ඇනෝ,

      කොස්ලන්දෙ මිනිස්සුන්ව බලා ගන්න ඒ වතු කොම්පැණියටත්, ආන්ඩුවටත් පුලුවන් වෙන්න ඕන. මිනිස්සු දෙතුන්සීයකට මාසයක් කන්න දෙන්න සහ අනෙක් දේ දෙන්න මිලියන දෙක තුනක් යයි. ඕක මහ බරක්ද?

      ජීවන්,

      අපරාදෙකියන්න බෑ අර මීටියාගොඩ අලුත්වෙල වගේ ගම් මැද්දෙ උන්ට බෝට්ටු හාම්බුනෙත් සුනාමිය නිසානෙ.

      Delete
  20. මචන් සුනාමියට මගේ ගේ යටවෙන වෙලාවේ මමත් හිටියේ වැද්දාගල කුඩවේ. මම විතරයි එහෙ හිටියේ. පවුලේ ඔක්කොම ගෙදර. උඹට හිතාගන්න පුලුවන්ද තත්වය. උඹ වැද්දාගල කොහෙද හිටියේ. සුනාමි අත්දැකීම දැන්ම ලියන්නද පස්සේ ලියන්නද?

    ReplyDelete
    Replies
    1. සුනාමිය නෙවෙයි ඊට පස්සේ ගේම තමා ගේම.

      Delete
    2. සුනමියෙ උපරිම රසය තමා 27 වෙනිදා බලාපොරොත්තු ඔක්කොම අතාඇරලා මලයගෙ බොඩිය හොයන්න කරාපිටියෙ මෝච්රියෙ මිනී ගනනින් 756ක් බලලා ඉවරවෙනකොට කලුවර වැටිලා.ඊලග ටික බලන්න බෑ කලුවරයි. කලුවර කියලා අතහරින්නත් බෑ බොඩි අලුතෙන් එනවා.තියන තැන් වෙනස් කරනවා. ටෝච් එකක් අරන් එනකොට පොලිසිය ගේට්ටුව වැහුවා. ආපහු තල්පෙ ගියා.අනිත් දවසෙ යන්තම් ෆෝන් කනෙක්ට් වෙනකොට මෙන්න කෝල් එකක්. "අය්යෙ දැන් දවස් දෙකක්. මම මේ මගේ කෑල්ලත් එක්ක මහමෝදර ගෙදරක.ඉක්මනට ඇවිල්ල එක්ක යන්න. නැතිනම් මේ ගෙදර එවුන් අපිව බන්දයි වගේ"
      . අපි ගින්දර කනවා.
      මූ දවස් දෙකක් ලයිටුත් නැතිව...කනවා

      Delete
    3. ජීවන, මචං මම හිටියෙ වැද්ද ගල "සිංහරාජ ඉකෝ ලොජ්" කියල තැනක. එතනට පාරෙ ඉඳන් පයින් කිලෝමීටරයක් විතර යන්න ඕනෙ, සිංහරාජෙ අවට රිසර්වේෂන් ඉඩමක. මාර සිරා ස්පොට් එකක්. රේඩියෝ හැර පිට ලෝකෙ එක්ක මොන සබඳතාවක්වත් නෑ. දැන්නං ඒක තීනවද මන්ද!

      ඩිලාන්,

      ඌට දෙන්න එපැයි රිදෙන්න. අපෙත් අර "පොඩී" කියන මලය එහෙම පස්සෙ ගේකින් මතු උනා. මිනිහට ටිකක් "මන්ද" ගතියක් තීන නිසා අපි පුදුම උනේ ඌ කොහොමද බේරුනේ කියල. බලද්දි පොල් ගහක් බදාන ඉඳල රැල්ල යනකල්ම. පස්සෙ බැහැල ඇවිත් ගම්මැද්දෙ ගේක ගිහින් ඉඳල. දවස් තුණකටද කොහෙද පස්සෙ හම්බ උනේ. අපි උන්නෙ මලාම තමයි කියල.

      Delete
    4. මචන් සිංහරාජ ඉකො ලෝජ් එක දැන් නැහැ.
      ගහට ගහක් මොරටුවේ (බ්ලොග් එකේ) හමුවෙනවා කියන්නේ ඕකට තමා.

      Delete
    5. හෙහ් හෙහ්.. ඒකනෙ මම බුකියට වඩා මේ බ්ලොග් වලට කැමති!

      මචෝ, අපි ඒ තැන් හොයාගත්තෙ දෙහිවල ඇන්ඩර්සන් රෝඩ් එකේ මැද හරියෙ වගේ ගෙදරක කරපු හොලිඩේ රිසෝට් හොයල දෙන තැනකින්. අයිඩියා එකක් තියෙනවද එහෙම එකක් ගැන? මොකද උන් ගාව මාර තැන් සෑහෙන්න තිබ්බ, ගාන හරිම සාධාරනයි.

      අර "සිංහාජ ඉකෝලොජ්" එකට මොකද උනේ?

      Delete
    6. සිංහරාජ ඉකෝ ලොජ් එක සුනාමියට පස්සේ වැහුවා.

      Delete
    7. එතකොට ඒකෙ අවසාන අමුත්තො අපිද?

      මචෝ, මොකද උනේ කියල දන්නවද? මම උඹට එෆ්බී එකේ මෙසේජ් එකක් දැම්ම. ඒක හරි සුන්දර තැනක්. අර ගඟෙන් එහා පැත්තෙ තේ වත්තෙ පොඩි ගේ ඇර වෙන මිනිස් වාසයක් පෙනුනෙ නැති, හරිම නිදහස් ස්පොට් එකක්.

      ඇත්තමයි, විකුණනවනම් ගන්න වටින තැනක්.

      Delete
    8. මචන උඹ ඔය කියන ට්‍රවල් ඒජන්සිය " රෝලන්ඩ් හොලිඩේ බන්ගලොස් '' රොෂාන් පෙරේරා කියල ලේදී කෙනෙක් කලේ . දැනට අවුරුදු පහකට විතර කලින් රට අත්හැරලා යුරෝපෙට හරි ඔස්ට්‍ර්ලියාවට හරි ගියා.

      Delete
    9. ඒ රෝලන්ඩ්ද? මට මතක නෑ! නමුත් රෝලන්ඩ් බන්ග්ලෝ බිස්නස් එක තාම තියෙනවනෙ.රොෂාන්ම තමයි කරන්නෙ!

      මෙන්න උන්ගෙ ඊමේල් එක rolandholidaybungalows@hotmail.com

      මෙතන තියෙනව බන්ග්ලෝස් ලිස්ට් එක.

      Delete
  21. විකුණන්න පුළුවන් හැමදේම විකුණන රටක් මේක.මිනිස්සුන්ගේ හැඟීම්,කඳුළු කියලා වෙනසක් නැතුවම ඒවා විකුණනවා,අලෙවි වෙනවා.මාධ්‍ය කාරයෝ කරන්නෙත් තමයි.

    මේ විපත් නරඹන්න එන ප්‍රේශකයින්ට දෙන්න ඕනේ අර පෝස්ටර් මාරයාගෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, නිකං බලල ආතල් ගන්න එන උන්ට දෙන්න ඕන අර වතුර බවුසර් මාරයගෙන්ම තමා.

      Delete
  22. වලිගෙ වනල ඔළුව කහල
    මහජන උපහාර ගන්නෙ
    බොරුව අතට අහුවුණ දා
    මල් වෙනුවට ගල් වදින්නෙ
    අනිත් එකා හැදි ගෑවිල
    ගියත් මොකද හොද්ද බොරයි
    දෙකට තුනට පහට නැමී
    එහෙයි ස්වාමිණි කියයි
    හී...හී...හී..හිවල් ගතී

    වැඩ බැරි කම වසා ගන්න
    පාවා දී අනිත් ඈයො
    නැති තැන ඇති කර ගන්නට
    බොරු සහ කයිවාරු කීවූ
    අනුන්ගෙ වැඩ මගෙයි කියා
    ජය ගෝසා නගන ඈයො
    එකෙකුගෙ කර පිටින් ඇවිත්
    තවකෙකු ගේ කරට නැග්ගො
    හී...හී...හී.. හිවල් ගතී

    දිය යට ගින්දර ගෙනියයි
    වතුරෙන් ගිනි අවුලනවා
    පපුවේ වස විස හංගන්
    දත් දෙතිසෙන් හිනැහෙනවා
    සමහර විට සමහර අය
    හැකි වුණාට රවට්ටන්න
    හැමදාමත් හැමෝම අය
    බැරිය ලොවේ රවට්ටන්න
    හී... හී... හී...හිවල් ගතී

    පද : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව : සෝමපාල රත්නායක
    ගායනය : ලා තණකොළපෙත්තාස්

    ReplyDelete
    Replies
    1. ප්‍රේමුත් අපේ කකා වගේනෙ බං. බලන් ගියාම සින්දුවක් නොලියපු සබ්ජෙක්ට් එකක් නෑ!

      මොකෝ පහුගිය ටිකේ වහන් වෙලා උන්නෙ?

      Delete
    2. අපෙත් මහ ගෙදරට නායක් ආවා ඉන්දික අය්යේ .ඉතින් පහු ගිය ටිකේ ගමේ ගියා .කාටවත් කරදරයක් නම් උනේ නැ .සෙනසුරත් මාරු උනානේ .ත්‍රිවිල්කාරයෙක් මාවයි වයිෆුයි හැප්පුවා .මට අමාරුවක් නැති උනත් වයිෆ්ට පොඩ්ඩක් අමාරු උනා .දැන් නම් ශේප් .ඔන්න ඔහොමයි ජිවිතේ ...

      Delete
    3. මගේ කනගාටුව සිංදුවෝ..

      Delete
    4. @සින්දු,

      සෙනසුරාට xxගන්න කියල මින් පස්සෙ ටිකක් සිහියෙන් වැඩ කරහන්. ඔව්ව ඔහොම තමයි, කරදර එනකොට එන්නෙ කූඹි වගේ, එක පෙළට මහ දිගට!

      ඔය ඇක්සිඩන්ට් වල පසු බලපෑම් තියෙන්න ඇහැකි, හොඳට චෙක් කරගනින්. හැමෝටම ඉක්මනින් සුව වෙලා, සතුටෙන් ඉන්න සුභ පතනව!

      Delete
  23. කතාව ඇත්ත........................

    ReplyDelete
  24. සහතික ඇත්ත..
    සමහරක් ආධාර විදිහට දිලා තියන කඩමලු ඇදුම් දැක්කම උන්ට ඇදුමක් අරන් දෙන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔව් බන්. සමහරු ඇඳල, අතත් පිහන්න අරන් ඉන් පස්සෙ තමයි ඒක දනට දෙන්නෙ.

      Delete
  25. එපා වෙනවා බං මේවා කතා කරන්න ගියාම.
    කරදරයකදී මිනිස්සු මුල්වෙලා උදව් දෙන එක හොඳයි
    ඒකට හේතුව ඉක්මනටම අදාළ තැනට යන්න පුළුවන් ළඟ ඉන්න මිනිස්සුන්ට, ඒ වගේම උදව් පදව් කරන්න කාගෙන්වත් අනුමැතිය ගන්න ඕනේ නැහැ, රජයේ දේවල් වල වගේ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ නැහැ. ඒවා තමයි තියෙන වාසි
    ඒ නිසා ආණ්ඩුවෙන් යමක් කරන්න කළින් මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙලා කරදරයට පත් වෙච්ච අයට උදව් කරන්න පුළුවන්.
    නමුත් ඒක වටින්නේ උදව්ව නියමාකාරව කරනවානම් පමණයි.
    එහෙම නොවෙද්දී ඒක කරදරයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. අ=හරියට හරි ලොකූ. ඕනම උදව්වක් නිසි ලෙස නොවෙනකොට හෝ පමණට වැඩි වෙනකොට ඒක කරදරයක් වදයක් වෙනව මිසක උදව්වක් වෙන්නෙ නෑ!

      Delete
    2. අපේ ආතත් කියන්නේ ඕකමනේ

      Delete
    3. බොලගෙ ආතට ආතතිතයද අටමො?

      Delete

LinkWithin

Related Posts with Thumbnails